Translate

Friday, August 28, 2015

ගස් වර්ග 15 - 13. බක් මී ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

13. බක් මී ශාකය


Naucleeae
The Leichhardt tree (Nauclea orientalis)
Scientific classification
Kingdom: Plantae
Clade: Angiosperms
Clade: Eudicots
Clade: Asterids
Order: Gentianales
Family: Rubiaceae
Subfamily: Cinchonoideae
Tribe: Naucleeae


බක් මී (Nauclea orientalis) විශාල පත්‍ර සහිතව අතු පැතිරී වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. මේ ශාකය මීටර් 30 ක් පමණ උසැතිය. බක් මී RUBIACEAE කුලයට අයත් ශාකයකි. මෙහි හට ගන්නා අලංකාරවත් මල් ඉතා සුවඳවත් ය. එරබඳු මල් පීදෙන්නේ වසන්ත කාලයේ ඒනම් බක් මාසයේ දී බක් මී මල් ද පිපේ. ඉඳුණු බක් මී ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. සිංහල ගීත සාහිත්‍යයෙහි බක් මී මල පාදක කර ගත් නිර්මාණ රැසක් හමුවේ. 

චතුරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය ආදී වශයෙන් දීර්ඝ කාලීනව පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වන සෑම බුදුවරයකුටම බුදු බව ලබන්නට බෝධියක්‌ අවශ්‍ය වේ. මණ්ඩ කල්පයක පහල වූ සුමේධ බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සුදත්තනා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් බක්මී ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ අසූ කෝටියක් ධනය දන් දීම නිසා නියත විවරණ ලැබීය. විසි අටක්‌ බෝසතුන් බුදු වුණ බෝධීන් වහන්සේලා විවිධ වර්ගවලට අයත් ගස්‌ අතර සුමේධ බුදුන් බක්‌ මී ගස  බෝධිය කර ගත් සේක. 

ඇතමුන් බක් මී සහ බකිනි එකම ශාකය ලෙස සලකතත් එය නිවැරදි නොවන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් වේ. එහි මෙසේ දැක් වේ " බක්මී සහ බකිනි දෙකම එකම වර්ගයක් වශයෙන් ඇතැම් පළාත්වල සලකති. එහෙත් වචන දෙකේ මිස ගස් දෙකේ කිසිම සමානකමක් නැති මේ ගස් දෙක වෙන් වශයෙන් අඳුනා ගැනීම ප්‍රයෝජනවත්ය. බක් මී පොතු වෙනුවට බකිනි පොතු වරදවා ගතහොත් නැති අසනීප ඇති විය හැකි හෙයිනි. බකිනි දර පිණිස මිස ඖෂධ පිණිස ගැනීමට නියම කළ තැනක් දකින්නට නැත." 



තෙතමනය සහිත ප්‍රදේශවල බහුලව වැඩේ. බක්මී ශාකයේ කොළ සහ පොතු වා, පිත්, සෙම්, යන තුන් දොස් සමනය කරනවා මෙන් ම වේදනා නාශක ගුණයද පෙන්වයි. එමෙන් ම බඩගිනි ඇතිවීම, ආහාර දිරවීම සහ වමන නාශක ගුණද ඇත. ගඩු, විසප්පු, අර්බූද, වණ, තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්ප විෂ, මුත්‍රා ගල්, මුත්‍ර අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, හෘද රෝග, ක්ෂය රෝගය, උණ ආදී රෝග අවස්ථා බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමට බක් මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. බක් මී වේදනාව සමනය කරයි. ඉදිමුම් නසයි. වණ ශුද්ධකොට මස ලියලවයි. තනකිරි වඩවයි. විෂ නසයි. චර්ම විකෘති තාවයන් යථා තත්වයට පත් කරයි. පිපාසය සංසිඳුවයි. ශෘධ්‍රසි රෝගීන්ගේ ප්‍රතිකාර සිදුකිරීමේදී මළබද්ධය නැතිකර, ආහාර දිරවීම ඇතිකිරීම පළමුව සිදුකළ යුතුය. ඉන්පසු තෛල අභ්‍යංග කර (තෙල් ගා) බක්මී කොළ පොතු තැම්බූ වතුර වැක්කිරීම (බක්මී පර්ෂේකය) සිදුකරයි. රෝගියාගේ රෝගයේ උත්සන්නතාව සහ රෝගියාගේ ස්වභාවය අනුව දින ගණන සහ කාලය තීරණ කරනු ලැබේ. මේ ප්‍රතිකාරය ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාරයන්හි පූර්වකර්ම ලෙස භාවිතාකරන ස්වේදවිධියක් ලෙසත්, එය ප්‍රධාන ප්‍රතිකාරයක් ලෙසද භාවිත කරනු ලැබේ.
වාත දෝෂය රැස්වීම නිසා වේදනාව සහ අපහසුතාවයෙන් පීඩිත වූ රෝගියාට වස්ති කර්මය යෙදීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය. එනම් මළ බද්ධය දුරුවේ. අග්නිවර්ධනය වේ. ශරීර බලය වර්ධනය වේ. ආහාර දිරවීම පහසු කරයි. මේ වස්තිය සඳහා බක්මී කසාය සහ බක්මී තෛලය භාවිතා කරනු ලැබේ.
බක්මී ගසේ පොතු ඝන සාරය ගෙන, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්.ඩී. රත්නසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ සත්ත්ව පර්යේෂණය මගින් බක්මී පොතුවල වේදනා නාශක ගුණය ඇතිබව සනාථ කර ඇත. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ නේවාසික පංචකර්ම අංශයේ රෝගීන්ගෙන් ශෘද්‍රසි රෝගීන් 125 ක් සඳහා බක්මී පරිෂේකය සහ බක්මී යෝගවස්ති සායනික පර්යේෂණය සාර්ථකව නිමකර ප්‍රතිඵල ලබා ඇත.




 

1 comment: