වසර සියයක ඉතිහාසයෙහි මං සලකුණු ලියා තැබීම උදෙසා නිර්මාණය කෙරුණු වර්ණ පිටු 68කින්යුත් බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන් සදහා ම ලියැවුණු ශ්‍රී ලංකාවේ ඇති ඒක ම බාලදක්ෂ සඟරාව.
Translate
Thursday, July 9, 2020
මුඛාවරණ මිලියනයක්! Are You Ready? ONE Million Mask Challenge for SCOUTS!
Tuesday, July 7, 2020
ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කරයි
ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කර ඇති summer Camp අකාරයට මෙහි පුහුණු කිරීමට
බලාපොරොත්තු වන බව මෙම බාලදක්ෂ පුහුණු පාසලේ නිර්මාර්තෘ හලාවත දිසාවේ හිටපු
දිසා කොමසාරිස් අචාර්ය චම්පික රෝෂන් ලෝ මහතා සඳහන් කරයි. පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු
කිරීම හා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් එකම ස්ථානයකදී කිරීමේ
අරමුණින්, හලාවත - මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී දිවයිනේ ප්‍රථම බාලදක්ෂ
පාසල විවෘත කර තිබේ.
බාලදක්ෂ ව්‍යාපාරයට විශාල සේවාවක් කළ හලාවත දිසාවේ හිටපු කීර්තිමත් දිසා
කොමසාරිස්වරයකු වූ දිවංගත ආචාර්ය එස්.රාජගුරු මහතා නමින් මෙම ස්ථානය නම් කර
ඇත. බාලදක්ෂ පාසලට පැමිණි සියලු දරුවන් හලාවත දිසා බාලදක්ෂ කොමසාරිස් නලින්
රවීන්ද්‍ර මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලදී. බාලදක්ෂ පාසල ආරම්භ
කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මූලස්ථාන කොමසාරිස් හා නුවරඑළිය
වැඩ බලන දිසා කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා ජ්‍යෙෂ්ඨ පුහුණු නායක සනත්
රෝහණ මහතා අතුළු පිරිස යෂ්ටි ආචාරයෙන් බාලදක්ෂියන් හා බාලදක්ෂිකාවන් විසින්
පිළිගන්නා ලදී.
සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනය මගින් මෙම ප්‍රඡා සත්කාරයක් ලෙස බාලදක්ෂ පාසලේ කටයතු සදහා අනුග්‍රහය ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල
Monday, June 29, 2020
බාලදක්ෂයන්ට අවශ්‍ය තරු රටා
බාලදක්ෂයන්ට අවශ්‍ය වන තරු රටා

උතුරු අහසේ පැහැදිලිව දිස්වෙන මෙය ග්‍රේඩ් ඩියර් නමින්ද හඳුන්වයි. නැවියන් ධීවරයන් කාන්තාර තරණය කරන්නන් විසින් උතුරු දිශාව තීරණය කිරීමට ධ්‍රැව තාරකාව යොදා ගනී. මෙය මහ වලසා යන නාමයෙන් හඳුන්වන්නේ තරු රටාව හා සම්බන්ධ පුරාවෘතයකට අනුවය. චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද, මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද, ඉන්දියාවේ නගුල ලෙසින්ද, රුසියාවේදී මහවලසා ලෙසින්ද, හදුන්වනු ලබන්නේ මෙම එකම තාරකා රාශියකි. මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය. එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හඳුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය. මෙය ආදි ග්‍රීක ජාතිකයන්ගේ පුරාවෘතයකට අනුව පටබැඳි නමක් ලෙසද කියැවේ.
මෙය මහවලසා ලෙස හැදින්වෙන තරු රටාව හා සම්බන්ද පුරාවෘතයකි.චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද ඉන්දියාවේ නගුල ලෙසින්ද රුසියාවේදී මහවලසා ලෙසින්ද හදුන්වනු ලබන්නේ එකම තාරකා රාශියකි.මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය.එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හදුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය.මෙය ආදී ග්‍රීක ජාතිකයන්ගේ පුරවෘතයකි.ඔවුන්ද මෙම තරු රටාව දුටුවේ වලසෙක් ලෙසිනි.එහෙත් මෙම වලසාගේ වලිගය දිගු වීම ඔවුන්ට ප්‍රශ්නයක් විය.මේ කතා ප්‍රවෘතියේ වලසාගේ වලිගය දිගු වීම අපුරුවට විස්තර කරන්නේ මෙලෙසිනි.
