Translate

Sunday, August 6, 2017

බාලදක්ෂ ගැට ලනුව (දෙවන කොටස)

කොහු ලණු කර්මාන්තය

ශ්‍රී ලංකාවේ කොහු ලණු කර්මාන්තයට සංස්කෘතියට මෙන්ම ඈත ඉතිහාසයක් ඇතැයි අනුමාන කලහැකි මුත් ඒ ආශ්‍රිතව කල අධ්‍යයනයක් හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි පිලිබද ප්‍රමාණවත් වාර්තා හමු නොවේ. වාරි ශීෂ්ඨාචාරයට වඩා නාවික ශිෂ්ඨාචාරය බලාත්මක වීමත් සමග සමුදුරු තරණයේදී ලණු හා කඹ ආශ්‍රිත නිෂ්පාදන වල දියුණුවක් ඇතිවීම ස්වාභාවික වේ.

ආරාබිවරු වෙළදාම් පිණිස ලංකාව සමගත් සම්බන්ධකම් පැවැත්වූ අවධියෙහි සිට කුලු බඩු, එනසහල්, කරාබුනැටි, කුරුදු, වැනිලා, සාදික්කා, හන්දුන් ගම්මිරිස් වනාහි රසකාරක හා මුතු මැණික්, ඇත් දළ රතු කැට ආදිය ගෙනගියා මෙන් ම මීගමු තොටුපොළේ නවතා තිබූ තම රුවල් නැව් වාරකන් කාලයේ දී අලුත්වැඩියා කිරීම ද කර්මාන්තයක් ලෙස සිදුකලහ. ඔරු, පාරු, තෙප්පම්, නැව් සෑදීමට ද නැව් තැනිමේ තාක්ෂණය හා අලුත් වැඩියා කිරීමේන් දක්ෂ අරාබි මුස්ලිම්වරු විශාල කම්හළක් ඉදිකළහ. ඉන්දියාවේ කොච්චි ප්‍රදේයේ ද දකුණු ඉන්දියා වෙළඳ සමාගම ඇතුලු නොයෙක් මුහුහු බඩ ප්‍රදේශවල ජනාවාස ඉදිකරමින් මලයාලි මුස්ලිම්වරු පමණ නොව දකුණු ඉන්දියානු මුස්ලිම්වරු සමග දමිළ පිරිස් ද මෙරටට සංක්‍රමණය වූහ. ලංකාව පුරා විසිරී ඇති ගං තීරයේ, මෝය කට ප්‍රදේශවල හා කලපුව අසල වාඩි තනා ගනිමින් මස් මාංශ  වර්ග දිගුකල් තබා ගැනිමට හැකි විධියේ පදම් කර තබාගන්න මේ රට කුලුබඩු, රසකාරක ප්‍රයොජනයට ගන්නා සැටි මෙරට මිනිසුන්ට ද කියා දෙනු ලැබීය.  

DSC_0054DSC_0063
DSC_0077
DSC_0086
DSC_0052
DSC_0090
























ඔරු පාරු සෑදීම් වැනි කර්මාන්තයට අවශ්‍ය ලෑලි, කදන් ගස්, රට අභ්‍යන්තර ප්‍රදේශයන් ගෙන්වා ගත්හ. මෙම ගස්, කදන් ලෑලි ද වෙළද භාණ්ඩද හුවමාරු කළ අතර ඇල, ගංගා දී දිය මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරනු ලැබීය. ඔරු, පාරු, තෙප්පම්, නැව්, සෑදීමේදී ඇණ ගැසීමට වඩා සවිකිරිම සදහා කොහු ලණු උචිත බවත් ලුණු වතුරට ගස් කදන් ලෑලි පෙගී මහත්වනවිටත් ඔරුත්තු දිය හැකි වන්නේ කොහු ලණුවලට බවත් මුස්ලිම් වෙළදුන් හොදින්  හැටි දැන සිටියහ. ගංගා මුහුදට මුසුවන මෝය හා කලපු ප්‍රදේශ වල ඉතා සාරවත් පොල් ගස් තිබිණ. මෙහි පොල් කදන් ඉරිම, කොහු ලණු සැදිම, ලෑලි ඉරිම  වැනි නිෂ්පාදන කර්මාන්ත ලෙස ව්‍යාප්ත වූයේය. මෙම කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වන  නිපැයුම් ලෙස වර්තමානය දක්වාම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයක් ලෙස ලණු, කඹ, කොසු, ඉදල්, පාපිසි, බුමුතුරුණු නිෂ්පාදනය කිරීම මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශ වල වර්තමානය දක්වාම සිදු කෙරේ. එසේම පනාමුරේ අලිගාල් තැනීමටත් අලි බැඳීමටත් විශේෂයෙන් ම අඹරන ලද තේඩා හා කඹ විශේෂයක්‌ පනාමුරේ නින්දගම් වැසියන් විසින්සැපයූ බව ඉතිහාසයෙහි වාර්තා වේ. මේ කඹ හා ලණු ඇඹරීම සඳහා ඔවුන්ට ගාස්‌තුවක්‌ ගෙවිය යුතු නොවන බවත් ඒ මෙහෙය කරනු ලබන්නේ නින්දගම් සතු ඉඩම් භුක්‌ති විඳිම සඳහා නින්දගම් හිමියන්ට ගෙවිය යුතු බද්ද වශයෙන් කෙරෙන රාජකාරියක් වී ඇත.

