Translate

Sunday, September 24, 2017

නවීන් ධනුෂ්ක රත්නායක නැමති බාලදක්ෂයා

අනතුරට පත් අයෙකුගේ දිවි ගලවා ගැනීමට ලැබීම අතිශය තීරණාත්මක අවස්තාවක්. පුද්ගලයෙකුට තවත් අයෙකුගේ දිවි ගලවා ගැනීමට ලැබෙන්නේ බෙහෝම සීමිත අවස්ථාවකි. වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන්ට අමතර ව එලෙස අනතුරු අවස්ථාවක දී තම ජීවිත අවධානම ගැන දෙවරක් නොසිතා අනෙකා ගැන සිතන පිරිස් සොයා ගැනීමට ලැබෙනුයේ කලාතුරකිනි. සුනාමි, නායයාම්, ගංවතුර ආදී බොහෝ ආපදා අවස්ථාවලදී එලෙස අනුන්ගේ ජීවිත බේරාගත් පිරිස් අගයකරන ක්‍රමවේදයක් ලංකාවේ තිබුණේ නොමැති තරම් ය.  මෙසේ ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් බාලදක්ෂ හෝ බාලදක්ෂිකා ව්‍යාපාරයේදී ලබාදෙන 'රිදී කුරුසය' හා 'ලෝකඩ කුරුසය' අතිශයින් දුර්ලභ සම්මාන අතරින් එකක්. එලෙසින් දිවිගලවා ගත් අය ඇගයීමක් ලෙස ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නම් කීපයක් (SIYAWASA, Page No -186) බාලදක්ෂ ඉතිහාසයෙහි හමු වේ. හිටපු ප්‍රධාන කොමසාරිස් සී. බටුවන්ගල මහතාගේ යුගයේදී සහය ප්‍රධාන කොමසාරිස් ඩේමියන් සිල්වා මහතා විසින් ගඟක ගසායමින් සිටිය දී බේරාගනු ලැබූ ජීවිත 04ක් බේරාගැනීම සම්බන්ධයෙන් කල වික්‍රමය වෙනුවෙන් පිරිණමනු ලැබූ අතර මෑත වකවානුවේදී එවැනි වික්‍රමයක් කළ දැනට ජීවතුන් අතර සිටින එක ම පුද්ගලයා ලෙස එතුමා විසින් නිල් රිබන් පටිය සහිත රිදී කුරුසය පළදිනු දැකිය හැකි වේ.

Blue Ribbon Bronze Cross Of Bravery
  • Mr. D.E. SIRIWADENA (1932) 1 මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම
  • Mr. H.PAXSON ( 1948) after Death
  • Mr.Rex Jeganayagam (1960) after Death
Sea Scout G. V. Sawyer, (The Straits Times, 27 May 1922, Page 9 ) | The Silver Cross

Blue Ribbon Silver Cross of Bravery
  • Mr.S.H. Baggot (1917)  1වැනි කොළඹ ආණ්ඩුකාරතුමාගේ කණ්ඩායම
  • Mr. G. V. Sawyer, Sea Scout (1921) (The Straits Times, 27 May 1922, Page 9) 1වැනි කොළඹ ආණ්ඩුකාරතුමාගේ කණ්ඩායම
  • Mr.R.H James (1923)
  • Mr.S.Kumara Siriwadena (1930)
  • Mr.B.M. Piyarathna ( 1954)
  • Mr.Damian Silva (ACC) 

 

Gilt Cross Of Bravery
  • Mr. Clarkson ( 1938)
  • Mr. B.M Piyarathne (1956)

Certificate Of Bravery

  • Mr. A. Ramaswami

ඒ අනුව
ඒ සදහා වැඩි සොයා බැලීමක් සිදුකර 2017 වසරේ බාලදක්ෂ වාර්ෂික සමුළුවේදී ජීවිත 04ක් ගලවා ගැනීම වෙනුවෙන් නවීන් ධනුෂ්ක රත්නායක වෙත රිදී කුරුසය සම්මානය ලැබිය යුතු වේ. මේ ඒ වෙනුවෙන් දිගහැරෙන කතාවයි.
 ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නවීන් දනුෂ්ක විරුවිරාජ සම්මානයෙන් පිදුම් ලබන Ada Derana Sri Lankan of the Year 2017 සැප්තැම්බර් 29 සිකුරාදා රාතී‍්‍ර 9.30 ට

නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි. 2016 දෙසැම්බර් 21 දින මඩකලපු කලපුවේදී පෙරළී ගිය ත්‍රී රෝද රියෙහි සිටි දියේ ගිලිනු මුස්ලිම් පිරිස ගොඩගත් වීඩියෝ දර්ශන ලබා දෙන්නට ඇතැමුන් ලක්‌ෂ දෙකක මුදලක්‌ ඉල්ලා තිබුණි. එක්‌ මාධ්‍ය ආයතනයක්‌ එයට කැමැත්ත පලකළ ද පසුව එවුන් එම වීඩියෝ දර්ශන දීමෙන් ද එය වීඩියෝ කල මුස්ලිම් පිරිස් වැළකී සිටියහ. ඔහුට ජාති බේදයක්‌ නොතිබුණි. නවීන් පෙන්නුවේ උතුම් ආදර්ශයකි. ආරක්‌ෂක අංශවලට ජාති බේදයක්‌ නොමැති බවය. ගුවන් හමුදාවේ නිලධාරීන්ද දිවි කැප කොට ජනතාව වෙනුවෙන් කැප වෙන බවය. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක්‌ බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක්‌ දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක්‌ එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්‌ඩින්ව පාරට බැස පිස්‌සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක්‌ ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක්‌ ජායාරූපයක්‌ හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට එක්ව නොතිබීම නිසාවෙන් scouting සඟරාවේ අප මෙම බාලදක්ෂ ලෝකයේ අවධානය ලබා ගැනීම වෙනුවෙන් මෙසේ සටහන් තබමු. 
එදාත් මඩකලපුවට වෙනදා මෙන්ම චණ්‌ඩ හිරුරැස්‌ වැටී වැලිතලාව උණුසුම් වෙමින් තිබුණි. මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරණ අංශයේ සේවය කරන නායක ගුවන් භට (46570) නවීන් ධනුෂ්ක රත්නායක ද දහවල් 11.30 ට පමණ මඩකලපුව ගුවන් හමුදා කඳවුරෙන් පිටවූයේ බැංකුවට යැම සඳහාය. මඩකලපුව නගරයට ප්‍රධාන පාරෙන් යනවා වෙනුවට ඔහු මඩකලපුව නගරයට යැම සඳහා අතුරු පාරකට සිය යතුරුපැදිය හැරවීය.
මඳක්‌ ඉදිරියට යද්දී මඩකලපු කලපු දිය අසල මාර්ගයේ මිනිසුන් 150 කට ආසන්න පිරිසක්‌ රැඳී සිටින්නට වූහ. "මෙතන කිඹුල්ලු ඉන්න නිසා කිඹුලෙක්‌වත් ගොඩට ඇවිල්ලද දන්නේ නැහැ." යනුවෙන් නවීන්ට සිතුණි. ඇයි මොකද වෙලා තියෙන්නේ ඔහු අයකුගෙන් ඇසීය. වාහනයක්‌ කලපුවට වැටිලා කියත්ම නවීන් ධනුෂ්ක යතුරුපැදියෙන් බිමට බැස්‌සේය. කලපුව අසළ අයකු අඬමින් සිටිනු අයුරු ඔහු දුටුවේය. නමුත් දියෙහි ගිලිණු රියක සලකුණු හෝ කලපු දිය මත නොවීය.

නමුත් කිසිවකුත් රියෙහි සිටි අය බේරාගැනීම සඳහා කලපුවට නොබැස ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින්නට වූහ. වතුර පොදක්‌ පෙවුණත් හුස්‌ම ගැනීමේ අපහසුව නවීන්ට දැනුණි. රියෙහි ඉන්නා අය හුස්‌ම ගන්නට නොහැකිව දැඩි වේදනාවෙන් සිටින බව පමණක්‌ නවීන්ට මතක්‌ විණි. එය කෙතරම් වේදනාබර මරණයක්‌ දැයි සිතුණි. සැණෙකින් තම ආම්පන්න පසෙක තබා කමිසය සහ කලිසම උනා දමද්දී නේවිද යනුවන් අයෙක්‌ ඔහුගෙන් ඇසීය. නැහැ මම එයා පෝස්‌ කියමින් කලපුවේ ගල්මුල් තිබේද? කම්බි තිබේද? මීනි කන කිඹුලන්ගෙන් හානියක්‌ වේදැයි නොසිතා තම ජීවිතය දැඩි අවධානමකට ලක්‌ කරමින් සීතල කලපු දියට පාළම මත සිට පැන්නේ එම ස්‌ථානය පිළිබඳ කිසිදු වග විභාගයක්‌ නොමැතිවය.

කලපු දියට බට නලින් කිහිපවරක්‌ම පිහිනමින් දියේ ගිලී තිබුණු වාහනය සොයන්නට වූවේය. එම ස්‌ථානය අඩි 15 ක්‌ පමණ ගැඹුරැති තැනකි. නමුත් ඔහුට වාහනය සොයා ගැනීමට නොහැකිවිය. අඩි කිහිපයක්‌ දිය යටට ගොස්‌ පාදයෙන් දියෙහි ගිලුණු රිය සොයද්දී එක්‌වරම ඔහුගේ පාදයේ යමක්‌ වැදෙන්නට විය. ත්‍රිරෝද රියක වහළයේ ආවරණයක්‌ බව ඔහුට සිතුණි.

