Translate

Wednesday, July 31, 2024

බාලදක්ෂිකාවන් 2000ක් ජනාධිපති පදක්කම් දිනති

බාලදක්ෂ සංගමය වගේම බාලදක්ෂිකා සංගමයත්, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව එතුමා විසින් කියා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 2024 ජුලි 31දා පැවති උත්සවයට එක් වෙමින්.
 

බාලදක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැනට 75,000ක් වූ බාලදක්ෂිකා ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා. බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවිධාන හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළටද පුළුල් දායකත්වයක් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
 
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ශාන්ති විල්සන් මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
 

“බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. මගේ පවුලේ කිහිප දෙනෙකුම මෙම සංවිධනයේ ක්‍රියාකාරිව කටයුතු කළා. බාලදක්ෂ ව්‍යාපරය අප තවදුරටත් දියුණු කළ යුතුයි. බාලදක්ෂිකා සංගමය සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. එම ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය මෙන්ම යොවුන් සේනානාංක සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙනවා. අනෙක් සංවිධාන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙලෙස මුදල් වෙන් කිරිමට හැකියාව ලැබී තිබෙන්නේ ආණ්ඩුවට දැන් මුදල් ප්‍රමාණයක් තිබෙන නිසයි. මම මේ රට භාර ගනිද්දි ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. අපි දැන් අසීරු කාලය පසු කර තිබෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථාවලට මුදල් යොදවන එක අපි දැන් නතර කරලා තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනිමද නතර කර තිබෙනවා. අපිට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට යම් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එම මුදල් තරුණ පරපුර වෙනුවෙන් යෙදවීමට මම බලාපොරොත්තු වෙනවා. මේ වන විට අධ්‍යාපනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. ඉදිරි අවුරුදු කිහිපයේ දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද අවශ්‍ය මුදල් අප වෙන් කිරීමට සැලසුම්සහගතව අප කටයුතු කරමින් සිටිනවා. අධ්‍යාපන අංශය පොත පතට සීමා කරන්න බැහැ. දරුවන්ට ඉදිරියට යාමට නව අවස්ථා සොයා දිය යුතුයි. ඒ සඳහා අප ඉදිරියේ දී මුදල් වැය කරනවා. එහිදී බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 75,000ක් වන මෙහි සමාජිකත්වය ඉදිරියේදී දෙගුණයක් දක්වා එනම් 150,000ක් බවට පත් කර ගත යුතුයි. ඊට අවශ්‍ය සහාය ලබාදිමට රජය බලාපොරොත්තු වෙනවා. මෙවන් සංවිධානය හරහා අපට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි. මත්ද්‍රව්‍ය මර්ධන කමිටුව සමග සාකච්ඡා කළ විට ඔවුන් සඳහන් කළේ පාසල්වල වැඩි වශයෙන් බාලදක්ෂ සංවිධාන සහ ශිෂ්‍ය භට බලකායන් ඇති කළ යුතුයි කියලා. මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළට එමඟින් විශාල දායකත්වයක් ලබා ගත හැකියි.

ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් බාලදක්ෂ කඳවුරු ඇති කිරිමට යම් කිසි කාලයකට රජයේ ගොඩකනැඟිලි ලබාදිමට හැකියාව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වී එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් ඔබ සියලු දෙනාට මම සුබ පතනවා.”

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහ බාලදක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියා.

President Ranil Wickremesinghe expressed his commitment to strengthening  youth organizations, including the Girl Guide Association, Scout Association, Cadet Corps, and Youth Corps, in every aspect with an objective to foster substantial contributions from young people towards the country’s future.

The President highlighted that the government has already allocated the necessary funds for youth programs and as the country’s economy strengthens, the government would allocate any remaining funds towards further supporting the youth.

President Wickremesinghe made these remarks during the President’s Guide Award Ceremony 2022/2023 held today (31) at the Bandaranaike International Conference Hall (BMICH) in Colombo, where he presented the President’s Awards to the members of the Sri Lanka Girl Guides Association.

Government is committed to strengthen youth organizations in the country.

