Translate

Thursday, August 24, 2017

බාලදක්ෂයන්ගේ කඳවුරු පුරෝගාමී ක්‍රියාකාරකම්

බාලදක්ෂ (Scout) කියන වචනයේ සිංහල පෙරළුම ඔත්තුකරු කියන බව ශබ්දකෝෂ වල සඳහන් වුවත් අප විසින් සකස් කරනු ලැබූ බාලදක්ෂ පාරිභාෂික වදන් පෙළ අනුව වර්තමානයේදී බාලදක්ෂ යනු නාමපදයක්. ඒ අනුසාරයෙන් අතීතයේදී භාවිත වූ Boy Scout යන්න බාලදක්ෂ ලෙස හදුන්වා දියහැකියි.

පුරෝගාමී හැකියාව බාලදක්ෂයන් වෙත කාවද්දනුයේ ඔවුන් ලබන කදවුරු පන්නරයෙනි. අන් කිසිදු ළමයෙකුට ලබාගත නොහැකි තරම් ප්‍රායෝගික ජීවිතයක් අත්විඳීමට බාලදක්ෂ දරුවන් මෙහෙයවනු ලබන්නේ ඔවු එදිනෙදා ජීවිතයේදී ලබා ගන්නා බාලදක්ෂ අත්දැකීම් තුළිනි. සමාජික පදක්කමේ සිට ජනාධිපති සම්මානය දක්වා වර්තමානයේ පෙළ ගස්වා ඇති විෂය නිර්දේශය තුළ ගැට, පුරෝගාමී ක්‍රියාකරකම්, භාජන රහිතව පිසීම, සිතියම් වැඩ, මාලිමායන්ත්‍ර, පාගමන්, ගවේෂණ, පා සලකුණු අධ්‍යනය, සංඥා, රාත්‍රී කඳවුරු, ප්‍රථමාධාර, උස දුර නිශ්චය වැනි බොහෝ කරුණු ඇතුලත් වේ.  

බාලදක්ෂ විෂය නිර්දේෂයන්ට පරිබාහිර ව පුරෝගාමී ජීවිතයේදී බාලදක්ෂ ඔබ විසින් උගතයුතු ගැට වර්ග බොහෝ වේ. සියල්ලට ම පෙර නවක බාලදක්ෂයෙකු ලෙස ගැටලනුව ගැන හොඳින් ඉගෙන ගන්න. පසුව විවිධ ලනු හා එහි භාවිතය ගැන ඉගෙන ගන්න. එලෙස ඔබ උගත් දෑ මෙහි කොමෙන්ට් ලෙස ඇතුළත් කර සෙසු බාලදක්ෂ දරුවන් හා බෙදා ගැනීමටත් ඔබට පුළුවන්. නැතිනම් අපගේ මුහුණු පොතට එක්කරන්නත් පුළුවන්.
* මෙහි එන ගැට වර්ග වල සිංහල හෝ ඉංග්‍රීසි නාම යෙදුම් වල වැරදි ඇත්නම්, ඒවා නිවැරදි කිරීම සඳහා දැනුම් දෙන්න. කරුණාකර මෙතෙක් කල් අප විසින් මෙම බ්ලොග් අඩවියට හෝ අන්තර්ජාලයට එක්රැස් කල තොරතුරු පෝස්ටුව ශෙයාර් කිරීමේ හැකියාව තිබිය දී සොරා ගැනීමෙන් වළකින්න. ඔබේ ලිපියක් ලෙස නැවත පෝස්ට් කිරීමෙන් වළකින්න. දීර්ඝ කාලයක සිට අපගේ ඇඩ්මින්වරුන් විසින් එකතු කර ඇති මෙවැනි අගනා තොරතුරු SCOUTING සඟරාවේ කිසිදු අනුමැතියකින් තොරව නැවත පොස්ට් කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම් බව සිහිතබා ගන්න.

බාලදක්ෂ විෂය නිර්දේෂයේ ගැට, බැමි, පිරිද්දුම්

1. ගැට වර්ග
2. වෙළුම් වර්ග
3. බැමි වර්ග
4. පිරිද්දුම් වර්ග


Image may contain: text 
Image may contain: text


Image may contain: text
  • කඹ කොට කිරීමේ ගැටය (Sheepshank)
Image may contain: text 
Image may contain: text 
 No automatic alt text available.
  • තණ්ඩල් ගැටය (Man Harness Knot)
Image may contain: text
No automatic alt text available.
  • තංගුස් ගැටය (Fisherman Knot)
Image may contain: text
  • ලණු අග වෙලීම (Simple/Common Whipping)
Image may contain: text 
  • රුවල් කරුවාගේ වෙලීම (Sailmaker’s Whipping)
No automatic alt text available.
  • ගිනි නිවන්නාගේ පුටු ගැටය (Fireman’s Chair Knot)

Image may contain: text 
  • දෙපට රුවල් ගැටය (Double Sheet Bend)

No automatic alt text available. 
  • දෙපට කොස්පට්ටා ගැටය (Double Clove Hitch)
Image may contain: text 
  • බෝලයින් ඔන්ද බයිට් ගැටය (Bowline On A Bight Knot)
No automatic alt text available.
  • හතරැස් බැම්ම (Square Lashing)
No automatic alt text available. 
  • කතිර බැම්ම (Diagonal Lashing)
Image may contain: text
  • කතුරු බැම්ම (Shear Lashing)
Image may contain: text 
  • තෙපා බැම්ම (Tripod Lashing)
No automatic alt text available.
  • ආපසු පිරිද්දීම (Back Splice)
Image may contain: text 
  • කෙටි පිරිද්දීම (Short Splice)
No automatic alt text available.
  • පුඩුවක් පිරිද්දීම (Eye Splice)
No automatic alt text available. 
  • පාලම් පාදය (Trestle)










පාලම් පාදය හා බාලදක්ෂ පුරෝගාමී අභ්‍යස ඉදිරියේ දී....


IQ TESTS & SCOUTING KNOWLEDGE-බාලදක්ෂ සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ ගෘපයේ https://www.facebook.com/groups/1432854776952096/ වෙත ශෙයාර් කළ අපගේ ඇඩ්මින්වරයෙකු වන
Udantha S Kalugalla විශේෂ ස්තූතිය

 

No comments:

Post a Comment