සැණෙකින් දිය මතුපිටට පැමිණි ඔහු හො`ද හුස්‌මක්‌ ගෙන නැවතත් දියේ ගිලුණි. කලපුවේ දිය කැළඹී ගොස්‌ කළු පැහැති මඩෙන් දිය ද කළුවන්ව තිබුණි. එනිසා ඔහුට කිසිවක්‌ නොපෙනුණි. ඒ සමඟම ජලයෙහි දියවී තිබුණ මඩ තට්‌ටුවකින් නලින්ගේ දෑස පිරී ගොස්‌ ඇස්‌ දෙකට දැවිල්ලක්‌ සමඟින් මහා වේදනාවක්‌ දැනුණි.

ඒ සියලු වේදනාවන් ඉවසා දරාගෙන දෑස්‌ පියාපත් තදකරගෙන තව තවත් දිය යටට පිහිනූ ඔහුට කලපු පතුළේ නැවතී ඇති රිය හසුවුණි. එහි වහළය සහ ටෙන්ට්‌ රෙද්ද නිසා දියේ ගිsලී ඇත්තේ නිසැකවම ත්‍රිරෝද රියක්‌ බව ඔහුට දැනුණි. දෑතින් ත්‍රිරෝද රිය අතගාමින් එහි පසුපස කොටස ඇතුළත අතපත ගාද්දී කුඩා දරුවකුගේ යෑයි සිතිය හැකි අතක්‌ හසුවූවේය. ඒ තුන් හැවිරිදි අනිපා දැරියයි. සැණෙකින් ඒ දරුවා ඇද රියෙන් එළියට ගෙන එක්‌ අතකින් තම සිරුරට තදකර තබා අල්වා අනෙක්‌ අතින් දිය පහර කලතමින් ශක්‌තිය යොදවා කලපු දියෙන් හිස එසවූහ. නමුත් කිසිවෙක්‌ මෙම ගලවා ගැනීමේ කටයුත්තට සහායක්‌ දෙන්නට දියට බැස නැති බව නවීන්ට පෙනුණි. සියලු දෙනාම වාගේ ජංගම දුරකථනවලින් මෙය වීඩියෝ කරමින් බලා සිටින්නට වූහ.

 දියෙහි මතුවූ තැන සිට ගොඩබිමට තවත් මීටර් හත අටත් ඇත. අවුරුදු තුනක්‌ වයසැති සිඟිත්තිය ද තුරුලු කොට ගොඩබිමට පිහිනූ නවීන් දියෙහි ගිලී දරුවා ගොඩ තබා නැවත කලපු දියට පැන්නේ ගිලී සිටින අන් අයත් බේරා ගන්නටය. ත්‍රිරෝද රිය ගිලී තිබෙන ස්‌ථානයට පිහිනා ගිය ඔහු හොඳ හුස්‌මක්‌ අල්ලා නැවතත් දියෙහි කිමිදුනි. පෙර මෙන් දෑස්‌ වසා අතපත ගාමින් නැවතත් පරිශ්‍රමයක්‌ දරා ත්‍රිරෝද රිය සොයාගත් නවීන් එහි පසුපස කොටස අතපත ගාද්දී තවත් කුඩා දරුවකුගේ අතක්‌ හසුවූවේය. ඒ සිව් හැවිරිදි හෂාන් ළදරුවාය. ඔහු ද අතින් රියෙන් එළියට ගෙන ජලය මතුපිටට ගෙනැවිත් තබද්දී උදව්වට එවරත් කිසිවකුත් කලපු දියට බැස්‌සේ නැත. නැවත ගොඩ බිමට පිහිනා ගොස්‌ ඒ දරුවාද ගොඩබිමට තබා නැවතත් කලපු දියට පැන්නේය.

දැන්නම් නවීන්ට හොඳටම මහන්සිය. කළුවන් කලපු දියේ රහ දිවට දැනෙමින් ඇත. නවීන්ට පෙවුණු කලපු දිය ඔහු දැඩි අසීරුතාවට පත්කළේය. පෙරසේම නැවතත් දියෙන් කිමිද ත්‍රිරෝද රිය සොයා අතපත ගෑ ඔහුට එවර කාන්තාවකගේ අතක්‌ හසු විය. ඇය අවුරුදු 57 ක්‌ වූ කච්චි උම්මාය. ඇය ද අතින් ඇද රියෙන් එළියට ගත් ඔහු දිය මතුපිටට විත් ඇස්‌ ඇර බලද්දී එවරත් කිසිවෙක්‌ සහයට නැත. නවීන් ධනුෂ්කට මහා වෙහසක්‌ දැනුණි. ඔහු මහත් වෑයමක්‌ දරමින් තමක්‌ගේ සිරුරේ තිබෙන ශක්‌තිය උපරිමයෙන් යොදවා එම කාන්තාව ද එක්‌ අතකින් ගෙන අනෙක්‌ අතින් කලපු දිය සමඟ පොර බදමින් ගොඩට ගෙනෙන ලදී.

