Translate

Thursday, October 15, 2015

තරිඳු විජේසේකර නැමති බාලදක්ෂයා

ගප්පියා ඉතින් බාල කාලේ ඉදන් ම දක්ෂයෙක්!

ගුණ නුවණින් පිරි ශ්‍රේෂ්ඨයන් ලොවට දායාද කරලීමේ ඒ උතුම් මෙහෙවර පෙරදැරි කරගනිමින් ක්‍රියාකරන්නා වූ නාලන්දා විදුහල් මාතාව ලොවට දායාද කල විශිෂ්ටයන් අතර විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, යුද විරුවන්, දේශපාලඥයන් මෙන්ම කලාකරුවෝද වෙති. එවන් කලාකරුවන් අතරින් එක් සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳ ව ද නොකියාම බැරිය. වර්තමානය වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතය 'ගප්පියා' යනු කොළඹ නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරී ම සාමාජිකයෙකි. ඔහු නමින් ඩී.පී. තරිඳු විජේසේකරය.

තරිඳු යනුවෙන් කිසිවෙකුත් හදුනා නොගත්තත් "ගප්පියා" කියූ සැනින් ලංකාවේ පමණක් නොව දෙස් විදෙස්හි ද සුප්‍රසිද්ධයක් ලැබූ ඔහු සිය නිර්මාණාත්මක හැකියාවන් හා අදහස් උපයෝගී කරගනිමින් සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරවීම විනෝදාංශය කරගත්, වර්තමාන තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය චරිතයකි.

නාලන්දාවෙන් තම අධ්‍යාපනය හදාරන තරිඳු විජේසේකර, එවකට නාලන්දා බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. කුඩා කල පටන් ම බාලදක්ෂ සමූහයේ වාර්ෂික කඳවුරුදී කැපී පෙනෙන දස්කම් දැක් වූ ඔහු තුළ තිබූ හැකියාව හා කැපවීම අතිමහත් විය. මෙහි දක්වා ඇත්තේ 1997 වර්ෂයේ ඔහු සහභාගි වූ කොත්මලේ පැවති වාර්ෂික කඳවුරේදී ගනු ලැබූ සමූහ ඡායාරූපයයි.

පසුගිය දවස් වල බුකියේ මුල් පුවත උනේ ගප්පියා. ගප්පියා නම් වූ පුද්ගලයා සමාජයේ කෙටිකාලයක් තුල දී ජනාදරයට පත් වූයේ ඔහු සතු හාස්‍යමය උපහාසාතමක නිර්මාන හේතුවෙන්. ගප්පියා පිලිබදව කාලයකට පසු නැවත කතා බහට ලක් වූයේ ඔහු විසින් පසුගිය පොසොන් දින කල පල කිරීමක් හේතුවෙනි.
සැබැවින්ම ගප්පියා කලේ දුරදිග නොබලා තර්කයක් මතු කිරීම පමනකි. එහි එක්තරා අකාරයක තර්කානුකූලත්වයක් ද තිබේ. ඒහි සැබෑ උපහාසය අැත්තේ හැම දේම රූපයට ගන්නා සෙල්ෆි ගන්න නුතන පරම්පරාව වෙතය. ගප්පියා සමාජයට ආවේ විහිලු කාරයකු හටියට ය. ඔහුව සමාජය අදටත් දකින්න කැමති ඔහුගේ හාස්‍ය මත සිට මිසක් ඔහුගේ දර්ශනය තුල සිට නොවේ. ගප්පියාගේ දර්ශනයේ වංගු කොතෙකුත් ඇත. එක වරක් දෙවරක් පමනක් නොව ඔහු අතින් මීට පෙර අවස්තා කිහිපයකදී ද මෙවැනි පලකිරීම් සිදු ව තිබේ. නමුත් ඒ ඒ අවස්තාවලදී ඔහුට තෙරුම් කිරීමේ න්‍යාය අනුගමනය නොකර නිතර සමාජයේ බහුතරයක් ආගම් ලේබලයක් කරහත් මිනිසුන් කලේ බැන වැදීමයි. තර්ජනාත්මක අපහාස බැනීම් මැද ගප්පියා තවමත් සිය කටයුතු කරමින් තිබේ.



ඔහු you-tube හරහා  කාගෙත් කතා බහට ලක්වන වීඩියෝ කිහිපයක්ම එළිදැක් වූ බැවින් වැඩි දෙනා අතර කතාබහට ලක් වුනා. කතාවක තිබෙන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතු අතර සංස්කරණය කිරීමේ හැකියාව ද ඔහුගේ ඉහල මට්ටමක පවතී. විටෙක සිනහවත් විටෙක හිතන්නට යමකුත් ඔහුගේ නිර්මාණ තුළ අන්තර්ගත ය.


You Tube එකේ වැඩදාන කවුද මේ ගප්පියා

එක දවසකට You Tube එකට කීයක් නම් වීඩියෝ අප්ලෝඩ් වෙනව ද? ඒත් ගප්පියට චැලේන්ජ් කරන්න කාටවත් බෑ. මොකද ගප්පියා ජෝක් කරන්නේ මුළු ඇඟෙන්ම. බොක්කෙන්ම. මේ ඉන්නේ එහෙම සතයක්වත් අය කරන්නේ නැතිව ඉල ඇදෙනකල් අපිව හිනස්සපු ගප්පියා.

කවුද මේ ගප්පියා?
මොකක්ද මේ ගප්පියා කධභ ඊභඡඥ එකේ කරන පෙරළිය?
පෙරළිය කියන්නේ මෙහෙමයි. ඒක පෙරළියක්ම නෙවෙයි. මගේ ආශාව ඉෂ්ට කරගන්න ගත්ත පොඩි උත්සාහයක්.

උත්සාහය පොඩි වුණාට දැන් වැඩේ ජනප්‍රියයිනේ. මේ වගේ වැඩක් කරන්න හිතුණේ ඇයි?
ඔව්.. ජනප්‍රියයි නේද? නිකං මට හිතුණ දෙයක්. ඕක ඉතින් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. නිකං හිතුණා. කළා. වැඩේ අල්ලලා ගියා.

නළුවෙක් වෙන්න අවස්ථාවක් නැති නිසා නළුවෙක් වෙන්නද මේ උත්සාහ කරන්නේ...?
අපෝ නැහැ. මට නළුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. මගේ වචනයෙන් කිව්වොත් මේක ආතල් එකට කරන වැඩක්.

එතකොට ගප්පියා කියන නම?
ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුවෝ මට කතා කරපු නම. ඊට පස්සෙත් ඒ නම තමයි කට්ටිය පාවිච්චි කළේ. ඉතින් ඒ නමම මම මේකටත් දාගත්තා.

ගප්පියාගේ උප්පැන්න සහතිකේ තියෙන නම මොකක්ද?
තරිඳු විජේසිංහ. ඊට වඩා ගප්පියා කියන නම හොඳයි. මම කැමැතියි.

ගප්පියා කාවද ඛ්ධනර කරන්නේ?
මේක මම සාමාන්‍ය කතා කරන විදිය. මට කාවවත් ඛ්ධනර කරන්න ඕනේ නැහැ. කරන්නෙත් නැහැ. මම සාමාන්‍ය ඉන්න විදියටම තමයි වීඩියෝවල ඉන්නෙත්. ඉතින් සමහරු හිතනවා මම රඟපානවා කියලා. මම ඛ්ධනර කරනවා කියලා. මට ඉතින් ඒ අයගේ සිතුවිලි වෙනස් කරන්න බෑනේ ඕනෑ එකක් හිතපුවාවේ.
කොහොමද මේ වීඩියෝ කරන්නේ? කාගෙද තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය කාගේද?
99% මම තනියම කරන්නේ. පිටපත ලියන්නෙත් මම. අවශ්‍යම වුණොත් විතරක් තව එක්කෙනෙක් දෙන්නෙක් සහභාගි කරගන්නවා. ඒ හදිස්සියේවත් චරිතයක් ඕනෑ වුණොත් විතරයි.

රඟපාන්නයි, කැමරා කරන්නයි දෙකම එකට කරන්න බෑනේ..
අපෝ පුළුවන්.. කැමරාවයි, නෝට් පෑඩ් එකයි ඔන් කරලා මට ඕන තැන්වලින් තිබ්බා. රඟපෑවා. කවුද කියන්නේ බැහැ කියලා.

දැන් ඔය ඔක්කොම සෙල්ලම් දාන්නේ ලංකාවේ ඉඳන් නෙවෙයිනේ?
ඔව්නේ... මට ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න ඕන වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ගියා. ඒක කෙළ වුණානේ. ඉතින් මම අතරමඟ ඉගෙන ගැනිල්ල නැවැත්තුවා.

ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට වෙලා මොකද කළේ?
පිඟන් කොප්ප හේදුවා. ලංකාවෙ භාෂාවෙන් කිව්වොත් වළං හෝදනවා. ලංකාවට ආවේ ඒ බ්ධඡ එකෙන් අයින් වෙලා. ආයේ ගියාම කරන්නේ වළං හෝදන එකම තමයි.

දැන් හිටි හැටියේ ලංකාවට ආවේ....?
අවුරුදු 10කට පස්සේ ලංකාවට ආවේ. පසුගිය කාලේ මට එන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. කාලය ආවාම ඉතින් මම ආවා. මට හිතුණා එන්න ඕන හොඳම කාලය මේක කියලා.

කවද්ද ආපහු යන්නේ?
තව මාසෙකින් යනවා.
කොහොමද ලංකාවට ආවාට පස්සේ ලැබෙන ප්‍රතිචාර?
ඉහළයි... මට හිතාගන්නත් බැරිවුණා. සතුටුයි.

ඉතින් කාගෙන්ද ප්‍රතිචාර වැඩි?
කොල්ලන්ගෙන් තමයි. කෙල්ලෝ වැඩිපුර මගේ ඍඪඤඥධ බලන්නේ නැහැ මම හිතන්නේ. මොකද ප්‍රසිද්ධ මාධ්‍යවල කියන්න බැරි වචන මගේ ඍඪඤඥධ වල තියෙනවා. ඉතින් කෙල්ලෝ හිතනවා ඇති මූට පිස්සු, මූ මහ වලෙක් කියලා.

ගප්පියාට, රූපවාහිනි වැඩසටහන් කරන්න ආරාධනා ලැබුණේ නැද්ද?
ආවා. ඒ වුණාට මම කැමැති නැහැ. නිකං බැරි වැඩ කරන්න ගිහිල්ලා මම නෝණ්ඩි වෙන්න ඕනේ නැහැ.

එතකොට නළුවෙක් වෙන්න?
ආරාධනා නම් ලැබුණා ඕවා මට ඉඥබ වෙන එකක් නැහැ.
වීඩියෝ කරලා යූටියුබ් දාන්නේ ආසාව නිසාම වෙන්න බෑනේ. ආර්ථික වාසියකුත් ඇතිනේ?
කිසිම වාසියක් නැහැ. ඇඟේ අමාරුවට කරන්නේ.

ඇත්තටම මේ වගේ වීඩියෝ කරලා බලාපොරොත්තු වන්නේ මොනවාද?
මිනිස්සුන්ව හිනස්සන එක තමයි. ඒක හරි අමාරු වැඩක්නේ. ඒක තමයි එකම අරමුණ. වෙන දෙයක් නෑ.

ආදරවන්තියක් නැද්ද?
මොකෝ නැත්තේ. ඉන්නවා ඉන්නවා.

කවුද කියලත් කියමුද?
කිව්වට දන්නේ නැහැනේ... මගේ ඍඪඤඥධවල ඉන්න සුදු කෙල්ල තමයි මගේ් කෙල්ල.

ගෙදර විස්තර කොහොමද?
මම ඉන්නේ මහරගම. අම්මයි තාත්තායි, අයියයි, නංගියි පවුලේ ඉන්නේ.

