ජීවිතය
ගලන ගගක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල් පර වලට
අහුවෙලා තැලෙන පොඩි වෙන වාර ගාන අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම් වලින් ඇදගෙන
වැටෙනකොට දැනෙන ගැස්ම රිදුම කොයිතරම් ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව
නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා. ඒකට තමයි
ජීවිතය කියන්නේ. එහෙම ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින් දවසක ලස්සන විල්
තෙරක් ගාව අපුරු අන්තයක් අපිට හමුවෙනවා.
සමහර විට ඒ අනන්තයක් ම නොවෙන්න පුළුවන්. තවත් එක අපුරු ආරම්භයක් තාවකාලික නැවතුමක් වෙන්න පුළුවන්. එහෙමයි මේ ජීවිතයට උරුම අත්දැකීම් අහුර ලියවෙන්නේ.
එහෙම ගලාගෙන ජිවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුනාට ජිවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්.
සමහර විට ඒ අනන්තයක් ම නොවෙන්න පුළුවන්. තවත් එක අපුරු ආරම්භයක් තාවකාලික නැවතුමක් වෙන්න පුළුවන්. එහෙමයි මේ ජීවිතයට උරුම අත්දැකීම් අහුර ලියවෙන්නේ.
එහෙම ගලාගෙන ජිවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුනාට ජිවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්.
මේ ඇගේ කතාව…
“…මම ඉපදුනේ නුවර. මගේ තාත්තා වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදියට කටයුතු කරේ. එයා නිතිය අකුරටම කරපු කෙනෙක්. ඒ නිසාම මට අවුරුදු දෙකක් වෙද්දී තාත්තා ව වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම වුන දැරණියගල ටික කාලයක් ජිවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ස්කෝලයක් හොයා ගන්න බැරි වෙන නිසා මාව ඇතුල් කරන්නේ ලයිසියම් එකට. ස්කොලෙන් අවුට් වෙලා කැම්පස් යන්න මන් බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්ව වලට ඉල්ලුවාට ලොකු සපෝර්ට් එකක් හම්බුනේ නැහැ. ඉතින් ඉගෙන ගෙන ඉවර වෙලා ටික දවසකට ආපහු දැරණියගලට යනවා. පුංචි කාලේ ගමේ මන් එක්ක සෙල්ලම් කරපු මගේ යාලුවා ඒ වෙද්දී බැදලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුනා. එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්.එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ හිතුනා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න. මන් ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා පොඩියට ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නවා. එහෙම තමා 2014 දී Without Borders පලවෙනි පියවර බිහි වෙන්නේ.
පුංචි කාලේ ඉදන් මගේ අම්ම මට තනියම ජිවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා. අම්මා ආපහු දැරණියගල පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජිවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මන් තනියම කාමරයක් අරගෙන රස්සාවක් කරගෙන උයාගෙන ජිවත් වෙන ගමන් මගේ යාලුවෙක් වුන සකි ආරියවංශ එක්ක Without Borders හරහා ඈත ගම්වලට ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නවා. අධ්‍යාපනය, නිර්මාණශීලිත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද ජීවිතය ප්‍රශ්න හැමදේම එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදියට කටයුතු කරනවා. ඒ කාලේදී එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders – 2015 සදහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක් අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා මම ලංකාවේ කරන දේවල්. මට කියන්න පුළුවන් වුණා මන් කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන. රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.
මන් පුංචි කාලේ ඉදන් සැහෙන්න පොත් කියෙව්වා. නුගේගොඩ ඉදන් ස්කොලේ ඇරිලා බස් එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ (Janaka Inimankada ) අන්කල්ගේ බුක් ෂොප් එකට ගිහින් පොතක් කියවන්න මන් පුරුදු වෙලා හිටියා. ජනක අන්කල් ඒ අවස්තාව දුන්න එක මගේ ජිවිතේට කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. මගේ ජිවිතේට ගොඩක් දේවල් එකතු වුනේ මන් ලබා ගත්තු දැනුමෙන් අත්දැකීම් වලින්. මට තාම අවුරුදු විසි පහයි. ඒත් ප්‍රශ්න දිහා සමාජේ දිහා මන් දැක්ක විදිය අවුරුදු 16, 19, 22 දී එකිනෙකට වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇදලා ප්‍රශ්න වලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.