ලණු හා කඹ

පොදුවේ කොහු ලණු කැ‍රැල්ලි, තේඩා, සහ කඹ භාවිතයේදී ගැට යෙදීමකින් තොරව ඉන් ප්‍රයෝජනයක් ගැනීම අපහසුය. ලංකාවේ එලෙස හමුවන ලණු හා කඹ වර්ග කීපයක් වේ.


ලණු වර්ග
· මහත ලණු
· ‍නොම්මර 04 ලණු
· ‍නොම්මර 03 ලණු
· ‍නොම්මර 02 ලණු
· විශේෂ ලණු
· 3 B ලණු
· 1 B ලණු
· ටුවයින් ලණු
· හණ ලණු
 කඹ වර්ග
· මහත කඹ
· තේඩා කඹ

ලෝකයේ දක්නට ලැබෙන ප්‍රමිතියෙන් උසස් කඹ හා ලනු වර්ග මෙරට නිෂ්පාදනය නොවූව ද බාලදක්ෂ කදවුරු හා  එදිනෙදා ප්‍රයෝජනයට ගැනීම සදහා වෙළද පොළෙහි අලෙවි වන ලණු කැරළි, තේඩා හා කඹ පුරෝගාමී ව්‍යාපෘති සදහා යොදා ගත හැකි වේ. මීට අමතරව මිලෙන් අධික නැව් කඹ හා විදෙස් වලින් ආනයනික විදේස් කඹ වර්ග ද ඇතැම් බාලදක්ෂ කණ්ඩායම් විසින් පරිහරණය කරනු දැකිය හැකිවේ.
    Related image
  • මැනිලා ලණු (Manila Rope)
  • සිසල් ලණු (Sisal Rope)
  • ජූට් ලණු (Jute Rope)
  • කපු ලණු (Cotton Rope)
  • නයිලොන් ලණු (Nylon Rope)
  • පොලිප්‍රොප්ලයින් (Polypropylene)
  • පැරෂුටි ලණු (Parachute Cord)
  • කෙව්ලර් ලණු (Kevlar™ Rope)
  • බන්ගි ඉලාස්ටික් ලණු (Bungee Shock Cord)
  • කොම්බෝ ලණු (3 Strand Combo)
  • කාගෝ දැල් ලණු (Rope Cargo Net)
  • බ්‍රේයිඩඩ් ලණු (Braided Ropes)
  • කදුනගින ලණු (Climbing Ropes)
  • කූඩාරම් ලණු (Guyline Cord)
  • බේලින් ට්වයින් (Baling Twine)
  • ටෝ සට්‍රැප් (Tow Strap)
  
ලෝකයේ විවිධ තාක්ෂණයන් හා දියුණු කරනු ලැබූ කඹ වර්ග බොහෝ තිබුණද අධික මිලෙන් හා භාවිතය අපහසුවීම හේතුවෙන් බාලදක්ෂ ඔබට භාවිතයට ලැබෙනුයේ සාමාන්‍ය වෙළද පොලෙහි අලෙවිවන ලණු හෝ කඹයි. මෙම ලණු අඹරණු ලබන ක්‍රමවේදය අනුව S හා Z ලෙස ලණු වර්ග දෙකකට අයත් වේ. එසේම කෘත්‍රිම ලණු නිෂ්පාදනය කරනු ලබන Parallel Yarn, Parallel Strand, Stranded (Wire Rope Construction), Plaited & Braided සැකැස්ම අනුව එහි ශක්තිය වඩාත් කාරයක්ෂම කර ගනු ලැබේ. ලණුවෙහි ඇති ඇදීමේ බලය (Tensile Strengths) හා භාරය දරාගැනීමේ ශක්තිය (Working load) එහි ඇඹරුම් ක්‍රමවේදය හෝ නිර්මාණාත්මක ව්‍යූහය මත රඳාපවතිනු ලැබේ.