සංවාදය - රෂිණි මෙන්ඩිස්
http://mawbima.lk

කෙල්ලන්ට ආලය කිරීම නිසා කොල්ලන්ට සිදුවන , වඩාත් සුදුසයි “සිදුකරගන්නා “, ගොන් වැඩ සහ ඒවායේ පලවිපාක ගැන ගැඹුරින්ම කතා කරන තාත්වික විඩීයෝ එකකි.ඊට අමතරව , විවිධාකාර විෂම මනුෂ්‍ය චරියා රටා , කැන්ටිමේ මාළු බනිසේ මාළු කැල්ල වාගේ ඉතාමත්ම සියුම් ව මෙහි කතා කෙරේ. මට ඉතාමත්ම රසට හදන්න පුළුවන් එකම traditional ශ්‍රී ලාකික dish එක වන මැගී noodles එකක් සෑදීමට යන කාලයට සහ , අලුත බැඳපු ජෝඩුවක්  climax එකට ලගාවීමට ගතකරන කාලයටත් සමාන විනාඩි 2 තත් 54 වැනි ඉතාම සුළු කාලයකින් , මෙවැනි අර්ථවත් සිනමා කෘතියක් කිරීම ගැන ප්‍රථමයෙනම් ගප්පියා පැසසිය යුතුය.

ජවනිකා අංක 1

ගප්පියා පන්සලේ හෙන සෑදෑහෑ සිහින් වැදගෙන සිටි.බැලූ බැල්මට අපට හිත්නෙන්නේ “යකෝ මුට මේ වැරදිලා කව්රු හරි යෝදයෙක් ජාතික රූපවාහිනියේ සිත නිවන කතා එකේ role එකක් වත් දුන්නද?” කියායි.නමුත් ගප්පියාගේ video කෘති වල නිතරම සිටින, අදිසි ගොළු,එහෙත් සියල්ලම හොඳින් අසාගෙන ඉන්නා ප්‍රේක්ෂක නියෝජිතයා ගේ ප්‍රශ්න කිරීමෙන්,ඔහුගේ පන්සල් ගමනේ සැඟ වුනු ව්‍යවස්ථාව, නැතිනම් තේරෙන සිංහලෙන් කිව්වොත් hidden agenda එක අපට හෙළිවේ.ගප්පියා තමා පන්සල් පැමිණියේ උපාසක කම් කිරීමට නොවන බවත් , තමා හොඳට අඩි පුඩි ගසන , වැල පත්තර බලන සාමාන්‍ය පොරක් බවත් අපට පවසයි.ඔහු පන්සල් ආවේ, තමා දිවි හිමියෙන් ආලය කරන , gappiya trademark coin and minted වදනකින් කිව්වොත් ඔහු “Lau” කරනා හංසිකා දැක ගැන්මට බවත් හේ පවසයි. ( හේ ද හෙතම ද , මේ වෙලාවට ව්‍යාකරණ මතක නැ බන්).

මෙය චිත්තරපටියේ Prologue එක ( that’s what it`s called right ? Movie buffs , need some help over here !!!) වන අතර , title එක තිරයේ දක්වා ඉනික්බිතිව කතාව දිග හැරේ...

ජවනිකා 2 

ගප්පියා පැදුරේ ඇලවෙලා මල් කල්පනාවක , ඔහු මෙසේ පවසයි..

“වෙලාව පාන්දර 3යි , ඒත් මට නින්ද යන්නේ නෑ , මොකෝ මගේ පුක මකුණෝ කනවනේ ...”  නැ නැ දුන්නේ පොඩි ආතල් එකකි.එහෙම කියයිද ඌ..

original dialog ( or monologue , since there is only gappiya who is talking to him self ? or is he talking to the audience directly and breaking the forth wall ??? or am I talking to myself within brackets , “Hello gaba , is there anybody in there” … මට තේරෙන්නේ නෑ ඕයි ! )

original dialog : “වෙලාව පාන්දර 3යි , එත් මට නින්ද යන්නේ නෑ , මොකෝ මම හනිසිකාට *lau* නේ.”

( gappiya if you are reading this , lau කියන වදන මරු ඕයි (y) )

ඒ වගේම ගප්පියාගේ පැදුරේ , ශරීරයේ වැදගත්ම අවයවය තබන තැන... නෑ නෑ , උඹල හිතන එක නෙමෙයි ! ( ඒකත් වැදගත් තමයි හැබැයි ) .. . එනම් හිස තබන තැන , හිස අද්දරම , ඔහුගේ සිත අද්දරම ඉන්න ඔහුගේ ආදර බර පෙම්බරිය "හංසිකා" ගේ නම ලියාතිබීමෙන් , කොල්ලා "ඇන්නා පැන්නා" strategy එකේ නොව , බොක්කෙන්ම love මෝල් එකේ සිටිනා බව අපට පසක් වේ.

ජවනිකා 3

ගප්පියා අසල කඩයක මුදලාලි කෙනෙක් ගෙන් උදව්වක් ඉල්ලයි , මුදලාලිගෙන් සහයක් නොලැබුනත්, වැඩේ අත නොඅරින ගප්පියා , පොඩ්ඩක් වත් නොකිපී , අසල්වැසියාට උදව් කිරීමට අපොහොසත් වීම ගැන අවංකවම කණගාටු වන මුදලාලි  "කමක් නෑ මුදලාලි" කියා සනසා , තමා ඉස්සරහ ගෙදර ඇන්ටිගේ ගෙදරින් එය දමන බව පවසයි. උඹලා හිතන හිතන ඒවා දාන්න නෙමෙයි ,  හංසිකා කන්නේ strawberry ice cream නේ , ඉතින් ගප්පියත් කන්නේ strawberry ice cream , මොකෝ ගප්පියා හංසිකාට *Lau* නේ.

ගප්පියා පැදුරක නිදාගැනීමෙනුත් , ඔහුගේ ඇඳුම් පැළදුම් වල ස්වාභාවයෙනුත් , ගෙදර fridge එකක් ගැනීමට වත්කමක් නැතිවීමෙනුත් , ඔහුට එතරම් සරුවක් නැති බව අපට පසක් වේ.යකෝ මුගේ අතේ සතේ නෑ , හැබැයි කන්නේ strawberry ice cream! Have you guys ever compared prices of Vanilla and Strawberry ice cream ? , i have , strawberry එක vanilla එකට වඩා රුපියල් 30ක් විතර ගණන් ! යකෝ වැනිලා එකක් අරන් ඉතුරු 30න් තව යෝගර්ට් එකකුත් ගනින්කෝ , නැත්තම් උඹ අඩි ගහනවා කිව්ව් එකේ ගනින් gold leaf එකක් ??  නෑ , උට ඕනේ strawberry ම කන්න , ඇයි අරකි කන්නේ strawberry නේ.

මෙලෙස ගප්පියා තම ප්‍රියාවියට තවත් එක් පියවරකින් ලංවීමේ pseudo ව්‍යායාමයක් ලෙස , තමාට afford කිරීමටත් අපහසු සුපෝකභෝගී භාණ්ඩයක් වන strawberry හිම කිරම බාල්දියක් ( ඇයි tub කියනවනුම් බාල්දි කියන්න බැරිද ) මිලට ගෙන , කිරම ලෙවකමින් ගොන් ආතල් එකක් ගනී.

මතු පිටින් පෙනෙන දෙය මෙය වුනත් , මෙය ඔබ අප සැමටම අදාළ දෙයකි.කොල්ලන් සමග තොසේ කඩේ ඉට්ලි කෑවත් , කෙල්ලන් අප අරන් යන්නේ subway , mcdonalds , kfc වැනි සුද්දන්ගේ දේශයේ තොසේ කඩ හා සමාන පොට් වලටයි. ලොකු සමාජය හා පැහිමට ආසාවෙන් හතර වටේ ණය වෙලා ලොකු car ගනිති. ( පස්සේ ගෙවාගන්න බැරුව පුක ඉරාගනිති ),  *අල්ලපු ගෙදර එකා cat scan machine එකක් ගත්තත් , ඌත් එක්ක ගේමට ඒකත් ගනිති.

*Note : From the movie "The Ten" , watch it if you haven't , highly recommended on a high.

මෙවන් ගැඹුරු මනුෂ්‍ය ගති ගප්පියා ගැඹුරින් ස්පර්ෂ කරයි.විශිෂ්ටයි උතුමනි ! *salute*

ජවනිකා 4

ගප්පියා නැවතත් පන්සලේ , අදත් හංසිකා බලන්න ආ හැඩයි , හංසිකා නැති හැඩයි , පොල්ල තියනා හැඩයි , මුවින් ඔහු නොහැඩුවත් , නෙතින් ගප්පිය හඬයි. සිනා සුසුමක් සලයි , අව්ලක්ම නෑ කියයි , දිනක් වූවත් බලන් , ඉන්න බව ඔහු කියයි.

අනේ පවු , ඒකි එන්නේ නැ බන් !

ජවනිකා 5 

ගප්පියා නැවතත් පැදුරේ , අන්තිමට කාටත් හූල්ලන්න තියෙන තැන ඒකනේ. ඔබ පැදුරක බුදියගත්තත් තෙල් බෙහෙත් සුවඳ එන අම්මගේ පරණ කොට්ටයක් හිස තියාගෙන, spring mattress එකක සැතපුනත් anti-bacterial ආතල් සැප කොට්ටයක් බදාගෙන , සිහිතියාගෙන ඇවිත් වැටුනත් සෝ සුසුම් හිරකරන් , හතරගාතෙන් ඇවිත් වැටුනත් 200ක් අමුවෙන් දමන් , ඔබේ සෝ සුසුම් ඔය කාටත් වඩා හොඳට ඔබේ කොට්ටය අසාගෙන ඇති  ( එච්චර දැනගෙනත් කටවහං ඉන්නවානේ **කපා දමන ලද කුණුහරපයක්** ).

Also note . හංසිකාගේ නමින් ලියවුනු නූතන සිගිරි ගීයේ , ඒ කිව්වේ ගප්පියගේ බිත්තියේ ලියවුනු "හංසිකා" යන නම ,එම නම කටුගා ඊට යටින් මයිකල් යන තවත් rice-raft කෙනෙක් ගේ , එනම් හාල් පාරුවෙක් ගේ , නමක් ලියා ඇත.මොකද්ද වෙලා තියෙන්නේ ගප්පියා ..?, දුමියා කිව්වා හංසිකා මයිකල් අයියා එක්ක ඉන්නවා දැක්ක කියල ? ඔව් ඔව් මම දන්නවා උඹට ඒක අව්ලක් නෑ කියලා , උඹ හංසිකාට lau නේ!

ජවනිකා 6 

ගප්පියා Enrique ගේ  Hero සින්දුවේ කොල්ලා මෙන් , නාග සලන් වෙන්න ගුටිකාලාය.
( හරි හරි මම metal scene එකේ ඉන්නවා වගේ තමයි ඉන්නේ , ඒ වුනාට මේවත් අහනවා බන් ඉඳහිට ! And for heaven`s sake people , its pronounced En-ree-kay not En-reek  )

පීටර් අයියගේ මදාවි set එක , ගප්පියට හොඳටම ගහල. ඔහොම තමයි බන් සාධාරණේ ලංකාවේ , ඇඟේ අමාරුවට joint එකක් ගහන්න ගිය සියදෝරිස් අයියා , පොලිසිය අතින් බඩු දාලා ඇතුලේ.ලංකාවට කුඩු ගේන අර ලොකු මහත්තයා ? දන්නවනේ ? , අන්න මම දැක්ක ඊයෙත් අසරණ ළමයින්ට පොත් ටිකක් බෙදල.අනේ වාසනාවන් !

කෙසේවෙතත් , දැන් කියා කියා හිටපු ඒකත් අමතක වෙනවා , ආහ ඔව්..ehem.. අසරණ ගප්පි පුතා , හංසිකා දුව සමග සර්ව රාත්‍රික මල් කැඩීම් වලට reload දමාගැනීම සඳහා ගමේ මරුසි පීටර් අයියගෙන් ණයට ගත් rs. 1000 ගෙවා ගැනීමට බැරි වීමයි මේ mafia සැලකිල්ලට හේතුව.

