Translate

Tuesday, January 7, 2020

Y- 12 සැහැල්ලු ගුවන් යානයේ සිටි සැබෑ බාලදක්ෂයෝ!

දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමු. 
නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා

වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් Y- 12 නමැති සැහැල්ලු ගුවන් යානයක් ගමන් ඇරැඹූයේ ඉකුත් 3 වැනි දින පෙරවරු 8.55ට පමණය. ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා මෙම යානය පිටත්විණි.

මෙරට නැඟෙනහිර ප්‍රදේශය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන්ට අණ ලැබී තිබිණි. එම නිරීක්ෂණ කටයුතු අවසන් කර නැවත ගුවන් යානය ගොඩබැස්සීමට නියමිතව තිබුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුරෙනි.

එම ගමන අදියර දෙකකින් නිම කිරීමට නියමුවන්ට අණ ලැබී තිබිණි. රත්මලානේ සිට වීරවිලටත් නැවත වීරවිල සිට යළි රත්මලානටත් පරීක්ෂණ කටයුතුවල නිරතවීම ඔවුන්ගේ එදින රාජකාරිය විය. එදින ඔවුනට නියමව තිබුණු නිරීක්ෂණ කටයුතු අතර මහ වන මැද නීති විරෝධීව පවත්වාගෙන යන ජාවාරම් පිළිබඳව තොරතුරු සොයා බැලීමද වූ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් රත්මලානේ සිට වීරවිල බලා යද්දී එම ගුවන් ගමන් මඟ සකසා ඇත්තේ හපුතලේ හරහා යන පරිදිය. ඒ අනුව මෙම ගුවන් යානය මුලින්ම රත්මලාන කඳවුරෙන් පෙරවරු 7.00ට වීරවිල කඳවුර බලා පිටත්වී ඇත. පෙරවරු 7.55ට පමණ වීරවිල කඳවුර වෙත පැමිණි ගුවන් යානය පැයක පමණ කාලයක් කඳවුරේ සිට නිරීක්ෂණ මෙහෙයුම සඳහා වීරවිල කඳවුරෙන් නැවත පිටත්ව ගොස් ඇත.

මෙම නිරීක්ෂණ මෙහෙයුම සඳහා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලඝන නායක බුද්ධි වීබැද්දය. ඔහුගේ සහායක නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංගය. නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ නායක ගුවන් භට ඒ.සී. හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් ආර්. ඩබ්ලිව්. කුමාරය.

වීරවිල සිට රත්මලාන බලා නැවත පියාසර කළ ගුවන් සාමාජිකයන් සිවුදෙනාගේ ගුවන් ගමන විනාඩි විස්සකට පමණක් සීමා විය. හදිසියේම ගුවන් ගමන් මාර්ගය වෙනස් වෙමින් සැහැල්ලු ගුවන් යානය පොළොව දෙසට ඇදෙන්නට විය. ගුවන් යානයේ අවසන් ගමන ගුවන් යානය පොළොවට පතිත වීමට මිනිත්තු කිහිපයකට පෙර නිවෙසක සවි කර තිබූ සීසීටීවී දර්ශනවලද සටහන් විණි. ගුවන් හමුදාව පමණක් නොව මුළු රටම කම්පා කරමින් පෙරවරු 9.15ට ගුවන් යානය හපුතලේ නගරයට යාබද පාළු ස්ථානයකට පතිත විය. අනතුරක් දැක ගුවන් නියමුවා විසින් ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශ පසුකර පාළු ස්ථානයකට රැගෙන ආවාදැයි යන්න පැහැදිලි බව එම අනතුර දුටු ගම්වාසීහු පවසති.

"එකපාරටම ගුවන් යානයක් අපි ඉන්න පැත්තට ආවා. ගහක අත්තකත් වැදුණා. අපි හිතුවා ගුවන් යානය ආයේ හරවලා පිටත් වෙයි කියලා. ඒත් ගුවන් යානේ දිගටම ඇවිත් බිම වැදුණා. ඒත් එක්කම විශාල පිපිරීම් හඬක් ආවා..." ඒ සිද්ධිය දුටු ගම්වාසියෙකි.

හපුතලේ නගරය මෙම අනතුරින් බේරුණේ අනූ නවයෙනි. ගුවන් නියමුවාගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනිණි. ගුවන් යානය පතිත වූ ස්ථානයට නුදුරින් නිවාස කිහිපයක්ද පිහිටා ඇත. ඉන් එක් නිවාසයක වීදුරු බිඳී ගොස් සුළු හානි සිදුව තිබිණි. තවද අනතුර සිදුවූ ස්ථානයට යාබදව සිටි කාන්තාවක්ද මින් සුළු තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණි.

අනතුරට පත් මෙම ගුවන් යානය චීනයේ නිෂ්පාදිත ගුවන් යානයකි. එහි නිෂ්පාදිත වර්ෂය 1980 දශකය දක්වා දිව යයි. මෙම යානය ගුවන් හමුදාව විසින් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා භාවිත කරනු ලැබීය.

අනතුරෙන් පසු එම යානය ගිනිගෙන විනාශ විය. යානය තුළදීම ගුවන් හමුදා රණවිරුවන් සිවුදෙනා දිවි පිදීය. අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර, එනම් පෙරවරු 9.02ට පමණ ප්‍රධාන නියමුවා මත්තල පිහිටි පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මත්තල ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වමින් ගුවන් මෙහෙයුමේ නිරත වූහ. මෙම ගුවන් මෙහෙයුම්වලදී සම්බන්ධතා පවත්වන්නේ මත්තල ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමගය. රේඩාරයේ මේ මොහොතේ සිටි නිලධාරියා වූයේ හර්ෂය. ඔහු සමග බළඝන නායක බුද්ධි වී බැද්ද සම්බන්ධ වෙමින් තම යානය ඉහළට ගන්නට අවසර ඉල්ලුවේය.

 ‘‘අපි යානය අඩි 8500ට ඉහළට ගන්නවා’’ බළඝන නායක බුද්ධි වීබැද්ද අවසන් වරට මත්තල රේඩාරයේ සිටි නිලධාරියාට දුන් පණිවුඩය විය.

ඉන් මිනිත්තු අටක් යන්නටත් මත්තෙන් ගුවන් යානයක් කඩාවැටුණු බව ගුවන් හමුදා මූලස්ථානයට පණිවුඩ ගලා ආවේය. ගුවන් යානයේ කිසිදු දෝෂයක් ඇති බවක් ඔහු එහිදීද මත්තල ගුවන් ගමන් පාලන කුලුන වෙත වාර්තා කර නැත. නමුත් අවසන් මොහොතේ නියමුවා හදිසි ගොඩබෑමකට ජන ශූන්‍ය ස්ථානයක් සොයා යමින් සිටි බව අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි නිවෙසක සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලි වෙයි. කන්ද මතින් පහළට පියාසර කරන යානය නිවෙස් මඟහරිමින් පහතට එන ආකාරය අනුව එය නිරීක්ෂණය කරගත හැකිවූ බව පරීක්ෂණ කණ්ඩායම්වල මතය වී තිබේ.

අනතුර සැලවූ සැණින් විනාඩි දහයක් යන්නටත් මත්තෙන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගුවන් කොමදෝරු වරුණ ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ අනතුරට ලක්ව ගිනිගනිමින් තිබූ යානයේ ගින්න නිවා දමන්නට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කටයුතු කළහ.

ඒඅනුව බලන විට කිසිවකුටත් හානියක් සිදු නොවන පරිදි තමන්ගේ ජීවිත රට දැය වෙනුවෙන් කැප කරන්නට යානයේ ප්‍රධාන නියමු වීබැද්දත් සහාය නියමු කුලතුංගත් අවසන් මිනිත්තුවේදී තීරණය කරන්නට අතැයි පැහැදිලිය. එහිදී තමන්ගේ දිවි බේරා ගැනීම පසෙකලා ඔවුන් සැබෑ විරුවන් ලෙසින් සිය දිවිය කැප කරන්නට තීරණය කළා විය හැකිය. 
මෙම යානයේ ගුවන් නියමුවා වූ බලගන නායක බුද්ධි වීබැද්ද 2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී වන්නි මානුෂීය මෙහෙයුමේදී වයි ටුවෙල් ඇතුළු සැපයුම් ගුවන් යානාවලින් යුද බිමට සෙබළුන් හා අත්‍යවශය දෑ රැගෙන යන්නට දයාක වූ අත්දැකීම් පරිපූර්ණ ගුවන් නියමුවෙකි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නම ඉතිහාසයට ගෙනගිය නියමුවකු වූ ඔහු ගුවන් පැය තුන්දහසක ගුවන් කාලයක් ගුවනේ සැරිසැරූ අත්දැකීම් බහුල නියමුවෙක්ද විය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වූ සහායක නියමු පියාසර ලුතිනන් ලංකාපුරත් පාඨමාලා අංක තිහ යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද ගුවන් නියමුවෙකි.

ගුවන් ගමන් පථයේද කිසිදු වෙනසක් නැත. මේ දිනවල හපුතලේ ප්‍රදේශයේ අධික මීදුමක් පෙරවරුවේ පැවැතියද අනතුර සිදුවන මොහොත වන විට එම ප්‍රදේශයේ පැහැබර කාලගුණික තත්ත්වයක් තිබී ඇත.

අනතුර වාර්තා වීමත් සමඟම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කරනු ලැබීය. ගුවන් හමුදා නියමුවන්, ගුවන් හමුදා ඉන්ජිනේරුවන්, ගුවන් හමුදා වෛද්‍යවරුන් ඇතුළු සාමාජිකයන් කිහිපදෙනකු එම විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ වෙති. එම කමිටුවද විමර්ශන ආරම්භ කිරීම සඳහා හපුතලේ ප්‍රදේශයට පිටත්ව ගියහ.

ඊට අමතරව අනතුර සිදුවූ ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රජයේ රස පරීක්‍ෂකවරයාද ඉකුත් 03 වැනි දින පැමිණ තිබිණි. ඉකුත් 03 වැනි දින රාත්‍රිය වන විටත් එම අදාළ විමර්ශන කටයුතු අවසන්ව නොතිබිණි.

ගුවන් හමුදාවට අමතරව මේ සම්බන්ධයෙන් බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට, බදුල්ල දිසා භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්.ඩී.ආර්. කන්දෙවත්ත යන නිලධාරීන් වහා පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

අනතුරින් දිවි පිදූ ප්‍රධාන ගුවන් නියමු බුද්ධි වීබැද්ද ගුවන් පැය තුන්දහසකට අධික කාලයක් පියාසර කර ඇති ගුවන් හමුදාවේ දක්‍ෂ නිලධාරියකුද වෙයි.

ගුවන් නියමු සහයක ලෙස කටයුතු කළ ලංකාපුර කුලතුංග මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. 28 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ 30 වැනි කණ්ඩායමේ සාමාජිකයකුද වේ. ඔහු එළැඹෙන මාසයේ විවාහ වීමට නියමිතව තිබිණි.

නිරීක්‍ෂකයන් ලෙස කටයුතු කළ නායක ගුවන් භට හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් කුමාර ගුවන් හමුදාව වෙනුවෙන් විශාල සේවයක් කළ සෙබළුන් වේ.

කෙසේ වෙතත් මෙම ගුවන් අනතුර තවත් අබිරහසකි. ගුවන් අනතුරට හේතු ඉදිරි විමර්ශන හරහා හෙළිවනු ඇත. දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමි. නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා යැයි අප ප්‍රාර්ථනයයි.

