Translate

Saturday, May 24, 2025

යුගයක නිමාව - මහාචාර්ය නිමල් ද සිල්වා නැමති බාලදක්ෂයා ☉

ජාතියක් රන්ජනය කළ විශිෂ්ඨ විද්වතෙක් වූ සම්මානිත මහාචාර්ය  නිමල් ද සිල්වා සමුගනී!
 
විද්‍යාජෝති මහාචාර්ය ටී.කේ. නිමල් ද යනු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙකි, කලා ඉතිහාසඥයෙකි. වසර 40 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති වරලත් වාස්තු විද්‍යාඥයෙකි. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහ උරුම හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ද විය. ඔහුගේ නායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ ත් සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානයේ සභාපති වැනි පුළුල් ක්ෂේත්‍රවල විහිදී ගියේය.
 
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක උරුමය වෙනුවෙන් එතුමෝ දැඩි උනන්දුවක් දැක්වූහ. උරුම ගොඩනැගිලි ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඔහුගේ දායකත්වය අනුපමේය විය. ඔහු රට පුරා සංස්කෘතික වටිනාකමක් සහිත ගොඩනැගිලි හඳුනාගෙන සාකච්ඡා කරන Heritage Buildings of Sri Lanka නම් කෘතියේ සම-කර්තෘවරයා විය.
 
මහාචාර්ය නිමල් ද සිල්වා 1997 සිට 2000 දක්වා  ICOMOS (International Council on Monuments and Sites)හි ශ්‍රි ලංකා සභාපතිවරයාය. මෙම ආයතනය ලොව පුරා සංස්කෘතික උරුම ස්ථාන සංරක්ෂණය හා ආරක්ෂා කිරීම සඳහා කැප වූ රාජ්‍ය නොවන සංවිධානයකි. ස්මාරක, ගොඩනැගිලි, ස්ථාන සහ භූ දර්ශන ඇතුළුව ස්පර්ශ්‍ය සහ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා විද්‍යාත්මක ශිල්පීය ක්‍රම සහ ක්‍රමවේද යෙදීමට  කටයුතු කරන මෙම ආයතනය හරහා ලංකාවේ ජාතික උරුම ක්ෂේත්‍රයට කළ හැකි අනුපමේය මෙහෙය ප්‍රායෝගික කළ ආකාරය ගැන මහාචාර්ය නිමල් ද සිල්වා උදාහරණයක් විය. 
 
ගෘහ නිර්මාණ ශිල්පය සහ උරුම සංරක්ෂණය සඳහා ඔහුගේ සුවිශේෂී දායකත්වය අගයමින්, මහාචාර්ය නිමල් ද සිල්වාට 2017 දී කීර්තිමත් විද්‍යාජෝති සම්මානය පිරිනමන ලදී. මෙම ජාතික ගෞරවය ශ්‍රී ලංකාවේ දැනුම ප්‍රවර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට පිරිනමන අති විශේෂ සම්මානයකි.
 

 
ඒ් රුව මුලින්ම මා නෙත ගැටුනේ 1991 දී සරසවියේ පළමු වසරේ දී මොරටුව විශ්ව විද්යාලයේ වාස්තු විද්යා අංශාධිපති ලෙසයි. මා සිත තුල වූ පෞරාණික උරුමය පිලිබද ඇල්ම පිටතට ගෙන ඒ්මේ ගෞරවය හිමිවන්නේ එතුමන්ටයි. වාස්තු විද්යාවේ ඉතිහාසය පිලිබද එතුමන්ගේ දේශනය අප වෙනමම යුගයකට රැගෙන ගියා කීවොත් නිවැරදිය. පවර්ප‌පොයින්ට්, වීඩියෝ ආදිය නොතිබූ එකල ස්ලයිඩ් ප්රොජෙක්ටරයෙන් වගේම හුනුකූරෙන් ඇදි රූපසටහන් වලින් ඉතිහාසය මවා පෙන්වූ එතුමා, ඇසින්ද දුටුවා සේ කියන විස්තරයෙන් අප ද ඒ ඉතිහාසයට රැගෙන ගියා අද ද මතකය.
 
