Translate

Tuesday, September 6, 2016

මේජර් ජෙනරල් කමල් ගුණරත්න නැමති බාලදක්ෂයා

2009 මැයි දහ නම වන අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුත්තර නායක වේලුපිල්ලෙයි ප්‍රභාහරන්ගේ මළ සිරුර ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි සේනාංක නායක (එවකට) මේජර් ජෙනරල් කමල් ගුණරත්න යටතේ වූ භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුව ආසන්නයේදී සොයා ගන්නා ලදී.
මේ පුවත පළ කළ බොහෝ පුවත්පත් මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ඡායාරූපයක්ද පළ කොට තිබෙණු මම දිටිමි. යුද්ධ හමුදාවේ උසස් නිලධරයකුට වඩා මට එහි කිසිදු අමුත්තක් නොපෙණුනේය.
සතියකට පමණ පසු ආනන්දයේ හිටපු උපවිදුහල්පතිවරයකු වූ කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා (හෙවත් “ගෂියා” – ජයතිලක සර්ගේ ප්‍රියතම පාඩම ‘දෛශික’ය. ඔහු එය ශබ්ද කළේ අපූරු ආකාරයකටය. මේ විකට නාමය ඒ නිසාය. අගෞරවයකට නොවේ.) යම් පුවත්පතකටඑල්.ටී.ටි.ඊය සමඟ අවසන් සටන මෙහෙයවූ ආදි ආනන්දීය හමුදා නිලධරයන් කීප දෙනෙක් ගැන කතා කොට තිබුණා මතකය.
“කමල් ගුණරත්න ගැන මට මතක ඔහුගෙ උස නිසා. නැතුව පන්තියක හෙම හිටපු ළමයෙක් නෙවෙයි. ඉගෙනීමට වඩා උනන්දුව තිබුනේ බාලදක්ෂ කටයුතු වලට!”
මගේ උරග මනසට විදිලි කෙටුවාක් මෙන් දැනිනි.
ගුණරත්න අයියා!

1979දී සයවන ශ්‍රේණියේ සිසුවකු ලෙස බාලදක්ෂ පුහුණු වීම් වලට සහභාගි වෙද්දී අපේ කණ්ඩායම භාර වූයේ ගුණරත්න අයියාටය. ඔහු වසරකට මඳක් අඩු කාලයක් අප පුහුණු කළේය. එවන් තත්ත්වයක් යටතේ වුව මට ඔහු හඳුනා ගැන්මට නොහැකි වීමට හේතු කිහිපයක් විය. එකක් ප්‍රසන්න අයියා මෙන් නොව ගුණරත්න අයියා යුද හමුදාවට එක්වූ බව මම නොදැන සිටියෙමි. අනෙක මා ඔහු අවසාන වතාවට දුටුවේ 1979දීය. දශක තුනක කාලයක් තුළ ඔහු බෙහෙවින් වෙනස්ව සිටියේය. ප්‍රතාපවත් උඩු රැවුලක් ඔහු වතට එක් වී තිබිණි.ගුණරත්න අයියා ගැන කියන කොට ප්‍රසන්න අයියා ගැනත් අනිවාර්යයෙන්ම කිව යුතු වෙයි. (එවක) බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා යුද හමුදාවේ 55වන සේනාංකයට නායකත්වය දෙමින් පුදුකුඩුඉරිප්පු තීරණාත්මක සටනට එක්විය. නමුත් විද්‍යාලය තුළ මේ දෙදෙනා එකිනෙකාට ඉඳුරා ප්‍රති විරුද්ධ චරිත දෙකක් වූහ. ප්‍රසන්න අයියා අතිශයින් සමාජශීලී වූ අතර සමහරවිට ඔහුගේ යුගයේදී විද්‍යාලයේ ජනප්‍රියතම ශිෂ්‍යයා විය. නිහඬ චරිතයක් වූ ගුණරත්න අයියා ගැන දැන සිටියේ ටික දෙනෙකි. බාලදක්ෂ පුහුණුවීම් වලට සහභාගි නොවන්නට මටද ඔහු මුළුමනින්ම ආගන්තුක චරිතයක් වීමට තිබුණේය.

1979දී ආනන්දයේ බාලදක්ෂ කණ්ඩායම් නායක ජනාධිපති බාලදක්ෂ අජිත් කෝදාගොඩය. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගේ දෙටු පුත් “කෝදාගොඩ අයියා” පසුව මගේ ගෞරවයට පාත්‍ර වූ ගුරුවරුන් අතර ඉහළින්ම සිටින ධර්මරත්න සර්ගේ දියණිය සමඟ විවාපත් විය. මේ පසු සිද්ධීන්ය. 1979දී ඔහු උසස් පෙළ සිසුවෙකි. මුල් දිනයේ අප පිළිගැනීමෙන් පසුව ගුණරත්න අයියාට අප පැවැරුවේ ඔහුය.
“ඔය ගොල්ල හිතන්න එපා බාලදක්ෂයෙක් වෙන එක ලේසි වැඩක් කියලා. ඒක අසීරු දෙයක්. නමුත් එයින් පසුව ලැබෙන ප්‍රතිඵල විශිෂ්ටයි…වැඩි දේවල් ගුණරත්න අයියා ඉස්සරහට කියලා දේවි.”
බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ නීතිය ආදී මූලික කාරණා කියා දීමෙන් පසුව ගුණරත්න අයියා වඩා ප්‍රායෝගික දේවල් වලට බසී.

“කවුරු හරි දන්නවද භාජනයක් නැතුව අර්තාපල් ගෙඩියක් තම්බ ගන්න කොහොමද කියලා…”
“භාජනයක් නැතිවෙන්න නෑනෙ අයියෙ…” කවුරුන් හෝ කියයි. “ගෙදර ඕනැ තරම් හැළි වළං තියෙනවනෙ”
“මෝඩ කතා කියන්න එපා. බාලදක්ෂයින් හැටියට අපට ඝණ වනාන්තරේ මැද්දෙ ගවේෂණ චාරිකා වලට යන්න වෙනවා. ඒවට හැළි වළං උස්සගෙන යන සිරිතක් නෑ. උස්සගෙන යන්නත් බෑ. එහෙම වෙලාවක අපි කොහොමද අර්තාපල් ගෙඩියක් තම්බ ගන්නෙ?”
අපි එකිනෙකාගේ මුහුණු බලමු. ගුණරත්න අයියා අල ගෙඩියක් කොළ අතු වලින් වසා බැඳ ගිණි අඟුරු මැද තබා තම්බා ගන්නා ආකාරය අපට කියාදෙයි. ඉන්පසු ඔහු භාජනයක් නැතිව බිත්තරයක් තම්බා ගන්නා හැටි කියා දෙයි. මේවා මෙසේ විස්තර කළාට ප්‍රායෝගිකව කරන්නට හැකියාව ඇත්තේ මනා පුහුණුවකින් පසුව විය යුතු බව මට අදත් සිතෙයි. මන්ද මා ඒ කාලයේ මේ පරීක්ෂණ වලට ගොස් අලගෙඩි, බිත්තර රාශියක් විනාස කර අත්දැකීම් ඇති නිසාය.
ඊළඟට ප්‍රථමාධාර!
“දැන් ඔය ගොල්ල පාරෙ යන කොට දකිනව අනතුරක්. කාර් එකකුයි බස් එකකුයි හැප්පිලා කියමුකෝ. මොනවද මුලින්ම කරන්න ඕනැ? කාට හරි කියන්න පුළුවන්ද?”
අපට සිතා ගත නොහැකිය. අපි එකිනෙකාගේ මුහුණු බලමු.
“පුළුවන් තරම් ඉක්මණට තුවාල කාරයො රෝහලකට ගෙනියනවා” එකෙක් කියයි. එකකු හෝ උත්තරය දැන සිටීම ගැන අපට හරි ජොලිය. අපි ඔළුව වනමු.
“දැන් මෙයා කියනව තුවාල කාරයො ටික රෝහලකට ගෙනියන්න ඕනැ කියල. ඒකද අපි මුලින්ම කරන්න ඕනැ”
“ඔව්..ඔව්…” අපි එක හඬින් කියමු.
“මෝඩයො. මුලින්ම කරන්න ඕනැ ඒක නෙවෙයි කවුද මැරිල තියෙන්නෙ කවුද නැත්තෙ කියල තේරුම් ගන්න එක. මොකද මැරිච්චි මිනිහෙකුට කොයි තරම් වෛද්‍යාධාර දුන්නත් වැඩක් නෑ. කවුද මැරිල තියෙන්නෙ කියල හරියටම දන්නව නම් අපට් ඒ අය ඉතුරු කරල අපේ අවධානය අනෙක් අයට දෙන්න පුළුවන්…”
සිහින් සිනවක් සමඟ ගුණරත්න අයියා මේ ටිකද එක් කරයි.
“තුවාලකාරයන්ව හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස්පිරිතාලෙට ගෙනියනව කියන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ මොකද ඒ අය අතර ඉන්න පුළුවන් අස්ථි බිඳිච්චි කට්ටිය. පිටින් නොපෙනුණාට අභ්‍යන්තර තුවාල වෙච්චි කට්ටිය. නොදන්න කෙනෙක් මේ අයව එහාට මෙහාට කරල ඒ තුවාල දරුණු වෙන්න පුළුවන්…”
ඉන්පසු ගුණරත්න අයියා “ප්‍රථමාධාර” බැජ් එක ගන්නට මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ යම් පැය ගණනක් එහි කටයුතු නිරීක්ෂණය කරමින් සිටීමට සිදුවීම ගැන කියයි. “සංසාරෙ එපා වෙනව අයිසෙ එතැන ඉන්න ගියාම. ඔන්න ගේනව පිහියා ඇනුමකට ලක් වෙච්චි කෙනෙක්. එයාට බඩේ එක පැත්තකට පිහියෙන් ඇනල අනික් පැත්තට කැපෙන කල් පිහිය ඇදලා. බඩවැල් ඔක්කොම එළියෙ. තව කෙනෙක් බඩ වැල් උස්සගෙන තමයි එන්නෙ…”
යුද බිමේදී ගුණරත්න අයියාට මීට වඩා බොහෝ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වුනාට සැක නැත. ඒ යුද්ධයේ හැටිය.
ගුණරත්න අයියා ගැන තවත් මතකයක් නම් ඔහු තමන් නිර්භීත වූවාක් පමණක් නොව අනුන්ගේද බිය නැති කිරීමට ආයාසයක් ගත් බවයි. ඒ සඳහා ඔහු ගත් අවදානම සමහර අවස්ථාවලදී පුදුම සහගතය.
ආනන්දයට වරක් හෝ පය තැබූවෝ ආනන්දයේ පස් මහල් ගොඩනැඟිලි දෙක ගැන දනිති. මින් එකක් විද්‍යාගාර ගොඩනැඟිල්ලය. (දැන් නම් එහි සාමාන්‍ය පන්ති පැවැත්වේය සිතමි.) අනෙක එවකට බහු කාර්ය පස්මහලය. තට්ටු පහක් අද නම් එතරම් උසක් සේ නොසිතෙතත් ඒ කාලයේ නම් බය හිතෙන උසකි. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ අප කඹයකින් මේ පස් මහලේ පස් වැනි තට්ටුව දක්වා නංවන්නටය. අත්ළ රතු වී රිදෙන්නට පටන් ගත් හෙයින් මම දෙවන මහළේදී නතර වීමි. වඩා හිත දැඩි වූවෝ සිව් වන මහල දක්වා නැංගහ. අපි නඟින්නට බැරි වූ දුකට පස් මහලේ සිට කඹයෙන් බිමට බැස්සෙමු. මෙයද අවදානම් කටයුත්තකි. යන්තමින් හෝ අත ලිස්සුවොත් අප අල්ලා ගන්නට සැරහී සිටියේ ආරක්ෂිත දැළක් නොව ඝණ තාර පොළොවය.
තව විටෙක එක් බාලදක්ෂ අභ්‍යාසයකදී තිරස් කඹයක දෙපසින් බඩ ගාමින් එන බාලදක්ෂයින් දෙදෙනෙක් එකට හමුවී එකකු යටින් අනෙකා මාරු වීමෙන් පසු දෙපසට ගමන් කරති. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ මේ අභ්‍යාසය කඹය පස් මහලේ එකිනෙකට තරමක් දුරින්, ගොඩ නැඟිල්ලට පිටතින් වූ පිය ගැට පෙළ දෙකෙහි බැඳි කඹයක කරන්නටය. ඊට නම් ඔහුට අවසර ලැබුණේ නැත.

මා බාලදක්ෂයකුව ගත කළේ ආනන්දයේ ගෙවූ පළමු වසර පමණෙකි. ඉන්පසු මට අවබෝධ වූයේ එය මට නොව මට වඩා කැපැවීමකින් කටයුතු කළ හැකි පිරිසකට ඇති දෙයක් බවයි. හතේ පන්තියේ මැද හරිය වන විට මම බාලදක්ෂ ජීවිතයෙන් මිදී චෙස් අදින්නට පටන් ගෙන සිටියෙමි. මේ මා පාසල් සමය තුළදී සහභාගි වූ එකම ක්‍රීඩාවය. 1981දී මම ආනන්ද කණිෂ්ඨ චෙස් කණ්ඩායම නියෝජනය කළෙමි. බාලදක්ෂයකු වූ ගුණරත්න අයියාට යුද හමුදාවට බැඳෙන්නට සිත් දුන්නේ මන්ද යනු මා නොදන්නා කතාවකි.

--------------------------

ප්‍රසන්න අයියා මට හමුවන්නේ මා හය වැනි ශ්‍රේණියේ සිසුවකුව සිටියදී, 1979 අවුරුද්දේ අග භාගයේදීය. ගුණරත්න අයියා ඊට මාස කිහිපයකට පෙරය. (මේජර් ජෙනරල් කමල් ගුණරත්න – නන්දිකඩාල් කලපුව අසළදී ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයා ගනු ලබන්නේ ඔහුගේ සේනාංකය මඟිනි.) එහෙත් මම ප්‍රසන්න අයියා මුලට ගැනීමට සිතුවෙමි. මාද අයත් වූ නවකයින් තිස් හතළිස් ගණනෙකින් යුතු බාලදක්ෂ කණ්ඩායමක් බාරව උන්නා විනා ගුණරත්න අයියා මගේ ජීවිතයට ලොකු බලපෑමක් නොකළේය. ප්‍රසන්න අයියාට මම ඊට වඩා සමීප වීමි.
1979-80 හරියේ ප්‍රසන්න අයියා ආනන්දයේ පොඩි එවුන් අතර ජනප්‍රියතම ශිෂ්‍ය විධායකයා විය. ආනන්ද විද්‍යාලය ‘තරු’ රාශියක් බිහි කළ යුගයකි. අර්ජුන රණතුංග 1980දී ඔබ්සවර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. රවිනාථ ආර්යසිංහ (වත්මන් ලංකා තනාපති, බෙල්ජියම, ලක්සම්බර්ග් හා යුරෝපීය සංගමය) පාසලින් ඉවත් වීමටත් පෙර එවකටත් රටට නවමු රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදනය කරයි. මේ සියලු ‘තරු’ අතර අධ්‍යාපනයටත් හපන්කම් නොදැක්වූ, අඩු ගාණේ කැඩෙටින්වත් නොකළ පාපන්දු කණ්ඩායමේ නායකයා පමණක් වූ ප්‍රසන්න අයියා විශේෂ ස්ථානයක් දිනා සිටියේය. මීට හේතුව එකල පවා විද්‍යාමාන වූ ඔහුගේ අපූර්ව පෞරුෂයය සිතමි.
 -----------------------------

තිස්වසරක යුද්ධයේ රහස් 06 වෙනිදා එළියට


තිස්වසරක යුද්ධයේ ජයග‍්‍රහණයේ රහස් රැසක් සැත්තම්බර් 06 වනදා ලොවටම හෙළිවේ. රටම භීතියට පත්කරමින් විනාශයෙන් විනාශයට රැුගෙන ගිය ඝාතක ප‍්‍රභාකරන්ගේ ලේ පිපාසිත ජීවිතයට අවසන් තිත තැබූ මේජජනරාල් කමල් ගුණරත්න රණමග ඔස්සේ නන්දිකඩාල් තුලින් යුද්ධයේ සැබෑ කතන්දරය එළිකිරීමට සූදානමින් සිටී. රණබිමේ විරෝධාර රණවිරුවෙකු වූ මේජජනරාල් කමල් ගුණරත්න සැත්තැම්බර් 05වනදා සිය ක‍්‍රියාන්විත ජීවිතයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතය. පසුදින එනම් 06 වනදා සිය උපන්දිනය සමරන මේජජනරාල් කමල් තමාට නොව රටටම උපන්දින තෑග්ගක් ලබාදීමට සැලසුම්කර ඇත. 
ඒ යුද්ධයේ පෙනුනු සහ නොපෙනුනු සැබෑ පැතිකඩ ''රණමග ඔස්සේ නන්දිකඩාල්'' මගින් පොතකින් කළඑළි දක්වමින්ය. 1983 කළු ජූලියෙන් මියගිය වාස් ගුණවර්ධනගේ පටන් 2009 මැයි 18 වනදා මරාදැමූ ඝාතක ප‍්‍රභාකරන් දක්වා සියළු කතන්දර රණමග ඔස්සේ නන්දිකඩාල් පිටු අතර ලියවී ඇත. තමාට ජීවිතයේ මග පෙන්වූ ජීවනාලිය බ`දු වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාව යුද්ධයේ රහස් හෙළිකරන තෝතැන්න බවට මේජර් ජනරාල් කමල් ගුණරත්න තෝරාගෙන ඇත. රණමග ඔස්සේ නන්දිකඩාල් එළිදක්වන ඓතිහාසික මොහොතට යුධජයේ සැබෑ කොටස්කරුවන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂකලේකම් ගෝඨාභය රාජපක්ෂ, කයිට්ස් දූපතේදී ඝාතනයට ලක්වූ මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ආදරණීය බිරිඳ ලිලී කොබ්බෑකඩුව කමල් ගුණරත්නයන්ට යෝධ ශක්තියක් වූ ඔහුගේ ආදරණීය බිරිඳත් පොත දොරට වැඩීමේ මෙහෙයුම් ප‍්‍රධානී ලෙසින් ආරාධනා ලැබ සිටී. දේශපාලන කථාවලින් තොර යථාර්ථයේ සැබෑ මොහොත සනිටුවහන් කරන සැත්තැම්බර් 06 වනදා සවස 5.30ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවට පැමිනෙන්නයි රටට ආදරය කරන සැමට මේජර් ජනරාල් කමල් ගුණරත්න ඇරයුම් කරයි. 