විශේෂ ස්තූතිය
චාමර අමරසූරිය - මව්බිම පුවත්


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත වයි. ටුවෙල් හාර්බින් (Y12 - Harbin) යානාවක් රත්මලානේ සිට සිකුරාදා (03 වැනිදා) උදෑසනම වීරවිල ගුවන් පථයට ගමන් ගත්තේ තවත් ගුවන් මෙහෙයුමකටය. බළඝන නායක බුද්ධි වීබැද්ද එහි නියමුවා විය. සහායක නියමුවා වූයේ පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංගය. ගුවන් නියමුවන් දෙදෙනාගේ සහායට ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් වන ආර්. ඩබ්ලිව්. කුමාර හා ඒ. සී. හෙට්ටිආරච්චි යානයට නැග ගත්තේ වීරවිල ගුවන් පථයෙනි. දෛනිකව සිදුකරන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමේ තවත් එක් මෙහෙයුමකටයාමට මොවුන්ගේ මේ සූදානමය. ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය කොටස්වලට බෙදා ගුවනින් අවේක්ෂණ රාජකාරී කරමින් ඔත්තු බැලීම මොවුන්ට පැවරුණ රාජකාරියයි.  පිදුරුතලාගල සිට බණ්ඩාරවෙල, බදුල්ල, පානම ප්‍රදේශවල ගුවනේ සිට ඔත්තු බැලීමේ කාර්යයටය. ගුවනේ බෙදූ කලාප අතරින් අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශවල සැරිසරා තොරතුරු රැස් කිරීම මොවුන්ට පැවරෙන වගකීමය. ගුවනින් ගොස් ගංජා හේන්, පස් කපන ජාවාරම්, කැලෑ කපන ජාවාරම්වල තොරතුරු සොයා බලා ගුවන් හමුදා මූලස්ථානයට තොරතුරු වාර්තා කිරීම මෙම මෙහෙයුමේ වගකීමය. රටපුරා කැලෑ මැද ඇති ගංජා හේන්වටලන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට බුද්ධි තොරතුරු දෙන්නේත්, ගුවනින් ආවේක්ෂණ රාජකාරී කර ලබා ගන්නා තොරතුරුවලිනි. ඇතැම් දිනවල පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ද වීරවිල සිට ගුවනින් කරන මෙවැනි බුද්ධි මෙහෙයුම්වලට එක්වේ. ගුවනට නැගුන මොහොතේ පටන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් දෙදෙනා සමග අඩි දෙදහසේ සිට හාරදහස දක්වා උසකින් ගුවනේ සැරිසරමින් තොරතුරු සොයා යන්නට ගුවන් නියමුවෝ යානාව පැදවූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වයිටුවෙල් යානයක් ගුවන් අනතුරකට ලක් වූ පළමු අවස්ථාව මෙයද විය. මීට පෙර 1990 දී මෙහෙයුම් කලාපවලදී ගුවන් නියමුවන් සමග යානාවක් අතුරුදන් වුවද, එය මුහුදට වැටුණු බව කියවුණත් සොයාගත නොහැකි විය. මෙවැනි අනතුරක් වූ පළමු අවස්ථාව මෙයය.

ත්‍රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්‍රථම Y-12 යානයක් ශ්‍රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව. අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්‍රමාණයක් අදටත් භාවිතා කරනවා. චීනයේ Harbin Aircraft Industry Group විසින් නිශ්පාදිත ද්විත්ව එන්ජින් සහිත මෙම අනතුරට පත් Herbin Y - 12 යානයේ වයස අවුරුදු ම 33ක්. ඒ වගේම මෙම ගුවන් යානය සඳහා FAA සහතිකියත් ලැබී තියෙනවා.
Y-12 යානය ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ 1986 වර්ෂයේ සිටයි. එවකට පැවති යුධ සමයේ හෙලිකොප්ටර් වලට අමතරව ගුවන් හමුදාවේ Work Horse උනේ මෙම ගුවන් යානයයි. අදටත් ගුවන් හමුදාවේ පියාසර කටයුතු වලින් ¼ වඩා දායක වෙන්නේ හද්ද පරණ ගුවන් යානයයි. Y-12 යානය ඉතාම කෙටි දුරකින් ගුවන්ගත කරන්න පුළුවන් වගේම ගොඩ බාන්නත් පුළුවන්. Unpaved Surface එකකින් උනත් ගුවන්ගත කරන්න පුළුවන්. අනෙක් විශේෂත්වය තමයි මෙම ගුවන් යානය Basic Aircraft එකක්. ඒ නිසා නඩත්තු කටයුතු ඉතා පහසුයි. ශ්‍රී ලංකාවට මනාව ගැලපෙන ගුවන් යානයක්. එවකට ගුවන් හමදාවේ සිටි ඉහල නිලයන්ගේ ඉතාමත් හොද තේරීමක්.

ත්‍රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්‍රථම Y-12 යානයක් ශ්‍රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව.
අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්‍රමාණයක් අදටත් භාවිතා කරනවා. Air Frame එකට නිශ්චිත පියාසර පැය ප්‍රමාණයක් සහ භාවිතා කරන්න පුළුවන් කාල සීමාවක් තියනවා. පියාසර පැය අවසන් නොවී භාවිතා කරන්න පුළුවන් උපරිම කාලය එළැඹි ඇතිනම් ගුවන් යානයේ Airframe එක නැවතත් නිෂ්පාදකයා ලව්වා පරික්ෂා කරන්න ඕනේ. ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවන් ඉන්නේ මේ සඳහා. ඕනෑම ගුවන් ගමනකට ප්‍රථම ගුවන් යානය පියාසැරිය සඳහා සුදානම් බවට ලිඛිත සහතිකයක් ඔවුන් ලබාදිය යුතුයි. කාටවත් වගකීමෙන් ගැලවෙන්න බැහැ. එහිදී ඔවුන් සෑහීමකට පත් නොවේ නම් එම ගුවන් යානය භාවිතයෙන් ඉවත් කරනවා. ඒවගේම එංජින් overhaul කරන්න ඕනේ, Y-12 යානයේ එංජින් පියාසර පැය 3000 කට පසුව නැවතත් නිෂ්පාදකයා ලවා overhaul කරනවා. නැතිනම් Replace කරනවා. මිට අමතරව නිශ්චිත පියාසර පැය ප්‍රමාණ වලින් නිර්දේශිත සේවා හා නඩත්තු කටයුතු කලට වෙලාවට සිද්ධ වෙනවා (උදා: පැය 25 සේවා හා නඩත්තුව).

ගුවන් යානය පරණ ද අලුත් ද යන්න වැදගත් කමක් නැහැ. ඕනම අවස්ථාවක අනතුරක් වෙන්න පුලුවන්. Y-12 ගුවන් යානයේ අදාළ කාල සිමාව අවසන් වූ පසු මෙම යානා භාවිතයෙන් ඉවත් කරයි. වෙලාවට කලාවට නඩත්තු හා සේවා කටයුතු කරනවනම්, නිෂ්පාදකයාගේ උපදෙස් නිවැරදිව පිළිපදිනවනම් මෙම ගුවන් යානා භාවිත කරන්න පුළුවන්. ඒ සියලුම දේ සිදු කරන්නෙ නිශ්පාදකයා නිකුත් කරන Maintenance Manual, Service Manual, Structure Repair manual, Overhaul manual යනාදී පොත් පත් වල සදහන් ආකාරයට මිස අනතුරක් උන සැනින් අනේ අපොයි මේක පරණයි කියලා ගුවන් යානා ඉවත් කරන්නේ නැහැ. හසුරුවන්නේ මිනිසුන් විසින්, ඔවුන්ට අතපසුවීම් වෙන්න පුළුවන්.

පියාසර කරලා තියන්නේ ඉහල උන්නතාංශයක, කඳු බෑවුම් සහිත ප්‍රදේශයක, කාලගුණය ගැන අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේ.

 




ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් ඉකුත් 3 වැනිදා හපුතලේ ප්‍රදේශයට කඩා වැටිමෙන් මියගිය තිදෙනාගෙන් කෙනෙකු වූයේ ළගදී විවාහ අපේක්ෂාවෙන් සිටි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී ලංකාපුර කුලතුංගයි. ඔහුගේ වැඩිමහල් සොයුරු බණ්ඩාර කුලතුංග මෙසේ පැවසීය.

'මගේ එකම මල්ලි අද උදේ අපේ මහ ගෙදරටයි එයා බඳින්න ඉන්න නංගිටයි කතා කරලා කියලා තියෙනවා. "දැන් අපි ගුවනට යන්න ලෑස්තියි. මේ ගමන ගිහින් ඇවිත් හවස ගෙදර එනවා. රැට කන්න රසට මොනවා හරි හදලා තියන්න. මම ඉක්මනට එනවා" කියලා. ඒත් එයා අද රෑ එන්නේ පෙට්ටියකින් බව අපි කවුරුවත් හිතුවේ නෑ.

මියගිය කුලතුංග හොඩියාදෙණිය වේගිරිය ප්‍රදේශයේ උපන් අයකු වන අතර ඔහු මහනුවර ධර්මරාජයේ අධ්‍යපනය ලැබීමෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයට බැඳී කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වී තිබේ. ගුවන් නියමුවකු වූ කුලතුංග වසර 4කට අධික කාලයක් එම කටයුතුවල නිරත වූ බව ඔහුගේ සොයුරා පවසයි.

'අපේ ගෙදර අම්මයි අප්පච්චියි මල්ලියි මායි විතරයි ඉන්නේ. එයා පොඩි කාලේම ගුවන් නියමුවකු වන ආසාවෙන් හිටියේ. ඒ ආශාව නිසාම මල්ලි කොතලාවල විද්‍යා පීඨයට බැදුණා. මල්ලිට දැන් වයස අවුරුදු 26 යි. එයා විවාහ වෙන්නයි හිටියේ. ඒ නංගි අපේ ගමේම රාජ්‍ය බැංකුවක රැකියාව කරනවා.

එයාගේ විවාහය මාර්තු 3 වැනි දින කරන්නයි සැලසුම් කරලා තිබේ. අම්මයි අප්පච්චියි විශ්‍රාමික ගුරුවරු. ඒ දෙන්නාම මල්ලි ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මේ අනතුර කොහොම වුණාද කියලා අපි තාම හරියට දන්නෑ. අපට දවල් තමයි පණිවිඩය ලැබුණේ. මට මල්ලි ගෙදර එනවා කියලා දුරකතන ඇමැතුමක් ආවාම අම්මා හරියට සතුටු වෙනවා. එයා අලුත් අවුරුද්ද ලබන්න පෙරත් ගෙදර ඇවිත් අපි බලලා ගියා.'

අනතුරින් මියගිය විරවිල ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට නුවන් ළහිරු දර්ශන හෙට්ටිආරච්චි (31) මහතාගේ බිරිය වන ඩයනි චතුරිකා (28) මහත්මිය මෙසේ පැවසුවාය.

"උදැසන 8.30ට පමණ මම වැඩට යන්න ලෑස්තිවෙලා ඉද්දී මහත්තයාගෙන් දුරකතන ඇමතුමක් ආවා. ලබන 15 වැනිදා නිවාඩු දමා එන බවත් වැඩට යන්න සුදානම් වන නිසා දවල් 12න් පස්සේ කෝල් එකක් ගන්නම් කීවා. මම බස් එකෙන් මාතර වැඩට එද්දී ෆේස්බුක් එකෙන් හපුතලේ ගුවන් යානා අනතුරක් සිදු වි ඇති බව දැන ගත්තා. ඒ සමඟම මහත්තයාගේගේ මිතුරකු කතා කර කරා මම ඉන්න තැන අසා ආපසු හැරි ගෙදරට යන්න කීවා. ඒ වේලාවේ මහත්තයගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් එය වැඩ කළේ නැහැ."

සිදුවීමට තිබූ විශාල අනතුරක් වළක්වා තම සහෝදර ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනකු සමඟ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වු හෙට්ටිආරච්චි මහතා මාතර තෙලිජ්ජවිල මුරුතමුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ නුවන් දම්පැල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා වන එච්.ඒ. ප්‍රේමදාස (61) මහතා හා මව වන පුෂ්පා අයිරංගනි (58) මහත්මිය කුලි වැඩකොට බොහෝ දුක් මහන්සි වී නුවන් ඇතුළු එම දරුවන් සිවිදෙනා හදා වඩාගෙන තිබුණි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන චම්පික දර්ශන (38) බස් රථ රියැදුරෙකි. වැඩිමහල් සහෝදරිය අචලා හෙට්ටිආරච්චි (36) විවාහ වී වෙනම පදිංචි වී සිටී. අනෙක් සහෝදරිය ගීතා ශානිකා (34) රැකියාවක් නොකරයි. එම පවුලේ රජයේ රැකියාවක් කළේ නුවන් පමණි. ඔහුගේ බිරිඳ මතර නගරයේ පෞද්ගලික රෝහලක හෙදියකි. ඇය සමඟ නුවන් යෝජිත විවාහයක් අනුව යුග දිවියට එක්ව තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදාය. ඔවුන්ගේ ඒ සතුටු කැදැල්ලට අවුරුද්දයි මාස තුනක් ගත එන්නටත් පෙර කණකොකා හඩක්නට විය. තම පුතුගේ මතකය පිළිබඳව අවදි කළ නුවගේ මව වන පුෂ්පා අයිරාංගනී මහත්මිය මෙසේ කීවාය.

"පාසල් අධ්‍යාපනයෙන් පසු පුතා අකුරැස්ස යොවුන් සේනාංකයට ඇතුළත් වී පුහුණුව ලැබුවා. පසුව ඔහු වායු සමීකරණ අලුත්වැඩියා පාඨමාලාවක් ද හැදෑරුවා. 2009 වසරේ දී පුතාගේ වුවමනාවටම තමයි ඔහු ගුවන් හමුදාවට බැඳුණේ. කොග්ගල හා එකල කඳවුරුවල පුහුණුව ලැබු පුතාගේ විසිරයාමේ උත්සවය තිබුණේ දියතලාව ගුවන් හමුදා කඳවුරෙයි. පසුව ඔහු පිදුරුතලාගල, නුවරඑළිය, මඩකළපුව ආදී ප්‍රදේශ රැසක රංජකාරි කළා. මීට මාස හයකට විතර කලින් තමයි පුතා විරවිල කඳවුරට ආවේ.