පළමු වසර අවසානයේ වූ නිවාඩු කාලයේදී එතුමාගේ පෞද්ගලික කාර්යාලය වූ ඩෙව්කෝ හි පුහුණු වීමට මට ලබා දුන් අවස්ථාව මාගේ ජීවිතයේ කඩ ඉමක් සේ සලකමි. 1992 දී එතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි ගෙටී අරමුදල් ව්යාපෘතිය හරහා ක්රියාත්මක කල පොලොන්නරුව පැරණි නගර සංරක්ෂණ ව්යාපෘතිය අප බොහෝ දෙනෙකුගේ විශ්ව විද්යාල ජීවිතයට ආලෝකයක් වූ බව කිව යුතුමය. එයින් අප ලද අත්දැකීම්, අධ්යාපනය, මෙන්ම විනෝදයට අමතරව එහි කටයුුතු කිරීමෙන් ලද දීමනාව අපගේ ඉගෙනුමට මහත් සවියක් විය. ආචාර්ය ධම්මික චන්ද්රසේකර මහතා සහ එස්. ජී. වීරසූරිය මහතා සමග එක්ව ක්රියාත්මක කල එම ව්යාපෘතිය මගින් අප පෞරාණික උරුම සංරක්ෂණයට අත් පොත් තැබීමු.
 

 
මට මුල් වරට ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා හමුවූයේද එම ව්යාපෘතිය පිලිබද කටයුත්තකට පුරාවිද්යා දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවකදීය. මේ සියල්ල මහාචාර්ය නිමල් ද සිල්වා මැතිදුන්ගේ මැදිහත්වීමෙන් ක්රියාත්මක විය. එවක අපට ඉගැන්වූ ගුරුවරුන් අතර මහාචාර්ය ලක්ෂ්මන් අල්විස් මහතා ද වූ නමුත් අපි ප්රොෆෙසර් යනුවෙන් ඇමතූයේ මහාචාර්ය නිමල් ද සිල්වාට පමණි. එය අදටද අපේ කාලයේ අය අතර එලෙසම ය. එතුමන්ගේ ඉගැන්වීමේ ශෛලිය මෙන්ම දැනුමට ද වෙනත් ආදේශකයක් නොවීය. විශ්ව විද්යාලයේදී පමණක් නොව රැකියාවයට පැමිණි පසු ස්ලීඩා ආයතනයේ පැවති පුහුණුවල දීද එතුමන්ගේ දේශන වලට සවන් දුන්නෙමි. 
 
එතුමන් මොරටුව විශ්ව විද්යාලයේ පමණක් නොව, කැළණිය විශ්ව විද්යාලයේ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ, ශ්රී ලංකා බාලදක්ෂ සම්මේලනයේ සභාපති, සමස්ථලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති, ජාතික මෝස්තර මධ්යස්ථානයේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආදී විවිධ තනතුරු හෙබවූ අපට සිතාගත නොහැකි තරමේ විවිධාගීකරණය වූ දැනුමක් හා හැකියාවක් ඇති විද්වතෙක් විය. මා දන්නා අයුරින් ඒ් කිසිදු තනතුරක් එතුමන් සොයාගෙන, ඉල්ලාගෙන හෝ බලහත්කාරයෙන් පවරාගෙන දැරූ ඒ්වා නොව එතුමා සොයා ආ ඒ්වාය. ඒ සියළු තනතුරු දැරූ ආයතනයන් හි සියල්ල අදද එතුමන්ට ගරු කරති. 
 
ඒ් සියල්ල අතරේ එතුමා ගුරුවරයෙක් ලෙස ක්රියාකල නිහතමානී ආකාරය ඉතාමත් ආදර්ශවත්ය. කිසිදු දෙයක් පිළිබද නොසැලී, නොකිපී සිනාමුසු මුහුණින් කටයුතු කරන ආකාරය මෙන්ම මොනතරම් රාජකාරිවල යෙදී සිටියද සෑම කාර්යයක් සදහාම කාල වේලාව වෙන් කර ගෙන කටයුුතු කිරීමද ඉතා දුර්ලභ ලක්ෂණයකි.
 
එතුම්න ග්රන්ථ රාශියක් රචනා කළ ගත් කතුවරයෙක් බවද කිව යුතුමයි. පුරාවිද්යා උපදේශක කමිටු සමාජිකයෙක් ලෙස පසුගිය මාසය වන තුරුම ඉතා සක්රිය සේවාවක් ලබා දුන් එතුමන් ඔ්නෑම වේලාවක කෙතරම් දුර බැහැරක හෝ යන්නට සූදානමින් සිටි අතර එතුමා සමග ගමන් යාමට අපද බෙහෙවින් රුචි වීමු. කුමන තනතුරු දරා සිටියද දුර බැහැර යද්දී පෙට්ටි කඩකින් රොටියක් කා ප්‌ලේන්ටියක් බොන්න තරම් එතුමා මේ මහපොළොවේ ජීවත් වූ චරිතයක් විය. කන්දකට දාගැබකට නගින්න බෑ නොකී එතුමා, ගෙදරින්ම සැරයටියට ගන්නා ලී දණ්ඩක් ගෙන වාහනයට දමා ගනී. මා දන්නා විදියට එතුමන් මේ රටේ නොගිය අස්සක් මුල්ලක් නැත. නොදන්නා කෙනෙක් නැත.


ජනාධිපතිවරුන්ගේ සිට විද්වතුන්, හාමුදුරුවන් මෙන්ම කම්කරුවන් පවා දැන හදුනාගෙන සිටි මහාචාර්ය නිමල් ද සිල්වා යනු අපට සිටි අති ශ්රේෂ්ට විද්වතෙක් බව අවිවාදිතයි. සැබෑ ලෙසම දැනුමින් සන්නද්ධ මහාචාර්ය නිමල් ද සිල්වා වැනි වියතුන් අපට නැවත කවදා හමුවේදැයි සිතාගැනීමටවත් නොහැක. අසූ වියට පා තබන්නට මාස කීපයක් තිබියදී අද දින අප අතරින් වෙන්ව යන ඒ් මහා දැනුම් සම්භාරය, අත්දැකීම් සපිරි නිහතමානී චරිතය, සැබෑම ගෞරවනීය ගුරුවරයා, නිර්වාන සුඛිත සුවයෙන් සැනසේවා.
 

 
උපුටා ගැනීම
Prasanna B. Ratnayake 
 
මහාචාර්ය නිමල් ද සිල්වා මහතා අභාවප්රාප්ත වෙයි ....!  
 
සම්මානිත මහාචාර්ය , විද්යාජෝති මහඇදුරු නිමල් ද සිල්වා මහතා අභාවප්රාප්ත වෙයි. ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද කීර්තිමත් මහාචාර්යවරයෙකු වූ එතුමන් ක්ෂේත්ර ගණනාවක ප්රමාණික විද්වතෙකු ද වීය. වාස්තු විද්යාව එතුමන්ගේ මුඛ්ය විෂය ධාරාව වූ අතර ඊට නොදෙවෙනි පෘථුලභාවයක් ප්රකට කළේ පුරාවිද්යා විෂය ක්ෂේත්රය කෙරෙහිය. ශ්රී ලංකා මොරටුව විශ්ව විද්යාල ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන එක් අගනා , වටිනා නාමයක් වන්නේ මහඇදුරු නිමල් ද සිල්වා මහතාගේ නාමයයි. අංශාධිපති , පීඨාධිපති මෙන්ම එහි පාඨමාලා රැසක සමාරම්භකයා ලෙස එතුමන්ගේ නම ලියැවෙයි. එතුමන් සිය දිවි සැරියේ නායකත්වය ලබා දුන් ආයතන රැසක් අතරේ ජාතික මෝස්තර මධ්යස්ථානය , නාගරික සංවර්ධන අධිකාරිය , මධ්යම සංස්කෘතික අරමුද⁣ල , ශ්රී ලංකා බාල දක්ෂ ආයතනය , කැලණිය විශ්ව විද්යාලයේ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනය ආදිය ඉන් කිහිපයකි. එතුමන් ශ්රී ලංකා පුරාවිද්යා සභාවේ ජ්යේෂ්ඨ සාමාජිකයකු ලෙස සිය අවසන් හුස්ම පොද හෙලනතුරුම සේවාව සැපයූ සම්පත් දායකයෙකි. මෙරට එතුමන් අතින් සංරක්ෂණයට ලක් වූ පුරාවිද්යා ස්මාරක ප්රමාණය සුවිශාලය. ඒ සියල්ල පරයා එතුමන්ට මිනිසුන් සමග සහෘදයෙකු, නිහතමානි මිනිසෙකු ලෙස කටයුතු කිරීමට තිබූ අපූර්ව හැකියාව විශිෂ්ට ය. දහස් ගණනක් සිසු පරපුරක ඇදුරිදු චරිතය ද සාමාන්ය පොදු ග්රාහක ප්රජාවගේ සිත් ගත් දේශකයා ද ඔහු ය. මේ වන විට එතුමන්ගේ දේහය, අංක 47 , නුගේගොඩ පාර , පැපිලියාන, නිවසේ තැන්පත් කර තිබේ. එතුමන්ගේ අවසන් කටයුතු කොහුවල , නිසල අරණේ දී 2025/05/27 දින පස්වරු තුනට ( 3.00 ) සිදු කිරීමට නියමිතය. පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා අතිමහත් කැප කරීමක් ඉටු කළා වු සුධීමතාණෙනි , ඔබට නිවන් සැප ලැබේවා ....!
 

