Translate

Sunday, September 3, 2017

ලී පදක්කම් උසස් පාඨමාලා

No automatic alt text available.
පළමු ගිල්වෙල් බාලදක්ෂ නායක පාඨමාලාව
රොබට් බේඩින් පවෙල් සාමිවරයා විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමෙන් අනතුරුව අතු ඉති දමා ලියැළුණු බාලදක්ෂ ව්‍යාපාරය නැමැති දැවැන්ත ඕක් ගසෙහි අරටුව බවට පත්වූයේ ගිල්වෙල් පුහුණුව වේ. බී.පී.තුමාට එංගලන්තය පුරා විසිර තිබූ සියළු කණ්ඩායම්වලට තනිවම සහය ලබාදීම අසීරු වූ බැවින් මුල්ම බාලදක්ෂ නායකයන් පුහුණු කිරීමේ කදවුරක් 1910 දී ලංඩනයේ දී සහ 1911 දී යෝක්ශියර් හිදී පැවැත්විය. මෙම නායකයන් පුහුණු කිරීමේ කදවුර හැකිතාක් දුරට ප්‍රයෝගිකව පැවැත්වීමට බේඩින් පවෙල්ට අවශ්‍ය වූ අතර බොහෝ වැඩිහිටියන්ට ද මෙම නායකත්ව පුහුණුව ලබාගැනීමේ ආසාව ඇති වූයේ ය. වැඩිහිටි නායකත්ව පුහුණු වැඩසටහන සඳහා 'වුඩ් බැජ්' නම් පාඨමාලාව හදුන්වනු ලැබිණ. පලමු ලෝක යුද්ධ සමයේදී වුඩ් බැජ් පාඨමාලාව පැවැත්වීම අසීරු වූ අතර 1919 වන තෙක් නැවත ආරම්භ කිරීමට නොහැකි විය. 
බාලදක්ෂ කදවුරු පැවැත්වීම සදහා සුදුසු කදවුරු භූමියක් ලෙස 1919 දී ලන්ඩනය අසල ගිල්වෙල් උද්‍යානය බාලදක්ෂ සංගමය විසින් මිලදී ගන්නා ලදී. බේඩින් පවෙල් විසින් බාලදක්ෂ නායකයින් පුහුණු කිරීම සදහා Aids to Scout Master-ship නමින් සහ පෝතක බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන් සදහාද අත්පොත් නිකුත් කලේය.

ලංකා බාලදක්ෂ උසස් පාඨමාලා ආරම්භවීම

ලංකාවේ පළමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව 1924දී මෝදර උතුරු කඳවුරේදී පැවැත්වූ බව බාලදක්ෂ ඉතිහාසයේ සදහන් වේ. යුධ කාලය හේතුවෙන් වෙඩිබිමක් ලෙස භාවිත වූ පීඩෘෘ කඳවුරු භූමිය නැවත 1999 පසු බාලදක්ෂයන් හට හිමි වූ අතර බෙහෙවින් විනාශ වී තිබූ අතීත ස්මාරක නැවත පිහිටුව කඳවුරු බිම වැඩිදියුණු කිරීමට බෙහෝ බාලදක්ෂ නායකයන් හා පුහුණු අංශ වෙහෙස වී කටයුුතු කලේය. නැවතත් 93 SAC සිට මේ දක්වාත් අඛණ්ඩව බාලදක්ෂ අංශයේ ලී පදක්කම් පුහුණුව පීඩෘෘ කඳවුරේදී පවත්වාගෙන එනු ලැබේ.