ඇය කලපු දිය මත තැබූ නවීන් අධික වෙහෙසට පත්ව පැත්තක වැතිරී ගිමන් හරින්නට විය. ඇස්‌ දෙක මඩ ගොස්‌ දැවී කැවෙන්නේය. ජලය පෙවීම නිසා මඳක්‌ හුස්‌ම ගැනීමටද අපහසුවක්‌ දැනුණි. සුළු මොහොතක්‌ තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වී තිදෙනෙත් බේරා ගැනීම නිසා දැඩිසේ මහන්සියක්‌ දැනුණි. දැඩි අපහසුවෙන් සිටි නවීන්ට එසේ ඉන්නට ලැබුණේ තප්පර කිහිපයකි. තවත් එක්‌කෙනෙක්‌ අඩුයි. තවත් එක්‌කෙනෙක්‌ ඉඳලා තියෙනවා කියලා කවුද කෑගසනවා ඔහුට ඇසිණි.

ඒ වදන ඇසෙත්ම නලින් වහා ක්‍රියාත්මක වූයේ සැබෑ බාලදක්ෂයෙකු ලෙසය. දැඩි වෙහෙසට පත්වූ ඔහුට මෙවර කාය ශක්‌තිය වෙනුවට ක්‍රියාත්මක වූවේ හිතේ ශක්‌තියයි. නැවතත් කලපු දිය සමඟ පොර බැද පිහිනා ගිය ඔහු පෙර මෙන් දෑස්‌ පියාගෙන කලපු දියේ ගිලෙන්නට විය. දියේ අඩි කිහිපයක්‌ කිමිදෙන විටම ගත් හුස්‌ම පොද අවසන්ව යන ආකාරය දැනෙන්නට වුවේය. ත්‍රිරෝද රිය සොයාගෙන පෙර මෙන් අතපත ගාන්නට විය. ඒත් කිසිවෙක්‌ ත්‍රිරෝද රියේ සිට හසුවූයේ නැත. ඒ සමඟම තමන්ගේ හුස්‌ම පොද ද හිරවෙන සෙයක්‌ නවීන්ට දැනිණි.

මෙහි සිටි අනෙක්‌ අයට කුමක්‌ද සිදුවූයේ සිතූ නලින් නැවතත් ත්‍ර්‍රීරෝද රියේ අනෙක්‌ පසට පිහිනා යන්නට විය. එක්‌ වරම කාන්තාවකගේ හිස හසුවිය. කිහිප වරක්‌ එළියට ඇද්ද ද ඇය එළියට නාවේය. ත්‍රිරෝද රිය තුළට අත දමා බැලූ පසු ඇයගේ පාදයක්‌ රියෙහි යකඩ බටයක හිරවී ඇති බවක්‌ දැනිණි. දැන්නම් තවත් මොහොතක්‌ හෝ දියෙහි කිමිදී ඉන්නට නොහැකිය. තමාගේ පපුව හිරවෙන සෙයක්‌ දැනුණි. එනිසා නවීන් නැවතත් දිය මතුපිටට පිහිනා විත් හුස්‌ම පොදක්‌ ගන්නට වුවේය.

එයා හිරවෙලා ඉන්නේ. මට තනියෙන් උඩට ගන්න අමාරුයි. උදව් කරන්න එන්න කියා කෑගැසුවේය. ඒත් කිසිවෙක්‌ දියට බැස්‌සේ නැත. ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් ඔහේ බලාගෙන සිටින්නට වූහ. වතුර ඇතුළට යන්න එපා. මෙතෙන්ට ඇවිල්ලා මගේ කකුල් දෙකෙන් අල්ලගෙන ඉන්න. මම උඩට ආවේ නැත්නම් මගේ කකුල් දෙකෙන් උඩට ඇදලා ගන්න යෑයි නලින් කෑගසා බලා සිටින අයට කිවේය. ඒත් කිසිවෙක්‌ දියට බැස්‌සේ නැත. වෙනදා බොරුවට කුලප්පුව ජාති ආලයට තප්පර ගණනින් පාරට බැස කැති පොලු ගන්නා දෙමළ සහ මුස්‌ලිම් නගරවාසීන් එකෙක්‌ මේ අසරණයන් බේරා ගන්නට දියට බැස්‌සේ නැත.

කලපු දිය පතුලේ මේ වනවිටත් රැඳී සිටින්නේ ගැබ්බර කාන්තාවක්‌ බව නලින් දන්නේ නැත. තවත් බලා සිටීමෙන් තේරුමක්‌ නැති බව වටහාගත් නලින් මට මොනවා වුණත් කමක්‌ නැහැ මම කොහොම හරි මෙයාව ගොඩට ගන්නවා යෑයි සිතා ගෙන නැවතත් දියේ ගිලිණී. අඩි 15 ක්‌ දියේ කිමිදී සිටීම නිසා ඔහුට දැඩි අපහසුවක්‌ දැනෙන්නට වූහ. ත්‍රිරෝද රිය තුළට හිස දමා ඉහළට යැම වැළැක්‌වීම සඳහා හිස වාහනයේ පියස්‌ස තුළ තබා හිර කර ගත්තේය. මහත් වෑයමක්‌ දරා දියෙහි ගිලුණු එම කාන්තාවගේ හිරව තිබුණු පාදය මුදවා ගන්නට විය.

තරබාරු කාන්තාවක්‌ වූ ඇයගේ පාදයෙන් අල්ලා දිය මතුපිටට එද්දී ද එකෙක්‌වත් සහයට නැත. ඇත්තේ නරඹන්නෝම පමණි. ඉතා අපහසුවෙන් ගොඩබිමට ආ කල ඇය ගැබ්බර කතක්‌ බව නවීන්ට පෙනුණි. ඇයගේ දත කට තදව තිබුණු අතර ඇස්‌ උඩගොස්‌ තිබුණි. සැණෙකින් ඇයගේ කට මිරිකූ කල මුඛය විවර වන්නට වූවාය. හිස පසෙකට ඇලකර තබා ඇයගේ පපුව ප්‍රදේශය මඳක්‌ තෙරපන විට සෙම හා ජලය පිටවන්නට වූවාය. ඇයගේ අතක්‌ ගෙන නාඩි අල්ලා බලද්දී නාඩි තවමත් වැටෙන ආකාරය නවීන්ට දැනෙන්නට වූවේය. මේ වන විට කලින් ගොඩගත් තිදෙනාම කවුරුන් හෝ රෝහලට ගෙන ගොස්‌ තිබුණි.

දරුවෙක්‌ ලැබෙන්නට සිටි මවක්‌ වන තරබාරු කතක්‌ නිසා නවීන්ට තනිවම ඔසවා ගැනීමට අපහසු විය. මෙයා තවමත් ජීවත් වෙනවා ඉක්‌මනට මෙයාව ඉස්‌පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න නවීන් කෑගැසුව්ය. පාරේ ත්‍රිරෝද රියක්‌ තිබුණි. එක්‌ අයෙක්‌ පැමිණ දියේ ගිලුණු කතගේ පැත්තකින් ඔසවා ත්‍රිරෝද රියට නැඟ එහි පසුපස ආසනයේ තබා අනෙක්‌ පසින් බැස යන ලදී. දැන් ත්‍රිරෝද රියෙහි දැමූ කාන්තාවගේ පාද ද එළියේය. කිසිවෙක්‌ ඈ අල්ලා ගන්නට ත්‍රිරෝද රියට නැඟීමට ඉදිරිපත් වූයේ නැත. වටපිට බැලූ නවීන්ට කිසිවෙක්‌ ඒ සඳහා ඉදිරිපත් නොවන බව පෙනුණි. මොහොතක්‌ හෝ පමාවෙන් ඇයගේ ජීවිතය විනාශ වන බව දැනගත් නවීන් සැනෙකින් ත්‍රිරෝද රියට ගොඩව ඇයගේ පාද දෙක නවා රිය තූළට ගනිමින් මඩකලපුව රෝහලට යන ලදී. නමුත් මේ යන විටත් තමන් සිටින්නේ යට කලිසම පිටින් බව නවීන්ටද නොදැනුණි. මේ ජීවිතය බේරා ගැනීමේ අදිටන පමණක්‌ ඔහුගේ සිතේ තැන්පත්ව තිබුණි.

මඩකලපුව රෝහලට ගිය නවීන් සිය දෑතින්ම එම කත ඔසවා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳ මත තබද්දී රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්‌ඩලය ඇතුළු දුටුවන් විස්‌මයට පත් වූහ. යට කලිසමක්‌ පමණක්‌ ඇඳ ගැබිනි කතක්‌ ඔසවාගෙන එන තරුණයා කවුරුන් දැයි ඔවුන් සිතන්නට වූහ. ඒ වන විටත් දියේ ගිලී ගොඩගත් පිරිසට වෛද්‍යවරු ප්‍රතිකාර කරමින් සිටින්නට වූහ. ඔසවා ගෙන පැමිණි කාන්තාව ඇඳ මත තබා විස්‌තර පැවසූ නවීන්ට තමන් දැන් මේ සිටින්නේ යට ඇඳුම පිටින් බව සිතුණි. දැන් නැවතත් ගුවන් හමුදා කදවුරට යා යුතුය. මොකද කරන්නේ කොහොමඳ මෙහෙම යන්නේ කියා සිත සිතා ඉද්දී නවීන්ට රෝහලේ කාර්ය මණ්‌ඩලයේ අයෙක්‌ මල්ලි මේක ඇද ගන්න කියා තුවායක්‌ ගෙනත් දෙන ලදී. තුවාය ඉනේ දවටාගෙන රෝහලෙන් එළියට එද්දී ගුවන් හමුදාවේ අයෙක්‌ දියේ ගිලිච්ච අයෙක්‌ බේරාගත්තා යෑයි මඩකලපුව නගරය පුරා පැතිර යන්නට වූහ.

