Translate

Tuesday, April 18, 2017

මී මැසි පාලනයේ සිට ඩිජිටල් නිර්මාණකරු දක්වා බාලදක්ෂ ප්‍රවීනතා පදක්කම් ඉතිහාසය

ප්‍රවීනතා පදක්කම් ඉතිහාසය

බේඩන් පවල් සාමිවරයා විසින් 1910 දී ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය එවක් පටන් කෙතරම් වෙනස් වී සහ ජනප්‍රිය වී තිබෙන්නේද යත් බ්‍රිතාන්‍යයේ පමණක් තරුණ, තරුණියන් 51,000 ක් එයට සම්බන්ධවීම පිණිස පොරොත්තු ලේඛණයේ රැඳී සිටි බවට තොරතුරු තිබේ. එකල නිසි පරිදි ගැටයක් ගැසීමේ සිට කඳවුරකදී ගිනිමැලයක් දැල්වීම සහ ඡායාරූප ශිල්පය වැනි විවධ අංශවල දක්වන දස්කම් වෙනුවෙන් පදක්කම් දිනාගැනීම බොහෝ බාලදක්ෂයන්ගේ බලාපොරොත්තුව වූයේය. එය ලොව පුරා සිටි දරුවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය සඳහා ලැබුණු කදිම අවස්තාවක් විය.

අතීතයේදී බොහෝ පදක්කම් එංගලන්තයෙන් ගෙන්වනු ලැබූ අතර අධික මිලක් හා ආනයනයෙහි පැවති දුෂ්කරතා හේතුවෙන් ඒවා අතින් මසා නිර්මාණය කරනු ලැබීයත පසු කාලයේදී එම්බ්‍රොයිඩර් ක්‍රමය යටතේ ද අනතුරුව ඒවා පරිගණක ගත කල මහන මැෂින් ඔස්සේ ද වඩා නිමාවකින් හා ප්‍රමිතියකින් යුක්තව නිර්මාණය කරනු ලැබිණ. දේශීය වශයෙන් ද බොහෝ ප්‍රවීණතා පදක්කම් හදුන්වා දී ඇති අතර එසේ රැස්කල පැරණි ප්‍රවීණතා පදක්කම් මෙම ලින්ක් එක තුලින් දැකිය හැක.

එදා සිට අද දක්වා ඒ පදක්කම් විකාශනය වූ ආකාරය ඔබ දැන සිටියාද? 


1911 දී පිරිනැමුණු පදක්කම්
මී මැසි පාලනය පුහුණුවීම වෙනුවෙන් හිමිවන පදක්කම
1911 දී මී මැසි පාලනය පුහුණුවීම වෙනුවෙන් හිමි වූ පදක්කම
මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය පුහුණුවීම් පදක්කම දිනාගත හැකිය.
භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම
1911 දී භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම
භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම දිනාගැනීම පිණිස අදාළ භාෂාවෙන් සරල සංවාදයක යෙදී, සරල ලිපියක් ලියා, සිය මවු භාෂාව නොවන වෙනත් භාෂාවකින් ප්‍රකාශයට පත්කෙරුණ පොතකින් ඡේදයක් කියවා එය පරිවර්තනය කළයුතුය.
1911 දී විදුලි කාර්මිකයන්ට හිමි වූ පදක්කම
1911 දී විදුලි කාර්මිකයන්ට හිමි වූ පදක්කම
සරල විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කිරීම, බිඳවැටුණු විදුලි පරිපථ ඛණ්ඩනයක් සහ විදුලි පරිපථයක් (fuse) අලුත්වැඩියා කිරීම, විදුලි කම්පනයකට මුහුණදුන් පුද්ගලයකුට ප්‍රතිකාර කරන අන්දම ඇතුළු කරුණු පිළිබඳව අවබෝධයක් තිබීම 'විදුලි කාර්මිකයා' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම් වේ.
 
ලිපිකරු පදක්කම 
'ලිපිකරු' පදක්කම
පැහැදිලි අත් අකුරු, යතුරු ලියනය භාවිත කිරීමේ හැකියාව, කියවන විට ලිවීමේ හැකියාව, විනාඩි පහකට පෙර කියවණු ලැබූ ඡේදයක් මතකයෙන් යළි ලිවීමේ හැකියාව ඇතුළු කරුණු 'ලිපිකරු' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම්ය.

2017 පදක්කම්

ඩිජිටල් නිර්මාණකරු පදක්කම 
'ඩිජිටල් නිර්මාණකරු' පදක්කම
අන්තර්ජාල ක්‍රියාකාරකමක නිරතවීම සහ සමාජයේ යහපත පිණිස සමාජ ජාල සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සොයාබැලීම 'ඩිජිටල් නිර්මාණකරු' පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණු වේ. අන්තර්ජාලය මගින් එල්ලවන තර්ජන පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය.
'වීදි ක්‍රීඩා' පදක්කම 
'වීදි ක්‍රීඩා' පදක්කම
මේ පදක්ක දිනාගැනීම පිණිස බාලදක්ෂයා නිරන්තරයෙන් පුවරුවක් මත ලිස්සා යන skateboarding වැනි ක්‍රීඩාවක නිරතවිය යුතු අතර, සිය ක්‍රීඩා කුශලතාව වැඩි දියුණු වී ඇති බව පෙන්වීම පිණිස ක්‍රීඩා තරගාවලියකටද සහභගි විය යුතුය.
ලෝක ආගම් පදක්කම 
'ලෝක ආගම්' පදක්කම
සිය ආගම නොවන ආගමකට අයත් සිද්ධස්ථානයකට ගොස් එම ආගමේ නිර්මාතෘවරයාගේ ජීවිතය පිළිබඳව හැදෑරීම මෙම පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණකි. 

පුවීණතා පදක්කම් පිළිබද වැඩි තොරතුරු දැනගැනීම සඳහා මුහුණු පොතෙහි https://www.facebook.com/BADGE.INFOSriLanka/ වෙත එකතු වන්න

විශේෂ ස්තූතිය
බීබීසී නිව්ස් බීට් වැඩසටහන ඇසුරෙන් http://www.bbc.com/sinhala හි අන්තර්ගත ලිපියකි

Wednesday, March 29, 2017

ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානෝත්සවය (2012-2015)

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වසර හතරකට වරක් පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
 
බාලදක්ෂ සේවයට කැපවූ විසි දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් රජත සිංහ සම්මාන පිරිනැමුණු අතර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්තේය. 
 
ඉන්දියාව, කොරියාව, මැලේසියාව, නේපාලය යන රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් ද ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා දීම මෙවර සිදු වූ සුවිශේෂත්වයකි.



 
බාලදක්ෂ ව්‍යාපාරය තුළ වැඩිහිටියන් ලෙස ස්වේච්ඡාවෙන් හා කැපවීමෙන් කටයුතු කළ ආචාර්ය මහත්ම මහත්මීන් ජාතික මට්ටමින් ඇගයීම හා ඔවුන් දිරිගැන්වීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වන අතර පෙබරවාරි මස 22 දිනට යෙදෙන ලෝක බාලදක්ෂ දිනයට සමගාමීව මෙය සංවිධානය කරනු ලැබූ අතර ප්‍රධාන කොමසාරිස්වරයාගේ සිව්වසරක රාජකාරී කාලය තුළ ස්වකීය කාර්යයන් සඳහා වඩාත් සමීපව සහයෝග ලබා දෙන පිරිස් වෙත සම්මාන පිරිණැමීම සාම්ප්‍රදායිකව සිදුවන කටයුත්තක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව පුරා විසිර සිටින බාලදක්ෂ ආචාර්යවරුන් 565 දෙනෙකු සදහා ද සම්මාන පිරිනැමිණි.
 
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සදහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සම්මානයක් පිරිනැමිණි.
 
උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවැසීය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම මාත් කුඩා කාලයේ බාලදක්ෂයන් ලෙස කටයුතු කලා. විවිධ අංශ පිළිබද දැනුම ලබා ගත්තා. මට හොදට මතක විවිධ ගැට ගහන්න වගේම, ලිහන්නත් ඉගැන්නුවා. සමහරු කලබලේ ලිහන්න ගිහින් තව තවත් ගැට තද කරගත්තා. හැබැයි එදා ඉගෙන ගත්ත ගැට දේශපාලඥයෝ ලෙස අද අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකඳ දේශපාලය කරද්දි එන ගැට ඒ මගින් ලිහා ගන්න පහසු නිසා. වසර සියයකට වඩා‍ ඉතිහාසයක් තිබෙන මෙම ව්‍යාපාරය රැකගෙන ඉදිරියට යන්න කටයුතු කරන ඔබ සැමට මගේ ප්‍රණාමය පුදකර තිබෙනවා. මෙය තව තවත් ඉදිරියට ගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. 

මෙරට පමණක් නොව ලෝකයේ ම දරුවන් වැඩි පිරිසක් අත්වැල් බැඳගෙන ඇති එකම ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය ලෙස පෙන්වා දිය හැකියි. වසර සියයකට එහා ගිය ඉතිහාසයක් ඇති මෙම ව්‍යාපාරය තුළින් ගුණවත් හා නැණවත් දුරුවන් විශාල සංඛ්‍යාවක් දැයට දායාද කරන්න සමත්ව තිබෙනවා.මා මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස වසර හතලිහකට ආසන්න කාලයක් සේවය කර තිබෙනවා. එහි අද්දැකීම් මෙන්ම අධ්‍යාපන ක්‍රමවේදයන් දෙස සලකා බලද්දි බාලදක්ෂ ලී පදක්කම උපාධියක් ලෙස පිළිගැනීමට හැකි ඉහළ ම තත්ත්වයේ තිබෙනවා. එම නිසා ඊට අවශ්‍ය එම පිළිගැනීම ලබා දීමට කටයුතු කරන දෙන මෙන් ඉල්ලා සිටින බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා මහතා දන්වා සිටියේය. 


අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් ද ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුථ බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධානින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප සදහා විශේෂ ස්තූතිය
සුදත් මලවීර, ජනාධිපති මාධ්‍ය අංශය

Wednesday, March 1, 2017

තාරක මධුෂාන් විතාන නැමති බාලදක්ෂයා

රංගන ක්ෂේත්‍රය තුළ වේදිකා නාට්‍ය හරහා පන්නරය ලබපු පිරිස අතරින් බාලදක්ෂයොත් කීපදෙනෙක්ම ඉන්නවා. වේදිකා නාට්‍යක රගපාන එක ගොඩක් අභියෝගාත්මක කාර්යයක්. සජීවී ඉදිරිපත් කිරීමක් වගේම ප්‍රේක්ෂකාගාරයේ ඉන්න හැමෝටම ඇහෙන විදිහට දෙබස් කියන එකත් ලෙස් කටයුත්තක් නොවෙයි. 

වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදෙන නවක රංගන ශිල්පියෙක්. බාලදක්ෂයෙක්. ඒ තමයි තාරක විතාන. තාරක එක්ක කරපු මේ කතා බහෙන් අපි උත්සාහ කළේ තාරක විතාන කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මුළු රටටම හදුන්වා දෙන්නයි. ඒ විතරක් නෙවේ. වේදිකා නාට්‍යවල තිරය පිටුපස ඇති පරිසරය ගැනත් පාඨකයන්ට පුළුල් අත්දැකීමක් ලබා දීමත් මේ කතා බහේ තවත් අරමුණක් වුණා....

01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම? තාරක මධුෂාන් විතාන

02. අද ඔබව හදුනන්නෙ?
* මේ දවස්වල නම් ගොඩක් දෙනෙක් කතා කරන්නේ “මග්ග“ කියලා. ඕක තමයි Campus එකෙන් වැටුන Card එක. පාසල් කාලේ නම් ගොඩක් නම් තිබුනා. දනුලත් දන්නවනේ, තාම පාසලේ යාළුවෝ ඒ නම් කියලා කතා කරනවා.

03. උපන්න ගම් පළාත?
** උපන් ගම් පළාත නම් කොලොන්නාව, තාත්තගේ මහ ගෙදර. ඒත් පොඩි කාලෙම. එතකොට මට අවුරුද්දයි. එහෙ කොටි කලබල වැඩි උන නිසා මාව අරගෙන අම්මලාගේ ගම් පළාත, ඒ කියන්නේ කළුතර දිස්ත්‍රිකයේ වීදාගම කියන ගමට ආවා. එදා ඉදන් හරිම ආසාවෙන් මේ පළාතට වෙලා ඉන්නවා.

04. ඉගෙන ගත්ත පාසල?
** ප්‍රථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. තාත්තා ඇතුළු පවුලේ හැමෝම ඉගෙනුම ලබපු පාසැල ඒක නිසා පොඩි විශේෂත්වයකුත් තියෙනවා. ශිෂත්වයෙන් පස්සෙත් එම පාසලේම ඉන්න තීරණය කළා. උසස් පෙළට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු උනා.

05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** උසස් පෙළ සදහා කොළඹ ආනන්ද විද්‍යාලයට පිවිසෙනවා. කලා අංශයෙන් තමයි උසස් පෙළ කරන්නේ. භූ ගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයන් හැටියට තෝරා ගන්නවා.

