Translate

Monday, July 24, 2017

බාලදක්ෂ ගැට පාඩම - වටයක් පටලැවු වළලු දෙකේ ගැටය

Related image 

දේශීය නාමය : වටයක් පටලැවු වළලු දෙකේ ගැටය

වෙනත් නම් : බෝට්ටු ගැටය

මුල් නාමය : Round Turn And Two Half Hitches, Boating Knot,

ප්‍රභේධය : (Hitch)

කාර්යක්ෂමතාවය : 48%-58%

ඉතිහාසය : වසර දහස් ගණනක් වූ සමුද්‍ර දේශාටනය හේතුවෙන් දියුණුවට පත් වූ නාවික හා ධීවර කටයුතුවලදී භාවිතයට ගන්නට ඇතැයි සැලකේ.
සමරූපී වෙනත් ගැට : Two half-hitches, Clove hitch, Buntline hitch, Capstan Hitch, Towboat Hitch, Noose Knot,

භාවිතය : ලණුවක් ඉතා තදින් ඇද රඳවා ගැට ගසා ගැනිම සඳහා යොදනු ලබයි. ලණුවේ ක්‍රියාකාරී අන්තය පුඩුවක් හෝ මුදුවක් තුළින් එක්වටයක් යවා භාරය ගන්න ලනුව මත අඩගැටය දෙවරක් යොදා තද කරන්න. මෙම ගැටයෙහි ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු අදියරෙහිදී වට රවුම යෙදීම (Round Turn) අවශතාව අනුව ද්විත්ව කර වුවද යෙදිය හැකිය. ගැටයෙහි අවසන් අදියරෙහි දී අඩ ගැට (Two or More Half Hitches) ද්විත්වයක් හෝ පෙළක් යෙදීම කළහැකිය. අඩගැට යෙදීමේදී සෑම විටම එකම අතට දිශාවට හා සමාන දුරින් යෙදීමෙන් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගතහැකිය. ක්‍රියාකාරී අන්තය ලනුවට තබා වෙලාගැනීමෙන් රැඳවුම වඩාත් ස්ථීරව පවත්වා ගතහැකි වේ.
 

ප්‍රයෝජන : මෙම ගැටය බාලදක්ෂයන් විසින් කාණ්ඩ කූඩාරම් ලණුව කූඤයට ඇද ගැට ගැසිම සඳහා බහුලව යොදනු ලැබේ. හැන්ඩි බිලි යෙදුමේදී ද ලණුව තදින් ඇද බැදීම සඳහා යොදාගත හැකිය. බොට්ටුවක් තොටපල දක්වා ඇද බැදතබා ගැනීම සඳහාත් මෙය යොදා ගත හැකිය. දැඩි සුළං පවතින හෝ ප්‍රමාණයෙන් විශාල බොට්ටුවක් රැඳවීමේදී වටරවුම් දෙකක් හා අඩගැට පෙළක් යෙදීමෙන් අතිරේක භාරයක් හා වැඩි පාලනයක් ලබා ගැනීම කළහැකි වේ.


Image result for Round Turn And Two Half Hitches 
 
වෙනත් ස්වරූප : යොදනු ලබන ලණුපටවල් ද්විත්ත්ව කිරීමෙන් වට දෙකක් පටලැවු වළලු ගැට (Double Round Turn and Two or More Half Hitches) නිර්මාණය කරනු ලැබේ. වැඩි කාර්යක්ෂමතාවයක් හා වැඩි ශක්තියක් ලබාගැනීම සඳහා  මෙය යොදාගැනීම සුදුසු වේ. එහිදී ගැටය ලිහා ගැනීමට වැඩි කාලයක් යෙදිය යුතුය.


ගැටය යොදන ආකාරය :
Related image
 
වැඩි විස්තර :
List of bend knots / List of knots /
List of knots /
Category:Knots 

1 comment: