දෙපයෙන් සිටගත හැකි තරුණ පරපුරක් හදන බාලදක්ෂ ව්‍යාපාරය
“ඔබේ දරුවන් පොළොවේ පය ගසා සිටිනු දැකීමට කැමති නම්
ඔවුන්ගේ උර මත බරක් තබන්න " යනුවෙන් ප්‍රකට කියමනක් ඇත. පොළොවේ පය ගසා
සිටින දරුවන් රටකට සම්පතකි. බාලදක්ෂ ව්‍යාපාරය යනු තරුණ තරුණියන්ගේ මානසික,
ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනය සඳහා
ආරම්භ වූ ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි.

මේ වනවිට ලෝක බාලදක්ෂ ව්‍යාපාරය මිලියන 54කට අධික තරුණ තරුණියන් හා
මිලියන 5කට අධික වැඩිහිටි ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වේ. එම ව්‍යාපාරය
ආරම්භ කළේ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්
විසිනි.
නුදුරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බාලදක්ෂ කොළඹ දිසා තරුණ සමුළුව
පිළිබඳවත් පොදුවේ බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳවත් කථිකාවක යෙදෙන්නට අප කොළඹ
දිසා බාලදක්ෂ ව්‍යාපාරයේ සහාය දිසා කොමසාරිස් මාධ්‍ය, මහජන සබඳතා හා
තොරතුරු තාක්ෂණ මිරාල් ප්‍රියංග සමඟ සම්බන්ධ විමු.
"ලෝක බාලදක්ෂිකා සංගමය ආරම්භ වුණේ 1910 වසරේදී. ආරම්භක අවධියේදී මේ
සංවිධාන දෙක විවිධත්වයක් සහිතව ක්‍රියාත්මක වුණත් මේ වන විට කාන්තා බාලදක්ෂ
නමින් ගැහැනු පිරිමි භේදයකින් තොරව එකම විෂය නිර්දේශයක් සහ ක්‍රියාකාරකම්
සහිතව අපි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය යටතේ වැඩසටහන් පවත්වනවා.
ගැහැනු දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කරන්නෙ හැමවිටම කාන්තා
බාලදක්ෂ නායිකාවක් යටතේ. මේ වනවිට දිවයින පුරා තිබෙන බාලදක්ෂ දිස්ත්‍රික්ක
තිස් හතෙන් මම නියෝජනය කරන කොළඹ දිසාව තුළ දැනට බාලදක්ෂ, බාලදක්ෂිකාවන්
11,000ක් පමණ සාමාජිකත්වය දරනවා."
මෙවර පැවැත්වෙන කොළඹ දිසා තරුණ සමුළුව පිළිබඳව අප ඔහුගෙන් විමසුවෙමු. "
තෙවැනි වරට සංවිධාන කෙරෙන කොළඹ දිසා තරුණ සමුළුව The New Normal : Way
Forward යන තේමාව යටතේ මාර්තු 26 සිට 28 දක්වා online තාක්ෂණය යටතේ
පැවැත්වෙනවා.
මෙය සංවිධානය කරන්නෙ බාලදක්ෂ ව්‍යාපාරය සඳහා තරුණයන්ගේ අදහස්
ලබාගැනීමටයි. මේ සඳහා සම්බන්ධ වන ජ්‍යේෂ්ඨ සහ මානවක බාලදක්ෂයන් සහ කාන්තා
බාලදක්ෂිකාවන්ට බාලදක්ෂ ව්‍යාපාරයේ ගෝලීය නව ප්‍රවණතා පිළිබඳව අවබෝධයක් ලබා
දෙන්න විවිධ අංශ යටතේ දේශන පවත්වනවා. ඒ වගේම ඔවුන්ගේ අදහස් විවෘතව
දක්වන්නත් අපි අවස්ථාව ලබා දෙනවා."
කොරෝනා වසංගතය ලෝකයම වෙළාගත් මොහොතක වුවත් කොළඹ දිසා බාලදක්ෂයන්
ක්‍රියාකාරීව කටයුතු කළ ආකාරය පිළිබඳව සහාය කොමසාරිස්වරයා කතා කළේ සතුටිනි.