පාඨමාලා 100ක විස්තර

--------------------
Cub Scout Advanced Course
In this picture front row 3rd from left looks like Mrs. Pauline De Silva, wife of Mr. Chandra de Silva. Front row 4th from right is definitely Mr. R.Sri Krishnaraja.
--------------------

25වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1968

25th Cub Scout Advanced Course at Negambo - April 17th - 23rd 1968

In this Photo : E W Kannangara (Former Chief Commissioner), Lionel De Silva ( Former Chier Commisioner) His Excellency William Gopallawa (Governer - Later Sri Lanka First President) Nihal De Mel (Former NTC) Leo G Ferrnando (Former DC) K C Fernandopulle ( Scout Leader Negombo Prisons Scout group) 

In this Photo : E W Kannangara (Former Chief Commissioner), Lionel De Silva ( Former Chier Commisioner) His Excellency William Gopallawa (Governer - Later Sri Lanka First President) Nihal De Mel (Former NTC) Leo G Ferrnando (Former DC ) K C Fernandopulle ( Scout Leader Negombo Prisons Scout group)

seated 3rd from right is not Mr. Windsor but Mr. Felix Abeykoon, who was the admin. secy of the NHQ for many years and was fully in volved with the Sea Scouts later on. this is a very old pix taken before IKG & Lionel Silva had their differences and iKG left the Scouts to join the sarvodaya. both Mr. Lionel Silva and IKG Chandrasena were Senior Field Commissioners at the time. Yes, the gentleman seated on extreme left does look like Mr. Nihal De Mel, who is very sick now.Of all the people seated in the front row , 9I cannot identify the person on extreme right, possibly a foreigner) other than Mr. De Mel all the others are dead and gone. Kannangara would have been the Chief Commissioner, Brig. Jayawardene the Camp Chief (now called the N.T.c.) Billimoria A.C.c. or dep Chief, Abeykoon the admin secy, Lionel Silva and IKG Seniuor Field Commissioners and Nihal de Mel a Field Commissioner. Mr. Nihal De Mel is the only surviving member now.  
 
--------------------

25වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1973

25th Cub Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - Apr. 17th - 23rd 1973
Course Director - Mr.R.Abraham (LT) — with Sarath Godakandarachchi, R. Sri Krishnarajah, Gerald M.Cooray and V. Nihal de Mel.

----------------------------

61වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2004

61st Cub Scout Advanced Course Staff at Lee Dasanayaka Scout Camp - Mirigama - 6th to 11th October 2004.

Course Director - Mr.Padmalal Perera (LT) — with Renuka Silva
--------------------

70වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2009

70th CUB Scout Advanced Course at J/Manipay Memorial Navodya English School - Jaffna - 03 - 09 October 2009
--------------------

71වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2010

71st Cub Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - April 2010

--------------------

72වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2011

72nd Cub Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya- 01 - 07 April 2011
Course Director - Acc. Sarath Godakandarachchi (LT)
Course Adviser - Mr.A.A.Ariyapala (LT)
Deputy Course Director - Mrs.H.V.Thilaka Alvis (LT) & Mrs.E.Abeyrathne (LT)

--------------------

87වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1995

87th Cub Scout Advanced Course Staff at Lee Dasanayaka Scout Camp - Mirigama - April 19th - 25th 1995

Seated L ro R possibly, Mrs. Mallika Gunaratne, Newton Cooray,Daniel Edirisinghe,---------------,lionel silva,,ariyapala, MES Jayasinghe. The man standing at the extreme left looks suspiciously like our ACC Damian De silva.  

former CC M.Mohideen & next to him Late Mr.Joseph also their
--------------------

74වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1983

74th Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - March 31st - April 9th 1983
Course Director - Mr.V.Nihal de Mel (LT)
Deputy Course Director - N.S.de Silva,
Advisor - Mr.PSR Rajamani , Mr.A.A.Ariyapala
— with Sri Skandarajah, B.N. Cooray, A.A.Ariyapala, P.S.R. Rajamani, W.P.D.Jinadasa, V.Nihal de Mel, N.S. De silva and Dudley Senanayake.


first row L to r 4th is sri Skandarajah,B.N.,Ariyapala,Mr. Rajamani and the person next to Mr. de Mel looks like N.S. De silva. It is possible that the next man is Mr. Dudley Senanayake, but I cannot say for sure. The Last row the 6th from left seems to be like Mr. W.P.D.Jinadasa who is a HQ Commissioner now. The Course Leader might have been iether Ariyapala, Nihal de Mel or N.S., or even Mr. Rajamani
  
--------------------

83වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1991

83rd Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya- Aug. 15th - 22nd 1991

Course Director - Mr. Gerold M. Cooray (LT) — with Gitan Motha, Sanath Rohana Wickramasinghe, B.N. Cooray, Gerald M.Cooray and Daniel Edirisinghe.

