බෝතලේ වලව්ව - දෙවන කොටස
අප රටේ උඩරට ප්‍රදේශයේ ආසන
බොහොමයකත් පහතරට ප්‍රදේශයේ ආසනවලත් ප්‍රභු බලයට, තනි භුක්තිය හිමි වූ අතර
පහතරට ඇතැම් ආසනවල කුලභේදය මැතිවරණ ව්‍යපාරයට අරක්ගෙන තිබිණ. මෙසේ කුලභේදය
බලපෑ ආසන අතර මාතර, වැලිගම, බලපිටිය, කළුතර, මීගමුව හා හලාවත ද විය.
මේ දෙදෙනා පවුල්වාදයේ උපත සෙවීමට කදිම ප්‍රවේශයකි. තම කීර්තිමත් වැඩිමහල් සොහොයුරු එෆ්.ආර්. සේනානායක මහතාගේ අකල් අභාවය නිසා දේශපාලන කරළියට අවතීර්ණ වූ ඩී.එස්., කලින් පැවැති සීමිත ඡන්ද මත තෝරාගන්නා ලද ව්‍යවස්ථාදායක සභාවේදී මීගමුව ප්‍රදේශය නියෝජනය කළේය.
ඩී.එස්. සේනානායක පළමු මන්ත්‍රණ සභාවේදීම ඉඩම් හා කෘෂිකර්ම ඇමැති ලෙස පත්වූ නමුත් බණ්ඩාරනායකට එම වාසනාව අහිමි විය. එහෙත් ඔහු එයින් දිරිමත් වූවා මිස දිරි සිඳ ගත්තේ නැත. ඩී.එස්. කෙළින්ම වැඩට බැස්සේ කෘෂිකර්ම ඇමැති වශයෙනි. මින්නේරිය මහ වනාන්තරයෙන් තම සටන ඇරඹුවේ ඇමැති පදවිය ලබා වසර දෙකක් ගතවීමටත් පෙරාතුවය. වියළි කලාපයේ ගොවි ජනපද රාශියක් ඇරඹීමට මුල් අත්තිවාරම දැමුණේ එහිදීය. ඔහුගේ උදාර තේමා පාඨය වූයේ රට සහලින් ස්වයං පෝෂණය කිරීමත්, රජරට යළි පැරකුම් යුගයක් ඇරඹීමත්ය. ඇමැති පදවියක් ලැබූ තම දෙටු අසල්වැසි මන්ත්‍රීවරයා මෙසේ නව මගක් තෝරාගන්නා විට බණ්ඩාරනායක එකත්පස්ව සිටියේ නැත.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරුන් පත් කරන ලද්දේ කාරක සභා ක්‍රමයටය. මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් හෝ අට දෙනෙකුගෙන් සමන්විත කාරක සභා 7ට මන්ත්‍රීවරු 55ක් බෙදී වෙන්වී සිටියහ. එම කාරක සභාවේ මන්ත්‍රීන්ගේ වැඩි ඡන්දයෙන් තම සභාපති වශයෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරයා ඇමැතිවරයෙකු බවට පත්වෙයි. මේ අනුව පළාත් පාලන ඇමැති ධුරය ලැබුවේ කළුතර මන්තී චාල්ස් බටුවන්තුඩාව මහතාය. ඇමැතිවරුන් හත් දෙනා අතරින් දුර්වලම තැනැත්තා වශයෙන් සැලකුණේ ඔහුය. මේ නිසා එම අමාත්‍යාංශයේ ජීවනාලිය බවට පත්වුණේ බණ්ඩාරනායක මහතාය. ඔහුට ඒ සඳහා කිසිවකුගෙන් කිසිදු බාධාවක් ඇති නොවීය. ක්‍රියාශීලී ඒ මහතා නිල නොලත් පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් වැඩ පෙන්නුවේය.
