Translate

Thursday, April 27, 2017

ගස් වර්ග 15 - xx. මදාරා ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

වර්තමානයේ අතිශයින් දුර්ලභ ශාඛයක් වන මදාරා ගස ඖෂධීය වශයෙන් මෙන්ම විශේෂ ප්‍රයෝජන රාශියක් ලබාදෙන ඉතා දුර්ලභ වටිනා ශාඛයක් ලෙස මදාරා හැදින්විය හැකිය. මදාරා මල් සුවඳ විඳ ගැනීමට නම් දිව්‍ය සම්පත් ලබාගත යුතු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. අත්ථදස්සී බුදුරජාණන්වහන්සේ සමයෙහි අප මහ බෝසතාණෝ මදාරා මලක් කුඩයක් කර බුදුන්ට පිදීම නිසා නියත විවරණ ලැබූ බව ශාසන ඉතිහාසයෙහි ද සදහන් වේ.
 




මදාර ගස
කුඩා ගසකි. සුදුපාට කෙදි වැටි ගිය අඟල්1/4 පමණ ඝණකමින් යුත් කළු පාට පොතුවලින් යුක්තවේ. රත්හඳුන් කොළවලට සමාන බොහෝ සෙයින් සමාන කොළවලින් යුත් තේජාන්විත ගසකි.අඟල්1-4 දක්වා දික්වූ පලාවන් පාටගොලාකාර පත්‍රයේ මාංශල ගතිය නැත.ගසේ අරටුව පතගි වැනි වර්ණයෙන් යුක්තය.මෙය ගජ මදාරා, මල් මදාරා, වල් මදාරා යනුවෙන් වර්ග 3 වේ.

ගජ මදාර ගස

ගජ මදාරා ගෙඩි නෙල්ලි ගෙඩියට සමාන වෙන අතර වේලුනු පසු අරළු ගෙඩියේ පැහැය ගනි. මෙහි ඇට කලාතුරකින් පැලවේ.එසේ පැලවෙන්නේද සීමිත ප්‍රමනයක්බව දක්නට ලැබේ.මෙහි රතුපාට කුඩා මලක් පිපෙන අතර එය ඉතා සුවඳවත්ය.

මල් මදාර ගස

මල් මදාරා ගසේ රතුපාට ලොකු මල් පිපේ එයද සුවදවත්ය මෙහි ගෙඩි හැදෙන්නේ නැත.වල්මදාරාවලද රතුපාට මල් පිපෙන අතර අරළු ගෙඩි වැනි ගෙඩි ඇතිවේ. එම ගෙඩිවල ඇති ඇට පැලවේ.මෙය සුලභව දක්නට ඇති ගසකි.නියම මදාරා ගසකට කිසිදු සතෙකු ගෙන් හානියක් නොවේ. එහි කොළ, දඩු අනුභව කරනවා තබා ස්පර්ශ කරන සතෙකු දක්නට නොලැබේඅලි ඇතුන් පවා මේ ගස් අසලවත් තොයති. මේ ගස් තිබෙන භූමිවලට තේජස, භාග්‍යාය හා දියුණුව ලැබෙන බව සඳහන් වේ. මේ ගස්වල මල් හට ගනු ලබන්නේ අප්‍රේල් මැයි මාසයන්හීදීය.

ඔසු ගුණ

විශේෂයෙන් හෙලවෙදකමේ විවිධ රෝග සමනය සඳහා යොදා ගැනේ.මදාරා කොළ යුෂ පානයෙන් සියළුම ස්නායු ගත රෝග සමනය කල හැකි බව සඳහන්වේ.මදාරා ගසේ ඇට, මල්, අරටුව පැලදීමෙන් සියළු රෝග සුවකර ගැනිමේ ප්‍රතිශක්තිය ඇතිකරන බව දක්වා තිබේ .ගජ මදාරා කොළ වියලා සාම්බ්‍රානි සමග කුඩු කර පිරිත් කර උදේ සවස නිවසට දුම් ඇල්ලීමෙන් අපල උපද්‍රව දුරුවී වාසනාව උදාවෙන බව දක්වා තිබේ. 

තවද මදාර ගෙඩි සිරුරට ස්පර්ශ වන පරිදි පැලදීමෙන් ඇස්වහ, කටවහ, අනවින, කොඩිවින, හූනියම් නොවදින අතර, අමනුෂ්‍ය හා භූත දෝෂ ඇති නොවේ.තවද හෙළ වෙදකමේ දක්නට ලැබෙන ප්‍රසිද්ධ තෙලක් වන නවපටල තෙල සඳහා මදාරා කොළ යොදා ගනි. මේ තෙල හිස ගැල්වීමෙන් ස්නායූ ආබාධ හිසේ ආබාධ, මොළයේ ආබාධ, ඇස් කන් නාසා ආදියෙහි ඇතිවෙන නොයෙක් රෝගයන් සුවවෙන දක්වා තිබේ. තවද මදාරා කොළ තම්බා එම ජලය නෑමෙන් ප්‍රබල ඉසරදය සුවවෙබෙව දක්වා ඇත. එමෙන්ම මාංශ පේශි දියවිමේ රෝගය වැලදුනු අයට මදාරා ලීයෙන් ඝර්ෂණය කිරිමෙන් එය සුව වෙන බව දක්වා තිබේ. 

"සුරරඳ සමන් සමගින් සුරගන එවර
 පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැදි මුනි සිරිපා තඹර 
සකිසඳ පෙනේ සමනළ ගල නැගෙනහිර"
සැළලිහිනි සංදේශයේ 25 කවිය
 ------------------
පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස             ගොතා
මන් මදා කිතුලිය ලෙසින් උරතුර සරාදිලි මුතු             ලතා
මන් නදා වන මිණි මෙවු නද වෙණ නදින් එක්කොට     ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක්       පතා
ගුත්තිල සංදේශයේ  00 කවිය
 ------------------
දේව බැල්ම සහිත ඉතා තේජාන්විත ගසක් ලෙස හෙළ වෙදකමේ හදුන්වන මෙම ශාඛය සෞභාග්‍ය උදාකරන බලවත් ගසක් ලෙස සංදේශ සාහිත්‍යයේ ද හදුන්වා තිබේ. සක්දෙව් රජ විසින් මදාරා මල් හත් මිටක් බුදු රදුන්ට පූජා කල බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ.මදරා ගස් දක්නට ඇති ප්‍රදේශයන් ලෙස ඉන්දියාවේ බිහාර, මධ්‍ය හා දක්ෂිණ ජනපදය මාදාරා ගසේ උපන් ස්ථාන ලෙස මෙන්ම දැනටත් දක්නට ඇත බව සඳහන් ය.

තවද බුද්ධදාස රජු විසින් නේපාලයෙන් මදාරා ගස් කිහිපයක් ගෙන්වා රෝපනය කල බවත් රාජකීය වස්තුවක් ලෙස ආරක්ෂා කල බවත් ඉතිහාසයේ සඳහන් වේ. රත්නපුර දිස්ත්‍රිකයේ කල්තොට වසමේ පිහිටි කෝන්ගහමංකඩ බුද්ධදාස රජු විසින් රෝපණය කල එවැනි ගජ මදාරා ගසක් තිබු බවත් එයට පුර්ණ රාජ්‍ය ආරක්ෂාව සපයා තිබුබවත් ඉන්පසු ඉංග්‍රිසි පාලන සමයේද මෙයට විශ‍ේෂ ආරක්ෂාවක් සපයා තිබු බවට වර්ථාවේ. තවද මෙයට සමකාලිනව තවත් මදාරා ගසක් හම්බේගමුව පුරාණ රජ මහා විහාර භූමියේ ද තිබි ඇති බව සඳහන්වේ.

