Translate

Thursday, May 2, 2019

බී.පී. ගේ වාහනේ

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 21 ක් ගතවීම නිමිත්තෙන් 1929 දී එංගලන්තයේ ලිවර්පූල් හි රෝයල් පාර්ක් උද්‍යානයේ දී ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්විණ. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමා වෙත අපූරු ත්‍යාගයක් පිරිනැමුණි. එය රොල්ස් රෝයි වර්ගයේ විශේෂ වාහනයකි. ‘Coming of Age’ ලෝක බාලදක්ෂ ජම්බෝරියට පැමිණියේ බාලදක්ෂයින්ගෙන් එකතු කළ මුදලින් මිල දී ගත් මෝටර් මෙම රථයෙනි. (ඔහුගේ පැරණි මෝටර් රථය නිතරම කඩා වැටුණු අතර දෙවරක්ම ජම්බෝරියේ සිට නිවස දක්වා එම වාහනය ඇද ගෙන යාමට සිදු විය.) ඊටම එක්කල අලංකාර කැරවෑනයක් ද එහි විය. එය Eccles Caravan ලෙස ප්‍රසිද්ධ විය. මෙම මෝටර් රථය ජෑම් රෝල්ගේ අන්වර්ථ නාමයෙන් ද ප්‍රසිද්ධ විය. ජම්බෝරියෙහි ඉදිරිපත් කරන ලද රෝල්ස් රොයිස් සහ Eccles නමින් හැඳින්වෙන කැරවෑනය කා අතරත් ජනප්‍රිය විය.  Eccles නම් කැරවෑනයේ නිෂ්පාදකයාගේ නම විය. Eccles යනු පලතුරු පිරුණු පේස්ට්රි වර්ගයකි. මෙම ජම්බෝරියේදී බේඩන් පවෙල් විසින් ජෝර්ජ් V විසින් ගිල්වෙල්හි 1 බාරොන්හි බෙඩ්න් පවල් යන නාමය ද ඇතුලු ත්‍යාග රාශියක් දිනා ගත්තේය.


Image result for scout jam roll bp

පෙනී ජෑම් රෝල්

එක් බාලදක්ෂයෙක් අවම වශයෙන් පෙනී එකක්වත් අරමුදලට පරිත්‍යාග කළේය. ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී සිදුවූ මෙම අපූරැ සිදුවීම මතකයේ රැඳවූයේ ඒ වෙනුවෙන් අපූරු නමක් ආදේශ වූ බැවින්ය. ජෑම් රෝල් යන ආදරබර නාමයෙන් එම රථය හැඳින්විය. එහි අරැත වූයේ Jamboree And Rolls Royce යන්නය. රෝල්ස් රොයිස් රථයක් වූ එය බාලදක්ෂයින් එසේ නම්කළ ද ආදී කර්තෘතුමන් එය හැඳින්වූයේ එක්ලස් යන නමින්ය. එකතු කළ යන අර්ථය එයට වඩාත් උචිත බව බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අදහස විය.


 

සෑම ප්‍රදේශයකම එක්ලස් එංගලන්තයේ සුප්‍රකට රෝල්ස් රොයිස් රථ සඳහා ලෝකයේ ඉල්ලුමක් නිර්මාණය කිරීමේ පෙරගමන්කරැවා විය. අශ්වබල 20 ක ධාරිතාවකින් යුතු එක්ලස්ගේ අංකය OU 2938 විය. බඳෙහි අංකය GVO – 40 ලෙස නම්කර ඇත. බේඩ්න් පවෙල් සාමිතුමා සහ ඔලෙව් මැතිනිය නිල රථයෙන් එංගලන්තයේ සෑම ප්‍රදේශයකම සැරිසැරෑහ. බාලදක්ෂ කණ්ඩායම් වෙත ගොස් ඒවා ශක්තිමත් කළහ. වැරදි නිවැරදි කළහ. නිල රථය නොගිය තැනක් නැති බව වරෙක දී ඔලෙව් මැතිනිය ප්‍රකාශ කළාය. 

කැරවෑනය

කඳවුරැ නිරීක්ෂණය සඳහා ගියවිට රථයට පිටුපසින් සම්බන්ධ කළ කැරවෑනය තුළ බේඩ්න් පවෙල් සාමිතුමා රුය පහන් කළේ බාලදක්ෂයින් සමග තමන් නිරතුරැව සිටිනා බව ඒත්තු ගැන්වීමටය. 1941 වසරේ දී බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අභාවයෙන් පසු ඔලෙව් මැතිනියගේ පරිහරණය කළ එක්ලස් අද වන විට ලෝක බාලදක්ෂයින්ගේ ඓතිහාසික කෞතුක වස්තුවක් බවට පත්ව ඇත.

සැඳෑ සුවය විදින එක්ලස් 

සිදුවීම් ගණනාවකට පසු බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ නිල රථය එංගන්තයේ ගිල්බල් බාලදක්ෂ උද්‍යානය වෙත රුගෙන එන ලදී. මෙහි දැක්වෙන්නේ අදටත් විරාජමානව සිටින එක්ලස් ය. එක්ලස් වෙනුවෙන්ම නිර්මාණය කළ ගරාජය තුළ එක්ලස් තනි නැති බව හැඟවීමට ආදි කර්තෘ යුවළ සිහිවනු වස් නිර්මාණය කළ ප්‍රතිමා දෙක අදටත් බාලදක්ෂයින්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වෙයි. මෙහි දැක්වෙන්නේ ගිල්බල් හි සංරක්ෂණය කළ බේඩ්න් පවෙල් යුවළගේ ප්‍රතිමාවත්, ඔවුන්ගේ නිල රථයත්ය.


Jam Roll හි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ රෝල්ස් රොයිස් රේඩියේටර් මත බාලදක්ෂ ආදර්ශ පාඨය "සූදානම් වන්න" යොදා තිබේ. වර්ෂ 1945 දී බෙන් පවල් විසින් පෙනී රෝල් වාහනය විකුණන ලද අතර එය බෙන් ග්රව් විසින් නැවතත් 1986 දී මෝටර් රථය සැතපුම් 53,000 ක් ගෙන එනු ලැබුවේය.

No comments:

Post a Comment