එකමත් එක කාලෙක ආකේඩා නම් නම් රටේ ලාකුන් නම් රජෙක් පාලනය කළා.ඔවුට කැලිස්ටෝ නමින් ඉතා ලස්සන දූ කුමරියක් සිටියා.ඇය මුළු මහත් කන්යාවන්ගෙන්ම පැහැයෙන් අග තැන්පත්.ඇය කෙතරම් ලස්සනද කිවහොත් දෙවුදුවටත් වඩා ලස්සනයි.හේරා දෙවගන මේ කුමරියට වෛර කරන්නට ගත්තා.ඇයට අවශ්‍ය වුයේ කැලිස්ටෝගේ ස්ථානය අයත් කර ගැනීමටයි.හේරාට මන්ත්‍ර බලයක් තිබු බැවින් ඇයට ඕනෑම දෙයක් කල හැකියි.හේරා කැලිස්ටෝව අප්‍රසන්න වලහෙක් බවට පත් කළා.
හේරාගේ ස්වාමි පුරුෂයා වූ සර්ව බලධාරී සුස් දෙවියාට මේ කැලිසිටෝ ගැන අනුකම්පාවක් ඇති වුනා.ඔහු මේ ප්‍රශ්නයට මැදිහත් වන විට ප්‍රමාද වැඩියි.කැලිස්ටෝ අතුරුදහන් වෙලා.කැලිස්ටෝ සොයා ගන්නා විට ඇය ඉතාමත් කැත වලසෙක් බවට පත් වී හමාරයි.සුස් දෙවියා දුවගෙන යන කැලිස්ටෝ වලසාගේ වලිගයෙන් අල්ලා ගත්තා.එසේ වලිගයෙන් ඇද අහසට විසි කළා.ඔවු කෙතරම් වැර යොදා වලිගයෙන් ඇද්දා ද යත් වලසාගේ වලිගය දිගු වුනා.මේ දිගු වලිගය සහිත වලසා අදටත් උතුරු අහසේ තරු රටාවක් වී අපට දිස් වෙනවා.
මහ වලසාද පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේ මධ්යම රාත්රියේ අහසේ උතුරු දෙසට වන්නට මඳක් ඉහළින් තමයි මෙම තරු රටාව තියෙන්නේ. මේ තරු රටාව බලන්න පොඩ්ඩෝ මධ්යම රත්රිය වෙනකම් තියා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක් වෙයි. දීප්තිමත් තරු 07කින් තියෙන මේ තරු රටාව චතුරස්රයක හැඩැති තරු හතරකින් පෙන්වනවා වගේම නැගෙනහිරට වන්නට වලසාගේ වලිගය පෙන්වන තරු 03ක් දකින්න තියෙනවා ..මෙම තරු රටාවේ තිබෙන විශේෂත්වයක් වන්නේ පෝලාරිස් හෙවත් ධ්රැව තාරකාව මෙහි පිහිටා තිබීමයි. මෙම තරුවෙහි පිහිටීම වෙනස් නොවන අතර මේ මාස වල නාවිකයන්ට හා කාන්තාරයේ ගමන් ගන්නා පිරිසට උතුරු දිශාව මෙන්ම තමන් සිටින අක්ෂාංශයන් හඳුනා ගැනීමට උපකාර වෙනවා.
පෘථවියේ සිට ආලෝක වර්ෂ 700 ක් දුරින් පිහිටා ඇත. මෙය තරු 07 කින් සමන්විත තරු රටාවකි.