Fornt Raw; Left Gaitan Motha, Nalande Cooray, Apura Wicky,Rathnapura Abesiri & Course Director BN Cooray??
--------------------

86වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1994

1994 දී පැවැත්වු 86 වන බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා වූ උසස් පාඨමාලාව පැවැත්වුණේ මීරිගම ලී දසනායක බාලදක්ෂ මධ්‍යස්ථානයේදීය.පාඨමාලා අධ්‍යක්ෂ වූයේ බී.පී.පෙරේරා මහතාය. ChiranWindsor, Kapila Kumara, Ruwan Ariyarathne, Ruwan Nanayakkara, Nanda Corea යන අයද මෙම පාඨමාලාවට අනුයුක්තව සිටියේය.

පාඨමාලාවට ඇතුලත් කර තිබූ බාධක පා ගමන සඳහා කාන්ඩ 6ට පාට 6ක රටහුණු වලින් මාර්ග සළකුණු යොදා තිබුණ(රතු කොල දම් කහ නිල් හා සුදු)නියමිතය පරිදි කාන්ඩ 5ක් ගමන අවසන් කොට කඳවුර වෙත වාර්තා කල අතර එක් කාන්ඩයක් රාත්‍රි 8 වන තුරුද කඳවුර වෙත නොපැමිණීම හේතුවෙන් පාඨමාලා අධ්‍යක්ෂ වූ පෙරේරා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය බෙහෙවින් කලබලයට පත්විය .

ජංගම දුරකථන නොතිබුණු එකල ඔවුන් පිලිබඳව තොරතුරක් ලබා ගනු පිනිස ආචාර්ය මණ්ඩලයේ සිටි එක් මහතෙකු සිය යතුරු පැදියෙන් ඒ අවට මාර්ගයන්හි පිරික්සමින් සිටි අතර රාත්‍රි 10 ට පමණ පෙර කී කාණ්ඩය කඳවුර වෙත වාර්තා කලහ.

පසුව සොයාබැලීමේදී සිදුව තිබුනේ ඊට පසුදා යෙදෙන මහ පා ගමනට යොදා තිබූ මාර්ග සළකුණු ඔස්සේ ඔවුන් මීරිගම කන්ඩලම කන්ද දක්වා ගමන් කර තිබීමයි. එහි වරද ඔවුන්ගේ නොව පා ගමන් සළකුණු යෙදූ අය බාධක පා ගමනට යෙදූ මඟ හරහා මහ පා ගමනේ සළකුණුද සුදු පාට රටහුණු වලින් යොදා තිබීම හේතුවෙන් මාර්ග සළකුණු පැටලීමකට ලක්ව තිබීමයි .එම කාන්ඩයේ බාධක පා ගමනේ වර්ණය ද සුදු පාටය. කෙසේ වෙතත් පසුදා උදෑසන රැලියේදී එම කාන්ඩයට ලී පබළු දෙක පරිදි වූ ලී කොට දෙකක් දවස පුරා කරේ එල්ලා ගෙන සිටීමට සිදුවුනි. (උසස් පාඨමාලාවකදී දඬුවම් සඳහා මෙවැනි දේ කරන බව එදින දැන ගතිමි.)

සටහන: ධර්මලාල් ගුණවර්ධන

---------------------

මේ ලී පදක්කම් පුහුණු පාඨමාලාව මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධීන් අතර තියෙන එකක් නම් නොවෙයි. අපේ හිතවත්තු රැසක් ම එකට එකතු වුන අවස්ථාවක් වීම හැරුණු කොට මට අමතක නොවන සිදුවීම් කීපයයි තිබුණේ.

