Translate

Sunday, June 14, 2020

වර්ගවාදීන්ට එරෙහිව නැගෙන ලෝක සහෝදරත්වයේ එකමුතුව!

Robert Baden-Powell statue: Scouts founder monument given 24-hour ... 
එංගලන්තයේ විශිෂ්ට යුධ පදක්කම් ගණනාවකින් හා උසස් හමුදා නිල කීපයකින් පුදනු ලැබූ 20වැනි සියවසේ අසහාය ළමා වීරයා ලෙස සැලකෙන බීපීතුමා අදවන විට තර්ජනයකට මුහුණ දී සිටි. BP තුමාගේ යුධ හමුදා ජීවිතයේ ක්රියාකලාපය සහ ඇතැම් අදහස් ප්රකාශන නාසි නායක සහ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර්ට (1889-1945) සහය දැක්වූ බවත් ඒතුළින් වර්ගවාදය සඳහා අනුබල දුන් බවත් පවසමින් ලොව පුරා විරෝදතා රැල්ලක් ගොඩනැගෙමින් තිබේ. මෙවැන්නක් සම්බන්ධයෙන් මතයක් නිර්මාණයවීමට පාදක වී ඇති කරනු අතර අවධානයට යොමුවී වී ඇති කරුණ වනුයේ දකුණු අප්රිකාවේ සුලු ගෝත්රිකයන්ට එරෙහිව කරන ලද කුරිරු යුද්ධයේදී සිදුකරන ලද යුධකටයුතු හා ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලනය සමග සංසන්දනය කරමින් බීපීතුමන්ව වර්ගවදීයෙකු ලෙස ගොවට හදුන්වා දීමට ගනු ලැබූ උත්සාහයත් සමගිනි.
The monument to Lord Baden-Powell us completely hidden from view after workmen boarded up and fenced off the statue today 
 

ජාතිවාදයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් පසුගිය මැයි 25 දින ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කෘර ලෙස ඝාතනය කල කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග සමාජගත වූ බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවයෙන් පසුව ප්රහාර එල්ල කිරීමට සැකසු ප්රහාරක ඉලක්ක ලැයිස්තුවක සුප්රකට බීපී ප්රතිමාවක්ද ඇතුලත්ව තිබීම හේතුවෙන් එය සුරැකීමට අවශ්ය පියවර ගෙන තිබිණ.
 
The next in line? BLM supporters have pinpointed a list of their next targets, but the most widely shared are  (top left to bottom right) 1) Lord Nelson – tried to stop abolition (Nelson's column) 2) Sir Thomas Picton 3) Thomas Guy - London, Guy's Hospital 4) Sir Robert Peel 5) Sir Francis Drake 6) William Beckford 7) Henry Dundas 8) Clive of India 9) John Cass 10) General Sir Redvers Buller 11) Lord Kitchener 12) Ronald Fisher 13) Lord Grey - Grey's Monument - Newcastle Upon Tyne, Grainger Street 14) Oliver Cromwell – Statue - London, Houses of Parliament 15) Colin Campbell, Lord Clyde – Statue - Glasgow, George Square 16) William Ewart Gladstone 17) William Leverhulme – Statue - Wirral, outside Lady Lever Art Gallery 18) William Armstrong - Memorial - Newcastle Upon Tyne, Eldon Place 19) King James II – Statue - London, Trafalgar Square 20) General James George Smith Neill, Wellington Square, Ayr
1907 දී ලොව ප්රථම බාලදක්ෂ කඳවුර (Experimental Camp) පැවති සහ බාලදක්ෂ ව්යාපාරය උපන් ස්ථානය වන දකුණු එංගලන්ත මුහුදු තීරයට නුදුරින් පිහිටි බ්රවුන්සි දූපතට මුහුණ ලා ඩෝර්සෙට්හි පූල් නගරයේ පිහිටා ඇති  බීපීතුමන්ගේ ශරීර ප්රමාණයට සමාන, බංකුවක අසුන්ගෙන සිටින ලෝහ පැහැති ප්රතිමාව එලෙස ජාතිවාදයට එරෙහි විරෝධතාකරුවන් විසින් ප්රහාරයක් එල්ල කරනු ඇතැයි බුද්ධිතොරතුරු වාර්තා වී ඇති බව BBC දක්වා තිබේ. මෙය ඩේවිඩ් ඇනන්ඩ් (David Annand) මුර්ති නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කර 2008 අගෝස්තු මස 13 වන දින විවෘත කරනු ලැබූ අනර්ඝ බාලදක්ෂ නිර්මාණයක් ලෙස සැලකේ.