 

 

 




ඔබ භාවිත කරන ලණු හෝ කඹ වරක් හොදින් පරීක්ෂා කිරීමෙන් තොරව වැඩි භාරයක් ගැනීම සදහා යොදා ගත නොයුතු බව සිහිතබා ගතයුතු වේ. කාලයත් සමග දිරාපත් වී යන ඇතැම් විශාල ලණු දැවැන්ත පුරෝගාමී කටයුතුවල දී නැවත නැවත භාවිතා කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුම වේ.

බාලදක්ෂ ගැට

සාමාන්‍යයෙන් හමුවන සෑම ගැටයක් ම ශ්‍රී ලාංකිකයන් උදාහරණයක් ලෙස පිරිමි ගැටය, රුවල් ගැටය, කොස් පට්ටා ගැටය, කඹ කොට කිරීමේ ගැටය, වටයක් පැටලැවු වළලු දෙකේ ගැටය, ගිනි නිවන්නාගේ පුටු ගැටය, ජිවිතාරක්ෂක ගැටය, තණ්ඩෙල් ගැටය, නොලිස්සන තොන්ඩු දෙකේ ගැටය, කඳන් ගැටය,මං පහරන්නාගේ ගැටය යනාදී ලෙස සියලුම ගැට කුලකයට යොදා ඇතත් විද්‍යානුකූල ව ගත්විට ගැට පවුලේ විවිධ කුල දක්නට ලැබේ.



ගැටවල යොදා ඇති ඉංග්‍රිසි නාමය අනුව Knot, Hitch, Loop, Splice, Bend ලෙස විවිධ වේ. මේ සඳහා සුදුසු සිංහල නම් පැහැදිලි ව නොමැති බැවින් ඒ සඳහා නාමයන් යෝජනා කිරීමට කාලය එලැබ තිබේ. මීට අමතර ව හතරැස් බැම්ම, කතිර බැම්ම, කතුරු බැම්ම හා ලනු අග වෙලීම් යනාදී ලෙස තවත් විශේෂයක් ද හමුවේ. ඒ ඒ පදක්කම් ප්‍රදානයන් හා බාලදක්ෂයා විසින් ලබන කදවුරු අත්දැකීම් අනුව ඒ ඒ ගැට හා බැමි සම්බන්ද දැනුම දියුණු කරගැනීමේ අවස්ථාව තිබේ.

ප්‍රයෝජනවත් බාලදක්ෂ ගැට

Friday, August 4, 2017

බාලදක්ෂ ගැට ලනුව (පළමු කොටස)

ගැට හරඹ

සාමාන්‍ය ව්‍යවහාරයේදී නාවිකයන්ට අමතරව එදිනෙදා ජීවිතයේදී සීමිත ලනු බාවිතයක් ඇති මෙරට ජනජීවිත තුළ ගැට භාවිතය පිළිබඳ ඇත්තේ අල්ප දැනුමකි. ඒ ඒ වෘත්තිකයන්ට සාපේක්ෂව විශේෂී වූ ගැට වර්ග භාවිත කරනු ලැබූව ද ඒ සම්බන්ධයෙන් ලියැවුණු පත පොත හෝ වෙනත් තොරතුරු සොයා ගැනීමට නොමැති තරම් වේ. දුම්බර රටා වියන්නන්, පුටුවියන්නන්, මැක්‍රම් ගොතන්නන්, බීරළු ගොතන්නන්, කොසු ඉදල් සකසන්නන්, පාපිසි ගොතන්නන්, මැහුම් කරුවන්, ගස් අදින්නන්, රා මදින්නන්, පලංචිකරුවන්, ධීවරයන් හැරෙන්නට වෙසක් සමයෙහි කූඩු තනන්නට හා සරුංගල් සමයෙහි සරුංගල් නිර්මාණ කරුවන් අතර ද බාවිත වන සීමිත ගැට ප්‍රමාණය හැරෙන්නට ප්‍රාෙයා්ගිකව වැඩිම ගැට භාවිතයට ගන්නා ප්‍රජාව වනුයේ බාලදක්ෂයන් වේ. ඔවුහු කඳවුරු පුරෝගාමී ක්‍රියාවන් වෙනුවෙන් විවිධාකාරයේ ගැට පිළිබඳ මනා නිපුණත්වයක් හා අවබෝධයක් ඇති පිරිසක් ලෙස දැක්විය හැකි වේ.

පරම්පරිකව පැවත එන දේශීය වෙදකම මූලික කරගත් කටපාඩමින් රැකගෙන ආ රහස් වට්ටෝරු නොවැදගත් කෙනෙකු අතට පත් නොවන සේ ආරක්ෂා කිරීමට අතීත ගැමියා විසින් වෙදගැට යොදාගෙන තිබේ. දහම් ගැට පද හෙවත් ධර්මය ව්‍යංගයෙන් ඉදිරිපත් කිරීම සඳහා දහං ගැට හෙවත් දහම් ගැට පද නිර්මාණය වී ඇත. "විෂඝෝර සර්පයා - දැක නෑරු මෝඩයා" යනු දහම් ගැටයකි. (ඒකේ තේරුම තණ්හාව නැති කර ගැනීමට පෘථ:ජනයින් උත්සුක විය යුතුය යනුයි.) නිසි ලෙස ලිහා ගැනීමෙන් තොරව මෙම ගැට කිසිවක් ප්‍රයෝජනයට ගත නොහැකියි. හෙල බොදු සංස්කෘතියේ සහ සාහිත්‍යයේ දියුණුව මෙන්ම මොනවට අවබෝධ කල හැකි නිර්මාණාත්මක නෛපූන්‍යය මෙහි ඇති සුවිශේෂත්වයකි. ගැට හරඹය වූ කලී රිටිගල අංගම් පරම්පරාවේ දැකිය හැකි සුවිශේෂී කලාවකි. කුඹලා ගැටය, මහතැන්නේ ගැටය, තුත්තිරි ගැටය, වියමන් ගැටය ලෙස මෙවැනි ගැට වර්ග කීපයක් වේ. මූලික වශයෙන් ගැට හරඹයේ දී ප්‍රතිවාදියාගේ පහර වළක්වමින් හෝ මඟහැර ප්‍රතිවාදියාගේ හිස, දෑත හා දෙපා අඩපණ කර මෙල්ල කිරීම සිදුකෙරේ. දුම්බර රටා කපු කර්මාන්තයේ මෝස්තර අතර කින්නර දඟය, තනිපොට ලණුව, දෙපොට ලණුව, තුන්පොට රටාව, අවුල් හැරය ආදී සාම්ප‍්‍රදායික රටා හැරෙන්නට දේශීයව පැවති ලනු භාවිතයෙන් යෙදූ ගැට සම්බන්ධයෙන් ඇති තොරතුරු වනුයේ සිතුවම් හා කැටයම් තුළ දක්නට ලැබෙන රිද්මයානුකූල ලියවැල් රටා, බොරදම් අලංකාරයන් පමණකි. එසේම පොළොන්නරු පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවෙහි ඇති වස්ත්‍රයට යෙදූ ගැටය, සිංහල සැරසිලි කලාවට අයත් ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයම් අතර ඇති විවිධාකාර ජ්‍යාමිතික ලනු දග, ප්‍රධාන කැටයම් වටා ඇති කුඩා රාමුව අලංකාර කිරීම ලණු දඟරය ආදී සම්බන්ධයෙන් අධ්‍යයනයක් මෙතෙක් සිදු වී නොමැත.

ගැට ලනුව

බාලදක්‍ෂයකු ගැට වර්ග පුහුණුවීමේ දී ඒ සඳහා කොඩ් ලනුවක් යොදාගනු ලැබේ. නවක බාලදක්ෂයා තමාගේ ගැට ලනුව නිර්න්තරයෙන් ම ගැට හුරුවීම සදහා රැගෙන යනු ලැබේ. ඒ ඒ පදක්කම් හා ප්‍රදානයන්ට අනුව විවිධ වූ ගැට වර්ග විශය නිර්දේශයට ඇතුලත් කර ඇත. 

Related image 

ලනුවක ක්‍රියාකාරී අන්තය, අපර අන්තය, නැම්ම, උඩු අත් තොණ්ඩුව, යටි අත් තොණ්ඩුව ආදී ස්වරූප පිළිබඳ දැනුමක් පෝතක බාලදක්ෂ අවධියේදී ලබාගතයුතු ම වේ. අනතුරුව ගැටලනුවෙහි ආරක්ෂාව වෙනුවෙන් සිදු කලයුතු ලණුවක් අඟ වෘතාකාරව වේලීමට ඉගනගැනීම (සරළ ලණු අග වෙලීම - Common Whipping) හා ගැටලනුව ඔතා Heaving Line Knot හෝ Monkeys Fist Knot යොදා ආරක්ෂිතව තබා ගැනීම ගැන ඉගෙන ගතයුතුය.එහි වැඩි දියුණු කල නවික ලනු අගවෙලීම Sailor's Whipping ද භාවිතයේදී වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් ලෙස හදුන්වා දිය හැකිය.
  •  ලණු අග වෙලීම Common Whipping



     
  • ගැටලනුව එතීම Heaving Line Knot / Monkeys Fist Knot

Image result for Monkeys Fist Knot  animated knot

අනතුරුව ලනුවකින් යෙදිය හැකි මූලික ගැට සම්බන්ධ දැනුම ලබාගත හැකිය. උඩු අත් ගැටය Overhand Knot හා අට ගැටය Figure-Eight Knot මෙහිදී මූලික පෙරහුරු ගැට ලෙස හදුන්වා දිය හැකිය.

 

පසුව අනෙකුත් ගැට ප්‍රායෝගික අභ්‍යාසන්ගෙන් ඉගෙන ගත හැකිය. මෙම ලිපිය යාවත්කාලීන කලයුතු තොරතුරු තිබේ නම් කියන්න... වැඩි තොරතුරු ඉදිරි ලිපියකින්..


ආශ්‍රිත ග්‍රන්ථ හා තොරතුරු මූලාශ්‍ර

1. කුමාරස්‌වාමි ආනන්ද කේ. මධ්‍යකාලීන සිංහල කලා
2. ගුරුගේ ආනන්ද ඩබ්. පී. දඹදිව බෞද්ධ කලා.

3. ඥණසීහ හිමි, හේන්පිටගෙදර කලාව කුමක්‌ නිසාද
4. සෙනවිරත්න අනුරාධ, සංස්‌කෘතිය හා කලා ශිල්ප  

5. ජයවර්ධන සී.ආර්. අපේ කලා ශිල්ප හා සාහිත්‍ය
6. http://www.ajhw.co.uk/books/book65/book65.html

Wednesday, August 2, 2017

බාලදක්ෂ ගැට පාඩම - කොස්පට්ටා ගැටය

 Image result for Clove hitch
දේශීය නාමය : කොස්පට්ටා ගැටය
වෙනත් නම් : පැණිමුල් ගැටය, කොස්පොත්තා ගැටය
මුල් නාමය : Clove hitch, Ballestrinque (in Spanish)
ප්‍රභේධය : (Hitch)
කාර්යක්ෂමතාවය : 48%-60%
ඉතිහාසය : ඉතා ඈත අතීතයේ සිට භාවිතයට ගන්නට ඇතැයි විස්වාස කෙරෙන සරල ගැටයක් ලෙස ද සලකනු ලබන මෙම ගැටය බාලදක්ෂයන්ගේ මූලික ගැටයක් ලෙසෙ හදුන්වනු ලැබේ.
 
 
Image result for Clove hitch 
Image result for Greater Clove Hitch
 
භාවිතය : කඹයක් තදින් ලීයකට තදින් බැඳ ගැනීමට හෝ සිටවූ ලී දඩුවක ශක්තිමත්ව රඳවා ගැනීමට මෙම ගැටය ක්ෂණිකව යෙදීය හැකි පහසුම ආකාරයේ ගැටයකි. ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් පලමු ක්‍රමය යෙදීමටත් ක්‍රියාකාරී අන්තය නොමැති අවස්ථාවක දෙවන ක්‍රමය යොදන ආකාරයත් පහත දක්වා ඇත.
පලමු ක්‍රමය
දෙවන ක්‍රමය
Image result for Clove hitch
තෙවන ක්‍රමය
ප්‍රයෝජන : ලණුවක් ශක්තිමත්ව යම් ස්ථානයකට බැඳ රඳවා ගැනීමට අවශ්‍ය වූ විට හතරැස් බැම්ම, කතුරු බැම්ම, රවුම් බැම්ම ආදී බැමිවල ආරම්භක හා අවසන් කිරිමේ ගැටය ලෙස ද කතුරු හා  බැම්ම අවසන් කිරීමේදී ද මෙම ගැටය යොදනු ලැබේ. දෙපසට අදින විට හොඳින් තදවන මෙම ගැටය එක් පසකින් පමණක් අැදීමේදී ගැටය බුරුල්වීම සිදු වේ. ගැට පිළිබඳ අවබෝධයක් නොමැති ව මෙවැනි ගැට යෙදීමෙන් අවශය ප්‍රයෝජනය ලබාගත නොහැකි වේ. නාවුක බෝට්ටුවක් තොටුපලට ඇද තාවකාලිකව තදකර තබා ගැනීමට ද මෙමගින් හැකිය. දෙපසට ඇදී පවතින තාක් ගැටයෙහි කාර්යක්ෂමතාව පවතින අතර එක්පසෙකින් යොදන භාරය වැඩි වූ විට එදෙසින් ගැටය ලිහීයාම සිදුවේ.

Related image

ගැටය යොදන ආකාරය :

Related image

Image result for Double clove hitch knot
Related image






වෙනත් ස්වරූප : වැඩි භාරයක් දැරීමට හා වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා දෙපට කොස්පට්ටා ගැටය යොදනු ලැබේ.

Mid Rope Clove Hitch



මං පහරන්නාගේ කොස්පට්ටා ගැටය (Loop with Clove Hitch)


Boy Scout Knots-clove-hitch-improved-2014.jpg

දෙපට කොස්පට්ටා ගැටය (Double Clove Hitch / Rolling Hitch?)
Image result for Double clove hitch knot 
Rolling HitchImage result for Rolling Hitch 









 Greater Clove Hitch
Image result for double Clove hitch
Cleat Hitch
Image result for Cleat Hitch


වැඩි විස්තර :
List of bend knots / List of knots / List of knots
Category:Knots
Karash double loop
Eye splice

Tuesday, July 25, 2017

බාලදක්ෂ ගැට පාඩම - ජීවිතාරක්ෂක ගැටය


දේශීය නාමය : ජීවිතආරක්ෂක ගැටය

වෙනත් නම් : නැත

මුල් නාමය : Bowline

ප්‍රභේධය : තොණ්ඩු (Loop)

කාර්යක්ෂමතාවය : 48%-58%

ඉතිහාසය : ඉතා ඈත අතීතයේ සිට භාවිතයට ගන්නට ඇතැයි විස්වාස කෙරෙන මෙය රාජකීය ගැටයක් ලෙස ද සැලකේ. වැඩි භාරයක් හා ජීවිත ආරක්ෂාව පිණිස ක්ෂණිකව යෙදිය හැකිවීමත් නාවික සංග්‍රහයේ මූලික ගැටයක් ලෙසත් මෙය හදුන්වනු ලැබේ. sail සහ bow යන වදනින් අරුත් ගැනෙන "taut bowline" ගැටයෙහි නාමය අනුව ද පැරණි භාවිතය පිළිබඳ නාවිකයන් හා පවතින සම්බන්ධයක් දැකිය හැකිය.



භාවිතය : ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් තොණ්ඩුවක් ගසා ගැනීමට අවශ්‍ය වූ විටක මෙය යොදා ගත හැකිය. රැඳවුම වඩාත් ස්ථීරව පවත්වා ගතහැකි වේ. ස්තීර තොණ්ඩුවක් ක්ෂණිකව යෙදීමට අවශ්‍ය වූ විට මෙය සුදුසුම ආකාරයේ ගැටයකි.


ප්‍රයෝජන : මෙම ගැටය බාලදක්ෂයන් විසින් ජිවිත ආරක්ෂක කටයුතුවල දී සහ හදිසි අවස්තාවලදී ඉහල ස්ථානයක රැදී සිටින අයෙකු පහලට ගැනීම සඳහා මෙම ගැටය යොදා සැකසූ තොන්ඩු භාවිතා කල හැකිය. ගසාගෙන යන ජල පහරකට හසුවූවෙකු බේරා ගැනීම සඳහා හෝ ළිඳක් වැනි ගැඹුරක වැටුණු අයෙකු ගොඩගැනීම සඳහාත් මෙවැනි තොණ්ඩුවක් යෙදූ කඹයක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. ජලයට වැටුණු නාවිකයන් බේරා ගැනීම සඳහා සැනෙකින් දියමතට විසිකල හැකි තොණ්ඩුවක් ලෙසද මෙය යොදා ගැනේ.

ගැටය යොදන ආකාරය :

Pictures of Eskimo Bowline 

වෙනත් ස්වරූප : වැඩි භාරයක් දැරීමට හා වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා පහත ඇති බොලයින් ගැට යොදනු ලැබේ. ඒ පිළිබද ඉදිරියේදී යාවත් කාලීන කෙරෙනු ඇත.



01. Left Handed Bowline

02. Round Turn Bowline

03. දෙපට ජීවිත ආරක්ෂක ගැටය Double bowline




04. ජල ජීවිත ආරක්ෂක ගැටය Water bowline


වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා මෙහි ඇති තොන්ඩුව තදකිරිමේ දී වැඩි ආරක්ෂාවක් ලබාදිමට අඩ ගැට දෙකක් යොදා තිබේ. මෙය ජිවිත ආරක්ෂක ගැටයේ වර්ධනිය අවස්ථාවකි. ලිස්සන සුලු කඹ හෝ ලණු තෙත්ව පවතින අවස්ථාවල දි භාවිතා කරන්නාට වැඩි ආරක්ෂාවක් ලබා දීම උදෙසා නාවිකයන් විසින් වැඩි වශයෙන් යොදා ගනු ලැබේ. 

05. Dutch Bowline

06. Eskimo Bowline



















07. Yosemite Bowline


08. ගොපලු ජිවිතාරක්ෂක ගැටය Cowboy bowline
09. ප්‍රංශ ජිවිතාරක්ෂක ගැටය French bowline
10. පරංගි ජිවිතාරක්ෂක ගැටය Portuguese bowline


ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය අතිශයින් සමාන පරංගි ජිවිතාරක්ෂක ගැටයෙහි ද පුඩු දෙකකින් යුක්ත වන අතර ගැටය ආරම්භය හා අවසානය ජිවිත ආරක්ෂක ගැටයේ මෙන් වේ. පහසුවෙන් පුඩු ද්විත්වය සුසුර කළ හැකි අතර ඉහලට එසැවීමට තනි ලණු පොටක් තිබීම මෙහි ඇති දුර්වලතාවයකි. ඒ හේතුවෙන් මෙම ගැටය තරමක් අනාරක්ෂිත බවන් යුක්ත වේ. ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය තරම් වැඩි බරක් එසැවීමට මෙම ගැටය යොදා ගත නොහැක.

11. Running bowline

 
12. ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය  Spanish bowline
Image result for Spanish bowline  
ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය යෙදීමෙන් රෝගියෙකු ඉහල සිට පහලට ප්‍රවාහනය කල හැකිය. එසේම මෙම ගැටය තරමක් සංකිර්ණ වුව ද ක්ෂණිකව යෙදිය හැකි බැවින් වඩාත් කාර්යක්ෂම ගැටයක් ලෙස ජනප්‍රිය ගැටයකි. පුඩු දෙක නිසිආකාරව තද නොවීම ඉහලට එසවෙන ලනුව අලල් නොගැනීමෙන් රෝගියා ලිස්සා ගොස් සමබරතාව ගිලිහී යාමට ඉඩ තිබේ. ගැටය යෙදීමෙන් පසු සෑදෙන පුඩු දෙක එසවීම සිදුකරන රොගියාගේ දෙකකුල් බහා ඉහලට එසවෙන ලණු දෙක අල්ලා සමබර බව ආරක්ෂා කල යුතුය. සිහිසුන් වූ රෝගියෙකු ප්‍රවාහනයේ දී ගිණිනිවන්නාගේ පුටු ගැටය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වන අතර මෙම ගැටය සිහිය සහිත රොගීන් සඳහා කල යුතු වේ.

13. Bowline on the bight



13. Triple bowline




වැඩි විස්තර :