Translate

Tuesday, January 7, 2020

Y- 12 සැහැල්ලු ගුවන් යානයේ සිටි සැබෑ බාලදක්ෂයෝ!

දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමු. 
නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා

වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් Y- 12 නමැති සැහැල්ලු ගුවන් යානයක් ගමන් ඇරැඹූයේ ඉකුත් 3 වැනි දින පෙරවරු 8.55ට පමණය. ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා මෙම යානය පිටත්විණි.

මෙරට නැඟෙනහිර ප්‍රදේශය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන්ට අණ ලැබී තිබිණි. එම නිරීක්ෂණ කටයුතු අවසන් කර නැවත ගුවන් යානය ගොඩබැස්සීමට නියමිතව තිබුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුරෙනි.

එම ගමන අදියර දෙකකින් නිම කිරීමට නියමුවන්ට අණ ලැබී තිබිණි. රත්මලානේ සිට වීරවිලටත් නැවත වීරවිල සිට යළි රත්මලානටත් පරීක්ෂණ කටයුතුවල නිරතවීම ඔවුන්ගේ එදින රාජකාරිය විය. එදින ඔවුනට නියමව තිබුණු නිරීක්ෂණ කටයුතු අතර මහ වන මැද නීති විරෝධීව පවත්වාගෙන යන ජාවාරම් පිළිබඳව තොරතුරු සොයා බැලීමද වූ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් රත්මලානේ සිට වීරවිල බලා යද්දී එම ගුවන් ගමන් මඟ සකසා ඇත්තේ හපුතලේ හරහා යන පරිදිය. ඒ අනුව මෙම ගුවන් යානය මුලින්ම රත්මලාන කඳවුරෙන් පෙරවරු 7.00ට වීරවිල කඳවුර බලා පිටත්වී ඇත. පෙරවරු 7.55ට පමණ වීරවිල කඳවුර වෙත පැමිණි ගුවන් යානය පැයක පමණ කාලයක් කඳවුරේ සිට නිරීක්ෂණ මෙහෙයුම සඳහා වීරවිල කඳවුරෙන් නැවත පිටත්ව ගොස් ඇත.

මෙම නිරීක්ෂණ මෙහෙයුම සඳහා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලඝන නායක බුද්ධි වීබැද්දය. ඔහුගේ සහායක නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංගය. නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ නායක ගුවන් භට ඒ.සී. හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් ආර්. ඩබ්ලිව්. කුමාරය.

වීරවිල සිට රත්මලාන බලා නැවත පියාසර කළ ගුවන් සාමාජිකයන් සිවුදෙනාගේ ගුවන් ගමන විනාඩි විස්සකට පමණක් සීමා විය. හදිසියේම ගුවන් ගමන් මාර්ගය වෙනස් වෙමින් සැහැල්ලු ගුවන් යානය පොළොව දෙසට ඇදෙන්නට විය. ගුවන් යානයේ අවසන් ගමන ගුවන් යානය පොළොවට පතිත වීමට මිනිත්තු කිහිපයකට පෙර නිවෙසක සවි කර තිබූ සීසීටීවී දර්ශනවලද සටහන් විණි. ගුවන් හමුදාව පමණක් නොව මුළු රටම කම්පා කරමින් පෙරවරු 9.15ට ගුවන් යානය හපුතලේ නගරයට යාබද පාළු ස්ථානයකට පතිත විය. අනතුරක් දැක ගුවන් නියමුවා විසින් ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශ පසුකර පාළු ස්ථානයකට රැගෙන ආවාදැයි යන්න පැහැදිලි බව එම අනතුර දුටු ගම්වාසීහු පවසති.

"එකපාරටම ගුවන් යානයක් අපි ඉන්න පැත්තට ආවා. ගහක අත්තකත් වැදුණා. අපි හිතුවා ගුවන් යානය ආයේ හරවලා පිටත් වෙයි කියලා. ඒත් ගුවන් යානේ දිගටම ඇවිත් බිම වැදුණා. ඒත් එක්කම විශාල පිපිරීම් හඬක් ආවා..." ඒ සිද්ධිය දුටු ගම්වාසියෙකි.