06. උසස් පෙළට කරපු විෂයන් සහ නාට්‍ය සහ රංග කලාව කියන්නේ හරියට අහසට පොළව වගේ නෙහ්? ඉතින් රංගන ක්ෂේත්‍රයට අඩිතාලම වැටුණේ කොහොමද?
** මෙහෙමයි. උසස් පෙළ කරන කාලේ වෙද්දී මට තොරතුරු තාක්ෂණ විෂයට ලොකු ආසාවක් ඇති උනා. මොකද මම සාමාන්‍ය පෙළටත් ඒ විෂය හදාරපු නිසා මම ඒ විෂය තෝරා ගත්තා. කොහොම උනත් මම පොඩි කාලේ ඉදලම කලාවේ ගොඩක් පැතිවලට ආසා කළා. චිත්‍ර අදින්න, සින්දු කියන්න ඒ වගේම ගොඩක්ම ආසා කළේ රගපාන්න. පාසල් යන කාලේ මොනා හරි විවිධප්‍රසංගයක් තිබ්බොත් කොහොම හරි පැනලා ගිහින් චරිතයක් ගන්නවා. ගමේ ඉන්න කොටත් යාළුවොත් එක්ක කළේ රුපවාහිනියේ යන විවිධ චිත්‍රපටි, කතාවල තිබ්බ ජවනිකා රගපාපු එක (තාමත් ඒ පුරුද්ද තියෙනවා). ඔය අතරේ පාසලේ පෝතක බාලදක්ෂ කණ්ඩායමට බැදුනා. ඊට පස්සේ ඉතින් සතියකට සැරයක් මොකක් හරි නාට්‍යක පොඩි චරිතයක් රගපානවමයි. ඒ අතරෙම පාසලේ නාට්‍ය සංගමේට බැදෙන්න අවස්ථාවක් ලැබුනා. ඔය අතරේ අපේ පවුලෙත් කිහිප දෙනෙක් කලාවට සම්බන්ධවෙලා හිටියේ. ඒ අභාශේත් ලැබෙන්න ඇති. ඔන්න ඔහොම තමයි රංගන ක්ෂේත්‍රය අඩිතාලම වැටුනේ.

07. පාසලෙන් ලැබුනු දායකත්වය ගැන කිව්වොත්?
** මම සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. ඉතින් මේ විද්‍යාලයෙන්ම තමයි රගපෑමට ඇතුල් වුනෙත්. ඉතින් කුඩා කාලේ ඉදලම රගපෑමට තිබ්බ ආසාව නිසා ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුනා. ඉස්කෝලේ නාට්‍යක් මොනා හරි තිබුනොත් මටත් චරිතයක් කොහොම හරි අරගෙන දුන්නා. ආනන්ද විද්‍යාලයෙනුත් ලොකු සහයෝගයක් ලැබුනා. දැනට පවා නාට්‍ය සම්බන්ධයෙන් පාසලේ දෙයක් කරනවා නම් දැනුවත් කරනවා.

08. සම්බන්ධ වුණු පළවෙනි වේදිකා නාට්‍යය ගැන මතක් කරනවා නම්?
** මුලින්ම වේදිකාවට ගොඩ උනේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබනකොට. තර්ස්ටන් විද්‍යාලයේ විශේෂ සැමරුමක් තිබ්බා, බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලාවේ. ඒකට හැම ශ්‍රේණියකින්ම අංගයක් ඉදිරිපත් කළා. කොහොම හරි ඔය අංගවලට තෝරන දවස්වල මට පාසල් එන්න බැරි උනා. මම එද්දී කට්ටියව එක එක අංග වලට බෙදලා ඉවරයි. මොනා කරන්නද? මම අපේ වසරේ නාට්‍ය පුහුණු වෙන තැනට වෙලා බලන් හිටියා. ඒක ඉංග්‍රීසි නාට්‍යක්. නම “Pied Piper and The Family Town“. ඉතින් කොහොම හරි නාට්‍ය පුහුණු වෙන අතරේ එක චරිතෙකට එයාගේ චරිතේ කරන්න බැහැ කිව්වා. ඉතින් ඒ නාට්‍ය පුහුණු කරන මිස් ඇහුවා 'මේ චරිතේ කරන්න කැමති වෙන කවුරු හරි ඉන්නවද?' කියලා. මම රගපාන්න ආස උනත් මේක ඉංග්‍රීසි නාට්‍යක් නිසා සහ ඒ චරිතේ ගැහැණු චරිතයක් නිසා ඉදිරිපත් උනේ නැහැ. ඒ අතරේ මගේ පාසලේ යාලුවෙක් මාව එක පාරට ඉස්සරහට තල්ලු කළා. මිස් මගෙන් ඇහුවා එක පාරට 'ආ ඔය කැමතිද මේ චරිතෙට? හරි එහෙනම් පටන් ගමු' කිව්වා. මට කර කියා ගන්න දෙයක් නැති උනා. මම මිස් දිහා බලාගෙන හිටියා. චරිතේ මොකක්ද කියල දැනගත්තම මම ඔක්කොටම වඩා බය වුනා. නගරේ නගරාධිපතිගේ නෝනගේ චරිතේ මට ලැබිලා තියෙන්නේ. දෙබස් නම් දෙක තුනයි. ඒත් පොළවේ හැපී හැපී කෑගගහ අඩන්න තියෙනවා. හැබැයි ඒ කාලේ මට හොදට අඩන්න පුළුවන්. මොකද මම හැමදාම හවස ඉස්කෝලේ ඇරුනම අම්මා එනකන් අඩනවා. ඉතින් ඒ චරිතේ මට පහසුවෙන්ම කරන්න පුළුවන් වුනා. ඔන්න ඕක තමයි පලමු වේදිකා නාට්‍යය.
09. ඊට පස්සේ රංගනයෙන් දායක වුණු අනිත් වේදිකා නාට්‍යය මොනවද?
** යුද්දෙටත් ඇවිත් - යුද්දෙටත් ඇවිත් නාට්‍ය කරනකොට මම 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මම කිව්වානේ බාලදක්ෂ කාණ්ඩයට බැදුනම නාට්‍ය ගොඩක් කරන්න ලැබුනා කියලා. මේක ඒවගෙන් ප්‍රධානම එකක්. ඒ කාලේ වෙද්දී කොළඹ රාජකීය විද්‍යාලයේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ බාලදක්ෂ ජම්බෝරිය පවත්වන්න සුදානම් කළේ. ඉතින් එකේ තිබ්බ නාට්‍ය තරගෙට අපි මේ නාට්‍ය ඉදිරිපත් කළා. මේක සිංහල නුර්තිත් එක්ක සම්බන්ධ උන ලස්සන නාට්‍යක්. මම රගපෑවේ සිංහල රජුගේ සේනාවේ සෙබලෙක් හැටියට. ලංකාවට ගොඩබැහැපු පරංගි රටෙන් එලවන්න, ඒ කාලේ මිනිස්සු කොච්චර කැපකිරීමක් කළාද කියලා මේ නාට්‍යයෙන් රග දැක්වුවා. ”යුද්දෙටත් ඇවිත් සිදු පිට නැවු නැගලා - පරංගි උන් නමුත් ඇවිත් කොලඹට ගොඩ බැහැලා“

** හුණු වටයේ කතාව - මේක තර්ස්ටන් විද්‍යාලයේ කලා උළෙල වෙනුවෙන් කළේ. වර්ෂය නම් හරියටම මතක නැහැ. හුණු වටයේ කතාව ඉතින් ගොඩ දෙනෙක් දන්නා කතාවක්. මේ කතාවේ එන සෙබළු දෙන්නගෙන් එක සෙබලෙක් විදිහට රගපාන්න අවස්ථාව ලැබුනා. ”යුද්දෙට මන් ගියා - නෝනා ගෙදර තියා“. ඔන්න ඕක කියන්න හිටියෙත් මම තමයි. හරිම සුන්දර අත්දැකීම්.

** වැද්දෝ - කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල සාහිත්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් පාසලේ සාහිත්‍ය සංගමය කරපු ලස්සන නිර්මාණයක්. කොළඹින් පිරිසක් වැදී ගමකට ඇවිල්ලා, ඒ ගම නාගරීකරණය වෙලා, විනාශ වෙන ආකාරය පෙන්නපු නාට්‍යක්. මම මේකේ වැදී රජතුමාගේ පුතාගේ චරිතය රගපෑවා. මේක ගොඩක් හාස්‍යට බර නාට්‍යක්.

** කාල ගෝල - මේක අපි අංගොඩ පැත්තේ තිබුන වැඩිහිටි නිවාසෙකට ගිහින් කරපු නාට්‍යක්. පරණ කාල ගෝල කතාව පොඩ්ඩක් නවීකරණය කරලා, වර්තමාන සමාජයට ගැලපෙන විදිහට හදලා රග දැක්වූවා. මේක කළේ පෝතක බාලදක්ෂ කාණ්ඩයෙන්. මේ නාට්‍ය අපි තව ගොඩක් අවස්ථාවල විවිධ තැන්වලදී රග දැක්වුවා. දික්තලගේ මහත්තයාගේ චරිතය තමයි මම රගපෑවේ.

** මෙගා නාට්‍යය - කොළඹ ආනන්ද විද්‍යාලයට ආවට පස්සේ කරපු අවසන් නාට්‍ය. මේක කළේ 2012 වර්ෂයේ ආනන්ද විද්‍යාලයේ පැවැත්වුන කලා උළෙල වෙනුවනේ. මෙගා නාට්‍ය කියලා නම දැම්මේ මේකේ කතාව ගලාගෙන ගියේ, මෙගා නාට්‍යක් කරන්න ගිය පිරිසිකට සිදුවුණු රසබර හාස්‍ය ජනක සිදුවීම් මාලාවක් රගදක්වපු නිසා. මෙගා නාට්‍යයේ අධ්‍යක්ෂකවරයාගේ චරිතයට තමයි මට පණ පොවන්න ලැබුනේ. ඒකත් ගොඩක් හාස්‍ය මතුකරපු චරිතයක්.
10. මේ වෙනකොට (2015) වේදිකා නාට්‍ය කීයක විතර රගපාලා තියෙනවද?
** 12ක විතර රගපාලා තියෙනවා.

11. සම්මාන එහෙමත් ලැබිලා ඇති නේද?
** ඔව් ඔව්. මුල්ම සම්මානය ලැබුනේ අපේ “යුද්දෙටත් ඇවිත්“ නාට්‍යට. මේ සදහා කොළඹ බාලදක්ෂ ජම්බෝරියේ හොදම නාට්‍යට හිමි සම්මානය ලැබුනා. ඊලග සම්මානය ලැබුනේ “වැද්දෝ“ නාට්‍යට. මේකට එම නාට්‍ය තරගයෙන් දෙවන ස්ථානය ලැබුනා. මම හොදම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.

12. රගපෑවා කියලා තමන්ට මොනවද ලැබෙන්නේ? පලක් නැති දෙයක් කියලා කවදාවත්ම හිතිලා නැද්ද?
** මට නම් රගපෑමෙන් ජීවිතේට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් උනා. විශේෂම දේ තමයි ආත්ම තෘප්තිය. තමන් ආස දෙයක් හොදට කරලා එකෙන් ලබා ගන්න සතුට තරම් දෙයක් මට නම් නැහැ. මම ඒ හැම දෙයක්ම කළේ ගොඩක් සතුටින්. ඉතින් ඒ ලැබෙන සතුට හොදටම ප්‍රමාණවත්. ඒ වගේම ගොඩක් සුන්දර අත්දැකීම්, මතකයන් ගොඩක් ලබා ගත්තා ජීවිතේට. ඉතින් ඒ වගේ දේවල් කවදාවත් පලක් නැති දේවල් වෙන්නේ නැහැ. මිළ කරන්න බැරි ලස්සන මතකයන් විදිහට හැමදාම තියේවි.

13. මුල් කාලෙදි වේදිකාවක රගපාන්න බය හිතුනේ නැද්ද?
** මුල් නෙමෙයි, දැනුත් මම කොහොමත් පොඩ්ඩක් ලජ්ජාශීලි චරිතයක්. මම කිව්වනේ මුලින්ම නාට්‍යකට ගියෙත් වැරදිලා යාලුවෙක් මාව තල්ලු කරපු නිසා කියලා. කාලයක් නාට්‍ය කරනකොට, ලැජ්ජාව ටික ටික නැති වෙලා ගියා. කොහොමත් මම රගපාපු චරිතවලට ලැජ්ජාව ගෑවිලා හරි තිබ්බොත් ඒ චරිතේම ඉවරයි. එච්චර ලජ්ජා හිතෙන චරිත මම රගපෑවා.

14. වේදිකා නාට්‍යයක රගපානවා කියන්නේ හරිම අවදානම් වැඩක් නෙහ්? පොඩ්ඩ එහා මෙහා වුණොත්, මුළු නාට්‍යයම ඉවරයි නෙහ්?
** ඔව් ඒක නම් ඇත්ත. ඒකට ඉතින් තියෙන හොදම දේ, හොදට පුහුණුවීම් කරලා යන එක තමයි. තවත් ඉතින් දෙබසක් අමතක උනොත්, අතින් හරි ඒ වෙලාවට දෙබසක් දාලා නාට්‍ය ඇදගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට ඉතින් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. නාට්‍ය ගැන මෙන්ම තමන් ගැන හොද ආත්ම ශක්තියක්, විශ්වාසයක් තිබුනොත් රගපානවා කියන එක ඔය හිතන තරම් අමාරු කාර්යයක් නෙමෙයි.

15. මේ වෙනතෙක් රංගනයෙන් දායකත්වය ලබා දුන්න වේදිකා නාට්‍ය අතරින්, වඩාත්ම කැමැත්තක් දක්වන වේදිකා නාට්‍ය මොකක්ද?
** මම නම් රගපාපු හැම නාට්‍යකටම වගේම ආසයි. ඒ අතරින් “මෙගා නාට්‍ය” එකට ගොඩක් ආස කළා. එකේ කතාව ගලාගෙන ගිය ආකාරය හරි අපුරුයි.