එකක් තමයි නිහාල් ඩි මෙල් ගේ “වනවාසියාගේ ක්‍රමයට ආහාර පිසීමේ” සැසිය. මේ සැසියේ කපිල උපුල් කුමාරKapila Kumara, ඉන්දික වල්පිට Indika Walpitage, චමින්ද කේසර ජයසූරිය CK Jayasuriya , රුවන් නානායක්කාර Ruwan Nanayakkara, රුවන් ආදී සෑහෙන නිර්මාන්ශිකයන් පිරිසක් හිටියා. එදා නිහාල් ඩි මෙල් මහත්තයා කුකුළු මස් ආදී මස් වර්ග සහිතව කරපු backwoodsman cooking දේශනය අතර කුකුළෙක් ඊයම් කොළවල ඔතා ගිනි අඟුරු යට දමා උයන අතර කියපු “කුකුළා මළා” ගීතයේ පද වෙනස් කරමින් කපිලත්, රුවනුත්, චමින්ද ආදී උදවිය ශබ්ද නගා ගැයූ විට පාඨමාලා සංවිධායකයන් අමනාප මුහුණෙන් වුනත් නිශ්ශබ්දව සිටියා. හොඳ වෙලාවට එදා අපේ රොහාන් සර් Rohan Wirasekara හිටියේ නැහැ.

නිර්මාංශික ආහාර ගැන මතක දෙවන සිද්ධිය තමයි, නිහාල් මහත්තයා නිර්මාංශික ආහාර ගන්නා අයට ගරු කිරීමක් ලෙස මුලින් ම ඇහුවා කවුද vegetarian කට්ටිය ඉන්නේ කියලා. මට නම මතක නැති මාතර දිස්ත්‍රික්කයෙන් ආපු පදක්කම් ලේකම් තුමාත් අත ඉස්සුවා ම අපි කවුරුත් පුදුම වුනා. ඉතින් නිහාල් ඩිමෙල් මහත්තයා නිර්මාන්ශිකයන්ට අල රොටි ආදී ආහාර දීලා, කුකුළා බිත්තර ආදී මාංශ ආහාර බෙදන්න පටන් ගත්තම අපේ යාළුවා ඒකත් කනවා. ඉතින් නිහාල් සර් ඇහුවා ඔයා වෙජිටේරියන් කිව්වා නේද කියලා? මිනිහා කියනවා ඔව් මම එළවළුත් කනවා කියලා.

මාතර දිස්ත්‍රික්කයෙන් ආපු පදක්කම් ලේකම් තුමා ඒ කාලෙත් තරමක් වයසක පුද්ගලයෙක්. නිහාල් ඩි මෙල් දේශනය අතර කිව්වා “වනවාසියාගේ ක්‍රමයට බත් උයන කොට හොඳම දේ තමයි, Giant Bamboo (යෝධ උණ ගස්) යොදා ගන්න එක කියලා. අපේ යාළුවාට මේක හරියට ඇහුණේ නැහැ. මිනිහා අහනවා “මොකක්ද සර් ඒ ජම්බු ජාතිය? පිනිජම්බුද? කියලා”.
ඒ වගේම අපේ ගෞතමදාස PS Gauthamadasa යම් ක්‍රියාකාරකමක් අතරතුර ජපන් බසින් කතා කරපු එකත් අමතක නොවන සිදු වීමක්. නීල්ටත් Neel Nandasiri මොකක්ද පරිප්පුවක් දුන්න බව මතක මුත් මොකක්ද කියලා මතක නැහැ.