– President

President Ranil Wickremesinghe expressed his commitment to enhancing youth organizations, including the Girl Guide Association, Scout Association, Cadet Corps, and Youth Corps, in every aspect. His objective is to foster substantial contributions from young people towards the country’s future.

The President highlighted that the government has already allocated the necessary funds for youth programs. As the country’s economy strengthens, the President plans to allocate any remaining funds towards further supporting the youth.

President Ranil Wickremesinghe made these remarks during the President’s Guide Award Ceremony 2022/2023 held today (31) at the Bandaranaike International Conference Hall (BMICH) in Colombo, where he presented the President’s Awards to the members of the Sri Lanka Girl Guides Association.

The President also announced that necessary support will be provided to increase the membership of the Girl Guides Association from 75,000 to 150,000.

He emphasized that youth organizations, including the Girl Guides Association, Scout Association, Cadet Corps and Youth Corps, can play a significant role in contributing to drug prevention programs.

President Ranil Wickremesinghe presided over the presentation of President’s Guide Awards to 2,000 young talents.

Dr.Shanti Wilson, President of the Sri Lanka Girl Guides Association, presented a special souvenir to President Wickremesinghe.

President Ranil Wickremesinghe addressing the gathering further stated, “I have a strong understanding of Guiding, with several family members who have been actively involved in the Association. We need to continue developing the Girl Guides Association. A request has been made for a new building for the Girl Guide Association, and steps will be taken to address this need. The government has allocated funds for the Girl Guide Association, Scout Association, the Cadet Corps and Youth Corps, and additional funding for other organizations is anticipated. It is hoped that the government will allocate separate funds for the implementation of various associations.

The government’s ability to allocate funds comes from the improved financial situation of the government. When I took office, the government had no money. We have now overcome those difficult times. We have stopped funding loss-making state corporations and have also halted taking foreign loans. The debt we owe has decreased significantly, leaving the government with some available funds. I intend to use this money to support the youth.

Currently, a comprehensive education program is being developed, which will require significant funding in the coming years. We also plan to allocate the necessary resources and funding for the health sector.

Education should not be limited to textbooks. Children need new opportunities to advance, and we will invest in those opportunities. We aim to develop the Girl Guide Association in all aspects, increasing its membership from 75,000 to 150,000. The government is committed to providing the necessary support.

These organizations can achieve great things. Discussions with the anti-narcotics committee highlighted the need for more scouting and guiding associations and cadet corps in schools, which can greatly contribute to the anti-narcotics program.

Furthermore, the government is prepared to provide support to establish scout and Guides camps at the district and national levels. I urge you to collaborate with the Ministry of Education to implement these programs.”

Present at this event were Secretary of the Ministry of Education Thilaka Jayasundara, the President of the Sri Lanka Girl Guides Association Dr. Shanti Wilson, Chief Commissioner of the Association Kusantha Herat and the International Commissioner of the Sri Lanka Scout Association Janaprith Fernando.                    

President Wickremesinghe further stated,

“I have a strong understanding of Guiding, with several family members who have been actively involved in the Association. We need to continue developing the Girl Guides Association. A request has been made for a new building for the Girl Guide Association, and steps will be taken to address this need. The government has allocated funds for the Girl Guide Association, Scout Association, the Cadet Corps and Youth Corps, and additional funding for other organizations is anticipated. It is hoped that the government will allocate separate funds for the implementation of various associations.

The government’s ability to allocate funds comes from the improved financial situation of the government. When I took office, the government had no money. We have now overcome those difficult times. We have stopped funding loss-making state corporations and have also halted taking foreign loans. The debt we owe has decreased significantly, leaving the government with some extra funds which I intend to use to support the youth.

Currently, a comprehensive education program is being developed, which will require significant funding in the coming years. We also plan to allocate the necessary resources and funding for the health sector.

Education should not be limited to textbooks. Children need new opportunities to advance, and we will invest in those opportunities. We aim to popularize  the Girl Guide movement in all aspects, and to double its membership from 75,000 to 150,000.

