Translate

Monday, March 20, 2023

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් - 2023

ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.03.21පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.



1917 දී ශ්‍රී ලංකාවට බාලදක්ෂිකා සංගමය හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජාතික තරුණ ගුරුවරියක් වන ජෙනී කැල්වරි මෙනවිය විසින් පළමු බාලදක්ෂිකා කණ්ඩායම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආරම්භ කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ආරම්භ කර 2023.03.21 දිනට වසර 106ක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ කොඩි දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ආචාර්ය ශාන්ති විල්සන්, සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් සහ විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ අංශයේ බාලදක්ෂිකා නායිකාවක් වන වසන්තා සරෝජනි හේමසිංහ මහත්මිහු ජනාධිපතිවරයා වෙත කොඩිය පිළිගැන්වූහ.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය නියෝජනය කරමින් බාලදක්ෂිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන් අධ්‍යාපනය ලබන සියලු පාසල්වල බාලදක්ෂිකා ව්‍යාපාරය ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ ශත සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය. අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඊළඟ වසර පහ ඇතුළත බාලදක්ෂිකා ව්‍යාපාරය පාසල් මට්ටමින් රටපුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන තමාට බාරදෙන ලෙස බාලදක්ෂිකා ව්‍යාපාරයේ ප්‍රධාන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටින බවද ජනපතිවරයා සඳහන් කළේය.        

No comments:

Post a Comment