නීතියෙන් ආරක්‍ෂිතව පැවති කල්තොට මල් මදාරා වෘක්‍ෂය 1960 දශකයේ දී පමණ විනාශ වී ගොස්‌ තිබේ. මෙම ගස විනාශ වීමට හේතුව පොතු ගැලවීම බවද මතයක්‌ පවතී. නීතිමය ආරක්‍ෂාව තිබුණද විවිධ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා ආරක්‍ෂිත වෘක්‍ෂ විනාශ වී යැම කෙරෙහිද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. එනම් නීතිමය ආරක්‍ෂාව තිබුණ ද ඒ පිළිබඳව නිරන්තර සුපරීක්‍ෂණයකට භාවිත නොවීම තුළ මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව පෙනේ. අවසානයේ වනජීවී පනතට 1970 වසරේ ගෙන එන සංශෝධනය මගින් කල්තොට මල් මදාරා වෘක්‍ෂය ආරක්‍ෂිත වෘක්‍ෂ ලේඛනයෙන් ඉවත් කර තිබේ.

ඉන්දියාවේ අැති මදාරා ගස්වලට බෙහෙවින් සමාන මදාරා ගස් ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෙද විදුහල් බිමේ ඇති අතර, රත්නපුර, මාරපන පිරිවෙනේ, රත්නපුර ජාතිකකෞතුකාගාර බිමේ ද සෝමවතී වෙහෙර භූමියේ මෙන්ම පේරාදෙනිය ජාතික උද්භිද උද්‍යානයහි දක්නට ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදියුණු තායිලන්තය දියුණු ආර්ථිකයක් බවට පත්කල දැනට වසර 64කට පෙර නයිකුමරු හෙවත් භුමිබෝල් අදුල්යාදෙයි රජතුමා ශ්‍රි ලංකාවට පැමිණි අවස්ථාවේ කොටහේන දීපදුත්ථාරාම තායි රජමහ විහාරයේ රෝපනය කළ මදාරා ශාකයක් ද වේ.



ගජ මදාරා ලීයෙන් කල බස්තම් එකල ප්‍රභූන් භාවිතා කර ඇති අතර පණාමුරේ ඇත්ගාල හිමි ඇලපාත මුදලි මෙවැනි බස්තමක් පාවිච්චි කර ඇති අතර එයින් අලි ඇතුන් මෙල්ල කල බවද සඳහන් වේ. එම බස්තම අදටත් ඔහුගේ ඥාතියෙකු ලග ඇති බව අසන්නට ලැබේ. වියළි කලාපයේ මේ පැලය වඩාත් හොඳට වැවෙන ගජ මදාරා වැවීම අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස ද බොහෝ දෙනා පවසනවා.

ඈත අතිතයේ රට පාලනය කල සිංහල රජවරුන් කඩු කිනිසි ආදිය සකස්කරවා ගැනිමේදී ගජ මදාර ලී යොදා ගත්බවත් එහි ඇති විශ්මිත බලය නිසා යුද ජයගත් බවත් සදහන්වේ. මේ අතර අපේ පැරණි සිංහල වෛද්‍යවරුන් ගජ මදාරා ලීනෙන් සැකසු හෙප්පු තුල ඔසු සකසා තබා ගෙන ඇති අතර එමගින් එම ඔසුවල ගුණය ඉතා ඉහල මට්ටමකට පත්වීමට මදාරා ලීය උපකාරි වූ බව අසන්නට ලැබේ.

විශේෂ ස්තූතිය
හෙළ වේද බ්ලොග් අඩවියට

---------------- 
“පාරිච්ඡත්තක” සූත්‍රයේ මදාරා පිළිබද සදහන්ව ඇත. පාරිච්ඡත්තක ලෙස පරසතු මදාරා මල් ගස පිළිබඳව පූර්ණ විස්තරතිබේ.