බණ්ඩාරනායක, සේනානායක මහතාගේ පැරකුම් යුගයක් වෙත යන ආකාරයට වඩා බණ්ඩාරනායක ඊටත් වඩා පැරණි ඉලක්කයක් අල්ලා ගත්තේය. ඔහු පවසන්නට පටන් ගත්තේ පණ්ඩුකාභය රජ දවසේ පටන් ලංකාවේ ගම්සභා ක්‍රමයක් පැවැති බවය. එය යටත්විජිත පාලන හේතුවෙන් අඩපණ වී ගිය බවත්ය. පළාත් පාලන කාරක සභාවේ උද්වේගශීලී මන්ත්‍රීවරයා වූ බණ්ඩාරනායක ගම් සභා ක්‍රමයට නව පණක් දීමට අදිටන් කරගත්තේය. එතැන් සිට ඔහු ක්‍රියාත්මක වුණේ ඒ අරබයාය. ඔහු මුලින්ම සියනෑ කෝරළේ එගොඩපොතපේරුවේ ගම්කාර්ය සභාව ප්‍රතිසංස්කරණය කොට එහි සභාපති ධුරය පිළිගෙන අනෙක් සභිකයන් සමග එක්ව ක්‍රියාකළේ තමාට තමා ආදර්ශමත් විය යුතු බව පවසමිනි.
වැඩි දිනක් ඉක්ම නොගියේය. ඔහු සමස්ත ලංකා ගම් සභා සම්මේලනය ඇරඹීය. ඒ දහස් ගණන් ගම් සභිකයන් හොරගොල්ලට ගෙන්වා විශාල රැස්වීමක් පැවැත්වීමෙනි. ඒ සමගම ඔහු ‘ගම්සභා පුවත්’ නමින් සඟරාවක් ද පළ කළේය. රට පුරා සංචාරය කරමින් ගම් සභා ප්‍රතිසංස්කරණය කළේය. ගම්වලින් නියෝජිතයන් ඡන්දයෙන් තෝරා ගැනීමට හා සභාපතිවරුන් තෝරාගැනීමට ව්‍යවස්ථා සංශෝධන ද සම්මත කර ගත්තේය.
ඔහු මීට අමතරව තවත් පෙරමුණක් විවෘත කළේය. එනම් ගම් සභා මාර්ගයෙන් ගෘහ කර්මාන්ත, විශේෂයෙන්්ම නූල් කැටීමේ හා රෙදි විවීමේ කර්මාන්ත ආරම්භ කළේය. එය දිරිගන්වනු වස් ‘චර්කය සහ ගොයම් කෙත්’ යන නමින් පොතක් ද ලියා පළ කළේය. සෑම උක්සවයකටම සහභාගිවන විට අතින් වියන ලද රෙදිවලින් මැසූ ජාතික ඇඳුමක් ඇඳීම සිරිතක් කරගත් ඔහු පසුකලෙක ඇමැතිවරයෙකු වී සිරිමාවෝ රත්වත්තේ මෙනෙවිය සමග විවාහ විය. එවිටද පෝරු මතට නැගුණේ වේයන්ගොඩ පෙහෙකම්හලේ අතින් වියන ලද රෙද්දකින් මැසූ බැනියමකින් හා සාටකයකින් සැරසීගෙනය.
අප කතා කරමින් සිටියේ පවුල් වාදය ඇරඹුණු සැටිය. යළි ඒ දෙසට හැරෙමු. පවුල් වාදය ඉදිරියට පැමිණියේ අනාගත බලාපොරොත්තු හා සැලසුම් සහිතවය. ඒ, 1936 මැතිවරණයේදීය. මේ පිළිබඳ විස්තර කිරීමට පෙර පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තිබූ සංයුතිය තරමක් දුරට පැහැදිලි කරගැනීම උචිතය.
ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තේරී පත්වූ ඇමැතිවරුන් 07 දෙනා මෙසේය.
ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභානායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), චාල්ස් බටුවන්තුඩාවේ (පළාත් පාලන), සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර (අධ්‍යාපන) පෙරියසුන්දරම් (වෙළෙඳ හා කම්කරු), මාකන් මාකර් (කර්මාන්ත හා ප්‍රවාහන) සහ ටී.බි. පානබොක්කේ (සෞඛ්‍ය) වශයෙනි. මේ සත්දෙනා අතරින් සභානායක ඩි.බි. ජයතිලක, අධ්‍යාපන ඇමැති කන්නංගර හා පළාත් පාලන ඇමැති බටුවන්තුඩාවේ යන තිදෙනා ඉතාම සමීප ඥාතීහු වූහ. එහෙත් අවංකභාවයෙන් පරිපූර්ණ, සිහිනෙන්වත් කුමන්ත්‍රණ නොකළ ජයතිලක මහතාට ලංකාව තම පවුල්වල පරවේණියට හිමිකර දීමට කිසිදු ච්ෙතනාවක් සිහිනෙන්වත් නොතිබිණ. 1936 මැතිවරණයේදී පෙරී සුන්දරම් හා මොහොමඩ් මාකන් මාකර් යන මන්ත්‍රීවරු ආසන සඳහා තරග නොකළහ. ටී.බි. පානබොක්ක මහතා ගම්පල ආසනයෙන් පරාජයට පත්විය.
තම පුතුන් දෙදෙනා උපාලි හා ආනන්ද චෙක්පත් වංචා නඩුවකට වරදකරුවන් වී බන්ධනාගාර ගතවීම නිසා සිත් තැවුලට පත්ව සිටි චාල්ස් බටුවන්තුඩාවේ මහතා 1936දී ආසනය ජයගත් නමුත් ඇමැති පදවියක් හඹා නොගියේය. එහි ප්‍රතිඵලය වූයේ නිලනොලත් පළාත් පාලන ඇමැතිවරයා වූ බණ්ඩාරනායක මහතා පළාත් පාලන ඇමැති ධුරයට පත්වීමය.
දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසු පරිපූර්ණ සිංහල ඇමැති මණ්ඩලයක් පත්වන අන්දමින් කාරක සභාවලට මන්ත්‍රීන් බෙදීමේ ඉලක්කම් හරඹයක් සිදුවූ බවත්, එනමුත් ෙදෙවයේ සරදමකින් මෙන් එම ඉලක්කම් හරඹය සංවිධානය කළේ එවකට තරුණ සිවිල් නිලධාරියෙකු වූ පසුකලෙක ජාතිභේද විරෝධී දේශපාලනඥයකුව සිට පසුව අන්ත දෙමළ ජාතිවාදියකු වශයෙන් සැලකුණු ජීවිතාන්තය දක්වා උද්ඝෝෂණය කළ සී. සුන්දරලිංගම් මහතා බැව් කියනු ලැබේ.ඒ අනුව දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැති මණ්ඩලය මෙසේ විය.
ශ්‍රීමත් ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභා නායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර (අධ්‍යාපන), එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක (පළාත් පාලන), ජේ.එල්. කොතලාවල (මංමාවත් හා කර්මාන්ත), ඩබ්ලිව්. ආතර් ද සිල්වා (සෞඛ්‍ය) හා ජී.සී.එස්. කොරයා (කම්කරු හා වෙළෙඳ) වශයෙනි.
කථානායක පදවියට කයිට්ස් මන්ත්‍රී වෛනපලිංගම් දොරේසාමි මහතා තේරී පත්වූයේ තියුණු තරගයකිනි.
අප රටෙහි මැතිවරණ දේශපාලන පක්ෂ ක්‍රමය යථාර්ථවාදීව ඇරඹුණේ 1936 මැතිවරණයේදීය. මේ මැතිවරණයේදී තරග වැදුණු පක්ෂ වූයේ කම්කරු පක්ෂය (ඒ.ඊ. ගුණසිංහ මහතා - මැදකොළඹ), ලංකා සමසමාජ පක්ෂය (දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා - මොරවක) වශයෙනි.