"කොරෝනා අවධියේදීත් අපි ස්කවුටින් නැවැත්තුවෙ නැහැ. අවුරුදු උත්සවය,
පොසොන් උත්සවය හා නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙත් කාඩ් තරග ඔන්ලයින් තාක්ෂණය
උපයෝගී කරගෙන පැවැත්වූවා. ඒ වගේම ඔන්ලයින් දැනුම්වත් කිරීම් කරමින් ලේ
දන්දීමේ වැඩසටහනක් සංවිධානය කළා.
2000 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වූ කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට
online තාක්ෂණය යටතේ 4,500 ක් පමණ සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා.
අන්තර්ජාල පහසුකම් නැති අය සඳහා තැපැල් මාර්ගයෙන් වැඩසටහනක් ලබා දුන් නිසා
ලොග් සටහනක් හෝ ඡායාරූප අන්තර්ගත කිරීමක් මඟින් ඔවුන්ටත් බාලදක්ෂ කැම්පෝරිය
එක්ක එක්වෙන්න පහසුකම් සලසාදීම විශේෂත්වයක්. ඒ වගේම බීපී තුමාගේ 164 වැනි
ජන්ම දිනය වෙනුවෙන් පැළ ලක්ෂයක් සිටුවීමේ ක්‍රියාන්විතයක් ශ්‍රී ලංකා
බාලදක්ෂ සංගමය දියත් කළා."
පරාජයන් දරාගැනීමට සහ ආවේග පාලනය කරගැනීමට නොහැකිව අනෙකා පීඩාවට ලක්
කිරීම හෝ සිය දිවි හානි කරගැනීම රැල්ලක්ව පවතින කාල වකවානුවක බාලදක්ෂ
ව්‍යාපාරය තුළින් සැලසෙන සේවය අතිමහත්ය. ඒ හේතුවෙන් මවුපියන් තුළ තම දරුවන්
බාලදක්ෂ ව්‍යාපාරය වෙත යොමු කිරීම සඳහා විශාල උනන්දුවක් පවතින බව සහාය
කොමසාරිස්වරයාගේ අදහසයි.

The 57th
Camporee will have close to 5,000 scouts, club scouts and singithi
scouts in the district participating. The theme for this year’s Colombo
Camporee was ‘Leaders for a better tomorrow’. The camp program focused
on driving the theme to instill true leadership among scouts. UNFPA
joined other UN Agencies to conduct a series of trainings and awareness
sessions.
The
objectives of taking part in this session was to: 1. Create a dialogue
and conversation on consent, relationships, decision-making and life
choices; 2. To provide information and referrals on sexual and
reproductive health, gender-based violence and mental health to young
people between 15 - 24 years, and; 3. To engage with a diverse group of
young people from across the country and increase UNFPA's visibility.
UNFPA played the 'Maze Game' with scouts, which is a 15x15ft banner laid on the ground, that guides
players through a series of questions and answers on consent,
relationships, partner interactions, gender and sexual and reproductive
health. The game provides an opportunity for young people to make
choices and decisions and the choices will be discussed with accurate
information creating a dialogue among the youth. The activity focuses on
different components of CSE targeting in and out of school young
people.
A
well known activist, artist and a Gender Consultant for the Ministry of
agriculture/ presidential secretariat Kapila Rasnayake facilitated this
activity for UNFPA.
Colombo Camporee which is the flagship event of Colombo Scouts, is one
of the most iconic events in Sri Lankan Scouting history which is rooted
with rich Scouting traditions. The 57th Colombo Camporee 2022 held from
2nd to 6th February 2023 will be declared open on 3rd February 2023 by
the Chief Guest of the Opening Ceremony, Mr. Dilantha Malagamuwa, is a
Sri Lankan racing driver currently racing for the Dilango Racing Team
which he founded in 2009.
Commenting on resumption of outdoor camping by Colombo Scouts, the
District Commissioner of Colombo Mr. Amil Abeysundara stated that “Given
the COVID19 Pandemic situation that has been prevailing in the country
since March 2020, we the Colombo Scouts had to think out of the box and
innovate the concept of a Virtual Camporee which became a roaring
success in 2020 when we organized the 55th & 56th Colombo Camporee.
