ජාතික කොඩිය ගැන ඔබ දන්නවා ද?
සෑම ජාතික කොඩියකම අපූරු දේවල් සැඟවිලා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික කොඩියයත් සුවිශේෂී තැනක් හිමිවී තිබෙනවා. තමන් ලෝකයේ විවිධ රටවල කොඩි ගැන ගොඩක් දේවල් දන්නවා කියා ඔබ හිතනවා
වෙන්න පුළුවන්. ඒත් ඔබ නොදන්නා දේවල් කොතරම් තියෙනවාද කියා දැනගත්තොත් ඔබට
පුදුම හිතේවි. උදාහරණයක් ලෙස භූතානයේ කොඩිය ගැන ඔබ දන්නවාද?
‘අයිල් ඔෆ් මෑන්’
දිවයිනේ කොඩියේ තියන අද්භූත සංකේතය කුමක්ද කියා ඔබ දන්නවාද? මේ සංකේතය
අවුරුදු දහස් ගණනකට කලින් මයිසීනීය සහ ලයිසියාව කියන ප්‍රදේශවල භාවිතා වෙලා
තිබෙනවා. ඒක තමන්ගේ කොඩියට යොදාගන්නට ‘අයිල් ඔෆ් මෑන්’ තීරණය කළේ ඇයි
කියන්නට කවුරුවත් දන්නේ නැහැ.
මොන්ගෝලියාව
මොන්ගෝලියානු කොඩියේ තියන නිල් පටියෙන් අහසත්, රතු පටියෙන් තමන්ගේ රටේ රළු
පරිසරය මැද වුණත් මොන්ගෝලියාව සතුව තියෙන දරාගැනීමේ හැකියාවත් නිරූපණය
වෙනවා.
සවුදි අරාබිය

සවුදි අරාබියේ කොඩියේ කඩුවෙන් සංකේතවත් වෙන්නේ රටේ ආරම්භක රාජවංශය
වන House of Saud රාජවංශයයි. කොළ පැහැයෙන් රටේ ඉස්ලාම් බලපෑම නිරූපණය
වෙනවා.
මොසැම්බික්

මොසැම්බික් රටේ කොඩියේ තුවක්කුව, නගුල සහ පොත යන සංකේතවලින් නිරූපණය වෙන්නේ ආරක්ෂාව, ගොවිතැන සහ අධ්‍යපනය ගැන රට දක්වන කැපවීමයි.
ඇන්ගෝලා

ඇන්ගෝලාවේ කොඩියේ ඇත්තේ දැති රෝදයක් සහ මන්නා පිහියක්. එයින් රටේ කාර්මික නැඹුරුව සහ යුද්ධ කෝලාහල නිරූපණය වෙනවා.
ඉක්වදෝරය

රාජාලියගෙන් නිරූපණය වෙන්නේ ඉක්වදෝරයේ බලයයි.
වර්ජින් අයිලන්ඩ්ස්

V සහ I අකුරු ‘වර්ජින් අයිලන්ඩ්ස්’ නමේ මුල් අකුරු දෙකයි. ඊතලවලින් ප්‍රධාන දූපත් තුන සංකේතවත් වෙනවා
බෙලිස්

බෙලීසියේ කොඩියේ මහෝගනී කොළ 50 න් වගේම පොරෝ වලිනුත් රටට ගොඩක් වැදගත් වෙන ලී කර්මාන්තය සංකේතවත් වෙනවා.
බාබඩෝස්
බාබඩෝස් රටේ කොඩියේ ත්‍රිශූලයෙන් නිරූපණය වෙන්නේ ප්රජාතන්ත්රවාදයේ
මූලිකාංග තුනයි. කාම්බෝජයේ විශාලම පන්සල වෙන අන්ග්කෝර් පන්සලේ රූපයක් ඒ රටේ
කොඩියට ඇතුළත් වෙලා තිබෙනවා.
ස්වාසිලන්තය
ස්වාසිලන්තයේ කොඩියේ තියන හෙල්ල සහ පළිහ සංකේතවත් කරන්නේ රටේ දැඩි බවයි.
කොඩියේ තිබෙන පිහාටු පාවිච්චි කරන්නට පුළුවන් රජ්ජුරුවන්ට පමණයි.
කෙන්යා