තව අමතක නොවන සිද්ධියක් තමයි මට නම මතක නැති තවත් අපේ යාළුවෙක් දිනපතා උදෑසන රැළියේ දී කරපු වැඩක්. ඒ ඒ දවසට ඩියුටි ඉන්න කාණ්ඩය උදේ රැළියේ දී, යම් ආදර්ශාත්මක රුවන් වැකියක් කියන්න ඕනේ. අපේ යාළුවා කිව්වේ කොයි වෙලාවකවත්, නැහැ කියන්න එපා බැහැ කියන්න එපා කියන අරුතින් (Don’t say no, don’t say can’t) “නෑ නොකියන් බෑ නොකියන්” කියලා. අපි බැලුවා මොකද මුට නෑනායි බෑණායි මතක් වුනේ “නෑනෝ කියන් බෑනෝ කියන්” කියන්න කියලා. පස්සේ තමයි රොහාන් සර් Rohan Wirasekara කිව්වේ ඒක මිනිහ ගේ ප්‍රකට කියමනක් කියලා.


හැබැයි හොඳම අමතක නොවන සිදුවීම තමයි අපේ කාණ්ඩය (ඒකෙත් නම මතක නැහැ) රැයක් නවතින මීරිගම කණ්ඩලම කන්දේ පාගමනේ දී සිදු වූ සිදුවීමක්. අපට කල් තියා ආරංචි ලැබුණා කාර්ය මණ්ඩලයේ උදවිය රාත්‍රියේ අපේ කුඩාරම් හෝ කඳවුරු බිමට හොරෙන් ඇවිත් එහි තිබෙන කුණු කසළ හෝ යම් යම් දේ හොරෙන් රැගෙන ගොස් පසු දින උදෑසන රැළියේ දී ඉදිරිපත් කරන බවට ලැබුණු දූෂමාන ආරංචිය. අපේ කණ්ඩායම කන්ද නගින අතරමග ගැමි තරුණයන් දෙදෙනෙකු අපිත් එක්ක කතාවට වැටුණා. මේ දෙන්නත් අපේ කාර්ය මණ්ඩලයේ ඔත්තුකාරයෝ දෙන්නෙක් කියන සැකය මත අපේ උදවිය කතා කළේ බොහොම බයෙන්. මේ අතරින් වැඩිමල් තරුණයා කීවා තමන් හමුදාවේ සිට ඉන් ඉවත් වූ බවත් කන්ද මුදුනේ ඇති ටෙලිකොම් කුළුණ ආරක්ෂා කිරීමට මග ඇති ටකරන් මඩුවේ නැවතී ඉන්න බවත්. ඒ වගේම ඔහු කීවා අපට හවසට අපි කූඩාරම ගහන පැත්තේ එන්නම් කියලත්. අපිට ලොකු ම සැකය ආවේ මේ තරුණයා අවුරුදු 18ක තරම් වත් පෙනුමක් නැති වීම සහ අනික් තරුණයා ඊටත් බාල අයකු වීම. කෙසේ වෙතත් අපි කඳවුරු බැඳලා ගිනිමැලයක් එහෙම ගහගත්තට පස්සේ අපි කතා වුනේ මේ දෙන්නා ආවොත් මොකද කරන්නේ කියලා. පුරුදු පරිදි මම මෝඩම සහ අවදානම් අධිකතම යෝජනාව ගෙනාවා. ඒ තමයි තරුණයෝ දෙන්නම ගැට ගහලා තර්ජනය කරලා ඔවුන් අපේ සර්ලාගේ ඔත්තුකාරයෝ ද කියලා දැන ගන්න එක. හොඳ වෙලාවට අපේ වල්පිටට සහ කණ්ඩායමේ අනික් අයට මට වඩා මොළේ සහ බය (ලැජ්ජා බය?) තිබුණ නිසා වල්පිට Indika Walpitage සහ චමින්ද CK Jayasuriya යෝජනා කළා වෙනත් උපක්‍රමයක්. රෑ වෙන්න කීවා වගේම මේ තරුණයෝ දෙන්නා අපේ කඳවුර පැත්තේ ඇවිල්ලා කතාවට වැටුණා. ඔන්න ඔය අතරේ තමයි අපේ සැලසුම ක්‍රියාත්මක වුනේ. මට හරියට නම මතක නැති ඌරපොල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ නායකයා අමුතු විදියේ සින්දු කියන්නත් විකාර දොඩවන්නත් පටන් ගත්තා. මේ අතරේ අපේ ලසන්ත කුරේ සහ ඉන්දික වල්පිට අපේ සැක කටයුතු තරුණයෝ දෙන්නට කණට කිට්ටු කරලා කිව්වා මෙයාට පොඩි මානසික රෝගයක් තියෙනවා ඒකට ගන්න පෙති මීරිගම දසනායක කඳවුරේ තියලා ඇවිල්ලා කියලා. ටික වෙලාවකින් අපේ ඌරපොල ළමයා පිස්සු වැඩි වුනා වගේ පෙන්නලා ළඟ තිබ්බ ටයරයක් කරේ දා ගෙන නටන්න පටන් ගත්තා. ඒ වගේ දක්ෂ රඟපෑමක් නාට්‍යයකවත් දැකලා නැතිව ඇති. තව ටිකකින් එයා හූවක් තියා ගෙනම කන්ද පහළට දුවන් ගියේ යක්ෂාවේශයකින් වගේ. අපිත් මේක සිරාවටම අර ගෙන අර දෙන්නාගෙන් ඌරපොල ළමයා ව ඉස්පිරිතාලේ ගෙනියන්න වාහන තියන තැන් වගේ දේවල් සහ ඒකට උදව් කරන්න පුළුවන් ද වගේ ප්‍රශ්න ඇහුවා. කෙසේ වෙතත් මේ තරුණයෝ දෙන්නා අය එල්ටීටීඊ. එක දැක්කම බය වුනා වගේ අපේ හාදයාගේ පිස්සුවට නම් හොඳට ම බය වුන බව පෙනුණා. ඒ දෙන්නා අයියේ අපි යන්නන් කියලා හිමින් සීරුවේ ලිස්සලා ගියා ගියා මයි ආයේ නම් පළාතක ආවේ නැහැ.
සටහන: චිරන් වින්ඩ්සර් 