පවුල් වාදයේ සෙවණැල්ල ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රය මත පතිත වූයේ 1936 දෙවන මැතිවරණයේදීය. මූලික වශයෙන් එය විහිද ගියේ බෝතලේ වලව්වෙනි. බෝතලේ සේනානායක පවුලට සම්බන්ධ මන්ත්‍රීවරු තිදෙනෙක් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළහ. එනම් පවුලේ අධිගෘහිත වූ ඩී.එස්. සේනානායක මහතා සහ එෆ්.ආර්. සේනානායක මැතිනියගේ සොහොයුරියගේ පුත් ජෝන් කොතලාවල මහතාත්ය. 1936 මැතිවරණයේදී තම අවශ්‍ය ඥාතීන් කිහිප දෙනෙකුම තරග බිමට ගෙන ඒමට ඩී.එස්. සේනානායක මහතා ක්‍රියා කළේය. සිය 24 හැවිරිදි දෙටු පුත් ඩඩ්ලි දැදිගම ආසනයටත්, එෆ්.ආර්. සේනානායක මහතාගේ බෑනණුවන් වූ සිරිපාල සමරක්කොඩි මහතා නාරම්මල ආසනයටත් ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදන ලදී.
කොතලාවල මහතාට 1931 කුරුණෑගල ආසනය තරග කිරීමට තිබූ එකම සබඳතාව වූයේ සේනානායක හා කොතලාවල පරම්පරාවට හිමි දවටගහ ඇතුළු මිනිරන් පතල් රාශියක් දොඩංගස්ලන්ද ප්‍රදේශය පුරා විසිර තිබිමය. එසේම 1936 දැදිගම ආසනයට තරග කිරීම සඳහා ඩඩ්ලි සේනානායක මහතාට තිබූ එකම සම්බන්ධතාව සේනානායක පවුලට අයත් නාරංගොඩවත්ත එම මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටා තිබිමය. සිරිපාල සමරක්කොඩි මහතාටද එපමණය. ඔහු ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ සේනානායක පවුලට අයත් නාරම්මල කොවුල් වැව වත්තේ හිඳිමිනි.
මහජනයාගෙන් ඈත්වූ වලව්වක සම්බන්ධකම් තිබූ හිටපු දුර්වල රාජ්‍ය මන්ත්‍රීවරයකු වූයේ ඩබ්ලිව්.එච්.ආර්.එස්. ජයසුන්දර මහතාය. ඔහු පරදවා වැඩි ඡන්ද දස දහසක පහසු ජයක් ලබාගන්නට සිරිපාල සමරක්කොඩි මහතා සමත් විය. ඉතා ප්‍රගතිශීලී මන්ත්‍රීවරයකු වූ සිරිපාල සමරක්කොඩි මහතා (ඔහු අවංක මාක්ස්වාදියෙකු වූ එඩ්මන් සමරක්කොඩි මහතාගේ වැඩිමහල් සොහොයුරාය) මන්ත්‍රී පදවිය ලබා නොබෝ කලකින් කළ ප්‍රධාන කටයුත්ත වූයේ ප්‍රදේශයේ කින්නර කුලයට’ අයත් ගම්වල දරුවන්ට පාසල්වලට ඇතුළුවීමට තිබූ බාධකය ඉවත් කරමින් තමාගේ ප්‍රධානත්වයෙන් අපූරු පෙරහරක් පවත්වා, සත්‍ය ග්‍රහයක් කොට ඉන් ජයග්‍රහණය ලැබිමය.
විශේෂ ස්තූතිය
ඇස්. පියසේන
පවුල්වාදයේ උපත කෙසේ සිදුවීද?
මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ එකිනෙකට යාබද මැතිවරණ කොට්ඨාස විය. මේ ආසන දෙකට නිතරගයෙන් පත්වූ දෙදෙනෙක් වූහ. එක්කෙනෙක් මිනුවන්ගොඩ බෝතලේ වලව්වේ ඩී.එස්. සේනානායක මහතාය. අනෙක් තැනැත්තා වේයන්ගොඩ හොරගොල්ල වලව්වේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණඩාරනායක මහතාය.මේ දෙදෙනා පවුල්වාදයේ උපත සෙවීමට කදිම ප්‍රවේශයකි. තම කීර්තිමත් වැඩිමහල් සොහොයුරු එෆ්.ආර්. සේනානායක මහතාගේ අකල් අභාවය නිසා දේශපාලන කරළියට අවතීර්ණ වූ ඩී.එස්., කලින් පැවැති සීමිත ඡන්ද මත තෝරාගන්නා ලද ව්‍යවස්ථාදායක සභාවේදී මීගමුව ප්‍රදේශය නියෝජනය කළේය.
