Translate

Monday, June 15, 2020

බස් එකේදී පැන්සලෙන් කුරුටු ගෑ බේඩ්න් පවෙල් සිතුවම

2020 සිහිකිරීමේ දිනය

පසුගිය වසර කිහිපය තුළ දී බී.පී. දින සිහි කිරීමේ සැමැරැම් උලෙළ කිහිපයකදී බොහෝ අලුත් දේ බාලදක්ෂ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. මෙහි දැක්වෙන්නේ 2020 බීපී දින සැමරුම් වෙනුවෙන් ගත් නිර්මාණාත්මක උත්සාහයයි.

මෙහි දැක්වෙන සිතුවම ඇඳීමට චන්දිම මධුශාන් චිත්‍ර ශිල්පියා ගත කළ කාලය විනාඩි 30 කි. පැන්සල් කිහිපයක් තම බෑගයේ රඳවාගත් චන්දිමාල් විජය බාලදක්ෂ කඳවුරෙහි ඡායාරෑප ශිල්පියා සමග බාලදක්ෂ බාලිකා දෙව්මි සහ හංසිකා මහරගමින් පිටකොටුව බලා දිවෙන 138 බසයට ගොඩ වැදුනේ පෙරවරු 11ටයි.

නොනවත්වා ධාවනය වන පස් රථයේ පසුපස අසුනේ වාඩි වී බේඩින් පවෙල් සාමිතුමන්ගේ සිතුවමක් ඇඳීම... ඔහු වෙත පැවරැණු අභියෝගය විය. මේ ඔබ දකින්නේ බාලදක්ෂ ඔබ වෙනුවෙන්, බේඩින් පවෙල් සාමි තුමන්ගේ චිත්‍ර එකතුවට දෙදහස් විස්සේ වර්ෂයේ දී එක් කළ අලුත්ම නිර්මාණයයි.
 

  • Special thanks for Girl Scout Hansika and Dewumi / Chandima / Rasanga / Chaminda Wariyapperuma and the Scouting Magazine Team
බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ 'Scouting for Boys' නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළේය. 
1920දී ලන්ඩනයේදී පළමු වන ජාත්‍යන්තර සම්මේලනය ජමිබෝරිය පවත් වන්නට විය. මේ අයුරින් පියවරෙන් පියවර පැමිනි බාලදක්‍ෂ ව්‍යාපාරය අද වන විට ලෝක තරුණ සංවිධානයන් ලෙස ප්‍රචලිත වී ඇත. වර්තමානය වන විට ලොව පුරා රටවල් 216කට අධික ප්‍රමාණයක් සාමාජිකයන් මිලියන 28කට වැඩි පිරිසක් ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ ලියාපදිංචි වී සිටිති. 

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා

ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. 1857 පෙබරවාරි මස 22 දින එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබීය. මෙතුමා ගේ පියා “ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය බේඩන් පවෙල්”ය. මව “හෙන්රිආටා ග්‍රෙස් ස්මිත් බේඩන් පවෙල්” මැතිණියයි. B.P ට වයස අවුරුදු 03 දී තම පියා මිය ගියේය. පවුලේ දරුවන් 09 දෙනෙකි බී.පී 06 වෙනියා විය. 

“ට්‍රම්බිජ් වේල්ස්හි රොස්හිල්” පාසලෙන් තම මූලික අධ්‍යාපනය ලද B.P වයස අවුරුදු 13 දී ශිෂ්‍යත්වයක් ලබා “චාර්ටර් හවුස්” විද්‍යාලයට ඇතුළත්විය. ඔහු ඉගෙනීමට එතරම් දක්ෂයකු නොවීය. කුඩාකළ සිටම තම සොයුරන් සමඟ කඳවුරු බැඳීම, කඳු නැගීම, බෝට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රියාවල යෙදීම නිසා ක්‍රියාශීලි ළමයෙකු ලෙස පාසලේදී පාපන්දූ ක්‍රීඩාවට, චිත්‍ර ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතා පෙන්වීය. වයස අවුරුදු 19 දී අධ්‍යාපනය අවසන් කොට උප ලුතිනන් වරයෙකු ලෙස හමුදාවේ අශ්වාරෝහක බලකායට බැඳී ඉන්දියාවට ගියේය.පසුව අප්‍රිකාවට ගිය ඔහු අප්‍රිකාවේ සූළුවරුන්,නපුරු අෂාන්ති ගෝත්‍රිකයින්,වනචාරී මැට බෙල්ලන්ට විරුද්ධව සටන් මෙහෙය විය. 

මෙහිදී ඔහුට "ඉම්පිසා" එනම් කිසිදා නොනිදන වෘකයා යන නමක්ද, ලොකු තොප්පිකාරයා අරුත් ඇතිව "කැන්ටැන්කි" යන නමක්ද පට බැඳුනි. B.P ගේ ධෛර්යය, ගවේෂණ දක්ෂතාවය, පියවර අනුව යාම යන දක්ෂතාවයින් නිසා මෙම නම් පට බැඳීමට හේතුවිය. සූළු නායකයා "දිනිසූළු" අඩි 24ක් දිග සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලයක් දීමත්, වමතින් අතට අත දීමත් පසු කාලයේ බාලදක්ෂ කටයුතු වලට වැදගත් විය. 1889 දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකූ මැෆකින් නගරය පුරා දින 217 වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගන්නා ලදී.

1901 දී B.P බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද "බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්" යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී "බාලදක්ෂ විද්‍යාව" ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොම්ස්” මෙනවිය සමඟ විවාහ විය. 1920 දී ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය. 


No comments:

Post a Comment