Translate

Monday, February 5, 2024

10 වන ජාතික ජම්බෝරිය - ත්‍රිකුණාමල ජම්බෝරියට කෝච්චියෙන් - A jamboree train to Trincomalee

ත්රිකුණාමලය ප්රධාන නගරය සහ වැදගත් සංචාරක ස්ථානයයි. බස් ගමනට වඩා දුම්රිය ගමනාගමනය ආරක්ෂිත, ලාභ සහ පහසු බැවින් වර්තමානයේ වැඩි පිරිසක් දුම්රියෙන් ගමන් කිරීමට කැමැත්තක් දක්වයි. සමහර සංචාරකයින් ත්රිකුණාමලයට කෝච්චියෙන් යන්නත් කැමතියි. නමුත් අවාසනාවකට කොළඹ සිට ත්රිකුණාමලයට යාමට රාත්රී දුම්රිය හැර වෙනත් විකල්පයක් නැත. කොළඹ කොටුව දුම්රිය ස්ථානය සිට ත්‍රිකුණාමලය දක්වා දුර කිලෝමීටර් 296.9 කි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට යන විට ශ්‍රී ලංකාවේ නාගරික සුන්දරත්වය සමඟින් දිවෙන දුම්රිය මාර්ගයක සුන්දරත්වය දැකගත හැකිය. දිනපතා කොළඹ කොටුව දුම්රිය ස්ථානය සිට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය කිහිපයක් ධාවනය වන අතර කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සතිපතා දුම්රිය 07ක් ක්‍රියාත්මක වේ. ටිකට් වෙන්කරවා ගතහැකියි. මෙම වකවානුවේ උතුරු දුම්රිය මාර්ගය නඩත්තුවන බැවින් කන්කසන්තුර දුම්රිය කෙටි කාලයක් සඳහා මෙම මාර්ගයේ යොදවා ඇත. කොළඹ දුම්රිය ස්ථානයේ සිට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය දක්වා පැය 8 ත් විනාඩි 15 ත් අතර පැය 8 ත් විනාඩි 30 ත් අතර දුම්රිය කාලය. දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා ප්‍රමාද වීම නිසා දුම්රිය ප්‍රමාද වන විට එම කාලය වැඩි විය හැක. නමුත් බොහෝ අවස්ථාවල කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දුම්රිය නියමිත වේලාවට ධාවනය වේ. 

 
 
දැන් ICF මැදිරි සහිත ත්රිකුණාමල රාත්රී දුම්රිය වැඩිදියුණු කිරීමෙන් පසු ඔබට දැක ගත හැකි ඉල්ලුමක් සහ සෙනඟක් තිබේ. මැදිරිවලට 3 වන පන්තියේ වෙන් කළ සහ වෙන් නොකළ, 2 වන පන්තියේ වෙන් කළ සහ වෙන් නොකළ, සහ පළමු පන්තියේ A/C මැදිරිය ඇතුළත් විය යුතුය. ත්රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා නියමිත දුම්රිය ගමනට පැය 6.30කට ආසන්න කාලයක් ගතවේ. 
 
දැනට මෙම මාර්ගයේ ධාවනය වන්නේ දුම්රිය දෙකක් පමණි. එකක් සම්බන්ධතා දුම්රියක්. බොහෝ අය මෙම දුම්රියේ ගමන් කිරීමට කැමති නැත, මන්ද එය සෘජු දුම්රියක් නොවන අතර ආසන ලබා ගැනීම ද විශ්වාස නැත. උදයදේවි දුම්රිය යනු මන්දගාමී දුම්රියකි. සියලුම ස්ථාන නවතා ගමනාන්තයට ළඟා වීමට වැඩි කාලයක් ගත කරන්න. (පැය 9) ත්රිකුණාමලය රාත්රී සීඝ්රගාමී දුම්රිය එකම සෘජු දුම්රිය වේ, නමුත් එය තවත් ස්ථාන නවත්වන අතර කොළඹට පැමිණීමට තවත් කාලයක් ගතවේ. (පැය 8.30 කට ආසන්න) මහව හන්දියේ දුම්රිය ස්ථානයේ හරස් කාලය සහ නැවතුම් කාලය ද ඉහළ ය. 
 