මට හිතෙන විදියට ලංකාවේ තරුණ පරපුර තනියම ජිවත් වෙන්න බයයි. දෙමව්පියන්ගේ සල්ලි වලින් හැමදේම කරන්න බලන්නේ. ඒ වගේ ලංකාවේ මිනිස්සුන්ව මනින්නේ වාසගමින් බැංකුවේ සල්ලි වලින් ගම්පලාතෙන්. මන් හිතන්නේ ඒක හරි වැරදි. ස්කොලේ කාලේ වුනත් මන් අපහසුතාවයට පත් වුනා ඒ දේවල් නිසා. පිටරටක මිනිසුන්ට වැදගත් මන් කවුද කියන එක නෙවෙයි මන් කරන දේ. මගේ හැකියාව. තරුණ පරපුර වුනත් රැල්ලට යන්නේ නැතිව ජිවිතේට අලුත් අත්දැකීම් එකතු කරගෙන නිදහස් විදියට හිතලා තමන් ආස දේවල් කරොත් මන් හිතන්නේ හැමදේම ගොඩක් වෙනස් වෙයි. මමත් කිසිම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුනා. ඒ වගේම දේවල් වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න අපිට පුළුවන් කම තියෙන්න ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුනත් එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජිවතුන් අතර. අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන් ඒත් හරි දේ කරන්න කියන එකයි මගේ අරමුණ “.
---------------------------------------
කාවින්ද්‍යා තෙන්නකෝන්, තේජිත සෞභාග්‍ය එදිරිසිංහ සහ නුෂෙල් ද සිල්වා පසුගිය වසරවලදී 'රැජිනගේ තරුණ නායකයන්' වශයෙන් සම්මාන ලැබූහ. සෙනෙල් වන්නිආරච්චි සහ රඛිත මාලේවන ලබන ජුනි මාසයේ ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය රැජින හමුවීමට නියමිතයි.
කාවින්ද්‍යා තෙන්නකෝන්, තේජිත සෞභාග්‍ය එදිරිසිංහ සහ නුෂෙල් ද සිල්වා පසුගිය වසරවලදී 'රැජිනගේ තරුණ නායකයන්' වශයෙන් සම්මාන ලැබූහ. සෙනෙල් වන්නිආරච්චි සහ රඛිත මාලේවන ලබන ජුනි මාසයේ ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය රැජින හමුවීමට නියමිතයි.
---------------------------------------
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සඳහා වූ තරුණ නායකත්ව වැඩසටහනෙන්
දස්කම් දැක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පසුගියදා බ්‍රිතාන්‍ය රැජිනගෙන්
සම්මාන ලබා ගත්හ.
ලන්ඩනයේදී එලෙස සම්මාන දිනා ගත්තේ කාවින්ද්‍යා තෙන්නකෝන් සහ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනායි.
"රැජින
විතරක් නෙවෙයි, තව මේ වගේ අපේ ක්ෂේත්රයේ වැඩ කරන, අපිට වඩා සේවයක් කරලා
තියන අයවත් හම්බ වෙන්න පුළුවන් වුණා," ලන්ඩනයේ පිහිටි බීබීසී මූලස්ථානයට
පැමිණි කාවින්ද්‍යා තෙන්නකෝන් පැවසුවාය.
සමාජ අරමුණක් සහිත
ව්‍යාපාරයක් වශයෙන් තම මිතුරකු සමග එකතු වී පවත්වා ගෙන යන 'Without
Borders' නමැති ආයතනය විසින් දැරණියගල සහ ඒ අවට ගම්මාන පහක අඩු ආදායම්
පවුල් ඉලක්ක කොට ව්‍යාපෘති දියත් කර ඇති බවයි ඇය කියා සිටියේ.
"මම
හිතන්නේ අපි ඒ කරන යන වැඩේ තියන වෙනස තමයි මේ සම්මානය අපට දිනා ගන්න මූලික
වෙච්ච කාරණය," කාවින්ද්‍යා තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියාය.
තමන්
වෙසෙන ජන කොට්ඨාශවල ජන ජිවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය හේතුවෙන්
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් 60 දෙනකු මෙසේ සම්මාන ලැබීමට
සුදුසුකම් ලබා තිබේ.
සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී ඔවුහු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද මුණ ගැසුනහ.
---------------------------------------
“ගැහැණු ළමයෙක් දුෂණය කර තිබුණා, ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න”
– ජනපතිට අභියෝගකළ තරුණිය
මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම හා මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම පසුගියදා රජය විසින් ඉවත් කළා.