Now with the resumption of most day-to-day activities in the country, we
decided to hold the 57th Colombo Camporee with no restrictions, where
Scouts were encouraged to camp outdoors at at Viharamaha devi Park.
Further we have organized two events of the Camporee, namely the
Camporee Youth Day and the CAMARADERIE – The Camporee Urban Hike open
for external youth organizations, as urban hikes in the city of
Colombo”.
Organizing Commissioner of the 57th Colombo Camporee, Mr. Sampath
Wijesinghe who is also the Asst. District Commissioner for Colombo
Scouts added that “This year’s Camporee that is held under the theme
‘Leaders fora better tomorrow” will be the a life long experience for
Colombo Scouts after 3 Years.
The Organizing Committee has made all arrangements to host a
successful Camporee experience for the Singithi, Cub, Junior, Senior and
Rover Scouts of the Colombo District as well as other districts, where
they can participate in a comprehensive non-formal educational program
mixed with fun and adventure!
තේමා පාඨය වඩා හොඳ හෙට දිනයක් සඳහා වන නායකයන් (leaders for a better tomorrow) යන්නයි
"වඩා හොඳ හෙට දිනයක් සඳහා වන නායකයන්" හෙවත් leaders for a better tomorrow
උදාන වාක්‍ය තේමා කරගනිමින් 57 වැනි කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරිය කොළඹ
විහාර මහා දේවී උද්‍යානයේදී ආරම්භ වූයේ ඉකුත් 2 වැනිදාය. කොළඹ බාලදක්ෂයන්ගේ
ප්‍රමුඛතම වාර්ෂික ඉසව්ව වන එම ප්‍රධාන කඳවුර ලබන 6 වැනිදා අවසන් වීමට
නියමිතය.
කොවිඩ් 19 වසංගතය පැතිර යෑමෙන් පසු සහභාගි වන්නන් එළිමහනේ කඳවුරු බඳින කොළඹ
පළමු ප්‍රධාන බාලදක්ෂ කඳවුර වන්නේ මේ කැම්පෝරියයි. කොළඹ බාලදක්ෂයන්ගේ
ප්‍රමුඛතම ඉසව්ව වන කොළඹ කැම්පෝරිය, බාලදක්ෂ සම්ප්‍රදායන්ගෙන් පොහොසත් වන
අතර, ලාංකේය බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රධානතම කඳවුරකි.
57 වැනි කොළඹ කැම්පෝරිය නිල වශයෙන් ආරම්භ කරමින් 03 වැනිදා පැවති සමාරම්භක
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත
මාලගමුව සහභාගි විය. සිඟිති, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෝෂ්ඨ, මානවක සහ බාලදක්ෂ
නායක, නායිකාවන් 8000කගේ පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මේ කඳවුර පැවැත්වෙයි.
කොළඹ බාලදක්ෂයන් විසින් එළිමහන් කඳවුරු බැඳීම යළි ආරම්භ කිරීම පිළිබඳ
අදහස් දක්වමින්, කොළඹ දිස්ත්‍රික් කොමසාරිස් අමිල් අබේසුන්දර ප්‍රකාශ කළේ,
2020 මාර්තු මාසයේ සිට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 55 වැනි
සහ 56 වැනි කොළඹ කැම්පෝරිය සංවිධානය කළේ අන්තර්ජාලය හරහා වුවත් ඒ තත්ත්වයට
ගැළපෙන සේ අති සාර්ථකව කඳවුරු සංකල්පය නවීකරණය කිරීමට කටයුතු කළ බවයි.
මෙවර පැවැත්වෙන 57 වැනි කොළඹ දිසා කැම්පෝරියේදී දින 4ක් පුරා විහාරමහා දේවී
උද්‍යානයේ කඳවුරු බැඳීමට කටයුතු යොදා තිබෙන අතර, එහිදී කැම්පෝරි තරුණ දිනය
සහ CAMARADERIE - The Camporee Urban Hike යනුවෙන් එළිමහන් වැඩසටහන් දෙකක්
කොළඹ නගරයේ බාහිර තරුණ සංවිධාන සඳහා විවෘත කර ඇති බවත් හෙතෙම පැවසීය.
