1907 ග්‍රීස්ම සෘතුවේදී විසිදෙනකුගෙන් යුත් කණ්ඩායමකින්
බ්‍රවුන්සි දූපතේදී පළමු බාලදක්ෂ කඳවුර පැවැත් වූ බාලදක්ෂ
ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල්සාමි 1916 දී පෝතක බාලදක්ෂ
ව්‍යාපාරය එංගලන්තයේදී ආරම්භ කරන්නේ කුඩා දරුවන් සමාජයට වුවමනා
ආකාරයට විනය ගරුක හා බුද්ධිමත් පුරවැසියන් බවට පත්කිරීමේ
පිවිතුරු අරමුණෙනි.
එම උතුම් පියවර තැබූ 1916 වසරේදීම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේත් පෝතක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වීම කෙතරම් නම් අසිරිමත් ද.
1966 පෝතක බාලදක්ෂ ස්වර්ණ ජයන්ති වර්ෂය විය. නොයෙක් උත්සව සංවිධානය කෙරිණි. ස්වර්ණ ජයන්ති අවසන් උළෙලේදී වුල් කබ් ටැටු නමින් රැඟුම් දර්ශනයක් ඉදිරිපත් කෙරිණි. පියවරෙන් පියවර එසේ වර්ධනය වෙමින් පැවැති පෝතක බාලදක්ෂ ව්‍යාපාරය සිය ඓතිහාසික ප්‍රථම කබෝරිය පවත්වන්නේ 1975 මාර්තු 14 දා සිට 16 දා දක්වා ගාලු නගර ශාලාවේදී හා එම පිට්ටනියේදීය. ඊට පෝතකයෝ දෙදහසක් පමණ සහභාගි වූහ. මෙම කබෝරියේ මාර්ගෝපදේශකයා ආර්. ඒබ්‍රහම් මහතා වූ අතර ඒ. බී. ආරියපාල මහතා සංවිධායකවරයා විය. සංචාරක කොමසාරිස්ව සිටි ඡේ. ලයනල් සිල්වා මහතා අතින් වැඩසටහන් නිමවිණ.
පෝතක බාලදක්ෂ ව්‍යාපාරය 1916 දී එංගලන්තයේ ආරම්භ කරන ලදුව වසර
100ක කාලයක් තුළ ලෝකය පුරා රටවල් 216 ක ව්‍යාප්ත වෙලා
තියෙනවා. පෝතක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ වසරේදීම ශ්‍රී
ලංකාවේත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය තුළ පෝතක
බාලදක්ෂ කටයුතු ඇරඹුණා. ජාත්‍යන්තර පෝතක බාලදක්ෂ සියවස ශ්‍රී
ලංකාවේ පෝතක බාලදක්ෂ සියවස ලෙසද ඒ නිසා අපට හඳුන්වන්න
පුළුවන්.
ද ජංගල් බුක්
රඩ්යාඩ් කිප්ලිංගේ ‘ද ජංගල් බුක්’ ඇසුරෙන් සුප්‍රකට හොලිවුඩ් සිනමා සමාගම වෝල්ට් ප්‍රථම සජීවීකරණ කාටුන් චිත්‍රපටය නිපැයූයේ 1967 වසරේදීය. වෝල්ට් ඩිස්නි සමාගම එම චිත්‍රපටය නැවත නිපයා ඇති අතර එමචිත්රපටය ලොව පුරා තිරගත වූ අතර මෙම නව නිපැයුමේ විශේෂයක් වන්නේ වෘකයන් අතර වනාන්තරයේ හැදෙන වැඩෙන මෞග්ලිගේ චරිතය ළමා නළුවකු විසින් පණ පෙවීමත් අනෙකුත් සියලු චරිත සජීවීකරණ වීමත්ය. ජෝන් ෆව්රියෝ අධ්‍යක්ෂණය කර ඇති ‘ද ජංගල් බුක්’ නව නිපැයුමේ තිර රචනය ජස්ටින් මාර්ක්ස් ය. මෞග්ලිගේ චරිතයට පණ පොවන්නේ නීල් සෙති නමැති ළමා නළුවාය.