හතර වටේ ණය වෙලා ගත් ලොකු වාහන , හන්දිය මැද්දේ ගමේ මිනිස්සුත් බලන් ඉද්දී සීසර් ලා ඇවිත් උදුරාගෙන යති , ඇඟට නම් අතවත් තිබ්බේ නැ , හැබැයි මින්සුත් බලන් හිට්යා ශිහ් ! වස ලැජ්ජාවයි ! "මහත්තයා මොකෝ වුනේ , අරුන් මහත්තයාගේ වාහනේ ඉස්සුවා නේද? " , කොච්චර case දාගත්තත් , ඕනෑම හන්දියක ඕනෑම කරදරයකදී ඕනෙම කෙනෙකුගේ සහයට එන , අමරසිරි පිරීස් මහත්තයගේ ළඳුනේ සින්දුවේ කියනවා වගේ , පොත්ත විතරක් පිටට පෙනෙන , බොක්ක නොපෙනන , ගින්දර වගේ බොක්කට ඉන්න ත්‍රීවීල් මල්ලිලා මහත්තයාගේ සහයට එති,"මහත්තයා , මොකෝ scene එක ? අපි දෙන්නද follow පාරක් ? ගෙදට්ට ගිහින් දාන්නද? " , රුපියල් සත bitcoins වලින් බැහැරව ත්‍රීවීල් මල්ලිලා බොක්කෙන්ම අසති ,"නෑ ඕනේ නෑ අයිසේ , මේ ඔෆිස් එකේ යාලුවෝ වගයක් වාහනේ ඉල්ලන් ගියා , දන්නේ නැද්ද ඉතින් හෙහ් හෙහ් , ඕනේ නෑ මට cab එකක් ගන්න පුළුවන් , හරි හරි.. ". පෙනේද මෙච්චර කෙලවෙලත් මුගේ තියෙන උද්දච්ච කම ? ගප්පියා ගුටි කා , ලේ පෙරාගෙන , ගිලන් ඇඳේ වැටී සිටිද්දීත් , සියලුම දුක් ඉවසාගෙන "ඕක මොකද්ද . මම හංසිකාට *Lau* නේ" යයි කියයි, with a smile on his face :) !

ජවනිකා 7 

අන්තිම ජවනිකාව , මේකේ නම් වැඩි දෙයක් නැත , හංසිකා මයිකල් අයියා සමග ඊයේ රෑ පැනලා ගොසින්ය.( surprise surprise ! ) , සිත් තැවුලට පත් වත්මන් පරපුරේ go-to ක්‍රියාමාර්ගය වන Violence වෙත ගප්පියා නිතැතින්ම යොමු වෙයි.පිටිපස්සේ ඇති AC machine එකේ "පුක" කියා ලියා ඇත. ඔව් ඉතින් බලන් ගියාම පුකත් එක්තරා ආකාරයක Air Conditioner එකක් තමයි හික් හික්.

එතනින් කතාව ඉවරයි , as in credits roll in and the catchy song plays , gappiya always does a good job with songs by the way.

හැබැයි ඉවරයි කිව්වට ඉවර නෑ , තව තියෙනවා , මම හිතන්නේ මේ කෑල්ලට කියන්නේ epilogue , ද ? දන්න එකෙන් ඉන්නවාම් පොඩ්ඩක් දාපන්කෝ comments section එකේ මටත් යමක් කමක් ඉගෙන ගන්න.

ජවනිකා 8 , පාශ්වාත් සිත් තැවුල් period එකේ ගප්පියා. මේක තමයි මගේ favorite ම වගේ ජවනිකාව , සහ මේක විහිලු කතාවක් කියන කෝණෙන් බලපු වෙලාවේ මට වැඩියෙන්ම හිනා ගිය scene එක , හරි විනෝදයි!

මෙන්න යකෝ මෙච්චර වෙලා පන්සල් ගිය ගප්පියා , දැන් පල්ලි ගිහින් හැමෝටම "god bless you" කියනවා! මේ කවර mumbo jumbo එකක් ද ?

ආහ , බැලින්නම් මූ Jenifer කියල ආගමේ කෙල්ලෙක්ට line *Lau* ! Jenifer ආගමේනේ , ඉතින් මාත් ආගමේ !

කලින් හොඳ සිංහල ක්‍රමයට සිංහලෙන් love කරපු ගප්පියා , දැන් අලුතෙන් set වෙච්ච posh සමාජෙට පෑහෙන්නත් එක්ක කඩ්ඩෙන්ම "god bless" කියනවා , never scene that before heh heh.

ගප්පියා ඇත්තටම ආගම මාරු කලේ ඌට තමන්ගේ ආත්මය පාවා දීලා හරි කොහෙන් හරි කැල්ලක් දාගන්න ඕනේ වුනු හින්දද ? නැත්තම් තමන්ට එක එක කෙල්ලන්ගෙන් වුනු සිත් තැවුල නිසා , ඔහු සැබවින්ම සාධාරණයක් පතා ආගම මාරු කරාද ? ඔය සමහර ක්‍රීඩකයෝ , ජනප්‍රිය පුද්ගලයෝ එහෙම ආගම් ,මාරු කරා කියන්නේ ? එහෙම කලේ ඇත්තටම තමන්ගේ වාසියටද ? නැත්තම් ඇත්තටම යම්කිසි කුල ක්‍රමයක අවාසනාවන්ත victims ලා වෙලාද?  I guess we`ll never know !
 
විශේෂ ස්තූතිය
Gaba`s තකතීරු ලිපි
 

Wednesday, October 14, 2015

58th JOTA~19th JOTI~7thJOTS~2015

58th JOTA~19th JOTI~7thJOTS~2015

GET READY TO PARTICIPATE IN JOTA-JOTI-JOTS
BETWEEN 19-20 OCTOBER 2015!
JOTA-JOTI 2015 is “The Earth is Yours”
The focus of the 2015 JOTA-JOTI theme is on environmental responsibility. Wherever and whenever possible, act to minimize the environmental impact of your actions.

This theme will be used to activate creative inspiration for the JOTA-JOTI logo contest and to drive many activities during JOTA-JOTI weekend – 16-18 October 2015. Among the potential activities will be JOTA-JOTI stations operating without tapping local electrical mains. Using batteries, windmills, and solar panels for electricity will be just some of the possibilities. Scouts will be encouraged to post stories, photos, and videos of their stations in action as they minimize their environmental impact, demonstrating that The Earth is Yours.

වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර හා අන්තර්ජාල ජම්බෝරිය මෙවර ද ලෝක බාලදක්‍ෂ සංගමය විසින් 58 වෙනි ගුවන් හා 19 වෙනි අන්තර්ජාල ජම්බෝරිය වශයෙන් ලොව පුරා පැවැත්වීමට සියලූ ම කටයුතු සූදානම් කර තිබේ.

ලෝක බාලදක්ෂයන්ගේ ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානහා සම්බන්ද වෙමින් ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්දතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් 18 දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගැනීමට හැකිය. 
more on https://www.facebook.com/events/314054058765083/

Sunday, October 11, 2015

කේ. බී. ජයසිංහ නැමති බාලදක්ෂයා

මහවැලි පදනමට බාලදක්ෂ පදනමක්

ආයතන කිහිපයක තනතුරු රැසක් හෙබවූ කේ. බී. ජයසිංහ හෙවත් කිරිබණ්ඩා ජයසිංහ මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කාලයක් වැඩ කලේය. ආර්. බී. ජයසිංහ සහ අමරාවතී ජයසිංහ යුවළට ලැබුණු කුළුඳුල් දරුවා වූයේ කිරිබණ්ඩා ජයසිංහයි. මහනුවර කුණ්ඩසාලේ හොරේකඩුව ග්‍රාමයේ උපන් ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් වූහ. ඔවුන්ගේ පියා වතු ලිපිකරුවකු ලෙස සේවය කළ අතර මව ගෘහණියක ලෙස දරුවන් රැක බලා ගනිමින් නිවසේ කටයුතුවල නිරතව සිටියාය.

පාසල් සමය

ගමේ පිහිටි දම්බරාව මහා විද්‍යාලය ඔහුගේ පළමු ශිල්ප ශාලිකාව විය. ඉන්පසු කටුගස්තොට රාහුල විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම එහිදී සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා පසුව උසස් පෙළ හැදෑරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වුණි. කෘෂිකර්මාන්තයට හා සත්ත්ව පාලනයට ප්‍රසිද්ධියක් ඉසිලූ අපේ ගම් පළාත ඒ කාලේ මහනුවර දිස්ත්‍රික්කයේ තිබුණු දුෂ්කර ප්‍රදේශයක්. රැකියාවට අමතර අපේ තාත්තත් වගා කටයුතු වගේම කිරි හරක් ඇති කළා. ගෙදර ඉඳන් පාරට එන්නත් කිලෝමීටර් දෙකක් පමණ පයින් එන්න ඕනෑ. පාසල් යනකොට සපත්තු දෙක අතේ ගෙනවිත් බස් එකට නැගලා තමයි දාගන්නේ. පාසල් යන අතරෙම මම උදේට කිරිබෝතල් 7, 8ක් පාරේ කඩේට ගෙනියනවා. නැවත පාසල් ඇරී ගෙදර එනකොට තමයි බෝතල් ටික ගේන්නේ. ඒ කාලේ මම ඒ කටයුතු කළේ හරිම ආසාවෙන්. කුඩා කල ඔහු ලැබූ අත්දැකීම් ඔහු සිහිපත් කළේ නැවත වතාවක් එම අත්දැකීම සිතින් අත්විඳිමිනි. පාසල් අධ්‍යාපනයට අමතරව දහම් පාසල් අධ්‍යාපනයට ද ඔහු තුළ විශාල උනන්දුවක් තිබුණි. නිවස සමීපයේ තිබූ හොරේකඩුව විද්‍යාසාර පිරිවෙන ඔහු නිතර ආ ගිය ස්ථානයකි. පන්සල ඇසුරේ තිබූ සමිති සමාගම් සියල්ලෙහිම ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු ගමේ පොදු කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.

පාසලේදීත් අධ්‍යාපන කටයුතුවලට අමතරව සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නේය. බාලදක්ෂ කණ්ඩායම, ශිෂ්‍යභට කණ්ඩායම යනාදියට සම්බන්ධව සිටි ඔහු ඒවායෙහිද කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළේය. අධ්‍යාපනයට උපතින්ම උරුම වූ හැකියාවක් තිබුණ ද දෙමවුපියන්ගේ අරමුණ වූයේ ඔහු විද්‍යර්ථියකු කිරීම නොව යහපත් පුරවැසියකු බවට පත්කිරීමය. ක්‍රීඩාවට ද ඔහු අධ්‍යාපනයට සමානවම දක්ෂතා දැක්වීය.  

පාසලේ ක්‍රිඩා තරගවලට සහභාගී වූ ඔහු දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළ කුසලතා දිනා ගත්තේය. එදා පාසලේ සිටි දක්ෂතම 400 x 4 ධාවන කණ්ඩායමේ ජයසිංහයන් ද එක් සාමාජිකයෙකි. තරගවලදී පමණක් නොව ඔහු වැඩි වශයෙන් ගමන් බිමන් ගියේ ආශ්‍රය කළේ එම කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ය. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ ඔහු උසස් පෙළ හැදෑරීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වුණි.

තීරණාත්මක කඩඉමක්

එදා අද වගේ උසස් පෙළ විභාගයට අපිට අවශ්‍ය විෂයයන් තෝරා ගැනීමේ නිදහස තිබුණේ නැහැ. ගුරුවරුන් මාව විද්‍යා විෂයයන් සඳහා තෝරාගත් නිසා මමත් විද්‍යා විෂයය ධාරාව යටතේ අධ්‍යාපනය හැදෑරුවා. එදා අද මෙන් අමතර පන්ති තිබුණේ නැහැ. පාසල් ඇරුණහම හවසට ළමයින් එක්ක සෙල්ලම් කර හැන්දෑ වෙද්දි තමයි අපි ගෙදර යන්නේ. අධ්‍යාපනයට ලොකු කැප කිරීමක් නොතිබුණත් මම හැමදාම පන්තියේ පළමු පස්දෙනා අතර සිටියා.