 
සම්මානිත මහාචාර්ය, විද්යාජෝති මහඇදුරු නිමල් ද සිල්වා මහතා අභාවප්රාප්ත වෙයි.
 
ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද කීර්තිමත් මහාචාර්යවරයෙකු වූ එතුමන් ක්ෂේත්ර ගණනාවක ප්රමාණික විද්වතෙකු ද වීය. වාස්තු විද්යාව එතුමන්ගේ මුඛ්ය විෂය ධාරාව වූ අතර ඊට නොදෙවෙනි පෘථුලභාවයක් ප්රකට කළේ පුරාවිද්යා විෂය ක්ෂේත්රය කෙරෙහිය.
ශ්රී ලංකා මොරටුව විශ්ව විද්යාල ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන එක් අගනා , වටිනා නාමයක් වන්නේ මහඇදුරු නිමල් ද සිල්වා මහතාගේ නාමයයි. අංශාධිපති , පීඨාධිපති මෙන්ම එහි පාඨමාලා රැසක සමාරම්භකයා ලෙස එතුමන්ගේ නම ලියැවෙයි.
එතුමන් සිය දිවි සැරියේ නායකත්වය ලබා දුන් ආයතන රැසක් අතරේ ජාතික මෝස්තර මධ්යස්ථානය , නාගරික සංවර්ධන අධිකාරිය , මධ්යම සංස්කෘතික අරමුද⁣ල , ශ්රී ලංකා බාල දක්ෂ සංගමය , කැලණිය විශ්ව විද්යාලයේ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනය ආදිය ඉන් කිහිපයකි. එතුමන් ශ්රී ලංකා පුරාවිද්යා සභාවේ ජ්යේෂ්ඨ සාමාජිකයකු ලෙස සිය අවසන් හුස්ම පොද හෙලනතුරුම සේවාව සැපයූ සම්පත් දායකයෙකි. මෙරට එතුමන් අතින් සංරක්ෂණයට ලක් වූ පුරාවිද්යා ස්මාරක ප්රමාණය සුවිශාලය. ඒ සියල්ල පරයා එතුමන්ට මිනිසුන් සමග සහෘදයෙකු, නිහතමානි මිනිසෙකු ලෙස කටයුතු කිරීමට තිබූ අපූර්ව හැකියාව විශිෂ්ට ය. දහස් ගණනක් සිසු පරපුරක ඇදුරිදු චරිතය ද සාමාන්ය පොදු ග්රාහක ප්රජාවගේ සිත් ගත් දේශකයා ද ඔහු ය. 
 
එතුමන් ගේ ගෘහනිර්මානශිල්පයෙන් ඔපවත්වූ ශ්රීලංකාවේ ප්රසිද්ධ ගොඩනැගිලි අතරින් කීපයක්
 
1) දැනටත් භාවිතයේ පවතින වරකාපොළ පොලිස් ස්ථානයේ ආකෘතියේ ගොඩනැගිලි.
2) කැප්පෙටිපොල මාවතේ හා මල්ලසේකර මාවතේ සමුළු නිවාස.
3) රුහුනු විශ්වවිද්යාලයීය සමහර ගොඩනැගිලි.
4) දක්ශින අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු සහ වැලිපැන්න විශ්රාම පෙදෙස
5) ශ්රිලංකා බාලදක්ශ සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල
6) නෙලුම් කුලුන
7) කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානයේ දාගැබ සහ ගොඩනැගිලි
 
ශ්රී ලංකාවේ පුරාවිද්යා ක්ශ්රේත්රයේ අභිවෘද්ධිය උදෙසා අතිමහත් කැප කරීමක් ඉටු කළා වු සුධීමතාණෙනි, ඔබට නිවන් සැප ලැබේවා ....!
 
උපුටා ගැනීම
Pamuditha Kumaranayaka 


මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු මැයි 27 වැනිදා
.............................................
සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා පැපිලියානේ එතුමාගේ නිවසේ තැන්පත් කර ඇති අතර 2025 මැයි 27 අගහරුවදා සවස 3.00 ට අවසන් කටයුතු කොහුවල නිසල අරන පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. දේහය 47, නුගේගොඩ පාර, පැපිලියාන නිවසේ තැන්පත් කර ඇත. පැපිලියාන සුනේත්රා දේවී පිරිවෙන් රථගාලෙහි, වාහන නැවැත්වීමේ පහසුකම් ලබාගත හැක.
 
 


මම ගෙදර ගියෙමි ☉

No comments:

Post a Comment