දඩයක්කාරයා – Orion
මේ තාරකාව අපිට පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේදී රාත්රී අහසේ 08 ට වගේ දැකින්න පුලුවන් ජනප්රියම තරු රටාවයි..... මේක තියෙන්නේ ටිකක් අහස මුදුනට වන්නට . ඉතා දැවැන්ත නිල් පාට තරු රටාවක්...දීප්තිමත් තරු 07 ක් සහ දීප්තියෙන් අඩු තරු 06 ක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ තරු රටාවේ උරහිස් දෙක සහ දණහිස් දෙක සලකුණු කරන තරු 04 ක්ද, බඳපටියෙහි ඇති තරු 03 විශේෂත්වයක් ගන්නවා වගේම ඒ තරු 3 දීප්තිමත් තරු 07ට ඇතුළත්ව තියෙනවා. හිස සලකුණු කරන තරු 03 හා බඳපටියෙන් එල්ලෙන කඩු කොපුව සලකුණු කරන තරු 03 දීප්තියෙන් අඩු තරු. දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට යොමුව පිහිටන නිසා දිශාව හඳුනා ගැනීමට මෙය උපකාර වේ. ඇල්පා ඔරියෝනිස් නමි රතු පැහැති යෝධ තරුවකින් හා බීටා ඔරියෝනිස් නම් නිල්පැහැ යෝධ තරුවකින් මෙය සමන්විත වෙනවා . මෙම තරු දෙක අහසෙහි ඇති යොධ තරු 20 ට ත් අයත් වෙනවා .
සිංහ – Leo
උතුරු අහසේ පායන දීප්තිමත් තරු රටාවකි. රේගුලස් නම් දීප්තිමත් තාරකාව මෙහි පිහිටා තිබේ. මෙය නැගෙනහිර දිශාවට යොමුව තිබේ. රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි තාරකා රටාවක් වේ. මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. දක්ෂිණ අර්ධ ගෝලයේ මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම් තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක් රාශියක් ලෙස සැලකේ.
බල්ලෙකුගේ හැඩයෙන් යුත් තරු රටාවකි. දඩයක්කරයා (ඔරායන්) තාරකා මණ්ඩලයට මදක් නැගෙනහිර පිහිටා තිබේ. බල්ලාගේ හිස කොටසේ සීරියස් නම් දීප්තිමත්ම තාරකාව පිහිටා තිබේ. මේ තාරකාව ද පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්රි 08ට පමණ රාත්රි අහසේ දැකින්න පුළුවන් . ඔරායන් තරු රටාවේ බඳපටිය දක්වන තරු තුන සිතින් යා කර එම රේඛාව ඔස්සේ නැගෙනහිර දෙසට ඇස් යැවූ විට දකින්න පුළුවන් දීප්තිමත්ම තරුව. එය සීරියස් නමින් මේ තරු රටාවට ඇතුළත් වෙනවා. මහ බල්ලා තරු රටාව දීප්තිමත් තරු 08කින් යුක්ත වෙනවා
මෙය පෘථවියේ සිට ආලෝක වර්ෂ 11.3 දුරින් පිහිටා තිබේ එහිද ප්‍රොසියොන් යයි නම් කෙරුණු තරමක දීප්තිමත් තාරකාවක් පිහිටා තිබේ.
දකුණු අහසේ පිහිටා තිබෙන මෙය දීප්තීමත් තාරකා මණ්ඩලයකි. එසේම තරු රටා අතර කුඩාම තරු රටාව වේ. කුරුසයක හැඩය ගන්නා මෙම තරු රටාවේ දිග බහුව සෑම විටම දකුණටම යොමු වී ඇති නිසාම එය දිශා දර්ශක තරකා මණඩලයක් ලෙස හැඳින්වේ.

විවිධ රටාවන්ට අනුව හැඩ ගැසුණු තරු පොකුරු රාතී‍්‍ර අහසේ දර්ශනය වෙයි. හඳුනා ගැනීමේ හා මතක තබා ගැනීමේ පහසුව තකා පැරන්නන් ඒවා සමග විවිද මනඃකල්පිත සතුන් හා චරිත ඈදා විවිධාකාර මිත්‍යා කතා ගොතා ඇත. අතීතයේ දී මේවා තරු කාණ්ඩ හෙවත් තරු පොකුරු ලෙස හඳුන්වනු ලැබ තිබේ. පසු කාලීනව තාරකා විද්‍යාඥයෝ අහසේ තරු සිතියම් ගත කිරීම අරඹා නම් කරන ලද තරු රටා ඒවාට ඇතුළත් කර ඒවා තරු රාශි නැතහොත් තාරකා මණ්ඩල ලෙසින් නම් කළෝය. වර්ෂයේ විවිධ කාල වලදී විවිධ රාශි අහසේ දර්ශනය වෙයි. අප පෘථිවිය මත සිටින ස්ථානය අනුව ද අපට වෙනස් රාශි දර්ශනය වෙයි. ඒ අනුව රාශි චක්‍රය ඇසුරින් නිර්මාණය වූ තරු රටාවන් ද හදුනා ගත හැකියි.