----------------------------

87වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1995

87th Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - 19th - 25th April 1995

--------------------

90වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1997

90th Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - 18th - 26th April 1997

--------------------

93වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1998

93rd Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya - Aug. 7th - 13rd 1998

Course Director - B.N.Cooray (LT) — with with Gerald M.Cooray, B. N. Cooray and Lasantha Cooray, J.P.R.asoka, J.P.R.Asoka, M.F.S.Muheed, Anil Perera, T.K.W.Liyanage, Lasantha Cooray, Sarath Mataraarachi, Lal Premaratne, C.R.Jayasekara, A.A.Ariyapala and Shamith Mudalige.

යුධ කාලය හේතුවෙන් වෙඩිබිමක් ලෙස භාවිත වූ පීඩෘෘ කඳවුරු භූමිය නැවත 1999 පසු බාලදක්ෂයන් හට හිමි වූ අතර බෙහෙවින් විනාශ වී තිබූ අතීත ස්මාරක නැවත පිහිටුව කඳවුරු බිම වැඩිදියුණු කිරීමට බෙහෝ බාලදක්ෂ නායකයන් හා පුහුණු අංශ වෙහෙස වී කටයුුතු කලේය. නැවතත් 93 SAC සිට මේ දක්වාත් අඛණ්ඩව බාලදක්ෂ අංශයේ ලී පදක්කම් පුහුණුව පීඩෘෘ කඳවුරේදී පවත්වාගෙන එනු ලැබේ. ඉතා අසීරු ලෙස හමුදා කදවුර හා වෙඩි භූමියේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී තිබූ සියලු පැරණි බාලදක්ෂ ගොඩනැගිලි හා කඳවුරු භූමිය නැවත බාලදක්ෂ සංගමයට ලබා ගැනීමට හා භූමිය යථාතත්ත්වයට ගැනීමට බී.එන්.කුරේ මහතා සහ හෝමාගම දිසාවේ බාලදක්ෂයන් බොහෝ වෙහෙසුණු බවත් පාඨමාලාවට සහභාගී වූ වැඩි බාලදක්ෂ නායකයින් පිරිසක් මේ සදහා කැපවී බිම වැටී තිබුණු පීඩෘෘ තොරණ ද පිළිසකර කළ බව පැවසේ. එතැන් සිට බාලදක්ෂ පුහුණු ඡායාරූපය ගැනීමට එහි අලංකාර පිවිසුම් දොරටුව භාවිත කර තිබේ. නුවරඑළියේ පීඩෲහි පැහැති අංක 93 SAC පාඨමාලාව "ගිනිදළු නැග යතී" බාලදක්ෂ ගීතයේ නිර්මාතෘ පුහුණු නායක ඩයස් ගුණරත්න මහතා අවසන් වරට සහභාගී වූ උසස් පාඨමාලාව බව පැවසේ.

--------------------

100වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2002

100th Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya- 26th April - May 5th 2002

 
--------------------

102වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2002

102th (SP) Scout Advanced Course @ Lee Dasanayaka Scout Camp - Mirigama - Nov.15th - 2002

--------------------

103වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2003



103rd Scout Advanced Course @ Pedro Scout Camp - Nuwara Eliya - 6th April to 3rd May 2003


--------------------

111වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2008

111th Scout Advanced Course @ Pedro Scout Camp - Nuwara Eliya - 22nd -29th April 2008

--------------------

114වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2009

114th Scout Advanced Course @ J/Vadu Central College - Jaffna - Oct. 26th - Nov. 2nd 2009
Course Director -??
--------------------

115වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2010

115th Scout Advanced Course @ Pedro Scout Camp - Nuwara Eliya - 23rd -30th April 2010
--------------------

තොරතුරු ලැබුණු පසු ඉතිරිය යාවත් කාලීන කරන්නෙමු.

--------------------

ගිල්වෙල් සුහදහමුව

ගිල්වෙල් පදක්කම්ලාභීන්ට පමණක් සහභාගිවිය හැකි ගිල්වෙල් සුහද හමු ලොව පුරා වාර්ෂිකව පවත්වනු ලැබේ. එංගලන්ත ගිල්වෙල් උද්‍යානයේ හමුවට සහභාගීවීම ලොවපුරා විසිරී සිටින ලී පදක්කම් ලාභීන්ට නොහැකි බැවින් ස්වකීය රටෙහි පැවැත්වෙන අදාල සුහද හමුව සඳහා බොහෝ දෙනා පැමිණීම සිරිතක් ලෙස දක්නට ලැබේ.

වත්මන් ලී පදක්කම් උසස් පුහුණු පාඨමාලා

සිඟිති, පෝතක, බාලදක්ෂ හා මානවක යන අංශ 04 සදහා අධිකාරී පත්‍ර හිමි,  I සිට V අදියර දක්වා බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස පුහුණුව ලබන්නන් විසින් II අදියර නිමාවී මාස 06 ඉක්ම වූ අය සදහා මෙම පුහුණුව සඳහා සහභාගී වියහැකි අතර වර්තමානයේදී රු.3500ක් හා දිසාව විසින් රු.500ක් අයකරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමේදී මෙම නේවාසික ප්‍රායෝගික පුහුණුව ලබන නායක නායිකවන් සඳහා සුදුසු සෞඛ්‍ය මට්ටමින් සිටින්නේද යන වගට වෛද්‍ය සහතිකයක් ද ලබාදිය යුතුව ඇත. ස්වකීය අභිමතය පරිදි අංශ දෙකකින් හෝ කීපයකින්ම ලී පදක්කම් පුහුණුව ලැබිය හැකි වුවත් ගිල්වෙල් කරලේන්සුවට අමතරව වරෙක පැළඳිය හැක්කේ දාරපබළු දෙකක් පමණකි.