කෙන්යාවේ කොඩියේ කළු පැහැයෙන් රටේ ජනතාවත්, රතු පැහැයෙන් නිදහස් වෙනුවෙන් හෙලූ රුධිරයත්, කොළ පැහැයෙන් රටේ පරිසරයත් නිරූපණය වෙනවා.
වේල්ස්

වේල්ස් හි කොඩියේ මකරාගෙන් නිරූපණය වන්නේ 7 වැනි සියවසේ රට පාලනය කළ Cadwaladr කියන රජුයි.
සයිප්‍රස්

සයිප්‍රස් රටේ කොඩියේ ඔලිව් අතුවලින් සාමයත් තැඹිලි පැහැයෙන් තඹ ලෝපසුත් නිරූපණය වෙනවා.
උගන්ඩා

උගන්ඩාවේ කොඩියේ ඉන්නේ එක් කකුලක් ඔසවා ගත් කොකෙක්. ඒ රූපයෙන් රටේ ඉදිරි ගමන සංකේතවත් වෙනවා.
භූතානය

භූතානයේ කොඩියේ ඉන්නේ රටේ පුරාවෘත්තවල එන ඩ්‍රක් කියන මකරායි. ඊට අමතරව
තැඹිලි පාටින් සහ රතු පාටින් රටේ හැදියාව සහ බෞද්ධ දර්ශනය පෙන්නුම්
කෙරෙනවා.
ටර්ක්මෙනිස්තානය

ටර්ක්මෙනිස්තානයේ කොඩියේ චන්ද්‍ර වංකයෙන් සංකේතවත් වන්නේ ඉස්ලාම් ධර්මයයි. තාරකා පහෙන් රටේ ප්‍රාන්ත 5 නිරූපණය වෙනවා.
ජිබ්රෝල්ටර්

ජිබ්රෝල්ටර් රටේ කොඩියේ ඇති යතුරෙන් සංකේතවත් වන්නේ මධ්‍යධරණී ප්‍රදේශයට ප්‍රවේශයක් යන්නයි.
නේපාලය

ලෝකයේ හතරැස් නැති එකම ජාතික කොඩිය ඇත්තේ නේපාලයටයි.
පැපුවා නිව් ගිනියා

පැපුවා නිව් ගිනියාවේ තරුවලින් නිරූපණය වෙන්නේ ඒ රට දකුණු අර්ධ ගෝලයේ
පිහිටා ඇති ස්ථානයයි. රටේ දකින්නට ලැබෙන කුරුළු වර්ග නිරූපණය කරන්නට
කුරුල්ලෙකුගේ රූපයක් එහි යොදා තිබෙනවා.
ශ්‍රී ලංකා

සියලුම සංස්කෘතීන්ගෙන් යුත් මිනිසුන් එක්ව වාසය කරන බවත් මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයෙන් යුත් සුචරිතවත් ශ්‍රේෂ්ඨ ජාතියක් බවත් නිරූපනය වී තිබෙනවා.
කිර්ගිස්ථානය

කිර්ගිස්ථානයේ කොඩියේ රැස් වළලු 40 න් පෙනෙන්නේ මොන්ගෝලියාවට එරෙහිව රටේ ගෝත්‍ර 40 එක්සත් වූ බවයි
ග්රනෙඩා

ග්‍රනඩාවේ කොඩියේ තරුවෙන් රටේ අගනුවර වන ශාන්ත ජෝර්ජ් නගරය සංකේතවත් වෙනවා.
කොඩියේ පසෙකින් තියෙන්නේ සාදික්කා ගෙඩියක්. ඒවා රටේ ආර්ථිකයට බොහොම
වැදගත්.
විශේෂ ස්තූතිය
maarai.lk වෙත