රාශි චක්‍රයේ පලමු තරු රටාවයි. එළුවෙකුගේ හැඩයෙන් යුත් මෙම තරු රටාව උතුරු අහසේ දිස් වේ.
කටක – Canser
කකුලුවෙකුගේ හැඩය ගත් තරු රටාවකි. ප්‍රධාන තාරකා පහකින් සමන්විතය.
කන්‍යා -Virgo
මෙම තරු රටාවෙන් නිරුපණය වන්නේ මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවකි. අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින දෙවන තාරකා මණ්ඩලය වේ. දීප්තිමත් බවෙන් 15 වැනි ස්ථානය හිමි කරගන්නා තරකාවද මෙයයි.
මෙම තරු රටාව මුහුදු අශ්වයෙකුගේ හැඩයෙන් නිරූපිතය. දීප්තිමත් තාරකා තුනකින් සමන්විත මේම තරු රටාව ද අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී.
වතුර කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරුපණය කරන තරු රටාවකි. විශාල තරු රටාවක් වුවද එතරම් දීප්තිමත්ව නොපෙනේ.
ප්‍රධාන තාරකා 21 කින් සමන්විතය. මෙය දීප්තියෙන් අඩු තරු රටාවකි. මාළුන් දෙදෙනෙකුගේ හැඩයෙන් යුත් මෙම රටාව උතුරු අහසේ දිස් වේ. මේ තරුවද පෙබරවාරි මාසයෙ සහ මාර්තු මාසවලදී රාත්රී 08 ට පමණ රාත්රි අහසේ දකින්න පුළුවන් . මිථූන රාශියෙහි නිවුන් සහෝදරයන් දෙදෙනාගේ ශිර්ෂ දෙක මඳක් නැගෙනහිරට වන්නට ඇති දීප්තිමත් එකළඟ පිහිටි තරු දෙකකින් පෙන්වනවා.මේ තරු දෙක කැස්ටරි හා පොලකස් නමින් වෙනවා.මිථුන තරු රටාව තරු 13 කින් යුක්තයි.
වෘෂභ – Taurus
ගවයෙකුගේ හැඩය ගත් විශාල තරු රටාවකි. මේ තාරකා මණ්ඩලයට දඩයක්කරයා තරු රටාවට මදක් උතුරට බරව බටහිර දෙසින් දිස්වේ. මෙහි ඇල්ඩ්බාරාන් නම් රතු පැහැති දීප්තිමත් තාරකාව පිහිටා තිබේ. වෘෂභ තරු රටාව ද පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්රී 08ට පමණ දකින්න පුළුවන් ඔරායන් තරු රටාවට බටහිර දිශාවෙන් මෙන්ම තරමක් උතුරු දිශාවට වන්නට V අකුරේ හැඩයෙන් යුතු තරු පොකුරක් ලෙස අපිට දකින්න පුළුවන් . මේ තරු රටාවේ 'ඇල්ඩෙබරන්' නම් දීප්තිමක් රතු තරුවක් තියෙනවා . ඔරායන්ට පහරදීමට සැරසී සිටින ගවයෙකුගේ එක් ඇසක් මෙම තරුවෙන් පෙන්වනවා. දීප්තිමත් තරු 05න් ගවයාගේ ශීර්ෂය V හැඩයට තමයි පිහිටල තියෙන්නේ..V අකුරේ බාහුදෙකට තරමක් ඉහළට වන්නට ගවයාගේ අං දෙකෙහි කෙළවරයන්හි පිහිටි තරු දෙකක් දකින්න තියෙනවා .
දඩයක්කරයා තාරකා මණ්ඩලයට මදක් ඊසාන දෙසින් පිහිටා තිබේ. මෙමගින් නිවුන් සහෝදරයින්ගේ රුව නිරුපණය වේ. මෙම තරු රටාවේ “කැස්ටර්” සහ ” පෝ ලූක්ස් ” යන දීප්තිමත් තාරකා පිහිටා තිබේ.
මෙමගින් තරාදියක හැඩය නිරුපණය වේ. කන්‍යා තාරකා මණ්ඩලයට බටහිරින් හා වෘශ්චික තාරකා මණ්ඩලයට නැගෙනහිරින් පිහිටා තිබේ.