හපුතලේ නගරය මෙම අනතුරින් බේරුණේ අනූ නවයෙනි. ගුවන් නියමුවාගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනිණි. ගුවන් යානය පතිත වූ ස්ථානයට නුදුරින් නිවාස කිහිපයක්ද පිහිටා ඇත. ඉන් එක් නිවාසයක වීදුරු බිඳී ගොස් සුළු හානි සිදුව තිබිණි. තවද අනතුර සිදුවූ ස්ථානයට යාබදව සිටි කාන්තාවක්ද මින් සුළු තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණි.

අනතුරට පත් මෙම ගුවන් යානය චීනයේ නිෂ්පාදිත ගුවන් යානයකි. එහි නිෂ්පාදිත වර්ෂය 1980 දශකය දක්වා දිව යයි. මෙම යානය ගුවන් හමුදාව විසින් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා භාවිත කරනු ලැබීය.

අනතුරෙන් පසු එම යානය ගිනිගෙන විනාශ විය. යානය තුළදීම ගුවන් හමුදා රණවිරුවන් සිවුදෙනා දිවි පිදීය. අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර, එනම් පෙරවරු 9.02ට පමණ ප්‍රධාන නියමුවා මත්තල පිහිටි පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මත්තල ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වමින් ගුවන් මෙහෙයුමේ නිරත වූහ. මෙම ගුවන් මෙහෙයුම්වලදී සම්බන්ධතා පවත්වන්නේ මත්තල ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමගය. රේඩාරයේ මේ මොහොතේ සිටි නිලධාරියා වූයේ හර්ෂය. ඔහු සමග බළඝන නායක බුද්ධි වී බැද්ද සම්බන්ධ වෙමින් තම යානය ඉහළට ගන්නට අවසර ඉල්ලුවේය.

 ‘‘අපි යානය අඩි 8500ට ඉහළට ගන්නවා’’ බළඝන නායක බුද්ධි වීබැද්ද අවසන් වරට මත්තල රේඩාරයේ සිටි නිලධාරියාට දුන් පණිවුඩය විය.

ඉන් මිනිත්තු අටක් යන්නටත් මත්තෙන් ගුවන් යානයක් කඩාවැටුණු බව ගුවන් හමුදා මූලස්ථානයට පණිවුඩ ගලා ආවේය. ගුවන් යානයේ කිසිදු දෝෂයක් ඇති බවක් ඔහු එහිදීද මත්තල ගුවන් ගමන් පාලන කුලුන වෙත වාර්තා කර නැත. නමුත් අවසන් මොහොතේ නියමුවා හදිසි ගොඩබෑමකට ජන ශූන්‍ය ස්ථානයක් සොයා යමින් සිටි බව අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි නිවෙසක සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලි වෙයි. කන්ද මතින් පහළට පියාසර කරන යානය නිවෙස් මඟහරිමින් පහතට එන ආකාරය අනුව එය නිරීක්ෂණය කරගත හැකිවූ බව පරීක්ෂණ කණ්ඩායම්වල මතය වී තිබේ.

අනතුර සැලවූ සැණින් විනාඩි දහයක් යන්නටත් මත්තෙන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගුවන් කොමදෝරු වරුණ ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ අනතුරට ලක්ව ගිනිගනිමින් තිබූ යානයේ ගින්න නිවා දමන්නට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කටයුතු කළහ.

ඒඅනුව බලන විට කිසිවකුටත් හානියක් සිදු නොවන පරිදි තමන්ගේ ජීවිත රට දැය වෙනුවෙන් කැප කරන්නට යානයේ ප්‍රධාන නියමු වීබැද්දත් සහාය නියමු කුලතුංගත් අවසන් මිනිත්තුවේදී තීරණය කරන්නට අතැයි පැහැදිලිය. එහිදී තමන්ගේ දිවි බේරා ගැනීම පසෙකලා ඔවුන් සැබෑ විරුවන් ලෙසින් සිය දිවිය කැප කරන්නට තීරණය කළා විය හැකිය. 
මෙම යානයේ ගුවන් නියමුවා වූ බලගන නායක බුද්ධි වීබැද්ද 2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී වන්නි මානුෂීය මෙහෙයුමේදී වයි ටුවෙල් ඇතුළු සැපයුම් ගුවන් යානාවලින් යුද බිමට සෙබළුන් හා අත්‍යවශය දෑ රැගෙන යන්නට දයාක වූ අත්දැකීම් පරිපූර්ණ ගුවන් නියමුවෙකි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නම ඉතිහාසයට ගෙනගිය නියමුවකු වූ ඔහු ගුවන් පැය තුන්දහසක ගුවන් කාලයක් ගුවනේ සැරිසැරූ අත්දැකීම් බහුල නියමුවෙක්ද විය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වූ සහායක නියමු පියාසර ලුතිනන් ලංකාපුරත් පාඨමාලා අංක තිහ යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද ගුවන් නියමුවෙකි.

ගුවන් ගමන් පථයේද කිසිදු වෙනසක් නැත. මේ දිනවල හපුතලේ ප්‍රදේශයේ අධික මීදුමක් පෙරවරුවේ පැවැතියද අනතුර සිදුවන මොහොත වන විට එම ප්‍රදේශයේ පැහැබර කාලගුණික තත්ත්වයක් තිබී ඇත.

අනතුර වාර්තා වීමත් සමඟම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කරනු ලැබීය. ගුවන් හමුදා නියමුවන්, ගුවන් හමුදා ඉන්ජිනේරුවන්, ගුවන් හමුදා වෛද්‍යවරුන් ඇතුළු සාමාජිකයන් කිහිපදෙනකු එම විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ වෙති. එම කමිටුවද විමර්ශන ආරම්භ කිරීම සඳහා හපුතලේ ප්‍රදේශයට පිටත්ව ගියහ.

ඊට අමතරව අනතුර සිදුවූ ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රජයේ රස පරීක්‍ෂකවරයාද ඉකුත් 03 වැනි දින පැමිණ තිබිණි. ඉකුත් 03 වැනි දින රාත්‍රිය වන විටත් එම අදාළ විමර්ශන කටයුතු අවසන්ව නොතිබිණි.

ගුවන් හමුදාවට අමතරව මේ සම්බන්ධයෙන් බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට, බදුල්ල දිසා භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්.ඩී.ආර්. කන්දෙවත්ත යන නිලධාරීන් වහා පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

අනතුරින් දිවි පිදූ ප්‍රධාන ගුවන් නියමු බුද්ධි වීබැද්ද ගුවන් පැය තුන්දහසකට අධික කාලයක් පියාසර කර ඇති ගුවන් හමුදාවේ දක්‍ෂ නිලධාරියකුද වෙයි.

ගුවන් නියමු සහයක ලෙස කටයුතු කළ ලංකාපුර කුලතුංග මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. 28 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ 30 වැනි කණ්ඩායමේ සාමාජිකයකුද වේ. ඔහු එළැඹෙන මාසයේ විවාහ වීමට නියමිතව තිබිණි.

නිරීක්‍ෂකයන් ලෙස කටයුතු කළ නායක ගුවන් භට හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් කුමාර ගුවන් හමුදාව වෙනුවෙන් විශාල සේවයක් කළ සෙබළුන් වේ.

කෙසේ වෙතත් මෙම ගුවන් අනතුර තවත් අබිරහසකි. ගුවන් අනතුරට හේතු ඉදිරි විමර්ශන හරහා හෙළිවනු ඇත. දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමි. නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා යැයි අප ප්‍රාර්ථනයයි.