1979දී සයවන ශ්‍රේණියේ සිසුවකු ලෙස බාලදක්ෂ පුහුණු වීම් වලට සහභාගි වෙද්දී අපේ කණ්ඩායම භාර වූයේ ගුණරත්න අයියාටය. ඔහු වසරකට මඳක් අඩු කාලයක් අප පුහුණු කළේය. මේ කමල් ගුණේ අයියා ගැන අනෙකෙකු ලියූ කතාවකි.

ඔහු මුහුණදුන් ඔහුගේ ම වචනයෙන් ලියැවුණු අනෙක් කතාව නම් නන්දිකඩාල් තුලින් යුද්ධයේ සැබෑ කතන්දරය එළිකිරීමයි. මෙවර ඔහු ''රණමග ඔස්සේ නන්දිකඩාල්'' බලා පියමං කරන්නට බාලදක්ෂ ඔබටත් කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවට ආරාධනා කර සිටියි. මේ ආරාධනය ඒ මෙහෙයුම වෙනුවෙනි...

 -----------------------------

අතුරු කතාවක්

ඔබ අපට වීරයෙක්‌ වුණාට සමහරුන්ට යුද අපරාධ චෝදනාකරුවෙක්‌. නැත්නම් යුද අපරාධකාරයෙක්‌. සමහර රටවලට ඔබට අඩිය තියන්නවත් බැහැත්‍ව මේ ගැන හිතන කොට දුකක්‌ එහෙම දැනෙන්නේ නැද්දත්‍ව?
මම පස්‌වෙනි පන්තියට වෙනකං ගියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට. මට හතරේ පන්තියේදී ඉගැන්නුවේ සෝමා රණවිර ගුරු මෑණියෝ. එදා ඒ ගුරු මෑණියෝ උගන්වපු, එස්‌. මහින්ද හාමුදුරුවන්ගේ කවි දෙකක්‌ මට හොඳට පාඩම් හිටියා. මගේ ජීවිතේ පාඩම බවටත් මම ඒක පත්කර ගත්තා.

ජාතිය රන් විමනක්‌ වේ
ආගම මිණි පහනක්‌ වේ
එය රැුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ

අනිත් කවිය තමයි ඔබගේ ප‍්‍රශ්නයට පිළිතුර

ඉටුකොට කළයුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

සේවයෙන් විශ‍්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ‍්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත‍්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ‍්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡුාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි. යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග සති අන්ත පුවත්පතක් කරන ලද සාකච්ඡුාවයි මේ.

හමුදා සේවයෙන් විශ‍්‍රාම යන මොහොතේ, අතීතයට අපේ කතා බහ රැුගෙන යැම සඳහා 2009 මැයි 18 වෙනිදා දිනය ඔබට මතක්‌ කර ගන්න පුළුවන්ද?

ඇත්තටම එදා පාන්දර දෙකහමාරට විතර, එල්ටීටීඊ ත‍්‍රස්‌තවාදීන් විසින් මගේ කණ්‌ඩායමට ප‍්‍රහාරයක්‌ එල්ල කළා. නන්දිකඩාල් කලපුව ආශ‍්‍රිතව පුදුමාතලන් ප‍්‍රදේශයේදී තමයි මේ පහර දීම සිදුවුණේ. අපි මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු වුණා. ත‍්‍රස්‌තවාදීන්ගේ අවසාන පිරිස අපි කොටු කරගෙනයි මේ වෙනකොට හිටියේ.

ඒ වෙනකොට ඔවුන්ට තිබුණ එකම විසඳුම කලපුවට පනින එක විතරයි. මොකද අනිත් තුන් පැත්තෙන්ම අපි ඔවුන්ව කොටු කරලයි තිබුණේ. එදා පාන්දර ඔවුන් මගේ වළල්ලේ පිටිපස්‌සේ තැනකට තමයි, ප‍්‍රහාරය එල්ල කළේ. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ස්‌ථානයක්‌ සහ ප‍්‍රහාරයක්‌. එතැන කඩා ගෙන තුන්සිය පනහක පමණ ත‍්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඇතුලට පැන්නා. ඒ වෙනකොටත්  ඕනෑම දේකට සූදානම්ව අපි එක්‌ එක්‌ සැලසුම් හදලා තිබ්බේ. අපි ඒකට කියන්නේ, ඉන්ජෙන්සන් ප්ලෑන් කියලා. ඒ කියන්නේ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරෙහෙම වුණොත් මෙහෙම කරන්න යනාදී වශයෙන්, අවදානම් ගණනාවක්‌ සඳහා අපි සූදානම් වෙලයි හිටියේ.

මගේ පළවෙනි අණ දීම වුණේ කඩපු තැන ඉක්‌මනට වහගන්න කියන ඒකයි. සාමාන්‍යයෙන් මීටර් දෙසීයක විතර ආරක්‌ෂක බැම්මක්‌ කැඩිලා තිබ්බාත්‍ව අපි විනාඩි විස්‌සක්‌ විතර ඇතුළත එම වළල්ල යළි හදා ගත්තා. තව එළිවෙන්න පැය තුනයි තියෙන්නේත්‍ව ඊට පස්‌සේ අපිට ඇතිවෙන්න ගහ ගන්න පුළුවන් කියලා මම හිතුවාත්‍ව ඒ නිසා ඉක්‌මනින්ම අපේ ආරක්‌ෂිත වළල්ලේ කැඩුණු තැන හදා ගන්නයි මට  ඕනේ වුණේ.

මේ වෙනකොට නන්දිකඩාල් තීරයේ රැඳී ඉන්නේ කොයි වැනි පිරිසක්‌ කියලා ඔබට අනුමානයක්‌ තිබ්බා?

නැහැත්‍වනායකයෝ කවුද ඉන්නේ කියන එක ගැන අපි කිසිම දෙයක්‌ දන්නේ නැහැ. නමුත් එල්ටීටීඊයේ සිහින ඊලාම් රාජ්‍යයේ අවසාන බිම් කඩත් අපි අල්ලා ගැනීම සඳහා සූදානමින් තමයි හිටියේත්‍ව මේ වෙලාව වෙනකොට අපිට තිබ්බේ අතේ තියෙන දේ කටේ දාගන්න විතරයි. උදේ වරුවේත් අපි සටන් කළාත්‍ව දහය විතර වෙනකොට ඒ සටන අවසන් වුණා. දවල් ආයෙත් අපිට දැනගන්න ලැබුණා, එක්‌ පිරිසක්‌ කලපුවේ කඩොල් කැලය ඇතුළේ ඉන්නවා කියලාත්‍ව එතැනට අපි ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දවල් දෙක විතර වෙනකොට ඒ සටන පටන් ගත්තා. ඒක හැන්දෑවේ හයාමාර වෙනකං විතර ගියා. මේ වෙලාව වෙනකොට මුළු ලංකාවම අපේ රජයේ පාලනය යටතට පත්වුණා.

ඊලාම් දේශයේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, සුනුවිසුණු වෙලා ගියා. ඔය පළාත අවුරුදු විස්‌සක්‌ විතර රජයෙන් ගිලිහිලා තිබුණේ. අනිත් පළාත් සේරම අපි අල්ලාගෙන ඉවරවෙලයි ඒ වෙනකොට තිබ්බේ. මෙතැන අල්ලා ගත්තා විතරයි, මුළු රටම එක ධජයක්‌ යටතට, සිංහ ධජය යටතට ආවා. එදා අපිට බොහෝම සන්තෝෂ දවසක්‌. මැරිච්ච ත‍්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු අපි එකතු කර ගන්න පටන් ගත්තා. එතැන ඉහළ පෙලේ එල්ටීටීඊ ත‍්‍රස්‌තවාදී නායකයන් ගණනාවකගේ මළ සිරුරු තිබ්බා. ප‍්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් සහ සුසෙයි ඇරෙන්න අනිත් ඔක්‌කොම නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. භානු, ජෙයම් වගේ නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. ප‍්‍රභාකරන්ගේ පුතා චාල්ස්‌ ඇන්තනිගේ මළ සිරුර එතැන තිබ්බා.