ගොනුස්සගේ හැඩය ගත් මෙම තාරකා මණ්ඩලයේ ඇන්ටාරොස් නමැති රතු පාටට හුරු දීප්තිමත් තාරකාව පිහිටා තිබේ. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙහි ප්‍රධාන තාරකා 15 ක් පිහිටා තිබේ.
අශ්වයෙකුගේ පිට නැගී දුනුවායෙකු මෙයින් නිරුපණය වේ. මෙය දකුණු දිග අහසේ පිහිටා ඇත.
Monday, June 15, 2020
බස් එකේදී පැන්සලෙන් කුරුටු ගෑ බේඩ්න් පවෙල් සිතුවම
2020 සිහිකිරීමේ දිනය
පසුගිය වසර කිහිපය තුළ දී බී.පී. දින සිහි කිරීමේ සැමැරැම් උලෙළ කිහිපයකදී බොහෝ අලුත් දේ බාලදක්ෂ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. මෙහි දැක්වෙන්නේ 2020 බීපී දින සැමරුම් වෙනුවෙන් ගත් නිර්මාණාත්මක උත්සාහයයි.
මෙහි දැක්වෙන සිතුවම ඇඳීමට චන්දිම මධුශාන් චිත්‍ර ශිල්පියා ගත කළ කාලය විනාඩි 30 කි. පැන්සල් කිහිපයක් තම බෑගයේ රඳවාගත් චන්දිමාල් විජය බාලදක්ෂ කඳවුරෙහි ඡායාරෑප ශිල්පියා සමග බාලදක්ෂ බාලිකා දෙව්මි සහ හංසිකා මහරගමින් පිටකොටුව බලා දිවෙන 138 බසයට ගොඩ වැදුනේ පෙරවරු 11ටයි.
නොනවත්වා ධාවනය වන පස් රථයේ පසුපස අසුනේ වාඩි වී බේඩින් පවෙල් සාමිතුමන්ගේ සිතුවමක් ඇඳීම... ඔහු වෙත පැවරැණු අභියෝගය විය. මේ ඔබ දකින්නේ බාලදක්ෂ ඔබ වෙනුවෙන්, බේඩින් පවෙල් සාමි තුමන්ගේ චිත්‍ර එකතුවට දෙදහස් විස්සේ වර්ෂයේ දී එක් කළ අලුත්ම නිර්මාණයයි.
-
Special thanks for Girl Scout Hansika and Dewumi / Chandima / Rasanga / Chaminda Wariyapperuma and the Scouting Magazine Team
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා
ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. 1857 පෙබරවාරි මස 22 දින එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබීය. මෙතුමා ගේ පියා “ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය බේඩන් පවෙල්”ය. මව “හෙන්රිආටා ග්‍රෙස් ස්මිත් බේඩන් පවෙල්” මැතිණියයි. B.P ට වයස අවුරුදු 03 දී තම පියා මිය ගියේය. පවුලේ දරුවන් 09 දෙනෙකි බී.පී 06 වෙනියා විය.මෙහිදී ඔහුට "ඉම්පිසා" එනම් කිසිදා නොනිදන වෘකයා යන නමක්ද, ලොකු තොප්පිකාරයා අරුත් ඇතිව "කැන්ටැන්කි" යන නමක්ද පට බැඳුනි. B.P ගේ ධෛර්යය, ගවේෂණ දක්ෂතාවය, පියවර අනුව යාම යන දක්ෂතාවයින් නිසා මෙම නම් පට බැඳීමට හේතුවිය. සූළු නායකයා "දිනිසූළු" අඩි 24ක් දිග සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලයක් දීමත්, වමතින් අතට අත දීමත් පසු කාලයේ බාලදක්ෂ කටයුතු වලට වැදගත් විය. 1889 දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකූ මැෆකින් නගරය පුරා දින 217 වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගන්නා ලදී.
1901 දී B.P බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද "බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්" යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී "බාලදක්ෂ විද්‍යාව" ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොම්ස්” මෙනවිය සමඟ විවාහ විය. 1920 දී ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය.
බාලදක්ෂ ගිනිමැල ගීතයේ මී මැස්සෝ!
මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය විවෘත කරයි
බාලදක්ෂ නායක සජීව විජේසුන්දර මහතාට අයත් සුවිසල් වතුයාය සහ වන ගොමුව බාලදක්ෂයින්ට මී මැසි පාලනය උගැන්වීම සඳහා සූදානම් කර ඇත. නියාමන එක්දින පුහුණු කඳවුර සඳහා බාලදක්ෂයින් හය දෙනෙක් සහභාගි වූහ. එළිමහන් බාලදක්ෂ කඳවුරැ තුළ දිවි ගෙවූ වසර විස්සක් අත්දැකීම් ඇති ලී පදක්කම්ධාරී බාලදක්ෂ ආචාර්යවරු තිදෙනෙක්, කනිෂ්ඨ බාලදක්ෂයෙක්, පෝතක බාලදක්ෂයෙක් සහ සිඟිති බාලදක්ෂයෙක් ද ඒ අතර වූහ. ප්‍රායෝගික අභ්‍යාස සඳහා උපකාර කරමින් දැනුම ලබා ගැනීමට තවත් වැඩිහිටියන් කිහිප දෙනෙක් සජීව විජේසුන්දර මහතාගේ අනුදැනුමින් පැමිණ සිටියහ.ප්‍රවීණතා පදක්කම හඳුනා ගැනීම
කනිෂ්ඨ බාලදක්ෂයින් සඳහා නිර්දේශිත කුඩා ගෙවතු හිමියා ප්‍රවීණතා පදක්කම දිනා ගැනීමට කුකුළු පාලනය, මත්ස්‍ය පාලනය හෝ මී මැසි පාලනය කළ යුතුය. මී මැසි පාලනයට අදාළ විෂය නිර්දේශය මෙහි දැක්වෙයි.• මී වද පරිහරණය හා පරිපාලනය ආදර්ශනය කළ යුතුයි.
• පිලවා හොඳ හා නරක (මී මැසි වර්ග) වද, පැණි වද හඳුනාගත හැකි විය යුතුයි. මී මැසි පොදියක් පිටවී යාම වැළැක්විය හැකි ක්‍රමයක් දැන සිටිය යුතුයි.
• මී මැසි පොදියක් ලබාගෙන කෘත්‍රීමව ආහාර දීමේ මූලධර්ම දැන සිටිය යුතුයි.
• රුජින, වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන් හඳුනාගත හැකි විය යුතුයි. ඔවුන්ගේ ජීවන රටා පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.
• තමන්ගේ මී මැසි ජනපදයෙන් ලබාගත් පැණි සාම්පලයක් ඉදිරිපත් කළ යුතුයි. එම පැණි නිෂ්පාදනය කිරීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව පරීක්ෂකවරයා සමග සාකච්ඡා කළ යුතුය.
ප්‍රවීණතා පදක්කමේ විෂය නිර්දේශය ආවරණය කරමින් සකස් කළ එක්දින මී මැසි පාලන කඳවුරෙහි වැඩ සැලැස්ම ඒ අනුව නිර්මාණය විය.
මී මැසි පාලනය හැඳින්වීම, උපකරණ හඳුනා ගැනීම හා භාවිතය, ජනපද පරීක්ෂාව, ස්වාභාවික ස්ථානයක ඇති ගමන් මැසි පොදියක් අල්ලා පෙට්ටියක තැන්පත් කිරීම, අක්‍රමවත් ජනපදයක් සැකසීම, ජනපද ස්ථානය හා නඩත්තුව, ජනපද වලට ආහාර ලබාදීම, මී පැණි නිස්සාරණය, ගෝචර ශාක හඳුනා ගැනීම, රෝග සහ පළිබෝධක හඳුනා ගැනීම ආදියෙන් වැඩසටහන පෝෂණය විය.
ආරක්ෂාව තහවුරැ කිරීම
මී මැස්සෝ අනියි... යන කියමන අප කාගේත් මුවග රුව් දුන්නේය. ඒ වචනය ඇසෙන හැම විටකම විජේසුන්දර මහතා පැවසුවේ මී මැස්සාට අං පිහිටා නැති බවය. ඇත්තේ කුඩා විතකි. ලබා දුන් නිශ්චිත උපදෙස් පරිදි මී මැසි පාලක නවකයන් කටයුතු කළ යුතු විය.හිස, ඇස, කන් ආවරණ සහිත කබාය පැලඳීම අනිවාර්ය විය. වැඩසටහන ආරම්භයේ දී මී මැසි කබා පැලඳි බාලදක්ෂයෝ හවස් කාලයේ දී ඒවා උනා පසෙකින් තබා මී මැස්සන්ගේ සැබෑම මිතුරෝ වූහ.