විශේෂ ස්තූතිය
චාමර අමරසූරිය - මව්බිම පුවත්


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත වයි. ටුවෙල් හාර්බින් (Y12 - Harbin) යානාවක් රත්මලානේ සිට සිකුරාදා (03 වැනිදා) උදෑසනම වීරවිල ගුවන් පථයට ගමන් ගත්තේ තවත් ගුවන් මෙහෙයුමකටය. බළඝන නායක බුද්ධි වීබැද්ද එහි නියමුවා විය. සහායක නියමුවා වූයේ පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංගය. ගුවන් නියමුවන් දෙදෙනාගේ සහායට ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් වන ආර්. ඩබ්ලිව්. කුමාර හා ඒ. සී. හෙට්ටිආරච්චි යානයට නැග ගත්තේ වීරවිල ගුවන් පථයෙනි. දෛනිකව සිදුකරන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමේ තවත් එක් මෙහෙයුමකටයාමට මොවුන්ගේ මේ සූදානමය. ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය කොටස්වලට බෙදා ගුවනින් අවේක්ෂණ රාජකාරී කරමින් ඔත්තු බැලීම මොවුන්ට පැවරුණ රාජකාරියයි.  පිදුරුතලාගල සිට බණ්ඩාරවෙල, බදුල්ල, පානම ප්‍රදේශවල ගුවනේ සිට ඔත්තු බැලීමේ කාර්යයටය. ගුවනේ බෙදූ කලාප අතරින් අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශවල සැරිසරා තොරතුරු රැස් කිරීම මොවුන්ට පැවරෙන වගකීමය. ගුවනින් ගොස් ගංජා හේන්, පස් කපන ජාවාරම්, කැලෑ කපන ජාවාරම්වල තොරතුරු සොයා බලා ගුවන් හමුදා මූලස්ථානයට තොරතුරු වාර්තා කිරීම මෙම මෙහෙයුමේ වගකීමය. රටපුරා කැලෑ මැද ඇති ගංජා හේන්වටලන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට බුද්ධි තොරතුරු දෙන්නේත්, ගුවනින් ආවේක්ෂණ රාජකාරී කර ලබා ගන්නා තොරතුරුවලිනි. ඇතැම් දිනවල පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ද වීරවිල සිට ගුවනින් කරන මෙවැනි බුද්ධි මෙහෙයුම්වලට එක්වේ. ගුවනට නැගුන මොහොතේ පටන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් දෙදෙනා සමග අඩි දෙදහසේ සිට හාරදහස දක්වා උසකින් ගුවනේ සැරිසරමින් තොරතුරු සොයා යන්නට ගුවන් නියමුවෝ යානාව පැදවූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වයිටුවෙල් යානයක් ගුවන් අනතුරකට ලක් වූ පළමු අවස්ථාව මෙයද විය. මීට පෙර 1990 දී මෙහෙයුම් කලාපවලදී ගුවන් නියමුවන් සමග යානාවක් අතුරුදන් වුවද, එය මුහුදට වැටුණු බව කියවුණත් සොයාගත නොහැකි විය. මෙවැනි අනතුරක් වූ පළමු අවස්ථාව මෙයය.

ත්රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්රථම Y-12 යානයක් ශ්රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව. අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්රමාණයක් අදටත් භාවිතා කරනවා. චීනයේ Harbin Aircraft Industry Group විසින් නිශ්පාදිත ද්විත්ව එන්ජින් සහිත මෙම අනතුරට පත් Herbin Y - 12 යානයේ වයස අවුරුදු ම 33ක්. ඒ වගේම මෙම ගුවන් යානය සඳහා FAA සහතිකියත් ලැබී තියෙනවා.
Y-12 යානය ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ 1986 වර්ෂයේ සිටයි. එවකට පැවති යුධ සමයේ හෙලිකොප්ටර් වලට අමතරව ගුවන් හමුදාවේ Work Horse උනේ මෙම ගුවන් යානයයි. අදටත් ගුවන් හමුදාවේ පියාසර කටයුතු වලින් ¼ වඩා දායක වෙන්නේ හද්ද පරණ ගුවන් යානයයි. Y-12 යානය ඉතාම කෙටි දුරකින් ගුවන්ගත කරන්න පුළුවන් වගේම ගොඩ බාන්නත් පුළුවන්. Unpaved Surface එකකින් උනත් ගුවන්ගත කරන්න පුළුවන්. අනෙක් විශේෂත්වය තමයි මෙම ගුවන් යානය Basic Aircraft එකක්. ඒ නිසා නඩත්තු කටයුතු ඉතා පහසුයි. ශ්රී ලංකාවට මනාව ගැලපෙන ගුවන් යානයක්. එවකට ගුවන් හමදාවේ සිටි ඉහල නිලයන්ගේ ඉතාමත් හොද තේරීමක්.

