සියවස් සංවත්සරය සමරණ මහනුවර උසස් බාලිකා බාලදක්ෂිකාවෝ...

ඉන්පසුව බාලදක්ෂිකා
ව්‍යාපාරය ලංකාවේ ප්‍රධාන නගරවල ප්‍රධාන කාන්තා පාසල්වලට ව්‍යාප්ත වූ අතර ඒ
යුගයේදී සමහර කාන්තාවන් තමන්ට උරුම වූ අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කරමින්
සිටියහ. නොයෙක් අංශවලින් කාන්තාවන් ඉදිරියට පැමිණි අතර ඇතැම් අය නීති
වෘත්තීයට පිවිසිණි. බාලදක්ෂිකා ව්‍යාපාරය තුළින් ද කාන්තාවන්ට තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව
ලැබී තිබේ. වර්තමානයේ දී බාලදක්ෂ ව්‍යාපාරය මෙන්ම බාලදක්ෂිකා
ව්‍යාපාරයත් සමාන ලෙසම දියුණුවට පත්වී ඇත. මේ ව්‍යාපාර ද්විත්වය මගින් තමන්ට වෙනම අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට හැකි වූ අතර සමස්ත ළමා පරපුරටම ඉමහත් ශක්තියක් ද අත්විය.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා කටයුතු ආරම්භ වූයේ 1917 මාර්තු 21 දින
ය. මහනුවර උසස් බාලිකා විදුහලේ එවකට විදුහල්පතිනිය වූ සැන්සම් මෙනෙවියගේ
උනන්දුව මත ජෙනී කැල්වර්ලි මෙනෙවිය විසින් එය හඳුන්වා දෙන ලදි. ඒ හරහා
සමස්ත බාලිකාවන්ට තම දක්ෂතා පෙන්වන්නට අවස්ථාව උදා වුණු අතර අද වන විට කලාප
පහක් තුළ රටවල් 145ක් පුරා බාලදක්ෂිකාවන් හැට දෙදහස ඉක්මවා තිබීමෙන් එහි
සාර්ථකත්වය තහවුරු කෙරේ.
වර්තමානයේ පාසල් තුළ වයස් මට්ටම් අනුව අංශ හතරකට බෙදී මෙම බාලදක්ෂිකා ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. උදව් කරන්න තේමාව යටතේ කුඩා මිතුරියෝ ද, සූදානම් ව සිටින්න තේමාව යටතේ බාලදක්ෂිකාවෝ ද, ජ්‍යේෂ්ඨ බාලදක්ෂිකාවෝ ද කටයුතු කරන අතර සතුටු වන්න
තේමාවෙන් සමනලියන් කණ්ඩායම ද විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී අනාගතයට
සූදානම් වෙති.
2012 වසරේ එක්සත් රාජධානියේ බාලදක්ෂිකා ව්‍යාපාරයේ ප්‍රධාන විධායක
නිලධාරිනිය වන ජුලී බෙට්නි මහත්මිය පැවසූයේ මෙය ස්ත්රීවාදයේ ව්‍යාපාරයක්
බවට පත් වී ඇති බවයි. මෙම ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ සියලූ දෙනා ස්වෙච්ඡාවෙන් සේවය කිරීමයි.
ලාභ අපේක්ෂාවකින් තොරව කැපවීමෙන් ඔවුන් සේවය සලසනවා. මෙම ව්‍යාපාරය ඇරඹූ
දා සිට කාන්තාවන් මීට එක්වීම සඳහා විශේෂ උනන්දුවක් දැක්වූවා. ඇතැම්විට
පාසලෙන් නික්ම ගොස් රැකියාවක් කරන විටත් මේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක්
දැක්වූවා. ස්වෙච්ඡා සේවයක් නැති නම් අද මේ ව්‍යාපාරයත් නැහැ. එම කැපවීමට
විශාල විනයක් තිබිය යුතුයි. මේ ව්‍යාපාරය ඉදිරියට ගියේ ඒ අනුවයි.