ජාතික පුහුණු කිරීමේ කොමසාරිසවරයා යටතේ සිටින ජාතික පුහුණු මණ්ඩලය විසින් මෙම ලී පදක්කම් උසස් පාඨමාලා මෙහෙයවනු ලබන අතර සිඟිති හා පෝතක අංශයේ පාඨමාලා චිරාත් කාලයක සිට මීරිගම පුහුණු මධ්‍යස්ථානයේදී ද බාලදක්ෂ අංශයේ පුහුණු පාඨමාලා නුවර එළිය පීඩෘෘ පුහුණු මධ්‍යස්ථානයේදී ද මානවක පුහුණු පාඨමාලා ඒ ඒ අවස්ථාවන්ට සුදුසු ස්ථානයන්හිදී පවත්වනු ලැබේ.

ඒ ඒ දිසාවන් විසින් වාර්ෂිකව පවත්වන පළමු අදියර බාලදක්ෂ ආචාර්යවරුන් පුහුණු කිරීමේ පාඨමාලා අතර සිඟිති, පෝතක හා බාලදක්ෂ කටයුතු සඳහා උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට එක්විය හැකි අතර අනතුරුව නව බාලදක්ෂ කණ්ඩායමක් ඇති කිරීම හෝ දැනට පවත්වාගෙන යන කණ්ඩායමකට සම්බන්ධ වී සිය පුහුණු කටයුතු සම්පූර්ණ කරගැනීමේ අවස්ථාව ඔවුනට හිමි වේ. 

බාලදක්ෂයෙකු තැනීමේ මූලික අඩිතාලම ලෙස ලබාදෙන මූලික පුහුණුවේදී එක්දින පළමු අදියර සම්පූර්ණ කරන ආචාර්යවරුන් වෙත ඉතා ඉහළ කාර්ය භාරයක් භාර වේ. තම බාලදක්ෂ කණ්ඩායමට පැමිණෙන ආධුනිකයෙකු එතැන් පටන් නියම බාලදක්ෂයකු බවට පත්වන තුරු බාලදක්ෂ නායකයා විසින් ඉටු කළයුතු කාර්යයන් රැසක් තිබේ. මෙම කාර්යයන් අතර බාලදක්ෂයාට ජනාධිපති බාලදක්ෂයෙකු බවට පත්වන තුරු නිසි පුහුණුවක් හා මාර්ගෝපදේශයක් ලබාදීම ප්‍රමුඛතම ස්ථානය වේ. බාලදක්ෂයාට නිසි පුහුණුවක් ලබාදීමට හැකි අයුරින් බාලදක්ෂ ආචාර්යවරයා තම පුහුණුව නිසි ආකරයෙන් සම්පුර්ණ කරගතයුතුම වේ. මේ නිසා බාලදක්ෂ ව්‍යාපාරය තුල "බාලදක්ෂ නායක පුහුණුවට" ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ.


පසු සටහන

කිසිවෙකුගේ අගය කිරීමක් හෝ පැසසුමකින් තොරව මතු දිනෙක අන්තර්ජාලය පිරික්සන අනාගත බාලදක්ෂ බාලදක්ෂිකාවන් වෙනුවෙන් ලී පදක්කම්ධාරීන්ගේ උසස් පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් සියලු තොරතුරු අන්තර්ජාලයෙහි ලියාතැබීම අපට පමණක් තනිව කළහැකි කර්තව්‍යයක් නොවේ. හැකි පමණින් මුහුණු පොතේ යාවත්කාලීන කර ඇති අතර බෙහෝ පිරිසකගේ අවධානය යොමුකරවීම උදෙසා බ්ලොග් පිටුවට එක්කිරීමට සිත් විය. මෙහි නොමැති තොරතුරු ඔබ සතුව නොමැතිනම් කමෙන්ට් එකක් ලෙස ඔවුන්ගේ නම් පහතින් එකතු කරන්න.

No comments:

Post a Comment