එදා අපිට බොහොම සන්තෝසයි. නමුත් මගෙ ඔලූ‍වෙ එක ප‍්‍රශ්නයක්‌ තිබ්බා. ඒ ප‍්‍රභාකරන්ගේ මළ සිරුර කෝ කියන එක. ඒ වගේම මම ආමි කමාන්ඩර්ට කතා කරලා ”සර්, අපේ රටේ අන්තිම බිම් අඟලත් අපි බේරා ගත්තා” කිව්වාම ආමි කමාන්ඩර් ටිකක්‌ කල්පනා කරලා මගෙන් ඇහැව්වා ”ප‍්‍රභාකරන් කෝ?” කියලා. එතුමාට මම කිව්වා ”සර්, ප‍්‍රභාකරන්ගේ බොඩි එක නැහැ ත්‍ව” කියලා. එතකොට ආමි කමාන්ඩර් මට කිව්වා ”එහෙනං යුද්දේ ඉවර වෙන්නේ නැහැ..” කියලා. මමත් එතකොට කිව්වා ”ඔව් සර්, එහෙනං යුද්දේ ඉවරවෙන්නේ නැහැ. හැබැයි මගේ ඔක්‌කොම බ්ලොක්‌ස්‌ මම දාලා තියෙන්නේ” කියලා. මේ වෙනකොට නන්දිකඩාල් කඩොලාන ඇතුලේ හරි කරුවලයි. එතැන මොකුත් කරන්න බැහැ. කඩොලාන ඇතුලේ රැට සටන් කිරීම අමාරුයි. පොඩි සද්දයක්‌ වුණත් ඇහෙනවා. කුරුල්ලෝ පියාඹනවා. ඒ දිශාව අනුව කවුරු හරි එන දිශාව හඳුනාගන්න ලෙහෙසියි.

මම ආමි කමාන්ඩර්ට කිව්වා ”සර්, හෙට උදේ මම සර්ච් එකක්‌ දාලා බලන්නම්” කියලා. මම එදා ? බොහෝම සන්තෝසෙන් නින්දට ගියත් ”ප‍්‍රභාකරන් කෝ?” කියන ප‍්‍රශ්නය මගේ හිතේ තිබ්බා. ”මේ යකා පැනලද? පැන්නොත් යුද්දේ ඉවර වෙන්නේ නැහැ නේද?” කියන ඒවා මගේ හිතට ආවා. අපිට  ඕනෑ වෙලා තිබුණේ අනාගත පරම්පරාවකට මේ යුද්දේ ඉතුරු නොකරන්න. බැරි වෙලාවත් ප‍්‍රභාකරන් වෙන රටකට පැන්නා නම් එහෙට වෙලා යුද්දේ මෙහෙයවන්න පුළුවන්.

මේක මම මගේ පොතේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප‍්‍රභාකරන් කියන්නේ දැඩි තීරණ වගේම මෝඩ තීරණ ගත්ත නායකයෙක්‌. එහෙම වුණාට ඔහු දක්‌ෂ නායකයෙක්‌ත්‍ව ඒ නායකත්වය රටටම ලොකු තර්ජනයක්‌. ඒ නායකත්වය අපිට විනාශ කරන්න බැරිවුණා නම් අපිට සහ අපේ අනාගත පරම්පරාවට ඒක ලොකු ප‍්‍රශ්නයක්‌ වෙනවා. ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි. මෙච්චර කැපවීමක්‌ කරලත් අපිට මේ මිනිහව මරා ගන්න බැරිවුණොත්, අපේ අනාගත පරම්පරාවට අපි කොහොමද උත්තර දෙන්නේ කියන ප‍්‍රශ්නය මගේ හිතට ආවා.

ඔබට ප‍්‍රභාකරන් හෝ භානු සජීවීව මුණගැහිලා තියෙනවද?

ප‍්‍රභාකරන් කවදාවත් පණ පිටින් දැකලා නැහැ. භානු දැකලා තියෙනවා. හැබැයි කවදාවත් කතා කරලවත්, අතට අත දීලාවත් නැහැ. මේ මගේ දකුණු අත බොහොම පිරිසුදුයි. (සිය දකුණු අත ඉහළට ඔසවා පෙන්වමින්ත්‍ව* කිසිම ත‍්‍රස්‌තවාදී නායකයෙකුට සාමය කාලයේදීවත් මම අතට අත දීලා නැහැ. ඔය ත‍්‍රස්‌ත නායකයෝ සාම කාලවලදී මට අත දීක්‌ කරලා තියෙනවාත්‍ව ඒ උනාට මම උන්ට අත දීලා නැහැ. දැන් අපි දහ නමවෙනිදා දවස ගැන මතක්‌ කරගමු. රටේ හැම තැනම ජනතාව කිරිබත් කමින් ප‍්‍රීති ඝෝෂා පවත්වනවා.

ඔව්ත්‍ව අපේ ළමයිනුත් එදා උදේ කිරිබත් හදලා තිබ්බා. කඩොලානට තව බැටැලියන් එකක්‌ දාලා සර්ච් කරන්න කියලා එතකොට මම කියලයි තිබ්බේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ ඉඳන් තමන්ගේ කතාව පටන් අරගෙන තිබුණා.

මගේ නායකත්වය යටතේ තිබුණු පනස්‌ තුන්වෙනි සේනාංකය යටතේ තමයි අටවෙනි කාර්ය සේනාංකය තිබ්බේ. කර්නල් රවිප‍්‍රිය තමයි එක භාරව හිටියේ. මේ අතරේ කර්නල් රවිප‍්‍රිය මට කතා කරලා. ”සර්, කඩොලානේ තව ඩිවලොප්මන්ට්‌ එකක්‌ තියෙනවා” කිව්වා.

ඒ වෙනකොට අපි යුද්දේ දිනලා ඉවරනේත්‍ව එක දිගට මාස දෙක තුනක්‌ නිදි මරලා, ටිකක්‌ හිටියා විතරයි, මෙන්න ආයිත් කියනවා ගහ ගන්නවා කියලා. කන්න ගත්ත කිරිබත් කෑල්ලත් පැත්තකට දාලා මම ගියා, නන්දිකඩාල් සටන් භුමියට. උන් එනකොට ”අපේ කට්‌ටියත් ගහ ගත්තා, අපිටත් උන් ෆයර් කළා. මේ සටන විනාඩි හතලිස්‌ පහක්‌ විතර ගියාත්‍ව ”සර්, ඔක්‌කොම් නියුට්‌රමලයිස්‌ කරලා තියෙන්නේ. එක පොයින්ට්‌ එකක්‌ තියෙනවා, ඒක කොන්ට්‍රොල් කරගන්නම බැහැත්‍ව එතැනින් දිගටම ගහනවා” කියලා මට අපේ අය කිව්වා. මට ලොකු සටනක්‌ කරලා අපේ කොල්ලෝ මරා ගන්න උවමනාවක්‌ නැහැ. අතට ගත්ත දේ කටට දාලා, දැන් හපා ගන්න විතරයි තියෙන්නේත්‍ව ”ලොකු සෙනගක්‌ දාන්න එපා. අට දෙනාගේ කණ්‌ඩායම් දෙකක්‌ දාලා,  ඕක බලාගන්න” කියලා මම කිව්වා..

කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් හතරවෙනි විජයබාහු බලඇණියේ පිරිසක්‌ ඒ සඳහා මම යෙදෙව්වා. ටික වෙලාවකින් ”හරි සර්, ඔක්‌කොම ඉවරයි. ප‍්‍රභාකරන්ගේ බොඩි එකත් තියෙනවා” කියලා මට එහෙන් කිව්වා. මේ වෙනකොට වෙලාව උදේ දහයයි තිහට විතර ඇති.

මගේ ගාව හිටියා, කර්නල් ලලන්ත ගමගේ. මෙතැන බලලා මොකද වෙලා තියෙන්නේ කියන්න කියලා මම කර්නල් ලලන්තව යෑව්වා. වැඩි ඈතක නෙමෙයි, මම හිටිය තැනින් මිටර් දෙසීයක්‌ ඈතින් තිබුණ කලපු ප‍්‍රදේශයට තමයි මම එයාව යෑව්වේ. ”සර්, යුරේකාත්‍ව ප‍්‍රභා මැරිලා ඉන්නවා” කියලා මට කර්නල් ගමගේ කතා කරලා කිව්වා. ” හොඳටම ෂුවර්ද?” මම ඇහැව්වා.
”ඔව් සර්, ටක්‌ ගාලා ආමි කමාන්ඩර්ට කියන්න.”
”ඔය බොඩි එක මෙහෙට ගෙන්න”
හරිත්‍වහරි සර්, බොඩි එක ගේන්නම් ටක්‌ ගාලා මේක කොළඹට කියන්න” කියලා මට කර්නල් ලලන්ත ගමගේ කිව්වා. එයත් හිටියේ ලොකු සන්තෝෂයකින්. මේ ජයග‍්‍රහණයේ පණිවුඩය ඉක්‌මනින්ම රටටම කියන්න තමයි හැමෝටම  ඕනේ වුණේ.
”හරිත්‍වහරි සර් බොඩි එක ගේන්නම් මේ පණිවුඬේ ඉක්‌මනට කොළඹට කියන්න” ආයෙත් මට ලලන්ත කියනවා. මට ඒ පාර කේන්ති ගියා.
උඹ ඔතැනට වෙලා  ඕකගේ පාංශුකුලය දෙන්නේ නැතුව  ඕක ඉක්‌මනට මෙතැනට ගෙනෙන්ත්‍ව” කියලා මම කිව්වා.