 

කෝච්චියෙන් ත්‍රිකුණාමලයට
 
කොටුව ස්ටේෂන් එකේ ඉඳන් මහව හංදිය ස්ටේෂන් එකට යනකම් වගේ, අතරින් පතර කුඩා කැලෑ රොදවල් මැද්දෙන්, ගම් මැද්දෙන්, නගර මැද්දෙන්, පාරවල් වලට සමාන්තරව, ඉඳල හිටල පාරවල් හරහ, වෙල් යායවල් මැද්දෙන් මේ කෝච්චි පාර වැටිල තියෙනව. අපිට නිතරම දකින්න හම්බෙන වැටමාර (ගිනිසීරියා) පඳුරුවල ඉඳන් මම නම් වත් නොදන්න ගස් කොළන් බොහෝ ගාණක් රේල්පාර දෙපැත්තෙම වැවිල තියෙනව. දොළ පාර කිහිපයකුත්, ඕලු, සුදු නෙළුම් පිරුණු පොඩි වැව් දෙක තුනකුත් තියෙනව. රාගම හන්දිය, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම ස්ටේෂන් පහුකරගෙන එන කෝච්චිය මහව හන්දියෙන් විනාඩි 20ක් විතර නවත්තල, ඒකෙ එන්ජිම ගලවල අනිත් පැත්තට අමුණනව. ඊට පස්සෙ කෝච්චිය ආව දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් යන්න පටන් ගන්නව.  
 
 
මහව හන්දියෙ ඉඳන් රේල්පාරෙ වැඩි කොටසක් ළඳු කැලෑ රක්ෂිත වනාන්තර මැද්දෙන් දුවනව. මහව හන්දියට පස්සෙ යාපහුව ස්ටේෂන් එක. ඊට පස්සෙ කෝන්වැව ස්ටේෂන් එක. ඊට පස්සෙ රණමුක්ගම. ඊට පස්සෙ මොරගොල්ලාගම. ඊට පස්සෙ සියඹලාගමුව. ඊට පස්සෙ නගම. ඊට පස්සෙ අවුකන. ඊට පස්සෙ කලා වැව. මේ හරියෙ දිගටම කැලෑව රේල් පාර දෙපැත්තෙම. ඊළඟට ඉහළගම, කැකිරාව, හොරිවිල, පලුගස්වැව, හබරණ, හතරැස්කොටුව ස්ටේෂන් ටික පහුකලාට පස්සෙ කෝච්චිය ප්‍රධාන දුම්රිය මංසන්ධියක් වෙන ගල් ඔය හන්දිය ස්ටේෂන් එකට එනව. මම නම් නැගෙනහිර මාර්ගයෙ ඔය හරියට හරිම කැමතියි. මේ වියළි කලාපීය කැලෑ ප්‍රදේශ පිළිවෙලින් කලා වැව, හබරණ, ගල් ඔය කියන රක්ෂිතයන් වෙන්න ඕනෙ. දවල්ට අලි එහෙම පේන්න නැති වුණත්, මේ සීමාවෙ හරිත වර්ණ වියළි පරිසරය හරිම චමත්කාරජනකයි. ඔබට පුළුවන් නම් කවුළුවක් ළඟින්ම වාඩි වෙන්න. පරිස්සමින් විමසිල්ලෙන් ඉන්න පුළුවන් නම් ෆූට්බෝර්ඩ් එකත් මේ සුන්දරත්වය අත්විඳින්න හොඳම තැනක්.
 
ට්‍රින්කො යන අය ගල් ඔය හන්දියෙන් බැහැල වෙනම කෝච්චියකට නගින්න ඕනෙ. ගල් ඔය හංදිය ස්ටේෂන් එකේ කැන්ටිමක් එහෙමත් තියෙනව. ගල් ඔය හන්දියෙන් ට්‍රින්කො යන කෝච්චිය පිටත් වෙන්නෙ උදය දේවි කෝච්චිය ගල් ඔයට ආවට පස්සෙ. 
 
