Translate

Tuesday, August 15, 2017

41 වන ලෝක බාලදක්ෂ සමුළුව

ලෝක බාලදක්ෂ සමුළුව

Image may contain: text 
2017 වසර වන විට ලොව පුරා රටවල් ජාතික බාලදක්ෂ සංගම් ලොව පුරා ජාතික සංගම් 216 ක පමණ  පැවතියත් ලෝක බාලදක්ෂ සංවිධානය විසින් පිලිගෙන ඇති රටවල් 167ක් (133ක් WOSM හා 34ක් (WAGGGS)) යටතේ ලියාපදිංචි  බාලදක්ෂයන් මිලියන 40 ඉක්මවා ඇති අතර ලියාපදිංචි බාලදක්ෂිකාවන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා සිටිති. 1922 වසරේ දී ස්විට්ස්ර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගනිමින් මුලස්ථනය ආරම්භකරන ලද අතර වැඩිම සාමාජිකත්වයක් දරන රට වනුයේ ඉන්දුනීසියාවයි. ඒ අනුව ආසියා පැසිපික් කලාපයෙහි බාලදක්ෂයන් ගණන සෙසු බාලදක්ෂ කලාපවලට වඩා වැඩි අයගක් ගනු ලැබේ. මේ හේතුවෙන් ලෝක මුලස්ථානය මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත 20ංං ගෙන එනු ලැබීය. ස්ව්ට්සර්ලන්තයේ පිහිටි Kandersteg International Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානය, Cairo International Scout Centre ඊජිප්තුවේ පිහිටි ජාත්‍යන්තර මධ්‍යස්ථනය, දකුණු ඇමෙරිකාවේ චිලි හි පිහිටා ඇති Picarquín World Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථාන හි පාලන කටයුතු ද සිදුකරනු ලැබේ.

ලෝක බාලදක්ෂ සංගමයේ මහාසභාව සඳහා WSOM හා WAGGGS කලාප 6යට අයත් සාමාජික සංගම් වලින් නි‍යෝජිතයන් තෝරා පත්කරගනු ලැබේ. වසර 3කට වරක් WSOM හි සාමාජික රටක මෙම සමුලුව පවත්වනු ලැබේ.එම රට සමග එක්ව සම සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් මෙය සංවිධානය කිරිමට ලෝක බාලදක්ෂ සංගමය බැදි සිටියි. ලොව මෙතෙක් බිහි වූ විශාලතම ළමා සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය World Organization of the Scout Movement - WOSM සහ ලෝක බාලදක්ෂිකා සංගමය World Association for Girl Guides and Girl Scouts - WAGGGS හැදින්විය හැකිය. ලොව පුරා වෙසෙන බාලදක්ෂ බාලදක්ෂිකා සාමාජිකයන් විසින් 2007 වසරේදී බාලදක්ෂ ශත සංවත්සරය උත්කර්ශවත් ව සමරණු ලැබූහ.

ලෝක බාලදක්ෂ විධායක කමිටුව

ලෝක බාලදක්ෂ සමුළුවේ World Scout Committee විධායක සභාව වන අතර මේ සදහා ස්වෙච්ඡා සාමාජිකයන් අතර පවත්වන ඡන්දයකින් පසු නිලතල සදහා පුද්ගලයන් තෝරා පත්කරගනු ලැබේ. ලෝක බාලදක්ෂ සමුළුවේදී ගනු ලැබු තින්දු තීරණ ක්‍රියාත්මක කිරිමට ලෝක බාලදක්ෂ විධායක සභාව වගකීමෙන් බැදී සිටියි. මෙම සභාව වසරකට දෙවතාවක් රැස් වන අතර අත්‍යවශ අවස්ථාවල දි සභාපති, උප සභාපතිවරු දෙදෙනා හා මහලේකම් වරයාගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුව රැස්වී අවශ්‍ය තින්දු තීරණ ගනු ලැබේ. ලෝක බාලදක්ෂ කමිටුවේ නිලධාරි මණ්ඩලය 14කි. ඉන් 12 දෙනෙකු විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරමින් පැමිණෙන සාමාජිකයන් අතරින් ඡන්දයක් පවත්වා වසර 3ක කාල සීමාවකට තෝරා පත්කරගනු ලැබේ. තම රටේ අවශ්‍යතා නොව ව්‍යාපාරයේ අවශයතා නියෝජනය කරන අතර මහලේකම්වරයා හා භාණ්ඩාගාරික වරයා WSOM හි පත්වු නිලධාරින් දෙදෙන ම කටයුතු කරනු ලැබේ. ඒ ඒ කලාප වල පිහිටුවා ඇති කමිටුවල සභාපතිවරුන් මෙම ලෝක බාලදක්ෂ කමිටුවේ උපදේශක මට්ටමේ නිලධාරින් ලෙස සහභාගි වේ.

