Translate

Friday, October 27, 2017

වසර 100 සැතපුම පසුකළ බාලදක්ෂයෝ

බාලදක්ෂ සියවස් සැමරුම

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට සියවසක් 1912-2012 සම්පූර්ණ කිරීමෙන් පසු දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂ කණ්ඩායම් විසින් ස්වකීය අභිමානවත් සියවසක් ඉතිහාසය පෙන්වමින්... අපූරු ක්‍රියාකාරකම් රැසක් පසුගිය 2012 වසරින් පසු වකවානුවෙහි දියක් කරනු ලැබූහ. ගතවූ වසර 100 තුළ ශ්‍රී ලංකාව තුළ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට 40000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින සුවිශාලතම ස්‌වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව තිබේ. දසත විසිරී ඇති බාලදක්ෂ සියවස් සමරුව වෙනුවෙන් නිර්මාණය වූ බාලදක්ෂ ගීත එකතුකර Scouting සඟරාවේ අන්තර්ජාල බාලදක්ෂ ගීත පොතෙහි සියවස් සමරු පරිච්ඡේදය තුළ එකතුවක් ලෙස ලියා තැබීම වෙනුවෙන් ගත් උත්සාහයයි.

01. JAMBORICH SONG - https://youtu.be/F8BsdQKtNZU
02. Ananda Scouts Centenary Celebration Song - https://youtu.be/
03. CCISJ JAMBOREE SONG (1914-2014) - https://youtu.be/KLv-rnrGsoc
04. CENRAC SONG (1917-2017) - https://youtu.be/gP2vdskfYFg
05. 
RISGO Theme Song - 2013 - https://www.youtube.com/watch?v=3RoG0he9zMs
06.

* අපට මගහැරුණු ඔබේ සමූහයේ සියවස් සමරු ගීත වෙතොත් විද්‍යුත් ලිපිනයට යොමුකරන්න...

  ---------------------------------

මහනුවර දිසාව

'රිස්ගෝ' ජාත්‍යන්තර බාලදක්‍ෂ ජම්බෝරිය

ශත සංවත්සර බාලදක්ෂ ජම්බෝරි මාලාවෙහි සමාරම්භය ගනිමින් වසර ගණනාවක සිට පූර්ව සූදානමක් සහිත ව සංවිධානය කරනු ලැබූ මහනුවර ධර්මරාජ විද්‍යාල බාලදක්ෂයන්ගේ 'RISGO' ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය මෙතෙක් ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයෙහි බාලදක්ෂ සමූහයක් විසින් පවත්වනු ලැබූ දැවැන්ත සංධිස්ථාන කිහිපයක්ම පිහිටවනු ලැබිණ.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාල දක්ෂ සමූහයේ ශත සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ රිස්ගෝ 2013 ජත්‍යන්තර බාල දක්ෂ එකමුතුවේ ක්‍රියාකාරකම් අතරතුර දින 06ක් තුළ බාල දක්ෂයන් 20කගේ සහභාගීත්වයෙන් මේ මන්ත ලේන්සුව හා වෝගලය නිරිමාණය කරනු ලැබූහ. ලොව විශාලතම මන්ත ලේන්සුව හා වෝගලය නිර්මාණය කරමින් ගිනස් කාර්යාලය මඟින් පිළිගනු ලැබූ අතර ඒ සඳහා සහතිකය ‍පත්‍රයක් ද පිරිනැමිණ. මේ අනුව ගිනස් වාර්තාවක් පිහිට වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ සමූහය බවට ද පත්විය. ධර්මරාජ බාල දක්ෂයන් නිර්මාණය කළ මන්ත ලෙන්සුව දිගින් මීටර 53.1ක්ද පළලින් මීටර 37.1ක් ද වෙයි. ඒ සඳහා වැය කර තිබෙන රෙදි ප්‍රමාණය මීටර 960 කි.වේවැල් උපයෝගී කර ගනිමින් නිර්මිත වෝගලය මීටරයක් උසකින් යුක්ත වූයේය.

 

'රිස්ගෝ 2013' ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියේ සමාප්ත උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානකත්වයෙන් පැවැත්විණ. මේ සඳහා රටවල් 31 ක සහභාගීත්වය පැවැති අතර එම රටවල්හි නියෝජිතයන්ට ජනාධිපතිතුමන් අතින් සමරු පදක්කම් ලබාදීම සිදු විය.