ප්රහරක ඉලක්ක කීපයක් දක්වා ඇති ලැයිස්තුවක එම ප්රතිමාවද ඇති බවට මෙම ජුනි මස ලැබුණු විශ්වසනීය ආරංචියත් සමග එම ප්රතිමාව ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත්කර සුරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑමටද උත්සාහ ගනු ලැබීය. එම ප්රතිමාව පවතින ප්රදේශයේ පාලන කටයුතු භාර බෝර්මන්මූත්, ක්රයිස්ට්චර්ච් සහ පූල් කවුන්සිලය (නගර සභාව) සාකච්ඡා කරමින් තීරණයක් ගත් නමුත් පෙරෙදා 11 ජුනි දින ප්රතිමාව ඉවත් කිරීමට ගත් උත්සහය අසාර්ථක වු අතර අපේක්ෂා කලාට වඩා එහි අත්තිවාරම ගැඹුරින් පිහිට තිබීම හේතුවෙන් එයවෙනත් ස්ථානයකට ගෙනයාමද අපහසු විය.
අනතුරුව නගරසභාව නිවේදනයක් කරමින් පවසා ඇත්තේ ප්රතිමාව සුරක්ෂිතව ඉවත්කර ගන්නා තෙක් හෝ විරෝධතාකරුවන්ගේ තර්ජන පහව යන තෙක් එම ප්රතිමාවට පැය 24 සඳහා පුර්ණ ආරක්ෂාව සපයන බවය. නමුත් ඊයේ ජුනි 12 දින එම ප්රතිමාව සුරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට BCP කවුන්සිල බලධාරීන් කටයුතු කරන ලද අතර බාලදක්ෂ මිනිස් සිත් දිනා ගනිමින් පවසා සිටියේ තමන් බීපීතුමන් පිළිබඳව සහ එතුමන් විසින් බිහිකළ බාලදක්ෂ ව්යාපාරය ගැන පැහැදිලී අවබෝධයකින් සිටින බවත් අනාගත පරපුර උදෙසා මෙම ප්රතිමාව සහ විශිෂ්ටාර්ථයන් සුරැකීමේ අරමුණින් එම ප්රතිමාව එතැනින් ඉවත් කර විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කල බවයි.
" 1857 දී උපත ලැබූ BP තුමන් විවිධ යථාර්ථයන් සහිත වෙනස් යුගයන් ජීවත් වූ " පුද්ගලයෙක් බවයි. මීට වසර 113 කට පෙර ඔහු ආරම්භ කළ බාලදක්ෂ ව්යාපාරය මේවන විට රටවල් සහ පාලන බල ප්රදේශ 224ක පැතිර ඇති බාලදක්ෂයින් මිලියන 54 කගෙන් සමන්විත සංවිධානයක් බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බාලදක්ෂ සංගමය ස්වකීය මතය කියා සිටියේ ය.
"බාලදක්ෂ ව්යාපාරය සියලු ජාතීන්, සංස්කෘතීන් සහ ආගම්වල තරුණ තරුණියන්ට එකට එකතුව කටයුතු කිරීමට අවස්ථාවන් සහ අවශ්ය පරිසරය නිර්මාණය කරන අතර සාමය, යුක්තිය සහ සමානාත්මතාවය ප්රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදයන් සඳහා අවස්ථා නිර්මාණය කරන බව "WOSM පවසනු ලැබීය.
"1907 දී බ්රවුන්සි දූපතේදී ආරම්භ කරන ලද බාලදක්ෂ ව්යාපාරය එහි මුලිකාංග සහ වටිනාකම් වෙනුවෙන් ශක්තිමත්ව පෙනීසිටින බවත් වර්ගවාදය, වෙනස් කොට සැලකීම, අසමානතාවය සහ අයුක්තිය ප්රතික්ෂේප කරන බවත් මෙම ප්රතිමාව සුරැකීමට අවශ්ය පියවර ගත් බලධාරීන් ඇතුළු කැපවු සැමට සමස්ත බාලදක්ෂ සහෝදරත්වයේ ගෞරවනීය උත්තමාචාරය පුදකරන බවත් වැඩි දුරටත් ලෝක බාලදක්ෂ සංගමය පවසනු ලැබීය.
 