ඉඩ ලද හැමවිටම ඔහු නිවඩු ලබා ගෙදර එනවා. බිරිය සමඟ හොඳ පවුල් ජීවිතයක් ගත කළා. පළමුවැනිදා රෑ ගෙදර ආපු පුතා 02 වැනිදා උදේ 5.00ට පමණ රැකියාවට යාමට සුදානම් වුණා. මම කිරි තේ කොප්පය හදා ගෙනැවිත් දුන්නම පුතා උගුරු දෙකක් බීලා ඉතිරි ටික මට බොන්න කීවා. පරක්කු වෙන නිසා මට වැඳ ඉක්මණින් ඔහු පිටත්ව ගියා. පසුව තමයි දැනගත්තේ මගේ රත්තරං පුතා ගුවන් යානා අනතුරකට ලක්වෙලා කියලා. අපි බොහොම දුක් මහන්සිවෙලයි ඔහු හදාගත්තේ. අන්තිමට මට මගේ දරුවාගේ මුහුණවත් බලාගන්න බැරිවෙලා.”

ගුවන් අනතුරින් මියගිය තිස්සමහරාම සේනපුර අංක 681, ලිපිනයේ පදිංචිව සිටි දික්වැල්ල විදානගේ චමින්ද කුමාර නමැති 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයාගේ දේහය සිය නිවස වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ බිරිඳ වූ කලවාන කොස්වත්තගේ ඉරේෂා මධුවන්ති 36 හැවිරිදි දෙදරු මව මෙසේ පැවසුවාය.

'මගේ මහත්තයගෙ ජීවිතය දරු දෙන්නයි මමයි. අපේ අනාගතය ගැන මහත්තයට අහස උසට බලාපොරොත්තු තිබුණා. මේ දෙවැනිදා උදේ ඔහු විරවිල ගුවන් තොටුපළේ සේවයට වාර්තා කරන්න යන්න පිටත් වෙන්න ඉස්සර දරු දෙන්නම වඩාගෙන ඉඳලයි ගියේ. මහත්තයගෙ වියොවෙන් අපේ සියලු බලාපොරොත්තු සිහින බවට පත් වුණා.

ගුවන් හමුදා සැරයන් චමින්ද කුමාර මහතාගේ දේහය ඔහුගේ නිවසට ගෙන එන අවස්ථාවේ නිවසේ හා ඒ අවට ප්‍රදේශයේ දේහය දැකබලා අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව ඒකරාශී වී සිටියහ. එම මාර්ගයේ දෙපස සුදු පැහැති ධජ හා ශෝක පුවරුද ප්‍රදර්ශනය කර තිබිණි. දේහය නිවස තුළ තැන්පත් කළ අවස්ථාවේ ඔහුගේ දරු දෙදෙනා වූ පස් හැවිරිදි නෙතුක දම්සිහ හා සිව් හැවිරිදි උදුලා තිහාරි දෙදෙනා නැඟු විලාප හඬ අවට රැස්ව සිටි අයගේ නෙත් කඳුළින් පුරවාලීමට සමත් විය.

ජිවිතය පිළිබඳ දහසක් සිතුම් පැතුම් පොදි තිබුණා. බැඳගෙන සසර ගමනේ දිගු ගමනක් යෑමට සිටි චමින්ද කුමරගේ බිරිඳ වූ මධුවන්ති යුද සමය මෙසේ කියමින් හඬා වැටුණාය. වසර කිහිපයක් ආදරය කරල තමයි අපි විවාහ වුණේ. අපේ එක්වීම සංසාරගත බැඳීමක් ලෙසටයි මට හිතෙන්නේ. ඔහු මට ඒ තරමට ආදරය, දයාව, කරුණාව දැක්වුවා. වැඩිමහල් පුතා මේ වසරේ පාසලට පළමු වසර ඇතුළත් කිරීමටයි සුදානමින් සිටියි. ඒ පිළිබඳ මගේ මහත්තයා නිතර නිතරම කතා කළා. පුතාගේ පාසල් ගමන ගැන ඔහුට තිබුණේ ලොකු බලාපොරොත්තුවක් ආසාවක්.

දෙවැනිදා උදේ වීරවිල ගුවන් හමුදා කඳවුරට රාජකාරි චාරිකාව කරන්න තිබුණා. එදා උදේ ගෙදරින් පිටවීමට ඉස්සර දරු දෙන්නා ළගට අරගෙන දුව වඩාගෙන පුතාට කිව්වා පුතේ පාසලට යන්න ඕන කරන හැම දෙයක්ම මම අරගෙන එන්නම් කියලයි ගෙදරින් පිට වුණේ. මහ්තතයට හත්වැනිදා ඉදල කොළඹට මාරුවක් ඇවිත් තිබුණා. ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක තම රාජකාරිය ඉටු කරන්න යන්න ඔහු මැලි වුණේ නැහැ. මට යුද සමයේත් මත්තයා උතුරෙත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදිල හිටියා. ඔහුට රට පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඔහු නිතරම කිව්වේ අපේ අනාගත දරු පරපුරට නිදහස් රටක් තිබිය යුතු බවයි.

දෙවැනිදා උදේ ගෙදරින් පිටවන විට මම හිතුවෙ නැහැ මේ වගේ හමුදා ආචාර මධ්‍යයේ ඔහුට අවසන් ගමන් යන්න වෙයි කියලා. නමූත් අපි කවුරුවත් නොහිතපු අවාසනාවත්ත ඛේදවාචකයක් අපට සිදු වුණා යැයි ඇය පැවසීය.

Sunday, January 5, 2020

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2019 (අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ)

විශ්වවිද්‍යාල ප්‍රවේශය හා උසස් අධ්‍යාපනය අරමුණු කරගනිමින් පැවැත්වෙන මේ තරග විභාගයෙන් තම අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේ ඉතා සීමිත පිරිසකටය. මෙවර උසස් පෙළ විභාගයෙන් 24,057 දෙනකු අසමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 9.01%කි. පසුගිය වසරේ (2017) මේ ප්‍රමාණය 8.69%කි. 2016 වසරේ අසමත් ප්‍රමාණය 8.67 %ක්ද, 2015දී 9.15%ක්ද, 2014දී 8.24%ක්ද වාර්තා වූ අතර, 2013 වසරේ අසමත් ප්‍රමාණය 11.56%ක ඉහළ අගයක් ගෙන තිබිණි.

උසස් පෙළ විභාග ඉතිහාසයේ පසුගිය වසර කිහිපය හා සංසන්දනයේදී වැඩිම අපේක්ෂක පිරිසක් උසස් ‍පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ පසුගිය වසරේය. ඒ 2,67,111 දෙනෙකි. මෙයිනුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ එයින් 1,67,907 දෙනෙක් පමණි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත හොත් 62.86 %කි. මෙසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරේ 64.38 % ක්ද, 2016 වසරේ 62.17 %ක්ද, 2015 වසරේ 60.91 %ක්ද, 2014 වසරේ 60.43 %ක්ද, 2013 වසරේ 58.35 % ක්ද වේ.

මේ අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කළද 2013 වසරේ සිට මේ ප්‍රතිශතය අනුක්‍රමයෙන් වැඩි ව ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 'ඒ' සාමර්ථ්‍ය 3ක් හිමි කරගැනීමේ ප්‍රතිශතය 2018 වසරේ 1.99 %කි. මෙහිද පසුගිය වසරට සාපේක්ෂව කරන සංසන්දනයේදී යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර, 2017 වසරේ මේ ප්‍රමාණය 3.26 %ක්ද, 2016 වසරේ 2.76 %ක්ද, 2015 වසරේ 2.57 %ක්ද, 2014 වසරේ 2.36 %ක්ද වී ඇත. මේ අනුව 2013 වසරේ සිට 2017 වසර තෙක් විෂයයන් තුනටම ඒ සාමර්ථ්‍ය 3ක් ගැනීමේ ප්‍රතිශතය වසරින් වසර වැඩී වී ඇති අතර, අඩුම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ මේ වසරේදීය.

වැඩියෙන්ම අසමත් පළාත් පිළිවෙළින් නැ‍ඟෙනහිර, උතුරුමැද, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වන අතර, අඩුවෙන්ම අසමත් ප්‍රමාණයන් දක්වා ඇති පළාත වන්නේ උතුරු පළාතයි. පසුගිය වසරේදීද වැඩියෙන්ම අසමත් ප්‍රතිශතයක් දක්වා ඇත්තේ නැ‍ඟෙනහිර පළාතින් වන අතර, අඩුවෙන්ම වාර්තා වී ඇතතේ උතුරු පළාතින් වන අතර, පසුගිය වසරේ හා මෙවසරේ අසමත් ප්‍රතිශත අතරද කිසිදු වෙනසක් වී නැති වීම විශේෂත්වයකි.

2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සමත්-අසමත් වීම් දිස්ත්‍රික් පාදකව විමසුව හොත් පාසල් අපේක්ෂකයන් වැඩිම ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

(සංඛ්‍යාලේඛන: විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් සකස් කළ '2018 අපොස උසස් පෙළ විභාග විශ්ලේෂණ වාර්තාව' ඇසුරෙනි)

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 5,18,184 ක් අතරින් 71.66% ක් අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ අතර සියලුම විෂයන්වලට A සාමාර්ථ ගත් ළමෝ 9,412 ක් වූහ. ඔවුන් අතරින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ කොළඹ විශාඛා විදුහලේ නිලක්නා දිසිවරි වරුෂවිතාන ශිෂ්‍යාවයි. දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ තිදෙනෙක් වෙති. කොළඹ විශාඛා විද්‍යාලයේ සවිති හංසදි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිල්කා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබෙකා දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ වූහ. දිවයිනේ පස්වැනි ස්ථානය දිනා ගත්තේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකබුආරච්චි ශිෂ්‍යාවයි.

Image result for අංශයෙන් තෙවැනියා තෙවිඳු

ගණිත අංශයෙන් තෙවැනියා තෙවිඳු

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සමත්විය. පාසලේ වැඩවලට අමතරව ක්‍රීඩා, සෞන්දර්ය, බාලදක්ෂ සහ අනෙකුත් සියලු බාහිර ක්‍රියාකාරකම්වල නිරතවූ බවත් ජයග්‍රහණය පිටුපස සිටියේ සෑම දිනම පාසල් පැමිණීම බව ඔහු ඉතා සතුටින් කියා සිටියේය.
මේ ඔහුගේ ජයග්‍රහණයේ ගමන් මඟයි, සාමන්‍ය පෙළ විභාගය A9 ක් ලැබුණා. 12, 13 වසරවල දී මගේ පාසල් පැමිණීම සියයට 90ක් ලබා ගත්තා. ඉගෙනුම ලබනවිට මට ඇති වූ ගැටලු මගේ ගුරුවරුන් සමඟ සාකච්ඡාකර විසඳා ගත්තා. ඒ වගේම අමතර පොත්පත් කියවා මගේ විෂය දැනුම පුළුල් කරගත්තා. උසස්පෙළ ශ්‍රේණිවල දී අවශ්‍ය ප්‍රායෝගික දැනුම පාසලේ විද්‍යාගාරවල දී මට උපරිමෙන් ලැබුණා.

අධ්‍යාපන කටයුතුවලට අමතරව මම පාසලේ පෝතක බාලදක්ෂයෙක්ව සිටියා. පාසලේ ගණිත සංගමයේ සාමාජිකයකුව සිටියා. එයට අමතරව මම සංගීතය වයලීන් වාදනය භාත්කණ්ඩ විභාගය සමත්වුණා. ඒවගේම මම ජාතික හා ජාත්‍යන්තර ගණිත හා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගවලට සහභාගි වී ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. 2018 මැයි මාසයේ දී ද මම ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වියට්නාමයට ගියා.

සැමදා මාගේ සෙවනැල්ල මෙන් සිටි මාගේ ආදරණීය දෙමාපියන්, පළවෙණි ශ්‍රේණියේ සිට මට ඉගැන් වූ මාගේ සියලුම දයාබර ගුරු මෑණිවරු, පියවරු මම ඉතාමත් භක්තියෙන් ආදරයෙන් සිහිපත් කරනවා‍‍. මේ හැම අවස්ථාවක දී ම අප පාසලේ වර්තාමාන විදුහල්පති බී.ඒ. අබේරත්න මැතිතුමා ලබාදුන් උපදෙස් හා නායකත්වය ගැන කෘතඥ පූර්වකව සිහිපත් කරනවා.

