Translate

Monday, February 15, 2016

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය ආරම්භ කිරීමේ උත්සවය

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්රී ලංකාවේ ප්රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ යාපනය මධ්ය විද්යාල කි්රඩාංගණයේදී පැවැත්විණි. 09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 
 
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේ දී

බාල දක්ෂ ව්‍යාපාරය ගොඩ නැගීම සදහා රජයක් විදිහට උපරිම සහාය ලබා දීමට කිසිදු පැකිලීමක් කරන්නේ නැහැ. මේ සදහා කැපවී කටයකු කරන සියලුම දෙනාට අපගේ ගෞරවය  හිමිවිය යුතුයි. බාල දක්ෂ ව්‍යාපාරය රටේ ගෞරවයට පාත්‍රවී තිබෙන අතර කිසිදු විවේචනයකට ලක් නොවන ව්‍යාපාරයක් ලෙසද මෙය හැදින්විය හැකි බවද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය. එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන, ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වරණවත් කෙරිණි.
 
ඉරිසියාව, වෛරය නැති මනුස්සකම, ගුණාත්මක කම සපිරි ව්‍යාපාරයක් ලෙසද බාල දක්ෂ ව්‍යාපාරය හැදින්විය හැකිය. ඕනෑම  රටක ප්‍රශ්න විසදීමේදී බාල දක්ෂ ව්‍යාපාරය තුලින් ලැබෙන පිටුවහල ඉතා විශාලයි. මේ තුල ජාති ආගම්, කුල ආදී කිසිදු භේදයක් නොමැති වීම සැමටම ආදර්ශයකි.
 

 
යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර එහිදී බාලදක්ෂ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි. මෙහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියේදී බාල දක්ෂ ව්‍යාපාරය සතු ශක්තීන් ඉතා විශිෂ්ඨ බව පැවසීය.
 

 
 
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා  මමත් බාලදක්ෂයකු ලෙස කටයුතු කරපු නිසයි අද ශ්‍රි ලංකාවේ ජනාධිපති පදවියට පත්වී සිටින්නේ. විශේෂයෙන් මේ දරුවන් අතරෙනුත් අනාගතයේදී ජනාධිපතිවරුන් රාජ්‍ය නායකයින් බිහිවිය හැකියි.
 
බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

9வது தேசிய சாரணர் ஜம்போறியை உத்தியோகபூர்வமாக ஆரம்பிக்கும் நிகழ்வு இலங்கையின் தலைமை சாரணரான ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் நேற்று (22) பிற்பகல் யாழ் மத்திய கல்லூரி விளையாட்டரங்கில் இடம்பெற்றது.

The 9th National Jamboree ceremonially declared open by President Maithripala Sirisena yesterday (Feb 22) at the Jaffna Central College Grounds.

 

 

No comments:

Post a Comment