එහෙම කිව්වට මගේ ඇස්‌ දෙකෙන් ප‍්‍රභාකරන්ගේ මිනිය දකිනකන් මම ඒක ආමි කමාන්ඩර්ට කියන්න කැමති වුණේ නැහැ. මම මේක ආමි කමන්ඩර්ට කියලා, එතැනින් ආරක්‌ෂක ලේකම්තුමාට සහ ජනාධිපතිතුමාට කියලා, ඊට පස්‌සේ මේක රටටම කියලා, ඒ මැරිලා ඉන්නේ ප‍්‍රභාකරන් නෙමෙයි නම්, මටත් වෙඩි තියාගෙන නන්දිකඩාල් කලපුවට පනින්න තමයි වෙන්නේත්‍ව ඒ නිසා මේ මිනිය මම ම බලලා තහවුරු කර ගන්න වුවමනාවක්‌ තිබ්බා.

විනාඩි දහයක්‌ විතර යනකොට මිනිය ගොඩට ගෙනාවා. ඒවෙනකොට යුද බිමේ මේ ආරංචිය ගිහිල්ලා අපි ළඟ නිලධාරීන් සහ සෙබළු හාර පන්දාහක්‌ එකතුවෙලා හිටියා. සතුටින් කෑගහන කොටම කොල්ලෝ උඩට වෙඩි තියන්න පටන් ගත්තා. ඔක්‌කොම තුවක්‌කුවලින් වෙඩි තිබ්බා. මැසින්ගන් වැල් පිටින් ගහනවාත්‍ව පස්‌සේ මගේ ඔෆිසර්ස්‌ලා නවත්තන්න හදනකොට නැහැත්‍ව ”වෙඩි තියපුවාවේත්‍ව” කියලා මම කිව්වා. ඒ ජයග‍්‍රහණයේ විතරක්‌ නෙමෙයි. තිබුණ පීඩනය පිට කිරීමක්‌. මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක්‌ පුරා උදේට නැගිටපු උදවිය. විනාඩි පහක්‌ විතර මුළු නන්දිකඩාල්ම ගිඟු‍රුම් දෙන විදිහට මේ වෙඩි පත්තු වුණා.

ඒ තමයි මගේ ජීවිතේ අමරණීයම මොහොත. අපේ රට අවුරුදු තිහක්‌ තිස්‌සේ අඳුරු අගාධයකට ඇදලා දාලා, සිංහල ජාතිය අප‍්‍රිකාවේ වනචාරීන්ටත් වඩා වනචාරී ජාතියක්‌ කියලා ලෝකයට පෙන්නලා, අහිංසක දරුවන්ගේ ඉඳන් ජීවිත බිලිගත්ත මිනිහව, මගේ කොල්ලෝ මරලා, මගේ කකුල් දෙක ගාවට ගෙනාවම මට දැනෙන සන්තෝෂය විස්‌තර කරන්න මට වචන නැහැ.
මම ඒ ඇඟට අත තියලා බලනකොට ඇඟ රස්‌නෙයි. ඔලූ‍වෙන් ලේ එනවා.
මම අතට අත දුන්නේ නැහැ.

ප‍්‍රභාකරන් තමන්ගේ දෙපා මුල මැරිලා ඉන්නවා දැක්‌කාම ඔබට දැනුන හැඟීම මොකක්‌ද?

යුද්දේ ඉවර වුණාම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්‌ කොළඹ හිල්ටන් හෝටලයේ දී ලබා දුන්නා. එතැනදී ඔය ප‍්‍රශ්නයම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මගෙන් ඇහැව්වා. ”සර්, මට මම රජෙක්‌ වගේ කියන හැඟීම ආවාත්‍ව” කියලා තමයි මම උත්තර දුන්නේ. ප‍්‍රභාකරන්ට දෙවියෝ අණ දුන්නාට, පනස්‌ තුන සේනාංකය එක්‌ක ඇවිල්ලා සටන් කරලා මැරියන් කියලා, මේ සටන කළේ අපි හැමෝම. මම කළේ සියලූ‍ සේනාංකාධිපතිවරුන්ට කතා කරලා කිව්වා ”වැඬේ හරි, ප‍්‍රභාකරන්ව මැරුවා ටක්‌ ගාලා මෙතැනට එන්න” කියලා. ජෙනරල් ජගත් ඩයස්‌, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරල් චාගි ගාල්ලගේ වගේ සියල්ලට මේක කිව්වා. ඒ වෙලාවේ ආමි කමාන්ඩර් හිටියේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමාගේ කතාව අහන්න ගිහිල්ලා. විනාඩි දහයකින් විතර ආමි කමාන්ඩර්ට, මම මේ පණිවිඩය කතා කරලා කිව්වා.

මෙයිට වඩා වෙනස්‌ කට කතා පසු කාලයේදී මේ පිළිබඳව රට පුරා පැතිරිලා ගියා. ”ප‍්‍රභාකරන් පනාගොඩට රැගෙන ගිහිල්ලා, ඔහුට පහර දීලා මරා දැම්මා” කියලා සමහරු කිව්වා. ඒ කතා ඔක්‌කොම බොරු. ප‍්‍රභාකරන් මැරෙනකන් එතැන හිටියේ ඔහු කියලා කිසිම කෙනෙක්‌ දැනගෙන හිටියේ නැහැ. ඔතැන වැදගත් නායකයෙක්‌ ඉන්නවා කියලා අර සටන යනවෙලාවේ අපි තේරුම් ගත්තා. ඒත් ඒ ප‍්‍රභාකරන් කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

ප‍්‍රභාකරන්ගේ හිස පසාරු කරගෙන ගියේ ස්‌නයිෆර් උණ්‌ඩයක්‌ද?

නැහැත්‍ව මමත් දැක්‌කා සමහර පොත්වල සහ පත්තරවල එහෙම ලියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියිත්‍ව එදා උදේ අටේ කණ්‌ඩායම් දෙක විසින් තබපු උණ්‌ඩයකින් තමයි ප‍්‍රභාකරන් මැරුණේත්‍ව මගේ පොතේ මේ ගැන පින්තුර සමග විස්‌තර සියල්ල එනවා.

කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ට මොකද වුණේ? ඔහු රටින් පැන ගිය බවට පවා කතා පළවුණාත්‍ව
නන්දිකඩාල් කියන්නේ විශාල කලපුවක්‌ පස්‌සේ අපි මිනී හොයනකොට ඉදිමුණු, කුණුවෙච්ච මිනී  ඕනෑ තරම් හම්බු වුණා. සති දෙකක්‌ විතර යනකන් අපිට මිනී හම්බු වුණා. ඒ අතර පොට්‌ටුඅම්මාන් ඉන්න ඇති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්‌ටු අම්මාන් මැරුණ බවට ඇසෙන් දුටු සාක්‌ෂි අපිට හමුවුණා.

ප‍්‍රභාකරන් මිය ගිය බවට මේ දක්‌වා මරණ සහතිකයක්‌ නිකුත් වී නැති නිසාත් ප‍්‍රභාකරන්ගේ මළසිරුර යයි කියූ මළ සිරුරේ ඞී.එන්.ඒ පරීක්‌ෂණයක්‌ තවමත් සිදුකර නොමැති නිසාත් ප‍්‍රභාකරන්ගේ මරණය සැක සහිත බවත් ඔහු අයත්වන්නේ අතුරුදන් වූවන්ගේ ගණයට බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී වන එම්. කේ. සිවාජිලිංගම් පවසා තිබුණා..

ඔහොම සැකකරන කට්‌ටියට මම කියන්නේ එහෙම කතා කියලා විහිළුකාරයින්ගේ තත්ත්වයට පත්වෙන්න එපා කියලයිත්‍ව අපි බොරුකාරයෝ නෙමෙයි. අපි වෘත්තීමය හමුදාවක්‌. අපි ප‍්‍රභාකරන් කියන ත‍්‍රස්‌තවාදී නායකයා මැරුවාත්‍ව අපි එයාගෙයි එයාගේ පුතා චාර්ල්ස්‌ ඇන්තනිගෙයි ජාන පරීක්‌ෂණයක්‌ කළා. ඒකෙන් ප‍්‍රභාකරන් සහ පුතා කියලා තහවුරු වුණා. සමහර දෙමළ දේශපාලකයන් ජනප‍්‍රිය වෙන්න කරන ළදරු ක‍්‍රියා ගැන අපිට කනගාටුයි. මම ළදරුවෙක්‌ නෙමෙයි. පරිණත හමුදා නිලධාරියෙක්‌. සමහරු හිතනවා ඇති ප‍්‍රභාකරන් දිව්‍ය ලෝකයට ගියා කියලා. අපි හිතනවා අපායට ගියා කියලා. කොහොම වුණත් එයා මේ ලෝකේ නැතුව වෙන ලෝකෙක ඇති.

ඔබ හෙට සිට විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක්‌. සේවය නිමවා හමුදාවට සමුදෙන මොහොතේ ඇතිවෙන හැඟීම ගැන කිව්වොත්.

අපේ තරුණ කාලය ගතවුණේ කැලෑවල්වල සටන් කිරීමට. අනිත් සේනාංකාධිපතිවරුන්ගේ ජීවිතත් එහෙමයි. වසර තිස්‌ පහකුයි දවස්‌ පහක්‌ මේ නිල ඇඳුම ඇන්දාට පස්‌සේ ඒක එල්ලා, ගෙදර යන එක කනගාටුයි. නමුත් මම හිතනවා, මගෙන් රටට විය යුතු සේවය මම කරලා තියෙනවා කියලා. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු අබේවර්ධන බාලසූරිය ගයපු ගීතයක මුල් කෑල්ල මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙනවා. ඒක මගේ ජීවිතයට බොහෝම සම්බන්ධයි.

අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට”

යුගයේ වීරයෙක්‌ ලෙස හමුදාව තුළ සහ දේශයේ කීර්තියක්‌ ලබාගෙන, රට සිටි ප‍්‍රධානම සතුරා තමන්ගේ දෙපා මුල මරලා දමලා, හමුදාපති තනතුර නොලබා විශ‍්‍රාම යැම ගැන ඔබට දුකක්‌ නැද්ද?

ඕනෑම වෘත්තීය හමුදා නිලධාරියෙක්‌ගේ අභිලාශය, සරලව කිව්වොත් ආශාව, කවදාහරි යුද හමුදාපති වෙලා ලෝකෙම ඉන්න හොඳම සොල්දාදුවන්න්ගේ නායකයා වෙන්න. ලෝකයේ ඉන්න හොඳම සොල්දාදුවන්ගෙන් කොටසක නායකයා වෙන්න මට පුළුවන් වුණා. නමුත් ඒ සොල්දාදුවෝ ඔක්‌කොමලාගේ නායකයා වෙන්න මට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒ ගැන යම් කනගාටුවක්‌ තියෙනවා. අපේ රටේ හමුදාපති තනතුර ලැබෙන්න දක්‌ෂකම විතරක්‌ නෙමෙයි, වාසනාවත් තියෙන්න  ඕනේ. මට ඒ වාසනාව තිබුණේ නැහැ. හමුදාපති පුටුවට නොගියාට මම ගෙදර යන්නේ ජයග‍්‍රාහී විදිහට. ජයග‍්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට ගෙදර යන්නයි මට වුවමනා වුණේ. අප දක්‌ෂ ජෙනරාල්ලා පරාජිත සොල්දාදුවෝ වගේ ගෙදර යනවා මම දැක්‌කා. මම ගෙදර යන්නේ ජයග‍්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට. ඒ ජයග‍්‍රහණයේ කතාවත් රටට කියාගෙන තමයි මම ගෙදර යන්නේ. මම විශ‍්‍රාම ගියේ පස්‌වෙනිදා සඳුදා. මගේ පොත එළිදැක්‌කේ ඊට පස්‌සේ දවසේ, ඒ කියන්නේ අඟහරුවාදාත්‍වමම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී. මේ පොතේ තියෙන්නේ ”මා දුටු දේ සහ අප කළ දේ” ගැන.

හමුදා වහරෙන් කිව්වොත් ඔබගේ එක මෙහෙයුමක්‌ දැන් නිමා වෙනවා. පත්තර භාෂාවෙන් කිව්වොත් ඔබගේ ජීවිතයේ එක පිටුවක්‌ ඉවරයි. මොකක්‌ද ඔබේ ඊළඟ මෙහෙයුම ?

රජයේ රැකියාවක්‌ දුන්නාට මම ඒක භාර ගන්නේ නැහැ. මම මේ රට දාලා වෙන රටකට යන්නෙත් නැහැ. මම ආඩම්බර රට වැසියෙක්‌ විදිහට මේ රටේ ජීවත් වෙනවා.

 -----------------------------
තමන් ගැන අධිතක්සේරුව සහ හමුදාව ගැන අවතක්සේරුව ප්‍රභාකරන් කළ ලොකුම වැරැද්දයි....
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

එදා 53 වැනි සේනාංකය කළපුව අල්ලා ගත්තේය. එහි ප්‍රභාකරන්ගේ මළ සිරුර විය. දේශයේ මුරදේවතාවෝ මිනිස් ජීවිත දහස් ගණනක් උදුරාගත් ත්‍රස්තවාදීයාගේ නිසල දේහය රැගෙන ආවෝය. යුදබිම දුරු වූ රටක නිදහසේ අරුණලු නැඟුණේය. නිදහස් ගී ඇසුණේය. එවන් වූ මෙහෙයුමකට 53 වැනි සේනාංකය හරහා නායකත්වය සැපයුවේ මේජර් ජනරාල් කමල් ගුණරත්නය.

ඔහු පසුගියදා විශ්‍රාම ගියේය. එහෙත් දේශය එක්සේසත් කිරීමේ මානුෂික මෙහෙයුම වෙනුවෙන් ඔහු කළ කැපකිරීම කිසිදා අමතක කළ නොහැකිය. ඒ නිසාම පෞද්ගලික ජීවිතය පසෙකලා පොදු යහපත උදෙසා නායකත්වය දුන් ඒ අසහාය රණවිරුවගේ ජීවන අත්දැකීම් මෙසේ සටහන් කරමු.

ප්‍රශ්නය:- ඔබ ගැන හඳුන්වා දුන්නොත්...
පිළිතරු:- මම ඉපදුණේ කොළඹ පන්නිපිටියේ කොට්ටාවේ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් පහවසර දක්වා අධ්‍යාපනය ලැබුවා. හයේ පන්තියේ සිට අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. එහිදී මම ජනාධිපති පදක්කම් ලාභී බාලදක්ෂයෙක් බවට පත්වුණා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායකයකු වුණා. ඒ වගේම පාපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වුණා. අධ්‍යාපන සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වුවාට පසුව කැඩට් නිලධාරියකු විදියට යුද හමුදාවට බැඳුණා.

ප්‍රශ්නය:- ආරක්ෂක අංශය වෘත්තීය වශයෙන් තෝරාගත්තේ ඇයි?
පිළිතුර:- මට ආරක්ෂක අංශයට බැඳීමේ ආශාව ඇතිවුණේ හතර වැනි පන්තියේ අධ්‍යාපනය හදාරද්දියි. ආනන්දයට ගියාට පස්සේ ඒ ආශාව වැඩි වුණා. හේතුව ආනන්දයේ ආදි ශිෂ්‍යයන් රාශියක් ආරක්ෂක අංශයට බැඳිලා හිටියා. ඒ අය පාසලට නිල ඇඳුමින් පැමිණෙනවා. එය දකික්දී මගෙ ආශාව තව තවත් වැඩි වුණා. ඒ වගේම අපේ ප්‍රින්සිපල් හිටියේ කර්නල් ඩී.ඩබ්ලිව්. රාජපක්ෂ. එතුමත් හමුදා නිලධාරියෙක්. හමුදාවට බැඳීමට දිරිමත් වීමට එතුමා එක් හේතු සාධකයක් වුණා. ඒ නිසා ආනන්දයේ ආදි ශිෂ්‍යයෝ විශාල ගණනක් හමුදාවට බැඳී අවසන් යුද්ධය දක්වාම නායකත්වය දුන්නා. ගෝඨාභය රාජපක්ෂ, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා, ඇඩිමිරල් වසන්ත කරන්නාගොඩ, ඇඞ්මිරල් සරත් වීරසේකර, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා, මේජර් ජනරාල් කමල්රත්න මේජර් ජනරල් ගාල්ලගේ යන සියලු දෙනාම ආනන්දයේ ආදි ශිෂ්‍යයෝ වගේම කර්නල් ඩී.ඩබ්ලිව්. රාජපක්ෂ ප්‍රින්සිපල් සර්ගේ ශිෂ්‍යයෝ.

ප්‍රශ්නය:- ඔබ ආරක්ෂක සේවයට බැඳුණේ කුමන කාලසීමාවකද?
පිළිතුර:- 1980 දී මම උසස් පෙළ සමත් වුණා. ඒත් එක්කම මම රැකියාවට අයදුම්පත්‍ර දැම්මා. සම්මුඛ සාකච්ඡා මාලාවට වසරක කාලයක් ගතවුණා. 1981 වසරේ අගෝස්තු මාසේ 31 වැනිදා යුද හමුදා නිලධාරියෙක් විදියට රැකියාවට බැඳුණා.
  
ප්‍රශ්නය:- 1983 කළුජුලිය වන විට ඔබ නවකයෙක්. කොහොමද එදා සිදුවීම දකින්නේ.
පිළිතුර:- 1983 කළු ජූලියට පාදක වුණේ ලුතිනන් වාස් ගුණවර්ධන සහ ඒ සෙබළුන් 12 දෙනා ඝාතනය කළ සිද්ධියයි. වාස් ගුණවර්ධනයි මමයි ආනන්දෙ එක පන්තියේ එකම බංකුවේ එකට ඉගෙන ගත්ත යාළුවෝ. මම පාස් අවුට්වෙලා ගිය ගමන් වගේ එය සිදුවුණේ. අලුත් අත්දැකීමක්. එය ලංකාවේ සිදුවුණ අප්‍රසන්නම සිද්ධිමාලාවෙන් එකක්. ලංකාවේ නමේ මඩ ගෑවිච්චි අවස්ථාවක්. ඒ වෙලාවේ ඒ සිදුවීමෙන් අපි පාඩම් ඉගෙන ගත්තේ නෑ කියලා හිතෙනවා. ඒත් පසු කාලයේ ඒකේ ප්‍රතිවිපාක දිහා බලලා අපි පාඩම් ගොඩක් ඉගෙන ගත්තා කිව්වොත් එය වඩා නිවැරදියි.