ත්රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්රථම Y-12 යානයක් ශ්රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව.
අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්රමාණයක් අදටත් භාවිතා කරනවා. Air Frame එකට නිශ්චිත පියාසර පැය ප්රමාණයක් සහ භාවිතා කරන්න පුළුවන් කාල සීමාවක් තියනවා. පියාසර පැය අවසන් නොවී භාවිතා කරන්න පුළුවන් උපරිම කාලය එළැඹි ඇතිනම් ගුවන් යානයේ Airframe එක නැවතත් නිෂ්පාදකයා ලව්වා පරික්ෂා කරන්න ඕනේ. ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවන් ඉන්නේ මේ සඳහා. ඕනෑම ගුවන් ගමනකට ප්රථම ගුවන් යානය පියාසැරිය සඳහා සුදානම් බවට ලිඛිත සහතිකයක් ඔවුන් ලබාදිය යුතුයි. කාටවත් වගකීමෙන් ගැලවෙන්න බැහැ. එහිදී ඔවුන් සෑහීමකට පත් නොවේ නම් එම ගුවන් යානය භාවිතයෙන් ඉවත් කරනවා. ඒවගේම එංජින් overhaul කරන්න ඕනේ, Y-12 යානයේ එංජින් පියාසර පැය 3000 කට පසුව නැවතත් නිෂ්පාදකයා ලවා overhaul කරනවා. නැතිනම් Replace කරනවා. මිට අමතරව නිශ්චිත පියාසර පැය ප්රමාණ වලින් නිර්දේශිත සේවා හා නඩත්තු කටයුතු කලට වෙලාවට සිද්ධ වෙනවා (උදා: පැය 25 සේවා හා නඩත්තුව).

ගුවන් යානය පරණ ද අලුත් ද යන්න වැදගත් කමක් නැහැ. ඕනම අවස්ථාවක අනතුරක් වෙන්න පුලුවන්. Y-12 ගුවන් යානයේ අදාළ කාල සිමාව අවසන් වූ පසු මෙම යානා භාවිතයෙන් ඉවත් කරයි. වෙලාවට කලාවට නඩත්තු හා සේවා කටයුතු කරනවනම්, නිෂ්පාදකයාගේ උපදෙස් නිවැරදිව පිළිපදිනවනම් මෙම ගුවන් යානා භාවිත කරන්න පුළුවන්. ඒ සියලුම දේ සිදු කරන්නෙ නිශ්පාදකයා නිකුත් කරන Maintenance Manual, Service Manual, Structure Repair manual, Overhaul manual යනාදී පොත් පත් වල සදහන් ආකාරයට මිස අනතුරක් උන සැනින් අනේ අපොයි මේක පරණයි කියලා ගුවන් යානා ඉවත් කරන්නේ නැහැ. හසුරුවන්නේ මිනිසුන් විසින්, ඔවුන්ට අතපසුවීම් වෙන්න පුළුවන්.

පියාසර කරලා තියන්නේ ඉහල උන්නතාංශයක, කඳු බෑවුම් සහිත ප්රදේශයක, කාලගුණය ගැන අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේ.

 




ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් ඉකුත් 3 වැනිදා හපුතලේ ප්‍රදේශයට කඩා වැටිමෙන් මියගිය තිදෙනාගෙන් කෙනෙකු වූයේ ළගදී විවාහ අපේක්ෂාවෙන් සිටි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී ලංකාපුර කුලතුංගයි. ඔහුගේ වැඩිමහල් සොයුරු බණ්ඩාර කුලතුංග මෙසේ පැවසීය.

'මගේ එකම මල්ලි අද උදේ අපේ මහ ගෙදරටයි එයා බඳින්න ඉන්න නංගිටයි කතා කරලා කියලා තියෙනවා. "දැන් අපි ගුවනට යන්න ලෑස්තියි. මේ ගමන ගිහින් ඇවිත් හවස ගෙදර එනවා. රැට කන්න රසට මොනවා හරි හදලා තියන්න. මම ඉක්මනට එනවා" කියලා. ඒත් එයා අද රෑ එන්නේ පෙට්ටියකින් බව අපි කවුරුවත් හිතුවේ නෑ.

මියගිය කුලතුංග හොඩියාදෙණිය වේගිරිය ප්‍රදේශයේ උපන් අයකු වන අතර ඔහු මහනුවර ධර්මරාජයේ අධ්‍යපනය ලැබීමෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයට බැඳී කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වී තිබේ. ගුවන් නියමුවකු වූ කුලතුංග වසර 4කට අධික කාලයක් එම කටයුතුවල නිරත වූ බව ඔහුගේ සොයුරා පවසයි.

'අපේ ගෙදර අම්මයි අප්පච්චියි මල්ලියි මායි විතරයි ඉන්නේ. එයා පොඩි කාලේම ගුවන් නියමුවකු වන ආසාවෙන් හිටියේ. ඒ ආශාව නිසාම මල්ලි කොතලාවල විද්‍යා පීඨයට බැදුණා. මල්ලිට දැන් වයස අවුරුදු 26 යි. එයා විවාහ වෙන්නයි හිටියේ. ඒ නංගි අපේ ගමේම රාජ්‍ය බැංකුවක රැකියාව කරනවා.

එයාගේ විවාහය මාර්තු 3 වැනි දින කරන්නයි සැලසුම් කරලා තිබේ. අම්මයි අප්පච්චියි විශ්‍රාමික ගුරුවරු. ඒ දෙන්නාම මල්ලි ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මේ අනතුර කොහොම වුණාද කියලා අපි තාම හරියට දන්නෑ. අපට දවල් තමයි පණිවිඩය ලැබුණේ. මට මල්ලි ගෙදර එනවා කියලා දුරකතන ඇමැතුමක් ආවාම අම්මා හරියට සතුටු වෙනවා. එයා අලුත් අවුරුද්ද ලබන්න පෙරත් ගෙදර ඇවිත් අපි බලලා ගියා.'

අනතුරින් මියගිය විරවිල ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට නුවන් ළහිරු දර්ශන හෙට්ටිආරච්චි (31) මහතාගේ බිරිය වන ඩයනි චතුරිකා (28) මහත්මිය මෙසේ පැවසුවාය.

"උදැසන 8.30ට පමණ මම වැඩට යන්න ලෑස්තිවෙලා ඉද්දී මහත්තයාගෙන් දුරකතන ඇමතුමක් ආවා. ලබන 15 වැනිදා නිවාඩු දමා එන බවත් වැඩට යන්න සුදානම් වන නිසා දවල් 12න් පස්සේ කෝල් එකක් ගන්නම් කීවා. මම බස් එකෙන් මාතර වැඩට එද්දී ෆේස්බුක් එකෙන් හපුතලේ ගුවන් යානා අනතුරක් සිදු වි ඇති බව දැන ගත්තා. ඒ සමඟම මහත්තයාගේගේ මිතුරකු කතා කර කරා මම ඉන්න තැන අසා ආපසු හැරි ගෙදරට යන්න කීවා. ඒ වේලාවේ මහත්තයගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් එය වැඩ කළේ නැහැ."

