Translate

Tuesday, July 7, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කරයි

ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කර ඇති summer Camp අකාරයට මෙහි පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව මෙම බාලදක්ෂ පුහුණු පාසලේ නිර්මාර්තෘ හලාවත දිසාවේ හිටපු දිසා කොමසාරිස් අචාර්ය චම්පික රෝෂන් ලෝ මහතා සඳහන් කරයි. පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම හා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් එකම ස්ථානයකදී කිරීමේ අරමුණින්, හලාවත - මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී  දිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කර තිබේ.
 
බාලදක්ෂ ව්‍යාපාරයට විශාල සේවාවක් කළ හලාවත දිසාවේ හිටපු කීර්තිමත් දිසා කොමසාරිස්වරයකු වූ දිවංගත ආචාර්ය එස්.රාජගුරු මහතා නමින් මෙම ස්ථානය නම් කර ඇත. බාලදක්ෂ පාසලට පැමිණි සියලු දරුවන් හලාවත දිසා බාලදක්ෂ කොමසාරිස් නලින් රවීන්ද්‍ර මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලදී. බාලදක්ෂ පාසල ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මූලස්ථාන කොමසාරිස් හා නුවරඑළිය වැඩ බලන දිසා කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා  ජ්‍යෙෂ්ඨ පුහුණු නායක සනත් රෝහණ මහතා අතුළු පිරිස යෂ්ටි ආචාරයෙන් බාලදක්ෂියන් හා බාලදක්ෂිකාවන් විසින් පිළිගන්නා ලදී.
 
සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනය මගින් මෙම ප්‍රඡා සත්කාරයක් ලෙස  බාලදක්ෂ පාසලේ කටයතු සදහා අනුග්‍රහය ලබා දෙයි.










ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල

No comments:

Post a Comment