ඒරාවුර් පදිංචිව සිටි කේ. කබීර් සිය බිරිඳත් බිරිඳගේ නැඟණියත් සිව් හැවිරිදි පුතා තුන් හැවිරිදි දියණිය සහ නැන්දණියත් සමඟින් මඩකලපුව රෝහලට යන්නට පිටත් වූයේ ප්‍රතිකාර ලබන ඥාතියකු බැලීමටය. නමුත් මඩකලපුවට එන ගමනේදී කබීර් පැදවූ ත්‍රිරෝද රිය පාලනය කර ගැනීමට නොහැකිව මඩකලපුව කලපුවට වැටී දියේ මු`ඵමනින්ම ගිලී යන ලදී. එම අවස්‌ථාවේ කබීර් සහ බිරිඳගේ නැඟණිය වන ඒ.සී. අනුෂියා ත්‍රිරෝද රථයෙන් ඉවතට පිහිනා විත් දිවි ගලවාගෙන තිබුණි.

අවසානයේ දියේ ගිලුණු තුන් හැවිරිදි අන්යා සහ සිව් හැවිරිදි හෂාන් සහ කච්චි අම්මා යන තිදෙනා දියේ ගිලී මරුවා වැළඳගෙන අවසන් ගමන් යන්නට ඔන්න මෙන්න කියා තිබියදී නවීන් නිසා දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වුවෝය. නමුත් අවසානයේදී ගොඩට ගත් ඒ.සි. ෂරිනා වන ගැබ්බර කත දින කිහිපයක්‌ මරු හා සටන් වදිමින් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. නමුත් ගොඩ සිට වීඩියෝ කරමින් පොටෝ ගසමින් නරුම ලෙස බලා සිටි අයකුගෙන් එකෙකු මෙම කලපුවට බැස නවීන්ට උදව් කළේ නම් මිය ගිය කතද කලින්ම දියෙන් ගොඩගෙන ඇයගේ දිවි ද බේරා ගැනීමට හැකිවනු ඇත.


මට ඒ වෙලේ හිතට ආවේ දියේ ගිලිච්ච අය කොහොම හරි බේර ගන්න ඕන කියන සිතුවිල්ලයි. අවසන් කෙනා ගත්තේ මම බොහෝම අමාරුවෙන්. එයා හිරවෙලෙයි හිටියේ. මම උදව් ඉල්ලුවත් මට කවුරුවත් උදව් කළේ නැහැ. ඇස්‌ දෙක අරින්න බැහැ මඩ ඇස්‌වලට යනවා. කළුවරට මොනවත් පේන්නෙ නැහැ. අතගගා ත්‍රිරෝද රියේ සිටි අය මම බේරගත්තේ බොහෝම අමාරුවෙන්. ඉස්‌පිරිතාලෙට ගියාමයි මතක්‌ වුණේ මම තාම ඉන්නේ දියට පැන්න විදියට යට කලිසම පිටින් කියලා. නමුත් බලන් හිටිය අයගෙන් එක්‌කනෙක්‌වත් මට උදව් කරා නම් මියගිය අයගේ ජීවිතයත් බේරගන්න තිබ්බා. බේරගත්ත අය "ඔයා දෙවියෙක්‌ වගේ ඇවිල්ලා අපව බේරගත්තා" කියලා ස්‌තුති කළා යනුවෙන් ඉරිදා දිවයිනත් සමඟ දොඩම`ඵ වෙමින් මේ වීර ගුවන් භටයා නිහතමානිව පවසා සිටියහ.

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරිවරයා වන්නේ වින්ග් කමාන්ඩර් බුද්ධික පියසිරි මහතායි. ඔහු නිරන්තරයෙන් තම පිරිසට නිසි උපදෙස්‌ හා මඟපෙන්වීම ලබා දෙමින් සිටින්නේ තම සේවය උපරිම ආකාරයෙන් ඕනෑම මොහොතක ලබා දෙන ලෙසටය. නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි. දියේ ගිලි පිරිස ගොඩගත් වීඩියෝ දර්ශන ලබා දෙන්නට ඇතැමුන් ලක්‌ෂ දෙකක මුදලක්‌ ඉල්ලා තිබුණි. එක්‌ මාධ්‍ය ආයතනයක්‌ එයට කැමැත්ත පලකළ ද පසුව එවුන් එම වීඩියෝ දර්ශන දීමෙන් වැළකී සිටියහ.