මම ගුරුවරුන් උගන්වන විට එය ඉතා හොඳ අවධානයෙන් අසා සිටියා. විෂය දැනුම ග්‍රහණයට මට එය ඉතා පහසුවක් වුණා. විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කරගැනීමට මාගේ සියලුම ගුරුවරුන් උපකාර කළ නිසා මගේ පාසලේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ඉතා ඉහළ ප්‍රමිතියකින් ගුරුවරුන් සකසා දෙන නිසා මුල සිටම එම ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී හොඳ ලකුණු ලබා ගැනීමට කළ පුහුණුව නිසා උසස් පෙළ විභාගයට අලුතින් සූදානම් වීම මට පහසු වුණා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැඩි සංඛ්‍යාවක් කරගැනීමට මට හැකි වුණා. එමෙන්ම ඉතා සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට මට හැකි වුණා. එය මගේ ජයග්‍රහනයට විශාල පිටිවහලක් වුණා. මේ සඳහා කැපවීමෙන් වැඩ කළ උසස් පෙළ අංශ ප්‍රධාන තමරා කුමාරිහාමි ගුරුතුමියත්, ශ්‍රේණි ප්‍රධාන ජගත් පටබැඳිගේ ගුරුතුමාත්, පන්තිභාර නිහාල් හැළඹගේ ගුරුතුමාත්, ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

----------------------------------------------------------------------------------------------------------------

 

ජනාධිපති බාලදක්ෂිකාවක වන හංසනී ඉන්ද්‍රචාපා මැදිවක දියණිය මෙවර අ.පො.ස. උසස්පෙළ ගණිත අංශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අංක එකට පත්ව තිබෙනවා.විෂය භාහිර විෂය සමගාමි කටයුතු අධ්‍යාපනයට බාධාවක් ලෙස සලකා ඒවායෙන් බැහැර වන සිසුන්ටත් තම දරුවන් එම කටයුතු වලින් ඈත් කරවන දෙමාපියන්ටත් ඇය හොඳ ආදර්ශයක් සපයා තිබෙනවා.මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ශිකා කණ්ඩායම හා සම්බන්ධ වෙමින් ඇගේ අරමුණ ජයගත්තා.

----------------------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------


Thursday, December 19, 2019

54th Colombo Scout Camporee - 2019

54th Colombo Scout Camporee - 2019 (54වන කොළඹ බාලදක්ෂ කැම්පෝරිය - 2019) 54 ஆவது கொழும்பு கெம்போறி கடந்த மாதம் Theam - "Forward Together" "එක්ව ඉදිරියට" 2019 December 19 to 23 at Ratmalana Hindu College premises 

Sri Lanka Scout Association Colombo District Branch organises Colombo District Scout Camporee. The 54th Colombo Scout Camporee organised annually by the Colombo district branch of the Sri Lanka Scout Association will be held from 2019 December 19 to 23 at Ratmalana Hindu College premises and Kandawala, Maha Vidyalaya premises.


“Forward Together” is the theme of the camporee and around 2500 boy scouts and girl guides including Singithi scouts and cub scouts representing about 60 schools in Colombo are expected to set up camps at this Scout Camporee organised by a committee headed by the Assistant District Scout Commissioner, Geeth Ramesh. Various programmes aimed at aiding physical growth, intelligence and emotional, spiritual, social and cultural development of scouts and girl guides will be organised and 25 activities including camp bonfires, cultural events, concerts, obstacle walks, sport events, educational fairs and practical activities are expected to be implemented. 

Scouts will be engaged with setting up camps and camp equipment including dining table, bag counter, shoe rack and plate rack from December 19 afternoon. The opening ceremony will be held in the evening of December 20. The camporee will be monitored on a daily basis and scout teams maintaining high standards will be awarded victory flags. The concert unveiling the talents of scouts will be held on December 19 at 7 p.m. and Cub Scouts’ Day will be on December 21 throughout the day. Christmas carol concert of cub scouts is one of the special events scheduled for that day. Camp bonfire will be held with the participation of parents at night on the same day. The special programme by Singithi scouts is scheduled to be held on December 22, and on the same day the last rally of the camporee will be held in the evening.

CBL Samaposha inspires scouts to inculcate healthy breakfast habits CBL Samaposha, in working towards empowering a future led by young leaders upholding good morals and understanding the importance of advocating a healthy breakfast, offered the young scouts at the 54th Colombo District Scout Annual Camporee, the opportunity to truly understand and appreciate the importance of cultivating good values in their lives. This has been in line with the healthy breakfast movement initiated by Samaposha which has grown in momentum and reach in the past one and a half years, advocating the message on the importance of a nutritious start to the day.

The five-day camporee took place at Hindu College grounds, Ratmalana and overlooked 2,500 scouts participating from over 45 schools in Colombo along with 2,000 cub scouts ranging from ages seven to ten, and for the first time ever, over 750 singithi scouts, ranging from ages five to seven attending the 54th annual camporee. CBL Food Cluster able to support an event of this nature by imparting a positive and thought-provoking message on the importance of a balanced and healthy breakfast to a forum of both young and old. A message that holds true value which can be proudly carried on to society.” The eager teams along with their troops cheering from the side lines were true breakfast heroes as they displayed teamwork, strong morals in supporting each other. 10 teams were selected for the best dishes and the first, second and third place was awarded to Al-Hidaya National, Wesley College and St. Andrews College, in that order. Each team member was also awarded with a certificate for their participation and contribution to the challenge.


These young leaders of tomorrow then united together after the competition to pledge in carrying forth the message of the importance of healthy values to their peers along with the value of a healthy breakfast to their families and society. 

The camporee ended on a high note in which scout and parent alike took away the sincere appreciation in understanding how a healthy breakfast would support a child’s physical development whilst healthy values help form tomorrow’s leaders. 




 

කොළඹ දිසා බාලදක්ෂ සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිසා කැම්පෝරිය මෙවරත් 54 වැනි වරට දෙසැම්බර් මස 19 සිට 23 වැනිදා දක්වා රත්මලාන හින්දු විදුහල් පරිශ්‍රයේදී හා කඳවල මහා විදුහල් පරිශ්‍රයේදී පැවැත්වේ.

54 ஆவது கொழும்பு கெம்போறி கடந்த மாதம் 19ஆம் திகதி தொடக்கம் 23ஆம் திகதி வரை இரத்மலான இந்துக் கல்லூரியில் நடைபெற்றது. இதற்கு கொழும்பைச் சேர்ந்த 55 க்கும் மேற்பட்ட பாடசாலைகள் பங்கு கொண்டன. இந்த சாரண பாசறைக்கு 31ஆவது கொழும்பு சாரணர் குழு முதற் தடவையாக பங்கு பற்றியிருந்தது. 

#camporee2019 #wintercamp #cmbscouts #scout #cmbscouts #colombocamporee #54thColomboCamporee #TogetherTowardsTomorrow #54th #colombo #scout #camporee #scout #camping #guide #singithi #cubscout #rathmalana #srilanka #ColomboScoutCamporee #2019

      

Wednesday, December 18, 2019

නුවන් ප‍්‍රසාද් තලගල සුබ ගමන්!

scout

‘‘අයියගේ අත වීදුරුවට කැපිලා වේදනාවෙන් ඉන්න වෙලාවේ එතනට අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ වාහනයෙන් රෝහලට යමු කියලා. එතකොට අයියා කියලා තියෙනවා ඔයාගේ වාහනේ ලේ ගෑවිලා අපිරිසිදුවෙයි ඇම්බියුලන්ස් එකෙන්ම රෝහලට යනවා කියලා. එහෙම කියපු මගේ රත්තරං අයියා අද මට නැතිවෙලා... යැයි දිල්කි තාරකා තලගල මෙනෙවිය දැඩි කම්පනයෙන් යුතුව පැවසුවාය.

සීට් එකේ ලේ ගෑවෙයි කියා අයියා වාහනේට යන්න කියලා ඇම්බියුලන්ස් එක එන විට විනාඩි 30 ක් පරක්කු වෙලා - එකම සොහොයුරිය හඬා වැළපෙමින් කිය.

වීදුරුවකට අතකැපී සිදුවූ අනතුරින් මියගිය බාලදක්‍ෂ ආචාර්යවරයාගේ ශෝකාන්තය

සිය ව්‍යාපාරික ස්ථානයේදී සවිකිරීමට ගිය වීදුරුවක කොටසක් දෙකට කැඞී වම් උරහිස හා වැලමිට අතර ප‍්‍රදේශයට වැදී කැපී බරපතළ තුවාල ලබා අවාසනාවන්ත අන්දමින් බාලදක්‍ෂ ආචාර්යවරයකු මියයෑම සම්බන්ධයෙන් තොරතුරු සොයා අගෝස්තු 03 වැනිදා දහවල් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 වැනි කොළඹ බාලදක්‍ෂ සමූහයේ ආචාර්යවරයකු මෙන්ම නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකුද වූ නුවන් ප‍්‍රසාද් තලගල මහතාය. ඒ මහතා මියයන විට 34 වැනි වියේ පසුවිය. ඔහුගේ මෙම අවාසනාවන්ත වියෝවෙන් පියාවන සරත් තලගල මහතාත්, මවුවන රෝහිණී පෙරේරා මහත්මියත්, එකම නැගණිය වන දිල්කි තාරකා තලගලත් දැඩි කම්පාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිවිය. එසේම තලගල මහතාගේ අකල් වියෝව දැනගත් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් මෙන්ම එගොඩවත්ත ප‍්‍රදේශයේ විශාල පිරිසක් නිවසට පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.

මෙහිදී තවදුරටත් කතාකළ තලගල මහතාගේ එකම නැගණිය මෙසේද කියා සිටියාය.

‘‘මේ සිද්ධිය වුණේ 2019.07.30 වැනිදා හවස 5.30 ට විතර. සිද්ධිය වෙන්න පැය 2 කට කලින් අයියා රෝල්ස් වගයක් අරන් ගෙදර ආවා. ඒ ඇවිත් අයියයි, මායි තාත්තාට විහිළුවක් කළා. ඊට පස්සේ අයියා රෝල්ස් කාලා තේ බීලා පිළියන්දල ලී බඩු ෂොප් එකට යනවා කියලා ගියා. අනේ දෙයියනේ ඊට පස්සේ තමයි ආරංචි වුණේ අයියට ෂොප් එකේදී අනතුරක් වෙලා කියලා.

‘‘අයියගේ ලී බඩු වෙළෙඳ සලට අමතරව ? කෑම කඩයක් කෙනකුට කරන්න දෙන්නයි හිටියේ. අන්න ඒකේ ෂෝකේස් එකට වීදුරුවක් සවිකරන්න අයියා වීදුරුවක් උස්සලා තියෙනවා. එතන අයියගේ සේවකයකුත් ඉඳලා තිබෙනවා. අයියා ඒ වීදුරුව උස්සලා තියන්න හදනවාත් එක්කම වීදුරුව දෙකට කැඩිලා තියෙනවා. එහිදී ඒ වීදුරු කොටසක් අයියගේ උරහිසයි වැලමිටයි අතර ප‍්‍රදේශයේ වැදිලා කැපිලා තියෙනවා.

‘‘එහිදී අයියා රෙදි කැබැල්ලකින් ලේ ගලන තැන තදකරගෙන ඉඳලා තියෙනවා. මේ වෙලාවේ එතනට ආපු අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා යමු මං රෝහලට ගිහින් දාන්නම් කියලා. නමුත් අයියා ඒකට කැමති වෙලා නැහැ. එයා කියලා තියෙනවා වාහනයේ ලේ ගෑවෙයි ඇම්බියුලන්ස් එක ආවාම යනවා කියලා. කොහොම හරි ඇම්බියුලන්ස් එක එනකොට විනාඩි 35 ක් විතර ගිහින්. පස්සේ එතන හිටපු අය අයියව ඇම්බියුලන්ස් එකට දාලා තියෙනවා. කොහොම හරි පිළියන්දල රෝහලට අයියාව ගෙනියනකොටත් අයියා මියගිහින්. අයියට මේ අනතුර වෙච්ච වෙලාවෙම අයියව රෝහලට ගෙනිච්චනම් අයියාගේ ජීවිතය බේරාගන්න තිබුණා. දැන් මට මගේ අයියා නැහැ දෙයියනේ.... අයියා නැතුව මම දැන් ගෙදර ඉන්නේ කොහොමද දෙයියනේ...

‘‘අයියා බාලදක්‍ෂ සමූහය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළේ. අයියා මෑතක් වෙනකම් රැකියාවක් කළේ නැහැ. අයියා කළේ නවක බාලදක්‍ෂයන්ට මගපෙන්වන එකයි. අයියා පිළියන්දල ටිම්බර් වර්ක්ස් ආයතනය පටන් ගත්තේ ළඟදී. මම අවුරුදු තුනක්ම හිටියේ ජපානයේ. ඒ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. අයියා මට කෝල් කරලා කිව්වා මාව බලන්න ඕනේ ලංකාවට එන්නේ නැද්ද කියලා. අයියගේ ඒ ඉල්ලීම නිසා මම පසුගිය ජුනි 14 වැනිදා ලංකාවට ආවේ.