හැබැයි ඒ අවසරය තිබුණේ දවසක් දෙකක් විතරයි. ජනාධිපතිවරයා විසින් එම චක්‍රලේඛනය අහෝසි කරන්න කියලා නියෝගයක් ලබාදුන්නා. එම නියෝගයෙන් පස්සේ සමාජජාල මාධ්‍යවල විවිධ කතා පැතිරෙන්න පටන් ගත්තා.එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ට්විටර් පණිවුඩයක් ඔස්සේ සටහනක් තබා තිබුණා.
ඇය පවසා තිබුණේ “ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න.” යනුවෙනි
අවුරුදු 60 කට වැඩි කාලයකට පස්සේ කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න වගේම අලෙවිසැල්වල සේවය කරන්න අවසර හිමිවුණා.
හැබැයි අපේ සංස්කෘතිය හා සදාචාරය ගැන හිතලා ජනාධිපතිතුමා එය අහෝසි කළා. මේ ගැන බොහෝ දෙනෙක් කැමැත්ත පලකළත් ඇතැම් පිරිස් එය පුරුෂෝත්තමවාදය ලෙස සඳහන් කර තිබෙනවා.
එම ට්වීටර් පණිවිඩය පහතින්.
---------------------------------------@MaithripalaS – I am a Sri Lankan woman studying at Oxford while working at a bar. In case you didn’t know the women in your country are independent enough to make decisions for themselves. A young girl was gang raped 2 days back – focus on the real issues. Your sexism can wait. pic.twitter.com/0HKfxaBuMy— Kavindya Thennakoon (@kavindya_T) January 14, 2018
අවුරුදු 22 දී එංගලන්තයේ රැජිනගෙන් සම්මානයට
පාත්‍ර වූ ශ්‍රි ලංකාවේ කාවින්ද්‍යා
ජීවිතය,
ගලන ගඟක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල්පරවලට
අහුවෙලා, තැලෙන පොඩිවෙන වාර අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම්වලින් ඇදගෙන
වැටෙනකොට දැනෙන ගැස්ම, රිදුම කොයිතරම්ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව,
නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා.ඒකට තමයි
ජීවිතය කියන්නේ. එහෙම ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින්, දවසක ලස්සන
විල් තෙරක් ගාව අපූරු අන්තයක් අපිට හමුවෙනවා. සමහර විට ඒ අනන්තයක් ම
නොවෙන්න පුළුවන්.තවත් එක අපූරු ආරම්භයක්, තාවකාලික නැවතුමක් වෙන්න පුළුවන්.
එහෙමයි මේ ජීවිතයට උරුම අත්දැකීම් අහුර ලියවෙන්නේ.
එහෙම
ගලාගෙන යන ජීවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්.
තාම අවුරුදු 22ක් වුණාට ජීවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක්
එකතු කර ගත්තු යුවතියක්. ඇය ගැන ඇයට ම කියන්න මං ඉඩ දුන්නා.
මම
ඉපදුණේ නුවර. මගේ තාත්තා තමයි වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදිහට
කටයුතු කරේ. එයා නීතිය අකුරට ම කරපු කෙනෙක්. ඒ නිසා ම මට අවුරුදු දෙකක්
වෙද්දී තාත්තාව වෙඩි තියලා මරලා දානවා.ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම
වුණ, දැරණියගල ටික කාලයක් ජීවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ඉස්කෝලයක්
හොයාගන්න බැරි වෙන නිසා මාව ඇතුළු කරන්නේ ලයිසියම් එකට. ඉස්කොලෙන් අවුට්
වෙලා, කැම්පස් යන්න මං බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්වවලට ඉල්ලුවාට ලොකු
සපෝර්ට් එකක් හම්බුණේ නැහැ.
ඉතින්
ඉගෙනගෙන ඉවර වෙලා ටික දවසකට ආපහු දැරණියගලට ගියා. පුංචි කාලේ ගමේ මං එක්ක
සෙල්ලම් කරපු මගේ යාළුවා ඒ වෙද්දී බැඳලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුණා.
එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ
හිතුණා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න.
මං ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා, පොඩියට ඉංග්‍රීසි පංතියක් පටන්
ගන්නවා. එහෙම තමා 2014 දී “without boarders”පළවෙනි පියවර බිහි වෙන්නේ.