මහනුවර කිංස්වුඩ් බාලදක්ෂයන්ගේ සියවස් සමරුව

ඇල්.ඊ බ්ලසේ මහතා විසින් මහනුවර පැවිලියන් වීදීයේ උසස් බාලක විද්‍යාලය නමින් 1891 අරඹන ලද මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පුද්ගලික පාසල් සදහා රජයේ අනුග්‍රහයක් නොලැබුණ හෙයින් පාසල මෙතෝදිස්ත මිෂනාරි සභාවට භාර දීමට බ්ලසේ මහතාට සිදුවිය. බ්ලසේ මහතා විසින් විද්‍යාලයටම අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දෙන ලදී. බ්‍රිතාන්‍ය රජයේ පාසල් ව්‍යුහයට සමාන ව්‍යුහයක් විද්‍යාලය තුළ ඇති කෙරුණු අතර පාසල ඇරඹිමෙන් වසර විසිතුනකට පසු මෙරටට බාලදක්ෂ කටයුතු හදුන්වා දීමත් සමඟ ආරම්භ කෙරුණු සෙසු බාලදක්ෂ සමූහයන්ට නොදෙවෙනි ව 1914දී 2වැනි මහනුවර නමින් කිංස්වුඩ් විද්‍යාලයේ බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන 'Centennial ROKS' - CENTINNIAL RALLY OF KINGSWOOD SCOUTS සිව් දින කදු ගවේෂණ තරගාවලිය ඔක්තෝබර් 23 සිට 26 දක්වා අම්බුළුවව, හන්තාන කදු සහ මහවැලි නදිය අසල පැවැත්විය. 

  ---------------------------------

කොළඹ දිසාව


කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර සියයක් පිරිම නිමිත්තෙන් “කොළඹ ශත සංවත්සර සැමරුම් ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය ලබන මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා මාදම්පේ දුම්මලසූරියෙහි පිහිටි  “වයි ග්‍රෝ“ කඳවුරු භූමියේදි පැවැත් විය.  පෝතක බාලදක්ෂයින් 1500 ක් මෙම කඳවුරට සහභාගි වු අතර ඉන් 200 දෙනෙකු ප්‍රථම වතාවට දින දෙකක් පුරා කඳවුරෙහි රැඳී සිටියහ. සාමාන්‍ය බාලදක්ෂ ජම්බෝරි සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය විචිත්‍රවත් සැණකෙළි ස්වාභාවයකින් සමන්විතව දැවැන්ත අත්දැකීම් මෙම කඳවුරේදි ලබාගත හැති වූ අතර සංස්කෘතික සංදර්ශන, සංගීත සංදර්ශන, ගිණිමැළ, රංග භූමියන්ගෙන් සමන්විත විය.

වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති සයිමන් හැංග් බෝක් රී, ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ කම්ටුවේ සභාපති ආචාර්ය චෝ ෂෝ පෝ ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ අතර ඕස්ට්‍රේලියාව, කැනඩාව, මාලදිවයින, බංගලිදේශය, ඉන්දියාව, පකිස්තානය, කසකස්ථානය හා  එංගලන්තයෙන්ද විදෙස් බාලදක්ෂයෝ රැසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 02 වන දින නිල වශයෙන් කඳවුර නිමාවිය.

කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂයන්ගේ සියවස් සමරුව

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය විසින් 1886 වර්ෂයේ නොවැම්බර් මස පළමුවෙනි දින කොළඹ ආනන්ද විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් අතරින් එකක් මෙන් ම ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් ද වේ. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ ඉංග්‍රීසි බෞද්ධ පාසල ලෙසිනි. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබීමට මිෂනාරි පාසල්වලට යාමට සිදුවන බෞද්ධ සිසුනට, බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි බසින් ශිල්ප හැදෑරීමට අවකාශ සලසනු ලැබූ අතර 2014දී කොළඹ දිසා සංගමය ආරම්භ කිරීමෙන් අනතුරුව 1916 දී 10වන කොළඹ බාලදක්ෂ සමූහය පිහිටවනු ලැබිණ.

මේජර් ජෙනරල් කමල් ගුණරත්න, මේජර් ජෙනරල් චාගි ගාල්ලගේ, හිටපු නාවික හමුදාපති අද්මිරල් වසන්ත කරන්නාගොඩ, බ්‍රිගේඩියර් ජගත් අල්විස්, එයා වයිස් මාර්ෂල් හර්ෂ කරන්නාගොඩ, භාතිය ජයකොඩි(BnS), අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ප්‍රවීණ මාධ්‍යවේදි රොෂාන් වටවල ආදි කීර්තිමත් ආදි ආනන්දිය ජනාධිපති බාලදක්ෂයන් රැසක් බිහිකළ 10 වන කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂ සමූහය 2016 වර්ෂයේදී සිය ශත වර්ෂ පූර්ණය සමරනු ලැබේ. සම්ප්‍රදායික බාලදක්ෂ කටයුතු අතික්‍රමනය කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය හ අධීක්ෂණය යටතේ 2016 දෙසැම්බර් මස 19 වන සහ 20 වන දින "Adventure of a Century" නමින් සිය සියවස් සැමරුම් වැඩසටහනක් සංවිධානය කර ඇති අතර මෙම දැවැන්ත වීර චාරිකාවෙහි සමාරම්භය සිහිපත් කරමින් විශේෂ සැමරුමක් ද පවත් වනු ලැබූහ.  

