Translate

Thursday, August 24, 2017

බාලදක්ෂ ගැට පාඩම - කඳන් ගැටය

Image result for timber hitch 
 
දේශීය නාමය : කඳන් ගැටය
වෙනත් නම් : ගස් කපන්නන්ගේ ගැටය, තණ්ඩි ගැටය
මුල් නාමය : Timber hitch, Bowyer's Knot, Lumberman's Knot, Countryman's Knot
ප්‍රභේධය : (Hitch)
කාර්යක්ෂමතාවය : 48%-60%
ඉතිහාසය : ඉතා ඈත අතීතයේ සිට භාවිතයට ගන්නට ඇතැයි විස්වාස කෙරෙන සරල ගැටයක් ලෙස ද සලකනු ලබන මෙම ගැටය ද බාලදක්ෂයන්ගේ මූලික ගැටයක් ලෙසෙ හදුන්වනු ලැබේ. ලී කඳ යන්නට තණ්ඩිය (නාත්තන්ඩිය යන ග්‍රාම නාමය බිහිවී ඇත්තේ එලෙසිනි) යනුවෙන් දේශීය ව හැදින්වෙන බැවින් මෙය තණ්ඩි ගැටය ලෙසද හැදින්වේ.
 
සමරූපී වෙනත් ගැට : Killick hitch
 
Image result for timber hitch 
 
භාවිතය : ඈත්ව පිහිටි ලී දෙකක් තද කර බැඳ තබා ගැනීමට හෝ සිටවූ ලී දඩුවක හරස් ලීයක් ශක්තිමත්ව රඳවා තබා ගැනීමට මෙම ගැටය එක්අතක් වුවද භාවිත කර ක්ෂණිකව යෙදීය හැකි පහසු ගැටයකි. ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් යෙදිය හැකිය.
 
ප්‍රයෝජන : කතුරු බැම්ම යොදන හරස් ඉළ ලී අතර ඇති දුරස් බව ලං කර තැබීමට මෙම ගැටය යොදනු ලැබේ. අදින විට හොඳින් තදවන මෙම ගැටය අැදීමේදී තදවීම සිදු වේ. විශාල දැව කඳක් ඇදගෙන යාමට, පොල්ගස් ඇද බැඳ තැබීමට හා ගෝනි මළු ඉහළට එසවීමේදී මෙවැනි ගැට වඩා ප්‍රයෝජනවත් වේ.

ගැටය යොදන ආකාරය :
 
 
 
වෙනත් ස්වරූප : වැඩි භාරයක් දැරීමට හා වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා කඳන් ගැටය සමග අඩ ගැටය යොදනු ලැබේ.
Related image 
 


 
 
 

No comments:

Post a Comment