Translate

Sunday, May 21, 2017

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016 (අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ)

'මම අමතර පන්තියකට ගියේ සිංහල විෂයයට විතරයි, ඉංජිනේරුවරියක්‌ වීම ඉලක්‌කයයි! මම දිවයිනේ වැඩිම ලකුණු ඇති සිසුන් අතරට එයි කියා ගුරුවරු කීවා. ඒත් මට ඉලක්කය තිබුණේ ඒ සාමාර්ථ 9 ක් ගැනීම පමණයි. මම ඒ ඉලක්කයේම හිටියා. කිසිම වෙලාවක කටපාඩම් කරන්න ගියේ නැහැ. ඒත් හැකි උපරිම පමණින් අභ්‍යාස කළා'

අපොස සා. /පෙළ පළමු වැනියා

කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල්

2016 සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජය ගන්නට වෙහෙසුණු දූ දරුවන්ගේ මාර්තු 28 වැනිදා ප්‍රතිඵල නිකුත් කෙරිණ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8,224 කි. 2015 වසරේදී එම සංඛ්‍යාව 6,102 ක් වූ අතර මෙවර ඒ 9 සාමාර්ථ ලැබූ ගණන පැහැදිලි ඉහළ යාමක් දක්නට තිබේ.

මෙවර අයදුම්කරුවන් පන්ලක්‌ෂ පනස්‌එක්‌ දහස්‌ තුන්සිය හතළිස්‌ දෙනකු අතරින් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ හපනුන් අතර බාලදක්ෂිකාවක් ද විය. ඇය 2016 අ.පො.ස. (සා.පෙළ) විභාගයට A සාමාර්ථ 9 ක් ලබාගෙන දිවයිනෙන් පළමුවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. ඇයගේ පියා මොරටුව සරසවියේ ආචාර්යවරයෙකු වන අතර මව විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කරන්නියකි. අනුකිට නැගණියක්‌ද සිටින අතර, ඇය ද විශාඛා විදුහලේ 10 වැනි වසරේ ශිෂ්‍යාවකි. අනුකි ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරුවෙකු වීමට කැමැත්ත දක්වන්නීය.  

මට හැම විභාගයකදීම ලකුණුවල සාමාන්‍ය 95%කට වඩා වැඩියෙන් තිබුණා. ඒ නිසා පළමු දස දෙනා අතරට එන්න මහන්සි වෙන්න කියලා ගුරුවරුන් නිතරම කිව්වා. මගේ අඩුපාඩු හදා ගන්න ගුරුතුමියන් සියලු දෙනා උදවු කළා. මුලින් මම උපකාරක පන්තිවලට ගියේ නෑ. ගණිතය, විද්‍යාව විෂයයන්වල නොදන්නා කරුණු අම්මාගෙනුත්, තාත්තාගෙනුත් අසා දැන ගත්තා. ඒත් ලංකාවෙන් මුල් දස දෙනා අතරට එන්න පුළුවන් වේවි කියලා හිතූ නිසා සිංහල විෂයයට විතරක් අමතර පන්තියකට ගියා.

පුංචි කාලේ සිටම පොත්පත් කියවන්න මම කැමතියි. ඒ වගේම පාසලේ වැඩ කටයුතුවලට අමතරව මම ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන ඒවාට පිළිතුරු ලිවීමටත් පුරුදු වුණා. පාසලේ පැවති පරීක්‌ෂණවලදී සිංහල විෂයයට ලකුණු අඩු වීමක්‌ තිබුණා. සාහිත්‍ය සම්බන්ධයෙන් මම ටිකක්‌ දුර්වල මට්‌ටමක හිටියෙ. ඒ නිසා මම සිංහල විෂයයට පමණක්‌ අමතර පන්තියකට ගියා. ඒ ගියෙත් එකොළහ ශේ්‍රණියේදී විතරයි. ඒ අමතර පන්තියෙන් මට උපකාරයක්‌ ලැබුණා." යෑයිද අනුකි සිසුවිය කීවාය.   

"සෑම විෂයයකට ම එක හා සමාන අවධානයක් යොමු කරමින් සැලසුමකට අනුව කැපවීමෙන් යුතුව පාඩම් වැඩ සිදු කිරීම නිසා දිවයිනෙන් ම ප්‍රථමයා වීමට හැකි වූණා. පාසලෙන් ලැබුණු මඟ පෙන්වීමත්, අම්මා සහ තාත්තාගෙන් ලැබුණු දිරිගැන්වීමත් මෙවැනි ප්‍රතිඵලයක් ලැබීමට බෙහෙවින් හේතු වූණා. විශේෂයෙන් ම විශාඛා විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ මහත්මිය ශිෂ්‍යාවන් සියලු දෙනාගේ ප්‍රතිඵල ඉහළ නැංවීමට විශේෂ කැපවීමකින් කටයුතු කරනවා. මට ඉගැන්වූ සියලු ගුරුවරුන් නියමිත කාලයටත් පෙර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම උගන්වා අවසන් කර අමතර පන්ති පවත්වමින් දැනුම දියුණු කරගැනීමට උපකාර කළා.