ලෝක බාලදක්ෂ සමුළු පැවැත් වු රටවල්

දිනය
අංකය
ස්ථානය
රටේ
සාමාජික රටවල්
සත්කාරක රට අපේක්ෂක රටවල්
1920
පළමු ලෝක බාලදක්ෂ සමුළුව
33

1922
දෙවන ලෝක බාලදක්ෂ සමුළුව
30

1924
තුන්වන ලෝක බාලදක්ෂ සමුළුව
34

1926
හතරවන ලෝක බාලදක්ෂ සමුළුව
29

1929
පස්වන ලෝක බාලදක්ෂ සමුළුව
33

1931
හයවන ලෝක බාලදක්ෂ සමුළුව
44

1933
හත්වන ලෝක බාලදක්ෂ සමුළුව
31

1935
අටවැනි ලෝක බාලදක්ෂ සමුළුව
28

1937
නව වැනි ලෝක බාලදක්ෂ සමුළුව
34

1939
මස 10 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
27

1947
මස 11 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
32

1949
මස 12 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
25

1951
13 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
34

1953
මස 14 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
35

1955
මස 15 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
44

1957
16 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
52

1959
17 වන ලෝක බාලදක්ෂ සමුළුව
35

1961
18 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
50

1963
19 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
52

1965
20 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
59

1967
21 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
70

1969
මස 22 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
64

1971
මස 23 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
71

1973
මස 24 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
77

1975
25 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
87

1977
මස 26 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
81

1979
මස 27 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
81

1981
මස 28 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
74

1983
මස 29 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
90

1985
30 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
93

1988
31 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
77

1990
32 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
100

1993
33 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
99

1996
34 වන ලෝක බාලදක්ෂ සමුළුව
108

1999
35 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
116

2002
36 වන ලෝක බාලදක්ෂ සමුළුව
125

2005
37 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
122
2008
38 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
150

2011
39 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
138
2014
40 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
143
2017
41 වන ලෝක බාලදක්ෂ සමුළුව


 

මෙවර පැවැත්වෙන 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුව අසර්බයිජාන්හි බාකු නගරයේ රටවල් 160ක නියෝජනයෙන් 2017 අගෝස්තු 13 - 19 දක්වා පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු සහ බාලදක්ෂ නියෝජිත කණ්ඩායමක් ද සහභාගී විය. වසර 3කට වරක් පවත්වනු ලබන මේ සමුළුව සඳහා මෙවර බාලදක්ෂ නියෝජිතයන් 1300ක් සහභාගී වූ අතර ලෝක බාලදක්ෂ කමිටුවේ විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරන නිලධාරි 12 දෙනා අතරට ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයෙහි (පළමුවරට?) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ද ඡන්දයට ඉදිරිපත්විය.  2017-2020 ලෝක බාලදක්ෂ කමිටුව සදහා තේරී පත් නියෝජිතයන් අතරට ශ්‍රී ලංකා නියෝජිතයා ද වීම සුවිශේෂ සිදවීමක් වූයේය.

ලෝක බාලදක්ෂ කමිටුවට 2017-2020

• ජනප්‍රිත් සාලින්ද ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)
• මෙහී බෙන් කෙහිල් (ටියුනීසියාව) 
• පීටර් බ්ලැට් (ඕස්ට්රේලියාව) 
• එඩ්වඩ් ඇන්ඩෘ චැප්මන් (ඇමරිකා එක්සත් ජනපදය) 
• ජෝ ඩමන් (බෙල්ජියම) 
• අයියස් ඉස්මිල්ලි (නෙදර්ලන්තය) 
• ජර්මානු නර්තලේ නර්ති (ඝානාව) 
• ජුවාන් රීග් (ස්පාඤ්ඤය) 
• ක්රේග් ටර්පී (එක්සත් රාජධානිය)

Image may contain: 1 person

42 වන ලෝක බාලදක්ෂ සමුළුව හා 14 වන WSYF සත්කාරකත්වය සඳහා ඊජිප්තුව තෝරාගනු ලැබූ අතර ලෝක බාලදක්ෂ සංගමයේ නව සභාපති ලෙස ක්රේග් ටර්පී මහතා ද උප සභාපතිවරු ලෙ‍ෙජෙමීමා එන්. නර්ති සහ ඇන්ඩි චැප්මන් ද පත්විය. 
 

නව ලෝකක ඇරැඹීම "Unlock a New World" තේමාව යටතේ 24වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2019 එක්සත් ජනපදයේ බක්ටෙල්හි දී පැවැත්වෙන අතර ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව විසින් එය සත්කාරකත්වය සපයනු ලැබේ. එසේම 2023දී 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීම සදහා කොරියාව තෝරාගනු ලැබිණ. එම ඡන්දය සදහා කොරියානු බාලදක්ෂ සංගමය විසින් දැවැන්ත වෙහෙසක් දරනු ලැබූ අතර ලොව පුරා වෙසෙන බාලදක්ෂයන්ගේ ආශීර්වාදය හා සහයෝගය දිනාගැනීමට කොරියානු බාලදක්ෂයෝ සමත් වූහ. එසේම 41වැනි ලෝක බාලදක්ෂ සමුළුවේදී බාලදක්ෂ නායකයින් 11 විසින් ලෝකඩ වෘක්කයා Bronze Wolf  සම්මානය දිනාගනු ලැබූ අතර ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝක සංවිධානය අවසානයේ අහිතකර ප්‍රතිපත්ති වලින් ආරක්ෂාකාරී නිල ආරක්ෂාවක් වෙනුවෙන් සකස්කල ප්‍රතිපත්තිය එලිදැක්වීමද මෙහිදී සිදුවිය. ලෝක බාලදක්ෂ සංගමයේ පූර්ණ සාමාජිකත්වය Macau මැක්කා බාලදක්ෂයන් විසින් මෙවර ලබා ගත්තේය. මීට අමතරව ඉරාකය නැවත වරක් බාලදක්ෂ සංගමයේසාමාජිකත්වය දිනාගනු ලැබීය.

සමුළුවෙහි වැඩි විස්තර මෙතනින් 

No comments:

Post a Comment