මෞග්ලි නමැති කුඩා දරුවා ඉන්දීය වනාන්තරයක වෙසෙන රක්ෂා සහ අකේලා වෙත ගෙනැවිත් දෙන්නේ භගීරා නමැති කළු දිවියාය. එම වනයේම දිවි ගෙවන බෙංගාලි ව්‍යාඝ්‍රයකු වන ෂීර් ඛාන් ගේ අදහස මිනිස් පැටියකු වනාන්තරය ඇතුළත ජීවත් විය යුතු නැත යන්නයි. මෞග්ලි නැවත ගම්මානයකට ඇරලවීමේ වගකීම භාරගන්නේ භගීරා සහ බාල ු නමැති වලසාය. ගමන අතරමඟදී මෞග්ලි වටහා ගන්නේ බෙංගාලි ව්‍යාඝ්‍රයා ෂීර් ඛාන් මිනිසුන් මරාගෙන කන්නකු බවය. ෂීර් ඛාන්ගේ යටි අදහස වන්නේ ගම්මානයකට ඇරලවීමෙන් අනතුරුව මිනිස් පැටියා ද මරාගෙන අනුභව කිරීමය. ගමන අතරමඟදී මෞග්ලිට හමුවන බොහෝ සතුන් ඔහු හා සුහද වෙති. මෞග්ලි වනාන්තරයේ දිගින් දිගටම ජීවත් වනවාට ඔවුන්ගේ අකැමැත්තක් නැති බව පැහැදිලි වෙයි. මිනිස් පැටියා වනයේ රැඳෙනවාට අකැමැතිව සිටින්නේ බෙංගාලි ව්‍යාඝ්‍රයා ෂීර් ඛාන් පමණකි.
ඒ අතර අමුතුම ආකාරයේ හැසිරීම් රටා සහිත පිඹුරකු මෙන්ම ලුවී රජු නමැති ඔරංඔටං ද මිනිස් පැටියාට මුණ ගැසෙයි. හොලිවුඩයේ වෝල්ට් ඩිස්නි සමාගම දැන් කටයුතු කරන්නේ බොලිවුඩය හා එක්වය. ඒ අනුව මෙම සිනමාපටයේ සජීවීකරණ චරිතයන්ට හඬ කැවීම් සඳහා බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියෝ ද එක්ව සිටිති. හොලිවුඩ් නළු නිළියන් ඉංග්‍රීසි බසින් හඬ කවා ඇති අතර බොලිවුඩ් නළු නිළියන් හින්දි බසින් හඬ කැවීම් සිදුකොට ඇත. උදාහරණ ලෙස භගීරු නමැති කළු දිවියාටඉංග්රීසි බසින් බෝ කිංස්ලි ද හින්දි බසින් ඕම් පූරි ද හඬ කවා තිබේ.
බ්ලේ මරේ, බෙන් කිංස්ලි, ඉඩ්රිස් අල්බා, ලුපිටා නියොන්ගෝ, ස්කාලට් ජොහැන්සන් වැනි නළු නිළියන්ඉංග්රීසි බසින් ද, ඉර්ෆාන් ඛාන්, ඕම් පූරි, නානා පටේකර්, ෂෙනාලි ෂා සහ ප්‍රියංකා චොප්රා වැනි බොලිවුඩ් නළු නිළියන් හින්දි බසින් ද ‘ද ජංගල් බුක්’ චිත්‍රපටයේ හඬ කැවීම් සඳහා දායකත්වය ලබා දී ඇත.
‘ද ජංගල් බුක්’ ඉංග්‍රීසි පිටපත් ඇමෙරිකාවේ, කැනඩාවේ හා යුරෝපා රටවල ද, හින්දි පිටපත් භාරතය පුරා සහ හින්දි චිත්‍රපට සඳහා ඉල්ලුම ඇති රටවල ද ප්‍රදර්ශනය වෙයි. මෙරට ප්‍රදර්ශනය වන්නේ ‘ද ජංගල් බුක්’ ඉංග්‍රීසි පිටපතයි.