පොත් කියවන එක තමයි මගේ සතුට. කටපාඩම් කිරීම අතහැර අභ්‍යාස කිරීම විභාග ජයගැනීමේ අනෙක් රහස යැයි ද ඇය කියා සිටියාය.  පළමු වසරේ සිට විශාඛා බාලිකා විද්‍යාලයේ සිසුවියක් වූ අනුකි පාසලේ අධ්‍යාපනයට මෙන්ම බාහිර කි‍්‍රයාකාරකම්වලද යෙදුණාය. අපේ ඉගෙනීමේ වැඩ කටයුතුවලට අම්මා සහ තාත්තාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. විෂය බාහිර කටයුතුවලත් නිරත වුණා. ඒ ‍වගේම මම පාසල් චෙස් කණ්ඩායමේ සාමාජිකාවක්. කේවල තරගවල දී මෙන්ම කණ්ඩායම් තරගවලදීත් පාසලට සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර දී තිබෙනවා. බටහිර සංගීතයට ලැදි ඇය සාමාන්‍ය පෙළ විෂයයක් ලෙසද බටහිර සංගීතය හදාරා තිබේ. විශේෂයෙන් පාසලේ බාලදක්ෂීකා කණ්ඩායමේ වගේම චෙස් කණ්ඩායමේ ද කැපී පෙනෙන සාමාජිකාවක් වන ඇය තම ජයග‍්‍රහණය පිළිබඳව මෙසේ කීවාය.


1. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුමන පාසල්වලද? මම එක වසරේ ඉඳලා ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. ලකුණු 173ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා.
2. ඔබේ පන්තියේ සිටි දුර්වල සිසුන්ට ඔබ උදව් කළේ මොන ආකාරයෙන්ද? අපේ පන්තියේ ළමයි 50 දෙනෙක් හිටියා. ඒ අතර හොඳ යාළුවෝ කීප දෙනෙක් හිටියත් හැමෝම එක්ක මම හොඳින් හිටියා. කවුරු හරි තමන් දන්නේ නැති දෙයක් මගෙන් ඇහුවොත් මම කියලා දුන්නා. ගණිතයට විශේෂයි.

3. දවස සැලසුම් කළේ කෙසේද? මම කවදාවත් උදේ පාන්දර පාඩම් කළේ නෑ. උදේ 6.00ට නැගිටලා ඉස්කෝලෙ ගියා. පාඩම් කළේ රෑට. නිවාඩු දවස්වල පාන්දර දෙක තුන වෙනතුරුත් ඉස්කෝලෙ යන දවස්වල රෑ 12.00 වෙනතුරුත් පාඩම් කළා. සිංහලවලට විතරයි පන්ති ගියේ. මගේ අමතර කාලය යෙදෙව්වේ චෙස් ක්‍රීඩාවටයි, ‍පොත් කියවීමටයි.

4. ඉගෙනීමට අමතරව කළ කී දෑ මොනවාද? බාලදක්ෂිකාවක් විදියටත් හිටියා. සාමාන්‍යයෙන් චෙස් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා පළමුවැනි තැනට ආවේ අපේ පාසලයි. මම මෙවර ආසියානු යොවුන් චෙස් තරගාවලියටත් සහභාගි වෙනවා.

5. ඔබ ජීවිතේ සතුටක් වින්දේ කුමනාකාරයෙන්ද? අම්මා තාත්තා ගෙනත් දුන්න ඉංග්‍රීසි කතන්දර ‍පොත්, නවකතා, කබඩ් එකක්ම තියෙනවා. සා‍ලේ පුටුවට වෙලා ‍පොතක් කියවන එකෙන් තමයි මම වැඩිපුරම සතුටු වෙන්නෙ.

6. අම්මා තාත්තා ඔබට උදව් කළේ කොහොමද? අම්මයි තාත්තයි වගේම ආච්චිත් මට ගණිතය, විද්‍යාව වගේ විෂයයන් කියලා දුන්නා. ඒ අය කාර්ය බහුල වුණත් නිතර මගේ ඉගෙනීමට තමයි මුල්තැන දුන්නේ.

7. මීට අමතරව ඔබට සඳහන් කළ යුතු දෙයක් තියෙනවාද? විශාඛා විද්‍යාලයට, විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ට මට ඉගැන්නූ ගුරුවරුන්ට, අම්මට, තාත්තට, නංගි ඇතුළු මා දිරිමත් කළ පවු‍ලේ හැමෝටමත්, යහළුවන්ටත් ස්තුතියි.


--------------
The number of GCE O/L cadidates for the 2016 GCE Ordinary Level Examination has been recorded as 551,340. Other Best Ranked students are:

1. Anuki Chamathka Pasqual of Visakha Vidyalaya, Colombo
2. S M Munasinghe of Mahamaya College, Kandy
3. R M Sugath Ravindu of Ananda College
3. Dimuth Oshadi Mirissage of Rahula College Matara
4. Pabasara Herath of Ratnawalee Balika Vidyalaya, Gampaha
5. Ranumi Nanayakkara of Devi Balika College
5. Damsara Medavi of Sangamitta Balika Vidyalaya, Galle
5. A Abinanthan of Hindu College, Jaffna 6. K.G.G.E. Randini de Silva of Southland College, Galle
6. E.A. Yasara Umashi of Sujatha Vidyalaya, Matara –




No comments:

Post a Comment