බාලදක්ෂ වයිස් අද්මිරාල්වරයෙකුගේ ආගමනය
![]() |
නව නාවික හමුදාපතිවරයා ජනපති හමුවූ අවස්තාව |
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී පෙරවරුවේ
පැවැති හමුවකදී ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී නව නාවික හමුදාපති ලෙස
වැඩ බාර ගනු ලැබූවේය. නව පත්වීම භාර ගැනීමෙන් අනතුරැව ඒ බව රාජ්‍ය නායකයාට සැළ කිරීමේ සම්ප‍්‍රදායක් ලෙස ජනාධිපතිතුමා හමු වී ඉදිරි වැඩ පිළීවෙල සාකච්ඡා කරනු ලැබේ. මෙම හමුව සිහිගැන්වීම උදෙමා වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු
තිළිණයක් ද පිළිගැන්වනු ලැබිණ.
ශ්‍රී ලංකාවේ 20වැනි නාවික හමුදාපති, ජනාධිපති බාලදක්ෂ, ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාට බාලදක්ෂයන්ගේ උත්තමාචාරය!
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමළයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ නිර්මාතෘවරයා ද වේ. විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ කර, විශේෂ බලකා පුහුණුව ලබා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහලම තනතුර හෙබවීමෙන් ඉතිහාස ගතවීමට හැකිවූ ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණ නිලධාරියා ද වේ. වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වූ අතර, සිය කීර්තිමත් නාවික දිවියේ දෙවතාවක් එම බලඝණයට අණදීමට භාග්‍ය ලද්දකු වේ. ලොව අනෙකුත් විශේෂ බලකායන් සමග සමවිය හැකි පරිදි විශේෂ බලඝණය දියුණු කරලීම සඳහා ඔහු ඉමහත් කැපවීමක් හා දායකත්වයක් දක්වා ඇත. විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයින් හට ඔහු විසින් ලබාදෙන ලද ආවේණික හැකියාවන් සහ යුද උපක්‍රම විශේෂ යාත්‍රා බලඝණයේ වෘත්තීය නිපුනතාවයන් ගොඩනැංවීමේ පදනම ලෙස වර්තමානය දක්වා ද නොසැලී පවතී. ගොඩබිමෙහි, සාගරයෙහි ගුවනෙහි මෙන්ම දිය යට කෙරෙන මෙහෙයුම් සඳහා පුහුණුව ලබා ඇති විශේෂ යාත්‍රා බලඝණය වෙරළාසන්න සැඟවුනු සටන්, දිගුදුර නිරීක්ෂණ මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මෙහෙයුම්, සාගරයෙන් හා ගොඩබිමෙන් සිදුකෙරෙන ක්ෂණික කුඩා කණ්ඩායම් ප්‍රහාර මෙන්ම ප්‍රභූ ආරක්ෂක රාජකාරීන් සඳහා සුවිශේෂී නිපුනත්වයක් දක්වයි. වර්ෂ 22ක් පුරා මෙම මෙහෙයුම් සඳහා දයකත්වය ලබාදී ඇති විශේෂ යාත්‍රා බලඝණය අද වන විට ප්‍රමුඛතම විශේෂ බලකායක් බවට පත්ව ඇති අතර, ඔවුන් විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හමුවේ පෙන්වන ලද අභීතභාවය හා වෘත්තීය නිපුනත්වය කලාපයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද පැසසුමට ලක්ව ඇත.
වැඩි තොරතුරු.
https://www.facebook.com/media/set/?set=a.875246592524929.1073741915.357615254288068&type=3
No comments:
Post a Comment