මෞග්ලිගේ චරිතය සඳහා සුදුසු ළමා නළුවන් සොයා තිර පරීක්ෂණ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, නවසීලන්තය හා කැනඩාව යන රටවල සිදු කිරීමෙන් අනතුරුව අවසානයේ ඒ චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ නීල් සෙති ය. පරිගණක හා සජීවීකරණ තාක්ෂණය උපරීමයෙන්ම භාවිත කෙරී ඇති ‘ද ජංගල් බුක්’ හි සම්පූර්ණයෙන්ම රූගත කිරීම් සිදුකර ඇත්තේ ලොස් ඇන්ජලිස් නුවර සෙන්ටර් චිත්‍රාගාරයේදීය. 1967 නිෂ්පාදනයේ කිං ලුවී ඔරං ඔටං කෙනකු වූ නමුත් නව නිෂ්පාදනයේදී කිං ලුවී ඔරං ඔටංගේ මුතුන් මිත්තකු වූ ජිගන් ටොපිතෙකස් සත්ත්වයකු ලෙස දැක්වෙයි. එමෙන් ම 1967 නිෂ්පාදනයේදී කා පිඹුරකු ලෙස දැක්වෙතත් මෙම නව නිෂ්පාදනයේදී කා පිඹුරු ගැහැනු සතෙකි.
පෝතක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට නිමිතිකරගත් ඉංග්‍රීසි ජාතික රඩ්යාඩ් කිප්ලිංග් ද ජංගල් බුක්' නම් වනකතාවේ ඇසුරෙන් දරුවන් එළිමහන් සංදර්ශනය පවත්වනවා.
'රතුමල'
රතු මල් යනු කැලෑ සතුන් බෙහෙවින් බියට පත් වූ ගින්දරයි. සතුන්ට එයින් මිදීමට නම් පලායාම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවේ. සියල්ල විනාස කරමින් බුර බුරා නැගෙන ගිනිපුපුරු ලැව් ගින්නක් දක්වා ව්‍යාප්ත වුවහොත් සිදුවන විනාශය ඔවුන් හොදින් හදුනති. මේ හේතුවෙන් වනය තුළ ගිනි දැල්වීම තහනංචියකි. මක් නිසා ද යත් එය පාලනය කල හැකි කිසිවෙකු මිහිපිට නැතැයි ඔවුහු සිතූ බැවිනි. ගින්නෙන් බලයෙන් හා වෙනසෙන් නියෝජනය වේ.
"කැලෑවේ කිසිවෙකුගේ නිසි නමෙන් ගින්නක් නොපෙනේවි. සෑම මෘගයාම එය දරුණු භීතියකින් ජීවත්වන අතර එය විස්තර කිරීමට ක්‍රම සිය ගණනක් ඉදිරිපත් කරයි" (1.90)
ගමේ මිනිසුන් සතුව ඇති ගින්දර දිනක් මෞග්ලි නිරීක්ෂණය කරයි. සතුන්ට ගින්දර නිර්මාණය කිරීමට හෝ පාලනය කිරීමට නොහැකි බැවින් ඔවුන් ඊට බියෙන් සිටිති. ෂේර් ඛාන් බිය ගැන්වීම සඳහා සුදුසු ම අවිය ගින්දර යැයි සිතූ මෞග්ලි අවසාන සටනේ දී ගමට පැමිණ ගින්දර පන්දමක් රැගෙන වනයට පිවිසේ.
"හමුවන සියලු දේ ආහාරයට ගන්නා මේ රතුමල" (1.105)
බාලදක්ෂයන්ගේ ගිනිමැල සංදර්ශනය වෙනුවට තමයි පෝතකයන්ට 'රතුමල' හඳුන්වාදී තිබෙන්නේ. පෝතක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වූ රඩ්යාඩ් කිප්ලිංගේ 'වන කතාව' අනුව මවුග්ලි නම් දරුවා හැදුණේ වෘක ගුහාවක. වෘක අම්මාගේ ඉල්ලීමට අනුව ශියර්කාන් නම් කොටියා බය කරන්න තමයි මවුග්ලි ගම්මානයට ගොස් ගින්දර අරන් එන්නේ. එය තමයි 'රතු මලින් ' සංකේතවත් කරන්නේ. එය ළමයින්ගේ අපූරු ඉදිරිපත් කිරීමක් යෑයි ඇය පැවැසුවාය.

----------------------------------
No comments:
Post a Comment