Translate

Wednesday, February 24, 2021

පැන්සල් තුඩක් මත නිමැවුණු - විසිතුරු බාලදක්ෂ කැටයම

බාලදක්ෂ නිර්මාතෘ දින සැමරුම - 2021

ලෝකයේ ඇති දැවැන්තම ළමා ව්‍යාපාරය වන බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමන් සහ ඔලෙව් මැතිණියගේ උපදින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 22 දිනය ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ සුවිශේෂ ස්ථානයක් හිමිකර ගන්නා බව නොරහසක්. මේ අපූර්ව පෙබරවාරි 22 දින බාලදක්ෂ ආදිකතෘ දිනය සිහිකිරීම උදෙසා බාලදක්ෂ ලෝකයට Scouting සගරාවේ අපි නැවුම් නිර්මාණයක් පොකුරක්ම එක් කරන්නෙමු.  
 
 
පැන්සල් කියන්නෙ ඕනම කලාකරුවෙකුගෙ අත්‍යාවශ්‍ය අංගයක්. විවිධ සන්නාම යටතේ, විවිධ මිල ගණන් යටතේ පැන්සල් වර්ග බොහෝ ප්‍රමාණයක් වෙළඳපොලෙන් මිලදී ගන්න පුලුවන්. මේ හැම පැන්සලක්ම ලෝකයේ සම්මත විදිහට අංකනය කරල තියෙනව බලාගන්න පුලුවන්. නමුත් මේ කියන්න යන්නේ පැන්සලෙන් අදින්න යන චිත්‍රයක් ගැන නම් නොවෙයි. 
 
මේ තරම් සියුම් ව කැටයම් කරපු බාලදක්ෂ සලකුණක් ඔබ කවදාවත් දැකලා නැතුව ඇති. තම හැකියාව විනෝදාංශයක් කරගත් මේ අපූරු නිර්මාණකරුවා දයානන්ද ලොකුලියනගේ මහතායි. එතුමා මෙවර 164වැනි BP දිනය වෙනුවෙන් ලෝක බාලදක්ෂ සහෝදරත්වයට එකතු උනේ මේ විදිහටයි.  
 
  
මිනිරන් පැන්සල් තුඩක් මත මැවෙන බාලදක්ෂ ලෝකය

යන්තම් ඇහැට පේන ප්‍රමාණය තරම් කුඩා මතුපිටක් මත මේ සිදුකරන අතිශය සියුම් නිර්මාණ කර්තව්‍ය සිදුකරන එක ලේසි පහසු කටයුත්තක් නොවෙයි. මිනිරන් පැන්සල් තුඩක් කියන්නෙ කොයිතරම් සියුම් ද? කියන එක පැන්සල් තුල් කරපු අය දන්නවා ඇති. පිහිතුඩකින් හරියට පැන්සලක් උල්කරන්න තියන අමාරුව දන්න අයට ඒක උඩ කැටයම් කරන්න කෙනෙකුට හිතන්නවත් පුළුවන්ද? ඒ තරම් කුඩා පැන්සල් තුඩකින් කැටයම් කපන්න පුළුවන් සුවිශේෂී නිර්මාණ ශිල්පියෙක් SCOUTING සඟරාවේ අපිට මුණගැසුනා. ඔහු නමින් දයානන්ද ලොකුලියනගේ.

නිර්මාණකරුවෙකුගේ සිතුම් පැතුම් රටාව, කලා රසඥතාව හා විද්‍යාත්මක තාක්ෂණික දැනුම මනාව නිරූපණය වන කලා මාධ්‍යක් ලෙස කැටයම් කලාව හැඳින්වීමට පුළුවන්. ඒ අතරින් පැන්සල් තුඩක සියුම් වූ කැටයම් නිර්මාණය යනු මනා ඉවසීමකින් යුතුව කළ යුත්තක්. මේ ක්ෂුද්‍ර කැටයම් කලාවට ලෝකයේ සුවිශේෂී ඉල්ලුමක් තියෙනවා. මේ වනවිට ඉහළ ප්‍රතිචාර හිමිවන දයානන්ද මහත්තයගේ මෙම කැටයම් විදෙස් වෙළෙඳපොළට යොමුවෙලා තිබෙනවා. 
 