කෙසේ හෝ මෙම ප්රතිමාව ඉවත් කිරීම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තුල කැමැත්තක් තිබී නොමැති අතර එය එලෙස ඉවත් කිරීම හරහා යලි එම ස්ථානයේම පිහිටුවීම කෙරෙහි සැකයෙන් සිටින පිරිසක්ද සිටිති.  බොහෝ දෙනනේ තම අකමැත්ත ප්රකාශ කර ඇති අතර පසුව ප්රදේශවාසීන්, බාලදක්ෂයින් සහ බාලදක්ෂ කටයුතු වලට හිතැති සහ ආදරය කරන මිනිසුන් ඉදිරිපත්ව එම ප්රතිමාව විරෝධතාකරුවන්ගෙන් සහ එය ඉවත්කර සුරක්ෂිත ස්ථානයකට ගෙන යෑමට උත්සහ කරන නගරසභා බලධාරීන්ගෙන් සහ සේවකයාගෙන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ප්රතිමාවට ආරක්ෂාව සපයා ඇත. ප්රතිමාව ඉවත් කිරීමට විරෝධය මතුකරමින් පෙත්සම් ව්යාපාරයක්ද ක්රියාත්මක විය. ආරක්ෂාව පතා මෙවැනි තර්ජිත පිළිම ගණනාවක්ම ඉවත් කිරීමද සිදුකරනු ලැබීය.
 

මීට පෙර 2012 වසරේදී ශ්‍රී ලංකාවේ ද මෙවැනිම නොහික්මුණු වර්ගවාදීන් සුළු පිරිසක් විසින් BPතුමාගේ යැයි වරදවා වටහා ගෙන බාලදක්ෂයාගේ පිළිරුවක් සහ ගාන්ධි පිළිමයක් විනාශ කරනු ලැබීය.


 
කලින් කල රැල්ලට නැගෙන පුහු විරෝධතා ව්‍යාපාර පුස්සක් කරමින් තම සතුරාටත් මෛත්‍රී කරන්නට අප පුරුදුව සිටිමු. පෙරද ළමාසොල්දාදුවන් පුහුණු කිරීම, මානව හිමිකම් උල්ලංඝනය ආදී බීපීතුමාගේ සොල්දාදු දිවියට අදාලව විටින් විට චෝදනා නැගිණ. කෙසේ හෝ සතුරා සතු යහපත් දෑට ගරු කරමින් සතුරා සතු හොඳ දේ තම ජීවිතේට ආදර්ශයක් කරගැනීමට තරම් නිහතමානි වූ බීපී තුමාගේ ඇති සුවිශේෂී ගුණය සමස්ත ලෝකවාසී බාලදක්ෂයන්ට සහෝදරත්වයේ පාඩම කියා දී වසර 100ද ඉක්මවා ගොසින් ය.

 ----------------------------------------

The Baden-Powell statue at a roundabout in Santa Clara was vandalized during the night, as DIARY AS BEIRAS managed to find out this morning.



The bust of the founder of Scouting is Headless.


This statue was placed on July 4, 2004, in honor of the personality, with the support of the Coimbra City Council, the Santa Clara Parish Council and the Santa Clara Scout Group 162.

According to the platform of the Regional Directorate for Culture of the Center, this piece of contemporary art is by Armando Martinez. Here, the sculptor moves away from the line followed in most of his works, an example of which is the sculpture in honor of Florbela Espanca, which is found in the City Park of Coimbra. In the bust, the author presents a mimicry of the real and is based on one of the most popular images of Baden-Powell, in which he is portrayed with the Scouting outfit and with arms crossed, similar to the image of the painting by Jamboree da Maturity (1929) .

Recently, other Baden-Powell statues in the world have been criticized for the more controversial aspects associated with the founder of Scouting. At stake are alleged affinities with Nazism and support for the Hitler regime, as well as racism.

No comments:

Post a Comment