Translate

Wednesday, January 2, 2019

ලෝක බාලදක්ෂ දැක්ම

 

2023 ලෝක බාලදක්ෂ දැක්ම ශ්‍රී ලංකාවට ගැලපුනා ද?

ලෝක බාලදක්ෂ සංවිධානය ලෝකය දෙස බලන්නේ පුළුල් කෝණයකින්ය. ඔවුන්ගේ පර්යේෂණවල දී ක්ෂේත්‍ර කීපයක ප්‍රමුඛ පෙළේ සමාජ ප්‍රශ්න සහ සමාජ ගැටලු හඳුනාගෙන ඇත. ඒවාට මැදිහත් විය යුතු ආකාරය ගැන ද බාලදක්ෂ ව්‍යාපාරය තීරණ ගෙන තිබේ. 2023 ඉදිරි දැක්ම තුළ මෙම විෂය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු වී ඇති ආකාරය ඔබ අධ්‍යයනය කළ යුතුව ඇත.

 
 
ලෝක මට්ටමින් කළ පර්යේෂණය
හැම රටක්ම ඉහත දක්වා ඇති ගැටලු අතරින් එකකින් හෝ හෝ පීඩා විඳින බව ලෝක බාලදක්ෂ සංගමය හඳුනාගෙන ඇත. ප්‍රශ්නය හඳුනා ගනිමින් දේශීය හැඩයෙන් යුත් නව ආකෘති ඔස්සේ නව වැඩසටහන් නිර්මාණය කළ යුතුව ඇත. ඒ සඳහා සෑම රටකම ජාතික වැඩසටහන් කොමසාරිස්වරැන් ප්‍රමුඛ ජාතික වැඩසටහන් අංශ බාලදක්ෂයින්ට මග පෙන්විය යුතුය.

ප්‍රධාන කොමසාරිස්වරැන්ගේ කාර්යභාරය
බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වී ඇති රටවල ප්‍රධාන කොමසාරිස්වරැන්ගේ යුතුකම සහ වගකීම වනුයේ ලෝක බාලදක්ෂ සංගමයට අනුගතව කටයුතු කිරීමය. ඒ ඒ රටවල් තම රටවල පවතින ගැටලු හඳුනාගෙන සැලසුම් නිර්මාණය කළ යුතුය. ප්‍රධාන කොමසාරිස්වරයකු පත්වූ විට එම ධූරය කාලය තුළදී සිදුකළ හැකි මෙහෙයුම් සහ ජාතික ක්‍රියාන්විත රුසක් ඇත. සංදර්ශනාත්මක කඳවුරැ පැවැත්වීමෙන් පමණක් ප්‍රමුඛ අරමුණු ඉටුනොවන බව ලෝක බාලදක්ෂ බියුරෝව පෙන්වා දෙයි.

ජාතීන් අතර ගැටුම් වෙනුවට සාමය 
ලෝක සාමය වෙනුවෙන් නිර්මාණය කළ සාමයේ පණිවිඩකරැවා සංකල්පයේ ගැඹුරක් ඇත. සාමයේ පණිවිඩකරැවා පදක්කම ශ්‍රී ලංකාව තුළ ධනාත්මකව සමාජගත කළ යුතුව ඇත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදි සියලුම ජාතීන් නියෝජනය වන සේ බාලදක්ෂ නායකයින් සියලුම බාලදක්ෂ දිස්ත්‍රික්කවලට අනුයුක්ත කළ යුතුව ඇත.

