බාලදක්ෂ (Scout) කියන වචනයේ සිංහල පෙරළුම ඔත්තුකරු කියන බව ශබ්දකෝෂ වල සඳහන් වුවත් අප විසින් සකස් කරනු ලැබූ බාලදක්ෂ පාරිභාෂික වදන් පෙළ අනුව වර්තමානයේදී බාලදක්ෂ යනු නාමපදයක්. ඒ අනුසාරයෙන් අතීතයේදී භාවිත වූ Boy Scout යන්න බාලදක්ෂ ලෙස හදුන්වා දියහැකියි.
පුරෝගාමී හැකියාව බාලදක්ෂයන් වෙත කාවද්දනුයේ ඔවුන් ලබන කදවුරු පන්නරයෙනි. අන් කිසිදු ළමයෙකුට ලබාගත නොහැකි තරම් ප්‍රායෝගික ජීවිතයක් අත්විඳීමට බාලදක්ෂ දරුවන් මෙහෙයවනු ලබන්නේ ඔවු එදිනෙදා ජීවිතයේදී ලබා ගන්නා බාලදක්ෂ අත්දැකීම් තුළිනි. සමාජික පදක්කමේ සිට ජනාධිපති සම්මානය දක්වා වර්තමානයේ පෙළ ගස්වා ඇති විෂය නිර්දේශය තුළ ගැට, පුරෝගාමී ක්‍රියාකරකම්, භාජන රහිතව පිසීම, සිතියම් වැඩ, මාලිමායන්ත්‍ර, පාගමන්, ගවේෂණ, පා සලකුණු අධ්‍යනය, සංඥා, රාත්‍රී කඳවුරු, ප්‍රථමාධාර, උස දුර නිශ්චය වැනි බොහෝ කරුණු ඇතුලත් වේ.
පුරෝගාමී හැකියාව බාලදක්ෂයන් වෙත කාවද්දනුයේ ඔවුන් ලබන කදවුරු පන්නරයෙනි. අන් කිසිදු ළමයෙකුට ලබාගත නොහැකි තරම් ප්‍රායෝගික ජීවිතයක් අත්විඳීමට බාලදක්ෂ දරුවන් මෙහෙයවනු ලබන්නේ ඔවු එදිනෙදා ජීවිතයේදී ලබා ගන්නා බාලදක්ෂ අත්දැකීම් තුළිනි. සමාජික පදක්කමේ සිට ජනාධිපති සම්මානය දක්වා වර්තමානයේ පෙළ ගස්වා ඇති විෂය නිර්දේශය තුළ ගැට, පුරෝගාමී ක්‍රියාකරකම්, භාජන රහිතව පිසීම, සිතියම් වැඩ, මාලිමායන්ත්‍ර, පාගමන්, ගවේෂණ, පා සලකුණු අධ්‍යනය, සංඥා, රාත්‍රී කඳවුරු, ප්‍රථමාධාර, උස දුර නිශ්චය වැනි බොහෝ කරුණු ඇතුලත් වේ.
බාලදක්ෂ විෂය නිර්දේෂයන්ට පරිබාහිර ව පුරෝගාමී ජීවිතයේදී බාලදක්ෂ ඔබ විසින් උගතයුතු ගැට වර්ග බොහෝ වේ. සියල්ලට ම පෙර නවක බාලදක්ෂයෙකු ලෙස ගැටලනුව ගැන හොඳින් ඉගෙන ගන්න. පසුව විවිධ ලනු හා එහි භාවිතය ගැන ඉගෙන ගන්න. එලෙස ඔබ උගත් දෑ මෙහි කොමෙන්ට් ලෙස ඇතුළත් කර සෙසු බාලදක්ෂ දරුවන් හා බෙදා ගැනීමටත් ඔබට පුළුවන්. නැතිනම් අපගේ මුහුණු පොතට එක්කරන්නත් පුළුවන්.
* මෙහි එන ගැට වර්ග වල සිංහල හෝ ඉංග්‍රීසි නාම යෙදුම් වල වැරදි ඇත්නම්, ඒවා නිවැරදි කිරීම සඳහා දැනුම් දෙන්න. කරුණාකර මෙතෙක් කල් අප විසින් මෙම බ්ලොග් අඩවියට හෝ අන්තර්ජාලයට එක්රැස් කල තොරතුරු පෝස්ටුව ශෙයාර් කිරීමේ හැකියාව තිබිය දී සොරා ගැනීමෙන් වළකින්න. ඔබේ ලිපියක් ලෙස නැවත පෝස්ට් කිරීමෙන් වළකින්න. දීර්ඝ කාලයක සිට අපගේ ඇඩ්මින්වරුන් විසින් එකතු කර ඇති මෙවැනි අගනා තොරතුරු SCOUTING සඟරාවේ කිසිදු අනුමැතියකින් තොරව නැවත පොස්ට් කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම් බව සිහිතබා ගන්න.
බාලදක්ෂ විෂය නිර්දේෂයේ ගැට, බැමි, පිරිද්දුම්
1. ගැට වර්ග2. වෙළුම් වර්ග
3. බැමි වර්ග
4. පිරිද්දුම් වර්ග
- පිරිමි ගැටය (Reef Knot) වැඩි විස්තර සඳහා

- රුවල් ගැටය (Sheet Bend) වැඩි විස්තර සඳහා

- කොස්පට්ටා ගැටය (Clove Hitch) වැඩි විස්තර සඳහා

- කඹ කොට කිරීමේ ගැටය (Sheepshank)

- වටයක් පැටලවූ වළලු දෙකේ ගැටය (Round Turn And Two Half Hitches) වැඩි විස්තර සඳහා

- ජීවිතාරක්ෂක ගැටය (Bowline) වැඩි විස්තර සඳහා

- තණ්ඩල් ගැටය (Man Harness Knot)

- කඳන් ගැටය (Timber Hitch) වැඩි විස්තර සඳහා

- තංගුස් ගැටය (Fisherman Knot)

- ලණු අග වෙලීම (Simple/Common Whipping)

- රුවල් කරුවාගේ වෙලීම (Sailmaker’s Whipping)

- ගිනි නිවන්නාගේ පුටු ගැටය (Fireman’s Chair Knot)

- දෙපට රුවල් ගැටය (Double Sheet Bend)

- දෙපට කොස්පට්ටා ගැටය (Double Clove Hitch)

- බෝලයින් ඔන්ද බයිට් ගැටය (Bowline On A Bight Knot)

- හතරැස් බැම්ම (Square Lashing)

- කතිර බැම්ම (Diagonal Lashing)

- කතුරු බැම්ම (Shear Lashing)

- තෙපා බැම්ම (Tripod Lashing)

- ආපසු පිරිද්දීම (Back Splice)

- කෙටි පිරිද්දීම (Short Splice)

- පුඩුවක් පිරිද්දීම (Eye Splice)

- පාලම් පාදය (Trestle)
පාලම් පාදය හා බාලදක්ෂ පුරෝගාමී අභ්‍යස ඉදිරියේ දී....
IQ TESTS & SCOUTING KNOWLEDGE-බාලදක්ෂ සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ ගෘපයේ https://www.facebook.com/groups/1432854776952096/ වෙත ශෙයාර් කළ අපගේ ඇඩ්මින්වරයෙකු වන
Udantha S Kalugalla විශේෂ ස්තූතිය
No comments:
Post a Comment