16. මේ වෙනතෙක් රගපාන්න ලැබුනු චරිත ගැන තෘප්තිමත්ද? වඩාත්ම ආස කරපු චරිතය මොකක්ද?
** ඇත්තටම ඔව්. මොකද මට රගපාන්න ලැබුන හැම නාට්‍යකම තිබුනේ එකිනෙකට වෙනස් චරිත. ඒ නිසා ඒ හැම පැතිකඩක්ම අධ්‍යනය කරලා, හොද නිර්මාණයකට සහයෝගය දක්වන්න මට පුළුවන් උනා. ඒ වගේම ඒ හැම චරිතයකම මම සාමාන්‍ය ජිවිතේ ජිවත් වන සුපුරුදු චරිතෙත් ඇතුලත් උනා. ඉතින් ඒ වගේ චරිතයකට දායකත්වය දෙන එක ලොකු පහසුවක් උනා. මොකද ආයාසයෙන් චරිතෙට හැඩ ගැහෙන්න අවශ්‍යතාවයක් නොතිබුන නිසා. වඩාත්ම අසා කරපු චරිතය තමයි “Mega ටෙලිනාට්‍ය“ නාට්‍යයේ Directorගේ චරිතය. මොකද ඒ චරිතයේ තරහ, හාස්‍ය, සතුට, දුක මේ හැම දෙයක්ම තිබ්බ හරිම සතුටින් භාරගෙන කරපු චරිතයක් .
14. වේදිකා නාට්‍යයක රගපානවා කියන්නේ හරිම අවදානම් වැඩක් නෙහ්? පොඩ්ඩ එහා මෙහා වුණොත්, මුළු නාට්‍යයම ඉවරයි නෙහ්?
** ඔව් ඒක නම් ඇත්ත. ඒකට ඉතින් තියෙන හොදම දේ, හොදට පුහුණුවීම් කරලා යන එක තමයි. තවත් ඉතින් දෙබසක් අමතක උනොත්, අතින් හරි ඒ වෙලාවට දෙබසක් දාලා නාට්‍ය ඇදගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට ඉතින් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. නාට්‍ය ගැන මෙන්ම තමන් ගැන හොද ආත්ම ශක්තියක්, විශ්වාසයක් තිබුනොත් රගපානවා කියන එක ඔය හිතන තරම් අමාරු කාර්යයක් නෙමෙයි.

15. මේ වෙනතෙක් රංගනයෙන් දායකත්වය ලබා දුන්න වේදිකා නාට්‍ය අතරින්, වඩාත්ම කැමැත්තක් දක්වන වේදිකා නාට්‍ය මොකක්ද?
** මම නම් රගපාපු හැම නාට්‍යකටම වගේම ආසයි. ඒ අතරින් “මෙගා නාට්‍ය” එකට ගොඩක් ආස කළා. එකේ කතාව ගලාගෙන ගිය ආකාරය හරි අපුරුයි.

16. මේ වෙනතෙක් රගපාන්න ලැබුනු චරිත ගැන තෘප්තිමත්ද? වඩාත්ම ආස කරපු චරිතය මොකක්ද?
** ඇත්තටම ඔව්. මොකද මට රගපාන්න ලැබුන හැම නාට්‍යකම තිබුනේ එකිනෙකට වෙනස් චරිත. ඒ නිසා ඒ හැම පැතිකඩක්ම අධ්‍යනය කරලා, හොද නිර්මාණයකට සහයෝගය දක්වන්න මට පුළුවන් උනා. ඒ වගේම ඒ හැම චරිතයකම මම සාමාන්‍ය ජිවිතේ ජිවත් වන සුපුරුදු චරිතෙත් ඇතුලත් උනා. ඉතින් ඒ වගේ චරිතයකට දායකත්වය දෙන එක ලොකු පහසුවක් උනා. මොකද ආයාසයෙන් චරිතෙට හැඩ ගැහෙන්න අවශ්‍යතාවයක් නොතිබුන නිසා. වඩාත්ම අසා කරපු චරිතය තමයි “Mega ටෙලිනාට්‍ය“ නාට්‍යයේ Directorගේ චරිතය. මොකද ඒ චරිතයේ තරහ, හාස්‍ය, සතුට, දුක මේ හැම දෙයක්ම තිබ්බ හරිම සතුටින් භාරගෙන කරපු චරිතයක් .
21. රංගන ක්ෂේත්‍රයේදී මොන වගේ අභියෝග වලටද මුහුණ දීලා තියෙන්නේ? කොහොමද ඒ අභියෝග ජයග්‍රහණය කළේ?
** රංගන ක්ෂේත්‍රයේදී හැම මොහොතක්ම අභියෝගයක්. ඉතින් ඒ හැම දෙයකදීම ඉතාම ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන. මොකද හදිස්සි වෙලා මේ දේවල් කරන්න ගියොත් රංගනයේ ගුණාත්මක තත්වය මෙන්ම නාට්‍යයේ ගුණාත්මක තත්වයත් නැති වෙනවා. ඉතින් මම හැම නාට්‍යකටම පෙර හොදට පුහුණුවීම් කරලා ඒ චරිතේ ජිවත් වෙන්න උත්සහ කරනවා. රගපෑමේදී මෙම චරිතය තුළ ජිවත්වීම ගොඩක් වැදගත්. ඉතින් මේ සියලු දේත් එක්ක ලොකු කැපවීමක් මහන්සියක් වුනාම, අභියෝග කියන දේවල් අභියෝගයක් වෙන්නේ නැහැ. තමන් ගැන හොද විශ්වාසයක් තියා ගන්න. එතකොට අභියෝග ජයගන්න පහසුයි.

22. කවුද ප්‍රියතම රංගන ශිල්පියා සහ ශිල්පිනිය?
** වේදිකා නාට්‍ය පැත්තෙන් ගත්තොත් නම් ජයලත් මනොරත්නයන්ට ගොඩක් ආසා කරනවා සහ ගරු කරනවා. මොකද ඔහුගේ රංගනය ගොඩක් තාත්විකයි. ඒ වගේම නාට්‍ය තුළ හැගීම් ඉස්මතු කරන ආකාරය ලස්සනයි. ප්‍රියතම රංගන ශිල්පිනියක් ලෙස දුලීකා මාරපනට ආසයි. ඇගේ රගපෑමේ තියෙන තාත්වික බවට සහ සරල බවට ආසයි.

23. වේදිකා නාට්‍යවලට අවතීර්ණ වෙන්න බලාගෙන ඉන්න අයට, මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ?
** තමන්ට වේදිකාවට යන්න ලැබෙන හැම අවස්ථාවක්ම අරගන්න. මොකද ඒ හැම දේකින්ම මොනවා හරි අලුත් දෙයක් ඉගෙනගන්න පුළුවන් වෙනවා. අලුත් අත්දැකීම් ලැබෙනවා. හැම වෙලාවේම ජ්‍යේෂ්ඨයින්ට ගරු කරන්න. ඒගොල්ලන්ගෙන් අපිට ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දේවල් ඉගෙනගන්න හදිස්සි වෙන්නත් ඕන නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද කාලයක් හොදට මේ දේ අධ්‍යනය කළොත් අපිට හොද දෙයක් සමාජයට දෙන්න පුළුවන් වගේම, අනික් අයගෙත් ගරුත්වය ආකර්ෂණය ලැබෙයි. තමන්ට ලැබෙන චරිතයට තමන්ට උපරිම ආකාරයෙන් සාධාරණයක් කරන්න බලන්න. එතකොට හොද දිගු ගමනක් යන්න පුළුවන් වෙයි.
24. රංගන ක්ෂේත්‍රයේ මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද?
** ඔව්. මොකද කියනවා නම් මට මේ ටික කාලය තුළ විවිධාකර තේමාවන් රැගත් විදිධ ශෛලීන්වල නාට්‍යවලට රංගනයෙන් දායකත්වය දෙන්න පුළුවන් උනා. එත් මේ ක්ෂේස්ත්‍රය ගොඩක් පුළුල් ලෙස විහිදිලා ගිය එකක්. ඉතින් ඒකේ රස මුසු තැන්, අභියෝග, කටුක අත්දැකීම් බොහොමයි. ඉතින් මේ ටික කාලෙට ලබාගත්ත දේවල් ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද ඒවා ලබා ගන්න ගොඩක් කැපකිරීම් කළා.

25. කවුරු හරි කිව්වොත් "තාරක වේදිකා නාට්‍යවල රගපාන්නේ පොරක් වෙන්න හිතාගෙන" කියලා?
** කලිනුත් කිව්වා වගේ රගපෑම මම කරන්නේ මගේ සතුට වෙනුවෙන්. ඉතින් මට රගපැමෙන් පොරක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි කරන රංගනයෙන් තවත් කවුරු හරි සතුටු වෙනවා නම්, ජීවිතේට දෙයක් ලබාගන්නවා නම්, සමාජෙට හොද පණිවිඩයක් ලැබෙනවා නම් ඊට වඩා තෘප්තියක් තවත් නැහැ. කෙනෙක්ට පොරක් වෙන්න ඕන නම් වේදිකා නාට්‍ය රංගනය කියන්නේ ගොඩක් අමාරු වැඩක්. මොකද අද වෙනකොට වේදිකා නාට්‍ය බලන පිරිසත් ටික ටික අඩු වේගෙන යනවා. එත් මේ රගපෑම කියන දේ හොදින්ම කළොත් ප්‍රේක්ෂකයම අපිව පොරක් තත්වෙට ගෙනෙයි. ඉතින් මේ පොරක් වෙන්න රගපැම යොදා ගන්නවා නම් ඇත්තටම ඒක ලජ්ජා විය යුතු කරුණක්. මොකද කලාවට ආදරය කරන පුද්ගලයා කවදාවත් ඒකෙන් තමන්ව ඉහළට උලුප්පලා පෙන්නන්න හදන්නේ නැහැ. මොකද ඒ කරන වැඩේ කිසිම ගරුත්වයක් නැති වෙනවා. තමන් හොද දෙයක් හොද විදිහට කළොත් සමාජෙන් ඔහුව පොරක් තත්වෙට ගෙනේවි.

26. ටෙලිනාට්‍ය සහ සිනමාව පැත්තට පියමනින්න අදහසක් නැද්ද?
** ලොකු ආසාවක් තියෙනවා. ඒත් ඊට කලින් තව ටිකක් මේ කලාව පැත්තෙන් අධ්‍යන කරලම හොද නිර්මාණයකට දායක වෙනවා. ඉස්සරහට බලමු ඉතින්.

27. කොහොමද මේ වෙනකොට ලැබිලා තියෙන ප්‍රතිචාර?
** ප්‍රතිචාර නම් ගොඩක් හොදයි. හැම නාට්‍යකට පස්සෙම හොද ප්‍රතිචාර වගේම තව දියුණු කරගත යුතු තැන් ගැනත් අදහස් ලැබුනා. ප්‍රතිචාර කොච්චර හොදද කියනවා නම් තවමත් සමහර අය මාව අදුනන්නේ නාට්‍යයේ හිටපු චරිතයේ නමින්. සමහර වෙලාවට මුහුණට මුණගැහුනට අදුනන්නේ නැහැ. නාට්‍ය ගැන කිව්වම තමයි මතක් වෙන්නේ. ඒ තරම්ම ප්‍රතිචාර නම් ඉහළින්ම තියෙනවා.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** ඉදිරියේදී වේදිකා නාට්‍ය දෙකකට දායකත්වය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම පොඩි කෙටි චිත්‍රපටියක් කරන්න අදහස් කරන් ඉන්නවා. ඒකත් ළගදීම බලාගන්න පුළුවන් වෙයි. තව යාළුවන්ගේ නාට්‍යවල රුප රචනා කිහිපයකට උදවු වෙනවා. මේ ක්ෂේත්‍රයේ ලොකුම බලාපොරොත්තුව තමයි හොද වැදගත්, සමාජයට ආදර්ශමත්, හොදින් රසවිදිය හැකි නාට්‍යක් ඉදිරිපත් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් මේ දවස්වල අඩිතාලම දාගෙන යනවා. ඔය අතරෙ ඉතින් කොළඹ විශවවිද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ තොරතුරු පද්ධති උපාධියත් හදාරනවා. ලොකු මහන්සියක් උනා මේකටත් ඇතුල් වෙන්න. ඒක නිසා කොහොම හරි ඒකත් හොදින් කරගන්න බලාපොරොත්තු වෙනවා. කවුරු හරි කෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්න ඉන්නවා නම් ඒ අයටත් පුළුවන් උපරිමයෙන් උදවු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය අතරේ මගේම කියල හොද නිර්මාණ කිහිපයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. ඉදිරියට බලමු එහෙනම්.

29. ස්තූතියි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා නේද?
** ඔව්. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ අම්මට සහ තාත්තාට. මොකද මේ හැම දෙයක් කරන්නම මට හොද නිදහසක් ඕන. ඒ වගේම මම කරන කියන දේවල් සහ මගේ චරිතය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. අම්මයි තාත්තයි මාව හොදින් තේරුම්ගෙන මට මේ හැමදේටම හොද නිදහසක් ලබා දීලා ඉදිරි ගමනට දිරිමත් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉන්නකොට බාලදක්ෂ කණ්ඩායම භාරව හිටපු කිර්ති ගුරුපියාණන්, එවකට නාට්‍ය සංගමය භාරව හිටපු සරත් ගුරුපියාණන්. මේ දෙපලට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මට මේ මාර්ගය විවර කර දුන්නට. කොළඹ ආනන්ද විද්‍යාලයට ආවට පස්සේ අපේ කලා හැකියාවන් අදුනගෙන ඒවා දිරිමත් කරපු කලා අංශ ප්‍රධානි ශ්‍රියා සේනාධිර මහත්මිය ගොඩක් ආදරෙන් මතක් කරනවා සහ කලා අංශයේ සියලුම ගුරු මව්වරුන් සහ පියවරුන් ආදරෙන් මතක් කරන්න සහ ඔවුනට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ කලා අංශයේ අපිත් එක්ක එකට රගපාපු අලුත් අලුත් දේවල් කරන්න උත්සහ ගත්ත යාළුවන්වත් මතක් කරන්න කැමතියි. නම් සදහන් කරන්න අකමැතියි. කවුරු හරි මග හැරුනොත් හිතට හරි නැහැ. ඒකයි. කොළඹ විශවවිද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ අපේ වසරේ ඉගෙනුම ලබන සියලුම යහළුවන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් මගේ හැකියාවන් අදුනගෙන මාව දිරිමත් කරනවා. ඉතින් මෙහෙම ස්තුති කරනකොට නම් කියනොවුනු, ජීවිතේට ගොඩක් වැදගත් වුනු පුද්ගලයෝ ඇති. ඉතින් ඒ හැම දෙනාගේම උදව්වෙන් තමයි මේ ගමන ආවේ. ඒ හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි.

ඔන්න ඔහොමයි තාරක එක්ක කරපු "සොදුරු කතා බහ" අවසන් වෙන්නේ. ඉතින් වේදිකා නාට්‍ය සහ රංග කලාව ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට, මේ අංශයන් ගැන උනන්දු අයට අවස්ථාව තියෙනවා 


විශේෂ ස්තූතිය - danulawickramaarachchi
තුන්වෙනි සීනුව - දනාගෙ පලා මල්ල

Wednesday, February 15, 2017

ඩබ්ලියු. ආර්. විජේසෝම නැමති බාලදක්ෂයා

W R Wijesoma - Image courtesy The Island
ඩබ්ලියු. ආර්. විජේසෝම මහතා
ප්‍රවීණ කාටූන් ශිල්පි විජේසෝම උපාලි පූවත්පත් සමාගමේ "දිවයින" සහ "දි අයිලන්ඩ්" පූවත් පත්හි ප්‍රධාන කාටූන් ශිල්පියා වශයෙන් පූරා වසර 23 ක් සේවය කළ ඩබ්ලිව්. ආර්. විජේසෝම මහතා ආරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකි. 1981 දී උපාලි පූවත්පත් සමාගමට බැඳුණූ ඔහූ වසර 2004 වන තුරුම දිනපතා සහ ඉරිදා සිංහල ඉංග්‍රීසි පූවත්පත් සඳහා දේශපාලන කාටූන් නිර්මාණය කළේය. 1925 මැයි 06 දා උපත ලැබූ ඔහූ කොළඹ මාලිගාකන්ද රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ කාර්මික විද්‍යාලයයෙන් හා රජයේ කර්මාන්ත පාසලෙන් ද වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත.

උපාලි පූවත්පත් සමාගමේ "දිවයින" සහ "දි අයිලන්ඩ්" පූවත් පත්හි ප්‍රධාන කාටූන් ශිල්පියා වශයෙන් පූරා වසර 23 ක් සේවය කළ ඩබ්ලිව්. ආර්. විජේසෝම මහතා 2006/01/18 දින අභාවප්‍රාප්ත විය. මිය යන විට 80 වැනි වියෙහි පසූ වූයේය. අඩ සියවසක් තරම් සිය වෘත්තීය ජීවිතය තුළ ඔහූ කළ සූවිශේෂ කාටූන් නිර්මාණ එක් කළ ග්‍රන්ථ කිහිපයක් ද පළ කළ විජේසෝම මහතා නිහඬ ජීවිතය ප්‍රිය කළ සෘජූ මිනිසකු වශයෙන් කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර විය. විජේසෝම මහතාගේ දේහය 470·6, කැබැල්ලගොඩවත්ත ඕවිට, ඇරැව්වල නිවසේ තැන්පත් කර තිබිණ.

ළාබාල වියේදීම බාලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාශීලී නායකයකු වූ ඔහූ දෙවැනි ලෝක යූද සමයේ අහස් උවදුරු වැළැක්වීමේ සංවිධානයේද කැපී පෙනෙන සාමාජිකයෙක් විය. විජේ රූපගේ විජේසෝම (ඩබ්.ආර්.) තරුණයා 1947 ටයිම්ස් පූවත් පත් ආයතනයට බැඳුණේ සෝදුපත් බලන්නකු වශයෙනි. ඒ අතර තුර කාටූන් ශිල්පය අත්හදා බැලූ ඔහූ ටයිම්ස් හා ලංකාදීප පූවත් පත්හි ප්‍රධාන කාටූන් ශිල්පී තනතුර දක්වා පැමිණියේ දැඩි වෙහෙස මහන්සියෙනි. 1968 දී ලේක්හවූස් ආයතනයේ සේවයට බැඳුණූ ඔහූ එහි සිංහල ඉංග්‍රීසි දිනපතා, සතිපතා පූවත් පත් සහ වාර ප්‍රකාශන සඳහාද කාටූන් නිර්මාණය කළේය.

1964 ජූලි 27 අරඹන ලද ළමයින්ට කැපවුණු මිහිර පත්තරය සතිපතා පත්තරයක් උනා. මිහිරේ පරිකල්පනය හා වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස් විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා. අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.) එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.

වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන් කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින් එන්න’’ යන්නයි. මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමිනි.

වසර 12 ක් පමණ එහි සිටි විජේසෝම මහතා අනතුරුව උපාලි පූවත්පත් සමාගමට බැඳුණේය. දිවයින ඇසූරේ සිය වෘත්තීය ජීවිතයේ දීප්තිමත් සමය ගත කළ ඔහූ ශ්‍රී ලංකාවේ විවිධ නගර ආශ්‍රිතව කාටූන් ප්‍රදර්ශන රැසක් පැවැත්වීය. ලෝකයේ සම්භාව්‍ය කතුවැකි හා කාටූන් චිත්‍ර එකතුවක් වන උදරකා ්එක්ි ඡරුිි සෘැඩසැඅ හි එකවර කාටූන් චිත්‍ර තුනක් පළ කර ගැනීමේ වාසනාවද හිමිකර ගත්තේය. නිව්යෝක් ටයිම්ස් වැනි පූවත් පත්හිද සෝවියටි දේශයේ පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ප්‍රකාශනයක පිට කවරය සැරසීමටද වරක් විජේසෝමගේ කාටූනයක් තෝරා ගැනිණ. එසේ ලොව ප්‍රකට කාටූන් ශිල්පීන් අතරට එක්ව ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් විජේසෝම මහතා දක්ෂ ලේඛකයෙක්ද වන්නේය. වන මංගමන් යනූවෙන් ඔහූ තමා කළ වන සංචාර ගැන පොතක් ද ලියා පළ කළේය. එමෙන්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්, පරිසරවේදියෙක් සහ අජටාකාශ තොරතුරු ගවේශකයෙක් ලෙසද විවිධ විෂය පරාසයන් තුළ ඔහූ තම කුසලතා ප්‍රකට කළේය.

පොදු ජනතාව නියෝජනය කිරීම සඳහා විජේසෝමයන් විසින් ගොඩනඟන ලද ”පුංචි සිංඤ්ඤෝ” නම් වූ කාටුනය පාඨකයා අතර, ජනපි‍්‍රය චරිතයක් බවට පත්විය. පුංචි සිංඤ්ඤෝ 1950 දශකයේ විසූ ජාතික ඇඳුමින් සැරසී ගත් පුද්ගලයෙකි. ආර්ථික අපහසුතා හේතුවෙන් පුංචි සිංඤ්ඤෝගේ ස්වරූපය වෙනස් වීම කාටුනය තුළින් දකින්නට ලැබේ. ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔහු පසුව ඉරුණු ඇඳුමෙන්ද ක‍්‍රමයෙන් වැරහැලි බවටද පත්විය. ඉන් අනතුරුව සරමද ගැලවී ගොස් ඉතිරිව තිබුණේ ජාතික ඇඳුමේ උඩ කොටස පමණි. පොදු ජනතාව විඳින දුක් ගැහැට මෙම කාටුන් චරිතය ඔස්සේ සංකේතයක් ලෙස නිරූපණය කරන ලදී. ඔහුගේ ‘පුංචි සිංඤෝ’ වඩාත් ජනප්‍රියතම කාටුනය විය. වචන ගණනාවකින් කිව යුතු දෙයක් ඉතා කෙටියෙන් කීමට ඔහු යොදාගත් සුවිශේෂී සංකේතය පුංචි සිංඤීය. ඒ හැරුණු කොට තවත් නිදර්ශන බොහෝය. ප්‍රජා අයිතිය අහිමි වූ බණ්ඩාරනායක මැතිනිය ඔහු අතින් නිර්මාණය වන්නේ විශාල යකඩ බෝලයක් කකුලේ බැඳ දමා තබමිනි. රජීවි ගාන්ධි අගමැතිවරයා කාලයකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළේය. එවක රජීව් ගාන්ධිව විජේසෝම අතින් නිරූපණය වූයේ නහය දික් ලෙසට යොදා ගනිමිනි. ඒ පිනෝකියෝ නැමැති චරිතය සංකේතයට යොදා ගනිමිනි.

විජේසෝමයන්ගේ කාටුන්වලට ලක්වීමට පවා ඇතැම් දේශපාලනඥයෝ කැමැතිවූහ. වරෙක එන්. එම්. පෙරේරා මහතා ඔහුගේ ඇඳි කාටුන් පවා ඉල්ලා සිටියේය. එකල තම කාටුනයක් පුවත්පතේ පළවී තිබෙන දුටුවිට පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා වහාම විජේසෝමයන්ට කතා කරයි. පසුව දෙදෙනාම එකතු වී කාටුනය පිළිබඳ කතා බස්කර දුරකතනයෙන් සිනාසෙයි. 
මෙලෙස විජේසෝමයන්ගේ කාටුන් දේශපාලනඥයන් අතර ජනප්‍රිය විය. කෙසේ වුවත් විජේසෝම කිසිවිටකත් දේශපාලනඥයන් පසුපස ගියේ නැත. මේ පිළිබඳ ඔහුට ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයෙකි. “විජේසෝම ලෝකයේ මා දුටු කාටුන් ශිල්පීන්ගේ ප්‍රසන්න හැඟීම් ඇති කාටවත් නොබැඳුන පුද්ගලයා යැයි” ඔහු කියයි.

එමෙන්ම පුද්ගලික වාසි කතා ඔහු කිසිවිටකත් නිර්මාණ නොකළ අයෙකි. ඉංග්‍රීසි සිංහල භාෂා දැනුම මෙන්ම ක්ෂේත්‍රය පිළිබඳ හදාරන ලද දැනුමද ඔහුගේ කාටුනවල පෝෂණය පසුපස වූ සාධකය.

විජේසෝමයන්ගේ බොහෝ දේශපාලන කාටුන් තුළ දක්නට ලැබුණේ පොදු ජනතාවගේ දෘෂ්ටියයි. මොහුගේ කාටුන් හේතුවෙන් ලේක් හවුස් ආයතනය මහජන චීනයේ උදහසටද ලක් වී ඇත. චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් නොවීම පිළිබඳව මාවෝ සේතුං විවේචනය කොට විජේසෝමයන් විසින් ”ඔබ්සර්වර්” පුවත්පතෙහි කාටුනයක් නිර්මාණය කරන ලදී. විජේසෝමයන්ගේ කාටුන් කලාවේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ 1981 වර්ෂයෙන් පසුවය. විජේසෝමයන්ගේ කාටුන් වලට පෙනී සිටීමට ඇතැම් දේශපාලනඥයින් කැමැත්තක් දැක්වීය.

”කටුන් චිත‍්‍රයකින් එක් අදහසක් පමණක් තීව‍්‍ර වෙනවානම් එ්කෙන් පළක් නැහැ. එක එක කාටුන් ශිල්පීන්ගේ  ශෛලීන් විවිධයි. වදන් දහසකින් යුත් ලිපියක ඇතුළත් දේ කාටුනයකින් කිව හැකි නම් එයයි වැදගත්.” යනුවෙන්  ශිල්පියෙකු සෑම විටම අවදි වූ මනසකින් යුතු පුද්ගලයෙකු විය යුතු බව ඔහුගේ අදහස විය.

”පුංචි සිංඤ්ඤෝ” නම් තම ප‍්‍රධාන කාටුන් චරිතය නිර්මාණය කිරීමට තම ලොකු තාත්තා හේතු වූ බව සඳහන් වේ. එකල විචාරකයෝ විජේසෝමයන්ගේ කාටුන් පිළිබඳ හඳුන්වා ඇත්තේ විජේසෝම ඉදිකටුවකින් දේශපාලනඥයින්ට අනිනු ලැබේ යනුවෙනි.  1948 සිට 1968 දක්වා ටයිම්ස් ආයතනයේ සේවය කළ විජේසෝමයන් ඉන් අනතුරුව ලේක් හවුස් ආයතනයට සම්බන්ධ විය. ඔබ්සර්වර් පුවත්පතට සහ සිළුමිණ පුවත්පතටද කාටුන් නිර්මාණය කරන ලදී. ඉන් අනතුරුව දිවයින පුවත්පත ආරම්භ කිරීමත් සමඟම ඔහු ඊට සම්බන්ධ විය.