ඉක්මනින්ම රැකියාවකට යාමේ බලාපොරොත්තුව ඔහු තුළ ඇති වූයේ උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන අවධියේදීමය. ඒ අනුව කුන්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ඇතුළත් වූ ඔහු වසර තුනක පමණ කාලයක් එහි අධ්‍යාපනය හැදෑරීය. 71 තරුණ කැරැල්ලේ අත්දැකීම් ඔහුට අත්විඳින්නට සිදු වූයේද මේ අවධියේදීය. තරුණ කැරැල්ලට ඔහුගේ සම්බන්ධයක් නොතිබුණ ද ඔහුගේ හිතවත් සහෝදරයෝ රැසක් ඊට සහභාගී වී සිටියහ. කෘෂිකර්ම විද්‍යාලයේ දී වී වගාව, අතිරේක බෝග වගාව, සත්ත්ව පාලනය යනාදී විෂයයන් හැදෑරූ ඔහුට මහඉලුප්පල්ලම, ගල්නෑව, පොළොන්නරුව යන ප්‍රදේශවල ගොවි පොළවල්වල ප්‍රායෝගික පුහුණුව ලැබීමේ අවස්ථාව ද උදා විය.

මුල්ම පත්වීම

ඒ කාලේ අද වගේ රැකියාවක් සොයා ගැනීම අපහසු නැහැ. අපි කෘෂිකර්ම විද්‍යාලයෙන් පිටවෙද්දීම කම්පැනිවලින් අපිව ඉල්ලුවා. ඒ අනුව මට බදුල්ල ප්‍රදේශයේ වත්තක සහකාර වතු අධිකාරි තනතුරක් ලැබුණා. තාත්තගේ රැකියාවම තෝරාගත් නිසා ඔහු ගොඩාක් සතුටු වුණා. සහකාර වතු අධිකාරිවරයකු ලෙස ඔහු ලද ප්‍රථම රැකියාව ඔහුගේ ජීවිතයට නවමු අත්දැකීම් රැසක් එක් කළේය. රැිකියාවට බැඳුණු අලුත ඔහුට අවුරුද්දක පුහුණුවක් ලැබීමට සිදු විය.

එය හරිම අමාරු පුහුණුවක්. ඒ කාලේ දරුණු පාලනයක් තිබුණේ. උදේ පාන්දර 5.45ට පෙරෙට්ටුවට යන්න ඕනෑ. පෙරෙට්ටුව සටහන් කර කම්කරුවන් එක් එක් ක්ෂේත්‍රවලට යවනවා. ඉන්පසු වතුවල ඇවිදලා වැඩ නිරීක්ෂණය කරන්න ඕනෑ. නැවත කාර්යාලවලට ගොස් මඳ වේලාවක් එහි සිට නැවත ක්ෂේත්‍රයට යනවා. ඉන්පසු හවසට දළු එනවා. ඒවා කිරන්න ඕනෑ. හැමදාම රෑ 10, 11 වෙනතුරු වැඩ තිබෙනවා. නිවාඩු අඩුයි. නමුත් තරුණ වයස නිසා ඒ වැඩ කටයුතු හරිම ආසාවෙන් සිදු කළා. ඉඳහිට ලොකු මහත්වරු සමඟ එකතු වෙලා විනෝද වෙන අවස්ථාවලුත් තිබුණා.

ඒ දවස්වල සන්නිවේදන මාධ්‍යයන් එතරම් දියුණු මට්ටමක නොතිබුණු හෙයින් ලියුම් ගනුදෙනුවක් සිදුවූයේ නැත. තමන්ට අවශ්‍ය දේවල් සහ නිලධාරීන්ගේ උපදෙස් යන සියල්ල අන්තර්ගත කෙරුණේ කාර්යාලයේ තැබූ ඛ්අ පොතේය. පුහුණු කාලයේ දී අත්විඳින්නට වූ සිදුවීම් හේතුවෙන් ජයසිංහටත් ඔහු සමඟ සේවය කළ තවත් මිතුරකුටත් මාස 6ක් ගතවන විට සේවය එපා වී තිබුණි. දිනක් බංගලාවට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුණේ ඒ අතරවාරයේදීය. ඔහුට ආරාධනා කර තිබුණේ රාත්‍රි ආහාරයකටයි.

හොඳින් හැඳ පැළඳගෙන එම අවස්ථාවට සහභාගී වූ ජයසිංහට එදා පත්වීම් ලිපිය ලැබීම ඔහුට අදහන්නටත් නොහැකි සිදුවීමක් විය. කෙසේ නමුත් පුහුණු කාලය තුළ සේවයට ඔහුගේ තිබූ කැපවීමත්, උනන්දුවත් අවුරුද්දක පුහුණු කාලය මාස 6කට සීමා කිරීමට සමත්විය. පත්වීම ලිපිය ලද දිනයේ ඔහු බෙහෙවින් සන්තෝස වුණි. ඒ තරමට ඔහුට පුහුණු කාලය නීරස අත්දැකීමක් බවට පත් වී තිබුණේය.

අමතක නොවන මතකයන්

පුහුණු කාලය තුළ අපිට රුපියල් 150ක් පමණ ගෙව්වා. ඒත් වැඩ බොහෝමයි. එක දවසක් මට මතකයි මම තේ ගස් කප්පාදු කරන අවස්ථාවක මගේ කකුල කැපිලා ලේ නවත්තන්න බැරි වුණා. එදා අද වගේ වාහන තිබුණෙත් නැති නිසා හවස් වෙනතුරු ඉවසගෙන වැඩ කරන්න වුණා. මිනිස්සු තේ දළු පොඩි කර මගේ කකුලට තබා තදකරගෙන ඉඳලා තමයි ලේ ගැලීම නවත්වා ගත්තේ.

නැවත මාස 6කට පසු ඔහුට වෙනත් වත්තකට මාරුවක් ලැබුණි. එහිදී නවාතැන් පහසුකම්, වැඩට සේවකයන් ආදි සුපිරි පහසුකම් මධ්‍යයේ රාජකාරී කටයුතු කරගෙන යාමේ අවස්ථාව උදාවිය. රැකියාව සඳහා තිබූ කැපවීම හේතුවෙන් උසස්වීම් රැසක් ලැබූ ඔහු බගවන්තලාව, පල්ලෙකැලේ සහ ගලහ යන ප්‍රදේශ කිහිපයක සේවය කළේය. ඉන්පසු ඔහුගේ මාරුවීම ලැබුණේ මන්නාරමටයි. එහිදීද ඔහු කජු වගාව, මල්බෙරි වගාව ආදියට විශාල වශයෙන් සම්බන්ධ වූ අතර සිය රාජකාරී කටයුතු සඳහා මුළු කාලයම කැප කර තිබුණේය.

ජීවිතයේ හැරවුම් ලක්ෂය

වසර ගණනාවක් පුරා කම්කරුවන් සමඟ ගත කළ ජයසිංහ 1978දී මහවැලි සංවර්ධන ව්‍යාපාරයට සම්බන්ධ වීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය අලුතින් මිනිසුන් පදිංචි කරන විශාල සංවර්ධන ව්‍යාපෘතියක් නිසා වතුවල සේවය කරනවාට වඩා ගොඩාක් අත්දැකීම් ලබන්න එහිදී හැකි වුණා. මම මුලින්ම මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ වුණේ කෘෂිකර්ම නිලධාරියෙක් ලෙසයි. පසුව මට එහි කොට්ඨාස භාර නිලධාරී, නේවාසික කළමනාකරු සහ එහි උසස්ම තනතුර වන විධායක අධ්‍යක්ෂ ධුරයත් හොබවන්න ලැබුණා. එය මා ලද භාග්‍යයක් කොට සලකනවා. වතුවල වැඩ කරද්දී ජනතාවගෙන් ටිකක් ඈත් වෙලයි හිටියේ.

සාමාන්‍ය ජනතාව සමඟ ගත කරපු ජීවිතයක් නැහැ. එදා කම්කරුවන් හා පාලකයා හැටියට යන සම්ප්‍රදායක් තිබුණා. නමුත් මහවැලියට සම්බන්ධ වීමත් සමඟ එය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මහවැලි ව්‍යාපාරය ආරම්භ කරනකොට මම හිටියේ ගම්පොල වත්තක. අලුත් ව්‍යාපෘතියක් නිසා ඒකට ගියොත් හොඳයි කියලා මට හිතුණා. ගාමිණී දිසානායක මහතා ඇමැතිවරයෙක් ලෙස ඉන්න කාලේ මට එන්න කිව්වා. ඉන්පසු ගොවීන්ට නියෝග දිදී නොසිට ගොවීන් සමඟ එකට වැඩ කරන්න පුළුවන් වුණා. මහවැලි ජීවිතය ඉතාමත් සන්තෝෂයෙන් ගත කළ කාලයක්. අදත් ඒ ප්‍රදේශවලට යද්දී පුදුමාකාර ආඩම්බරයක් ඇතිවෙනවා.

404 බෙදුම් ඒකකය

මහවැලියේ ඔහුගේ පළමු තනතුර වූයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී තනතුරයි. එවක කෘෂිකර්ම පර්යේෂණ කටයුතු සඳහා විදේශීය සමාගමක් මෙරට පැමිණි අතර එම සමාගම සමඟ වී වගාව, මිරිස් වගාව සහ උක් වගාව වැනි අනෙකුත් අතිරේක භෝග පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ජයසිංහයෝ සම්බන්ධ වූහ. විශේෂයෙන් 404 බෙදුම් ඒකකයේ පර්යේෂණ කටයුතු සිදුකෙරුණේ ඔහුගේ මූලිකත්වයෙනි. ඒ නිසා ඔහු කා අතරටත් ජනපි‍්‍රය චරිතයක් වූවා පමණක් නොව 404 බෙදුම් ඒකකය ආදර්ශවත් පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට ද එදා පත්ව තිබුණි.

එක් වරක් ලෝක බැංකුවේ සභාපතිවරයා ද 404 බෙදුම් ඒකකයට පැමිණීම විශේෂත්වයකි. ගොවි මහතුන්ගේ ද සහයෝගය යටතේ 404 ආදර්ශමත් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම හේතුවෙන් ජයසිංහට නියෝජ්‍ය නේවාසික කළමනාකාර ලෙස උසස් වීමක් ද ලැබුණි. උසස් වීමෙන් පසු 1984 සිට ඔහුගේ සේවා ස්ථානය වූයේ වැලිකන්ද ප්‍රදේශයයි. එම අවධිය වනවිට ත්‍රස්තවාදය හිස ඔසවමින් තිබුණ ද ගොවීන් පදිංචි කරවීම, නිවාස ඉදි කිරීම ආදී කාර්යයන් ඔහුගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

ඒ කාලේ හරිම අමාරු කාලයක්. ත්‍රස්තවාදී කලබල නිසා ගොඩාක් මිනිස්සු එහේ පදිංචි වෙන්න කැමති වුණේ නැහැ. පිරිමි පාර්ශ්වය පමණයි පදිංචියට ආවේ. කොහොම නමුත් අපි ඔවුන්ට නිවාස ආධාර ලබාදී පදිංචි කිරීමේ කටයුතු සිදු කළා. එවගේම ඔවුන්ට අවශ්‍ය පානීය ජලය සහ වැසිකිළි පහසුකම් පවා ලබාදුන්නේ අපි. එම අවධියේ ලෙඩ රෝග පැතිරීමත් ශීඝ්‍රයෙන් සිදු වුණා. ආරෝග්‍ය ශාලාවක් තිබුණේ පොළොන්නරුවේ පමණයි. මේ දුෂ්කරතා මධ්‍යයේ වූවත් අපි කුඹුරුවලට වතුර ලබා දෙන්න ඇළවල් කපලා, බිත්තර වී බෙදාදීම වැනි වැඩසටහන් තුළින් ගොවීන් දිරිමත් කළා.