දොන් ස්ටේපර් සේනානායක මුදලිතුමා සහ දෝන කැතරිනා එලිසබෙත් පෙරේරා ගුණසේකර ළමාතැනී |
සේනානායක පරපුරේ ඉතිහාසය
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා දීප්තිමත් වාර්තාවක් සහිතව ලංකාවට පැමිණි තරුණ බණ්ඩාරනායක කෙළින්ම දේශපාලන පොරපිටියට අවතීර්ණ විය. ඔහු මුලින්ම (1929) කොළඹ නගර සභාවේ මරදාන ආසනයට තරගකොට එය ජයගත්තේ කම්කරු පක්ෂ නායක ඒ.ඊ. ගුණසිංහ පරදවමිනි. ඔහුට එවැනි හපන්කමක් කළහැකි වූයේ නගර සභා මැතිවරණයේදී සර්වජන ඡන්දය බලනොපෑ බැවිනි. ඡන්ද බලයට සීමාවක් තිබූ හෙයින් ගුණසිංහ මහතාගේ ආධාරකාර කම්කරුවන්ට ඡන්ද බලයක් නොතිබිණි. ඉනික්බිති 1931දී වේයන්ගොඩ අසුනෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූ චතුර කථික බණ්ඩාරනායකගේ දේශපාලන ගමන ස්ථීරසාර එකක් විය.ඩී.එස්. සේනානායක පළමු මන්ත්‍රණ සභාවේදීම ඉඩම් හා කෘෂිකර්ම ඇමැති ලෙස පත්වූ නමුත් බණ්ඩාරනායකට එම වාසනාව අහිමි විය. එහෙත් ඔහු එයින් දිරිමත් වූවා මිස දිරි සිඳ ගත්තේ නැත. ඩී.එස්. කෙළින්ම වැඩට බැස්සේ කෘෂිකර්ම ඇමැති වශයෙනි. මින්නේරිය මහ වනාන්තරයෙන් තම සටන ඇරඹුවේ ඇමැති පදවිය ලබා වසර දෙකක් ගතවීමටත් පෙරාතුවය. වියළි කලාපයේ ගොවි ජනපද රාශියක් ඇරඹීමට මුල් අත්තිවාරම දැමුණේ එහිදීය. ඔහුගේ උදාර තේමා පාඨය වූයේ රට සහලින් ස්වයං පෝෂණය කිරීමත්, රජරට යළි පැරකුම් යුගයක් ඇරඹීමත්ය. ඇමැති පදවියක් ලැබූ තම දෙටු අසල්වැසි මන්ත්‍රීවරයා මෙසේ නව මගක් තෝරාගන්නා විට බණ්ඩාරනායක එකත්පස්ව සිටියේ නැත.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරුන් පත් කරන ලද්දේ කාරක සභා ක්‍රමයටය. මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් හෝ අට දෙනෙකුගෙන් සමන්විත කාරක සභා 7ට මන්ත්‍රීවරු 55ක් බෙදී වෙන්වී සිටියහ. එම කාරක සභාවේ මන්ත්‍රීන්ගේ වැඩි ඡන්දයෙන් තම සභාපති වශයෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරයා ඇමැතිවරයෙකු බවට පත්වෙයි. මේ අනුව පළාත් පාලන ඇමැති ධුරය ලැබුවේ කළුතර මන්තී චාල්ස් බටුවන්තුඩාව මහතාය. ඇමැතිවරුන් හත් දෙනා අතරින් දුර්වලම තැනැත්තා වශයෙන් සැලකුණේ ඔහුය. මේ නිසා එම අමාත්‍යාංශයේ ජීවනාලිය බවට පත්වුණේ බණ්ඩාරනායක මහතාය. ඔහුට ඒ සඳහා කිසිවකුගෙන් කිසිදු බාධාවක් ඇති නොවීය. ක්‍රියාශීලී ඒ මහතා නිල නොලත් පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් වැඩ පෙන්නුවේය.
බණ්ඩාරනායක, සේනානායක මහතාගේ පැරකුම් යුගයක් වෙත යන ආකාරයට වඩා බණ්ඩාරනායක ඊටත් වඩා පැරණි ඉලක්කයක් අල්ලා ගත්තේය. ඔහු පවසන්නට පටන් ගත්තේ පණ්ඩුකාභය රජ දවසේ පටන් ලංකාවේ ගම්සභා ක්‍රමයක් පැවැති බවය. එය යටත්විජිත පාලන හේතුවෙන් අඩපණ වී ගිය බවත්ය. පළාත් පාලන කාරක සභාවේ උද්වේගශීලී මන්ත්‍රීවරයා වූ බණ්ඩාරනායක ගම් සභා ක්‍රමයට නව පණක් දීමට අදිටන් කරගත්තේය. එතැන් සිට ඔහු ක්‍රියාත්මක වුණේ ඒ අරබයාය. ඔහු මුලින්ම සියනෑ කෝරළේ එගොඩපොතපේරුවේ ගම්කාර්ය සභාව ප්‍රතිසංස්කරණය කොට එහි සභාපති ධුරය පිළිගෙන අනෙක් සභිකයන් සමග එක්ව ක්‍රියාකළේ තමාට තමා ආදර්ශමත් විය යුතු බව පවසමිනි.
වැඩි දිනක් ඉක්ම නොගියේය. ඔහු සමස්ත ලංකා ගම් සභා සම්මේලනය ඇරඹීය. ඒ දහස් ගණන් ගම් සභිකයන් හොරගොල්ලට ගෙන්වා විශාල රැස්වීමක් පැවැත්වීමෙනි. ඒ සමගම ඔහු ‘ගම්සභා පුවත්’ නමින් සඟරාවක් ද පළ කළේය. රට පුරා සංචාරය කරමින් ගම් සභා ප්‍රතිසංස්කරණය කළේය. ගම්වලින් නියෝජිතයන් ඡන්දයෙන් තෝරා ගැනීමට හා සභාපතිවරුන් තෝරාගැනීමට ව්‍යවස්ථා සංශෝධන ද සම්මත කර ගත්තේය.
ඔහු මීට අමතරව තවත් පෙරමුණක් විවෘත කළේය. එනම් ගම් සභා මාර්ගයෙන් ගෘහ කර්මාන්ත, විශේෂයෙන්්ම නූල් කැටීමේ හා රෙදි විවීමේ කර්මාන්ත ආරම්භ කළේය. එය දිරිගන්වනු වස් ‘චර්කය සහ ගොයම් කෙත්’ යන නමින් පොතක් ද ලියා පළ කළේය. සෑම උක්සවයකටම සහභාගිවන විට අතින් වියන ලද රෙදිවලින් මැසූ ජාතික ඇඳුමක් ඇඳීම සිරිතක් කරගත් ඔහු පසුකලෙක ඇමැතිවරයෙකු වී සිරිමාවෝ රත්වත්තේ මෙනෙවිය සමග විවාහ විය. එවිටද පෝරු මතට නැගුණේ වේයන්ගොඩ පෙහෙකම්හලේ අතින් වියන ලද රෙද්දකින් මැසූ බැනියමකින් හා සාටකයකින් සැරසීගෙනය.
අප කතා කරමින් සිටියේ පවුල් වාදය ඇරඹුණු සැටිය. යළි ඒ දෙසට හැරෙමු. පවුල් වාදය ඉදිරියට පැමිණියේ අනාගත බලාපොරොත්තු හා සැලසුම් සහිතවය. ඒ, 1936 මැතිවරණයේදීය. මේ පිළිබඳ විස්තර කිරීමට පෙර පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තිබූ සංයුතිය තරමක් දුරට පැහැදිලි කරගැනීම උචිතය.
ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තේරී පත්වූ ඇමැතිවරුන් 07 දෙනා මෙසේය.
ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභානායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), චාල්ස් බටුවන්තුඩාවේ (පළාත් පාලන), සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර (අධ්‍යාපන) පෙරියසුන්දරම් (වෙළෙඳ හා කම්කරු), මාකන් මාකර් (කර්මාන්ත හා ප්‍රවාහන) සහ ටී.බි. පානබොක්කේ (සෞඛ්‍ය) වශයෙනි. මේ සත්දෙනා අතරින් සභානායක ඩි.බි. ජයතිලක, අධ්‍යාපන ඇමැති කන්නංගර හා පළාත් පාලන ඇමැති බටුවන්තුඩාවේ යන තිදෙනා ඉතාම සමීප ඥාතීහු වූහ. එහෙත් අවංකභාවයෙන් පරිපූර්ණ, සිහිනෙන්වත් කුමන්ත්‍රණ නොකළ ජයතිලක මහතාට ලංකාව තම පවුල්වල පරවේණියට හිමිකර දීමට කිසිදු ච්ෙතනාවක් සිහිනෙන්වත් නොතිබිණ. 1936 මැතිවරණයේදී පෙරී සුන්දරම් හා මොහොමඩ් මාකන් මාකර් යන මන්ත්‍රීවරු ආසන සඳහා තරග නොකළහ. ටී.බි. පානබොක්ක මහතා ගම්පල ආසනයෙන් පරාජයට පත්විය.
තම පුතුන් දෙදෙනා උපාලි හා ආනන්ද චෙක්පත් වංචා නඩුවකට වරදකරුවන් වී බන්ධනාගාර ගතවීම නිසා සිත් තැවුලට පත්ව සිටි චාල්ස් බටුවන්තුඩාවේ මහතා 1936දී ආසනය ජයගත් නමුත් ඇමැති පදවියක් හඹා නොගියේය. එහි ප්‍රතිඵලය වූයේ නිලනොලත් පළාත් පාලන ඇමැතිවරයා වූ බණ්ඩාරනායක මහතා පළාත් පාලන ඇමැති ධුරයට පත්වීමය.
දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසු පරිපූර්ණ සිංහල ඇමැති මණ්ඩලයක් පත්වන අන්දමින් කාරක සභාවලට මන්ත්‍රීන් බෙදීමේ ඉලක්කම් හරඹයක් සිදුවූ බවත්, එනමුත් ෙදෙවයේ සරදමකින් මෙන් එම ඉලක්කම් හරඹය සංවිධානය කළේ එවකට තරුණ සිවිල් නිලධාරියෙකු වූ පසුකලෙක ජාතිභේද විරෝධී දේශපාලනඥයකුව සිට පසුව අන්ත දෙමළ ජාතිවාදියකු වශයෙන් සැලකුණු ජීවිතාන්තය දක්වා උද්ඝෝෂණය කළ සී. සුන්දරලිංගම් මහතා බැව් කියනු ලැබේ.ඒ අනුව දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැති මණ්ඩලය මෙසේ විය.
D.S.Senanayake (1st Prime Minister in Sri Lanka) Momento at Botale Walawwa Premises |
ශ්‍රීමත් ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභා නායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර (අධ්‍යාපන), එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක (පළාත් පාලන), ජේ.එල්. කොතලාවල (මංමාවත් හා කර්මාන්ත), ඩබ්ලිව්. ආතර් ද සිල්වා (සෞඛ්‍ය) හා ජී.සී.එස්. කොරයා (කම්කරු හා වෙළෙඳ) වශයෙනි.
කථානායක පදවියට කයිට්ස් මන්ත්‍රී වෛනපලිංගම් දොරේසාමි මහතා තේරී පත්වූයේ තියුණු තරගයකිනි.
අප රටෙහි මැතිවරණ දේශපාලන පක්ෂ ක්‍රමය යථාර්ථවාදීව ඇරඹුණේ 1936 මැතිවරණයේදීය. මේ මැතිවරණයේදී තරග වැදුණු පක්ෂ වූයේ කම්කරු පක්ෂය (ඒ.ඊ. ගුණසිංහ මහතා - මැදකොළඹ), ලංකා සමසමාජ පක්ෂය (දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා - මොරවක) වශයෙනි.