ශී‍්‍ර ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර කීර්තියටද පත් වූ විජේසෝමයන්ගේ කාටුන් ”උදරකා ‘‘World Atlas Press Review” නම් ලෝකයේ සම්භාව්‍ය කතුවැකිය සහ කාටුන් එකතූන් තුළටද ඇතුළත් කර ගන්නා ලදී. විජේසෝමයන්ගේ කාටුන් දේශපාලන කාටුන් ගණයට අයත් වේ. එක් සිදුවීමක් විජේසෝමයන් අතින් පෝෂණය වන්නේ සාරගර්භ දේශපාලන කාටුනයක් ලෙසින්ය. සංකේත භාවිතය, වචන භාවිතය මගින් සාර්ථක ලෙස නිර්මාණය වුණු ඔහුගේ කාටුන් හරහා පණිවුඩය ජනතාවට සන්නිවේදනය විය. 

ldgqka Ys,amSka úiska ldgqka NdIdjla ks¾udKh lrkq ,nk w;r" tu jpk lSm jdrhla lshùfuka th ixfla;hla njg m;ajk nj úfÊfidauhkaf.a woyihs'  ldgqka NdIdj ldgqka Ys,amshd úiskau j¾Okh l< hq;= nj;a ldgqka ixfla; mdGlhdg f;areï .ekSug myiqjk wdldrhg ks¾udKd;aul ixfla; jeä jYfka fhdod .ekSu ;=<ska ldgqka NdIdjo fmdaIKh l< yels nj Tyqf.a ms<s.ekSuhs' ixfla; ks¾udKh lr .ekSfuka ldgqkh i|yd jdlH fhdod .ekSug wjYH fkdjk w;r mdGlhd fj; ixfla; uÕska ikaksfõokh fldg .; yels fõ'
úfÊfidauhkaf.a ldgqk ;=< ixfla; Ndú;h nyq,j olskakg ,enq‚' m%pKav l%shd i|yd Tyq fhdod .kq ,enqfõ fndaïnhhs' ldgqka Ñ;%hl fndaïnhl ixfla;hla ÿgq úg mdGlhd th wjfndaO lr.kakd ,§' yÈis wjia:dj ixfla;j;a lrkq ,enqfõ .,a f;dmamsfhks' W;=f¾ fldá ;%ia;jd§ka fldáhl=f.a rEmhlska o frdlÜ tflka Ôjk úhou ksrEmKh úh' ldgqka ;=< olskakg ,enqKq idßfmdg ixfla;hla jYfhka ks¾udKh lrkq ,enqfõ úfÊfidauhkah' úfoaY Kh wdOdr b,a,ñka f,dalh jfÜ hdu ixfla;j;a lsÍug Tyq fhdod .;af;a md;%hhs' ldgqkh i|yd th úia;r lsÍug jdlH fhdod .ekSu ldgqka Ñ;%h ÿ¾j,ùug fya;=jla jk nj Tyq mjid we;'
99/02/29 දිවයින පුවත්පතට අඳින ලද කාටුනයක්
Tyq m%ldY lrkafka ldgqka NdIdfõ fydaähla uu yod.;a;d' fï ixfla; fydaäh uÕska b;d ir,j iy fláfhka fndfyda foa mejeish yelshs' mdGlhka oyia .Kkla fuu fydaäh f;areï wrf.khs ldgqka Ñ;% ri ú¢kafka'˜
úfÊfidauhka tod mgkau ldgqka fCIa;%fha ksoyia u;Odßhl= f,i lghq;= lrkq ,efí' ienE ldgqka Ys,amshd Ôj;ajkafka fmdÿ ck;dj iuÕh' fmdÿ ck;djf.a ÿla lror mSvdjka ldgqka ;=<ska úksúo ±lSug;a whym;g" widOdrKhg úreoaOj myr §ug;a hym;a idOdrKhg ms§u;a Tyqf.a ldgqka ;=<ska ±l.; yelsfõ' ¥IK jxpd j,ska msreKq widOdrKlï lrkq ,nk rchla jqj;a ksjerÈ idOdrK ud¾.hg .ekSug ldgqka Ys,amshdg yelshdj mj;sk nj úfÊfidauhkaf.a u;hhs' rchla fmr<Sug ldgqka Ys,amshdg yelshdjla fkdue;s jqjo tys ÿ¾j,;d fmkajd§ug Tjqkag yelshdj ,efí'


බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයකු වූ ‘‘වෝකර් මහතා වරක් විජේසෝමයන්ගේ කාටුන් රීතිය විවරණය කළේ ‘‘ පුද්ගල කෝන්තරයෙන් තොරව කෝපයෙන් වෛරයෙන් බැහැරව කාටුන් අඳින මා දුටු ප‍්‍රබලම කාටුන් ශිල්පියා විජේසෝමයි' යනුවෙනි.වෛරයකින් හෝ කෝපයකින් තොරව හාස්‍ය උපහාසය පදනම්කොට ගනිමින් වඩාත් උත්තරීතර ජීවන පැවැත්මකට කටු පෑනෙන් පින්සලෙන් දායකවීම සැබෑ කාටුන් ශිල්පියාගේ සමාජ මෙහෙවරයි යනුවෙන් කාටුන් ශිල්පියා සතු වගකීම පිළිබඳව විජේසෝමයන් දරන්නේ එවැනි අදහසකි. ඔහු ප‍්‍රකාශ කර ඇති ආකාරයට ඔහු කටු පෑනෙන් පින්සලයෙන් මතුපිට අඳින රේඛාවක් පාසා දක්නට ලැබෙන්නේ විජේසෝමයන්ගේ අතීත ජීවිතයේ නිර්මාණාත්මක වර්ධනයයි'
විජේසෝමයන්ගේ කාටුන් බොහෝවිට දේශපාලන කාටුන් විය. සිදුවීම ක්‍රිකට් තරගයක් විය හැකිය. නැතිනම් සර්කස් සංදර්ශනයක් විය හැකිය. එහෙත් එය විජේසෝමයන් අතින් පෝෂණය වන්නේ වඩාත් සාරගර්භ දේශපාලන කාටුනයකි. සංකේත භාවිතය, අවශ්‍ය පරිදි වචන භාවිතය, තුළ ඔහුගේ කාටුනයේ අර්ථයන් මනා ලෙස ජනතාවට සංනිවේදනය විය. මෙය ඔහුටම ආවේණික කලාවක් විය. ස්වාධීන ඔහුගේම කාටුන් කලාව විය. දේශීය හුරුවක් මෙන්ම ඔහු තුළ සිටි ගැඹුරු දාර්ශනිකයා ද මතුවී පෙනෙන්නට විය' මිය යන විට ඒ මහතා 80 වැනි වියෙහි පසූ විය.



ඩී. එෆ්. කාරියකරවන නැමති බාලදක්ෂයා

ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයා

දශක කිහිපයකට පෙර, ජීවන රඟමඬලේ නෙක් ඉසව් සමතික්‍රමණය කරමින්, සිය සහජ හැකියාවන් මගින් ඔබ වෙත සපැමිණි ඔහු, ඩැනියෙල් ෆැන්සිස් කාරියකරවන නම් වෙයි. එසේත් නැත්නම් ඩී. එෆ්. කාරියකරවන යැයි පැවැසුවහොත් ඔබ හොඳින් ම හඳුනනු ඇත. මෙරට  පුවත්පත් ඉතිහාසයේ අද්විතීය නමක් සටහන් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන මහතා 2015-04-22 අභාවප්‍රාප්ත වුණා. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 94 ක්. 1922 වසරේ පෙබරවාරි 8 වැනිදා මීගමුව - කුරණ ප්‍රදේශයේ ඉපදුණු ඩී.එෆ්. කාරියකරවන බෝලවලාන - කතෝලික පිරිමි පාසලෙන් සහ මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබාගත්තා.  ඔහු දශක 8 කට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ නිරතවුණේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක කතෘත්වයද දරමින්.

කෘතහස්ත ලේඛකයකු, සිළුමිණ සහ ජනතා යන පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයකු වූ ඔහු, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ලේකම්, සභාපති, විධායක අනුශාසක යන නිලතල ද හොබවා තිබේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි පතාක යෝධයකු වූ කාරියකරවන මහතා, අන්තර් ජාතික මාධ්‍ය සංවිධානයේ උප සභාපති, ඉන්දු – ලංකා මාධ්‍ය සංගමයේ සභාපති සහ ආසියානු මාධ්‍යවේදීන්ගේ සංගමයේ මහලේකම් යන තනතුරු හොබවමින්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකර තිබේ. ශ්‍රී ලංකා පත්‍ර කලා විද්‍යාලයේ අධිපති මෙන් ම, කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ විදුහල්පති වශයෙන් ද, මාධ්‍ය අත්පොත් තබන්නන්ට ඔහුගෙන් ලැබුණු ගුරු හරුකම් අප්‍රමාණය. අද වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනපි‍්‍රයත්වය ලබන බොහෝ පුද්ගලයන් ඔහුගේ ද ගෝලයන් ය.

"මං ඉපදුණේ මීගමුව කුරණ කියන ප්‍රදේශයේ. ඒ 1922 පෙබරවාරි 08 වැනිදාවක. මගේ පියා නාවක්කඩුවේ දුම්කොළ වැවීමේ නිරත වූ ව්‍යාපාරිකයෙක්. මං මුලින්ම බෝලවලාන කතෝලික පිරිමි පාසලට ඇතුළත් වෙලා, ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සෙ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ හැදෑරීම් කළා.  මේ කාලෙදී මට ශිෂ්‍යත්වයක් ලැබිලා කළුතර බාලදක්‍ෂ කොළනියට ඇතුළු වීමට ඉඩකඩ ලැබුණා. එහිදී බාලදක්‍ෂ ව්‍යාපාරය හා සම්බන්ධ කටයුතු කිරීමට සහ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය ලැබුවා.  ඒ වගේ ම මං කටුනායක ඉංගී‍්‍රසි පාසලෙන් පවා ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබූ කෙනෙක්. අධ්‍යාපන කටයුතු මේ විදිහට කෙරීගෙන යද්දී, ගුරු විද්‍යාල ප්‍රවේශයට පෙනී සිටියා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට 1942 – 1944 යන කාලය ඇතුළත, පේරාදෙණිය ගුරු ඇබෑසියේ නේවාසික පුහුණුව ලැබීමට හැකියාව ලැබුණා.
මේ සියලු දෙයින් පස්සෙ, ද්වී භාෂා ගුරුවරයෙක් විදිහට, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ශාඛාවක් වුණ, ජාඇළ, තුඩැල්ලේ පිහිටා තිබෙන ක්‍රිස්තුරාජ විද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍යය ලැබුවා."

ඔහු සිය ජීවන ගමන් මඟ ඒකාලෝක කරගනු ලැබුවේ ඒ ආකාරයටය. ඉගෙනීමෙහි සමතකු වූ ලේඛනයට මෙන් ම චිත්‍ර කලාවට ද දක්‍ෂයකු විය. ඒ අනුව මිහිර සඟරාව ඔහුගේ ලේඛන දිවියේ කඩඉමක් බවට පත් වුණි.
“මේ මගේ පත්තර දිවියේ මතක සටහනක්.

මං දිනමිණට ආව මුල් කාලෙදි, පත්තර කාර්යාලයේ හිටිය ලොක්කන්ට සිංහල හොඳට බෑ. ඩී.එස්. සේනානායක මහත්තයා මියගිය ගමන් ම සෝල්බරි සාමිවරයා අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහත්තයව පත් කළා. ඒ වෙලාවෙ ඒ සඳහා හිටිය සුදුස්සා වුණේ ජෝන් කොතලාවල මහත්තයා. මේ තනතුර ඩඩ්ලිට දීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇති වුණා. මේ කාලෙදිම ‘අගමැති පොරය’ කියලා කොතලාවල මහත්තයා ඩඩ්ලිට විරුද්ධව කැළෑ පත්තරයක් ගැහුවා. ඒත් පස්සෙ දෙන්නම යාළු වුණා. පස්සෙ ජෝන් කොතලාවල ඕස්ට්‍රේලියාවට ගියා. ටික කාලෙකට පස්සෙ නැවැත ආවා.

ඒ කාලෙ දිනමිණ ප්‍රධාන උප කර්තෘ වුණේ මං. කොතලාවලගේ පැමිණීම ගැන ‘සර් ජෝන් පෙරළා පැමිණේ’ යනුවෙන් ශීර්ෂ පාඨයක් යොදලා, මං ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. ඒ කාලෙ දිනමිණ පළමු මුද්‍රණය හවස 6.30 වන විට සූදානම් කරනවා. එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා ‘පෙරළා පැමිණේ’ කියන වචනය දැකලා බයවෙලා. එයා ඒ වචනෙ තේරුම් අරන් තිබුණේ ජෝන් කොතලාවල ආණ්ඩු පෙරළියකට පැමිණිලා කියලයි. එයාට මං ඒකෙන් කියන්නේ ‘‘comming back’’ කියන තේරුම යයි කියා දුන්නා. ඒත් මට ශීර්ෂ පාඨයේ වචන වෙනස් කරන්න වුණා.”


1980 දී දිනමිණේ ප්‍රධාන උප කර්තෘ විදිහට වැඩ කරද්දී ජනතා පත්‍රයේ කර්තෘ විදිහට මාව පත් කළා. මං බෑ කිව්වා. ඒත් රංජිත් විජේවර්ධන මහත්තයා කිව්වා ‘ඔයාට ඒක බාර ගත්තොත් හොඳ අනාගතයක් තියේවි. ඒ නිසා බාර ගන්න’ කියලා. මං ඒ කීම අහලා , කර්තෘ පදවිය බාර ගත්තා. ටික දවසකින් ‘යොවුන් ජනතා’ හා ‘ක්‍රීඩා’ පත්තර ආරම්භ කළා. ඔය පත්තර ටික බලා ගන්නා අතරතුරේදී සිළුමිණ පත්තරේ කර්තෘ තනතුර ගන්න සිදු වුණා. ඉන් පස්සෙ මගෙ වැඩි අවධානය යොමු වුණේ සිළුමිණටයි.

මේ කාලෙදි සහකාර වැඩ කළමනාකරු විදිහට සේවය කළේ ද්‍රවිඩ ජාතිකයෙක්. එයා කිව්වා ‘ඕනෑම උදව්වක් කරන්නම්, අලුත් විශේෂාංගයක් පටන් ගන්න’ කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට 1980 දී මං සිළුමිණ කතුවැකිය මගේ අත් අකුරින්ම පළ කරන්න කටයුතු කළා. මේ ආකාරයට කතු වැකිය මීට පෙර හෝ පසු කිසි ම කතුවරයෙක් තමන්ගේ අත්අකුරින් ඉදිරිපත් කළේ නෑ.