මෙහිදී හැඬූ කඳුළින් කතාකළ තලගල මහතාගේ මෑණියන් වන රෝහිණී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය.

අවුරුදු 25 ක්ම එයා බාලදක්‍ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපකළා. මගේ පුතාට මෙහෙම විපතක් වෙයි කියලා මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ.

බාලදක්‍ෂ දරුවන් සිය ආචාර්යවරයාගේ නිසල දේහය අසල නිසොල්මන්ව රැඳී සිටිමින් ගෞරව බුහුමන් දක්වන අයුරු දැකගත හැකිවිය. එපමණක් නොව ඔහුගේ සමකාලීන මිතුරෝ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වූහ.

1994 වර්ෂයේදී පෝතක බාලදක්‍ෂයකු ලෙසින් එක්වුණු තලගල මහතා 1996 දී පෝතක බාලදක්‍ෂයකු ලබන ඉහළම තරුව වන රන් තරුව හිමිකර ගත්තේය. පසුව ඔහු බාලදක්‍ෂයකු ලෙස දිවුරුම් දුන්නේය. එහිදී කනිෂ්ඨ බාලදක්‍ෂයකු ලෙස ඔහු කොළ රැහැනද දිනා ගත්තේය.

2000 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ අංශයට යොමුවෙන ඔහු 2003 වර්ෂයේදී බාලදක්‍ෂයකුට ලබාගත හැකි උසස්ම පදක්කම වන ජනාධිපති ප‍්‍රදානය ලබා ගත්තේය.

ඉන් අනතුරුව මානවක බාලදක්‍ෂයකු ලෙස දිවුරුම්දී බාලදක්‍ෂ නායකයකු වශයෙන් අදියර 5 ක පාඨමාලාව හිමිකර ගත්තේය. පසුව බාලදක්‍ෂ නායකයකු වශයෙන් ලබාගත හැකි ලී පදක්කම 2016 වසරේදී ඔහු හිමිකර ගත්තේය.

අනතුරුව 2017 වසරේදී ඔහු කොළඹ දිසාවේ බාලදක්‍ෂ පුහුණු කිරීමේ මණ්ඩලයට පත්වේ.

බාලදක්‍ෂ නායකයකු වශයෙන් බාලදක්‍ෂ පුහුණුව සඳහා යොමුවන නවකයින්ට දැනුම ලබාදී ඔවුන්ට ජනාධිපති පදක්කම දක්වා මෙහෙයවීමේ භාරදුර කටයුත්ත මෙහෙයවීමේලා ද ඔහු ප‍්‍රමුඛව කි‍්‍රයා කළේය.

තලගල මහතා සිය 34 වැනි උපන් දිනය පසුගිය 20 වැනිදා සිය මිතුරන් සමඟ නිවසේදී සැමරීය.

තලගල මහතා පෙරේදා (03 වැනිදා) මලහිරු බැසයන යාමයේ උඩහමුල්ල පොදු සුසානභූමියේ විශාල පිරිසකගේ ශෝකාලාපයන් මැද සමුගෙන ගියේය.

Monday, December 9, 2019

ශත සංවත්සර ගිල්වෙල් සුහද හමුව - 2019

ගිල්වෙල් හා කුඩු හොරණෑව


ගිල්වෙල් සුහද හමුව යනු වර්ෂ 1919 දී ආරම්භ කල පලමුවන ලී පදක්කම් පාඨමාලාව සනිටුහන් කිරීම පිණිස පිහිටුවන ලද වාර්ෂික හමුවකි.

මෙය වර්ෂ 1921 සිට සෑම වසරකම (දෙවන ලෝක යුද්ධය පැවති වසර 4 හැර ) ක්‍රියාත්මකව පවත්වනු ලබන අතර එය බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩිහිටියන්ට ක්‍රියාකාරකම් සහිත ප්‍රීතිමත් සති අන්තයක් විඳීමට මෙන්ම දැනුම බෙදාගනිමින් විනෝද වීමට හොඳ අවස්ථාවකි.
 
ශතවර්ෂයක් සපිරි ගිල්වෙල් උද්‍යානයේ මෙවර පැවැත්වූයේ 93 වන ගිල්වෙල් සුහද හමුවය. එය පසු ගිය සැප්තැම්බර් මස මුල් සතියේ එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේදී අති උත්කර්ෂවත් අයුරින් සැමරුණු අතර පලමුවන ගිල්වෙල් බාලදක්ෂ සමූහයට අයත් දහස් ගනන් වූ සාමාජිකයන් ඊට සහභාගි වූහ .

බාලදක්ෂ නායකයෙකු ලෙසින් (ශ්‍රී ලංකාවේ නම් බාලදක්ෂ ආචාර්ය වරයෙකු/වරියක )ලබා ගත හැකි උසස්ම ප්‍රදානය වන ලී පදක්කම් පුහුණු පාඨමාලාව සපුරා ලීපබළු හා ගිල්වෙල් කරලේන්සුව පළඳින පලමුවන ගිල්වෙල් බාලදක්ෂ සමූහයට අයත් ලොව පුරා වෙසෙන ලී පදක්කම් ධාරීන් වාර්ෂිකව එකට හමුවෙති .

ශ්‍රී ලංකාවේ ශත සංවත්සර සපිරි ගිල්වෙල් උද්‍යාන සුහද හමුව ලබන සතියේ එනම් දෙසැම්බර් 14 ,15 යන දෙදින පුරා මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ගිල්වෙල් උද්‍යානය හා බැඳුණු කුඩු හොරණෑව පිළිබඳව කතාව


කුඩු හොරණෑව හෙවත් කුඩු අං දිගු කලක් තිස්සේ බාලදක්ෂයන්ගේ හා ලී පදක්කම් පුහුණුවේ සංකේතයක් විය. එය ප්‍රථම වරට බාලදක්ෂයන් උදෙසා භාවිතයට ගනු ලැබුවේ වර්ෂ 1907 දී බ්‍රවුන්සි දූපතේ පැවති ලොව පලමු අත්හදා බැලීමේ කඳවුරේදීය.

ඉන් වසර 13 කට පසුව එනම් වර්ෂ 1920 දී ගිල්වෙල් බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාවේදී නැවත භාවිතා කරන ලදී .(පලමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලද්දේ එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේ දී 1919 සැප්තැම්බර් 8 සිට 19 දක්වාය)

කුඩු අං හොරණෑව මුලින්ම හඳුනා ගනු ලැබුවේ බේඩ්න් පවෙල් සාමිවරයා විසිනි .1896 දී දකුණු අප්‍රිකාවේ කර්නල් වරයෙකු ලෙසින් හමුදා සේවයේ යෙදී සිටියදී මැටබෙලේ සටනේදී ඔහු ඇතුළු පිරිස ෂැන්ගානී ගඟ තරණය කරමින් සිදුකළ වැටලීමකදී සතුරන් අතරින් ක්ෂණික පැතිරගිය අනතුරු හැඟවීමේ සංඥාවක් පිළිබඳව බීපී වික්ෂිප්ත විය.අනතුරුව සොයා බැලීමේදී ඔහුට අවබෝධ වූයේ මැටබෙලේ රණශූරයන් අතිවිශාල ශබ්දයක් සහිත යුධ අඟක් භාවිතා කරන බවයි .ඔවුන් තම සතුරා පිළිබඳව දැනුම දීම කලේ එලාම් හඬක් මෙන් ශබ්දයක් නිකුත් කරන ලද්දේ කුඩු අං හොරණෑවෙනි.කුඩු හොරණෑවෙන් නිකුත්කරන ශබ්දය විශාල වේගයකින් යුක්තය .

ඉන් වසර 11 කට පසුව එනම් 1907 දී කුඩු අඟ යලි කරලියට පැමිණීම පුදුම සහගත ය.

කුඩු යනු අප්‍රිකානු ඇන්ටිලොප් මුව විශේෂයකි.එය රත් පැහැයට හුරු අළු පැහැයට හුරු නිල් පාටින් යුක්තය.කුඩු මුවන් හෙවත් ගෝනුන්ගේ අඩි පහක් පමණ උසින් පිහිටි අං තට්ටුව වඩාත්ම අලංකාර වන්නේ විශ්මය ජනක සර්පිලාකාර පිහිටීමයි.

ගිල්වෙල්හි හා ඇමරිකානු බාලදක්ෂ සංගමයේ BSA ලී පදක්කම් පුහුණු පාඨමාලාවේ ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දැනුඳු කුඩු අං හොරණෑව පිඹිමින් පාඨමාලාව ආරම්භ කරන අතර මුල් වරට භාවිතා කල කුඩු අඟ ගිල්වෙල් උද්‍යානයේ තැන්පත් කර ඇත .

මේ වසරේ පැවති වසර 100 සපිරි ගිල්වෙල් සුහද හමුවට සහභාගි වූ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාද වරයා ගිල්වෙල් අමුත්තන්ගේ සටහන් පොතේ තැබූ සටහන මෙසේය
 
"ගිල්වෙල් උද්‍යානය කැපී පෙනෙන සන්ධිස්ථානයකට පැමිණ ඇත .වසර 100 තිස්සේ එය බාලදක්ෂයන්ගේ අධ්‍යාත්මික නිවහන වූ අතර, වැඩිහිටි ස්වේච්ඡා සේවකයන් හා තරුණයින් දහස් ගනනකගේ ජීවිතයට කුසලතා වලින් පිරි ලොවකට යාමට උද්යෝගය ලබා දී ඇත.
 
ගිල්වෙල් උද්‍යානය විශිෂ්ඨ සුන්දරත්වයෙන් යුත් ස්ථානයකි.එය චරිතය ,මිත්‍රත්වයෙන් මතකය ඇතිකරන ස්ථානයකි."

විශේෂ ස්තූතිය
#KD
බාලදක්ෂ ආචාර්ය
 
 
 
ලී පදක්කම් උසස් පාඨමාලාගැන වැඩි විස්තර සඳහා - http://baladakshaya.blogspot.com/2017/09/blog-post.html



Sunday, December 1, 2019

රත්නපුර බාලදක්ෂයෙක් හෙලිකොප්ටරයක් හදලා!

හෙලි­කො­ප්ට­ර­යක් හදා­ගෙන ගුව­න්ගත වෙන්න හීන දකින කුරු­විට කොල්ලා

අපි රත්න­පුර කුරු­විට මධ්‍ය මහා විද්‍යා­ලය වෙත යමින් සිටි­යෙමු. අප යන්නේ බාලදක්ෂ පුතෙකු මුණ­ගැ­සෙ­න්න­ටය. ඔහු ඒ.එල්.තරු­ෂික දිලංක ය. තරුෂ හොයා­ගෙන යන්නට තරම් වටිනා දරු­වෙක් විය. හොයා­ගෙන ගොස් ලියා­ත­බ­න්නට තරම් තරුෂ අරුම දරු­වෙක් වූයේය. මේ කොලු පැටියා හෙලි­කො­ප්ට­ර­යක් නිර්මා­ණය කෙළේය. ගුව­න්ගත විය හැකි එම හෙලි­කො­ප්ට­රය නිර්මා­ණය කර තිබුණේ යතු­රු­පැදි එන්ජි­මක් උප­යෝගී කර­ගෙ­නය. 



තරුෂ දිලංක අධ්‍යා­ප­නය ලබන්නේ රත්න­පුර කුරු­විට මධ්‍ය මහා විද්‍යා­ලයේ දහ­තුන් වැනි වස­රේය. ඒ තාක්ෂණ අංශ­යෙනි. තරුෂ මේ හෙලි­කො­ප්ට­රය නිර්මා­ණය කරන්නේ පාසලේ පැවති තාක්ෂණ ප්‍රද­ර්ශ­න­යක් සඳ­හාය. බයි­සි­කල් එන්ජි­ම­කින් තැනූ හෙලි­කො­ප්ට­රයේ පෙනුම නිය­මය. ඒත් යාළු­වන් කීවේ එය තැනුවේ පාරේ යන්න කියාය. සිනා වෙවී සිටි තරුෂ ප්‍රද­ර්ශ­නය අත­ර­මැද හෙලි­කො­ප්ට­රය ක්‍රියා­ත්මක කර අවශ්‍ය නම් එයට ගුව­න්ගත විය හැකි බව පෙන්නු­වේය.

විදු­හ­ල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩ­ල­යත්, යහළු යෙහෙ­ළි­ය­නුත් ඇස් උඩ තියා­ගත්තේ එය ක්‍රියා­ත්මක වන ආකා­රය දුටු විටය. එදා සිට මේ අපූරු කොලු­පැ­ටියා ගැන විවිධ කතා ඇසිණි. පුව­ත්ප­ත්වල ඔහු ගැන වාර්තා පළ වූයේය. තරුෂ සොයා­ගෙන යෑමේ නොනිත් ආශාව අප තුළ හට­ගන්නේ ඒ කතා වටින් පිටින් ඇසෙන විටය.
 