වසර පහක පමණ කාලයක් වැලිකන්ද ප්‍රදේශයේ සේවය කළ ජයසිංහ පසුව මහවැලි H කලාපයට පැමිණෙන්නේ නේවාසික කළමනාකාර තනතුර ලැබීමෙන් අනතුරුවය. මහවැලි H කලාපයට අයත් කලාවැව ප්‍රදේශයේ ඔහුගේ සේවා කාලය වසර 6කි. එම අවධියේ දී ඉඩම් බෙදාදීම, කෘෂිකර්ම ව්‍යාපෘති, ජල කළමනාකරණ ව්‍යාපෘති ආදී නොයෙක් ව්‍යාපෘති සඳහා දායක වූ ඔහු දිසාපති කෙනෙකු මෙන් එම ප්‍රදේශයම බාරව කටයුතු කළේය.

මම කලා වැව ප්‍රදේශයට යනකොට එම ප්‍රදේශයේ තිබුණේ ඝන කැලෑවක්. නමුත් ඉතාමත් කෙටි කාලයක් තුළ එම ප්‍රදේශ එළිපෙහෙළි කර වගා කටයුතුවලට සුදුසු භූමියක් බවට පත් කරන්න හැකි වුණා. මහවැලි කලාපයේ පදිංචියට ආවේ කොත්මලේ ජලාශයට යටවුණු ගොවි මහත්වරු. ඒ අය දක්ෂ ගොවීන්. එම නිසා වැඩි කාලයක් නොගොස් එම ප්‍රදේශවල වගා කටයුතු සිදු කර වැඩි අස්වැන්නක් ලබා ගන්නත් හැකි වුණා. කලා වැවෙන් පසු මම මාරුවීම් ලබා අනුරාධපුර, දඹුල්ල සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවලත් සේවය කළා.

අදත් මම එම ප්‍රදේශවල ගොවි ජනපදවලට නිතර යනවා. අද එම ප්‍රදේශවල විශාල දියුණුවක් දකින්න ලැබෙනවා. අපි එම ප්‍රදේශවලට යද්දී වල් අලි සිටින ඝන කැලෑ තිබුණේ. පසුව අපි එම ප්‍රදේශ එළි කර විශාල කුඹුරු යායවල් සකස් කළා. අදත් ඒවා දකිද්දි පුදුමාකාර සතුටක් සිතට එනවා. ඒ වගේම අද ඒ ප්‍රදේශවල වී නිෂ්පාදනයත් ඉහළ ගොස් තිබෙනවා.

මහවැලි ජීවිතයේ ආරම්භය

මහවැලි ජීවිතය ඔහුගේ ජීවිතයට එක් කළ අත්දැකීම් බොහෝය. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භයේ දී නිලධාරීන් වුවද ඔවුනට ද පහසුකම් තිබුණේ නැත. තහඩුවලින් ආවරණය කරගත් කුඩා මඩුවක ලාම්පු එළියෙන් ගත කළ එම ජීවිතය ඔහුට එපා වූයේ නැත. ගොවි ජනතාව සමඟ දුක සැප බෙදා ගනිමින් එම ප්‍රදේශ සංවර්ධනය කිරීමට ඔවුන් ගත් වෙහෙස අපමණය. අද ගොවීහු ඒවායෙහි වාසි අත්විඳිමින් සිටිති. මහවැලි ව්‍යාපාරයේ කැපි පෙනෙන කාර්යභාරයක් සිදු කළ නිසා ඔහුට එහි විධායක අධ්‍යක්ෂ ධුරයද හිමි විය. 2003 වසරේ සිට 2008 වසර දක්වා ඔහු එම තනතුර හෙබවීය. ඉන්පසු එළැඹියේ ඔහුගේ විශ්‍රාම ජීවිතයයි.

වත්මන් භූමිකාව

නමුත් විශ්‍රාම යන්නට ඔහුට ඉඩක් ලැබුණේ නැත. 2008 වසරේ දී වී අලෙවි මණ්ඩලය නැවත පිහිටුවීමත් සමඟ ඔහු එහි සභාපතිවරයා ලෙස පත් කෙරුණි. වී අලෙවි මණ්ඩලය කියන්නේ 1971 ක්‍රියාත්මක කර 2000 වසරේ දී සේවකයන්ට වන්දි ගෙවා වසා දැමුණු ආයතනයක්. එය නැවත 2008 දී ආරම්භ කෙරුණේ මහින්ද චින්තනය අනුවයි. මෙහි තිබුණු බොහෝ සම්පත් තවමත් සොයාගන්න අපහසුයි. ඇතැම් ඒවා විකුණලා නැතිනම් බදු දීලා දැන් අපි ඒවා සොයන්න කටයුතු කරනවා. ඒ අතරම වී මිලදී ගැනීමත් සිදු කරනවා. ගොවියාට වී සඳහා සහතික මිලක් ලබා දීම අපේ පළමු පරමාර්ථයයි. ඒ වගේම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සහල් මිල ඉහළ යාම වළක්වා ගැනීමටත් අපිට හැකි වුණා.

සමාජ සේවා කටයුතු සඳහා ජයසිංහයන් උනන්දුවක් දැක්වූයේ කුඩා කල පටන්ය. මහවැලි කාලයේදී ද ඒ කැපවීම, උනන්දුව ඔහු තුළ ඒ ආකාරයෙන්ම තිබුණි. එදා වඩාත් ජනපි‍්‍රය වූ මහවැලි ක්‍රීඩා ආරම්භ වූයේ ද ඔහුගේ මූලිකත්වයෙනි. “මහවැලි පදනම” එදා ඔහු ආරම්භ කළ තවත් සමාජ සේවා කටයුත්තකි. මහවැලි පදනම අපි ගොඩනැගුවේ වී බුසල බුසල එකතු කරලා අරමුදලක් පිහිටුවා ගැනීමෙනුයි. අද විශාල මුදලක් එහි තැන්පත් කර තිබෙනවා. එම අරමුදල හරහා අපි සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා උදව් කළා. එය එදා මහවැලි ගොවීන්ට විශාල සහනයක් වුණා.
කේ. බී. ජයසිංහයන්ගේ ජීවිතයට 1977 වසර ද තවත් සුවිශේෂී වසරක් විය. ඔහුගේ විවාහය එම වසරේදීය. ඇවැස්ස නෑනන්ඩිය සමඟ විවාහ දිවියට එළඹුන ද ඔවුනට මවුපියන්ගේ ආශිර්වාදය හිමි වුණි. ඇය නමින් ශ්‍යාමලී ජයසිංහයය. ඔවුහු අද දරු දෙදෙනෙකුගේ මවුපියෝය. වතු ක්ෂේත්‍රයේදීත්, මහවැලි ව්‍යාපාරයේ දී ජයසිංහයන් ගත කළේ අතිශය කාර්යබහුල ජීවිතයකි. පෞද්ගලික ජිවිතය වෙනුවෙන් ඔහුට වෙන් කළ හැකි වූයේ සුළු කාලසීමාවකි. ඔහුට සිය රාජකාරී කටයුතු සඳහා උපරිම නිදහසක් ලැබුණේ සිය බිරිඳගෙන් ලැබුණු සහයෝගය හේතුවෙනි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත්, පවුලේ අනෙකුත් සියලුම කාර්යයන්ගේ වගකීමත් ඇය සියතට ගත්තාය. කේ. බී. ජයසිංහ යනු විවිධ තනතුරු හෙබ වූ දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි. ඔහුගේ සාර්ථකත්වය පිටුපස යම් කෙනෙක් හිඳීනම් ඒ ඔහුගේ දයාබර බිරිඳයි.

Saturday, October 10, 2015

ගස් වර්ග 15 - අවසාන කොටස (බාලදක්ෂයින්ට අවශ්‍ය)

මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම.ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිද විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිද විද්‍යාව ප්‍රධානවශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය, සශ්‍ය විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත. අහාර අථත්‍යයෙන් සියළු මානව පෝෂණය කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.

බොහෝ මානව පෝෂණය ධාන්‍ය වර්ග විශේෂයෙන් බඩ ඉරිඟු ,තිරිඟු සහ සහල් මත හෝ වෙනත් ප්‍රධාන ආහාර බෝග වන අර්තාපල් මඤ්ඤොක්කා සහ රනිල මත රඳා පවතී.ශාකවල ආහාරයට ගන්නා වෙනත් කොටස් අතරට පළතුරු, එළවළු, කජු, ඖෂධ, කුළු බඩු සහ ආහාරයට ගතහැකි මල් වර්ග අයත් වේ.ශාක වලින් ලබාගන්නා බීම වර්ග වලට කෝපි,තේ, වයින්, බියර් සහ මධ්‍යසාර අයත්වේ. ප්‍රධාන වශයෙන්ම සීනි ලබාගන්නේ උක් සහ බීට් වළිනි. අහාර පිසින තෙල් සහ මාගරින් ලබාගන්නේ බඩඉරිඟු, සොයා බෝංචි, කැනෝලා, සැෆ් මල් , සූරියකාන්ත, ඔලිව් සහ වෙනත් ශාක වලින්ය.අහාර ආකලන වලට ගම් ඇරබික්, ගුවාගම්, ලොඅකස්ට් බෝංචි ගම්, පිෂ්ඨය සහ පෙක්ටීන් අයත් වේ.

ගොඩනැගිලි තැනීමට්, ලී බඩු, කඩදාසි, කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ, හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනි.ශාක වලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ.

 ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය. ශාක කෙඳි වර්ග ,සගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක, ඉටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග, ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිශ්පාදන වල ප්‍රභවයන් ශාකවේ. ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රව‍ය, ටර්පන්ටයින්, රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්, ලිනොලියම්, ප්ලාස්ටික්, තීන්ත, චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ. අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මික ව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසයන ද්‍රව්‍ය වල ප්‍රාථමික ප්‍රභවය වන්නේ ද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.


අැතැම් ශාක මිනිසාට හානිදායක වේ. ශාක විසින් නිපදවන සුලඟේ පාවී යන පරාග නිසා පීනස් රෝගීන් හට ආසාත්මිකත ඇතිවේ. විෂ සහිත ශාක වර්ග පුළුළ් විවිධත්වයකින් පැතිර ඇත. විෂ සහිත අයිවි වැනි ශාක වර්ග සමෙහි ගැටුන විට කැසීම් ඇතිකරයි. දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවන අතර මරණය පවාසිදුවේ.ශාක වලින් උපදවාගන්නා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ආර්තිකය කෙරෙහි සෘණාත්මකව බලපාන අතර එය වැඩකරන්නාගේ නිෂ්පදිතතාවට හා බලාත්මක කිරීමේ වියදම් අඩුකිරීම කෙරෙහි බලපායි. ඇතැම් ශාක වර්ග ශරීරයට උකහාගත් විට මිනිසාට හා සතුන්ට ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකරන අතර තවත් ශාක ආහාර අපත්‍ය වීමක් ඇතිකරයි. එය සෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.

වල් පැළෑටි යනු මිනිසාට අනවශ්‍ය ස්ථාන වල වැඩෙන ශාකයන්ය. මිනිසුන් විසින් ශාක ඔවුන්ගේ උපන් භූමියට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලට පතුරුවාහරිනු ලබන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශාක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි. ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ. ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.