බාලදක්ෂිකා ව්‍යාපාරය මහනුවර උසස් බාලිකාවෙන් ඇරඹි අතර
සමනලියන් කණ්ඩායම ද 2013 වර්ෂයේ දී මුලින් ම ආරම්භ වූයේ මහනුවර උසස්
බාලිකාවෙන් වීම විශේෂත්වයකි. එදා සිට මේ දක්වා විදුහල මෙහෙය වූ
විදුහල්පතිනියන්ගේ උපදෙස් හා බාලදක්ෂිකා කටයුතු භාර නායිකාවන්ගේ මග පෙන්වීම
අනුව බාලදක්ෂිකාවන් රැසක් සමාජ ගත වීම විශ්වීය සමාජයට අනුගත වන්නා වූ
පිරිපුන් උසස් කාන්තාවක දායාද කිරීම යන උසස් බාලිකා දැක්ම අනුව යාමක් වෙයි.
සෑම වසරක ම උසස් බාලිකාවෙන් ජනාධිපති බාලදක්ෂිකාවන් බිහි කර ඇති අතර
මධ්‍යම පළාතේ වැඩි ම ජනාධිපති බාලදක්ෂිකාවන් (13ක් ) බිහි කළ වසර ලෙස ද
2014 වසර ඉතිහාසයට එක් ව ඇත.
සියවසක ගමන් මග ආවර්ජනය කරන මේ අවස්ථාවේ එදා
සිට අද දක්වා ද බාලදක්ෂිකා ව්‍යාපාරය වෙනුවෙන් උසස් බාලිකාවේ දායකත්වය ද
විශේෂයෙන් අගය කළ යුතු ව ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ බාලදක්ෂිකා කටයුතු
සඳහා උසස් බාලිකා විදුහලේ බාලදක්ෂිකා නිවහන මුල් කර ගනිමින්
ආධුනික බාලදක්ෂිකාවන්ගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබන අතර බාලදක්ෂිකා සංගමයේ
නිලධාරින් ඇතුළු පළාත් කොමසාරිස්වරුන්ගේ සියලු ම සැලසුම් සංවිධානය කරන
මෙහෙයුම් ස්ථානයක් ලෙස ද මෙම පාසල් පරිශ්‍රය භාවිත කෙරේ.

අභියෝගාත්මක සමාජ ප්‍රවාහය තුළ නොසැලෙන
පෞරුෂත්වයක් හා නායකත්වයක් ඇති කර ගැනීමට හේතු වුණු බාලදක්ෂිකා ව්‍යාපාරය
මෙරට ආරම්භ කරමින් පවත්වාගෙන යන්නට කැප වූ පූර්ව විදුහල්පතිනියන්, නියෝජ්‍ය
විදුහල්පතිනියන්, බාලදක්ෂිකා භාර නායිකාවන් ඇතුළු සමස්ත බාලදක්ෂිකා
ප්‍රජාව ද ඉකුත් දශකය පුරා විදුහලේ බාලදක්ෂිකා ව්‍යාපාරය ශක්තිමත් කරන්නට
කැප වූ උසස් බාලිකා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය ද විදුහල තුළ තව
දුරටත් එම ව්‍යාපාරය හා බැඳුණු ක්‍රියාකාරකම්වල නියැලුණු චන්ද්‍රානි
දිසානායක, නයනා අදිකාරි, මල්ලිකා සුබ්‍රමානියම් මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්
හා පළාත් නිලධාරීන්ගේ ද ප්‍රගති සමාලෝචන අධ්යක්ෂ පුෂ්පා ආර්යරත්න
මහත්මියගේ ද සේවය විශේෂයෙන් අගය කරන අතර සියවස් සැමරුම උදෙසා විශේෂ වැඩ
සටහන් රැසක් ද සැලසුම් කර ඇති බව සඳහන් කිරීම වටී. සියවස් සැමරුම් ඵලකයක්
නිරාවරණය කිරීමට ද කටයුතු යොදා ඇත. (මෙතනින්)
1වැනි මහනුවර උසස් බාලිකාවේ බාලදක්ෂිකා සමූහයට SCOUTING සගරාවේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු.
විශේෂ ස්තූතිය
ඇන්ටන් විජේරත්න
No comments:
Post a Comment