Translate

Friday, September 8, 2017

රවීන්ද්‍ර විජේසේකර නැමති බාලදක්ෂයා

රවීන්ද්‍ර විජේසේකර නාලන්දාවේ සිටි බාලදක්ෂයෙකි. ඔහු වර්තමානයේ ශ්‍රීලංකාවේ PCB විදුලි ආලෝකරණය පිළිබඳව සිටින අංක එක දරන ප්‍රවීණ ශිල්පියාය. Printed circuit board හෙවත් PCB යනු කුමක්ද? ඉතා සරල ව කිවහොත් තඹ පූරුවක (විදුලි සංනාහයක) මුද්‍රණය කරනු ලැබූ පරිපථ සටහනකි.

වර්ෂ 1986 අප නාලන්දා බාලදක්ෂ සමූහයේ වාර්ෂික මහ කඳවුර පැවැත්වුයේ නුවරඑළියේ පීඩෲහි දීය. වාර්ෂික මහ කඳවුර සඳහා ලාංජනයක් සහිත කඳවුරු පදක්කමක් පිළියෙළ කිරීමට අප ගත් උත්සාහයේදී එය සිල්ක් රෙද්දක් (silk screen) මත කැපූ සටහනක් මත මුද්‍රණ තීන්ත හෙලා එයට තෙරපුමකට යොදා ඉන් නිකුත් වන තීන්ත අවශ්‍ය පසුබිමේ සටහන් වන ආකාරයට හෙවත් silk screen printing ක්‍රමය කෙරෙහි අවධානය යොමු කෙලෙමු. මෙහිදී ප්‍රාථමිකව සදාගත් (ලී රාමුවකට විනිවිද පෙනෙන තුනී රෙද්දක් ඇනගසා) ස්ක්‍ර්‍රීනයක් සහ තීන්ත තෙරපුමකට අවශ්‍ය ස්කූජ්ය සඳහා රබර් සෙරප්පුවක අඩියෙන් කපා ගත් කොටසක් භාවිතා කෙලෙමු. 

රවීන්ද්‍ර මෙම විෂය කරා යොමු වූයේ කෙසේ ද?

මේ කාලයේදීම ආසියානු පදනම මගින් බෙදා දුන් ඉලෙක්ට්‍රෝන පිලිබඳව වූ පොතක් රවීන්ද්‍රට ලැබූ තිබුනි. ඉංගිරිසියෙන් වූ එම පොත ඩික්ෂනරියක ආධාරයෙන් අකුරෙන් අකුර ගලපා කියවා තේරුම් ගත් ඔහු විදුලි පරිපථ කෙරෙහි අවධානය යොමු කලේය. ඒ සඳහා වූ මූලික ක්‍රියාදාමය හෙවත් screen printing ක්‍රම රවීන්ද්‍ර මා (ධර්මලාල් ගුණවර්ධන) සමඟ අත් හදා බැලීය. මගේ එකල සේවා ස්ථානය වූ Bristol Tailors ආයතනය නිල ඇඳුම් සැපයුම්කරුවෙකුව සිටි අතර අප දෙදෙනා එක්ව Srilankan Airways, Thai catering service ආදි ආයතනයන්හි නිලඇදුම් මුද්‍රණය කෙලෙමු. වරක් singer srilanka තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී (ශ්‍රීලංකාව, ඉංදියාව, පකිස්තානය) අසංග ගුරුසිංහ හා රවීන්ද්‍ර පුෂ්පකුමාර යන ක්‍රීඩකයන්ගේ නම් එම ඇදුම් සැපයූ ආයතයේ ප්‍රමාදයකින් නොතිබුණු අතර ඉතා කඩිනමින් එම නම් මුද්‍රණය කිරීමට රවීන්ද්‍රට සහ මට පැවරිණි. එම සිදුවීම මට මෙන්ම රවීන්ද්‍රගේ ද අමතක නොවන සිදුවීමකි.

ඒ ගැන රවීන්ද්‍ර සිහිපත් කළේ මෙසේයි

මා ගැන සටහනක් මේ අයුරින් ඉදිරිපත් කිරීම ගැන මා ඔබට ස්තූතිවන්ත වෙමි. මට මතක තරමට අපි ඒ කාලයේ stencil සාදාගත්තේ කඩදාසි කොල කපා, අලවා stencil ක්‍රමයට බව ඔබට මතක ඇති.

LED බල්බ පත්තුකිරීමට කුඩා කල සිට උමතුවෙන් සිටි මා බො‍රැල්ල සෙනිත් ආයතනය හරහා පළමු LED බු
දු‍රැස්මාලා PCB පුවරුව 1996දී නිර්මාණය කලෙමි. ඒ වන විට කිසිඳු බුදු‍රැස්මාලා PCB පුවරුවක් ශ්‍රී ලංකාවේ නොතිබුනු අතර ඒ දු‍ටු සැනින් සමහර පුද්ගලයින් එය කොපි කරන ලදි.