ගසක්‌ සිටවමු

යමෙකු සෙවණ පිණිස යම් ගසක්‌ සිටුවයිද හෙතෙම එම කුසලය හේතුකොටගෙන දෙව්ලොව වාසයට සුදුසුකම් ලබන බවත් කොහොඹ, නුග, සියඹලා, නා, දිවුල්, බෙලි, නෙල්ලි ආදී කල් පවතින ගස්‌ වර්ග රෝපණය කිරීමෙන් නරකාදිය නොදකින බවත් කියැවේ. මෙලෙස රෝපණය කරන්නාවූ ගස්‌ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලා තම වාසස්‌ථාන සඳහා තෝරාගන්නා බවත් ඒවායෙහි අධිගෘහිතව වැඩවසමින් ජන්මීන් වෙත සෙත සලසන බවත් පුරාණයේ සිට එන විශ්වාසයකි. ඒ අනුව ගෙවත්තක බෙලිගසක්‌ රෝපණය කිරීමෙන් ශ්‍රියාකාන්තාවගේ ආකර්ෂණය ද අඹ ගසක්‌ රෝපණය කිරීමෙන් පත්තිනි දේවියගේ ආකර්ෂණය ද මදුරුතලා ශාක රෝපණයෙන් විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය ද සමන්පිච්ච, ගැටපිච්ච, සේපාලිකා ආදී සුවඳ හමන මල් වර්ග රෝපණයෙන් සියලු දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන බවද දෙහි, දොඩම් වැනි පැඟිරි ශාක ගෙවත්තක සිටුවීමෙන් නිවැසියන්ට ආරක්‍ෂාවද, කෝමාරිකා ශාක සිටුවීමෙන් නිරෝගීභාවයද දුටුසතුටු පඳුරක්‌ සිටුවීමෙන් ඇස්‌වහ කටවහ දෝෂ ද ඊතණ ශාක රෝපණය කිරීමෙන් සෞභාග්‍යයද හිමිවන බව සත්‍යයකි.

මීට අමතරව බාලදක්ෂයන්ට අවශ්‍ය වියහැකි තවත් ශාක පිළිබද කෙටි විස්තර හමුවෙන විදිහට වරින් වර මෙහි ඒකතු කිරීමට බලාපෙරොත්තු වෙමු.

මූලාශ්‍ර : ඖෂධීය ශාක සංග්‍රහය

මාදම් ශාකය (දඹ ගස)

MYRTACEAE කුලයට අයත් Syzygium cumini යන උද්භිදය මාදම් ලෙස හදුන්වයි.විටමින් c, ලෝහ,සිනි වලින් අනුන මාදම් ශාකයේ සෑම අංගයක්ම ඔසු පිණිස ගනී,මල බුරුල් ව යන ග්‍රහනියට ඉතාමත් ගුණය, මුදු බඩ වැලි සහිත, පෙදෙස් වල බහුලව ඇත. මාදම් ඇට මුත්‍ර සමග සිනි යන දියවැඩියාවට අවශ්‍යම බේතක් උවද අප රටේ කෙතරම් මාදම් ඇට ගස් යට දිරා යනු දැකිය හැක. කැවුත්තේ සිනි එකතු වන්නට නොදී ශරීර ගත කර දිරවා ගුණ දෙන ගතිය මෙහි ප්‍රදාන වශයෙන් පවතී. ජුලි මාසයෙන් පසු මේ ඇට ගස් යට වැටි දිරන්නට කලින් අහුලා සෝදා වෙලා තබා ගත යුතුය,මේ ඇට කෝපි මෙන් බැද කුඩු කර වෙලා ගත යුතුය. මෙය රණවරා හා කොතල හිඹුටු වලටත් වඩා ගුණ දායකය. පළතුරක් වශයෙන් අප අහාර වේලට එක් කරගත යුතු වටිනා ශාකයකි.
-----------------------------------------------------------------------------------------------------------------

යකිනාරං (Atalantia ceylanica)

යකිනාරං බොහෝ සෙයින් අතු බෙදෙමින් මීටර් 2 දක්වා උසට වර්ධනය වන පැඟිරි සහිත කුඩා ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන් දැක ගත හැකිය. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්‍ර ළා කොළ කහ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොල පැහැයක් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. ඵලය මංසල බදරියකි. ඵලය තුල බීජ රැසක් පිහිටා ඇත. ඵලාවරණය පැඟිරි සහිත ග්‍රන්ථීමය වේ. බීජ මගින් සහ මුල් මගින් ව්‍යාප්තිය සිදු වේ. යකිනාරං RUTACEAE කුලයට අයත් ශාකයකි.
ප්‍රතිශ්‍යා, ඇදුම, අජීර්ණය, ආමාතිසාර, උණ, ආහාර අරුචිය, පක්ෂඝාත, සන්ධි ඉදිමුම්, චර්ම රෝග, සන්නි රෝග, සර්ප විෂ, අර්දිත (මුහුණේ කොටසක් අකර්මන්‍ය වීම වැනි) රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී යකිනාරං ශාකයේ කොළ, පොතු, මුල්, ගෙඩි ආදිය භාවිතා කරයි. යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්‍රහණය කිරීම ප්‍රතිශ්‍යාවට සහනය ගෙනෙයි. මෙම කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්‍රතිශ්‍යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය. අර්දිත රෝගයට ප්‍රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි. සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි. යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්‍රතිකාරයකි. මෙලෙස ප්‍රතිකාර සඳහා යකිනාරං ඒකියව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි.
යකිනාරං කොළ දුම් ඇල්ලීමෙන් මඳුරුවන් පලවා හැරිය හැකිය. මෙම ගෙඩි යාග හෝමවලදී පැඟිරි පස්පංගුව සඳහා ගනී. ගම්බදව බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සඳහා ද යොදා ගනී. යකිනාරං ගෙඩි විනාකිරි යොදා සකස්කරන ලද රසකාරක ව්‍යංජන රසවත් කිරීමට භාවිතා කරයි. එය උණ නිසා ඇතිවන අරුචියට යෙදීමද යොග්‍ය වේ.

 -----------------------------------------------------------------------------------------------------------------



දෙළුම් Pomergranate (Punica granatum L)

අප ආහාරයට ගන්නා පළතුරු අතර ඉතා ඉහල පෝෂණ ගුණයකින් හෙබි පළතුරක් හැටියට "දෙළුම්" හැදින්විය හැකිය.අනෙකුත් පළතුරු මෙන් නොව දෙළුම් වල මුලු පංචාගයම ඹෟෂධ සදහා ගනි. (මුල්, කොළ, දළු, පොතු, ගෙඩි, මල්) දෙළුමි ගෙඩියේ වැඩි වශයෙන් ගුණයක් පවතින්නේ මදයේ නොව දෙළුම් ඇට වලය. දෙළුම් ඇට ආහාරයට ගැනීමෙන් 80% ක් පමණ යකඩ සහ කැල්සියම් ශරීරයට එකතු වෙි. මෙම පළතුර කොලෙස්ටරෝල් ඇති කරන සන්තෘප්ත මෙිද අම්ල රහිත පළතුරකි. තවද දෙළුමි අත් බෙහෙතක් ලෙසින්ද බොහෝ විට ගනු ලැබෙි.

දෙළුම් ගෙඩියක ඇති පෝෂකකැලරි 63 - 78 (ග‍්‍රෑම් සියයක)තෙතමනයප්‍රෝටීන මේදය කාබෝහයිඩ්‍රේට්ස් කෙදි කැල්සියම් පොස්පරස්යකඩ සෝඩියම්පොටෑසියම් විටමින් බී කාණ්ඩවිටමින් සී සිටි‍්‍රක් අම්ලයබෝරික් අම්ලයදෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි.දෙළුම් ගෙඩියේ ලෙල්ල ඩයරියා රෝගයට හොඳ ප‍්‍රතිකාරයකි. දෙළුම් ගෙඩියේ ලෙලලේ ග‍්‍රෑම් 20 ක් කරාබු නැටි හෝ කුරුදු ග‍්‍රෑම් 3 ක් ජලය මිලි ලීටර් 250 තම්බන්න. නිවුණු පසු මෙම මිශ‍්‍රණය දිනකට තුන් වරක්, දින කිහිපයක් යන තුරු බෝන්න. උගුර බැරැන්ඩිවී ඇති විට වතුර මිලි ලීටර් 250 ක දෙළුම් ලෙලි ග‍්‍රෑම් 20 ක් තම්බන්න. එම මිශ‍්‍රණයන් උගුර සෝදන්න. දත් හා විදුරු මස් රෝග ඇති විට - දෙළුම් ලෙලි වේලා කුඩු කර දත් හා විදුරු මස්, දත් බෙහෙතකින් මදිනවාක් මෙන් හොඳින් මදින්න. ගි‍්‍රක පුරා වෘත්තයන්ට අනුව දෙළුම් ආදරයේ හා සුන්දරත්වයේ දෙවඟනග් සංකේතයයි. අරාබි ජාතිකයන්ගේ විශ්වාසයන්ට අනුව දෙළුම් ගසට යක්ෂයා මර්දනය කළ හැකි බලයක් තිබේ. දෙළුම් ගසක් යටදී බියක් නැතිව, ආරක්ෂිතව නිදා ගන්නට හැකියයි යන්න ඔවුන් තුළ ඇති තවත් මතයකි.

ඔබේ ගෙමිදුලේත් මේ ඖෂධීය ශෘකය සිටුවා ගැනීමට අමතක නොකරන්න. දිගු කලක් ගබඩා කළ හැකියි. දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුය. ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගත හැකියි.දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 - 42 ක උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගත හැකියි. හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස 2 ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්. දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප‍්‍රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියයි. පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්, දිලිසීමක්, තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්න.

අතීසාරය ඇති වූ අවස්ථාවකදී පැසුණු දෙළුම් ගෙඩියක් ගන්න පසුව එහි ඇස්ස කපා හරින්න. හැන්දක් භාවිතා කර එහි ඇට ඉවත් කර ගන්න. පසුව කබලේ බැද ගත් සූදුරු ස්වල්පයක් ගෙන දෙළුම් ගෙඩියට පුරවා කපා ඉවත් කළ ඇස්සෙන් නැවත වසන්න. දැන් කෙසෙල් කොළයකින් ඔතා ගැට ගසා ගන්න. පසුව එය උණු අළු යට දමා හෝ හුමාලයේ තම්බා ගන්න.පසුව කෙසෙල් කොළය ඉවත් කර සම්පූර්ණ දෙළුම් ගෙඩිය වතුර ස්වල්පයක් දමා කොටා ඉස්ම ටික මිරිකා ගන්න. මිරිකා ගත් ඉස්ම කුඩා ළමයෙකුටනම් තේ හැදි 1 ක් ද වැඩිහිටි කෙනෙකුටනම් අඩු කෝප්ප ½ ක් ද බිමට දෙන්න. පසුව රෝගය සුව වනු ඇත. නාසයෙන් ලේ ගලන විට දෙළුම් මලෙහි යුෂ බිදු දෙකක් නාසයට දමන්න. ඇස් රෝග ඇති අවස්ථා වලදී දෙළුම් කොළ තම්බා ගත් වතුරෙන් ඇස් දෙක හොදින් හෝදන්න. කුඩා දරුවන්ගේ පණු අමාරුවට දෙළුම් ගසේ පොතු තම්බා බීමට දෙන්න. උගුර බැරැන්ඩිය ඇති වූ විට වතුර මිලි:ලී 250 ක් සමග දෙළුම් ලෙලි 20g ක් තම්බන්න.පසුව එයින් උගුර සෝදා හරින්න. දත් හා විදුරු මස් රෝග ඇති වූ විට දෙළුම් ලෙලි වෙිලා කුඩු කර ගත් පසු එයින් දත් හා විදුරුමස් හොදින් මදින්න. ලේ ගැලීමක් සිදුවන සෑම අවස්ථාවකදීම දෙළුම් ගසේ පොතු තම්බා ගත් වතුර පානය කිරීම සුදුසුය. එමෙන්ම කාන්තාවන්ගේ මාසික ඔසප් විම වැඩි වශයෙන් සිදු වෙි නම් මේ ප්‍රතිිකර්මය සුදුසු වේ.