පුංචි
කාලේ ඉඳන් මගේ අම්මා මට තනියම ජීවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු
ඉවර වෙලා, මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා, අම්මා ආපහු දැරණියගල
පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජීවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා.
ඉතින් මං තනියම කාමරයක් අරගෙන, රස්සාවක් කරගෙන, උයාගෙන කාලා, ජීවත් වෙන
ගමන් මගේ යාළුවෙක් වුණ සකි ආරියවංශ එක්ක “without boarders”හරහා ඈත ගම්වලට
ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නනවා.
අධ්‍යාපනය,
නිර්මාණශීලීත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද? ජීවිතය, ප්‍රශ්න, හැමදේම
එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදිහට කටයුතු
කරනවා. ඒ කාලෙදියි එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders –
2015 සඳහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක්,
අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා, මං ලංකාවේ කරන
දේවල්. මට කියන්න පුළුවන් වුණා මං කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන.
රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.
ඊළඟට
ඇමරිකාවේ බොස්ටන්වල චෙල්සි කොලේජ් එකේ අවුරුදු දෙකක් ඉගෙනගෙන, තුන්වෙනි
අවුරුද්ද සම්පූර්ණ කරන්න මං එංගලන්තේ ඔක්ස්පර්ඩ් සරසවියට එනවා. ඒ මානව
විද්‍යාව ගැන උපාධිය හදාරන්න. ඒ කිසිම දෙයක් ලේසි වුණේ නැහැ. මොකද මගේ ළමා
කාලය, පාසල් ගාස්තු පවා හරි වෙලාවට ගෙවන්න අසීරු වුණ කාලයක්. අපිට තිබුණෙ
තාත්තාගේ පෙන්ෂන් එක විතරයි. ඒ කාලේ දවසකට කෑම වේල් දෙකක් හම්බෙනවා කියන්නේ
ලොකු දෙයක්. අපිට ලොකුවට දේපල, බැංකුවල සල්ලි තිබුණෙ නැහැ. ගොඩක් ආර්ථික
අපහසුතා මැද්දේ මගේ අම්මා එක්ක ගෙව්ව ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
මං
පුංචි කාලේ ඉඳන් සෑහෙන්න පොත් කියෙව්වා. නුගේගොඩ ඉඳන් ඉස්කොලේ ඇරිලා, බස්
එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ අංකල්ගේ බුක්ෂොප් එකට ගිහින් පොතක්
කියවන්න මං පුරුදු වෙලා හිටියා. ජනක අංකල් ඒ දුන්නු අවස්ථාව මගේ ජීවිතේට
කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණේ මං
ලබාගත්තු දැනුමෙන්, අත්දැකීම්වලින්. මට තාම අවුරුදු විසි දෙකයි. ඒත්
ප්‍රශ්න දිහා, සමාජේ දිහා මං දැක්ක විදිහ අවුරුදු 16,19,22 දී එකිනෙකට
වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇඳලා ප්‍රශ්නවලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.
මට
හිතෙන විදිහට ලංකාවේ තරුණ පරපුර තනියම ජීවත් වෙන්න බයයි. දෙමව්පියන්ගේ
සල්ලිවලිනුයි හැමදේම කරන්න බලන්නේ. ඒ වගේ ම ලංකාවේ මිනිස්සුන්ව මනින්නේ
වාසගමින්. බැංකුවේ සල්ලිවලින්. ගම්පළාතෙන්. මං හිතන්නේ ඒක වැරදියි. ඉස්කොලේ
කාලේ වුණත් මං අපහසුතාවට පත් වුණා ඒ දේවල් නිසා. පිටරටක මිනිසුන්ට වැදගත්
මං කවුද කියන එක නෙවෙයි, මං කරන දේ. මගේ හැකියාව. තරුණ පරපුර වුණත් රැල්ලට
යන්නේ නැතිව ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරගෙන, නිදහස් විදිහට හිතලා,
තමන් ආස දේවල් කරොත් මං හිතන්නේ හැමදේම ගොඩක් වෙනස් වෙයි.
මමත්
කිසි ම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුණා.
ඒ වගේ ම දෙයක් වෙනුවෙන් කතා කරන්න, පෙනී සිටින්න අපිට පුළුවන්කම තියෙන්න
ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුණත්
එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජීවතුන් අතර. අපිට ගොඩක්
දේවල් නැති වෙන්න පුළුවන්. ඒත් හරි දේ කරන එකයි මගේ අරමුණ.