අප පාස­ලට යන විට ඔහු සිය අධ්‍ය­යන කට­යු­තු­වල නිර­තව සිටි­යේය. ලද මද විරා­ම­ය­කින් අන­තු­රුව විදු­හ­ල්ප­ති­තු­මාගේ අව­ස­රය මත ඔහු සමඟ සංවා­ද­යක් ඇති කර­ගැ­නී­මට අපට හැකි විය. ඔහු හඬ අවදි කළේය.

" මම කොහො­මත් පුංචි කාලයේ ඉඳල ම පොඩි පොඩි විදුලි උප­ක­රණ කඩලා ඒවා වෙනස් කරල වෙනත් නිර්මාණ බවට පත් කර­නවා. එසේ කිරී­මට මට ලොකු ආසා­වක් තිබුණා. මෙහෙම කරන කොට මුල දී ගොඩක් නිර්මාණ අසා­ර්ථක වුණා. ඒ වේලා­වට මම ගොඩක් ඉව­සී­මෙන් වැර­දුණු තැන නිරී­ක්ෂ­ණය කළා. ඊට පස්සෙ නැවත උත්සාහ කළා. අධ්‍යා­පන කට­යු­තු­ව­ලින් පරි­බා­හි­රව කව­දා­හරි මම අලුත් නිමැ­වු­මක් කරන්න උත්සාහ කළා. ඒ අද­හස සැබෑ කර ගන්න ගොඩක් කැප වුණා. හෙලි­කො­ප්ට­ර­යක් හදන එක කාල­යක් තිස්සෙ මගේ හිතේ තිබුණු ලොකු ආසා­වක්. ”

“ඒක ඉලක්ක කර­ගෙන මීට කලින් අවස්ථා කිහි­ප­යක දී නිර්මාණ කීප­යක් කරන්න උත්සාහ ගත්තා. වාහන කීප­යක්ම හදන්න වෙහෙ­සුණා. බොහොම දැඩි වෙහෙ­ස­කින් පස්සේ ඒ උත්සා­හ­යන් සියල්ල සාර්ථක කර­ගන්න පුළු­වන් වුණා. ඒ හින්දා මගේ හිතේ තිබුණු ලොකුම හීනය වුණ හෙලි­කො­ප්ටර් එකක් හදන්න හිතා ගත්තා. ඒ අර­මුණ ඔස්සේ වැඩ කළා. මගෙ අර­මුණ වුණේ ඉස්කෝලෙ තියන තාක්ෂ­ණික ප්‍රද­ර්ශ­න­යට මේ හෙලි­කො­ප්ට­රය හදලා ඉදි­රි­පත් කිරී­මයි. ”

“ මගේ අප්පච්චි කාර්මික ශිල්පි­යෙක්. එයා ගාමිණි පුෂ්ප කුමාර. අප්පච්චි මට මේ නිර්මා­ණය කරන්න ලබා­දුන් සහ­යෝ­ගය කියලා නිම කරන්න බෑ. එයාගේ ප්‍රායෝ­ගික දැනුම මට නම් පුදු­මයි. තාත්තගේ වැඩ­පොළේ සේවය කරන සිය­ලුම දෙනාත් මේ වැඩේට උදව් කළා. ඉතින් මම වැඩේ පටන් අරන් කර­ගෙන ගියා.”

විදු­හ­ල්පති එස්.අතුල සිරි­මෙ­වන් මහ­ත්මයා තාත්තා කෙනෙක් වගේ කෙනෙක්. එතුමා ඉස්කෝලෙ ළම­යින්ට හොඳ අව­ස්ථා­වක් ලබා දුන්නා නව නිර්මාණ ඉදි­රි­පත් කරන්න. ඒ තමයි විද්‍යා­ල­යීය වාර්ෂික තාක්ෂ­ණික ප්‍රද­ර්ශ­නය. වර්ෂ 2018 දී මේ ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වුණේ නෑ. ඒත් කවදා හරි ප්‍රද­ර්ශ­න­යට තියන්න හිතා­ගෙන මම මෝටර් රථ­යක් හදන්න පටන් ගත්තා.

 
 
මේ අතරෙ තමයි මගේ හෙලි­කො­ප්ටර් හීනය ආයෙත් එළි­යට ආවේ. ඒකට නිමි­ත්තක් තිබුණා. දව­සක් කුරු­විට ප්‍රාදේ­ශීය සභා ක්‍රීඩාං­ග­ණ­යට හෙලි­කො­ප්ටර් යාන­යක් ආවා. ඒක දැකලා මගේ ආශාව ගොඩාක් වැඩි වුණා. මම ළඟ­ටම ගිහින් හෙලි­කො­ප්ට­රය බැලුවා. එදා තමයි මට මුල්ම වතා­වට හෙලි­කො­ප්ට­ර­යක් ළඟට ගිහින් නිරී­ක්ෂ­ණය කරන්න ලැබුණේ. ඒ වේලාවෙ මම හිතුවා කොහොම හරි හෙලි­කො­ප්ට­ර­යක් හද­නවා කියලා. මෝටර් රථය හදන එක පැත්ත­කින් තියලා ඒ ගැන මම අම්මට කිව්වා. අම්මා කිව්වා " අනේ හෙලි­කො­ප්ට­ර­යක් දැක­ලත් නැති අපි කොහො­මද ඕක හදන්නේ" කියලා. මම කිව්වා " නෑ මට පුළු­වන්... මම හෙලි­කො­ප්ට­ර­යක් දැක්කා ”කියලා. පස්සෙ හිත ශක්ති­මත් කර­ගෙන පාස­ලට ගිහින් විදු­හ­ල්ප­ති­තු­මාට විස්ත­රය කිව්වාම විදු­හ­ල්ප­ති­තුමා කිව්වා "හරි පුතා ... ඔයාට පුළු­වන්... වැඩේ පටන් ගන්න කියලා මාව දිර්මත් කළා”. යහ­පත් ගුරු­ව­ර­යෙ­කුට දරු­වෙ­කුට ලබා දිය හැකි වචන මාත්‍ර­යක දිරි­මත් මඟ­පෙ­න්වීම ලෝක­යක් වෙනස් කළ හැකි තර­ම­ටම ප්‍රබ­ලය.

“මේ සඳහා මම භාවිතා කළේ යතු­රු­පැ­දි­යක ඇන්ජි­මක්. ඉතිරි උපාංග සඳහා ඉව­ත­ලන යකඩ කෑලි ආදිය යොදා ගත්තා. පෙති වල ප්‍රමා­ණ­යන් අවස්ථා කිහි­ප­යක දීම වෙනස් කළා. අන්ත­ර්ජා­ලය පාවිච්චි කරලා නොදත් දේවල් ගොඩක් දැන ගත්තා. අන්ති­මට මම මගේ ඉල­ක්කය ජය ගත්තා. දැන් තියෙන්න මම හදාපු හෙලි­කො­ප්ට­රය ඉහ­ළට ඔස­ව­න්නයි. ඒ අව­ස්ථාව නෛති­කව ලැබෙ­න­තුරු මම ඇඟිලි ගනි­නවා. ඊට අවශ්‍ය ලේඛණ මේ වන­විට මා මගේ වැඩි­හි­ටි­යන් මාර්ග­යෙන් සම්පූර්ණ කර­මින් ඉන්නවා. මොකද හෙලි­කො­ප්ට­ර­යක් වගේ මෙව­ල­මක් ලංකාවේ නිෂ්පා­ද­නය කළාම රටේ නීති­යට අනුව වැඩ කරන්න ඕන. ඒ නිසා විදු­හ­ල්ප­ති­තුමා මගින් කුරු­විට පොලිස් ස්ථානා­ධි­ප­ති­තු­මාට මේ බව දැනුම් දුන්නා. ඔහු කීවේ ගුවන් යාන­යක් හදන්න පුලු­වන් වුණාට එය ගුව­න්ගත කරන්න නම් ගුවන් හමු­දා­වෙන් අව­සර ගන්න වෙනවා කියලා. පොලි­සි­යෙන් කරන්න තියෙන දේවල් මම කරලා දෙන්නම් කිව්වා. තව දුර­ටත් කිව්වෙ කිසිම හේතු­වක් නිසා අන­ව­ස­ර­යෙන් ගුව­න්ගත කරන්න එපා කියලා.”

ඉතින් තරු­ෂගේ හෙලි­කො­ප්ට­රය තවම ගුව­න්ගත වුනේ නැත. එය අඩි­යක් දෙකක් හෝ උඩ යන්නට බලා­ගෙන බිමට වී හිඳී. එය අති­ශ­යින් ප්‍රවේ­ශ­ය­මෙන් දියත් කළ යුතු බැරෑ­රුම් කට­යු­ත්තක් බව සැබෑය. නමුත් තරුෂ මේ නිර්මා­ණය හරහා කියන්නේ අපේ රටේ අනා­ගත මානව සම්පතේ ප්‍රභා­මත් බවය. අවශ්‍ය මග­පෙ­න්වීම හා පහ­සු­කම් ඇත්නම් මේ රටේ අනා­ග­තය මේ තරු­ණ­යන් විසින් සමෘ­ද්ධි­මත් කරනු ඇති බවය.

මේ නිර්මා­ණ­යට මට උදව් කළ මගේ අම්මා­ටත් අප්ප­ච්චි­ටත් පාසලේ විදු­හ­ල්ප­ති­තුමා, තාක්ෂණ අංශ­භාර ගුරු­තුමා සහ තාක්ෂණ අංශයේ සැම­ටත් උෂාන් මල්ලී මාධව ඇතුළු සියලු දෙනා­මත් ස්තුති­ව­නත් වෙනවා. ඔවුන්ව ඉතා ආද­ර­යෙන් සිහි­පත් කර­නවා. රට­පුරා ඉන්න මගේ පාසල් යාලුවො හැමෝ­ටම මම කියන්නෙ උත්සා­හ­ව­න්තව තමන්ගේ හැකි­යා­වන් ඉදි­රි­පත් කරන්න කියලා. ඒක අපේ අද දවසේ යුතු­කම හා වග­කීම කියන එක තේරු­ම්ගත යුතුයි. නවීන තාක්ෂ­ණය භාවිතා කරලා අපේ ජීවි­තය ට වටි­නා­ක­මක් එකතු කර­ගන්න පුලු­වන් බව මම පෙන්වලා දුන්නා. අව­සාන වශ­යෙන් ඔහු කියා සිටි­යේය.
 



 
-------------------------------

අහසින් යන්න මට පුලූවන්... හෙළිකොප්ටරයක් හැදූ කුරුවිට මධ්‍ය විද්‍යාලයේ දිලංක....

අදින් මාස 06 කට පමණ පෙර එක්තරා දිනයක් ය. පළාතම දෙවනත් කරමින් ඉහළ අහසින් ශබ්දයක් ඇසෙන්නට ගන්නා අතර, තවත් මද වේලාවකින් ප‍්‍රදේශවාසීන්ට දැක ගන්නට ලැබෙන්නේ කුරුවිට මහජන ක‍්‍රීඩාංගණය වෙත හෙලිකොප්ටර් යානාවක් ගොඩබස්සවන ආකාරයක් ය. මෙම දර්ශනය නරඹන පිරිස අතර පාසල් ශිෂ්‍යයන් ප‍්‍රදේශවාසීන් ඇතුළු තවත් බොහෝ පිරිසක් වූහ. ඒ අතර වූ එක් පාසල් ශිෂ්‍යයෙක් ජීවිතයේ පළමු වරට තමන් දකිමින් හිඳින මෙම දර්ශනය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට විය. ඉහළ අහසේ සිට ගුවන් නියමුවන් විසින් හෙළිකොප්ටරය ක‍්‍රමිකව පහළට ගන්නා ආකාරයත්, ඉන් අනතුරුව එය ක‍්‍රීඩාංගණය මතට ගොඩබස්සවන අයුරු සහ යෝධ කුරුල්ලකුගේ හැඩයෙන් යුත් එම යානයේ ස්වභාවය ආදිය හොඳින් නිරීක්‍ෂණය කරන මෙම පාසල් ශිෂ්‍යයා ඉන් අනතුරුව උත්සාහ දරන්නේ හෙළිකොප්ටර් යානය අසලට ගොස් එය අතපත ගා බැලීමටය. ආරක්‍ෂක අංශ විසින් ඊට ඉඩ ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් තවත් මදවේලාවක් ඒ ස්ථානයේ රැඳී සිටින පාසල් ශිෂ්‍යයා එම ස්ථානයෙන් පිටව යන්නේ යානය නැවත ගුවන්ගත වී ඉහළ අහසට නැග තිතක් සේ නොපෙනී ගිය පසුවය.

ඒ. එල්. තරුෂික දිලංක පුෂ්පකුමාරගේ මනස තුළ ගුවන් යානාවක් නිපදවීමේ නොතිත් ආශාවක් දලූලන්නේ ඒ ආකාරයෙන් ය. එම සිහිනයත් රැගෙන නිවසට පැමිණෙන තරුෂික දිලංක පළමුව තම මවට පවසා සිටින්නේ ඊට මඳ වේලාවකට පෙර තමන් දුටු දර්ශන පෙළ පිළිබඳව විස්තරයක් ය. ඉන් අනතුරුව තම මව අමතමින් තරුෂික දිලංක විසින් පවසා සිටින්නේ තමන්ට ද ගුවන් යානයක් නිපදවීමේ ආශාවක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ය.

එකවරම තම පුතණුවන් විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම තරුෂිකගේ මව අන්දමන්ද කළ පුවතක් වී ඇත. කුඩා කල පටන් අලූත් අලූත් දේ නිපදවීමේ කැමැත්තක් සහ හැකියාවක් දිලංක සතුව ඇතත් ගුවන් යානයක් නිපදවීම යනු හීනයක් ය. තම පුතණුවන් මේ පවසා සිටින්නේ සැබෑවක් ද? එකවරම දිලංකගේ මවට දැනෙන්නට ගෙන ඇත්තේ එවැනි හැඟීමක් ය.

තරුෂික දිලංක ගේ පියා මෝටර් රථ කාර්මික ශිල්පියෙක්ය. නිවස ආසන්නයේම ගරාජයක් පවත්වා ගෙන යන ඔහු සවස නිවසට පැමිණීමත් සමඟ දිලංක විසින් පවසා සිටි සියලූ දෙය ඔහුගේ මව විසින් තම සැමියා වන ගාමිණී පුෂ්පකුමාර හමුවේ ප‍්‍රකාශ කර සිටින්නීය. ඒ පිළිබඳව අප විසින් ගාමිණී පුෂ්පකුමාරගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු විසින් ප‍්‍රකාශ කර සිටියේ පහත සඳහන් තොරතුරුය.

helicop2‘‘මගේ බිරිඳ විස්තර කිව්වට පස්සේ මම පුතාගෙන් ඒ පිළිබඳව ඇහුවා. ඒ වෙලාවේ පුතා කිව්ව තනි පුද්ගලයකුට පමණක් යන්න පුළුවන් ආකාරයට හෙළිකොප්ටරයක් හදමු කියලා. මම ඒකට එකඟ වුණේ නෑ. ඒ පිළිබඳ තාක්‍ෂණය දන්නේ නැති එකයි ඒ සඳහා විශාල මුදලක් යොදවන්න මට පුළුවන්කමක් නැතිවීමයි හින්දා මම කිව්ව ඕක අපට කරන්න පුළුවන් වැඩක් නොවෙයි පුතේ..... කියල. හැබැයි මම එයාගෙ උත්සාහය හෑල්ලූවට ලක් කළේ නැහැ. මොකද එයාට යම් යම් නිර්මාණ සිදු කිරීමේ සහජ හැකියාවක් තිබෙන නිස. මොකද මේ වෙද්දිත් ත‍්‍රීවීල් ඇන්ජිමක ආධාරයෙන් කාර් එකක් හදන්න එයාට ඕන වෙලා ඒ වැඩකටයුතු භාගයක් විතර කරලයි තිබුණේ. ඇත්තටම තවත් දෙයකට මුදලක් යට කරන්න තරම් ආර්ථික ශක්තියක් මට තිබුණේ නෑ. ඒ හින්ද පුතාගෙ හිත නොරිදෙන ආකාරයට මම ඒ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරලයි තිබුණේ......’’

මේ අතර තරුෂික දිලංක අධ්‍යාපනය ලබන කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය විසින් තාක්‍ෂණික ප‍්‍රදර්ශනයක් සංවිධානය කරන අතර එහිදී තම තමන්ගේ නව නිර්මාණ ඉදිරිපත් කරන ලෙස විදුහල විසින් තම සිසු සිසුවියන් දැනුවත් කර ඇත. තාක්‍ෂණවේදය විෂය කාණ්ඩය යටතේ උසස් පෙළ අධ්‍යාපනය ලබන දිලංක එම ආරංචියත් සමග නව පණක් ලබන්නේය. තමන්ගේ මනස තුළ තැන්පත්ව පවතින ගුවන් යානයක් තැනීමේ සිහිනය නැවත අවදි කරගන්නා ඔහු එදින පාසල නිම වී නිවසට පැමිණෙන්නේ ඒ සඳහා කෙසේ හෝ තම දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණ සහිතවය.

ඒ අනුව දෙවන වරට ද තම අවශ්‍යතාවය දෙමාපියන් හමුවේ සඳහන් කර සිටින දිලංක ඒ සඳහා ඔවුන්ගේ අවසරය ලබා ගෙන ඇත. මෝටර් රථ කාර්මික ශිල්පියෙක් වන දිලංකගේ පියාගේ සහයෝගය ද ඒ සඳහා යොදා ගන්නා දිලංක තම උත්සාහය සැබෑවක් බවට පත්කර ගැනීම පිණිස ආරම්භය ගෙන ඇත්තේ ඉකුත් නොවැම්බර් මස පළමුවැනිදාය.

ඒ අනුව තම පාසලේ පවත්වනු ලබන ප‍්‍රදර්ශනය පිණිස ගුවන් යානාවක් නිපදවීමේ කටයුත්තට මුල පුරන දිලංක අන්තර්ජාලය පරිශීලනයෙන් හා පොත්පත් ආදියෙන් ලබා ගත් දැනුම ඒ සඳහා භාවිතා කොට ඇත. ඔහුගේ උත්සාහය දකින බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ ගුවන් යානාවක් තැනීම යනු අසීරු කාරියක් බැවින් දිලංකගේ උත්සාහය අසාර්ථක වන බවකි. කෙසේ වෙතත් දිලංකගේ පියාණන් ඔහුට යෝධ ශක්තියක් වෙමින් එම කාර්යයට සහාය ලබා දීමට ඉදිරිපත් වීමත් සමග දිලංක තව තවත් ධෛර්යයමත් වී ඇත.

ඒ අනුව අඩි 20 ක් දිගින් හා අඩි 3 ක් පළලින් යුත් සැකිල්ලක් නිර්මාණය කරන දිලංක තම ගුවන් යානයේ එංජිම පිණිස 250 ක්‍ක්‍ ධාරිතාවයෙන් යුත් යතුරුපැදි එංජිමක් භාවිත කොට ඇත. ගුවන් යානාව ඉහළට එසවීම පිිණිස අවශ්‍ය සුළඟ ලබාගැනීම සඳහා අඩි 09 කින් යුත් සුළං පෙති දෙකක් ද එය ක‍්‍රියාත්මක කිරීම පිණිස වෙනත් මෝටරයක් ද භාවිතා කරන දිලංක තමන් සතු තාක්‍ෂණික ඥානය භාවිතා කරමින් ද, වරින්වර තම නිර්මාණය වෙනස් කරමින් ද දින ගණනාවක් පුරා දිවා රෑ වෙහෙසෙන්නේ ය. අත්නොහල උත්සාහය හේතුවෙන් දින 15 ක් වැනි කෙටි කලක් තුළ තම උත්සාහය සාර්ථක කර ගැනීමට සමත් වන දිලංක තම විදුහලේ පැවැති ප‍්‍රදර්ශනය පිණිස සිය දැනුමින් නිපදවන ලද කුඩා ගුවන් යානය ඉදිරිපත් කිරීමට සමත්වීමත් සමඟ ඔහු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. තම නිර්මාණය ගැන ‘දිවයින’ ට අදහස් දැක්වූ තරුෂික දිලංක පුෂ්පකුමාර ශිෂ්‍යයා,

‘‘කුඩා කාලයෙ ඉඳලම අලූත් අලූත් දේ නිර්මාණය කිරීමේ ආශාවක් මට තිබුණ. මේ ගුවන් යානය හදන්න පෙර ත‍්‍රීවීල් ඇංජිමක ආධාරයෙන් ධාවනය කරන්න පුළුවන් මෝටර් රථයක් හදන්න මම කටයුතු කරමින් හිටිය. ඒ අතරතුර තමයි මට මේ වගේ දෙයක් කරන්න ඕන කියන අදහස එන්නේ. මගේ තාත්ත කාර්මික ශිල්පියෙක් නිසා මේ කටයුත්තෙදී මට ලොකු සහයක් ලැබුණා. ඉතාමත් සීමිත කාල සීමාවක් තුළ මේ තරම් සාර්ථක ලෙස මේ යානය නිපදවන්න තාත්තගේ සහාය ගොඩක් වැදගත් වුණා. මේ යානය ගුවන්ගත කරන්න අවසර ලැබෙනව නම් අඩි 10 ක් පමණ ඉහළට මෙය ගෙන යා හැකියි. මේ නිර්මාණය වැඩිදියුණු කරන්න අවශ්‍ය කරන දැනුම හා උපකාර මට ලැබෙනව නම් මේ හරහා ගොඩක් දුර යන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා. මේ සම්බන්ධ අවධානය යොමු කරන ගුවන් හමුදාව දැනටමත් දැනුම් දීමක් කරල තියෙනව ඉදිරියේදී මගේ නිර්මාණය පරීක්‍ෂා කරල බලල ඒ අයගේ මතය මොකක්ද කියල ප‍්‍රකාශ කරන්නම් කියල. මම විශ්වාස කරනව ඒ කටයුතු ඉදිරියේදී සාර්ථක වෙයි කියලා...’’

තම පාසල තුළ පවත්වන ලද ප‍්‍රදර්ශනය පිණිස නිර්මාණය කරන ලද කුඩා ගුවන් යානය පළමුව විදුහල්පතිතුමාගෙන් ද, ඉන් අනතුරුව ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් ආදිය ද ලබා ගන්නා දිලංක ඉකුත් දා පැවැති ප‍්‍රදර්ශනයේදී සියලූ දෙනා හට එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ගුවන් යානාවක් නිපදවීම පිණිස මෙරට පාසල් ශිෂ්‍යයකු විසින් මුල්වරට ගත් සාර්ථක උත්සාහයක ප‍්‍රතිඵලයක් ඒ අයුරින් සැබෑවක් බවට පත් වීම යනු අනාගතයේදී ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි කාරණයක් ය. ඒ අනුව ගත්කල කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසර තාක්‍ෂණ අංශයේ අධ්‍යාපනය ලබන තරුෂික දිලංක පුෂ්පකුමාර විසින් අහස ජය ගැනීමේ මහඟු අවස්ථාවක් ශ‍්‍රී ලාංකේය ජාතිය හමුවේ විවර කරන්නට සමත් වන අතර කළ යුත්තේ එවැනි දිරිය දරුවන් තව තවත් දිරිමත් කිරීමය.
 
විශේෂ ස්තූතිය
රුවන් ජයවර්ධන 
https://divaina.com
December 01 2019  
 
-------------------------

පාසල් ශිෂ්‍යයා හැදූ හෙලිකොප්ටරය

නැගෙනහිර දෙසින් වූ සිරිපා අඩවියේ කඳු වළල්ලේ වැදී දෝංකාර දෙන හෙලිකොප්ටර් යානයේ හඬ විදුහල් බිම පසුකර අවට පුරා පැතිර යයි.

‘කුරුවිට ඉස්කෝලේ පිට්ටනියට හෙලිකොප්ටරයක් ඇවිත් වගේ... මේ පැත්තෙන් යනවා ඇහුණේ නෑ.... එහා පැත්තෙන් පාතින් ඇවිත් පිට්ටනියට බාන්න ඇති.....’

කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය අවට පදිංචි කොල්ලෝ කුරුට්ටටෝ වගේම වැඩිහිටියෝ ද කතා වෙති. 

‘කොහෙන්වත් ආපු හෙලිකොප්ටරයක් නෙවෙයි... අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් හදපු එකක්. ඒක ඉස්කෝලේ පිට්ටනියේ ඉඳලා ස්ටාර්ට් කරලා තියන සද්දේ ඔය ඇහෙන්නේ.. ඒක හදපු අයියා ඒකේ වාඩිවෙලා ස්ටාර්ට් කරලා තියනකොට හදිසියේ ගොඩබාපු ඇත්ත හෙලිකොප්ටරයක්ම තමයි....’ ඉස්කොලේ දරුවෙක් මේ හඬ ගැන පැහැදිලි කරයි. ‘කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෙක් හෙලිකොප්ටරයක් හදලාලු. ඒක උඩ යවන්න අවසර දෙන්නේ නැතුලු’ මේ තොරතුර මුලින්ම වැඩි දෙනෙක් දැනගත්තේ මුහුණු පොත හරහාය. වැඩිදුර තොරතුරු දැනගන්නට විදුහල්පති අතුල සිරිමෙවන් මහතා ඇමතුවෙමි.