 -----------------------------------------------------------------------------------------------------------------


නෙල්ලි (Phyllanthus embilica)

අඩි තිහක් පමණ උසට වැවෙන ගසකි. Euphor Biaaceac කුලයට අයත් සිංහල නාමයෙන් ඇඹල ලෙස ද දෙමළ නෙල්ලිකායි ඉංග්‍රීසියෙන් Indian Goosberry යන නාමයෙන් මෙය හඳුන්වයි. මෙම ශාකයේ අතු බෙදෙනේ අක්‍රමවත්වය. පොත්ත අළු පාටය. අතුවල කුඩා පත්‍ර රාශියකි. එක්‌ එක්‌ ශාකාවක සරල පත්‍ර රාශියක්‌ ඒකාකාරව පිහිටා තිබේ. මල් ඒකලිංගිකය. ස්‌ත්‍රී හා පුරුෂ මල් එකම ගසෙහි සඳහන් බැව් ප්‍රකාශිතය. ගෝලාකාරයෙන් යුක්‌ත සෙ. මි. 1.2, 1.6 විෂ්කම්භයක්‌ ඇති මාංශයකින් යුක්‌තය. ලා කොළ පැහැයක්‌ ඇති ගෙඩිය. පලාවර්ණ පියලි තුනකට බෙදී ඇත. එය තුළ බීජ හයක්‌ පමණ දැකිය හැක. මල් ඒක ලිංගිකය. පුරුෂ හා ස්ත්‍රී මල් එකම ගසේ පිහිටා ඇත. ඵලය ගෝලාකාර වන අතර මාංශල වේ. බීජ ඉතා දැඩිය. ඵලයේ ආවරණය කණ්ඩිකා තුනකට බෙදී ඇත. එක කණ්ඩිකාවක බීජ දෙක බැගින් පිහිටා ඇත. අප රටෙහි තෙත් කලාපයේ සුලභව වැවේ. මැදරට මධ්‍යම පළාත ඌව හා සබරගමුව විශේෂයි. නෙල්ලි වල විටමින් C බෙහෙවින් අන්තර්ගතය.

Fruit of Phyllanthus acidus
ත්‍රිපලා නමින් හඳුන්වන ආයුර්වේද ඖෂධ සංයෝගයෙහි එක් සංඝටකයක් වන්නේ නෙල්ලිය. නෙල්ලි කුඩු තුනක (03) අනුපාතයට අරළුදෙකයි (02) බුලු කුඩු එකයි (01) යනුවෙන් කිරාගෙන එම කුඩු තුන් වර්ගය ගිතෙලෙන් අනා මී පැණි මිශ්‍ර කරමින් අඹරා කල්කයක්‌ සාදාගෙන පස්‌ ලෝහ තැටියක දමා තුනීකර අව්රශ්මිය නොවැටෙන ලෙසට දින තුනක්‌ පවනේ වේලාගත යුතුය. නෙල්ලි දැවිල්ල නසයි, ඇසට හා හෘදයට හිතකරය, කෙස් වඩයි, රුධිරය පිරිසිදු කරයි, මුත්‍ර වැඩි කරයි, ආහාර අරුචිය නසයි. අමු හා වියළි නෙල්ලි ගෙඩි, කොළ, පොතු, මල් හා ඇට ඖෂධ වශයෙන් භාවිතයට ගැනේ. මුඛයේ තුවාලවලට කොළ තැම්බූ වතුරෙන් කට සේදීම ගුණදායකය, ශරීරගත සුදයැමේ රෝගයට නෙල්ලිපිටි හෝ යුෂ මීපැණි දමා බීම හොඳය. අර්ශසයට නෙල්ලි, රසකිඳ එකට අඹරා එම කල්කය එල මෝරු දමා බීම ගුණදායකය. වාත රක්‌ත කුෂ්ඨයට නෙල්ලි යුෂය ගිතෙල් සමඟ කකාරා බීමද මුත්‍ර දාහයට නෙල්ලි යුෂයට කහ කුඩු ස්‌වල්පයක්‌ දමා බීමද, මුත්‍ර අඩස්‌සියට නෙල්ලි උණුවතුරෙන් අඹරා යටි බඩේ ගෑමද, නාසයෙන් ලේ යනවාට නෙල්ලි ගිතෙලෙන් බැද අඹරා හිසෙහි ගෑමද, හිස්‌හොරිවලට නෙල්ලි දෙහිඇට, උළුහාල්, ගොඩපර තම්බා හිස සේදීමද හොඳ බැව් ආයුර්වේදයෙහි සඳහන් වීම නිසා අත්දැකීම් ලද පුද්ගලයන් සමඟ මේ ලියුම්කරු සාකච්ඡාකර තිබේ.

 -----------------------------------------------------------------------------------------------------------------

* මෙම කොටසට ඉදිරියේදී වරින් වර  අලුත් ශාක පිළිබද ඒකතු කිරීම් සිදු කෙරෙනු අැත.

Wednesday, October 7, 2015

9th NATIONAL JAMBOREE FEVER!!!

9th National Jamboree - Countdown!

19 Weeks ~ 136 Days to go!

19 Weeks ~ 136 Days to go!
19 Weeks ~ 136 Days to go!
 Chief Commissioner Prof. Nimal De Silva of Sri Lanka Scout Association and Joint 9thNSJ Commissioners of Mr. Damian Silva, LT & Mr. M.F.S.Muheed also were joined with this Occasion.

Come on! Are you ready? Let's Count with us. 

01. Come to National Scout Headquarters.
02. Write wish to Jamboree.
03. Take the selfie with Countdown
04. Send e-mail to scoutingmagazine@gmail.com


next minute we will update your photo on the wall. let's cheer the Jafna Jamboree!!!

Are you ready to Count with us.
This Countdown will be Direct to starting point to 9thNSJ on 2016. The 9th National Scout Jaffna Jamboree will be held from 20th-26th February 2016 at the Municipal Grounds in Jaffna. Jamboree will be located in Jaffna where we had 30 years of civil war.This will also coincide with 100 years of Scouting in Jaffna District. It will be the first time that a National Jamboree is being held in the Northern Province. 8000-10000, Scouts are expected to participate with about 1000 overseas Scouts Expected.

More on face book: https://www.facebook.com/baladaksha.srilanka

150 Days to go!

Do you know that in just 150 Day's to Start 9th National Scout Jamboree on Jaffna until Opening on Saturday, 20 February 2016.











140 Days to go!

Do you know that in just 140 Day's to Start 9th National Scout Jamboree on Jaffna until Opening on Saturday, 20 February 2016

'මල් මාමා" අදින විජය ප්‍රධාන කර්තෘ පියල් උදය සමරවීර මහකා විසින් දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ අපේ බාලදක්ෂ කටයුත්තක් වෙනුෙවන් දැක්වූ සහයෝගයට අපගේ ස්තූතිය.





























Sunday, October 4, 2015

කොච්චියෙන් පීඩ්‍රෝ කදවුර වෙත

අතීතයේ වසා දැමුණු උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගය


ඝණැති මිහිදුම ඉරාදමමින් පුංචි කෝච්චිය නුවරඑළියට ගිය යුගයක්‌ අතීතයේ තිබුණි. වසර හැට හැත්තෑවකට පෙර ඒ සොදුරු ගමනේ මතකය අවදි කළ හැකි කෙනෙක්‌ සොයා ගැනීම අදටත් අසීරු නොවේ. උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගය (Udapussellawa Rail Track) හෙවත් U.P.R එවකට ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගය වූවාට සැක නැත. නානුඔය සිට නුවරඑළිය, කදපොළ හරහා කදු හෙල්, දිය අගල්, තේවතු මැදින් රාගල දක්‌වා සැතපුම් 19 ක්‌ දුරක්‌ වූ මෙම දුම්රිය මාර්ගය ලංකාවේ උසම මෙන්ම සුන්දරම දුම්රිය මාර්ගය වැටී තිබුණි.

පටු දුම්රිය මාර්ගයක් ලෙසින් මෙම දුම්රිය මාර්ගය ඇරඹු දා පටන් එය උඩපුස්‌සැල්ලාව මාර්ගය දිගේ පැමිණ රාගලින් ගමනාවසාන කලේය. නමුත් සුදු පාලන සමයේ උඩපුස්‌සැල්ලාව දක්‌වාම දුම්රිය මාර්ගය ඉදිකිරීමට යෝජනාවී තිබී තිබුණච ද ඉදිකිරීම් කටයුතු සදහා යන අධික වියදම හා මාර්ගයේ දුෂ්කර බව හේතුවෙන් උඩපුස්‌සැල්ලාවට පමණක් දුම්රියේ ගමන සීමා කිරීමට සුදු පාලකයන් තීරය කළහ. මෙසේ අතහැර දැමූ රාගල සිට උඩපුස්‌සැල්ලාව දක්‌වා අද පවතින ප්‍රධාන මාර්ගය එදා දුම්රිය මාර්ගය සදහා ඉදිකළ මාර්ගය බව ගමේ අය පවසති. 


අතීතයේදී පුංචි කුමාරිය නානුඔය සිට රාගල ගිය ගමනේ නටබුන් පමණක්‌ අද අපට ඉතිරිව තිබේ. සුදු ජාතික වතුපාලකයින් කළ ඉල්ලීමකට අනුව 1895 අප්‍රේල් 25 දින නුවර ඵළියට පැමිණි සර් වෙස්‌ට්‌ රිජ්වේ ආණ්‌ඩුකාර තුමා විසින් 1900 නොවැම්බර් මාසයේදී ඉදිකිරීම් ආරම්භ කරනු ලැබිය. දුම්රිය මාර්ගය වැටී තිබූ නානුඔය සිට නුවරඵළිය හරහා රාගල දක්‌වා මාර්ගයේ සම්පූර්ණ දිග සැතපුම් 19 ක් විය. මාර්ගයේ පවතින දුෂ්කරතා නිසාත් අධික වියදමත් හේතුවෙන් මෙම මාර්ගය පටු දුම්රිය මාර්ගයක්‌ ලෙස ඉදි කිරීමට අනුමත කරනු ලැබූ අතර මෙම වර්ගයේ ( NARROW GAUGE ) දුම්රිය මාර්ගවල රේල් පීලි දෙකක්‌ අතර සම්මත පරතරය වුණේ අඩි 2 යි අඟල් 6 කි.

මෙලෙස වැඩ ආරම්භ වූ දුම්රිය මාර්ගයේ පළමු අදියර එනම් නානුඔය සිට නුවරඑළිය දක්‌වා මාර්ගය 1903 දෙසැම්බර් මස 14 දින සර් හෙන්රි බ්ලේක්‌ ආණ්‌ඩුකාර තුමා විසින් විවෘත කර ඇත. මේ සදහා අවශ්‍ය වූ වාෂ්ප එංජිම එංගලන්තයේ ෆාස්‌ට්‌ ස්‌ටුවර්ට්‌ සමාගමෙන් ගෙන්වා තිබුණි. කඳපොල දක්‌වා දෙවන කොටසත්, රාගල දක්‌වා තෙවන කොටසත් 1904 වන විට අවසන් විය. මේ වන විට නුවර ඵළියත් කඳපොලත් අතර දුම්රිය නැවතුම්පළ 3 ක්‌ ඉදි වී තිබුණි. 

නානුඔය දුම්රිය ස්ථානයේ අැති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ දිශා ලකුණ

නානුඔය සිට රාගල දක්වා දුම්රිය ස්ථාන 5 ක් ඉදිවුනා

නානුඔය සිට සැතපුම් 4 ක් දුරින් බ්ලැක් ෆූල් (BPL) දුම්රිය ස්ථානයත්
නානුඔය සිට සැතපුම් 6 ½ ක් දුරින් නුවර ඵළිය (NEY) දුම්රිය ස්ථානයත්
නානුඔය සිට සැතපුම් 12 ක් දුරින් කඳපොල (KAP) දුම්රිය ස්ථානයත්
නානුඔය සිට සැතපුම් 16 ½ ක් දුරින් බෲක්සයිඩ් (BKS) දුම්රිය ස්ථානයත්
නානුඔය සිට සැතපුම් 19 ක් දුරින් රාගල (RLA) දුම්රිය ස්ථානයයි.