මී මැස්සාට හිරිහැර නොකරන තාක් ඔවුන්ගෙන් අපට හානියක් නැත යන්න ප්‍රත්‍යක්ෂ ලෙස බාලදක්ෂයෝ අත් වින්දෝය. මී මැස්සන් අහුරැ පිටින් අල්ලා මී මැසි ජනපද තුළ පදිංචි කෙරිණ. මී මැසි පාලනය ලොකු කුඩා බාලදක්ෂයින් සියලු දෙනා හට මී මැසි පාලනය ආකර්ශණීය විෂයක් බවට පත්විය.
ඉගෙනීමට අතහිත දෙන මී මැස්සෝ
මී මැස්සාට ඇති අනිසි බිය නිසා බාලදක්ෂයෝ මී මැසි පාලනය නොකරති. එහෙත් නියාමන වැඩසටහනට අවුරැදු දහයක සිඟිති බාලදක්ෂයෙකු සහ අවුරැදු දොළහක පෝතක බාලදක්ෂයෙකු ද සහභාගි වූහ.ඔවුන්ගේ මී මැසි ජනපද තුළින් ලබා ගන්නා වූ මී පැණි අලෙවි කර ඉගෙන ගැනීමට අවැසි පාසල් පතපොත මිලදී ගත හැකි ක්‍රමයක් බී ශ්‍රී ලංකා ආයතනය විසින් බාලදක්ෂයින්ට හඳුන්වා දී ඇත. එය සකසුරැවම් බාලදක්ෂයින් හට සුබවාදී ආරංචියකි.
මීළඟ පැණි වාරේ කඳවුරැ බඳින්න දැන්ම සූදානම් වෙන්න
එළැඹෙන අප්‍රේල් මාසයේ පාසල් නිවාඩු කාලයේ දී බාලදක්ෂයින් සඳහා මී මැසි පාලන වැඩමුළු කිහිපයක්ම පැවැත්වීමට කටයුතු යොදා ඇත. වනගත ගවේෂණාත්මක කඳවුරක් ලෙස ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහන සඳහා බාලදක්ෂ ඔබ සහභාගී වීමට කැමැති නම් 0774526262 දුරකථනයට කතා කර ලියාපදිංචි විය යුතුය.Sunday, June 14, 2020
වර්ගවාදීන්ට එරෙහිව නැගෙන ලෝක සහෝදරත්වයේ එකමුතුව!
ජාතිවාදයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් පසුගිය මැයි 25 දින ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කෘර ලෙස ඝාතනය කල කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග සමාජගත වූ බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවයෙන් පසුව ප්රහාර එල්ල කිරීමට සැකසු ප්රහාරක ඉලක්ක ලැයිස්තුවක සුප්රකට බීපී ප්රතිමාවක්ද ඇතුලත්ව තිබීම හේතුවෙන් එය සුරැකීමට අවශ්ය පියවර ගෙන තිබිණ.
![]() |
| The next in line? BLM supporters have pinpointed a list of their next targets, but the most widely shared are (top left to bottom right) 1) Lord Nelson – tried to stop abolition (Nelson's column) 2) Sir Thomas Picton 3) Thomas Guy - London, Guy's Hospital 4) Sir Robert Peel 5) Sir Francis Drake 6) William Beckford 7) Henry Dundas 8) Clive of India 9) John Cass 10) General Sir Redvers Buller 11) Lord Kitchener 12) Ronald Fisher 13) Lord Grey - Grey's Monument - Newcastle Upon Tyne, Grainger Street 14) Oliver Cromwell – Statue - London, Houses of Parliament 15) Colin Campbell, Lord Clyde – Statue - Glasgow, George Square 16) William Ewart Gladstone 17) William Leverhulme – Statue - Wirral, outside Lady Lever Art Gallery 18) William Armstrong - Memorial - Newcastle Upon Tyne, Eldon Place 19) King James II – Statue - London, Trafalgar Square 20) General James George Smith Neill, Wellington Square, Ayr |

ප්රහරක ඉලක්ක කීපයක් දක්වා ඇති ලැයිස්තුවක එම ප්රතිමාවද ඇති බවට මෙම ජුනි මස ලැබුණු විශ්වසනීය ආරංචියත් සමග එම ප්රතිමාව ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත්කර සුරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑමටද උත්සාහ ගනු ලැබීය. එම ප්රතිමාව පවතින ප්රදේශයේ පාලන කටයුතු භාර බෝර්මන්මූත්, ක්රයිස්ට්චර්ච් සහ පූල් කවුන්සිලය (නගර සභාව) සාකච්ඡා කරමින් තීරණයක් ගත් නමුත් පෙරෙදා 11 ජුනි දින ප්රතිමාව ඉවත් කිරීමට ගත් උත්සහය අසාර්ථක වු අතර අපේක්ෂා කලාට වඩා එහි අත්තිවාරම ගැඹුරින් පිහිට තිබීම හේතුවෙන් එයවෙනත් ස්ථානයකට ගෙනයාමද අපහසු විය.