ගල් ඔය හන්දිය පහු කරල යනකොට රේල් පාර දෙපැත්තෙ මතුවෙන්නෙ අර්ධශුෂ්ක කලාපීය කටු පඳුරු බහුල කැලෑවන්. මේ හරියෙදි කෝච්චිය සෑහෙන වේගෙන් යනව වගේම ගැස්සෙන පැද්දෙන ගතියත් වැඩි වෙනව. මේ කෝච්චියෙ නම් ෆුට්බෝඩ් එකේ හරි ඒ ළඟට වෙලා හරි යන්න නම් ඉතාමත් අසීරුයි. ගල් ඔය හංදියට පස්සෙ කෝච්චිය අලුත් ඔයට එනව. ඊට පස්සෙ පිළිවෙලින්, අග්බෝපුර, කන්තලේ, ගන්තලාව, මොල්ලිපොතාන, තඹලගමුව, චීන වරාය ස්ටේෂන් පහුකරගෙන ඇවිල්ල ත්‍රිකුණාමලය ස්ටේෂන් එකෙන් ගමන නිමාකරනව. ට්‍රින්කො ලයින් එකත් මේ ස්ටේෂන් එකෙන් ඉවරවෙනව.
 
A 1933 image of boy scouts from Ceylon (now Sri Lanka) seen on a train on their way to the 4th jamboree at Godollo, Hungary

ට්‍රින්කො යන්න කලින් සීට් වෙන්කරගත්තොත් ලේසියි

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා. පහසුවෙන්, නිදහසේ, ආරක්ෂාකාරීව, අඩු වියදමින් සහ ඉක්මනින් ගමනක් යෑමට අවශ්‍ය නම් ඔබ නිසැකවම ⁣තෝරා ගන්නේ දුම්රියයි. නමුත් ඒ සමඟම ඇතිවන ගැටලු වන්නේ සීට් එකක් හම්බවෙයිද? මුළු ගමනම හිටගෙන යන්න වෙයිද? Foot board එකේද යන්න වෙන්නේ. 
 
මෙම ගැටලු මඟහරවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඔබට කලින් ආසන වෙන්කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා. මෙනිසා ආසනයක් ලබා ගැනීමේ අදහසින් පොරකමින් දුම්රියට නැගීමට අවශ්‍ය නොවන අතර මෙම මැදිරි සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ ආසන ගනනට පමණක් බැවින් මැදිරිය තුල නිදහසේ ගමනාන්තය තෙක් ගමන් කිරීමටද හැකිය.
 
1st class Booking seat - Rs 2900/=
2nd class Booking seat - Rs 1800/=
3rd class Booking seat - Rs 1200/=
2nd class normal seat - Rs 950/=
3rd class normal seat - Rs 460/=
 
කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද?. වෙන්කල හැකි ආසන නම්,

01. වායුසමනය කල පළමු පන්තිය (AFC)
02. නැරඹුම් මැදිරිය (OFV)
03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)
04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)
05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)
06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)
07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)
08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)

01. වායුසමනය කල පළමු පන්තිය (AFC)

ආනතිය වෙනස් කල හැකි වඩාත් සැපපහසු ආසන වේ. මැදිරිය මනා ආලෝකකරණයකින්ද යුක්ත වේ. ආසනයකට කුඩා මේසය බැගින් ඇති අතර කවුළු තිර රෙදි යොදා අලංකාර කර තිබේ. ජංගම දුරකථන, ලැප්ටොප් චාර්ජ් කරගැනීමේ හැකියාවද ඇත. ආසනද සිත් ගන්නා ලෙස කුෂන් කවර යොදා අලංකාරවත් කර ඇත..සුඛෝපභෝගී නගරාන්තර දුම්රියන්හි AFC වල රූපවාහිනී නැරඹීමටද ගීත ශ්‍රවනය කිරීමට ද පහසුකම් සපයා ඇත. එමෙන්ම තම ආසනය තමාට රිසි ඕනෑම ප්‍රමාණයකට ආනත කීරීමට වගේම අංශක 360කින්ම භ්‍රමණය කිරීමට ද හැකිය. සැබවින්ම මෙම මැදිරියක ගමන් කිරීම ගුවන් යානයක ගමන් කිරීමට සර්වසමවේ.

කන්කසන්තරය සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ හා මහනුවර සතිඅන්ත සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ මැදිරි සියල්ල AFC වන අතර උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ මහනුවර හා මාතලේ සීඝ්‍රගාමි දුම්රියේ (from colombo fort @ 10.35am) එක් මැදිරිය බැගින් ඇත. මීට අමතරව කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රියේ හා මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේද එක් මැදිරිය බැගින් ඇත. තවද මරදාන -මාතර සීඝ්‍රගාමි දුම්රියේද (from colombo fort @6.55am) AFC මැදිරියක් පවතින අතර එහි සුවි⁣ශේෂිතාවය වන්නේ ආසන එකිනෙක ආවරණය කර පැවතීමයි.