පුංචිකමට
කාවින්ද්‍යා වචන ගලපන විදිහට මමත් ආසාවෙන් ඇහුම්කම් දුන්නා. ඇත්තට ම ඇය
වයසට වැඩිය හිතන, අත්දැකීම්වලින් පරිණත, දක්ෂ ගෑනු ළමයෙක්. හැමෝටම ආදර්ශයක්
දෙන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ හම්බුණ විදිහට භාරගෙන, වෙන දෙයක් බලාගෙන
ඉන්නවට වැඩිය… විඳවන ජීවිත විඳින්නේ කොහොමද කියලා අත්දැකීමෙන් දැන අඳුර
ගත්තු කෙනෙක්. අපූරු චරිතයක්. වටිනා හදවතක්. අන්න ඒ නිසයි, ඇය ගැන මං
සටහනක් තියන්නෙ.
---------------------------------------
කාන්තාව, සදාචාරයක හිර කරලා ජනපති ගත් තීරණය ව්‍යවස්ථා විරෝධීයි – කාවින්ද්‍යා තෙන්නකෝන්
ඔබ අධ්‍යාපනය හදාරන්නේ කොහේද ?
මම ශිෂ්‍යත්වයකින් ඇමරිකාවේ වෙල්ස්ලි විදුහලට ඇතුලත්ව එහි අධ්‍යාපනය හදාරා දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාව ඉගෙන ගන්නවා.
අධ්‍යාපනය හදාරණ ගමන් රැකියාවකත් නිරත වනවාද ?
ඔව්, මම අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක නිරත වෙනවා. මම සාමන්‍ය පවුලක කෙනෙක්. ඒ නිසා මට අධ්‍යාපනය හදරණ ගමන් රැකියාවකත් නිරත වෙන්න වෙලා තියෙනවා . මම පහුගිය අවුරුදු තුන පුරාම අර්ධ කාලීන රැකියාවක නිතර වෙනවා. ඒ බාර් එකකසහ ආපන ශාලාවක.
කාන්තාවක් මත්පැන් අලෙවි හලක රැකියාවක් කිරීම කවරාකරවද ඔබ දකින්නේ ?
බාර්වල වැඩ කරන පිරිමි අය ඉන්නවා. ඒ වගේම ඒවායෙහි සේවය කරන කාන්තාවන්ද සිටිනවා. ඒ නිසා එවැනි ස්ථානවල කාන්තාවක් සේවය කිරීම තුළ මා කිසි වරදක් දකින්නේ නැහැ. එය මිනිසෙකු සඳහා හොඳ රැකියාවක් නම්, එය කාන්තාවක් කළායැයි පවසා එය පහත් කොට විවේචන කරන්නේ කුමක් නිසාද යන්න මම දන්නේ නෑ .
ලංකාවේ රජය විසින් පසුගිය 10 වන දා පනතක් මගින් මෙතෙක් මත්පැන් අලෙවි හල් හි රැකියා නොකරන ලද කාන්තාවන්ට ඒ සදහා අවස්ථාව හිමි වුනා. එසේම කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබූවා.. මෙය කාන්තාවන්ට කරන අගෞරවයක් ලෙසයි ඇතැමුන් දැක්කේ.. කුමක්ද මේ සම්බන්ධයෙන් දරණ අදහස ?
ඒක විහිළුවක්. අපේ රටේ කන්තාවන් 60% ක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. මින් අදහස් වෙන්නේ සෑම කාන්තාවන් 10 දෙනාගෙන් 6 දෙනෙක් තම නිවසේ ආරක්ෂාව සහිතවත් අපයෝජනයට ලක්ව ඇති බවයි. පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව 2005 සහ 2016 අතර කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 33,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය වසර දහය තුළදී පොලීසිය විසින් වාර්තා කරන ලද ලිංගික දූෂණය හා දිරි ගැන්වීම් 40% කින් ඉහළ ගොස් තියෙනවා. කන්තාවන් හා ගැහැණු ළමයින් තම පුරුෂයන්, පියවරුන්, සුළු පියවරුන් විසින්ම දූෂණය කරන රටක ස්ත්රීන්ගේ ගෞරවය ගැන කතා කිරීමම විහිලුවක්.
