Translate

Wednesday, August 16, 2017

බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායම්

කොළඹ දිසාවේ බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායම

 Inline image 5
මා දන්නා තරමට එකල එනම් 80 දශකයේ පමණ කොළඹ දිසාව සතු බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායමක් තිබුණේ කොළඹ වරාය තුල පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) බාලදක්ෂ කණ්ඩායමේ ය. ඒ සදහා එවකට වරාය අධිකාරියේ සභාපතිවරයා ව සිටි මහීපාල මහතාගේ නොමද සහාය ලැබුනි. එකල කොළඹ දිසාවේ බාලදක්ෂ උත්සව සහ විශේෂයෙන් කොළඹ කැම්පෝරිය සදහා අවශ්‍ය ටකරන් මඩු, වේදිකා මෙන්ම ප්‍රවාහන කටයුතු ආදියට වරාය අධිකාරියේ නොමද සහාය කොළඹ දිසා බාලදක්ෂ සංගමය වෙත ලැබුනි. එම බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ නායකයාගේ හදිසි වියෝවීම සමග (සන්නද්ධ කල්ලියක් විසින් ඇටවූ කාල බෝම්බයකට ඔහු සමග සභාපතිවරයා ද බිලිවිය) වරාය බාලදක්ෂ කණ්ඩායම අක්‍රියවීමෙන් එම බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායමද අක්‍රිය විය. 

ඊට පසුව කොළඹ දිසාවේ බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායමක් යලි ස්ථාපිත කිරීමට එවකට කොළඹ සහාය දිසා කොමසාරිස් වරයෙකු සිටි ඩබ්.පී.ඩී.ජිනදාස මහතාට හැකිවිය. (වර්තමානයේ ජාතික මූලස්ථාන කොමසාරිස්) ඒ එතුමා විදුහල්පති ධූරය දැරූ කොලොන්නාව ටෙරන්ස් ඇන් ද සිල්වා විදුහලේ වූ 20 වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායම තුළිනි. අපර දිග තූර්‍ය්වාදක කණ්ඩායමක් ලෙස එම කණ්ඩායම පිහිටුවීමට නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂ නායකවරුන් වූ මමත් අජිත් කුරේ සහ අරුණ සමන්තත් ජිනදාස මහතාට සහාය වූවෙමු. එම තූර්‍ය්වාදක කණ්ඩායමේ සංගීතය පුහුණු කරනු ලැබූවේ එම විදුහලේ සංගීතය ගුරුතුමිය වූ රත්නා ලාලනී ජයකොඩි මහත්මිය ය. වර්තමානයේ ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන බිමල් ජයකොඩි ද මෙහි සාමාජිකයෙකුව සිටියේය. කොළඹ දිසාවේ බාලදක්ෂ උත්සවයන්ට හා වාර්ෂික කොළඹ කැම්පෝරියට මෙම තූර්‍ය්වාදක කණ්ඩායම ලබාදුන් දායකත්වය හේතුවෙන් එම උත්සවයන්ට මහත් අලංකරණයක් එක්විය. ජිනදාස මහතාගේ විශ්‍රාම ගැනීමත් සමග 20 වන කොළඹ බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායම අඩපණ වීම කනගාටුවට කරුණකි.

වර්තමානයේ කොළඹ දිසාවේ බාලදක්ෂ උත්සවයන්ට ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ තූර්‍ය්වාදක කණ්ඩායම්වල සහාය ලබා ගනී.

විශේෂ ස්තූතිය  

Inline image 1
Inline image 2
Inline image 3
Inline image 4


---------------------------------------
බාලදක්ෂ ඉතිහාසයෙහි වාර්තා නොවී වියැකී යන තොරතුරු වඩාත් සුරැකීම සඳහා මෙම ලිපිය ඔබේ නම්න් http://baladakshaya.blogspot.com පලකිරීමට කැමැත්තෙමු. scoutingmagazine@gmail.com වෙත යොමු කිරීමටත් හැකියි...

No comments:

Post a Comment