ප්‍රශ්නය:- දශක තුනකට වඩා වැඩි කාලයක් යුද්ධය පැවතුණා. එය ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම ඔබ සිටියා. ඒ කාලය තුළ ලද අද්දැකීම්වලට අනුව ප්‍රභාකරන් කියන පුද්ගලයා හඳුන්වා දෙන්නේ කොහොමද?
පිළිතුර:- ප්‍රභාකරන්ව හඳුන්වන්න ක්‍රම කීපයක් තියෙනවා.
දෙමාපියන් දස දහස් ගණනකට දරුවන් අහිමි කළ, භාර්යාවන් දහස් ගණනකට තම ස්වාමි පුරුෂයන් අහිමි කළ, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි කෲරතම මිනිසා ලෙස ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. එය තමයි ඔහුව හඳුන්වාදීමට ඇති හොඳම හැඳින්වීම.

මීට අමතරව තවත් පරාසයන් කීපයක් යටතේ ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. නායකයෙක් විදියට ඔහු ඉතාමත් දක්ෂ නායකයෙක්. අද ලෝකයේ බොහෝ ත්‍රස්තවාදී සංවිධාන මිනිස් බෝම්බ පාවිච්චි කරනවා. ඒත් එය ලොවට හඳුන්වා දුන්නේ ප්‍රභාකරන්.

අද අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අල්කයිඩා ත්‍රස්තවාදීන් මිනිස් බෝම්බ එල්ල කර ලොකු විනාශ සිදු කරනවා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදය තමයි අද ලොකුම අවිය වෙලා තියෙන්නේ. නමුත් ඒ මුස්ලිම් ත්‍රස්තවාදයේ හරය ස්වර්ගයට යාම සඳහා මරාගෙන මැරීම. ඒත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ දිව්‍යලෝක තිබුණේ නෑ. ඔවුන් දිවි දුන්නේ සිහින ඊළාම් දේශය වෙනුවෙනුයි.

එවැනි අරමුණක් උදෙසා දහස් ගණනක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බිහිකළ ඔහු අසාමාන්‍ය නායකයෙක්. ඔහු පෙලඹවීමට වගේම තමාට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කර ගැනීමටත් පුදුමාකාර දක්ෂයෙක් වුණා.

ඒ වගේම ඔහු සුරා සොඬෙක් හෝ සල්ලාලයකු නොවෙයි. නමුත් ඔහුගේ ජීවිතේ තිබුණ ප්‍රධානම අරමුණ පළිගැනීමයි. යම් අයෙකු ඔහුට සුළු රිදවීමක් හෝ කළා නම් එම පුද්ගලයා මොලොවින් තුරන් කරන තුරු ඔහුට නින්ද යන්නේ නෑ. හොඳම උදාහරණය තමයි රජිව් ගාන්ධි මරා දැමීම. ඒ නිසා පළිගැනීමේ හා රෞද්‍රකමේ ඉහළටම ගිය කෙනෙකු ලෙස ඔහුව හඳුන්වාදෙන්න පුළුවන්. මම ඒ පිළිබඳව මගේ පොතේ ලියලා තියෙනවා. එය කියවන කෙනෙකුට ප්‍රභාකරන් මොනවගේ කෙනෙක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි.

ප්‍රශ්නය:- යුද්ධය නිමා කිරීම සඳහා විවිධ මෙහෙයෙුම් ක්‍රියාත්මක කළා. අවසන් මෙහෙයුම වන්නි මානුෂික මෙහෙයුම කියලයි හැඳින්වූවේ. ඒකට හේතුව කුමක්ද?
පිළිතුර:- එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්වසාධාරණ හඳුන්වා දීමක්. අපි හැම ක්‍රියාන්විතයකටම නමක් දැම්මා. ඒ නම ඒ මෙහෙයුමට සම්බන්ධයි. අපි ජයසිකුරු කියන නම භාවිත කළේ සිකුරටම ජය ගන්නවා කියන අදහසින්. මේ මෙහෙයුමට වන්නි මානුෂීය මෙහෙයුම කියලා නම දැම්මේ වන්නි ජනතාව බේරා ගැනීම සඳහා පමණක් නොවෙයි. වන්නි ප්‍රදේශය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගැනීමත් අරමුණ වුණා.

මේ කරුණු දෙක නිසයි මේ මෙහෙයුම වන්නි මානුෂික මෙහෙයුම කියලා හැඳින්වූවේ. එය සැබැවින්ම උතුම් මානුෂික මෙහෙයුමක් කියලයි මම දකින්නේ.

ප්‍රශ්නය:- වන්නි මානුෂික මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා ගිය ගමනේදී ප්‍රභාකරන් විවිධ යුද උපක්‍රම භාවිත කරන්න ඇති. ඒ පිළිබඳව ඇති අද්දැකීම් මොනවාද?
පිළිතුර:- ප්‍රභාකරන් මෙතනදි වැරදි දෙකක් කළා. එකක් ඔහුගේ සංවිධානය පිළිබඳ අධි තක්සේරුවෙන් සිටීම සහ යුද හමුදාව පිළිබඳ කළ අවතක්සේරුව. ඔහු හිතුවා යුද හමුදාවේ තත්ත්වය පහළයි ඔහුගේ සාමාජිකයන්ගේ තත්ත්වය ඉහළයි කියලා. එහෙම හිතාගෙන ඔහු සම්මත යුද ක්‍රමවලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. කලින් ඔහු කළ යුද උපක්‍රම අතහැරීමම ඔහුගේ පරාජයට හේතු සාධක වුණා.

ප්‍රශ්නය:- අවසන් මෙහෙයුමේදී ආරක්ෂක හමුදාව නොමග යැවීමට ප්‍රභාකරන් කටයුතු කළේ කොහොමද? කාන්තාවන්, දරුවන් ආබාධිත සෙබළුන් මිනිස් බෝම්බ ලෙස භාවිත කළා නේද?
පිළිතුර:- අපි අපේ ආබාධිත සෙබළෙකු දෙස බලන්නේ බොහොම මානුෂීය හැඟීමකින්. ඒ මනුස්සයා තමන්ගේ අත කකුල පරිත්‍යාග කරලා තියෙන්නේ මේ රට ජාතිය වෙනුවෙන් කියන හැගිමෙන්. ඔහුගේ අද දවස රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් කැපකළ මිනිසෙක් විදියටයි හඳුන්වන්නේ. නමුත් ප්‍රභාකරන් කවදාවත් ඔහුගේ සාමාජිකයන් දෙස ඒ ආකාරයෙන් බැලුවේ නෑ.
ඔහුගේ අණ දේව වාක්‍යකටත් වඩා ඉහළින් පිළිගත්ත සාමාජික සාමාජිකාවන් මොන දුෂ්කරතාවලට පත්වුණත් ඒ දෙස සානුකම්පිකව බැලුවේ නෑ. ඔහුගේ සැලකීම තිබුණේ ඔහුගේ සංවිධානයත්, දරු පවුලත්, ඊළාම් දේශයත් ගැන පමණයි.
ඒ නිසයි ඔහු මිනිස් බෝම්බ ලෙස කාන්තාවන් දරුවන් භාවිත කළේ.

ප්‍රශ්නය:- අවසන් මෙහෙයුමේදී ප්‍රභාකරන්ගේ එවැනි උගුල් පිළිබඳ ලැබූ සජීවී අද්දැකීම් මොනවද?
පිළිතුර:- තවත් විශාල පළපුරුදු, දැඩි මතදාරී එක් යුද හමුදාවක් සමග සටන් කරන්න සිදුවීම ලොකු අත්දැකීමක්. එතැනදි බරපතළ තත්ත්වයන් රාශියකට මුහුණදීමට සිදුවුණා. අපි කිසිම කෙනෙක් කැමැති නෑ අපේ සෙබළු අකාලයේ ආබාධිත වෙනවට. නැතිනම් මිය යනවට. එතැනදි තීරණ ගැනීමේ දැඩි මානසික බලපෑමක් තිබුණා. අපිට වේගවත්ව ගතයුතු තීරණ ගැනීම යම් මොහොතකට හෝ ප්‍රමාද වුවා නම් ඒ සියගණනක් සෙබළුන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානම අවම කිරීම සඳහා කාලය ගත් නිසා. ඒ පිළිබඳ කතා කළොත් දවස් ගණනාවක් කතා කළ හැකියි. හැම සටනකදිම ඇතිවුණ තත්ත්වය ඒකයි.