ශ්‍රී ලංකාවේ විවාහක ස්ත්‍රී දූෂණය තවමත් නීත්‍යානුකූලයි – එනම් අපගේ නීතියේ ස්වාධීනව තමාගේම භාර්යාව ලිංගික දූෂණය කිරීමට සැමියාට ඉඩ සලසන නීතියක් ලෙසයි පවතින්නේ. මේ කාන්තා ගෞරවයක් ගැන කතා කරන මහත්වරු පසුගියදා දූෂණය කර මිය ගිය අවුරුදු 14 ක දැරියගේ දූෂණය පිළිබද කිසිවක් කියන්නේ නෑ.. අපේ ජනාධිපති සහ අපේ කැබිනට් ඇමතිවරු කාන්තාවන් ගැටලු සඳහා අවංක සැලකිල්ලක් දක්වන්නේ නම්, මේ රටේ කාන්තාවක් සෑම මිනිත්තුවකටම සිය ජීවිත අවදානමට ලක් වෙමින් පවතින දැවෙන ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් නිහඬව සිටීම පුදුම සහගතයි..මෙපමණ ගෞරවයක් කාන්තාවට ලබා දෙන්නෙ නම් ඇයි ඔවුන් නිහඬ ?
රජය විසින් ගත් මෙකී පනත රටේ ජනාධිපතිවරයා විසින්ම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔබ සමාජ ජාලා හරහා සෘජුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න කර සිටිනවා.. කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකි බව ජනපතිවරයා විසින් දැන නොසිටි බවත් එසේම ස්ත්‍රියක් දින දෙකක් තිස්සේ දූෂණය කිරීමක් සම්බන්ධයෙන් ජනපතිවරයා නිහඩ වීම සම්බන්ධයෙන් එහිදී අවධාරණය කර සිටිනවා … මෙසේ කරන්නේ ඔබ බටහිර සංස්කෘතිය වැළද ගෙන ඒ මත ජීවත් වෙන නිසා ද ?
කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න පිළිබද අන්ධ භාවයකින් සිට ඒවා නොසලකා හැර ඇඳුමේ ප්‍රමුඛතාවයන්ට අනුව කාන්තා ප්‍රශ්න දෙස ජනාධිපතිවරයාගේ හඬ නැගීම සහ මත්පැන් මිලදී ගැනීම පමණක් කාන්තාවන්ට තහනම් කිරීම හෝ බාර් එකේ වැඩ කිරීම තහනම් කිරීම දෙබිඩි පිළිවෙතක් විදියටයි මා දකින්නේ. ඒ නිසා මා සාමාන්‍ය මිනිසුන්ගේ බුද්ධියට කතා කරනවා. මෙම නීතිය වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී වන බව පෙන්වා සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මට කතා කිරීමේ අයිතියක් තිබෙනවා .
මම හැදී වැඩුණේ දැරණියගල නම් කුඩා ගමක. . සංස්කෘතිය ආත්මීයයි. සංස්කෘතිය නීතිය නොවේ. ඕනෑම යල් පැන ගිය අසාධාරණ ක්‍රියාවක් නැති කර දැමිය නොහැක්කේ ඇයිද යන්න තර්කානුකුල හේතුවක් නොමැති විට ඔවුන් භාවිතා කරන පොදු නිදහසට දෙන අර්ථය කුමක්ද ? සංස්කෘතිය යනු සංස්කෘතියයි. ගමකින් ගමකට පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙනවා. ඔබේ සංස්කෘතිය මාගේ සංස්කෘතිය නොවේ. අප සියලු දෙනාම අපගේ සංස්කෘතීන් නිර්මාණය, හැඩය වෙනස්. එය සිදුකරගන්නා ආකරයද වෙනස්. ඒක පුද්ගලික දෙයක්. කිසිවෙකු වෙනත් සංස්කෘතියක් මත පැටවිය නොහැකියි. ඒ සංස්කෘතිය අනුගමනය කිරීම හෝ නොකිරීම මගේ පෞද්ගලික දෙයක්.
ලංකා සමාජය තුළ ලිංග භේදය අනුව දේවල් තීරණය වීම සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් ගොඩ නැගෙමින් තිබෙනවා.. ඔබ මේ සම්බන්ධයෙන් දක්වන අදහස ?
