Translate

Wednesday, January 15, 2020

නාඳුනන බාලදක්ෂ සොල්දාදුවාගේ ස්මාරකය

බාලදක්ෂ ස්මාරක - නාඳුනන බාලදක්ෂ සොල්දාදුවාගේ ස්මාරක


ජපානයේ යෝකොහාමා හි පිහිටි මෙම ප්‍රතිමාව "නාඳුනන බාලදක්ෂ සොල්දාදුවාගේ" ස්මාරකය නමින් ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත. දෙවන ලෝක යුද්ධ සමයේ දකුණු පැසිපික් සාගරයේ පිහිටි එක් දූපතක සිදුවූ දරුනු සටනක් ආශ්‍රිත සත්‍ය කතාවක් මෙම ස්මාරකය ඉඳිකිරීමට හේතුපාදක විය.

දෙවන ලෝක යුද්ධයේ එක් බිහිසුණු අවස්ථාවක් ලෙස ඇමරිකාව විසින් ජපානය වෙත න්‍යෂ්ටික බෝම්බ හෙලීම කවුරුත් දන්නා කරුණකි.මෙම කුරිරු යුද්ධයේදී ඇමරිකාව ජර්මන් හිතවාදී අන්තයක් වූ අතර ඊට එරෙහිව නැගූනු මිත්‍රපාර්ශික රාජ්‍යයන් අතර ජපානය එහි ප්‍රමුඛ රටක් විය.

මෙම යුද්ධයේ එක අවස්ථාවකදී දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපතක ඇමරිකානු සොල්දාදුවෙක් බරපතළ ලෙස තුවාල ලබා සිටියේය .අවට වෙඩි තැබීමේ හඬ නතර වූ පසු ඔහු වැටී සිටි ස්ථානය කරා අඩි පාර දිගේ යමෙකු පැමිනෙන හඬ ඔහුට ඇසිණි .තම අතෙහි වූ බයිනේත්තුව සහිත තුවක්කුව (එකල අද මෙන් නොව පතරොම් තුවක්කු අග බයිනේත්තුව නම් වූ විෂ කැවූ තියුණු උලක් සවිකර තිබුනේ ඉන් ඇන සතුරා මරනයට පත්කිරීමටය)

තමා වෙත මානාගෙන සිටින ජපන් සොල්දාදුවෙකු ඔහුට දැක ගත හැකි විය. ඇමරිකානු සොල්දාදුවා සිතුවේ ජපන් සොල්දාදුවා අතින් තමා මිය යන බවය. ඒ මොහොතේදී හෙතෙම ක්ලාන්ත විය. මද වේලාවකින් අනතුරුව පියවි සිහිය ලත් ඔහු දුටුවේ තමා අසල සුදු පැහැති වැලි මත නවා දැමූ කඩදාසියකි. හෙතෙම එය අහුලා තම කමිස සාක්කුවේ ලා ගත්තේය. මද වේලාවකින් පැමිනි වෛද්‍ය බලකා සෙබලුන් විසින් ඔහු ගිලන් මැස්සක හොවා ක්ෂෙත්‍ර මෙහෙයුම් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදුව එහිදී තම සාක්කුවේ හොවා ගත් කඩදාසිය එහි සිටි වෛද්‍යවරයාට දුන්නේය. එය ජපන් සොල්දාදුවාගේ පණිවිඩයක් වූ අතර එහි සඳහන් පරිදි වූ පණිවිඩය මෙසේය" මම ඔබ මරා දැමීමට සූදානම්වන විට ඔබ ඇඟිලි තුඬු තුනෙන් යුතු බාලදක්ෂ ආචාරය කලා. මම බාලදක්ෂයෙකි. ඔබ බාලදක්ෂ සොහොයුරෙකු බැවින් මට ඔබ ඝාතනය කල නොහැකි විය. සටන් ශක්තිය නොමැති ඔබ වෙත යොමුවී ඔබව වෛද්‍යධාර ලැබීමට යොමු කලෙමි ."

යුද්ධය අවසානයේදී ඇමරිකානු සොල්දාදුවා හා ඔහුගේ පියා එක්සත් ජනපද බාලදක්ෂ මූලස්ථානයට (BSA Headquarters) ගොස් මේ කතාව ඔවුන්ට පැවසීය. ඒ අනුව ඇමරිකානු බාලදක්ෂයන් මෙය නැවත සිහිගන්වනු සිද්ධියක් ලෙසින් හා මේ නිමිත්තෙන් ස්මාරකයක් ඉඳිකිරීමට යෝජනා වූ අතර මේ සඳහා ඔවුන් අරමුදලක් ඇති කලහ.

වර්ෂ 1952 දී එවකට ඇමරිකානු බාලදක්ෂ සංගමයේ සිටි විධායක අධ්‍යක්ෂක ෆිනෙල් මහතා ජපානය වෙත ගොස් මෙම කතාව යුධ සමයේ සිදුවූ සත්‍ය කතාවක් ලෙස ජපන් බාලදක්ෂ බලධාරීන්ට ඉදිරිපත් කලේය.
මේ වන විට ජපන් සොල්දාදුවා මිය ගොසිනි. එමෙන්ම ඇමරිකානු සොල්දාදුවාගේ නම දන්නේ නැත.
යොකොහාමා හි පිහිටි මෙම නම් නොදන්නා බාලදක්ෂ සොල්දාදුවන් වෙනුවෙන් ඉඳිකල ස්මාරකය "නම නොදන්නා බාලදක්ෂ සොල්දාදුවාගේ ස්මාරකය "නමින් ජපාන බාලදක්ෂ ඉතිහාසයට එක් කලේ අමරණීය සිහිවටනයකි.

 
Related image

ජනවාරි 8 යෙදෙන බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්ස් බේඩ්න් පවෙල් සාමිතුමාගේ 79 වන ගුනානුස්මරණ සැමරුම වෙනුවෙනි.

විශේෂ ස්තූතිය
#KD - Dharmalal Gunawardena

No comments:

Post a Comment