Translate

Sunday, October 6, 2019

ලෝකඩ වෘකයා (The bronze wolf) සහ රිදී වෘකයා (silver wolf)

බාලදක්ෂයකු ලෙස ලබාගතහැකි ඉහලම ප්රධානය 



ලෝකඩ වෘකයා (The bronze wolf) පදක්කම

මුල් කාලීනව BP තුමා පුද්ගලිකවම ඉහලම ප්රධානය හැටියට රිදී වෘකයා (silver wolf) පදක්කම ප්රධානය කරල තිබුනත් පසුව ලෝක බාලදක්ෂ සංවිධානය බිහිවුනාට පස්සෙ එතුමා ඒ කටයුතු ඒකට භාර කලා. මේ වෙනකොට සෑහෙන දෙනෙක් රිදී වෘකයා පදක්කම ලබල තිබුනා. නමුත් ලෝක බාලදක්ෂ සංවිධානයට ඕනෙවුනා ඊට වඩා පුලුල් විදිහට අධ්යනය කරල ඉහලම ප්රධානය ලබාදෙන්න. ඒ අනුව 1935 අගෝස්තු 02 වෙනිදා ජාත්යන්තර කොමිටිය (wsc)මගින් ඉහලම ප්රධානය ලෙස ලෝකඩ වෘකයා (bronze wolf ) පදක්කම හදුන්වා දෙනු ලැබූ අතර BP තුමාට පලමු පදක්කම ප්රධානය කෙරුනා.

කිංස්ලි සී දිසානායක මහතාගේ කාලයේ කොළඹ දිසා කොමසාරිස් ඩයිමොක්ග්රීන් මහතාය. (බීපී ගිල්වෙල් උද්යානය සොයා ගිය ගමනට එක්වී සිට චාල්ස් ඩයිමොක්ග්රීන් මහතාගේ පුත් )
කිංස්ලි මහතට බ්රොන්ස් වුල්ෆ් සම්මානය පුඳනු ලැබුවේ එතුමා අන්ධ ජනතාව වෙනුවෙන් කල මෙහෙවර උදෙසායි.


No photo description available.
තද කොල පැහැති රිබන් පටියේ දෙපසම කහ පැහැති පටි දෙකක්සහිත, ලෝකඩ වෘකයා පදක්කම

පලමුව පදක්කම් 12 ක් නිර්මානය කෙරුනත්, වසරකට එකකට වඩා නිකුත් නොකරන්නත්, බාලදක්ෂ සේවයේ නියුතු 2,000,000 කින් එක් අයෙක් විතරක් මේක ලබන විදිහටත් මේක සීමා කෙරුනෙ ඒකෙ අගය ඉහලින්ම පවත්ව ගන්න. නමුත් පසු කාලීනව බාලදක්ෂයින් සංබ්යාත්මකව වර්ධනය වෙනකොට වසරකට ප්රධානයන් කීපයක් නිකුත්කරල තියන බව පේනවා.අද වෙනකොට පදක්කම් 371ක් නිකුත් කරල තියනවා, එයින් 76 වෙනි ප්රධානය අපේ රටට හිමිවෙලා තියනවා...

ඒ 1973 දි කිංස්ලි සී දසනායක මහතාට...

ඉතින් මොනවටද ඒක දුන්නෙ කියන එකත් කෙටියෙන් කියන්නම්.
1914 ඡූනි මාසෙ 19 වෙනිද ඉපදුන එතුමා, 1919 ජූනි මාසෙ 19 වෙනිදම පෝතකයෙක් හැටියට මේකට සම්බන්ධ වෙනවා. ඔය කියන විදිහට වයස අවුරුදු පහයි, උපන් දිනේ දවසෙමයි. 15 වෙනි කොළඹ කන්ඩායම, ප්රමුඛ නායකයෙක් වුන, සී. පී. ධර්මකීර්ති මහතා යටතෙ. 1947 වෙනකොට රත්මලානෙ අන්ධ විධ්යාලෙ පලවෙනි දේශීය විදුහල්පති හැටියට කටයුතු කරමින්, ඉංග්රීසි බේල් ක්රමය පාදක කරගෙන සිංහල බේල් ක්රමය (braille system) නිර්මානය කරනවා. 1952 වෙනකොට යුනෙස්කෝව මේ ක්රමය ලෝකෙටම හඳුන්වල දෙනකොට මෙතුමා පත්වෙනවා අන්ධ පුද්ගලයින් සඳහා වන ලෝක සුභසාධන සම්මේලනයෙ උප සභාපති හැටියට. 1957 නමවෙනි ලෝක ජම්බෝරිය වෙනකෙකොට, ආබාධිත බාලදක්ෂයින් සඳහා වූ විශේෂ කමිටුවේ ජාත්යන්තර උපදේශක වරයෙක් ලෙස කටයුතු කරනවා. පසුව බාලදක්ෂ විද්යාව (scouting for boys) පොත සිංහලට පරිවර්තනය කරන්නත් ඉහල දායකත්වයක් ලබාදීල තියනවා. නමුත් මේව තැනින් තැනින් හොයාගත්ත තොරතුරු, ඊට එහා යමක් කියන්නම්.

පොදු රාජ්ය මණ්ඩලීය බාලදක්ෂ නායක චාර්ල්ස් මැක්ලින් මහතා හමු වූ කිංස්ලි සී දසනායක මහතා
1968 කොළඹ කැම්පරිය වෙලේ චාල්ස් මැක්ලින් මහතාව පිලිගත් අවස්ථාව පත්තරේ ගිය විදිහ. බොහොම දෙනෙක් හොයන ඒත් හොයාගන්න බැරිවුන යමක් එතන තියනවා. Sprite of the scouting, නැත්නම් මේකෙ ආත්මය හෝ ජීවය. නැටුම් කන්ඩායම් ගේන්න පුලුවන්, බෙර ගහන්නත් පුලුවන්. නමුත් බාලදක්ෂයෙක් යුනිෆෝම් එක ඇඳන් මඟුල් බෙරේ ගහනකොට එන ගතිය ඒවයින් ගන්න බෑ.

සාමාන්යයෙන් 1- රන්, 2-රිදී, 3-ලෝකඩ. ඇයි රිදී වෘකයට වඩා ලෝකඩ වෘකයා ඉහල පදක්කමක් වුනේ...

පලමු ප්‍රධානය ලැයිස්තුවේ සටහන්ව ඇති අයුරු, වැඩි විස්තර මෙහි පෙනෙන පිටුව හරහා හෝ අන්තර් ජාලයෙන් ලබාගත හැකිය
76 වන ප්‍රධානය ලැයිස්තුවේ සටහන්ව ඇති ආකාරය
විශේෂ ස්තූතිය 
Gampaha Scout

Scouting Magazine අපි 2016දී විකි පිටුවක් අප්ඩේට් කලා සෑහෙන කාලෙකට කලින්.. බාලදක්ෂ ඉතිහාසයෙන් අතුරුදහන් වී යන තොරතුරු යාවත්කාලීන කරන්න ඔබටත් දායක වෙන්න පුළුවන්. https://en.wikipedia.org/wiki/Kingsley_C._Dassanaike

1 comment:

  1. මම විස්තරේ කියන එකට එහා දෙයක් අදහස් කරන නිසා තවත් යම් දේ එකතු කරන්නෙ, ස්තුතියි...🙂

    ReplyDelete