මේ විදිහට කතු වැකිය පළ කිරීම හේතුවෙන් මට පුද්ගලික වශයෙන් පාඩු බොහොමයක් සිදුවී තිබෙනවා. මං කොලු කාලෙ ඉඳන් ම මගේ හොඳ ම යාළුවෙක් වුණ ආර්.ප්‍රේමදාස මහත්තයා මා එක්ක තරහ වුණෙත් කතු වැකිය නිසයි. ‘ගම් උදාව‘ මඟින් අනවශ්‍ය වියදම් සිදුවන බවට මා ලියූ කතුවැකිය මගේ අත් අකුරින් පළ කිරීම මේ අමනාපයට මූලිකම හේතුව වුණා.”
ලේඛන කලාවට අති දක්ෂ ඩී.එෆ්.කාරියකරවන මහතා ලියූ ‘වස්සා පුළුස්සා’ කෘතියට මඟ සැකැසූ රසවත් කතාවක් ඇත. ඔහු සිය හඬ ඒ වෙනුවෙන් අවදි කළේ මෙසේ ය.

“1956 මැතිවරණයට පෙර සර් ජෝන් බාබක්‍යු පාටියක් දුන්නා. එතන්දි කළේ වස්සෙක්ව පුළුස්සලා මේ පාටිය දුන්න එකයි. එවකට දිනමිණේ සිටිය ප්‍රවෘත්ති කර්තෘතුමා සහ මං එකතුවෙලා වස්සා පුළුස්සා ඡායාරූපය පළ කළා. ඒක දැක්ක ජේ.ඇල්.ප්‍රනාන්දු කියන ප්‍රධාන විධායක මහත්මයට කේන්ති ගිහින්, පසුවදා සන්ධ්‍යාවෙම අපි දෙන්නව සර් ජෝන්ගෙ ගෙදර යැව්වා. සර් ජෝන් අපිව තුට්ටුවකටවත් ගණන් ගත්තෙ නෑ. ‘ඔය අය කළේ ඔයාලගෙ රාජකාරියනෙ’ කියලා අපි දෙන්නට හොඳට සංග්‍රහ කරලා එව්වා. මං මේ ගැන අන්තර්ගත කරලා ‘වස්සා පුළුස්සා’ කියන කෘතිය ලිව්වා.”

ඩී.එෆ්.කාරියකරවන මහතා සැබැවින් ම දක්ෂයෙකි. එතුමාගේ දක්ෂකමට සැලකීමට ද එදා ලේක්හවුස් පරිපාලනය ක්‍රියා කර ඇත. ඒ පිළිබඳ කාරියකරවන මහතා මතකය අවදි කිරීමට අමතක කළේ ද නැත.

 “1957 වසරෙදි එංගලන්ත ආණ්ඩුව, ලංකා ආණ්ඩුවට ආරාධනා කර සිටියා තමන්ගෙ රටේ සංචාරයකට කර්තෘවරු තිදෙනෙක් එවන්න කියලා. ඒක මාසයක චාරිකාවක්. මේ සඳහා ටයිම්ස් පත්‍රයේ කර්තෘතුමා, වීරකේසරී කතුවරයා සහ දිනමිණ පත්‍රයෙන් මාව තෝරාගෙන තිබුණා. මං ඒ වනවිට කතුවරයෙක් නොවූ නිසා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කිව්වා කතුවරයාට එන්න කියලා. ඒ වෙලාවෙ මගේ කර්තෘවරයා කිව්වෙ තෝරාගත් ඉතිරි දෙදෙනාට ම වඩා මං සුදුසු බවයි. අපි ගිය ගමනෙදි අපේ හැසිරීම මඟින් ඒ බව ඔප්පු වුණා.

ලන්ඩනයට ගිය විට බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ නිලධාරියෙක් අප තිදෙනාට තේ පානය සඳහා ආරාධනා කළා. ඒ වෙලාවෙ වීරකේසරී කතුවරයා තේ එක හදාගෙන ‘ස්රූස්’ කියලා සද්ද නගලා තේ එක බිව්වා. එයා තේ එක හදන්න ගත්ත තේ හැන්ද එවෙලෙම සීනි එකේ එබුවා. ඒක දැකපු ටයිම්ස් කතුවරයා මගෙ කකුල පෑගුවා. ‘මේ යකා අපිවත් කන්නයි හදන්නෙ’ කියලා එතනින් නැගිටලා ගියා. මේ සිදුවීම මට අදටත් සිනහ උපදවන අවස්ථාවක්.

ජෝශප් ස්ටාලින් මිය ගිය අවස්ථාවෙ එස්මන්ඩ් මහත්තයා මට කතා කරලා ඒ ගැන මුල් පිටුවේ සඳහන් කරන්න කිව්වා. එතකොට හවස හයයි තිහට විතර ඇති. මං ඉතා ඉක්මනට, ඒ වනවිට සකස් කළ පිටුව වෙනස් කරලා, ස්ටාලින්ගෙ පින්තූරෙත් දාලා පිටුව සැකසුවා. ඒක දැක්ක ලොක්කා ඉතාමත්ම සංතෝෂ වුණා. පසුවදා ලොක්කා මට එන්න කියලා මගෙ පඩිය දෙගුණයකින් වැඩි කළ බව පැවැසුවා.”

කාරියකරවන මහතා සමඟ කතා කරන විට ඔහු ලද අත්දැකීම් සමුදාය, ඒ හා බැඳුණු රස කතා අප්‍රමාණ බව පැහැදිලි ය. එහෙත් සයනයේ වැතිර සිටින ඔහු වැනි වියපත් මිනිසකු මහන්සි කරවීම අප නොකළ යුතුමය. ආයු බෝ ලැබ, නිදුක් නිරෝගී සුවයෙන් සිටීමට ඔබට හැකිවේවා! ඒ අප නිරන්තර පැතුම වනු ඇත.

විශේෂ ස්තූතිය
ඉරෝෂණී දීපිකා
http://archives.dinamina.lk/



ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් නැමති බාලදක්ෂයා

රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා හෙවත් රෝයි ද සිල්වා "මාස්ටර් බ්ලාස්ට්" යන විරුදාවලි ලබන ශ්‍රී ලාංකීය "බොක්ස් ඔෆිස්" තිර රචකයෙකු, දක්ෂ රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙක් වේ. පී. නීලකන්ටන් (පලනියාන්දි නීලකන්ටන්) නම් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ "ජබීර්.ඒ. කාදර්" නිෂ්පාදනය කළ "සුජාගේ රහස" චිත්‍රපටයෙන් 1964 රෝයි ද සිල්වා සිනමාවට අවතීර්ණ විය. චිත්‍රපට 100කට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙමින් අවුරුදු විසිපහකට ආසන්න කාලයක් එක දිගටම සිංහල සිනමාවේ කතා නායකයා වූ ඔහුගේ ජීවිත කතාවෙහි කතා නායකයා වූ ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් මහතා ගැන මෙරට වැඩි දෙනා නොදන්නා බව නිසැකය.

"එවකට මොරටුවේ රාවතාවත්තේ විසූ විදුහල්පතිවරයෙකු සහ බාලදක්ෂ කොමසාරිස්වරයකු වන මාගේ පියාණන් ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් බව අද ද සෙනෙහසින් මා සිහිපත් කරමි යනුවෙන් රෝයි ද සිල්වා පසුගිය දිනක සිය පියා පිළිබද අතීතය සිහිපත් කලේය."

චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවීමට හැකිවීමත් දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන් එවකට සිංහල චිත්‍රපට තැනීම ආරම්භ කිරීමත් ඉන්දීය හැඩතල සහිත කඩවසම් රුවක් හිමිවීමත් පියාගෙන් ලැබූ දායදයන් වූ අතර භාෂා භේදයකින් තොරව චිත්‍රපට නැරැඹීමවිනෝදාංශය කරගත්තේ ය. මොරටුවේ සිට කොළඹට පැමිණ චිත්‍රපටයක් නැරඹීම සඳහා මා හට රුපියල් පහක් හෝ අටක්පියාගෙන් ලැබූ සහයෝගයක් වූයේය.  

ඔහුගේ සිනමාපට ප්‍රශස්ත තලයේ, හාස්‍ය තලයේ විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙකි. ජනප්‍රිය නළුවකු වශයෙන් ඔහු ලැබූ ජනතා ප්‍රසාදයට වඩා චිත්‍රපට නිර්මාණකරුවකු වශයෙන් ඔහු අද ලබන කීර්තියත්, ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් විශේෂයෙන් ඔහු ලබන තෘප්තියත් අති විශාලය. එඩී ජයමාන්න, රුක්මණී දේවි, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, එච්.ආර්. ජෝතිපාල, සුමනා අමරසිංහ, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ මෙන්ම නව පරපුරේ නළු නිළියන් ගණනාවක් අධ්‍යක්ෂණය කිරීමට රෝයි ද සිල්වා හට හැකි විය. පෙර සැලසුමෙන්, අඩු දින ගණනකින් භාෂා ත්‍රිත්වයෙන්ම චිත්‍රපට නිම කිරීමේ දක්ෂතාව ඔහු සතුව ඇත. වැරැදි අවම කරගනිමින් අඩු දළ සේයා පට ප්‍රමාණයකින් රූප ගත කළ හැකි අධ්‍යක්ෂවරයකු වීම ඔහුගේ විශේෂත්වයකි.

පියාණන්ගේ සෙනෙහසත් මගපෙන්වීමත් නොවන්නට මෙතරම් දුරක් මා හට පැමිණෙන්නට නොහැකි බව අද ද සෙනෙහසින් මා සිහිපත් කරන බව රෝයි ද සිල්වා මහතා අවසන් වරට සදහන් කළේය.
------------
පසු සටහන
කිසිදු තොරතුරක් හෝ සැලකිල්ලක් නොදක්වමින් අතීතයෙන් ගිලිහී යන බාලදක්ෂ බාලදක්ෂික කටයුතු වල නිරත වූ දැවැන්ත චරිත බොහෝමයක් තිබේ. ඔබ සතුව මෙවැනි තොරතුරු තිබේනම් අපට යොමුකරන්න. scoutingmagazine@gmail.com






Tuesday, February 14, 2017

මුරාඩ් ඉස්මයිල් නම් බාලදක්ෂයා

මම තාම ඉගෙනගන්නවා - ගෘහනිර්මාණ ශිල්පි මුරාඩ් ඉස්මයිල්

මුරාඩ් ඉස්මයිල් ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහු ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පි ජෙෆ්රි බාවාගෙන් පසු ශ්‍රී ලංකාවේ කාර්යබහුලතම ගෘහ නිර්මාණ ශිල්පියා යැයි කීවොත් නිවරදිය. සුවිශේෂීම දෙය නම් ඔහු කුඩා අවධියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ බාලදක්ෂයෙකු වීමයි.

 
අම්මා, තාත්තා ඇතුළු ගෙදර අය එක්ක ගතකළ කාලය ගැන මුරාඩ්ට තියෙන මතකය මොන වගෙයි ද?
 
ඒක හරිම සුන්දර මතකයක්. මම ඉපදුණේ හැදුණේ වැඩුණේ කොළඹ. පාසල් දෙකකට ගියා. මුලින්ම කොල්ලුපිටියේ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා. ඊට පස්සේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වුණා. ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක් කරන හැම දෙයක්ම වගේ කළා. ඉගෙන ගත්තා. හොඳට ක්‍රීඩා කළා.
 
මොන වගේ ක්‍රීඩා ද කළේ?
 
ක්‍රීඩා අටක් විතර කළා.
 
ඒ අතරින් වඩාත් බැරැරුම්ව ගත්තෙ මොනව ද?
 
මෙහෙමයි, පොඩි කාලේ ක්‍රිකට් සිරියස්ව ගත්තා. 17න් පහළින් පස්සේ අතහැරියා. ඊට පස්සෙ මේස පන්දු හා බැඩ්මින්ටන් තමයි වැඩියෙන්ම කළේ. ගොල්ෆුත් සෑහෙන කළා.
 
ශාන්ත තෝමස් විද්‍යාලය, බොහෝම නිදහස් පාසලක් විදිහට ප්‍රසිද්ධයි. ක්‍රීඩා කටයුතුවලට අමතරව ඉස්කෝලේ කාලේ කරපු වෙනත් බාහිර ක්‍රියාකාරකම් මොනව ද?
 
සෑහෙන බාහිර ක්‍රියාකාරකම්වල නිරත වුණා. බාලදක්ෂ කටයුතු කළා. කණ්ඩායම් නායකයා හැටියට පවා කටයුතු කළා. සාහිත්‍ය සංගම් දෙකේම සභාපතිවරයා හැටියට වැඩ කළා. හේවිසි කණ්ඩායමේ හිටියා. සංගීත කණ්ඩායමේ හිටියා. ඒ වගේ ගොඩක් බාහිර වැඩ කළා.
 
උසස් පෙළට කළේ මොන විෂයයන් ද?
 
විද්‍යා විෂයයන්. විභාගේ සමත්වෙලා 1991 කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වුණා. අවුරුදු හතරක් එතැන හිටියා. ඒත්, අන්තිම විභාගේ කළේ නැහැ. ඒ වෙද්දි මම ජෙෆ්රි බාවා එක්ක වැඩ කරන්න පටන්ගෙන තිබුණා. ඒ නිසාම අරක මට එපාවෙලා තිබුණා.
 
විද්‍යා විෂයයන් තෝරගන්න විශේෂ හේතුවක් තිබුණ ද?
 
මගේ තාත්තා රසායන විද්‍යාඥයෙක්. එයාගේ පීඑච්ඩී එක තියෙන්නේ රසායන විද්‍යාවෙන්. නමුත් ඊට පස්සේ එයා කළමනාකරණ පැත්තට ගියා. තාත්තා වගේ වෙන්න මටත් අවශ්‍ය වුණා.
 
ඉහළ පවුල් පසුබිමක් තිබුණ ඔබ පිටරටකට නොගිහින් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න තීරණය කළේ ඇයි?
 