සිදුවීමට තිබූ විශාල අනතුරක් වළක්වා තම සහෝදර ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනකු සමඟ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වු හෙට්ටිආරච්චි මහතා මාතර තෙලිජ්ජවිල මුරුතමුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ නුවන් දම්පැල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා වන එච්.ඒ. ප්‍රේමදාස (61) මහතා හා මව වන පුෂ්පා අයිරංගනි (58) මහත්මිය කුලි වැඩකොට බොහෝ දුක් මහන්සි වී නුවන් ඇතුළු එම දරුවන් සිවිදෙනා හදා වඩාගෙන තිබුණි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන චම්පික දර්ශන (38) බස් රථ රියැදුරෙකි. වැඩිමහල් සහෝදරිය අචලා හෙට්ටිආරච්චි (36) විවාහ වී වෙනම පදිංචි වී සිටී. අනෙක් සහෝදරිය ගීතා ශානිකා (34) රැකියාවක් නොකරයි. එම පවුලේ රජයේ රැකියාවක් කළේ නුවන් පමණි. ඔහුගේ බිරිඳ මතර නගරයේ පෞද්ගලික රෝහලක හෙදියකි. ඇය සමඟ නුවන් යෝජිත විවාහයක් අනුව යුග දිවියට එක්ව තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදාය. ඔවුන්ගේ ඒ සතුටු කැදැල්ලට අවුරුද්දයි මාස තුනක් ගත එන්නටත් පෙර කණකොකා හඩක්නට විය. තම පුතුගේ මතකය පිළිබඳව අවදි කළ නුවගේ මව වන පුෂ්පා අයිරාංගනී මහත්මිය මෙසේ කීවාය.

"පාසල් අධ්‍යාපනයෙන් පසු පුතා අකුරැස්ස යොවුන් සේනාංකයට ඇතුළත් වී පුහුණුව ලැබුවා. පසුව ඔහු වායු සමීකරණ අලුත්වැඩියා පාඨමාලාවක් ද හැදෑරුවා. 2009 වසරේ දී පුතාගේ වුවමනාවටම තමයි ඔහු ගුවන් හමුදාවට බැඳුණේ. කොග්ගල හා එකල කඳවුරුවල පුහුණුව ලැබු පුතාගේ විසිරයාමේ උත්සවය තිබුණේ දියතලාව ගුවන් හමුදා කඳවුරෙයි. පසුව ඔහු පිදුරුතලාගල, නුවරඑළිය, මඩකළපුව ආදී ප්‍රදේශ රැසක රංජකාරි කළා. මීට මාස හයකට විතර කලින් තමයි පුතා විරවිල කඳවුරට ආවේ.

ඉඩ ලද හැමවිටම ඔහු නිවඩු ලබා ගෙදර එනවා. බිරිය සමඟ හොඳ පවුල් ජීවිතයක් ගත කළා. පළමුවැනිදා රෑ ගෙදර ආපු පුතා 02 වැනිදා උදේ 5.00ට පමණ රැකියාවට යාමට සුදානම් වුණා. මම කිරි තේ කොප්පය හදා ගෙනැවිත් දුන්නම පුතා උගුරු දෙකක් බීලා ඉතිරි ටික මට බොන්න කීවා. පරක්කු වෙන නිසා මට වැඳ ඉක්මණින් ඔහු පිටත්ව ගියා. පසුව තමයි දැනගත්තේ මගේ රත්තරං පුතා ගුවන් යානා අනතුරකට ලක්වෙලා කියලා. අපි බොහොම දුක් මහන්සිවෙලයි ඔහු හදාගත්තේ. අන්තිමට මට මගේ දරුවාගේ මුහුණවත් බලාගන්න බැරිවෙලා.”

ගුවන් අනතුරින් මියගිය තිස්සමහරාම සේනපුර අංක 681, ලිපිනයේ පදිංචිව සිටි දික්වැල්ල විදානගේ චමින්ද කුමාර නමැති 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයාගේ දේහය සිය නිවස වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ බිරිඳ වූ කලවාන කොස්වත්තගේ ඉරේෂා මධුවන්ති 36 හැවිරිදි දෙදරු මව මෙසේ පැවසුවාය.

'මගේ මහත්තයගෙ ජීවිතය දරු දෙන්නයි මමයි. අපේ අනාගතය ගැන මහත්තයට අහස උසට බලාපොරොත්තු තිබුණා. මේ දෙවැනිදා උදේ ඔහු විරවිල ගුවන් තොටුපළේ සේවයට වාර්තා කරන්න යන්න පිටත් වෙන්න ඉස්සර දරු දෙන්නම වඩාගෙන ඉඳලයි ගියේ. මහත්තයගෙ වියොවෙන් අපේ සියලු බලාපොරොත්තු සිහින බවට පත් වුණා.

ගුවන් හමුදා සැරයන් චමින්ද කුමාර මහතාගේ දේහය ඔහුගේ නිවසට ගෙන එන අවස්ථාවේ නිවසේ හා ඒ අවට ප්‍රදේශයේ දේහය දැකබලා අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව ඒකරාශී වී සිටියහ. එම මාර්ගයේ දෙපස සුදු පැහැති ධජ හා ශෝක පුවරුද ප්‍රදර්ශනය කර තිබිණි. දේහය නිවස තුළ තැන්පත් කළ අවස්ථාවේ ඔහුගේ දරු දෙදෙනා වූ පස් හැවිරිදි නෙතුක දම්සිහ හා සිව් හැවිරිදි උදුලා තිහාරි දෙදෙනා නැඟු විලාප හඬ අවට රැස්ව සිටි අයගේ නෙත් කඳුළින් පුරවාලීමට සමත් විය.

ජිවිතය පිළිබඳ දහසක් සිතුම් පැතුම් පොදි තිබුණා. බැඳගෙන සසර ගමනේ දිගු ගමනක් යෑමට සිටි චමින්ද කුමරගේ බිරිඳ වූ මධුවන්ති යුද සමය මෙසේ කියමින් හඬා වැටුණාය. වසර කිහිපයක් ආදරය කරල තමයි අපි විවාහ වුණේ. අපේ එක්වීම සංසාරගත බැඳීමක් ලෙසටයි මට හිතෙන්නේ. ඔහු මට ඒ තරමට ආදරය, දයාව, කරුණාව දැක්වුවා. වැඩිමහල් පුතා මේ වසරේ පාසලට පළමු වසර ඇතුළත් කිරීමටයි සුදානමින් සිටියි. ඒ පිළිබඳ මගේ මහත්තයා නිතර නිතරම කතා කළා. පුතාගේ පාසල් ගමන ගැන ඔහුට තිබුණේ ලොකු බලාපොරොත්තුවක් ආසාවක්.

දෙවැනිදා උදේ වීරවිල ගුවන් හමුදා කඳවුරට රාජකාරි චාරිකාව කරන්න තිබුණා. එදා උදේ ගෙදරින් පිටවීමට ඉස්සර දරු දෙන්නා ළගට අරගෙන දුව වඩාගෙන පුතාට කිව්වා පුතේ පාසලට යන්න ඕන කරන හැම දෙයක්ම මම අරගෙන එන්නම් කියලයි ගෙදරින් පිට වුණේ. මහ්තතයට හත්වැනිදා ඉදල කොළඹට මාරුවක් ඇවිත් තිබුණා. ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක තම රාජකාරිය ඉටු කරන්න යන්න ඔහු මැලි වුණේ නැහැ. මට යුද සමයේත් මත්තයා උතුරෙත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදිල හිටියා. ඔහුට රට පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඔහු නිතරම කිව්වේ අපේ අනාගත දරු පරපුරට නිදහස් රටක් තිබිය යුතු බවයි.

දෙවැනිදා උදේ ගෙදරින් පිටවන විට මම හිතුවෙ නැහැ මේ වගේ හමුදා ආචාර මධ්‍යයේ ඔහුට අවසන් ගමන් යන්න වෙයි කියලා. නමූත් අපි කවුරුවත් නොහිතපු අවාසනාවත්ත ඛේදවාචකයක් අපට සිදු වුණා යැයි ඇය පැවසීය.

No comments:

Post a Comment