දිව්‍ය ලෝකයේ තිබෙනවා “නන්දන” කියා ලස්සන උයනක්. මේ උයන තිබෙන්නේ දෙවියන්ට සතුටු වෙන්න. දෙවියන් සතුටින් සතුටට පත් වෙන්න මේ නන්දන උයන වෙත ගමන් කරන්නේ. මේ නන්දන උයනේ පාරිච්ඡත්තක කියා වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ් ආවාට ගියා මල්, ගෙඩි, හට ගන්නේ නැහැ. දළුලන්නේ නැහැ. කොළ හැලෙන්නේ නැහැ. දළු මේරීමක් වන්නේත් නැහැ. ඒ නිසා දෙවියන් නිරන්තයෙන් ගොස් මේ නන්දන උයනේ ඇති පාරිච්ඡත්තක ගස වටා ගමන් කරමින් පරීක්ෂා කරනවා. දිනක් දෙවියන් දකිනවා පාරිච්ඡත්තක වෘක්ෂයේ කොළ පඬු පාට, ගුරුපාට වෙලා. ඔවුන් බොහෝ සතුටට පත්වෙනවා. දැන් මේ ගස අලුත් වෙන්නයි හදන්නේ කියා. පැරැණි කොළ හැලෙන්නයි හදන්නේ කියා දැනගත්තාම ගස වටේ ගිහින් ප්‍රදක්ෂිණා කරමින් ඔවුන් විශාල සතුටට පත්වෙනවා.  

දෙවැනි අවස්ථාව නම් පඬුවන් පාට වූ කොළවලට මොකද වෙලා තිබෙන්නේ? කොළ ටික හැළෙන්න පටන් අරගෙන. කලින් සැරේ පඬුවන් පාට වුණා පමණයි. දෙවැනි අවස්ථාවේදී කොළ හැලෙන්න පටන් අරගෙන. දැන් දෙවියන්ට හරි සතුටුයි. මේ පාරිච්ඡත්තක වෘක්ෂය අලුත්වෙනවා කියා.

තුන්වැනි අවස්ථාව ගසේ කොළ බිමට හැලිලා. අලුතින් දළු දාන්නට පටන් අරගෙන. හරිම සතුටුයි. ටික ටික ගස අලුත් වෙලා නැවුම් භාවයට පත්වෙනවා දෙවියන් සතුටු කරමින්.

හතරවැනි අවස්ථාව පුංචියට දාපු දළු දැන් ලපලු වෙලා. පොකුරු පොකුරු ලෙස දලු දාන්නට පටන් අරගෙන. දෙවියන් ඇවිත් ෙමි නන්දන උයනේ පරසතු මදාරා ගස අසල විශාල ලෙස සතුටු වෙනවා.
දැන් මාස ගණනාවක් ගතවෙලා. පස්වෙනි අවස්ථාව නම් දැන් මල් පිපෙන්න පුංචි පුංචි පොහොට්ටු පීදීලා. දෙවියන්ට විශාල සතුටක්. සතුටු ගීත ගායනා කරමින් දෙවියන් පිරිවරාගෙන සතුටු වෙනවා.
හය වෙනි අවස්ථාව නම් මේ ගසේ පොහොට්ටු ටිකක් මෝරලා. ඒත් තවම මල් පිපිලා නැහැ. දැන් දෙවියන් බලාගෙන ඉන්නේ මල් පිපෙන තෙක්. නැවත මාසයකට පසු බලන විට මුළු ගසේම මල් පොහොට්ටු පිපිලා දසත සුවඳ කරමින් තිබුණා. දැන් සියලුම දෙවි දේවතාවියන් ඇවිත් ගසයට පී‍්‍රති ප්‍රමෝදයෙන් ගීතිකා ගායනා කරමින් සිතුටු වුණා.

අප ඉහත ඉගෙන ගත්තා පාරිච්ඡත්තක සූත්‍රයේදී විවිධ අවස්ථා හතක් පිළිබඳව. මුල් අවස්ථාවේදී කොළ පඬුවන් පාට වුණා. දෙවැනි අවස්ථාව කොළ හැලෙන්න පටන් ගත්තා. තුන් වැනි අවස්ථාවේදී පුංචි දළු දාන්න පටන් ගත්තා. හතරවැනි අවස්ථාවේදී දළු ලපලු බවට පත්වුණා, පස්වැනි අවස්ථාව පුංචි පොහොට්ටු වුණා. හයවැනි අවස්ථාව පොහොට්ටු මේරුවා. හත්වැනි අවස්ථාවේදී ඒ පොහොට්ටු පිපිලා මුළු දිව්‍ය ලෝකයම සුවඳවත් වුණා.