බලශක්තිය සංරක්ෂණය කිරීම සහ නව ක්‍රමෝපාය සමාජය තුළ ව්‍යාප්ත කිරීම
අදින් වසර අටකට පෙර විජය බාලදක්ෂ කඳවුරේ සංකල්පයක් ලෙස එවකට ප්‍රධාන කොමසාරිස් දිවංගත චන්ද්‍රසේන බටුවංගල මැතිතුමාගේ වකවානුව තුළ දී %සංරක්ෂකයා ප්‍රවීණතා පදක්කම^  හඳුන්වාදෙන ලදී. විදුලිය පිරිමසා ගැනීමට පමණක් සීමාවූ විවිධ ආයතනික අවශ්‍යතා පමණක් ඉටුකර එම වැඩසටහන පුළුල් කෝණයෙන් ශ්‍රී ලාංකික බාලදක්ෂයා වෙත හඳුන්වා දෙමින් නියාමනය කළ යුතුව ඇත. ලෝක බාලදක්ෂ සංගමය ඒ සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් කරමින් %ලෝක බලශක්ති පදක්කම^ හඳුන්වා දී ඇත. විවිධ වූ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව බලශක්තිය පිරිමැසීමේ නව ක්‍රම, දියුණු පර්යේෂණ ක්‍රම අත්හදා බැලීම් සහිතව සංරක්ෂකයා ප්‍රවීණතා පදක්කම බාලදක්ෂයින් අතර ප්‍රචලිත කළ යුතුව ඇත.

පාරිසරික ප්‍රශ්න ජය ගැනීම
ලෝකයේ පාරිසරික ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙයි. ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යයි. අධික වන විනාශය ඊට හේතුවක් බව පරිසරවේදීහු පෙන්වා දෙති. ස්වාභාවික වන විනාශය, පාංශූ ඛාදනය, නායයාම්, ගංවතුර, වෙරළ ඛාදනය, සමුද්‍රය අපිරිසුදු වීම සහ හිම දියවීම මහත් වූ පාරිසරික ගැටලු බවට පත්ව ඇත. මේ තත්ත්වය කෙරෙහි ලෝකයේ සිටින සියලුම බාලදක්ෂයින්ගේ අවධානය යොමු කරවීම උදෙසා %ලෝක පාරිසරික පදක්කම්^ හඳුන්වා දී ඇත. අවුරැදු 12 සිටින කනිෂ්ඨ බාලදක්ෂයාගේ සිට අවුරැදු 26 සිටින මානවක බාලදක්ෂයා දක්වාම දිනාගත හැකි පදක්කම් තුනක් හඳුන්වා දී ඇත. මෙම පදක්කම් සමත් කිරීමේ දී ඊට පෙර ඔබ ඔබගේ ප්‍රදේශයේ පවතින පාරිසරික ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් ඒවාට විසඳුම් සෙවීමට උනන්දු විය යුතුය. කාණ්ඩ සහ කණ්ඩායම් ලෙස මේ සඳහා ඉදිරිපත් විය හැක. පරිසරයේ පැවැත්මට හිතකර දිගුකාලීන වැඩ පිළිවෙලක් දියත් කොට පදක්කම් දිනා ගැනීමට බාලදක්ෂයින් පෙලඹවිය යුතුය.

ස්වයංපෝෂිත ආර්ථිකයක් සඳහා බාලදක්ෂ මග පෙන්වීම
කළුතර බාලදක්ෂ කොලනිය අදින් වසර 30 කට පෙර ස්ථාපිත කරන ලද්දේ එම අරමුණ ඇතිවය. වර්තමානය වන විට තත්ත්වය වෙනස් වුවද බාලදක්ෂයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. විධිමත් අධ්‍යාපනයක් ලබන බාලදක්ෂයා වයසින් මුහුකුරා යන දිනක දී ඔහු සතු ප්‍රවීණතා ප්‍රයෝජනවත් වෙයි. බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම් ක්‍රමය නවක බාලදක්ෂයා වෙත එම දැනුම ලබා දෙයි. නවක බාලදක්ෂයා කළ යුත්තේ තම බාලදක්ෂ නිල ඇඳුමේ හැඩ දැකීම වෙනුවට සැබැවින්ම වැඩට දක්ෂයින් වීමය. ළමා වියේ සිටම ඔහු කැමති විෂය ක්ෂේත්‍ර ගණනාවකට යොමු වීමේ නිදහස බාලදක්ෂයාට ඇත. එම විෂයන්ගෙන් ලබන දැනුම ජීවිතයට ඈඳාගත යුතුය. 

 
   

No comments:

Post a Comment