පවුල් වාදයේ සෙවණැල්ල ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රය මත පතිත වූයේ 1936 දෙවන මැතිවරණයේදීය. මූලික වශයෙන් එය විහිද ගියේ බෝතලේ වලව්වෙනි. බෝතලේ සේනානායක පවුලට සම්බන්ධ මන්ත්‍රීවරු තිදෙනෙක් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළහ. එනම් පවුලේ අධිගෘහිත වූ ඩී.එස්. සේනානායක මහතා සහ එෆ්.ආර්. සේනානායක මැතිනියගේ සොහොයුරියගේ පුත් ජෝන් කොතලාවල මහතාත්ය. 1936 මැතිවරණයේදී තම අවශ්‍ය ඥාතීන් කිහිප දෙනෙකුම තරග බිමට ගෙන ඒමට ඩී.එස්. සේනානායක මහතා ක්‍රියා කළේය. සිය 24 හැවිරිදි දෙටු පුත් ඩඩ්ලි දැදිගම ආසනයටත්, එෆ්.ආර්. සේනානායක මහතාගේ බෑනණුවන් වූ සිරිපාල සමරක්කොඩි මහතා නාරම්මල ආසනයටත් ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදන ලදී.
කොතලාවල මහතාට 1931 කුරුණෑගල ආසනය තරග කිරීමට තිබූ එකම සබඳතාව වූයේ සේනානායක හා කොතලාවල පරම්පරාවට හිමි දවටගහ ඇතුළු මිනිරන් පතල් රාශියක් දොඩංගස්ලන්ද ප්‍රදේශය පුරා විසිර තිබිමය. එසේම 1936 දැදිගම ආසනයට තරග කිරීම සඳහා ඩඩ්ලි සේනානායක මහතාට තිබූ එකම සම්බන්ධතාව සේනානායක පවුලට අයත් නාරංගොඩවත්ත එම මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටා තිබිමය. සිරිපාල සමරක්කොඩි මහතාටද එපමණය. ඔහු ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ සේනානායක පවුලට අයත් නාරම්මල කොවුල් වැව වත්තේ හිඳිමිනි.
මහජනයාගෙන් ඈත්වූ වලව්වක සම්බන්ධකම් තිබූ හිටපු දුර්වල රාජ්‍ය මන්ත්‍රීවරයකු වූයේ ඩබ්ලිව්.එච්.ආර්.එස්. ජයසුන්දර මහතාය. ඔහු පරදවා වැඩි ඡන්ද දස දහසක පහසු ජයක් ලබාගන්නට සිරිපාල සමරක්කොඩි මහතා සමත් විය. ඉතා ප්‍රගතිශීලී මන්ත්‍රීවරයකු වූ සිරිපාල සමරක්කොඩි මහතා (ඔහු අවංක මාක්ස්වාදියෙකු වූ එඩ්මන් සමරක්කොඩි මහතාගේ වැඩිමහල් සොහොයුරාය) මන්ත්‍රී පදවිය ලබා නොබෝ කලකින් කළ ප්‍රධාන කටයුත්ත වූයේ ප්‍රදේශයේ කින්නර කුලයට’ අයත් ගම්වල දරුවන්ට පාසල්වලට ඇතුළුවීමට තිබූ බාධකය ඉවත් කරමින් තමාගේ ප්‍රධානත්වයෙන් අපූරු පෙරහරක් පවත්වා, සත්‍ය ග්‍රහයක් කොට ඉන් ජයග්‍රහණය ලැබිමය.
විශේෂ ස්තූතිය
ඇස්. පියසේන
උපකාරක මූලාශ්‍ර
- 1945 දී ජී.පී.ඩී. ජිනදාස මහතා විසින් රචිත එෆ්.ආර්.සේනානායක චරිතය ග්‍රන්ථය (සේයාරූ සමහරක් මෙයින් ලබා ගන්නා ලදි)
- ටී.එස්. ධර්මබන්ධු මහතා විසින් සම්පාදනය කරනා ලද සිංහල වීරයෝ ග්‍රන්ථය
No comments:
Post a Comment