ප්‍රශ්නය:- නන්දිකඩාල් කළපුව විශාල භූමි ප්‍රමාණයකින් යුක්තයි. එහිදී මාස ගණනාවක් සැලසුම් සහගතව සටන් කිරීමට සිදුවූවා. කොහොමද අභියෝග ජයගත්තේ.
පිළිතුර:- අපි මාස තුන හමාරකට ආසන්න කාලයක් නන්දිකඩාල් කළපුව ආසන්නයේ යුද්ධ කළා. නන්දිකඩාල් කළපුවට දකුණින් තිබුණ මුලතිව් ප්‍රදේශයේ ජෙනරල් නන්දන උඩවත්ත යටතේ භට කණ්ඩායම මාස ගණනාවක මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඉන්පසුව එම ප්‍රදේශය අත්පත්කරගත්තා. මම ඇතුළු පිරිස මාස දෙක හමාරක් තිස්සේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය බේරා ගැනීමේ සටනේ නිරත වුණා. ඊට ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වාගේ සේනාංකයත් එකතු වුණා. අපි දෙගොල්ලොම එකතු වෙලා. ඒ ප්‍රදේශය බේරා ගත්තා. ඉන් පස්සේ යුද මුක්ත කලාපයට අපි ඇතුළු වුණා. එය සම්පූර්ණයෙන්ම නන්දිකඩාල් කළපුව ආසන්නයේ තිබුණු ප්‍රදේශයක්. ඊට අමතරව සටනේ අවසානම ජවනිකාව සිදුවුණේ නන්දිකඩාල් කළපුවේ උතුරු කොනේ ඇති කඩොලාන සහිත වගුරු බිම් ප්‍රදේශයේ.

ප්‍රශ්නය:- අවසන් සටන සම්බන්ධව සුදු කොඩි ඔසවාගෙන ආ පිරිසට වෙඩි තැබූ බවට කතා පැතිරුණා. එහි සත්‍යතාව කුමක්ද?
පිළිතුර:- සුදු කොඩි ඔසවාගෙන කිසිවෙක් ආවේ නැහැ. එය මම පිළිගන්නේ නැහැ.

ප්‍රශ්නය:- ප්‍රභාකරන් අවසන් වනතුරුම සටනින් පසු නොබසින බව ප්‍රකාශකරලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබට මොනවද කියන්න තියෙන්නේ.
පිළිතුර:- මමත් ඒකට එකඟ වෙනවා. අපි අවසන් වනතුරුම ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ ඉන්නවා කියා දැනගෙන හිටියේ නැහැ. කවුරු හරි කියනවා නම් අපි දැනගෙන හිටියා කියලා. එය අමූලික බොරුවක්. මම එතන අණ දීපු නිලධාරියා විදියට බොහොම වගකීමෙන් කියනවා. ප්‍රභාකරන් ඉන්නවා කියලා අපිට දැනුණේ 19 වැනිදා උදේ.
ඊට පස්සේ අපි ඒ ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළා. අවසාන මොහොත දක්වාම සටන ගෙන ගියා. ඒත් ප්‍රභාකරන් පුද්ගලිකව සටන් කළාද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඔහුගේ අනුගාමිකයෝ අවසාන උණ්ඩය දක්වාම සටන් කළා. යටත් වීමට කිසිදු අවස්ථාවක ක්‍රියා කළේ නෑ.

ප්‍රශ්නය:- ඔබගේ කණ්ඩායමේ සෙබළුන් ප්‍රභාකරන්ගේ දේහය ඔසවාගෙන එන විට මොකද හිතුණේ.
පිළිතුර:- ඇත්තටම මගේ සේනාංකයේ සෙබළුන් වසර 30 ට අධික කාලයක් මෙරට අඳුරු අගාධයකට ඇද දාපු එමෙන්ම මේ ලංකාවේ ජීවත්වූ දස දහස් ගණනක් අහිංසක මිනිස්සු අමානුෂික ලෙස අමු අමුවේ මරා දාපු ශ්‍රී ලංකාවේ එක් දේශයක් වනචාරී දේශයක් විදියටත්, එහි සිටින මිනිසුන් වනචාරීන් ලෙසත් හඳුන්වාදීපු අපේ රටේ නමේ දැලිගාපු ඒ කෲරතර ප්‍රභාකරන් මරලා මගේ ළඟට ගෙන ආ අවස්ථාවේ ඇතිවුණ හැඟීම වචනවලින් විස්තර කරලා කියන්න බෑ. එය මගේ ජීවිතයේ උත්තරීතර අවස්ථාවක් ලෙසයි මට දැනෙන්නේ.

ප්‍රශ්නය:- අද වෙන විට ඔබ ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා. යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වා සිටි ඔබට ගෙවුණූ කාලය ගැන මොනවද හිතෙන්නේ?
පිළිතුර:- ඔව් මම යුද්ධය මුල සිට අවසානය දක්වාම හිටි හමුදා නිලධාරියෙක්. මම පරාජයේ නිරස සහ ජයග්‍රහණයේ මිහිර කියන දෙකම විඳපු කෙනෙක්. පරාජයේ නීරස මොනතරම් තිත්තද කියන එකත් ජයග්‍රහණයේ සතුට මොනතරම් මිහිරිද කියන එකත් මම දන්නවා. යුද්ධයක් කිව්වාම ජය පරාජය දෙකම ඇති වෙනවා. නමුත් පරාජයක් ඇතිවූ සැනකින් සැලෙන්නේ නැතිව පරාජය ඇතිවීමට හේතු මොනවාද කියලා හොයාගෙන ඒ හේතුවලට අවශ්‍ය නිසි පිළියම් යොදලා ආපසු එවැනි දේ නොවෙන ලෙස වැඩකටයුතු සැලසුම්කර ජයග්‍රහණය දක්වා සෙබළුන් මෙහෙයවීම හා ඒ සෙබළුන් සමග ගොස් සටන් කිරීමයි කළ යුත්තේ. ආපසු හැරී බලන කොට මට ඒ ගැන ඇත්තේ ආඩම්බරයක්.

සැරින් සැරේ ඉදිරියට ගොස් යළිත් පසුපස හැර දුවපු හමුදාවක් මෙහෙම ජයග්‍රහණයක් ලබපු වීරෝදාර හමුදාවක් ලෙස හැඩ ගැසුවේ කොහොමද කියන එක සැලකිය යුතු හා පැසසුම් ලැබිය යුතු කාරණාවක්.

ආපසු හැරී බලන කොට මට බොහොම ආඩම්බරයි. විශ්‍රාම යාමෙන් පසුව මට බොහොම සැහැල්ලුවක් වගේම ප්‍රීතියකුත් දැනෙනවා. අද අපි අපේ අම්මගෙන් බීපු කිරිවලට ණය නැහැයි කියලා ආඩම්බර වෙන්න පුළුවන්.

“ඒ වගේම මුළු රටම ණය ගැති ඒත් මුළු රටටම ණය නැති හමුදාවක තවත් එක් සාමාජිකයෙකු වීමට ලැබීම ගැන බොහෝ සන්තෝෂයි” එය දෙවියන් දීපු වරමක් ලෙසින් මම සලකනවා.

යුද්ධයේ මිහිරි අමිහිරි මතක සමග ජයග්‍රාහී සොල්දාදුවෙකු ලෙස මම ගෙදර ආවා. ඒ ජයග්‍රහණයේ මිහිර මා මිය යන තෙක්ම මගේ හදවතේ රඳා පවතීවි.

ප්‍රශ්නය:- දිනාගත් නිදහස ආරක්ෂා කර ගැනීම පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ.?
පිළිතුර:- මම දන්න තරමින් යුද්ධය නිසා සෙබළුන් විසිදාහකට අධික ප්‍රමාණයක් දිවි පුදලා තිබෙනවා. පන්දහසකට අධික ප්‍රමාණයක් ආබාධිත වෙලා ඉන්නවා. සමහර සෙබළු තවමත් ඇඳේ දුක් විඳිනවා. ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලයටම දුක්විඳින්නේ නිදහස ලබාදෙන්න ජීවිතය පරදුවට තැබූ නිසා. ඒ පිළිබඳව සිතන කොට ලොකු කනගාටුවක් දැනෙන්නේ. මේ සියලු සෙබළු වගේම ඔවුන්ගේ පවුල්වල අයත් දුක් විඳිනවා. ඒ හැම කැපකිරීමක්ම මේ දේශයට නිදහස ලබාදීම සඳහා කරපුවා. ඒ නිසා රණවිරුවන් දිවි පුදා රැකගත්ත නිදහස අපේ ඉදිරිපරම්පරාව වෙනුවෙන් රැකගත යුතුයි. දිනූ නිදහස ආරක්ෂාකර ගනියි කියලා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- ඔබ රණවිරුවෙක් යුද බිමේ සටන් කළ ඔබ විශ්‍රාම දිවිය ගෙවන්නේ කොහොමද?
පිළිතුර:- වසර ගණනාවක් යුද බිමේ සිටියා. දැන් මම විශ්‍රාම ගියා. සති කීපයක් අවශ්‍යයි. පවුලේ අය සමග ගත කිරීමට. ඉන් පසුව ඉදිරිය කොහොමද ගත කරන්නේ කියලා සැලසුම් කරනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා. ඒ මම කිසිවිටකත් දේශපාලනයට නොඑන වග. 

 -----------------------------
අන්තර්ජාලයේ මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ බාලදක්ෂ තොරතුරු මැකී යාමට මත්තෙන් එක් රැස් කොට මෙහි ඇතුළත් කළද ඒවා ලියූ අය ගැන තොරතුරක් ලබා ගැනීම අසීරු විය. කරුණාකර ඒ පිළිබද දන්නේ නම් මෙහි සටහනක් තබන්න. හැකි ඉක්මනින් අප මෙම ලිපිය යාවත්කාලීන කරන්නම්.
 -----------------------------

No comments:

Post a Comment