‘ඔව් කතාව ඇත්ත. අපේ ඉස්කෝලේ දරුවෙක් හෙලිකොප්ටරයක ආකෘතියක් හදලා තියනවා. මේ දිනවල අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා ප්‍රදර්ශනය වෙනුවෙන් උසස්පෙළ 13 තාක්‍ෂණ අංශයේ ඒ.එල්. තරුෂික දිලංක පුතා ඒක හදලා තියෙන්නේ.’ විදුහල්පතිවරයාගේ පිළිතුර විය. කවුරුත් කතාවෙන හෙලිකොප්ටරය සොයාගෙන කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට ගියෙමි. විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය දෙසට යද්දී ඈත තියාම දැක්කේ එහි ගොඩබා ඇති නියමුවාට පමණක් ගමන් කළ හැකි කුඩා හෙලිකොප්ටර් යානාවකි. කතරගම යද්දී වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති හෙලිකොප්ටරය මට සිහිවිය. හෙලිකොප්ටරය පණගන්වා නොතිබුණ නිසා එහි වූ අවර පෙතිද නිසොල්මනේය. අත්දිග සුදු කමිසය ඇඳ රතු ටයි පටිය පැලඳ ශිෂ්‍ය නායක ලාංඡනය පැලඳගෙන සිනහ මුහුණින් යුතු තරුෂික දිලංක පුතා ආයුබෝවන් කියා අප පිළිගත්තේ හෙළ සිරිතට ගරු කරමිනි. විදුහල්පති අතුල සිරිමෙවන් මහතා ද අප සමඟ එහි ආවේය.  දුඹුරු පැහැති කමිසයකින් සහ නිල් දිග කලිසමකින් සැරසුණු කෙසඟ සිරුරක් ඇති අවුරුදු හතළිහක් පමණ වයසැති කාර්මිකයෙක් හෙලිකොප්ටරයේ එංජිමේ යම් අලුත්වැඩියාවක් කරමින් සිට අප දෙස බලා මඳ සිහනවක් පෑවේය.

‘ඒ තරුෂික දිලංක පුතාගේ තාත්තා’ විදුහල්පතිතුමා අපිව දැනුම්වත් කළේය.

‘බැලූ බැල්මට ඇත්ත හෙලිකොප්ටරයක්’ යැයි මේ නිර්මාණය දකින ඕනෑම කෙනෙක් රැවටෙයි. ‘මේක උඩ නංවන්න පුළුවන්නද?’ මගේ හිතේ තිබූ සැකය දුරු කරගැනීමේ අටියෙන් එහි නිර්මාණ ශිල්පියා වූ තරුෂික පුතාගෙන් විමසුවෙමි.

‘උඩ නංවන්න බෑ... මේක හෙලිකොප්ටරයක ආකෘතියක්. හැබැයි පණ ගන්වන්න පුළුවන්. අවර පෙති, පිටුපස තියන පෙති කැරකෙනවා.’ තරුෂිකගේ පිළිතුර විය.

නියමුවාට පමණක් එහි ආසනයක් විය. ආසනයට ඉදිරියෙන් ගියර් ලිවරයකි. ඊට ඉදිරියෙන් වූ පුවරුවේ ස්විච් විශාල ප්‍රමාණයකි. ජීපීඑස් තාක්‍ෂණය ලබාගත හැකි ආකාරයේ උපකරණයක හැඩය ගත් යමක් ද විය. ආසනය කැරකවිය හැකි එකකි.

‘අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා අංශයේ උසස් පෙළ හදාරණ දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයට තමයි තරුෂික පුතා මේක හැදුවේ. එයාගේ තාත්තාත් හොඳ කාර්මික ශිල්පියෙක්. තරුෂික පුතා ශිෂ්‍ය නායකයෙක් වගේම බාලදක්‍ෂ සමූහයේ ක්‍රියාකාරී බාලදක්‍ෂයෙක්’ විදුහල්පති අතුල සිරිමෙවන් මහතා තරුෂික පුතාව හඳුන්වා දුන්නේය. 

‘මේ ප්‍රදර්ශනයට හෙලිකොප්ටර් එකක ආකෘතියක් හදන අදහස මගේ හිතට ආවේ ටවුමේ පිට්ටනියේ බාලා තිබුණ හෙලිකොප්ටරයක් දැකලා. හෙලිකොප්ටරයක ආකෘතියක් හදන අදහස කියපු හැම කෙනාම කිව්වේ ඒක අමාරු දෙයක් කියලා. කාර්මිකයෙකු වූ මගේ තාත්තාත් කිව්වේ හැබෑ හෙලිකොප්ටරක් ළඟට දැකලා සහ එහි ක්‍රියාකාරීත්වය නොදන්නා නිසා ඒක අමාරු වැඩක්. නමුත් උත්සාහ කරමු කියලා, තාත්තා මාව දිරිමත් කළා.’ තරුෂික මේ හෙලිකොප්ටර් ආකෘතියේ උපත ගැන සිහිපත් කළේය. හෙලිකොප්ටරක ක්‍රියාකාරීත්වය ගැන අන්තර්ජාලය හරහා තොරතුරු රැස්කර ගැනීම තරුෂිකගේ මූලික කාර්යය විය. ඉන්පසු පියා වූ ඒ.එල්. ගාමිණී පුෂ්ප කුමාර (40) මහතා සමඟ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුවලින් දැනුවත්ව මේ ආකෘතිය හැදීමට වැඩ ඇරඹුවේය. ‘අපිට මුලින්ම සැකිල්ලක් හදාගන්න ඕනෑ වුණා. ඒ සඳහා යඩක බට යොදාගත්තා. ඒවා වෑල්ඩිං කරලා සැකිල්ල හැදුවා. ඊට පස්සේ තාත්තාගේ වැඩපොළේ තිබුණ යතුරුපැදි එංජිමක් ඒකට සවිකළා. ඒක ජලයෙන් සිසිල්වෙන යතුරුපැදි එංජිමක්. ඒකේ රේඩියටර් එකට ටිකක් ලොකු රේඩියේටර් එකක් තිබ්බා. ඉන්ධන ටැංකියට වෙනත් ප්ලාස්ටික් ටැංකියක් තිබ්බා.’ තරුෂික දිලංක ශිෂ්‍යයා නිර්මාණයේ පටන්ගැන්ම විස්තර කළේය.

‘ආරම්භයේ දී ගැටලු ගොඩාක් ආවා. මම ඉස්කෝලේ බාලදක්‍ෂ සමූහයේ ඉන්න හින්දා ඉන් ඉගෙනගත් උත්සාහය අත්නොහැරිය යුතුය කියන කරුණ මගේ මේ නිර්මාණය අවසානයක් දකින්න හේතුවුණා. ඒවගේම තාත්තාත් මාව උනන්දු කළා. ඉවත දාන රේසර්, මෝටර් වගේ වෙනත් ප්ලාස්ටික් වගේ දේවල් යොදාගත්තේ. සැහැල්ලු තහඩු යොදලා අවර පෙති නිර්මාණය කළා. යකඩ ලීවර, යතුරුපැදිවල එංජිම්වලදී භාවිතයට ගත්තා. චේන් ආදිය භාවිත කරලා පණගැන්වූ විට අවර පෙති කැරකවෙන්න නිර්මාණය කළා. මුළු නිර්මාණයටම ගියේ දවස් එකොළහයි.’ තරුෂික දිලංක තවත් විස්තර කළේය.

‘මේ හෙලිකොප්ටර් ආකෘතියේ වැඩ අවසන් වෙනවිට වැඩ කුලී නොමැතිව දෙලක්‍ෂ පනස් දහසක පමණ මුදලක් ඊට වැය වී ඇති බව’ පැවසුවේ තරුෂිකගේ පියා වූ ගාමිණී පුෂ්පකුමාර මහතායි. 

අපේ කතාබහෙන් පසු හෙලිකොප්ටර් යානය පණගැන්වීමට තරුෂික සූදානම් විය. තරුෂික නියමු ආසනයේ වාඩිවූ අතර පියා එක්පැත්තකින් එය අල්ලා ගත්තේය. තවත් සහායකයෙක් එහි වූ යතුරුපැදි එංජිම පණගැන්වීය. ඒ සමඟම අවර පෙති ද කැරකෙන්නට විය. එහි හඬ හැබෑ හෙලිකොප්ටරයක හඬට සමාන විය. විවේක වෙලාවේ පාසලේ තැන තැන සිටි ළමයි පිට්ටනියට දිව ආවේ හෙලිකොප්ටරය ඉහළ නංවන්නට හදනවා යැයි රැවටිලාය. එංජිමේ වේගය වැඩිවෙන විට හෙලිකොප්ටර් ආකෘතිය දෙදරයි. කෙනෙකුට සිතෙන්නේ අහසට නැංවීමට සූදානම් බවකි. එහෙත් තරුෂිකගේ පියා හිස පහත් කරගෙන නියමු කුටිය අසලින් ඇති යකඩ බාර් එකක් අල්ලාගෙන ඊට ආරක්‍ෂකයෙක්ව සිටී.

‘ගොඩාක් අය හිතනවා මේක උඩයන්න පුළුවන් එකක් කියලා. මේක හෙලිකොප්ටර් ආකෘතියක් විතරයි. මේකට හයිඩ්‍රොලික් තාක්‍ෂණයක් යොදලා නෑ. මේ ආකෘතිය හැදුවට පස්සේ අඩි කිහිපයක් හෝ ඉහළට ඔසවන්න පුළුවන් හෙලිකොප්ටර් ආකෘතියක් හැදීමට මගේ ආශාවක් ඇති වුණා. ඒක මීට වඩා ඉහළ තාක්‍ෂණයක්. විද්‍යාත්මකවත් වෙනස් ක්‍රමවේදයක්. මගේ ඊළඟ උත්සාහය ඒක.’ විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ අංශ ප්‍රධානී ඊ.ඒ.ටී.සී.පී. එදිරිසිංහ, නියෝජ්‍ය අංශ ප්‍රධානී එච්.පී. දන්දෙණිය යන ගුරු භවතුන් ප්‍රධාන තාක්‍ෂණ අංශයේ සියලු ගුරුභවතුන් තරුෂිකගේ නිර්මාණය පමණක් නොව විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ හැම දරුවෙකුගේම දැනුම වර්ධනයට උදව් කරති.  කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තරුෂික හය වැනි ශ්‍රේණියේ සිට ඉගෙනුම ලබන්නේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේය. තරුෂිකගේ මල්ලී පසඳ සත්සර පුෂ්පකුමාර (12) ද ඉගෙන ගන්නේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේම අට වැනි ශ්‍රේණියේය. මිනාලි නිවර්තනා (08) නංගී හිග්ගස්වත්ත ප්‍රාථමික විදුහලේ තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මව ඩී. ඉනෝකා දිල්හානි වීරකෝන් (39) තරුෂිකගේ නව නිර්මාණවලට උදව් කරන්නීය.

මේ හෙලිකොප්ටර් ආකෘතිය තැනීමෙන් පසු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ගුවන් හමුදාවෙන් යැයි කියූ දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ තරුෂිකගේ සහ ඔහුගේ මව්පියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ද ඇතුළු පවුලේ සියලු තොරතුරු රැගෙන යාමෙන් පසු යම් තැතිගැන්මකට පත්වූ බව තරුෂිකගේ පියා පැවසුවේය.

‘ඒ ආපු දෙන්නා ගුවන් හමුදාවෙන් කිව්වා මිසක් අපිට අනන්‍යතාව පෙන්නුවේ නෑ. හමුදාව ගැන තියන ගෞරවය නිසා අපි තොරතුරු දුන්නා. ඊට පස්සේ ඉමෝ තාක්‍ෂණය හරහා අපේ නෝනාගේ දුරකතනයට කතාකරලා හෙලිකොප්ටර් ආකෘතිය සම්බන්ධයෙන් තියන වීඩියෝ දර්ශන එවන්න කිව්වා. ඒකෙන් පස්සේ පුතාත් මමත් අපි හැමෝමත් තවත් බයවුණා. පුතා බාලදක්‍ෂයෙක් නිසා පාසලේ බාලදක්‍ෂ සමූහයේ ගුරුවරිය වූ වසන්ති හේමකුමාරි මිස්ට ඒ බව දැන්වූවා. පස්සේ කුරුවිට පොලිසියටත් පැමිණිලි කළා. බාලදක්‍ෂ ව්‍යාපාරයට සම්බන්ධ හැමදෙනාමත්, පොලිසියේ ඕඅයිසී මහත්තයා ඇතුළු නිලධාරීන් ආපු අය ගැන හොයලා අපේ බිය නැති කළා. නැත්නම් ඒ සිද්ධියෙන් පස්සේ පුතා ටිකක් මානසිකව වැටිලා හිටියේ.’ තරුෂිකගේ පියා මේ හෙලිකොප්ටර් ආකෘතිය හැදීමෙන් පසු ඇතිවූ තත්ත්වයක් පැහැදිලි කළේය.

ලංකාදීප

https://www.sithmalyaya.lk/article/gossip/findings-and-inventeries/175