02. නැරඹුම් මැදිරිය (OFV)

පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ⁣ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල දුම්රියන් 6ක මෙම මැදිරිය ඇතුළත් වේ. කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, මහනුවර දෛනික නගරාන්තර දුම්රියන් දෙකේත්, මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් ඇත. සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.

03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)

ආනතිය වෙනස් කල හැකි වඩා සැපපහසු ආසන වේ. ආහාර ගැනීමට කුඩා මේසය බැගින්ද තිබේ. මෙම මැදිරියක් දක්නට ලැබෙන්නේ යාල්දේවී දුම්රියේ පමණි.

04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)

සැබවින්ම මෙය ඇදන් 2ක් සහිත කුඩා කාමරයකි. මේස, පුටු, ⁣කබඩ් එකක්, ඇදුම් එල්ලනයක්, කන්නාඩියක්, විදුලි පංකාවක් ආදී කාමරයක අන්තර්ගත සියල්ල මෙහි තිබේ. තවද කාමරයටම සම්බන්ධිත කුඩා නාන කාමරයක්ද ඇත. එක් ඇදක් බිම් මට්ටමේ ඇති අතර අනෙක ඉහලින් ඇත. ඉනිමඟක් ආධාරයෙන් එයට නැගිය යුතුය.
ඉතා දීර්ඝ ගමනාන්ත සහිත දුම්රියන් වලට යොදවන මෙම මැදිරි ලංකාව තුල කන්කසන්තරේ, බදුල්ල, ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් වලට එක් කර ඇත. තවද මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ ද මෙම මැදිරියක් දක්නට ලැබේ.  ජීවිතයේ එක් වරක් හෝ මෙම Berth මැදිරියක ගමන් කරන්න. එය ජීවිතයට මහඟු අත්දැකීමක් වනු නොඅනුමානයි.

05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)

සාමාන්‍ය මුදලකට පහසුවෙන් ගමන් කල හැකි ආසන මෙහි ඇත. බොහෝ දුම්රියවල SCR මැදිරි වල මේස සපයා නොමැත. වැඩිම දුම්රිය ප්‍රමාණයක සපයා ඇති ආසන වෙන්කිරීමේ ක්‍රමයයි. නගරාන්තර දුම්රියන් සමන්විත වන්නේ මෙම වර්ගයේ මැදිරි කට්ටලයකිනි. අමතර වශයෙන් වෙනත් වර්ගවල මැදිරි 2,3ක් එක් කරයි.
මෙම පහසුකම සහිත දුම්රියන් වන්නේ.

- වව්නියාව ICE
- මහනුවර ICE (උදෑසන )
- මහනුවර ICE ( සවස)
- මහනුවර සතිඅන්ත ICE
- උත්තර දේවි ICE
- යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය
- උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය
- උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
- පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
(ICE = Intercity Express )

06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)

සැපපහසු ආසන වේ. ආසනය සයනක ආකාරයෙන් ආනත කර නිදාගැනීමට හැකි ලෙස සකසා ඇත. එමෙන්ම ආසන අතර සැලකිය යුතු පරතරයක්ද පවත්වා ඇත. රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන් සදහා විශේෂයෙන් සකස්කර ඇත.
ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලු රාත්‍රී තැපැල් දුම්රියන්හි( බදුල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තරය හා තලේමන්නාරම) මෙම Second Class Sleeperets දක්නට ලැබේ. මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියටද මෙම මැදිරියක් යොදවා ඇත. 

07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)
මෙහිදී ආසනයක් මගියා වෙනුවෙන් වෙන්කර දීම පමණක් සිදුවේ. අමතර පහසුකම් සපයා නොමැත. ආසනද සුවපහසු බවින් තරමක් අඩුය. ආසන පේලි අතර පරතරයද සාපේක්ෂව අඩුය. නමුත් අඩුම මුදලට වෙනකර ගත හැකි ආසන වර්ගය වන්නේ TCR ය. ලංකාව තුල මෙම පහසුකම ඇත්තේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් දෙකේ පමණි.