ඇත්තටම මේ ප්‍රශ්න සියල්ලම එකකට එකක් සමානයි. ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ සමාජ සැකැස්මක් එය පෞද්ගලික දෙයක්. ඉතිං ස්ත්‍රී පුරුෂ භාවය පදනම්ව ඇඳුම් ඇඳීම, කන කෑම, මත්පැන් පානය කරනවාද නොකරනවාද , අප විවාහ විය යුත්තේ කවුරුන් සමගද , අප දරුවන් හදන්නේද නොහදන්නේද , දරුවන් ඇති දැඩි කිරීම, ලිංගික කාර්යයේ නිරත වීම යන්න සම්බන්ධයෙන් රජයට තීරණය කළ නොහැකියි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්ව වෙනස්කම් කිරීම අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ශ්‍රී ලංකාව ඉතා ප්‍රබල , ශක්තිමත් කාන්තා නායකත්වයක් බිහිකරපු තැනක් එම තත්වය දියුණු කිරීමටයි අපි කටයුතු කළ යුත්තේ ..
මැතිවරණයේදීද කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම මගින් කාන්තාවන්ට පරිපාලනය සදහා ඉඩක් විවර කර දීමට රජය කටයුතු කරනු ලැබූවා .. එය මෙතෙක් කාන්තාවන්ට හිමි නොවූ ස්ථානයක් හදා දීමක් ?
අපට අත්දැකීම් , ඉදිරි චින්තනය ඇති ප්රගතිශීලී කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ තිබිය යුතුයි. අපේ දේශපාලනය ස්වභාවයෙන්ම ලිංගිකත්වය මත පදනම් වෙලා තියෙන්නේ දේශපාලනය කරනවා නම් සාධක දෙකක් බලපානවා එකක් තමයි පවුල් සබඳතා අනෙක තමයි කොපමණ බැංකුවේ මුදල් තියෙනවාද කියන කාරණය ප්‍රතිපත්ති පදනම් දෙශපාලනික පරිසරයක් අපට අවශ්‍යයි. මැතිවරණ ප්රචාරක කටයුතු සදහා කාන්තාවන්ට වැඩි ප්‍රතිපාදන වෙන් කළ හොත් පශ්චාත් මැතිවරණයට කිසිවෙකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඉටු කිරීමට ඔවුන් බැදී නොසිටිනවා
එසේම ගැහැණු හා පිරිමි අපේක්ෂකයින් සඳහා වඩාත් ගැඹුරු දේශපාලන, නීතිමය හා සමාජ අවබෝධය ලබා දීම සහ කාර්යක්ෂම, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යාම සදහා වඩාත් ඵලදායි පුහුණු වැඩසටහන් අවශ්‍යයි.
පවසන්න, ලංකාව තවමත් ගෝත්‍රික වටපිටාවක හිද ස්ත්‍රියට සලකනවා යන්න ඔබ පිළිගන්නා කරුණක් ද ?
අපි සමාජයක් ලෙස බොහෝ දුරක් පැමිණ තිබෙනවා. මේ කරුණට අදාළව බොහෝ ඇමතිවරු රාජ්‍ය ආයතන හා පුද්ගලයින් බොහෝ දෙනෙක් ධනාත්මක අදහස් පළ කොට තිබෙනවා. ඔවුන් කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් නිශ්චිත වැඩ කොටසක් ඉටු කරනවා මම දැක තිබෙනවා.. එහෙත් කනගාටුයි කියන්න රටේ ජනාධිපති තුමා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ අදහස් දැක්කම ඇත්තටම අපි ගෝත්‍රික භාවයකට තල්ලු කොට ඇති බව පසක් වෙනවා. ඒ අනුව සෑම ප්රගතිශීලී පියවරක් සමගම පියවර කිහිපයක් පසු පසට ගනිමින් සිටිනවා. මේ නිසා ස්ත්‍රින්ගෙ ශරීරය, ඔවුන්ගේ සායේ දිග හෝ ස්වාධීනත්වය පුටු දේශපාලනික අවශ්‍යතාවයන් සදහා යොදාගනිමින් සංස්කෘතිය ආරක්ෂා කරනවා යන්න පවසා ඡන්දයට පෙර මිනිසුන් සතුටු කිරීම නතර කළ යුතුමයි. මේ නිසා ඔබ ඉහතින් දැක්වූ අදහසට මදක් හෝ එකග වෙන්න වෙනවා…
එහෙත් බෞද්ධ භික්ෂූන් සදහන් කොට සිටින්නේ .. කාන්තාවන්ට හිමිව තිබූ ගෞරවය නැති කිරීමට මෙවැනි දෑ ඉදිරිපත් වීමෙන් සිදුවන බවයි.. ඒ අනුව බෞද්ධ සමාජයක් තුළ කාන්තාවන්ට නිසි ගෞරත්වය ලැබෙනවා නේද ?