මේ පාරිච්චත්ත වෘක්ෂය උපයෝගි කොටගෙන තථාගතයන් වහන්සේ අපට ගැඹුරු දේශනාවක් වදාළා. මේ ආධ්‍යාත්මික මාවතේ යන අපත් හරියට පාරිච්ඡත්තක වෘක්ෂය වගේලු. අපේ ජීවිතය නමැති පරසතු මල් ගස ගැනයි මේ කථා කරන්නේ. අපේ ජීවිතයේ ගසේ කොළ වගේ කාලයකදී පඬුවන් පාට දුඹුරුපාට වෙනවා. මේ දුඹුරුපාට වෙනවා කියන්නේ මොකක් ද? අපට ඇතිවෙනවා සිතිවිල්ලක් මේ ගිහි ගෙයින් ඈත් වුණානම් හොඳයි. මේ පැටලි පැටලි සිටින ජීවිතය ටිකක් හුදකලා කරගත්තා නම් හොඳයි කියා මනසින් සිතනවා. ඒ සිතිවිල්ලට තමා ගසේ කොළ පඬුවන් පාට වුණා කියන්නේ. ගුරුපාට වූ කොළ ටික ටික හැලෙනවා. 

කොහොමද හැලෙන්නේ? ඒ වෙනුවෙන් කැපවෙලා වෙන්වෙලා සිත දියුණු කිරීමයි. තුන්වැනි අවස්ථාව දළු දෑම. අපේ ජීවිතයේ දළු දෑම කුමක්ද? සිත බලවත් ලෙස අධිෂ්ඨාන කර භාවනාට යොමු වෙද්දී ප්‍රථම ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හතරවැනි අවස්ථාව ප්‍රථම ධාන්‍ය සිත දෙවැනි ධ්‍යානය ස්පර්ෂ කරනවා. පස්වැනි අවස්ථාවේදී තුන්වැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හයවෙනි අවස්ථාව නම් ගසේ පුංචි පොහොට්ටුව මහා පොහොට්ටුවක් බවට පත්වෙනවා වගේ හතරවැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. අන්තිමට අර පාරිච්ඡත්තක වෘක්ෂයේ මල් සියල්ල පිපිලා පළාතම සුවඳ කරනවා වගේ සමථ භාවනාව තුළින් විපස්සනා භාවනාවට සිත යොමු කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව හොඳින් දකිනවා. මම, මගේ, මගේ ආත්මය නොවේ කියා හොඳින් දකිනවා. එය දියුණුවෙනවාත් සමඟ ඔහුට අරහත් භාවයට සිත දියුණු කරනවා. අපේ සිත නමැති ජීවිතය හරියට පාරිච්ඡත්තක ගස වගේ වෙනවා.

පරසතු මදාරා මල් ගස දිව්‍ය ලෝකය සුවඳවත් කළා. ඒ වගේ අපේ ජීවිතය නමැති ලෝකය සිත නමැති ආධ්‍යාත්මික පාරිච්චතක වෘක්ෂයේ සුවඳ විහිදෙනවා. මල් පිපුණා කියන්නේ මනසේ ඇති සියලු රාග, ද්වේෂ, මෝහ ගිනි සියල්ල නැතිකරගෙන මනසේ විරාගි ශෛල අවදිකරගෙන මනස උපරිම පාරිශුද්ධභාවයට පත්කර ගැනීමයි. උපාධාන බැම්ම කඩා ගත්තා වෙනවා. පංච උපාධානස්කන්ධය ඇති උතුමන් පංචස්කන්ධය පමණක් ඇති අය බවට පත්වුණා. මේ සසරට අප අලවන්නේ, බැඳ තබන්නේ, ගට්ටනය කරන්නේ මේ පංචස්කන්ධය තුළ තිබෙන උපාදාන ශක්තියයි. ඒ උපාධානය කඩා බිඳ සුණු විසුණු කරගෙන පරසතු මදාරා ගසේ දිව්‍යමය මල් පිපුණා වගේ අපට සැනසෙන්න, සුවපවත් වෙන්න, සිහිල් වෙන්න අවස්ථාව ලැබුණේ උතුම් අරහත් භාවයෙන්.
-------------

No comments:

Post a Comment