Translate

Monday, March 18, 2024

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භයට එක් වෙමින් ජනපතිතුමා කළ කථාව

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජම්බෝරිය නියෝජනය කරන්නේ නෑ. සැම දෙනා එක් වුණොත් මතු පරපුරට සුරක්ෂිත රටක් ගොඩනඟා දිය හැකියි. යහපත් පුරවැසියන් රටට තනන බාලදක්ෂ ව්‍යාපාරයට උපරිම අනුග්‍රහය දක්වනවා. බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසනවා..

රනිල් වික්‍රමසිංහ
ප්‍රධාන බාලදක්ෂක /ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපති
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්‍ වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කරගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රහය දක්වන බව මෙහිදී පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විවෘත කෙරිණි. ‘වෙනසක් සඳහා නායකත්වය’ යන තේමාව යටතේ පෙබරවාරි 20 සිට 26 දා දක්වා පැවැත්වෙන මේ ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාල දක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරන කණ්ඩායමක්ද කඳවුරට එකව සිටින අතර, පෝතක බාලදක්ෂයන් සඳහාද මෙවර අවස්ථාව හිමි කර දී තිබීම විශේෂත්වයකි.



10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර ලේන්සුව සහ පදක්කම පැලඳවීමද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු වූ අතර, ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාපද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි. 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක් වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතාබහක නිරත විය.

අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටිති.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාලදක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර, ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සන්දර්ශන ද ඊට ඇතුළත් වේ. ඊයේ (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර තැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“දස වැනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගි වී සිටිනවා. අද ඔබ මීට සහභාගි වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි. අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයකු ලෙසයි. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතැනට පැමිණි සියලු දෙනාටම පළමුව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලු දෙනාගේ මේ සාමූහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා; ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වනවා.

“බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මේ වගකීම භාර ගත් අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ නංවාගැනීමට අපට හැකියාවක් තිබෙනවාද කියා. එය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. එබැවින් සියලු දෙනා එක්ව මේ බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී ඒ සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ දෙකක ඉලක්කය සම්පූර්ණ කළ විට ඒ වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් දීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමැතියි. එහෙත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර මඟින් නව දැනුම හා නව තාක්ෂණය සැලසිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය සැපයිය හැකියි. නව දැනුම ගෙනදෙන මාර්ගයක් ලෙසත් මේ බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට මා බලාපොරොත්තු වනවා.

“කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මේ බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක් කිරීමට අපේ සහාය දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වනවා.


“බාලදක්ෂයන් පමණක් නොවෙයි, අනෙක් සියලු දෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට තිබෙනවා. එය අප සියලු දෙනා ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලු දෙනාම දුක් වින්දා: විදුලි බලය තිබුණේ නැහැ; ඉන්ධන තිබුණේ නැහැ; ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ; තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අප පසු කළේ. අපේ රට බංකොළොත් වුණා. එහෙත් දැන් ක්‍රමානුකූලව ඒ බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන දුන් නමුත්, තවත් අසීරුකම් තිබෙනවා. ඒත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසු අප සියලු දෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැගිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සුදානම්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

“අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලු දෙනා එකතු වුව හොත් තවත් වසර 10ක් 15ක් යන විට හොඳ රටක් බිහි කරගත හැකියි. එය මේ රට අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”

නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ නියෝජිත සයිමන් බොක්‍රේ, බාලදක්ෂ කඳවුරු සංවිධායක, වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුසන්තා හේරත්, නියෝජ්‍ය ජම්බෝරි නායක, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 


blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො,

No comments:

Post a Comment