
1985 වර්ෂයේදී
පෝතක බාලදක්ෂයෙකු ලෙස තම සුරුවිරුකම්, අත්දැකීම් බවට පත්කරගත් එච්.එල්.
ක්‍රිෂාන්ත එදා මෙදා තුල සාරාලංකාර නාමය බබළවමින් විද්‍යාලයෙන් බිහිවූ පළමු
ජනාධිපති බාලදක්ෂයන් දෙදෙනාගෙන් එක් අයෙකු වීමට භාග්‍ය ලබන්නේ එවකට
විද්‍යාලයීය බාලදක්ෂ ආචාර්ය ලෙස කටයුතු කල රන්ජිත් තිලකරත්න මහතාගේ මගහසර
ලබමින් 1993 වර්ෂයේදීය. ඒ නිසාම ඔහුට 1994 වර්ෂයේදී පාකිස්තානයේ පැවති 12
වන සාග් ජැම්බරියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන්නට භාග්‍ය උදාවිය. 1993 වර්ෂයේ පැවති පාඨශාලාන්තර පාපැදි තරගයට විද්‍යාලය නියෝජනය
කරමින් එක්වන ක්‍රිෂාන්ත එහි 8 වන ස්ථානය දිනාගැනීම, ඔහුගේ අනාගත දැක්ම
වෙනතකට යොමුවීමට හේතු විය.
අ.පො.ස. (සා/පෙල) විභාගය ඉහලින් සමත් වුවද බයිසිකල් පැදිම මුලික දින චරියාව කරගත් ක්‍රිෂාන්ත පාසල් අධ්‍යාපනයට සමුදුන්නේ ඉලක්කගත ස්ථිර අධිෂ්ඨානයකිනි. 1996 වර්ෂයේදී ගෝනාපීනුවල විජය අවුරුදු පාපැදි සවාරිය ජයගත් ක්‍රිෂාන්ත එවකට පාපැදි තරග පිටිය උඩුයටිකුරු කිරීමෙහි අභියෝගාත්මක ගමනක් ආරම්භ කර තිබුණි. එය එසේ වුවත් එම වර්ෂයේදීම සිරස රේඩියෝ නාලිකාව මගින් පවත්වනු ලැබූ "සිරස පාපැදි සවාරිය" ජයග්‍රහණය කිරීමත් සමග එච්.එල්. ක්‍රිෂාන්ත නාමය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුල ප්‍රකට මාතෘකාවක් වන්නට හේතු විය. එපමණකින් නොනැවතුනු ක්‍රිෂාන්ත, ගාලු පාපැදි සවාරිය , CIC පාපැදි චාරිකාව, සමෘද්ධි පාපැදි සවාරිය, ආදි තරග රැසක ජයග්‍රාහකයා වීම දිනෙන් දින අප කතා නායකයාගේ දක්ෂතා ප්‍රකට කරවන්නක් විය.
දිනෙන් දින පාපැදියෙන් තම අභියෝගාත්මක කඩයිම් එකින්
එක පරයා නැගෙන එච්.එල්. ක්‍රිෂාන්ත මෙරට පාපැදි ක්‍රිඩාවට අත්‍යවශ්‍ය
කෙනෙකු බවට පත්වන්නේ 2002 වර්ෂයේදී බව කිවයුතුමය. එම වර්ෂයේදි එච්.එල්
ක්‍රිෂාන්ත ශ්‍රීලංකා ජාතික පාපැදි කණ්ඩායමේ නායකත්වයට පත්වුයේ ඔහු එතෙක්
කරනා ලද සුවිශේෂී කැපකිරිම් හා අප්‍රතිහත ධෛර්ය නිසාමය. මෙරට පැවති පුමුඛතම
පාපැදි තරග 300 කට අධික සංඛ්‍යාවක් ජය ගැනීමය ක්‍රිෂාන්ත සමත්විම
සුවිශේෂිවෙයි.

2002 වර්ෂයේදී රටවල් 16 ක සහභාගිත්වයෙන් පැවැති
මැලේසියා පාපැදි සවාරියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ 4 වන
ස්ථානය දිනාගැනීමේදී එයට ක්‍රිෂාන්තගෙන් ලද දායකත්වයද ඉහලින් පැවතුණි. ක්‍රීඩාව තුලින් එච්.එල්. ක්‍රිෂාන්ත ලබාගෙන ඇති අත්දැකීම් ඉදිරිපරපුරට ලබාදීමට ඔහුට අවස්ථා ලබාදෙමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් 2015 වර්ෂයේදී ශ්‍රීලංකා ජාතික පාපැදි තේරිමි කමිටුවේ සභාපති ලෙස හා ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පා පැදි සංගමයේ තරග සංවිධායක ධූරයන්ගේ එච්.එල්. ක්‍රිෂාන්ත පිදුම් ලබනා ලදි. මෙසේ පාපැදි ක්‍රීඩාව තුළින් දෙස් විදෙස් ක්‍රීඩා පිටි තුල අද්විතිය මෙන්ම පෙරලිකාර නමක් රැදවූ ක්‍රිෂාන්ත, ඔබ ශ්‍රී ලංකාවට ඉමහත් අභිමානයකි.... ගෝනපීනුවලසයිකල් ශූරයාට Scouting සඟරාවේ සුබ පැතුම්.







විශේෂ ස්තූතිය
G/Saralankara Maha Vidyalaya fb page
No comments:
Post a Comment