" 1857 දී උපත ලැබූ BP තුමන් විවිධ යථාර්ථයන් සහිත වෙනස් යුගයන් ජීවත් වූ " පුද්ගලයෙක් බවයි. මීට වසර 113 කට පෙර ඔහු ආරම්භ කළ බාලදක්ෂ ව්යාපාරය මේවන විට රටවල් සහ පාලන බල ප්රදේශ 224ක පැතිර ඇති බාලදක්ෂයින් මිලියන 54 කගෙන් සමන්විත සංවිධානයක් බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බාලදක්ෂ සංගමය ස්වකීය මතය කියා සිටියේ ය.
"බාලදක්ෂ ව්යාපාරය සියලු ජාතීන්, සංස්කෘතීන් සහ ආගම්වල තරුණ තරුණියන්ට එකට එකතුව කටයුතු කිරීමට අවස්ථාවන් සහ අවශ්ය පරිසරය නිර්මාණය කරන අතර සාමය, යුක්තිය සහ සමානාත්මතාවය ප්රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදයන් සඳහා අවස්ථා නිර්මාණය කරන බව "WOSM පවසනු ලැබීය.
"1907 දී බ්රවුන්සි දූපතේදී ආරම්භ කරන ලද බාලදක්ෂ ව්යාපාරය එහි මුලිකාංග සහ වටිනාකම් වෙනුවෙන් ශක්තිමත්ව පෙනීසිටින බවත් වර්ගවාදය, වෙනස් කොට සැලකීම, අසමානතාවය සහ අයුක්තිය ප්රතික්ෂේප කරන බවත් මෙම ප්රතිමාව සුරැකීමට අවශ්ය පියවර ගත් බලධාරීන් ඇතුළු කැපවු සැමට සමස්ත බාලදක්ෂ සහෝදරත්වයේ ගෞරවනීය උත්තමාචාරය පුදකරන බවත් වැඩි දුරටත් ලෝක බාලදක්ෂ සංගමය පවසනු ලැබීය.

මීට පෙර 2012 වසරේදී ශ්‍රී ලංකාවේ ද මෙවැනිම නොහික්මුණු වර්ගවාදීන් සුළු පිරිසක් විසින් BPතුමාගේ යැයි වරදවා වටහා ගෙන බාලදක්ෂයාගේ පිළිරුවක් සහ ගාන්ධි පිළිමයක් විනාශ කරනු ලැබීය.
The Baden-Powell statue at a roundabout in Santa Clara was vandalized during the night, as DIARY AS BEIRAS managed to find out this morning.
The bust of the founder of Scouting is Headless.
This statue was placed on July 4, 2004, in honor of the personality, with the support of the Coimbra City Council, the Santa Clara Parish Council and the Santa Clara Scout Group 162.
According to the platform of the Regional Directorate for Culture of the Center, this piece of contemporary art is by Armando Martinez. Here, the sculptor moves away from the line followed in most of his works, an example of which is the sculpture in honor of Florbela Espanca, which is found in the City Park of Coimbra. In the bust, the author presents a mimicry of the real and is based on one of the most popular images of Baden-Powell, in which he is portrayed with the Scouting outfit and with arms crossed, similar to the image of the painting by Jamboree da Maturity (1929) .
Recently, other Baden-Powell statues in the world have been criticized for the more controversial aspects associated with the founder of Scouting. At stake are alleged affinities with Nazism and support for the Hitler regime, as well as racism.

