කාන්තාවන්ගේ සන්දර්භය තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් නිවැරදිව අනුගමනය කළ බොහෝ ප්රගතිශීලී බෞද්ධ භික්ෂූන් වහන්සේ මම දැක තිබෙනවා. කෙසේ වෙතත්, උසස් තනතුරු සුරක්ෂිත කිරීම සඳහා උත්සාහ කළ භික්ෂූනීන් වහන්සේලා මුහුණ දුන් විරුද්ධත්වය හොඳින් පෙනෙන්නට තිබුනා. මම දකින ආකාරයට එය කාන්තාවකට පෙන්විය හැකි ඉහළම ආකාරයේ අගෞරවයක්.
කාන්තාවන් සම්පූර්ණයෙන්ම දුර්වලව සිටින බවට පිළිගත් වෙනස්කම් කරන ලද මෙවැනි ව්‍යවස්ථාපිත නීතියක් සම්මත කරගන්නේ කෙසේද යන්න මා දැක නැත. කාන්තාවන් මුලුමනින් ම දුර්වල බවත්, තමන්ගේම තීරණයක් ගැනීමට කිසිදු ස්වාධීනත්වයක් නොමැති බවත්, දුරස්ථව සිටීම සඳහා ගෞරවයක් ලෙස සැලකිය හැකි බවත් මෙහිදී උපකල්පනය කරයි. මත්පැන් සමාජයට ප්‍රශ්නයක් නම් එය ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයටම එය තහනම් කරන්න.
මට පුදුම ඇයි, අපේ මහානායක අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා මේ ගනන් කළ නොහැකි තරම් අසභ්‍ය සිදුවීම් හා ළමා අපචාර සිද්ධීන් අතරතුර දී කතා නොකළේ ඇයි කියන එක. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා සහිතව ශ්‍රී ලංකාවට වැඩැම්මුවේ කාන්තාවක් විසින් ඒත් දැන් මාලිගාවේ ඇතුළු කුටිවලට කාන්තාවන්ට ඇතුළු වීම පවා තහනම් කරල තියෙනවා එහෙම වෙන්නේ ඇයි කියන එකයි මං හිතන්නේ ..
ඔබ යෝජනා කරන අන්දමට ලංකාව තුළ නිදහස් කාන්තාවක් , ස්වාධීනව වැඩ කළ යුතු කාන්තාවක් නිර්මාණය වීම සදහා කුමක් විය යුතුද ?
අප පළමුවෙන්ම ආරම්භ කළ යුත්තේ අපේ රටේ පාසල් පද්ධතියෙන්, තාමත් අපෙ පාසල් තුළ විධිමත් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය විෂය මාලාවක් නැහැ. ළමා අපචාර සිද්ධි වලදි අපි නිතරම දකින දෙයක්, කුඩා දරුවන් ඔවුන්ට සිද්ද වෙන්නෙ අපචාරයක් කියාවත් ඔවුන් දන්නේ නැති එක. එවන් අවස්ථාවන් වලදි ඔවුන් කළ යුත්තෙ මොනවාද යන්නවත් ඔවුන් දන්නේ නෑ. අපි මෙවැනි ප්‍රශ්න පිළිබද පාසල් තුළ විවෘතව කතා කළ යුතුමයි. මම දැක්කා ජනාධිපති තුමන්ගේ මේ තීරණයට එරෙහිව කතා කරපු, මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරපු කන්තාවන්ට ඉතා පහත් විදිහට කතා කරනවා, එක හිටපු යොවුන් පාර්ලිමේන්තු නියොජිතයෙක් එම කන්තාවන් ‘බඩුවක් ‘ බවද කියා සිටියා. එහෙත් මෙම ප්රශ්නය පිලිබදව කතා කරපු සමාජ ක්‍රියාකරිනියන් බොහෝ දෙනෙකුම කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවන් ක්‍රියා කළේ , පාරට බස්සේ , නඩු කිවුවේ අද ඊයේ නොවෙයි. එ සිද්ධිවල්දි දැන් මේ නින්දෙන් බය වෙලා ඇහැරුණාවගේ කෑ ගහන විවේචනය කරන මහත්වරු හිටියේ කෝහේද කියන එක ප්‍රශ්නයක්.
විශේෂ ස්තූතිය – තුසිත පතිරණ
No comments:
Post a Comment