ඒ ගැන සිතූ මා ඉලෙක්ට්‍රොනික් චිපයක් (IC) තුලට දත්ත කවා (IC Programming) පරිපථය නිර්මාණය කිරීමට සිතුනි. IC Programming පිළිබඳව ඉගෙනීමට මා වසර 3ක කාලයක් එක දිගට මහන්සි වූ අතර ඒ පිළිබඳව දන්නා කිසිඳු පුද්ගලයෙක් මට හමුවුනේ නැත. පසුව මට ආතර් සී ක්ලාක් ආයතනයේ කවීන්ද්‍ර සර් මුන ගැසුනි. ඔහුගෙන් Pic micro-controller පිළිබඳව මනා දැනුමක් ලබාගතිමි. ඒ වන විටත් Pic micro-controller පිළිබඳව දැන සිටියේ ආතර් සී ක්ලාක් ආයතනයේ කිහිප දෙනෙක් පමණි. චිපයක් මතට දත්ත ඇතුලත් කර IC Programming නිර්මාණය කරන ලද පළමු බුදු‍රැස්මාලා PCB පුවරුව මා වෙළඳපොළට ඉදිරිපත් කළෙමි. ඒ වන විට Pic micro-controller ශ්‍රී ලංකාවේ තිබුනේ නැත. ඒවා මොනවාදැයි කිසිඳු කඩ හිමියෙක් දැන සිටියේ නැත. අද පඳුරකට පයින් ගැසුවාක් මෙන් ඒ බව දන්නා බොහොමයක් සිටීම මට හාස්‍යට කරුණකි. මා ඉතා අමාරුවෙන් මුදල් ‍රැස්කර සිංගප්පූරුවට ගිය අතර, එහි සිටි Narada Liyanage මිතුරා මා හට නවාතැන් සපයාදීම තාමත් මා හට මතකයි. එයින් ‍රැගෙන ආ IC වලින් මා මේ බුදු‍රැස්මාලා නිර්මාණයට යොමු වූ අතර මා පසුපස සෙවනැල්ලක් සේ සිටියේ Suresh Udawatta මිතුරායි. මේ ව්‍යාපාරය දියුණු කිරීමට ඔහුගෙන් විශාල පි‍ටුවහලක් ලැබුණි. එතැන් පටන් මා හට බුදු‍රැස්මාලා PCB වර්ග විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණි. ඒවා කිහිපදෙනෙක් කොපි කළත් ශ්‍රී ලංකාවේ PCB බුදු‍රැස්මාලා නිර්මාතෘවරයා මා වන බව ඔබට නිහතමානීව දන්වමි.

PCB රැස්මාලාවේ නිර්මාතෘ රවීන්ද්‍ර

කෙමෙන් කෙමෙන් අඩියෙන් අඩිය එසවූ රවීන්ද්‍ර සිය මුල් පරිපථ කට්ටල විකිණීමට බොරැල්ලේ සෙනිත් ආයතනයනය සහාය කර ගත්තේය. ක්‍රමයෙන් ශිල්පීය කුසලතාවය මෙන්ම ව්‍යාපාරික කුසලතාවය වර්ධනය කරගත් රවීන්ද්‍ර සිය නිශ්පාදන ජපානය ඇමරිකාව සිංගප්පූරුව තායිලන්තය වියට්නාමය ආදි රටවල් කරා ව්‍යාප්ත කලේය.

රවීන්ද්‍රගේ නවතම නිර්මාණය වූ දේදුනු වර්ණ rainbow ආලෝක රටා පසුගිය දා එලිදැක්විය. මෙහි විශේෂත්වය වන්නේ වර්ණ 7 සඳහාම එකම විදුලි බුබුලක් දැල්වීමයි. ඔබ ගමන් ගන්නා බස් රථවල ඉදිරිපස වූ බුදුන්ගේ හා දෙව්වරු සහිත ආලෝක විහිදෙන පූරුව මෙන්ම ඇතැම් මංසන්ධිවල ඇති බුදුරැස් විහිදෙන ස්ථානවල එම ආලෝක රටා මවන පරිපථයේ නිර්මතෘ වරයා රවීන්ද්‍ර බව නොදැන ඉන්නට ඇත. නමුත සත්‍යය එයයි.

වර්‍රතමානයේ ඔහුගේ පරිපථ කොපිකර මුද්‍රණය කරන බොහෝ දෙකක් සිටියද, මුල් කාලයේ සිට ම පරිපථයේ රටා විලාශය පරිගනකයකින් තොරව සිය මනස තුල උපන් රටාවන් ප්‍රතිරෝධ resistance, තඹ පතුරැ. මත ඊයමින් පාස්සමින් ඔහු කල ප්‍රාතිහාර්ය විශ්මය ජනකය.

තොරතුරු සැපයීම සම්බන්ධයෙන්
විශේෂ ස්තූතිය
ධර්මලාල් ගුණවර්ධන

No comments:

Post a Comment