 

---------------------------------

100 Years of Scouting at Zahira

Zahira College 11th Colombo Scout Group celebrated 100 Years of Scouting in a grand manner with a Jamboree from 13 to 15 July 2018 at the College Grounds. 40 Scout Troops representing leading Schools from Colombo and outstations along with a few Open Troops participated at the Jamboree.

---------------------------------

ගාල්ල දිසාව

ගාල්ල මහින්ද බාලදක්ෂයන්ගේ සියවස් සමරුව

ගාල්ල මහින්ද විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර සියයක් පිරීම නිමිත්තෙන් ‘ෆිගාමාස් සෙන්චනරි‘ නමින් සංවිධානය කරන ලද පා ගමන සහ ජම්බෝරිය 2016 ඔක්තෝම්බර් 22 ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා පාපන්දු පිටියේනගරයේ දී පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු ෆිගාමාස් සියවස් ජම්බෝරිය විවෘත කෙරුණු අතර 1914 වර්ෂයේ දී මහින්ද බාලදක්ෂ සමූහය ආරම්භ කර ඇති අතර එය පළමු ගාලු බලදක්ෂ සමූහය හා ශ්‍රී ලංකාවේ තෙවැනි බාලදක්ෂ සමූහය වේ. 


ගාල්ල රිච්මන්ඩ් බාලදක්ෂයන්ගේ සියවස් සමරුව 

JAMBORICH

 

රිච්මන්ඩ් විදුහල් බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් අාරම්භ කෙරුණු වැඩසටහන් මාලාවේ අාකර්ශනීයම අංගය වූයේ දැවැන්ත බාලදක්ෂ පාගමනකිනි. 1915 -2015 වසර දක්වා විහිද යන පෞඩ ඉතිහාසයක් ඇති දක්ෂිණ ලංකාවේ ප්‍රමුඛ පෙළ අධ්‍යාපන ආයතනයක් වන රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සියවස් සැමරුම, බාලදක්ෂ ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත JAMBORICH - 2015 නමින් අති උත්කර්ශවත් ජම්බෝරියක් පසුගිය දා පැවැත්වූහ. පෝතකයන් බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් 1500ක පමණ පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් කඳවුරට සහභාගී වූ අතර මෙම සියවස් ජම්බෝරියේ කඳවුරු ප්‍රධානි ලෙස වර්තමාන රිච්මන්ඩ් විද්‍යාලෙය් නියමුවා වන විදුහල්පති ඒ්කනායක මහතා කටයුතු කරනු ලැබීය. 

1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළක් ආරම්භ කරන ලද්දේය. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ. ඒ අනුව 2016 වනවිට රිච්මන්ඩ් විදුහල් පෝතක බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ද 'කබෝරිච්' යනුවෙන් සිය සියවස් සමරුව ද 11වැනි ජාතික කබෝරියට සමගාමී ව පාසල් භූමියෙහි පවත්වනු ලැබිණ.


---------------------------------

යාපනය දිසාව

යාපනයේ සියවස් සැමරුම් බාලදක්‍ෂ ජම්බෝරිය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ඉතා උත්කර්ෂවත් යාපනය මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩාංගනයේ දී පැවති අතර සමාරම්භක උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. බාලදක්ෂ ජම්බෝරිය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර ඒ සඳහා දෙස් විදෙස් බාලදක්ෂයින් 10,000 ට අාසන්න ප්‍රමාණයක් සහභාගී විය. ජම්බෝරියට සමගාවී ව යාපනය දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර සියයක් සැපිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන යාපනය දිස්ත්‍රික්කයේ බාලදක්ෂ සියවස් සැමරුම ද පැවැත්වනු ලැබිණ.

1st Jaffna Celebrates Scouting Centenary - 1916 to 2016

























4th Jaffna Hindu College Scouting Centenary - 1916 to 2016















----------------------
Help Me +10,00 Subscribers:
More Scouts Centenary Songs on :
01. JAMBORICH SONG - https://youtu.be/F8BsdQKtNZU
02. Ananda Scouts Centenary Celebration Song - https://youtu.be/
03. CCISJ JAMBOREE SONG (1914-2014) - https://youtu.be/KLv-rnrGsoc
04.

ඔබේ බාලදක්ෂ දිසාවට හෝ බාලදක්ෂ කණ්ඩායමටත් වසර 100 සම්පූර්ණ නම් පදක්කම් හා තොරතුරු ද සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට තොරතුරු අප වෙත යොමු කරන්න. scoutingmagazine@gmail.com

No comments:

Post a Comment