කොළඹ කැම්පෝරියේ සංවිධායක කොමසාරිස් මෙන්ම කොළඹ දිස්ත්‍රික් සහකාර දිසා
කොමසාරිස් සම්පත් විජේසිංහ වැඩිදුරටත් පවසන්නේ වඩා යහපත් හෙට දිනක් සඳහා වන
නායකයෝ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙවර කැම්පෝරිය බාලදක්ෂයන්ට ජීවිතය පුරා
විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවයි. ඒ අනුව මෙකී කැම්පෝරිය කොළඹ
බාලදක්ෂයන්ට විනෝදය සහ වික්‍රමාන්විත අත්දැකීම් නොඅඩු විධිමත් අධ්‍යාපනික
වැඩසටහනක් බවට පත් කිරීම සඳහා සංවිධායක කමිටුව සියලු කටයුතු සූදානම් කර ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට
193දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින බව කණ්ඩායම් නායක මනුක ප්‍රනාන්දු
පැවැසීය. මෙම බාලදක්ෂ කැම්පෝරියට 330ක පමණ සමාජික පිරිසකගෙන් සමන්විත
කණ්ඩායමක් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන බව සහිරා විද්‍යාලයේ බාලදක්ෂ නායක
එච්. එෆ්. එම්. ඉන්තිකාෆ් සඳහන් කළේය. ඔවුන්ගේ කණ්ඩායම බාලදක්ෂ කණ්ඩායම්
5කින් සහ ගුවන් බාලදක්ෂ කණ්ඩායම් 3කින් සමන්විතය.













නාරාහේන්පිට 44 රොටරි විවෘත සමුහය නියෝජනය කරමින් බාලදක්ෂයෝ 14දෙනකුගෙන්
සමන්විත කණ්ඩායමක් වසර තුනකට පමණ පසු පවත්වන කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට
එක්වූ බව කණ්ඩායම් භාර දිලුම් ජයරත්න පැවසීය.
බම්බලපිටිය හින්දු විද්‍යාලය ද දීර්ඝ කාලයකට පසු මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක් වූ බව කණ්ඩායම් නායක කාර්තික් පැවසුවේය.
පාසල් නොවන විවෘත 100 වැනි කොළඹ බාලදක්ෂ සමුහය, මෙවර කොළඹ දිසා බාලදක්ෂ
කැම්පෝරියට එක්වන්නේ දිසා මූලස්ථානය නියෝජනය කරමින් බව ඉමාෂී නිසංසලා
පැවැසුවාය. ඉමාෂි නිසංසලා වැඩිදුරටත් පැවසුවේ බාලදක්ෂ කටයුතුවලට කැමැති
ඕනෑම බාලිකාවකට තමන් හා එක්ව කටයුතු කළ හැකි බවයි.
"අවුරුදු තුනකට පස්සේ, දිසා බාලදක්ෂ කැම්පෝරියට මේ විදියට එළියට එන්න
ලැබීම ළමයින්ට ලොකු අත්දැකීමක් වෙයි. අපි 115ක කණ්ඩායමක් විදිහට දිසා
බාලදක්ෂ කැම්පෝරියට එක්වෙනවා" යැයි ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බාලදක්ෂ
නායක වී.පී. එස්. විතානගේ අප හා පැවසීය.
තමන් අඩි 21ක් උස සහ අඩි 40ක් පළල පිවිසුම් දොරටුවක් ඉදි කරන බව ද නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂ නියෝජ්‍ය නායක පහන් පැල්පිට පැවැසීය.
ගොතටුව ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් එක්වන
ශාස්ත්‍රිකා පැවසුවේ තම පාසල 2012 වසරේ සිටම දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන
බවයි.
මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන නාරහේන්පිට චිත්‍රා ලේන් විශේෂ
අවශ්‍යතා සහිත පාසලේ එස්.රත්නායක පැවසුවේ තම පාසලේ ළමුන් 200කට ආසන්න
ප්‍රමාණයක් සිටින බවත් ඉන් 17 දෙනකු මේ අවස්ථාවට එක්වන බවයි.







