ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024 නොවැම්බර් 21 වැනි දින පැවැත්විය. 2024 මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ සමාජ
සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ
සභාපති, සුගත් වසන්ත ද සිල්වා පත් කර තිබෙනවා. මින් පෙර දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු මෙරට පාර්ලිමේන්තුවේ නොසිටි
හෙයින් ජනතාව අතර මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්ව ඇත. එමෙන්ම දෘශ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා හට ලබා දෙන
පහසුකම් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. නව මන්ත්‍රීවරයාගේ සුවිශේෂී අවශ්‍යතාවයන්ට සරිලන පරිදි තාක්ෂණික
වෙනස්කම් සිදු කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්ත්‍රීවරයාගේ සහභාගීත්වය
සහතික කිරීමට ද කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ පාර්ලිමේන්තු
කටයුතුවලට සහය වීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බ්‍රේල් ක්‍රමය සහ හඬ
ක්‍රමය හඳුන්වා දීමට ද පාර්ලිමේන්තුව සලකා බලා තිබේ.
දෑස නොපෙනුනත් ලෝකයේ ජයගත් බාලදක්ෂයෝ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් ශ්‍රී
ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද
සිල්වා December 06, 2024 දින පළමු වරට පාර්ලිමේන්තුව ඇමතුවා. එමෙන්ම ඔහු ඉදිරි වසර පහ තුළ ආණ්ඩු පක්ෂය සමඟ පාර්ලිමේන්තුවේ සිටින ආබාධිත
නියෝජිතයෙක්ට කළ හැකි වෙනස්කම් ඔප්පු කිරීමට විශ්වාසය පළ කළා.
‘මම මේ ලෝකෙට ආවෙ ඇස් පෙනෙන කෙනෙක් විදිහට’
සුගත් වසන්ත ද සිල්වා 1967 ජූලි 26 වන දා, එනම් මීට වසර 57කට පෙර දකුණු පළාතේ බලපිටිය, ගොඩගෙදර ප්‍රදේශයේදී උපත ලැබුවේ, දෑස් පෙනෙන සාමාන්‍ය බිළිඳෙකු ලෙස ය.
“මම ඇස් පෙනෙන කෙනෙක් විදිහට තමයි, මේ ලෝකෙට ආවේ. මම මුලින් ම බාලාංශයේ සිට තුනේ පන්තිය දක්වා ගියේ, කන්දෙගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. එතන ඉඳන් පහ ශ්‍රේණිය දක්වා මම වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලයට ගියා,” සුගත් වසන්ත ද සිල්වා සිය අතීතය ආවර්ජණය ආරම්භ කළේ, එසේ ය.
ක්‍රිකට් නිසා ජීවිතය උඩුයටිකුරු වූ හැටි
ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කළ දෛවෝපගත සිද්ධිය සිදුවූයේ, පාසලේ 5 ශ්‍රේණියේ එනම්, 11 හැවිරිදි වියේ පසුවද්දී ය.
“පහේ පන්තියේදී ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහිල්ලා බෝලයක් ඇහේ වැදිච්ච අනතුරකින් තමයි මම දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වුණේ. ඒ අනතුරේදී මගේ ස්නායුවලට හානි වෙලා ඇස් දෙක ම පේන්නෙ නැතුව ගියා,” ඔහු පැවසීය.

ඉන්පසු ඔහුට අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ, බ්‍රේල් ක්‍රමයට ය.
'තාක්ෂණයෙන් ලොවක් දිනූ' දෘශ්‍යාබාධිත නීතිඥවරයා
ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. ඒ, අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ වෛද්‍ය හඩ්සන් සිල්වාගේ මග පෙන්වීම යටතේ ය.
උසස් පෙළ විභාගය සඳහා ඔහු යළිත් අම්බලන්ගොඩ, ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළ සමත්වූ සුගත්, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබී ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ එවකට කථිකාචාර්යවරයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි, සුගත් වසන්ත ද සිල්වා ඔහුගේ මුල් ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි අයෙකි.
“මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ, 1990 වසරේ. මුල් අවුරුද්දේ සිංහල, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට පුළුවන් වුණා ඉතිහාසය විශේෂවේදී විෂය හදාරන්න. ඊට පස්සෙ මම ප්‍රථම පන්ති උපාධි සාමාර්ථයක් එක්ක 1994 වසරේදී උපාධිය සම්පූර්ණ කළා.”
සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික)
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික)
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ සේවය කළේ ය. වසර ගණනක් එහි සේවය කළ ඔහු, 1999 වසරේ සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙකු ලෙස වසර 25ක කාලයක් සේවය කළේ ය.
“ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම නිසා මම මගේ රැකියාවෙන් ඉවත් වුණා. මම කරපු රැකියාවේ හැටියට දේශපාලනය කරනවා නම් රැකියාව තවදුරටත් කරන්න බැහැ. ඒ නිසා මම විශ්‍රාම ගත්තා,” සුගත් වසන්ත ද සිල්වා පැවසීය.

දේශපාලන ක්‍රියාකාරකම්
“මගේ දේශපාලන ක්‍රියාකාරකම් පටන් ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක. එහෙදි, හම්බ වුණ පාසල් ශිෂ්‍ය සහෝදරයොත් එක්ක පාසල් ශිෂ්‍ය ව්‍යාපාරවල වැඩ කරලා තියෙනවා,” සිය දේශපාලන ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් සුගත් පැවසීය.
ඉන්පසු, ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ක්‍රියාකාරීව කටයුතු කිරීම ආරම්භ කර ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ය.

ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය ‘අකැප’ ද?
90 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ අභියෝග හමුවේ පක්ෂය සමග තමන් ද නිහඬ කාලපරිච්ඡේදයක් පසු කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.
“ජාතික ජන බලවේගය පටන් ගන්නකොට අපි ආයෙත් ඒකට සම්බන්ධ වුණා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ විදිහට නෙවෙයි. අපි සම්බන්ධ වුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ එක්සත් ශිෂ්‍ය සංවිධානය කියන සංගමය යටතේ යි. ඊට පස්සෙ අපි ජාතික විද්වත් සංසදයට සම්බන්ධ වෙලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියට ආබාධ සහිත වූවන් වෙනුවෙන් පරිච්ඡේදයක් ඇතුළත් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදීත් අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ආබාධ සහිත තැනැත්තන් වෙත ගෙනියන්න විවිධ මාධ්‍ය ඔස්සේ අපි කටයුතු කළා. ඒ ආපු ගමන තමයි ජාතික ලැයිස්තු ලේඛනය දක්වා ආවේ.”
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින් |
පාර්ලිමේන්තුවට ගිහින් කරන්න යන දේ
2012 වසරේදී කරන ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාව තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 17ක් සිටිති. සුගත් වසන්ත ද සිල්වා පවසන්නේ, ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 57%ක් කාන්තාවන් බව ය. ඊට අමතරව, ආබාධ සහිත වූවන්ගෙන් 71%ක් කිසිදු ආර්ථික කටයුත්තක නිරත නොවී යැපෙන්නන් ලෙස ජීවත් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
“මම පාර්ලිමේන්තුවට ගියොත් නියෝජනය කරන්නේ, දෘශ්‍යාබාධිත ප්‍රජාව විතරක් නෙවෙයි. සියලු ආකාරයේ ආබාධ සහිත පුද්ගලයින්ට සාධාරණය සහ සමානාත්මතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මම කැපවෙන්නේ. ආබාධ නැති පුද්ගලයින්ට ලැබෙන සමාන සහ සාධාරණ අවස්ථා ආබාධ සහිත වූවන්ටත් ලැබිය යුතු යි. ඒ සමානාත්මතාව සහ සාධාරණය සෑම අංශයකින් ම හිමි විය යුතු යි.”
“දැනට ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් තියෙන ප්රශස්ත ම ලියවිල්ල තමයි, එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්රඥප්තිය. ඒක අංග සම්පූර්ණ නෑ. ඒකෙත් අඩුපාඩු තියෙනවා. හැබැයි අපි ඒකවත් අනුගමනය කරන්න ඕන. අපි ඒ ප්රඥප්තියට අත්සන් කරලා තිබුණාට ඒක ක්‍රියාත්මක කරලා නෑ. ඒ ගැනත් අපි ක්‍රියා කරනවා.”
ඊට අමතරව, ආබාධිත ප්‍රජාවේ ශුභසාධනය වෙනුවෙන් ඔවුන්ගේ ජන අනුපාතයට අනුව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ගැනීම ද සිය අරමුණු අතර වන බව සුගත් වසන්ත ද සිල්වා ප්‍රකාශ කළේ ය.
“ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ අනුර කුමාර
දිසානායක සහෝදරයාට ආබාධිත පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිපත්තියක්,
වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ආබාධිත පුද්ගලයන් නියෝජනය
කරමින්, මාව ඉදිරිපත් කර තිබෙනවා. ලක්ෂ දහහතකට වැඩි ආබාධ සහිත ප්‍රජාව
නියෝජනය කිරීමේ අවස්ථාව මේ මඟින් ලබාදී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු හැත්තෑහය
තුළ විවිධ පක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනවල ආබාධිත පුරවැසියන්
කෙරෙහි අවධානයක් යොමුකර තිබුණේ නැහැ. ඔවුන් වෙනුවෙනුත් ප්‍රතිපත්තියක් සකස්
කිරීමයි ජාතික ජන බලවේගයේ හැඩය. රත්නපුර දිස්ත්‍රික්කයෙහි ජනතාව පෙළගැසී
සිටින්නේ එවැනි පළල් අර්ථයක් සහිත වැඩපිළිවෙළක් පවතින ජාතික ජන බලවේගය වටා.
ජරාජීර්ණ දේශපාලනය අවසන් කර මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ අපේක්ෂා ඉටු කරන දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ වෙනුවෙන් විශාල මහජන නියෝජිතයන් පිරිසක් පත්කර යැවීමේ වගකීම තිබෙන්නේ ඔබට. සියයට තුනට තිබුණු මහජන කැමැත්ත සියයට 43 දක්වා පසුගිය ජනාධිපතිවරණයේ දී ගෙන ආවා වාගේම ජනතාවාදී රජයක් පත්කර ගන්නා බව ස්ථිරයි. මේ දේශපාලන ව්‍යාපාරය කිසිම දාක ජනතාවට පිටුපාන්නේ නෑ. ජනතාවාදී පාලනයක් තුළ ආබාධ සහිත අපව අත්නොහැර ඉදිරියට ගමන් කරමින්, ලස්සන ජීවිතයක් උදා කරගත හැකි බව ස්ථිරයි. තමන්ගේ අයිතිවාසිකම් වාගේම සුබසාධනය බලගැන්වෙන ආයතනික රටාවක් ගොඩනැඟීම සිදු කරනවා. අප හැමදෙනාම එකට හිනාවෙන, එකට අත්පොළසන් දෙන වෙනස්කමකට භාජනය නොකරන පිරිසක් බවට ආබාධිත ජනතාවත් ඔසොවා තබන රටක් තමයි, පොහොසත් රටක් කියන්නේ. එවැනි ජනතාවක් තමයි, ලස්සන ජීවිත ගත කරන ශිෂ්ටසම්පන්න ජනතාවක් කියන්නේ.”