08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)
TCR මැදිරි වලට සමාන වන අතර වෙනසකට ඇත්තේ ආසන ස්වල්පයක් ආනත කර සාදා තිබීමයි. රාත්‍රී දුම්රියන් වෙනු⁣වෙන් ⁣සකසා ඇත. සාමාන්‍ය මගියෙකුට අඩු මිලකට නිදන ආසනයක් වෙන්කර ගැනීමේදී TCS වැදගත් වේ. බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ සහ මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ මැදිරිය බැගින් ඇති අතර කන්කසන්තරය රාත්‍රී තැපැල් දුම්රිය මැදිරි 2කින් යුක්තය.

 
ආසන වෙන්කරගන්නා ක්‍රම: ගමනට යෝජිත දිනයට දින 30 කට කළින් පටන් දුම්රිය ස්ථානයන්ට පැමිණ ටිකට් වෙන්කරවා ගතහැකියි.
 

කොළඹ කොටුව

011-2432908

වැල්ලවත්ත

011-2585875

දකුණු කළුතර

034-2222271

අලුත්ගම

034-2275282

ගාල්ල

091-2234945

මාතර

041-2222271

ගම්පහ

033-2222271

වේයන්ගොඩ

033-2287271

පොල්ගහවෙල

037-2243271

පේරාදෙණිය

081-2388271

නුවර

081-2222271

මාතලේ

066-2222271

ගම්පොල

081-2352271

නාවලපිටිය

054-2222271

හැටන්

051-2222271

නානු ඔය

052-2222873

හපුතලේ

052-2268071

දියතලාව

057-2229461

බණ්ඩාරවෙල

057-2222271

ඇල්ල

057-2228571

බදුල්ල

055-2222271

කුරුණෑගල

037-2222271

අනුරාධපුරය

025-2222271

වවුනියාව

024-2222271

පලෙයි

025-3245525

කිලිනොච්චි

025-3244653

කොඩිකාමම්

025-3246066

යාපනය

021-2222271

කන්කසන්තුරෙයි

025-3246526

තලෙයිමන්නාරම්

023-3232238

ගල් ඔය

027-3279375

හිඟුරක්ගොඩ

027-2246271

පොළොන්නරුව

027-2222271

වැලිකන්ද

025-3853764

පුනානි

025-3898447

වාලච්චේන

065-2257718

එරාවුර්

065-2240514

මඩකලපුව

065-2224471

කන්තලේ

025-2234271

තම්බලගමුව

025-3853765

චීන වරාය

026-2233271

ත්රීකුණාමලය

026-2222271

මොබිටෙල් දුරකථන මධ්‍යස්ථානයට කථා කිරීමෙන් (කොළඹ - මහනුවර නගර අතර දුම්රිය සදහා පමණි.) පහත සඳහන් පියවර අනුගමනය කරන්න.


1. ඔබගේ මොබිටෙල් දුරකථනයෙන් අංක 365 අමතන්න.
2. මොබිටෙල් මධ්‍යස්ථානයේ ක්‍රියාකරු අමතන්න.
3. ඔබට අවශ්‍ය වෙන්කිරීම් සඳහා විස්තර ලබාදෙන්න.
4. ඔබගේ ආසන වෙන්කිරීමට අදාල අනු අංකය දුරකථන කෙටි පණිවිඩයක් මඟින් ලැබෙනු ඇත.
5. මෙම අනු අංකය කොළඹ කොටුව, ගම්පහ, පේරාදෙණිය, මහනුවර දුම්රිය ස්ථාන වලට හෝ ඕනෑම මොබිටෙල් ගෙවීම් මධ්‍යස්ථානයක‍ට ලබාදීම මඟින් ඔබට ඔබේ ටිකට් පත ලැබෙනු ඇත.
6. ඔබගේ දුම්රිය ගාස්තුව මොබිටෙල්දුරකථන බිල්පතට එකතුවන අතර මෙම සේවාව සඳහා මොබිටෙල් ආයතනය රු. 50 ක මුදලක් අයකරනු ඇත.

සාමාන්‍ය ගාස්තුව ලබාගැනීම සඳහා:

1. දුම්රිය දෙපාර්තමේන්තු‍ වෙබ් අඩවිය - www.railway.gov.lk
2. ලංකා ද්වාර වෙබ් අඩවිය - www.srilanka.lk
3. ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) වෙත කෙටි පණිවිඩයක් යැවීම මඟින්.
4. ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (අංක 1919) ඇමතීමෙන්. 
 
 
සටහන
R.M. තරිඳු නිශාදව මධුවන්ත
 
ගොඩක් දෙනෙක් අහන දුම්රිය ආසන වෙන්කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතන තියනවා
 

No comments:

Post a Comment