මොනවා වුණත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න කියලා තාත්තා හැම වේලේම කිව්වා. වෙන එකක් තියා ගංගාරාමෙට ගිහින් කොන්ඩඤ්ඤ හාමුදුරුවන්ගෙන් අවුරුදු අටක් මම සිංහල හා බුද්ධාගම ඉගෙන ගත්තා. ලංකාවේ ජීවත්වෙනවානම් භාෂාවයි ආගමයි දැනගත යුතුයි කියලා තාත්තා නිතර කිව්වා. ඒ වගේම අපේ රටේ සමාජය ගැන තේරුම් ගන්න ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න කියලත් තාත්තා කිව්වා.
 
මුරාඩ්ගේ අම්මා තාත්තා ගැන තොරතුරු කීවොත්...
 
තාත්තා ආචාර්ය ඉස්මයිල්. යුනිලීවර් සමාගමේ උපසභාපතිවරයකු හැටියට කටයුතු කළා. අම්මා මරීනා ඉස්මයිල්. ඇය පශ්චාත් උපාධිධාරිනියක්. අම්මා කෙටි කාලයක් ඉගැන්වීමේ කටයුතුවල නිරත වුණා. පස්සෙ පොත් ලිව්වා.
  ජෙෆ්රි බාවා ඔබේ ජීවිතයට බලපෑවේ මොන විදිහට ද?
 
සෑහෙන බලපෑවා. හුඟ දෙනෙක් කතා කරන්නේ ජෙෆ්රි බාවා කරපු දේ ගැන විතරයි. එයා එක්ක වැඩ කරද්දි මට වඩා වැදගත් වුණේ ඔහු හිතන විදිහයි. එයා යමක් ගැන නිතරම වෙනස් විදිහට බැලුවා. ඒකේ එයාගේම අනන්‍යතාවක් තිබුණා. නිතරම අලුත් විදිහට හිතුවා.
 
ඒ හිතපු විදිහ කාටවත් කොපි කරන්න පුළුවන් වුණේ නැහැ. ඒ එක්කම ඔළුවට නොගෙන සාමාන්‍ය මනුෂ්‍යයෙක් හැටියට හැම වෙලේම වැඩ කළා. මොනතරම් ප්‍රසිද්ධ කෙනෙක් වුණත් මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් ලැබුණහම එයා හරියට බබෙක් වගෙයි. තමන් තවමත් ඉගෙන ගන්නවා කියලා හිතලා බාවා වැඩ කළා. එයා හැම තිස්සේම ‘අ’ යන්නේ ඉඳලා වැඩක් කරන කෙනෙක්. මැදින් පටන් ගන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා හැම ප්‍රොජෙක්ට් එකක්ම එකකට එකක් වෙනස්.
 
කොහොම ද බාවා එක්ක වැඩ කරන එක ලෙහෙසි වුණා ද? ගෝලයන්ට නිදහසක් දුන්නා ද?
 
තනිකරම. උපරීම නිදහසක් දුන්නා.

බාවා එක්ක කරපු මතක හිටින වැඩ මොනව ද?
 
කණ්ඩලම, අන්තිම හරිය. එතැන මම වැඩිය හිටියේ නැහැ. බ්ලු වෝටර් හෝටලය, ලයිට් හවුස් හෝටලය, ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ මිරිස්සේ ගෙයක් තිබුණා, ඒක. සින්බැඩ් හෝටලය වගේ දේවල් මේ වෙලාවේ මතක් වෙනවා.
 
බාවාගෙන් අයින්වෙලා තමන්ගේම ආයතනයක් පටන්ගන්න හිතුවේ ඇයි?
 
ජෙෆ්රි බාවාගේ අන්තිම කාලේ වයස නිසා ජොබ් එකකට දෙකකට වඩා එයා ගත්තේ නැහැ. අපිට ඊට වඩා ධාරිතාවක් තිබුණා. තරුණ වයසේ හිටපු අය හැටියට අපිට ඊට වඩා මුදල් අවශ්‍ය වුණා. ජෙෆ්රි බාවාට උදවු කරන ගමන් අපිත් වැඩ අරගෙන 1997 දී පොඩියට ආයතනයක් පටන්ගත්තා. මගේ ව්‍යාපාරික සහකරුවා වුණේ චන්න දාස්වත්ත. අපි මුලින්ම කළේ ගෙයක්. ගෙවල්, ෆැක්ටරි වගේ දේවල් තමයි මුල් කාලේ කළේ.
 
මේ වන විට මොනතරම් වැඩ ප්‍රමාණයක් ඔබලගේ එම්අයිසීඩී සමාගම කරලා තියෙනව ද?
 
තුන්සියයකට වැඩියි.

ඒ අතරින් වඩා ප්‍රසිද්ධ වුණේ මොන වගේ වැඩ ද?
 
වෝටර්ස් ඒජ් එක මම කරපු දෙයක්. ජෙට්වින්ග් යාල මම කරපු දෙයක්. ජෙට්වින්ග් සී හෝටලය, සෙන්ටාරා බෙන්තොට, මාලදිවයිනේ පෝ සීසන්ස් හෝටලය, අවානි බෙන්තොට, බාර්ස් කැෆේ, බ්‍රැන්ඩික්ස් අලුත් බිල්ඩිම වගේ ඒවා මේ වෙලාවේ මතක් වෙනවා.
 
මේ අතරින් වඩාත් කැමැති නිර්මාණය නම් කරන්න කිව්වොත්, මුරාඩ් නම් කරන්නේ මොකක්ද?
 
බාර්ස් කැෆේ එකට මම කැමැතියි. ඒක පර්චස් දාහතක් විතර ඩුප්ලිකේෂන් පාර අයිනේ තියෙන පොඩි බිල්ඩිමක්. බස්වලින්, දුම් අනම් මනම් ආවට, අනිත් රටවල වගේ ලංකාවේත් එළිමහනේ ඉඳගෙන කතා කරන, කෑම කන ක්‍රමයක් හදමු ඒකට ට්‍රයි කරමු කියලා ඒක අයිති අයට යෝජනා කරලා ඒ වැඩේ කළා. වැඩේ පොඩි වුණාට ඒක මට සෑහෙන අල්ලලා ගියා. ඒක සාර්ථකත් වුණා.
 
සාමාන්‍යයෙන් වැඩක් කරන් යද්දී එතැනදී වඩා වැදගත් වන්නේ ඔබ හිතන විදිහ ද නැත්නම් සේවාදායකයාගේ අදහස් ද?
 
මගේම අදහස තමයි. ඒක එන්නේ සේවාදායකයාගේ අදහසයි, තැනයි, පරිසරයයි, සියල්ලම එක්කයි. සාමාන්‍යයෙන් මගේ අදහස එද්දි සේවාදායකයාගේ ජීවන විලාසය පාවිච්චිය සියල්ලම ඇතුළුවෙන අදහසක් තමයි එන්නේ.
 
දේශීයව වගේම ඔබ ජාත්‍යන්තරයත් ජයගත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. වැඩ කරන්න පහසු මෙහේ අය එක්ක ද? පිටරටවල අය එක්ක ද?
 
මෙහෙමයි, පිටරට අය අපිට වැඩක් භාර දෙන්නේ අපි ගැන හොඳට හොයලා බලලයි. ඒ නිසා අපි ගැන ඒ අයට තියෙන වටිනාකම, ගෞරවය වැඩියි. හුඟක් වෙලාවට ලංකාවේදී වැඩක් භාර දෙද්දී අපිට ගෙවන මුදල වගේම ඒ ව්‍යාපෘතියට වෙන් කරන මුදල ගත්තත් පිටරට කෙනෙකුට දෙනවට වඩා හුඟක් අඩුයි. ඒ නිසාම එක්තරා විදිහකට සීමාවන්ට කොටුවීමක් සිද්ධ වෙනවා. එහෙම දෙයක් තියෙනවා.
 
1997 දී එම්අයිසීඩී සමාගම පටන් ගනිද්දි කී දෙනෙක් ආයතනයේ හිටිය ද?
 
චන්නයි, මායි තව දෙන්නයි. ඔක්කොම හතර දෙනයි.
 
අද?
 
මේ වෙද්දි හැත්තෑපහක් විතර අපිත් එක්ක වැඩ කරනවා.
 
ගෘහ නිර්මාණ ශිල්පය, මේ වන විට ලංකාව තුළ සුවපහසු රැකියා අවස්ථාවක්, ජීවන විලාසිතාවක් බවට පත්ව තියෙනවා. මේ විලාසිතාව තුළ ඇත්තටම වෙන්නේ හරි දේ ද?
 
ඒක දිග කතාවක්. පොඩි ගෙයක් කරන්න, ෆැන්ට්‍රියක් කරන්න හෝ සමහර විට ටොයිලට් එකක් හදන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක්ව හෝ සැලසුම් ශිල්පියකු පාවිච්චි කරන්නේ මුළු ලෝකෙන්ම ලංකාවේ විතරයි. අඩුම තරමින් ඉන්දියාවේවත් එහෙම නැහැ. ඒ නිසා තරුණයකු ඉගෙනුම ඉවර කරගෙන එද්දී රැකියා සෑහෙන ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. සාමාන්‍යයෙන් වෙනත් උපාධිධාරියකුට වඩා වාස්තු විද්‍යාඥයෙක්ට හෝ නිර්මාණ ශිල්පියකුට හම්බ කරන්න පුළුවන්. එතැනදී බොහෝ විට අපේ අය ඉගෙනුම ඉවරයි කියලා හිතනවා.
 
ඒත් මැරෙනකම් ඉගෙනුම ඉවර වෙන්නේ නැහැ. නමුත් මේකේදී විශ්‍රාම යන වයසකුත් තියෙනවා. ඉගෙනුම ඉවරයි කියන දවස හතළිහ වෙන්න පුළුවන්, හැට වෙන්න පුළුවන්, සීය වෙන්න පුළුවන්. තරුණයකුගෙන් හුඟක් ළාබාල නිර්මාණ ශිල්පියකුගෙන් යමක් ඉගෙන ගන්න බැරි දවසක, විශ්‍රාම යන එක හොඳයි.
 
ඒ කියන්නේ ඔබත් තාම ඉගෙන ගන්නවා...
 
මම තාම ඉගෙන ගන්නවා. හැම දෙයක්ම ඉගෙන ගන්නවා. මමනම් කියන්නේ අපේ පොඩි අය ටික මට උගන්නනවා කියලයි.
 
පසුගිය රජය ඇරැඹු කොළඹ නගර අලංකරණ ව්‍යාපෘතිය තුළ ඔබ ප්‍රධාන භූමිකාවක්, ගෘහ නිර්මාණ ශිල්පියකු හැටියට නිරූපණය කළා. ඒ ව්‍යාපෘතිය ගැන විවිධ විවේචන තියෙනවා. වයසක කෙනෙක්ව මේකප් කිරීමක් විදිහට සමහරු ඒක දකිනවා. ඔබ ඒ ගැන මොකද කියන්නෙ?
 
මෙහෙමයි. මම ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ කොහොම ද කියලා මුලින්ම කියන්නම්. යුද්ධ කාලේ මම කිමිදීම් කටයුතු කරද්දි නාවික හමුදාවේ පිරිසක් එක්කයි මම ඒක කළේ. ඇළ මාර්ග සුද්ද කිරීමේ වැඩ කටයුතු භාර දීලා තිබුණේ ඒ අයට. ඒ අය මගෙන් අදහස් ගත්තා. සුද්ද කරලා පස් ටික එළියට දැම්මහම තණකොළ වවන්න පුළුවන් තැනක් හැදුණා. මේකට කරන්න පුළුවන් මොකක්ද කියලා අපි බැලුවා. පෙරියමන්ට් එකයි ඇළයි අතර හොඳ පිට්ටනියක් ආවා.
 
ඒ පිට්ටනියට මිනිස්සුන්ව ගෙන්නන්න පටන්ගත්තා. ඊළඟට ඩච් හොස්පිටල් එක අලුත්වැඩියා කරන්න කියලා මට කිව්වා. ඒත් ඒකට හේතුවක් තිබුණේ නැහැ. මේකට අපි හේතුවක් හොයාගමු කියලා දවස් හතරෙන් අපි හේතුවක් දුන්නා. පවුලේ හැමෝටම යන්න පුළුවන් තැනක්, එතැන නිර්මාණය කළා. එහෙම තැන් ඒ වෙද්දි තිබුණේ නැහැ. ඊට පස්සේ රේස් කෝස් එක පටන්ගත්තට මම ඒකේ දිගට ගියේ නැහැ. යූඩීඒ එක ඒ වෙද්දි සෑහෙන වැඩ කළා. මම ඇත්තටම කළේ නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරු හදලා ගස් හා තණකොළ වවලා ඒක සුද්ද කරලා දෙන එකයි, ඩච් හොස්පිට්ල් එකයි විතරයි.
 
නගර අලංකරණ ව්‍යාපෘතියක් ජනතාව එක්ක ඒ අයගේ අවශ්‍යතා එක්ක මොන තරම් බද්ධ විය යුතු ද?
 
මෙහෙමයි. නගර අලංකරණය ගැන කෙනෙකුට විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. දැන් හැම වගුරු බිමක්ම හාරලා වැවක් කරන එක ප්‍රශ්නයක්. හැම තැනම ඇවිදින මංතීරු හදන එක ප්‍රශ්නයක්. ගස් කපන එක ප්‍රශ්නයක්. නමුත් මේක පිටුපස යමක් තියෙනවා. ඒක අපි පිළිගත යුතුයි. කවුරු මොනවා කිව්වත් මිලියන දෙක, දෙකහමාරක අතර ප්‍රමාණයක් කොළඹ ඉන්නවා. කුණු වීසි කරන්න එපා කෙළ ගහන්න එපා, මුත්‍රා කරන්න එපා කියලා මේ මිනිස්සුන්ට උගන්නන්න ගියොත් ඒක හරි යන වැඩක් නෙවෙයි.
 