මීට අමතරව, නුවර ඵළියත් කඳපොලත් අතර දුම්රිය නැවතුම්පල 3 ක් ඉදිවුණා.
නානුඔය සිට සැතපුම් 8 ½ ක් දුරින් පීඩ්රෑ (Pedro) දුම්රිය නැවතුම්පලත්
නානුඔය සිට සැතපුම් 9 ½ ක් දුරින් සමර් හිල් ( Summer Hill ) දුම්රිය නැවතුම්පලත්
නානුඔය සිට සැතපුම් 10 ½ ක් දුරින් පෝර්ට්වුඩ් (Portswood ) දුම්රිය නැවතුම්පලත්

කඳපොලත් බෲක්සයිඩ් අතර දුම්රිය නැවතුම්පල 2 ක් ඉදිවුණා.

නානුඔය සිට සැතපුම් 12 ක් දුරින් 12:40* නැමති දුම්රිය නැවතුම්පලත්
නානුඔය සිට සැතපුම් 14 ½ ක් දුරින් ශාන්ත ජෝන් (St John’s) දුම්රිය නැවතුම්පල



මේ දුම්රිය නැවතුම්පල ඉදිකිරීමට ප්‍රධාන හේතුව වූයේ තේ ප්‍රවාහනය කිරීමටයි. අති සුන්දර ගමනක් මෙන්ම අති දුෂ්කර බෑවුම් මාර්ගයක මෙම දුම්රිය මග වැටී තිබුනා.
අද වන විට ව්‍යාපාරිකයෙක්‌ බෘක්‌සයිඩ් දුම්රිය නැවතුම්පොළේ පෞරාණික බව ආරක්‌ෂා කරමින් රටබීම හලක්‌ පවත්වාගෙන යයි. මෙම දුම්රිය නැවතුම්පල ඉදිකිරීමට ප්‍රධාන හේතුව වූයේ තේ ප්‍රවාහනය කිරීමය.

එදා උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගය රාගල දක්‌වා ඉදිකිරීම සඳහා වැයවී ඇති සම්පූර්ණ මුදල රුපියල් 1,653,452.00 කි. අද වන විට ලංකාවේ උසින් ම පිහිටි දුම්රිය ස්‌ථානය මුහුදු මට්‌ටමෙන් අඩි 6204 උසින් පිහිටි පට්‌ටිපොල දුම්රිය ස්‌ථානය වුවත් උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගයේ පිහිටි කඳපොල දුම්රිය ස්‌ථානය 1942 දක්‌වාම ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්‌ථානය විය. එහි උස මුහුදු මට්‌ටමෙන් අඩි 6316 කි. කඳපොල දුම්රිය ස්‌ථානය පට්‌ටිපොල දුම්රිය ස්‌ථානයට වඩා අඩි 112 ක්‌ උසින් පිහිටා තිබී ඇත.

බදුල්ල - කොළඹ උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව දුර්ගය, නානුඔය සිට හපුතලේ දක්‌වා දුර්ග මාර්ගයන්වල තියුණු නැග්මක්‌ දැක ගත හැකිය. දුම්රිය මාර්ගයේ නැග්මේ ප්‍රමාණය දක්‌වුණේ 1/44 ත් 1/45 ප්‍රමාණයේ නැග්මක්‌ ලෙසය. දුම්රිය මාර්ගය අඩි 1 ක්‌ ඉහළට ඵසවීමට අඩි 44 ක දුරක්‌ ගමන් කළ යුතුය තිබිණ. නමුත් මේ උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගයේ නැග්මේ සාමාන්‍යය වී තිබී ඇත්තේ 1/24 ක්‌. අඩි 24 ක්‌ ඇතුළත ඵක අඩියක්‌ දුම්රිය මාර්ගය ඉහළට ඵසවිය යුතුයි. බෲක්‌සයිඩ් සිට කඳපොල දක්‌වා නැග්ම මීටත් වඩා දුෂ්කර වීය. ඵම නැග්මේ ප්‍රමාණය 1/16 කි. එනම් අඩි 16 ක්‌ ඇතුළත ඵක අඩියක්‌ දුම්රිය මාර්ගය ඉහළට ඵසවීමකි. මෙය කඩුගන්නාව දුර්ගයට 3 ගුණයකට ආසන්න ආනතියකි. මෙම බෑවුම රාගල සිට බෲක්‌සයිඩ් දක්‌වාම තිබී ඇත. මේ මාර්ග සීමාවේදී දුම්රියේ සාමානය වේගය වී ඇත්තේ පැයට කිලෝමීටර් 9 ක්‌ 10 ක්‌ තරම් ප්‍රමාණයකි. එනම් සාමාන්‍ය මිනිසෙකු ගමන් කරන වේගය මෙන් දෙගුණයකි. මෙම පුංචි කෝච්චිය රාගල සිට එන දුම්රිය සමහර ස්‌ථානවලදී ඉහළට යාමට නොහැකිව නැවතී තිබූ අවස්‌ථාද වූ බව තතු දන්නෝ පවසති.
බඩු දුම්රිය මැදිරි, මගී දුම්රිය මැදිරි වලට අමතරව ආණ්‌ඩුකාර තුමා වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී මැදිරියක්‌ පවා මෙම දුම්රිය සේවයට යොදවා තිබූ බව පැරණි වැඩිහිටියෝ පවසති.

 
1920 පමණ වන විට විශාල දියුණුවක්‌ ලැබූ ලංකාවේ දුම්රිය සේවය දිනකට දුම්රිය 400 කට ආසන්න ප්‍රමාණයක්‌ ධාවනය වී ඇත. මෙම යුගයේ උඩපුස්‌සැල්ලාව පටු මාර්ගයේ බඩු දුම්රිය 5ක්‌ මිශ්‍ර දුම්රිය 11 ක්‌ ලෙස දිනකට දුම්රිය 16 ක්‌ ධාවනය වී ඇත. උඩපුස්‌සැල්ලාව දුම්රිය සේවය කොයිතරම් දියුණු තත්ත්වයක පැවතුනාද මේ අනුව පැහැදිලි වෙයි. 1934 වර්ෂයේ දුම්රිය දත්ත වාර්තා වලට අනුව එම වසරේ 7279 ක මගී සංඛ්‍යාවක්‌ උඩපුස්‌සැල්ලාව මාර්ගයේ දුම්රියෙන් ගමන් කර තිබුණ ද 1940 පමණ වනවිට මෙම පටු මාර්ගයේ වාෂ්ප දුම්රිය ගමන් කිරීමේ දුෂ්කරතා පැන නැගුණු බැවින් ද මේ වනවිට ලොරි වලින් භාණ්‌ඩ ප්‍රවාහනය ජනප්‍රිය වී තිබූ බැවින් දුම්රියට කණකොකා හැඩමින් පැවතිණ. නිරන්තර පැනනගින මේ ගැටලු නිසා සුදු පාලකයෝ උඩපුස්‌සැල්ලාව පටු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කළහ. මේ අනුව 1942 දී රාගල සිට නුවරඑළිය දක්‌වා පළමු කොටස වසා දැමුණි. 1948 අගෝස්‌තු මස 02 වන දින ලංකාවේ දුම්රිය සේවය භා බැඳුණු අති සුන්දරම සහ උසින් ම පිහිටි දුම්රිය මර්ගය වසා දමන ලදී.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ගය වසා දැමීමත් සමගම මාර්ගයේ ඇති දුම්රිය ස්‌ථාන හැර අනෙකුත් සියලුම දේ ගලවා ඉවත් කළේය. දුම්රිය මාර්ගයේ කොටසක්‌ මහා මාර්ගය ලෙස සංවර්ධනය විය. මේ හේතුව නිසා අද වනවිට මේ දුම්රිය මාර්ගයේ ඉතිරිව ඇත්තේ ඉතා සුළු නටබුන් කිහිපයක්‌ පමණි. එසේ දුම්රිය මාර්ගය වසා දැමුවත් දුම්රිය ස්‌ථානවල රාජකාරි පැවතුණි. ඔවුන්ගේ රාජකාරිය වූයේ වෙනත් දුම්රිය ස්‌ථානවලින් ලොරි වලින් එන බඩු භාණ්‌ඩ භාරගැනීම සහ යෑවීමයි. මෙම ක්‍රමයත් බොහෝ කාලයක්‌ පැවතුණි. නමුත් දුම්රිය ස්‌ථානාධිපතිවරුන්ගේ සිට අනෙකුත් සේවකයින් මේ සේවාව පවත්වාගෙන යැමට අකමැතිවීම නිසා භාණ්‌ඩ ප්‍රවාහනය පෞද්ගලික අංශයට පැවරුණි. ඒ සමගම දුම්රිය සේවාවද අවසන් විය.

ඊට පසු කීප අවස්‌ථාවක මෙම මාර්ගය නැවත ආරම්භ කිරීමට යෝජනා පැවතුනත් නොයෙකුත් දුෂ්කරතා හේතුවෙන් මේ වන තෙක්‌ එය සිදු කිරීමට නොහැකිවී ඇත. මේ දුම්රිය මාර්ගයේ ඇතැම් ස්‌ථාන අදටත් දකින්න පුලුවන. බෲක්‌සයිඩ් දුම්රිය ස්‌ථානය රටබීම හලකට මෙන්ම නුවරඑළියේ පිහිටි දුම්රිය ස්‌ථානය අද ශ්‍රී ලංගම ඩිපෝව හැටියට අද භාවිතා කරයි. නානුඔය සිට රාගල දක්‌වා වූ පාරට සමාන්තරව සහ සමහර ස්‌ථානවල දුම්රිය මාර්ගය තිබූ බවට සාධක ඇත. බ්ලැක්‌ ෆූල් (BPL) (රුවන්එළිය) දුම්රිය ස්‌ථානයේ නටබුන් කිසිවක්‌ මේ වනවිට ඉතිරිව නැත. දැනට රජයේ ආහාර ගබඩාව පවත්වාගෙන යන ස්‌ථානය දුම්රිය ස්‌ථානය වූ බවට සමහර ප්‍රදේශවාසීහු පවසති. බ්ලැක්‌ ෆූල් පසු කර නුවරඑළිය දෙසට යන විට හමුවෙන කැලේගාල ගම්මානයේ දුම්රිය බිංගෙයක්‌ තවමත් දැකගත හැකිය. මෙම දුම්රිය මාර්ගයේ සැතපුම් දහනවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක නිවාස ඉදිකර ඇත. වැඩි ප්‍රමාණයක්‌ මහා මාර්ගයට යොදාගෙනය. නමුත් සියවසක්‌ ගතවී ඇතත් නැවතත් දුම්රිය ගමනක බලාපොරොත්තු නූතන පරපුරේ සිත් තුළ ජනිත කරමින් පාලම්, බෝක්‌කු වැනි අතීතයේ ඉදි කෙරුණු යටිතල පහසුකම් මේ දක්වාත් නිරුපද්‍රිත ව දක්නට ඇත. කදපොළ ගල්පාලම ප්‍රදේශයේ පැරණි දුම්රිය මාර්ගයේ පාලම එයට අැති කදිම සාක්‌ෂියකි. 


නානුඔය සිට නුවරඑළියට එන ප්‍රධාන මාර්ගයටත් වඩා එතැන් සිට උඩපුස්‌සැල්ලාව දක්‌වා යන මාර්ගය අතිශයින් සුන්දරය. මෙතරම් ජනාකීර්ණ නොවූ විසිවන සියවසේ මුල්භාගයේ තේවතු, දියඇළි මැදින් පුංචි කෝච්චියේ රාගලට යන ගමන කෙරතම් සුන්දර වන්නට අැතිදැයි සිතේ. බස්‌ රථයෙන් යන ගමන මෙන් සිය දහස් ගුණයක අාශ්වාදයක් විදීමට තිබූ උඩපුස්‌සැල්ලාව දක්‌වා දිවෙන පැරණි දුම්රිය මාර්ගය සංචාරකයන් වෙනුවෙන් යලි දිනෙක ඉදි කෙරෙණු අැත. කෙතරම් බාධක මැද වුවත් මෙම මාර්ගය ඔස්සේ දිනෙක සංචාරක ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට දිවෙනු අැත. ඒය ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ ලස්‌සනම දුම්රිය මාර්ගය බව නම් නිසැකය.

විශේෂ ස්තූතිය
ප්‍රසන්න සිල්වා සහ වැඩි තොරතුරු shivantha123