අනතුරක්‌ සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස්‌ ගණනක්‌ පැන රියෑදුරු මරා හෝ පහරදී වාහන ගිනි තැබීම මෙම ප්‍රදේශයේ සාමන්‍ය සිරිතය. ග්‍රීස්‌ යකා කියා බොරුවට කලබල ඇති කරමින් විටක අලි සංගණනයට ගිය වනජීවී නිළධාරීන්ට නොසෑහෙන්නට පහර දුනි. ආරක්‌ෂක අංශ නිළධාරීන් කඳවුරෙන් එළියට ගිය විට ග්‍රීස්‌ යකා බව පවසමින් දහස්‌ ගණන් පාරට බැස විරෝධය පාන්නට වූහ. ජාතිවාදය ඉස්‌මතු කරමින් මොහොතින් පාරට බැස හර්තාල් කිරීමට දහස්‌ ගණන් පාරට එන්නේ කුහුඹු ගුලක්‌ මෙනි. පසුගියදා දෙතුන් දහසක්‌ පමණ මඩකලපුව මංගලරාමය නිකරුණේ වටකරමින් පොලිසියට විවිධ දේ දමා ගසන්නට මහා චණ්‌ඩින් දෙතුන් දහසක්‌ මඩකලපුවේ සිටිති. ඉපැරණි දාගැබ් සුණු විසුණු කරන්නට පිරිස්‌ ද සිටිති. නමුත් තමන්ගේ වර්ගයේ පවුලක්‌ම දියේ ගිලෙද්දී බේරා ගන්නට පෙරකී චණ්‌ඩින් එකෙක්‌වත් නොමැත. ජාති ආලයෙන් මත් වන උන් සියල්ලම එදා නොන්ඩින් වී නරඹන්නෝ බවට පත්වූහ.



නවීන් නමැති වීර ගුවන් භටයා ජාති බේදයෙන් තොරව මනුස්‌සකමින් හදවත පුරවාගෙන තම දිවිය අනතුරේ දමා මෙවන් විස්‌කමක්‌ පාන්නට විය. ඒ වීරකම කළේ ගුවන් හමුදාවේ සිංහල කොල්ලෙකි. ඔහුට ජාති බේදයක්‌ නොතිබුණි. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක්‌ බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක්‌ දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක්‌ එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්‌ඩින්ව පාරට බැස පිස්‌සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක්‌ ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක්‌ ජායාරූපයක්‌ හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට හෝ දමා නොතිබීම නිසාය.


වත්තල පදිංචි ශ්‍රියානි රත්නායක හා අශෝක රත්නායකගේ බාල පුතු වන්නේ නවීන් ධනුෂ්කයි. වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන් සිප් සතර හැදෑරූ ඔහු කුඩා කල සිටම පිහිනීමට දස්‌කම් දැක්‌වූවේය. නවීන් 09 පංතියේ ඉගෙනුම ලබද්දී දිස්‌ත්‍රික්‌ පාසල් පිහිනුම් තරගාවලියේදී පසුපස ආර ඉසව්වෙන් එවකට ජුලියන් බෝලිං ක්‍රීඩකයා තැබූ වාර්තාවක්‌ ද අභිබවා යන ලදී. ඉන් පසුව රේන්බෝ පිහිනුම් ඇකඩමියේ ජුලියං බෝලිං මහතා යටතේ මාස තුනක පිහිනුම් පාඨමාලා දෙකක්‌ද හදාරා තම දස්‌කම් වර්ධනය කරගෙන ඇත. 2013-2014 ගුවන් හමුදාවේ ඒකක පිහිනුම් තරගාවලියේදී පසුපස ආර, නිදහස්‌ ආර සහ ළය ආර යන ඉසව්වලින් රන් පදක්‌කම් දිනා ගනිමින් සමනළ ආර ඉසව්වෙන් ලෝකඩ පදක්‌කමක්‌ ද දිනා ගැනීමට සමත්කම් දැක්‌වූ පිහිනුම් ශුරයෙකි.


මේ සියල්ලන්ම මැද නවීන් සැබෑ බාලදක්ෂයෙකු ලෙස පෙන්නුවේ උතුම් ආදර්ශයකි. ඔහු බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ ජනාධිපති සම්මානය දිනූ බාලදක්ෂයෙකි. ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකි. වත්මන් මානවක ගුවන් බාලදක්ෂ අංශයේ සාමාජිකයෙකි. එසේම වර්තමානයේ 57වැනි කොළඹ ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ නායකයෙකු ද වේ. ගුවන් හමුදාවේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ද දිවි කැප කොට ජනතාව බේරාගත් 30 වසරක මහා යුද්ධයක් අප පසු කලෙමු. මිනිස් ජීවිත දහස් ගණනින් මිහිදන් වූ යුගයක ජාතියේ මුර දේවතාවුන් ලෙස අප වෙනුවෙන් කැප වී කටයුතු කරන බවත් ආරක්‌ෂක අංශවලට ජාති බේදයක්‌ නොමැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ මහා හපන්කම කළ ඒ වීර බාලදක්ෂ නායකයාටත් අභීත ගුවන් භටයාටත් සමස්‌ත ගුවන් හමුදාවටත් උපහාර පිණිස Scouting සඟරාවේ අපි ඔහුගේ නාමය බාලදක්ෂය ඉතිහාසයෙහි මෙසේ සටහන් කර තබන්න‍ෙමු.

විශේෂ ස්තූතිය
සුසන්ත අමරබන්දු
දිවයින වාර්තාව http://www.divaina.com/2017/01/15/feature30.html

-------------------- 

සැබෑ බාලදක්ෂයෙකුගේ කතාවක්! 

පසු සටහන

පසුගිය දා වර්තමාන ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 23වැනි ජාතික විරුජන සම්මාන උළෙලේ දී ද "විරුජන මුද්‍රිකාවෙන්" පිදුම් ලැබුවේ ය. ස්වකීය ජීවිතාවදානම ගැන නොතකමින් මරණාභිමුඛව සිටි දරුවන් දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් බේරා ගැනීම වෙනුවෙන් සිදුකළ අතිවිශිෂ්ඨ වික්‍රමය සිහිපත් කිරීම උදෙසා මෙම සම්මානය පිරිණමනු ලැබීය.

D. A. W. M. Naveen Dhanushka Bandara Receiving Silver Medal of Civilian Bravery 2017
නොබෝ දිනකින් පැවැත්වෙන ශ්‍රී ලංකා නාමයට සුවිශේෂී කීර්තියක් එක් කරමින් සිය වගකීම් සම්භාරය නොපිරිහෙලා ඉටු කළ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් ඇගයෙන ‘‘අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්‘‘ යටතේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා, විනෝදාස්වාදන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා, අන්තර්ජාතික විනෝදාස්වාදන ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා, විශිෂ්ඨ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා, අන්තර්ජාතික ව්‍යාපාරික ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ඨ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා, අන්තර්ජාතික විද්‍යා ක්ෂේත්‍රය, ජයගත් විශිෂ්ඨ ශ්‍රී ලාංකික විද්‍යාඥයා, විශිෂ්ඨ ශ්‍රී ලාකේය සළකුණ, අනභිනන්දිත වීරත්වය උදෙසා හිමි සම්මානය, ශ්‍රී ලාංකික වීරත්වය උදෙසා හිමි සම්මානය, විශිෂ්ඨ මහජන සේවකයා සහ විශේෂ ගෞරව සම්මාන මෙහිදී පිරිනැමීමට නියමිතව තිබේ. අද දෙරණ ජනවිරාජ 2017 සම්මාන උලෙලේදී අනභිනන්දිත වීරත්වය උදෙසා සම්මාන 03ක් පිරිණැමුණු අතර නවීන් දැක් වූ මෙම වික්‍රමය වෙනුවෙන් ද පසුගිය (සැප්.27) දා සම්මානයක් පිරිණමණු ලැබීය.

Ada Derana Sri Lankan of the year 2017 - Bravery Award- නවීන් ධනුෂ්ක, නිහාල් සරත් කුමාර, එරංග විකුම්සිරි යන තිදෙනා.
නවීන් ධනුෂ්ක සැබෑ බාලදක්ෂයෙකුගේ වීර චරිතයට පණ පොවා තිබේ. ඔහු බාලදක්ෂ වීරයෙකු වී හමාරය. සම්මාන ලබා ගැනීම වෙනුවෙන් ඔහු තම ජීවිතය පරදුවර තැබුවේ ද නැත. අතිශය තීරණාත්මක අවස්තාවකදී අනතුරට පත් අයෙකුගේ දිවි ගලවා ගැනීම උදෙසා බාලදක්ෂ හෝ බාලදක්ෂිකා ව්‍යාපාරයේදී පිරිණමනු ලබන අතිශයින් දුර්ලභ 'ලෝකඩ කුරුසය' 2017 වසරේදී ඔහුවෙනුවෙන් බාලදක්ෂ වාර්ෂික සමුළුවේදී පිරිණැමිය යුතු ම වන්නේ මේ හේතුවෙනි. ජීවිත 04ක් ගලවා ගැනීම වෙනුවෙන් නවීන් ධනුෂ්ක රත්නායක වෙත නිල් පීත්තපටියේ ලෝකඩ කුරුසය සම්මානය ලැබිය යුතු වේ. මෑත ඉතිහාසයෙහි එවැනි තීරණාත්මක සම්මානයක් දිනා ගත් අයෙකු පිළිබද බාලදක්ෂ ඉතිහාසයෙහි අසන්නට ද නැත. scouting සඟරාවේ අප මෙම බාලදක්ෂ ලෝකයේ අවධානය ලබා ගැනීම වෙනුවෙන් මෙසේ සටහන් තබමු. මේ ඒ වෙනුවෙන් දිගහැරෙන කතාවයි.

ඇඩ්මින්
2017 සැප්තැම්බර් 24
Scouting සඟරාව

--------------------
ඥානාර්ථ ප්‍රදීපය මේ පිළිබඳව සිදුකල වාර්තාව 
 
--------------------


No comments:

Post a Comment