නගර අලංකරණයේදී මුලින්ම කළේ පිරිසුදු කරන එක. එහෙම වෙද්දි කෙනෙකුට යමක් විසි කරන්න හිතන්නෙ නැහැ. ඒක වුණා. ඊළඟට යුද්දේ නිසා හෝ වෙනත් හේතු නිසා හැම රාජ්‍ය ආයතනයක්ම බිත්ති ගහලා, කම්බි ගහලා වටකරගෙන හිටියා. නමුත් ඒ ඉඩම් අයිති වෙන්නෙ රාජ්‍යයට, රටට. රාජ්‍යය කියන්නේ ජනතාවට. ඒ හේතු කරගෙන පොලීසිය ද ලේඛනාගාරය ද නොබලා එතැන තිබුණු සමස්ත භූමි භාගය අපි ආපහු සමාජයට භාර දුන්නා.
 
අද ලේඛනාගාර ගොඩනැඟිල්ල ඇතුළට යන්න බැරි වේවි, නමුත් එතැනට වෙනකම් තියෙන අක්කරයක විතර භූමි භාගය, අපි නැවත පාවිච්චි කිරීමට හැකි වන සේ විවෘත කරලා තියෙනවා. මගේ අදහස වුණේ බෞද්ධාලෝක මාවතේ ඉඳන් රූපවාහිනිය, නිදහස් චතුරස්‍රය, නෙළුම් පොකුණ, විහාරමහා දේවි උද්‍යානය හරහා කොටුවට හෙවණේ ඇවිදින්න පුළුවන් රටක් හදන්නයි. දැන් ඒ බොහෝ තැන්වල වැටවල් ගැලවී තියෙනවා. අනිවාර්යයෙන්ම කවදාහරි දවසක නෙළුම්පොකුණ ඉදිරිපස තියෙන වැටත් ගැලවිය යුතුමයි. චතුරස්‍ර තිබිය යුත්තේ විවෘතවයි. ලෝකේ හැමතැනම එහෙමයි.
 
ගිය ආණ්ඩුවත් එක්ක වැඩකළ ඔබ මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න ලෑස්ති ද?
 
ගිය ආණ්ඩුවත් එක්ක වැඩ කළේ නැහැ. යම් දෙයක් මම කළානම් කළේ මුදල්වලට නෙමෙයි.
 
ඒ කියන්නේ ස්වෙච්ඡාවෙන් ද වැඩ කළේ?
 
නැතුව.
 
ඇයි, එහෙම වැඩ කළේ ඇති තරම් මුදල් තියෙන නිසා ද?
 
එහෙම නෙමෙයි, සල්ලි අරන් විවේචනවලට බඳුන් වීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. බැරි වෙලාවත් එහෙම ගත්තානම් ඇයි එහෙම ගත්තේ, එච්චර ගත්තෙ ඇයි කියලා අහද්දි මට ඒවාට උත්තර දෙන්න වෙනවා. එහෙම වෙන්න මට අවශ්‍ය වුණේ නැහැ.

 
මේ ආණ්ඩුව ආවට පස්සේ තමන් එක්ක වැඩ කරන්න එන්න කියලා ආරාධනා ලැබුණේ නැද්ද?
 
ලැබුණා. මම දැන් මෙගා පොලිස් එකත් එක්ක වැඩ කරනවා. හරින් ප්‍රනාන්දු මහතා ඌවේ මහ ඇමැතිකමේ ඉඳිද්දි මම ඇල්ල අලංකරණ ව්‍යාපෘතිය පටන් ගත්තා. ඊට පෙර මම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක 2004 දී බෙන්තොට මස්කෙළිය සැලැස්ම කළා. මට දේශපාලනයක් නැහැ.
 
පාසල් සමයේ දක්ෂ ක්‍රීඩකයෙක් වූ ඔබ දැන් ක්‍රීඩා කටයුතුවල නිරත වෙන්නෙ නැද්ද?
 
කරනවා. ගොල්ෆ් පොඩ්ඩක් අතහැරලා වගේ තියෙන්නේ. ක්‍රිකට් ටිකක් පටන්ගත්තා. ෂුටින් කරනවා.
 
ඔය ඔක්කොම දේවල් කරන්න වෙලාව හොයාගන්නේ කොහොම ද?
 
දවසකට පැය 24ක් තියෙනවානේ. මෙහෙමයි අනිත් දේවල් කරන්නේ නැතුව වාස්තු විද්‍යාව හරියට කරන්න බැහැ. එතැනදී යම් කැප කිරීම් කරන්න වෙනවා.
 
ඔබ මෑතක සිට යතුරුපැදි හා මෝටර් රථ ධාවකයන් කණ්ඩායමක් ප්‍රවර්ධනය කරමින් ඉන්නවා. ඒ ගැනත් අපි කතා කරමු...
 
මේ සියලු දේවල් කරන අතරේ යතුරුපැදි ධාවන තරගවලට සහභාගිවීමේ ආශාවක්, හුඟ කලක ඉඳන් තිබුණා. ඒකට සෑහෙන උත්සාහ කළත් හරි ගියේ නැහැ. එතැනදි මට දෙන්නෙක්ගෙන් ඉගෙනගන්න ලැබුණා. ඒ අය යතුරුපැදි අංශයේ පහළ මට්ටමේ ශූරයන්. ඒ අයගේ දක්ෂතාවන් දැකලා මම ඒ දෙන්නට මට ගෙනාපු බයිසිකල් දුන්නා. සාමාන්‍ය මට්ටමේ තිබුණු ඒ යතුරුපැදි පැදලා ඒ අය දිනුවා. ඊට පස්සෙ මගේ යාළුවන්වත් සම්බන්ධ කරගෙන ඒ අයගෙත් උදවු, අනුග්‍රහය ලබාගෙන අලුත් යතුරුපැදි අරගෙන හොඳ කණ්ඩායමක් අපි මේ වන විට හදලා තියෙනවා.
 
ඒ හැදුවට පස්සෙ එක දිගට අපේ අය ඔක්කොම වගේ තරග දිනුවා. රේස් ගැන හෝ පදින හැටි ගැන කවුරුහරි ඇහුවොත් එච්චර මම දන්නේ නැහැ. මම කරන්නේ මේ ටීම් එක එකට තියාගෙන, ඒ අයට අවශ්‍ය දේ පිළිබඳ සොයා බලා ඒවා ලබාදෙන එක විතරයි. මම මේක කරන්න හිටියේ අවුරුද්දයි. ඒත් දැන් මේ දෙවැනි අවුරුද්දට යන්න හදන්නේ. මගේ වචනවලින් කිව්වොත්, මේක මට දැන් පිස්සුවක් වෙලා ඉවරයි.
 
විශේෂ ස්තූතිය
චාමර ලක්ෂාන් කුමාර 
සිළුමිණ පුවත්පත
 
----------------------------------------------

Architect Murad Ismail

Water’s Edge has fast become a recreational landmark of distinction in Sri Lanka. Nandike Samaranayake explores the compromises, challenges, and characteristics of this unique facility designed by Architect Murad Ismail.

Water’s Edge, the youngest golf course in Sri Lanka and its environs have rapidly caught on as a location and a backdrop for varying social and commercial events. Though somewhat removed from the city centre, it nevertheless attracts such gatherings in contrast to a traditional Golf Club. This is mainly owing to its planning and design, guided by more than the necessities of tradition.

The main challenge faced was to create two functional elements out of the water-logged marsh which was the terrain we had to work with. The first was a flood detention area with wide canals and ponds which could hold the excess water from the Kelani River, so that there wouldn’t be any more ‘annual floods’ as previously experienced in the site. Secondly, a functioning and profit making golf course, so that a private investor could be attracted to create the flood detention area, which the government couldn’t afford.

However, Water’s Edge may be considered ‘unique’ in comparison with other Golf Courses in Sri Lanka, as it evolved from inception to function on two levels. On one hand was the necessity to produce an interesting and challenging Golf course of competition standards. On the other, it had to have functions that could generate sufficient revenue to make the vast investment worthwhile.

The architect, Murad Ismail, himself an avid golfer, approached the initial design with the requirements of a traditional Golf and Country Club, unique only by virtue of its architecture, sensitive to culture, climate and site. The spaces clearly seem to take advantage of the sprawling greenery and the dredged lakes. All or most of the designated spaces capitalize on views at the upper levels and seamlessly blend with the outdoors at the lower levels.

Raised on a man-made knoll for that ‘Club House’ effect in a land where there were hardly any undulations, the main building was designed with a spacious lobby at the entrance level, almost a verandah that encroaches into the water. A more private, Members’ Lounge and a Restaurant were sited upstairs. The area beneath the lobby was fashioned into a modern Pro shop and large changing rooms with the remainder allocated to service. Thus far, the development was in keeping with the basic requirements of any modern Golf Course.

When it came to the design of the Country Club aspect, however, the owners were eager to provide more than the usual Club facilities. The initial designs included a Gymnasium, Pool, Squash Courts, Tennis Courts and the relatively modern element of a Spa. The design evolved with certain space-consuming sports facilities being dropped in favour of restaurants and a fully fledged kitchen. Here was the starting point for the ‘uniqueness’ of the project, born of a combination (and, at times, confrontation) of far reaching business minds with that of architectural creativity to harmoniously blend commerce with recreation. Having housed a banquet hall larger than any in the five star hotels in the city, the building could no longer be considered a ‘Country Club’. For want of a better word, this second stageof development was referred to, by the owners and Architects, as a ‘Leisure Centre’.

Water’s Edge opened with the banquet hall being booked for months in advance. The premises quickly became a favourite location for social functions, business meetings and even product launches. Hosting such diverse events made the place less exclusive and more open to mainstream commerce related activities.

Up to a certain stage, the social activities were kept segregated from the Golf facilities by sheer planning that went into the design of the spaces. With increasing demand more space was needed for social events. The spacious lobby became a restaurant doubling up as a host for kiddies’ parties and informal functions. Even the simple link that was meant to connect the activities was transformed into a rentable space with the obvious name ‘The Link’. Though some of these conversions were actively objected to by the Architect, advice was nevertheless provided for appropriate change of use where there was an absolute necessity for more space.

Water’s Edge development had a distinct and unmistakable effect upon the suburban neighbourhood from its inception. As early as the time of perimeter surveying, neighouring land values increased by double digit percentages. As the massive earth work was set in motion widening the canals and forming the Tees, Fairways and Greens, the development was being ‘sold’ by other developers and investors with their own products. Nearby land suddenly became prime residential areas despite weak soil conditions, apartment builders had sold most of the apartments upfront sighting the massive development that was taking place in the vicinity.

A project of this magnitude and nature boosts growth in the suburban fabric transforming and upgrading the value and usage of vast areas surrounding the development. More importantly, Waters Edge development has proved that a profitable commercial venture which undoubtedly provides value addition to the surrounding areas can be done within the strict guidelines of the authorities concerned.

“The authorities must be commended on the ingenuity of this plan as it took care of a recurring problem, the result being that the flooding of the Kelani River has not happened since the development,” says Murad ,the Architect for Water’s Edge, “that is more significant than any design achievement or the profitability of venture as a Golf Club”.

thanks for
http://www.thearchitect.lk
 
 

රෙක්ස් ජයසිංහ නම් බාලදක්ෂයා

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ ආදි ශිෂ්‍යයෙකු හා හිටපු බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් වරයෙකු වූ බෙල්ලන විදානලාගේ රෙක්ස් ජයසිංහ මහතා ජනප්රියත්වයට පත් වූයේ රෙක්ස් ජයසිංහ නමිනි.
ලෝකයේ තීරණාත්මක යුගයක් වූ 1931වසරේ ජුනි මස 14 වන දින උපත ලැබූ මහතා 1937 සිට 1949 දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයට ඇතුලත් වූ අතර එහි ආරම්භක සිසුන්ගෙන්  එක් අයෙකු විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යනු ඇන්ග්ලිකානු ක්‍රිස්තු සභාවට අයත් පාසලකි. ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය සපයන්නාවූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් හිමි ප්‍රථම පෙළේ පාසලක් විය. 2වන ලෝකයුධ සමයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලය තාවකාලිකව රෝහල බවට පත් වූ බැවින් ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්යාලයට මෙම සිසුන් මාරුකර විදයාලය අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිණ. ගුරුතලාවේ සිට අධ්යාපන ලැබීමෙන් අනතුරුව රෙක්ස් ජයසිංහ මහතා වැඩිදුර අධ්යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විදයාලයට ඇතුලත්වීමේ වරම් ලැබීය. 1988 දී භූගෝල විද්යාව සඳහා B.A.(විශේෂ) දිනා ගැනීමෙන් පසු රජයේ සේවකයෙකු ලෙස විවිධ ආයතන රැසක සේවය කරනු ලැබීය.
 
1988දී ඔහු ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස්වරයා බවට පත් විය. මෙම වකවානුවේදී බාලදක්ෂ සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කලේය. එවකට ශ්රී ලංකා ජනාධිපතිතුමා රණසිංහ ප්රේමදාස මහතාගේ වකවානුවේදී "සාර්ක් ජම්බෝරිය" යන අදහස යෝජනා කොට ක්රියාත්මක කරනු ලැබූ අතර 1989 දී ඕස්ට්රේලියාවේ දී පැවැත්වූ ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ සමුළුව පවත්වනු ලැබීය.

1990දී ස්ථාපිත කරන ලද විහාර මහා දේවි උද්යානයේ දී මෙම ජාත්යන්තර බාලදක්ෂ කඳවුර පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබියදී අවාසනාවකට මෙන් රෙක්ස් ජයසිංහ මහතා 1990 පෙබරවාරි මස 3 වන දින අප අතරින් සදහටම වෙන්විය.

 
 
 

මෙම කෙටි සටහන ශ්රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් දහදිය හෙලූ මහතාගේ නාමය අන්තර්ජාලයේ සුරැකී තිබීම උදෙසාවෙනි.

විශේෂ ස්තූතිය
http://www.stcscouts.com