මිනිරන් තුඩේ බාලදක්ෂ කැටයම්

#01. Scout Salute (Hand on my pencil) Venus 10B - Diameter 4mm



ඉතා සුළු ගැටීමකින් උනත් මිනිරන් තුඩ සැනෙකින් බිදී ගිය හැකියි. පැන්සල් තුඩේ කරන කැටයම්වල පවතින අසිරුම හා දුර්වලතාවය එයයි. මේ නිසා විනිවිද පෙනෙන ආවරණයක් සහිතව තමයි මේ නිර්මා‍ණ ඉදිරිපත්කලයුතු වන්නේ. සාමාන්‍යයෙන් නිර්මාණයකට මිලක් නියම කල නොහැකි උනත් සුවිශේෂී ඇණවුම් සඳහා රුපියල් වලින් 10,000 සිට 100,000ක් තරම් මිලක් අයකල හැකි නිර්මාණ තිබෙනවා. නිර්මාණයේ සංකීර්ණ බව අනුව මිල ගණන් වෙනස් වෙනවා. නමුත් දේශීය ගැනුම්කරුවන්ට අවම මිලක සිට ඉහළට විවි‍ධ මිල ගණන් යටතේ නිර්මාණ සිදු කරනවා. නිර්මාණයක් කරල ලබන ආත්ම තෘප්තිය මට බොහෝ සේ වටිනවා.ලෝක බලාදක්ෂ නිර්මාතෘ දිනය වෙනුවෙන් මේ නිර්මාණය කලෙත් එහෙමයි. ඇත්තටම බාලදක්ෂ සලකුණක් පැන්සල් තුඩක් මත නිර්මාණය වී ඇති අවස්ථාවක් මම මින් පෙර දැකලා නැහැ.

#02. Scout Emblem (fleur-de-lis) Carpenter Pencil - Diameter 5mm

දයානන්ද මහත්තයා කියන විදිහට පැන්සල් තුඩක කැටයම් පිළිබඳව ටිකින් ටික හදාරලා අන්තර්ජාලය ඔස්සේ දැනුම දියුණු කරගෙන තියෙන්නේ ස්වයං අධ්‍යනයෙන්මයි. මේවනවිට ඔහු පුදුමසහගත විදිහට සියුම් නිර්මාණ රැසක් සිදුකර තිබෙනවා. ෆේස්බුක් හරහා ඔහු බොහෝ නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් හරහා ලැබුණු ඇනවුම් මත මෙවැනි සුවිශේෂී ඇණවුම් කරන එකත් ඔහුගේ ආදයම් මාර්ගයක් වෙලා. 
 

දයානන්ද මහතා විසින් සිදුකල වෙනත් සුවිශේෂී නිර්මාණ රැසක් අන්තර්ජාලය ඔස්සේ දැකගත හැකියි. මේ ඒ අතරින් සුවිශේෂී නිර්මාණ කීපයක්. බාලදක්ෂ සහෝදරත්වය වෙනුවෙන් ඔබ විසින් දක්වන ලද දායකත්වය වෙනුවෙන් SCOUTING සගරාවේ ප්‍රණාමය. 
 
සුබ දඩයම්!
 
 
Happy Founder’s Day!
Wood Burning Art of #BP_Day_2021:A Portrait of founder of Boy Scouting Lord R.S.S.Baden-Powell. On behalf of World Scouting, we wish you all a happy Founder's Day!
 
Scouting Magazine
22.02.2021
 
 
‘Plant A Hope’ Scout Tree Planting Song:Scouting Founders Day
 

 
Wood Burning Art of BP Day 2021:Portrait of founder of Boy Scouting Lord R.S.S.Baden-Powell
 
 
FOUNDER’S DAY 2021: BP cartoon Illustration Art #Shorts - Part 01
 
 
THINKING DAY 2021: BP cartoon Illustration Art #Shorts - Part 02
 
Scouting's founder, Robert Baden-Powell, was a talented artist and enjoyed sketching and painting throughout his life. As Lord Robert Baden-Powell once said, “the real way to gain happiness is to give it to others.” hear is the young talented sri lankan cartoon artist illustrating Loard BP.
 
On behalf of World Scouting, we wish you all a happy Founder's Day!

No comments:

Post a Comment