Translate

Thursday, September 14, 2017

ධර්මරාජ පෝතක සියවස (CENRAC) 1917 - 2017

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පෝතක බාලදක්ෂ සිය සියවස - 1917-2017


"ධම්රද බාලදක්ෂකයෙකුනම් ඔහු පර්පුර්ණ මිනිසෙකි" බාලදක්ෂ ව්‍යාපාරය හා ධර්මරාජය අතර ඇත්තේ අපුර්ව බැදීමකි. වසර 3ක් පුරා 1917 සිට 1919 දක්වා අඛණ්ඩ ව "රජුගේ ධජය" දිනාගත් එකම බාලදක්ෂ කණ්ඩායම වනුයේ ධර්මරාජ බාලදක්ෂයන් වේ. වසර 104 බාලදක්ෂ ඉතිහාසයක් ඇති පළමුවන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහයේ පෝතක බාලදක්ෂ කටයුතු 1917 දී ආරම්භ වූ අතර ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිතුමා දෙවරක්ම ධර්මරාජ විද්‍යාලයට පැමිණ තිබේ.

බාලදක්ෂයෙකු ලෙස දිනිය හැකි උපරිම පදක්කම වන ජනාධිපති පදක්කම දිනා ගන්නා බාලදක්ෂයන් අතර ධර්මරාජ නාමය ඉහළින් ම තිබේ. ඒ වෙනුවෙන් පිරිණමන ජනාධිපති ධජය හා දීපකුසලතා ධජයට වැඩිවශයෙන්ම දිනාගෙන ඇති කණ්ඩායම වනුයේ ද ධර්මරාජ බාලදක්ෂයන් ම වේ. එමෙන්ම පසුගිය වසර ගණනාවක් පුරාවටද දිවයිනේ විශිෂ්ටතම බාලදක්ෂ සමූහය ලෙස සහ විශිෂ්ටතම පෝතක බාලදක්ෂ රැළ  ලෙස තේරුණේ ධර්මරාජ බාලදක්ෂයන්ය. ලංකා බාලදක්ෂ ඉතිහාසයෙහි බාලදක්ෂ සමූහක් විසින් පැවැත් වූ ජාත්‍යන්තර ජම්බෝරියක් පැවැත් වූ එකම කණ්ඩායම වනුයේ ද ධර්මරාජ විදයාලයීය බාලදක්ෂයන් වේ. එසෙම ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තාවකට හිමිකම් කියන එකම බාලදක්ෂ සමූහය වනුයේ ද ධර්මරාජ බාලදක්ෂයන් ම වේ. එවරස්ට් තරණය කිරීමේ උප සංස්කෘතියක් ලාංකික බාලදක්ෂයන් තුළ ඇති කිරීමට පුරෝගාමි වුයේ ද අභිමානවත් ධම්රද බාලදක්ෂයන්ම ය.

ධර්මරාජ කන්ද ‘ලේක්වීව්’ නමින් හැදින්වේ. එක් ප‍සෙකින් දුම්බර මිටියාවතින් ද ඉහළින් නකල්ස් කඳු වැටියෙන් ද අනෙක් පසින් වට වූ හන්තාන කදු පෙළින් ද සෙංකඩගල කිරිමුහුදින් ද ගෙනෙන ‘නිල්දිය දසුන’ සුන්දර 'ලේක්වීව් ජාත්‍යන්තර බාලදක්ෂ පුහුණු කඳවුරු' භූමිය ධර්මරාජ බාලදක්ෂයන්ගේ අභිමානයක් ගෙන දෙනු ලැබේ.

සිය බාලදක්ෂ සමූහයට වසර සියයක් පිරීම නිමිත්තෙන් 'රිස්ගෝ 2013' නමින් දැවැන්ත ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියක් අතිසාර්ථක ව පැවැත් වූ මහනුවර ධර්මරාජ විද්‍යාලය මෙවර සිය පෝතක බාලදක්ෂයන්ගේ සියවස වෙනුවෙන් 'සෙන්රැක් 2017' නමින් 2017 සැප්තැම්බර් 07-08 දෙදින තුළ ධර්මරාජ 'ලේක්වීව් ජාත්‍යන්තර බාලදක්ෂ පුහුණු කඳවුරු' භූමියේදී පවත්වනු ලැබේ. සිගිති දිනය 07වැනි දා ද පෝතක දිනය 08 වැනිදාට ද යෙදී ඇති අතර මෙවර ද ඔවුහු සිය අත්දැකීම් අසිරිමත් ලෙස ලොවට විදහා දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටිති. මෙවර වැඩසටහනෙහි නිල බාලදක්ෂ මාධ්‍ය සහකරු ලෙස SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර වෙත ආරාධනා කර තිබීම අනාදිමත් කාලයක සිට අප හා පැවති සහයෝගීතාවයට කදිම සාක්ෂියකි. ඒ වෙනුවෙන් කර්තෘ මණ්ඩලයේ ප්‍රණාමය ධම්රද බාලදක්ෂයන් වෙනුවෙන් පුදකරමු.


මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පෝතක බාලදක්ෂ කටයුතුවලට වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන සෙන්රැක් 2017 පෝතක ක්‍රිය‍ාකාරකම් කඳවරු ලබන ඔක්තෝම්බර් මස 07 සහ 08 යන දෙදින මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. දිවයිනේ සෑම දිස්ති‍්‍රක්කයකින්ම මේ සඳහා පෝතක බාලදක්ෂයන් සහභාගී වන අතර විදේශ රටවලින් ද නියෝජිතයන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරෙන බව විද්‍යාලයේ වර්තමාන විදුහල්පති සහ සෙන්රැක් 2017 ප‍්‍රධානී දම්පිය වනසිංහ මහතා ප‍්‍රකාශ කළේය. ධර්මරාජ විද්‍යාලයයට වසර 130ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව මාලාවේ ජාතික මට්ටමේ උත්සවයෙහි සමාරම්භය  ද මෙය වේ.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පෝතක බාලදක්ෂ කටයුතුවලට වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන සෙන්රැක් 2017 SENRAC 2017 පෝතක කි‍්‍රයාකාරකම් කඳවුර ඔක්තෝබර් 07 සහ 08 යන දෙදින මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට මේ  වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇත.

දිවයිනේ සෑම දිස්ති‍්‍රක්කයකින්ම මේ සඳහා පෝතක බාලදක්ෂයන් සහභාගී වන අතර විදේශ රටවලින්ද නියෝජිතයන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරෙන බව විද්‍යාලයයේ විදුහල්පති සහ සෙන්රැුක් 2017 ප‍්‍රධානී දම්පිය වනසිංහ මහතා ප‍්‍රකාශ කළේය. එමෙන්ම එහිදී විදුහල්පතිවරයා සඳහන් කළේ ධර්මරාජ විද්‍යාලයයට වසර 130ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව මාලාවේ ජාතික මට්ටමේ උත්සවය ලෙස සෙන්රැුක් 2017 :ක්‍ෑභඍ්ක්‍ 2017* හැඳින්විය හැකි බවය. මේ පිළිබඳ ව පසුගියදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී සෙන්රැුක් 2017 වැඩසටහන් සංවිධායක කමිටුවේ සභාපති වෛද්‍ය ජගත් හේරත් ප‍්‍රකාශ කළේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී තේමාවක් යටතේ පැවැත්වෙන අතර වැඩසටහන පැවැත්වෙන දෙදින පුරා අක්කර 55ක ධර්මරාජ භූමිය හරිත කලාපයක් බවට ප‍්‍රකාශ කෙරෙන බවය.

මෙම වැඩසටහනේදී කුඩා පෝතක බාලදක්ෂයන්ට පරිසර සංරක්ෂණ කි‍්‍රයාකාරකම්, කැළි කසළ සහ අපද්‍රව්‍ය කළමනාකරණය, පොලිතීන් භාවිතය පිටුදැකීම සම්බන්ධයෙන් විශේෂ දැනුමක් සහ අත්දැකීම් ලබා දෙන කි‍්‍රයාකාරකම් රැසක් පැවැත්වෙන බවද හෙතෙම ප‍්‍රකාශ කළේය. එමෙන්ම කුඩා දරුවන්ගේ කුසලතා සහ පෞරුෂය වර්ධනය කරන නවමු කි‍්‍රයාකාරකම් රැුසක් මෙම දෙදින තුළ කි‍්‍රයාත්මක වන බවද වෛද්‍ය හේරත් ප‍්‍රකාශ කළේය.

සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී තේමාවක් යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන පැවත්වෙන දෙදින පුරා අක්කර 55ක ධර්මරාජ භූමිය හරිත කලාපයක් බවට ප‍්‍රකාශ කරන අතර කුඩා දරුවන්ගේ කුසලතා සහ පෞරුෂය වර්ධනය කරන නවමු කි‍්‍රයාකාරකම් රැසක් ක්‍රියාත්මත වන අතර මෙම වැඩසටහනේදී කුඩා පෝතක බාලදක්ෂයන්ට පරිසර සංරක්ෂණ කි‍්‍රයාකාරකම්, කැලි කසල සහ අපද්‍රව්‍ය කළමනාකරණය, පොලිතීන් භාවිතය පිටුදැකීම සම්බන්ධයෙන් විශේෂ දැනුමක් සහ අත්දැකීම් ලබාදීමට අපේක්ෂිත ය. එමෙන්ම ප‍්‍රථම වරට මෙතෙක් දිවයිනෙහි නොපැවති තරම් වූ දැවැන්ත පෝතක බාලදක්ෂ ඉසව්වක් පැවැත්වෙන අතර එය කිසිදා කිසිවෙකුටවත් අමතක නොවන අන්දමින් නවමු ආකාරයෙන් පැවැත්වෙනු ඇත. මේ සඳහා පෝතක බාලදක්ෂයන් 1200ක් පමණ ද බාලදක්ෂ නායක නායිකාවන්, පාසල් ගුරුවරුන් සහ දෙමාපියන්ද සහභාගී වීමට නියමිත ය.

ධර්මරාජ ආදි බාලදක්ෂ සංගමය, මහනුවර දිසා බාලදක්ෂ සංගමය, ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමය මෙන්ම ලෝක බාලදක්ෂ සංගමයේ ආසියා පැසිෆික් කලාප කාර්යාලය ද මෙම කටයුත්ත සඳහා පූර්ණ දායකත්වය ලබා දෙනු ලැබේ. කීර්තිමත් බාලදක්ෂ ඉතිහාසයක ධර්මරාජ පෝතක බාලදක්ෂයන් සිය අභිමානවත් සියවස් සැමැරුම මහත් වූ අභිමානයෙන් යුත්තව පැවැත්වීමට සියලු කටයුතු මේවනවිටත් සූදානම් කර තිබේ. ඔබ සැමට ආරාධනා!
.






1 comment: