Translate

Sunday, August 6, 2017

බාලදක්ෂ ගැට ලනුව (දෙවන කොටස)

කොහු ලණු කර්මාන්තය

ශ්‍රී ලංකාවේ කොහු ලණු කර්මාන්තයට සංස්කෘතියට මෙන්ම ඈත ඉතිහාසයක් ඇතැයි අනුමාන කලහැකි මුත් ඒ ආශ්‍රිතව කල අධ්‍යයනයක් හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි පිලිබද ප්‍රමාණවත් වාර්තා හමු නොවේ. වාරි ශීෂ්ඨාචාරයට වඩා නාවික ශිෂ්ඨාචාරය බලාත්මක වීමත් සමග සමුදුරු තරණයේදී ලණු හා කඹ ආශ්‍රිත නිෂ්පාදන වල දියුණුවක් ඇතිවීම ස්වාභාවික වේ.

ආරාබිවරු වෙළදාම් පිණිස ලංකාව සමගත් සම්බන්ධකම් පැවැත්වූ අවධියෙහි සිට කුලු බඩු, එනසහල්, කරාබුනැටි, කුරුදු, වැනිලා, සාදික්කා, හන්දුන් ගම්මිරිස් වනාහි රසකාරක හා මුතු මැණික්, ඇත් දළ රතු කැට ආදිය ගෙනගියා මෙන් ම මීගමු තොටුපොළේ නවතා තිබූ තම රුවල් නැව් වාරකන් කාලයේ දී අලුත්වැඩියා කිරීම ද කර්මාන්තයක් ලෙස සිදුකලහ. ඔරු, පාරු, තෙප්පම්, නැව් සෑදීමට ද නැව් තැනිමේ තාක්ෂණය හා අලුත් වැඩියා කිරීමේන් දක්ෂ අරාබි මුස්ලිම්වරු විශාල කම්හළක් ඉදිකළහ. ඉන්දියාවේ කොච්චි ප්‍රදේයේ ද දකුණු ඉන්දියා වෙළඳ සමාගම ඇතුලු නොයෙක් මුහුහු බඩ ප්‍රදේශවල ජනාවාස ඉදිකරමින් මලයාලි මුස්ලිම්වරු පමණ නොව දකුණු ඉන්දියානු මුස්ලිම්වරු සමග දමිළ පිරිස් ද මෙරටට සංක්‍රමණය වූහ. ලංකාව පුරා විසිරී ඇති ගං තීරයේ, මෝය කට ප්‍රදේශවල හා කලපුව අසල වාඩි තනා ගනිමින් මස් මාංශ  වර්ග දිගුකල් තබා ගැනිමට හැකි විධියේ පදම් කර තබාගන්න මේ රට කුලුබඩු, රසකාරක ප්‍රයොජනයට ගන්නා සැටි මෙරට මිනිසුන්ට ද කියා දෙනු ලැබීය.  

DSC_0054DSC_0063
DSC_0077
DSC_0086
DSC_0052
DSC_0090
























ඔරු පාරු සෑදීම් වැනි කර්මාන්තයට අවශ්‍ය ලෑලි, කදන් ගස්, රට අභ්‍යන්තර ප්‍රදේශයන් ගෙන්වා ගත්හ. මෙම ගස්, කදන් ලෑලි ද වෙළද භාණ්ඩද හුවමාරු කළ අතර ඇල, ගංගා දී දිය මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරනු ලැබීය. ඔරු, පාරු, තෙප්පම්, නැව්, සෑදීමේදී ඇණ ගැසීමට වඩා සවිකිරිම සදහා කොහු ලණු උචිත බවත් ලුණු වතුරට ගස් කදන් ලෑලි පෙගී මහත්වනවිටත් ඔරුත්තු දිය හැකි වන්නේ කොහු ලණුවලට බවත් මුස්ලිම් වෙළදුන් හොදින්  හැටි දැන සිටියහ. ගංගා මුහුදට මුසුවන මෝය හා කලපු ප්‍රදේශ වල ඉතා සාරවත් පොල් ගස් තිබිණ. මෙහි පොල් කදන් ඉරිම, කොහු ලණු සැදිම, ලෑලි ඉරිම  වැනි නිෂ්පාදන කර්මාන්ත ලෙස ව්‍යාප්ත වූයේය. මෙම කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වන  නිපැයුම් ලෙස වර්තමානය දක්වාම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයක් ලෙස ලණු, කඹ, කොසු, ඉදල්, පාපිසි, බුමුතුරුණු නිෂ්පාදනය කිරීම මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශ වල වර්තමානය දක්වාම සිදු කෙරේ. එසේම පනාමුරේ අලිගාල් තැනීමටත් අලි බැඳීමටත් විශේෂයෙන් ම අඹරන ලද තේඩා හා කඹ විශේෂයක්‌ පනාමුරේ නින්දගම් වැසියන් විසින්සැපයූ බව ඉතිහාසයෙහි වාර්තා වේ. මේ කඹ හා ලණු ඇඹරීම සඳහා ඔවුන්ට ගාස්‌තුවක්‌ ගෙවිය යුතු නොවන බවත් ඒ මෙහෙය කරනු ලබන්නේ නින්දගම් සතු ඉඩම් භුක්‌ති විඳිම සඳහා නින්දගම් හිමියන්ට ගෙවිය යුතු බද්ද වශයෙන් කෙරෙන රාජකාරියක් වී ඇත.

ලණු හා කඹ

පොදුවේ කොහු ලණු කැ‍රැල්ලි, තේඩා, සහ කඹ භාවිතයේදී ගැට යෙදීමකින් තොරව ඉන් ප්‍රයෝජනයක් ගැනීම අපහසුය. ලංකාවේ එලෙස හමුවන ලණු හා කඹ වර්ග කීපයක් වේ.


ලණු වර්ග
· මහත ලණු
· ‍නොම්මර 04 ලණු
· ‍නොම්මර 03 ලණු
· ‍නොම්මර 02 ලණු
· විශේෂ ලණු
· 3 B ලණු
· 1 B ලණු
· ටුවයින් ලණු
· හණ ලණු
 කඹ වර්ග
· මහත කඹ
· තේඩා කඹ

ලෝකයේ දක්නට ලැබෙන ප්‍රමිතියෙන් උසස් කඹ හා ලනු වර්ග මෙරට නිෂ්පාදනය නොවූව ද බාලදක්ෂ කදවුරු හා  එදිනෙදා ප්‍රයෝජනයට ගැනීම සදහා වෙළද පොළෙහි අලෙවි වන ලණු කැරළි, තේඩා හා කඹ පුරෝගාමී ව්‍යාපෘති සදහා යොදා ගත හැකි වේ. මීට අමතරව මිලෙන් අධික නැව් කඹ හා විදෙස් වලින් ආනයනික විදේස් කඹ වර්ග ද ඇතැම් බාලදක්ෂ කණ්ඩායම් විසින් පරිහරණය කරනු දැකිය හැකිවේ.
    Related image
  • මැනිලා ලණු (Manila Rope)
  • සිසල් ලණු (Sisal Rope)
  • ජූට් ලණු (Jute Rope)
  • කපු ලණු (Cotton Rope)
  • නයිලොන් ලණු (Nylon Rope)
  • පොලිප්‍රොප්ලයින් (Polypropylene)
  • පැරෂුටි ලණු (Parachute Cord)
  • කෙව්ලර් ලණු (Kevlar™ Rope)
  • බන්ගි ඉලාස්ටික් ලණු (Bungee Shock Cord)
  • කොම්බෝ ලණු (3 Strand Combo)
  • කාගෝ දැල් ලණු (Rope Cargo Net)
  • බ්‍රේයිඩඩ් ලණු (Braided Ropes)
  • කදුනගින ලණු (Climbing Ropes)
  • කූඩාරම් ලණු (Guyline Cord)
  • බේලින් ට්වයින් (Baling Twine)
  • ටෝ සට්‍රැප් (Tow Strap)
  
ලෝකයේ විවිධ තාක්ෂණයන් හා දියුණු කරනු ලැබූ කඹ වර්ග බොහෝ තිබුණද අධික මිලෙන් හා භාවිතය අපහසුවීම හේතුවෙන් බාලදක්ෂ ඔබට භාවිතයට ලැබෙනුයේ සාමාන්‍ය වෙළද පොලෙහි අලෙවිවන ලණු හෝ කඹයි. මෙම ලණු අඹරණු ලබන ක්‍රමවේදය අනුව S හා Z ලෙස ලණු වර්ග දෙකකට අයත් වේ. එසේම කෘත්‍රිම ලණු නිෂ්පාදනය කරනු ලබන Parallel Yarn, Parallel Strand, Stranded (Wire Rope Construction), Plaited & Braided සැකැස්ම අනුව එහි ශක්තිය වඩාත් කාරයක්ෂම කර ගනු ලැබේ. ලණුවෙහි ඇති ඇදීමේ බලය (Tensile Strengths) හා භාරය දරාගැනීමේ ශක්තිය (Working load) එහි ඇඹරුම් ක්‍රමවේදය හෝ නිර්මාණාත්මක ව්‍යූහය මත රඳාපවතිනු ලැබේ.

 

 

 




ඔබ භාවිත කරන ලණු හෝ කඹ වරක් හොදින් පරීක්ෂා කිරීමෙන් තොරව වැඩි භාරයක් ගැනීම සදහා යොදා ගත නොයුතු බව සිහිතබා ගතයුතු වේ. කාලයත් සමග දිරාපත් වී යන ඇතැම් විශාල ලණු දැවැන්ත පුරෝගාමී කටයුතුවල දී නැවත නැවත භාවිතා කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුම වේ.

බාලදක්ෂ ගැට

සාමාන්‍යයෙන් හමුවන සෑම ගැටයක් ම ශ්‍රී ලාංකිකයන් උදාහරණයක් ලෙස පිරිමි ගැටය, රුවල් ගැටය, කොස් පට්ටා ගැටය, කඹ කොට කිරීමේ ගැටය, වටයක් පැටලැවු වළලු දෙකේ ගැටය, ගිනි නිවන්නාගේ පුටු ගැටය, ජිවිතාරක්ෂක ගැටය, තණ්ඩෙල් ගැටය, නොලිස්සන තොන්ඩු දෙකේ ගැටය, කඳන් ගැටය,මං පහරන්නාගේ ගැටය යනාදී ලෙස සියලුම ගැට කුලකයට යොදා ඇතත් විද්‍යානුකූල ව ගත්විට ගැට පවුලේ විවිධ කුල දක්නට ලැබේ.



ගැටවල යොදා ඇති ඉංග්‍රිසි නාමය අනුව Knot, Hitch, Loop, Splice, Bend ලෙස විවිධ වේ. මේ සඳහා සුදුසු සිංහල නම් පැහැදිලි ව නොමැති බැවින් ඒ සඳහා නාමයන් යෝජනා කිරීමට කාලය එලැබ තිබේ. මීට අමතර ව හතරැස් බැම්ම, කතිර බැම්ම, කතුරු බැම්ම හා ලනු අග වෙලීම් යනාදී ලෙස තවත් විශේෂයක් ද හමුවේ. ඒ ඒ පදක්කම් ප්‍රදානයන් හා බාලදක්ෂයා විසින් ලබන කදවුරු අත්දැකීම් අනුව ඒ ඒ ගැට හා බැමි සම්බන්ද දැනුම දියුණු කරගැනීමේ අවස්ථාව තිබේ.

ප්‍රයෝජනවත් බාලදක්ෂ ගැට

1 comment:

  1. nice post Buy high quality Office Carpets and office carpet tiles in Dubai and Abu Dhabi and across UAE at best price with fast installation service CALL NOW 0566-00-9626 . for more info visit: http://interiorsdubai.ae/office-carpet-tiles/
    office carpet tiles in Dubai

    ReplyDelete