Translate

Thursday, September 3, 2015

සත්වැනි දිග හැරුම

SCOUTING MAGAZINE®- SRI LANKA 2014 | VOLUME 04 | ISSUE 01 | 7th Magazine | ISSN 2279-1310

අභියෝගාත්මක සිව්වන වසර උදා විය!

එකසිය තුන් වසරක ශ‍්‍රී ලාංකික බාලදක්ෂ ඉතිහාසය පුරා වටිනා උරුමයන් රැුසක් අප සතුව තිබේ. එය රැුකගැනීමත් අනාගතය වෙනුවෙන් දායද කිරීම අප සැමගේ යුතුකමකි.

සෑම විට ම ‘Scouting සගරාවේ’ අපි, ඒ වෙනුවෙන් පෙරටුගාමී වූයෙමු. පාඨක ඔබගේ දැනුමට බොහෝ අලූත් දේ එකතු කරමින් පැමිණි තෙවසරක ගමන, මේ වන විට නො සිතූ ලෙස දුෂ්කර වී තිබේ. පෞද්ගලික ව උපයාගන්නා සියල්ල ප‍්‍රාග්ධනයක් ලෙස යොදමින් මේ සා විසල් ව්‍යාපෘතියක් පවත්වා ගැනීම සදහා බරපැන තනි ව දැරීම අපහසු බව පුන පුනා කිවයුතු නො වේ. සෙලෝපේන් කවරයට මැදි වූ සගරාවේ දහදිය බිදු සුවද හදුනා නො ගත් අතලොස්සක් දෙනෙකු විසින් අලෙවි වූ බොහෝ සගරා සදහා ගෙවීම් පැහැර හරිමින් හිතාමතා සිදුකරන අතපසුවීම් හේතුවෙන් අපි, දැඩි සේ ආර්ථිකමය අර්බුදයකට මැදි වී සිටින්නෙමු. අනේක විධ බාධාවන්ට නො දෙවෙනි ලෙස මේ තාක් අප දැඩි සේ අසීරුතාවයට පත් කළ අභියෝග රැුසක් අවසානයේ වර්ණ පිටු 68ක උසස් තත්වයේ මුද්‍රිතයක් ලෙස කලාප 6ක් අඛණ්ඩ ව ඔබ අතට පත් කළෙමු. එම කැපකිරීම අන්කවරෙකුට වුව ද සිදු කළ නො හැකි බව ඉදුරා ම දනිමු. අලූත් කලාපය තාමත් නිකුත් වුණේ නැතිදැයි නිතර අසමින් අපව දිරිමත් කළ ‘Scouting සගරාවේ’ ඉදිරි ගමන වෙනුවෙන් පෙරගමන් පැමිණි බොහෝ පාඨක සහෘදයන්ගේ හෘදයාංගම ආශිර්වාදය අප දිරිගන්වන සුළු ය. ප‍්‍රමාද වී හෝ හත්වැනි සගරාව ඔබ අතට පත්කිරීමට හැකිවීම අප ලැබූ විජයග‍්‍රහණයකි.

සගරාවෙහි අන්තර්ගත බොහෝ තොරතුරු හා රූපසටහන් පළකරනුයේ පාඨක ඔබ වෙනුවෙනි. එය ප‍්‍රයෝජනවත් ලෙස භාවිතයට ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. පසුගිය සගරාවේදී අප විසින් කළ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ලබාදුන් සහයෝගයට අපි කෘතඥ වෙමු. මෙම සේවය ඉදිරියටත් පවත්වාගෙනයාම සදහා ඔබ මිල දී ගන්නා සගරාවට අමතර ව තවත් එක් සගරාවක් හෝ අලෙවි කර දී ඔබේ යුතුකම ඉටුකර සගරාවේ ඉදිරිය වෙනුවෙන් සහයෝගයක් ද ලබාදීමට කාරුණික වන්න. සගරාවේ ඉදිරි පැවැත්ම උදෙසා ස්වේච්ඡාවෙන් දායකත්වය දැක්වීමට කැමති, සුබ පතන්නන් වෙත ආරාධනා කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. පියවර කීපයක් ඉදිරියට යාම උදෙසා අපගේ මූල්‍යමය බරට උර දී ශක්තියක්වීමට කැමති, හැකියාවන් ඇති සම්පත්දායකයන් ද සිටින බව දනිමු. ඔවුන්ගේ සහෝදරත්වයේ ශක්තිමත් දෑත්, අප වෙත දිගුකරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු. ඉදිරි වසර පුරාවට ම අර්ථාන්විත ලෙස ‘සේවය කිරීමට හැකිවේවා යි’ අපි ප‍්‍රාර්ථනා කරමු.


සුබ දඩයම්!

ප්‍රධාන කර්තෘ,
‘ස්කවුටින් මැගසිනය’
අංක: 26 කැන්දහේන වත්ත පාර, දෙපානම, පන්නිපිටිය. 10230

© All rights reserved.
Please note that all images displayed here are Copyrighted material and cannot be used anywhere without the authors express written permission.

more on https://www.facebook.com/notes/scouting-magazine-sri-lanka

No comments:

Post a Comment