These organizations can achieve great things. Discussions with the anti-narcotics committee highlighted the need for more scouting and guiding associations and cadet corps in schools, which can greatly contribute to the anti-narcotics program.

Furthermore, the government is prepared to provide support to establish scout and Guides camps at the district and national levels. I urge you to collaborate with the Ministry of Education to implement these programs.”

 

 

 

Monday, July 1, 2024

2024 බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය

ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කරනු ලබන ‘‘ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය‘‘ හෙට 2024.07.01 සිට පුරා මාසයක් පැවැත්වේ. ඒ අනුව එම සේවා සම්බන්ධතාව ජූලි මස (31) වැනිදා දක්වා ක්රියාත්මක කෙරෙන අතර ශ්රී ලංකා පුරා විසිරී සිටින 110000කට අධික බාලදක්ෂ බාලක බාලිකාවන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන් වල නිරත වෙති.
 
ඕනෑම අභියෝගයකට බාලදක්ෂයන් මුහුණ දෙන බවට සනාථ කරමින් මෙම කාලය තුළ විවිධ සේවා කටයුතු වල නිරත බාලදක්ෂයන් තුළ ශ්රමාභිමානය හා අවංක සේවයෙහි ඇති වටිනාකම පිළිබඳ ආකල්ප ඇති කිරීම සහ බාලදක්ෂ කණ්ඩායම් පවත්වා ගෙන යාම හා ඒවායෙහි ක්රියාකාරකම් හා වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය කරනු ලබන අරමුදල් රැස්කිරීම සේවා මාසයෙහි ප්රධාන අරමුණ වේ.
 
බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය තුළින් බාලදක්ෂ දරුවන්ගේ ජීවිතයට අත්දැකීම් සමුදායක් එක් කරගැනීමට අවස්ථාවක් ලැබෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹමින් අරලිය ගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත වූ බාලදක්ෂයින් වෙත පළමු සේවා කාර්ඩ් පත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. 
 





2024 බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය ආරම්භ විය

ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාල දක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය මේ මස 01 සිට 31 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 110,000 අධික බාල දක්ෂයන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන්වල නිරත වීමට අපේක්ෂා කෙරේ.  අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. 

මෙම මාසය තුළ සේවා කාඩ්පත රැගෙන පැමිණෙන බාලදක්ෂ බාලක බාලිකාවන්හට සේවාවක් පවරමින් දායකත්වය සපයා දෙන ලෙස ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ ශ්‍රමය කැපකොට යම්කිසි වැඩ කටයුත්තකට සිය ශ්‍රමය ලබා දීමේ බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා ක්‍රියාවලිය ශත වර්ෂයකටත් වැඩි කලක් සිට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. පාසල් දරුවන් එයට එකතු වෙමින්, එය ඉදිරියට ගෙන යාමට සෑම වර්ෂයකම බාලදක්ෂ කඳවුර පවත්වනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් අත්දැකීම් සමුදායක් සිය ජීවිතයට එකතු කරගන්න දරුවන්ට අවස්ථාව ලැබෙනවා. එයට කැපවී සිටින බාලදක්ෂවරුන් හා බාලදක්ෂ බාලිකාවන් සියලු දෙනාටත්, බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යන කොමසාරිස්වරුන් ඇතුළු සියලු දෙනාටත් සුභ පතනවා
 
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් 
නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා.

2024 සේවා හා සම්බන්ධතා මාසය මේ මාසයේ 01 වැනිදා සිට ඇරඹෙනවා. බාලදක්ෂ දරුවන් ඔවුන්ගේ ශ්‍රමය භාවිතා කර ඔවුන්ගේ බාලදක්ෂ සමූහයටත්, දිස්ත්‍රික්කයටත් සංගමයටත් අවශ්‍ය කරන මුදල් වලින් කොටසක් උපයන්නයි මේ ව්‍යාපෘතිය කරන්නේ. එම නිසා දරුවන් ඔබේ නිවසට පැමිණි විට සහය ලබා දෙන්න යැයි ඉල්ලා සිටිනවා.

මූලස්ථාන කොමසාරිස්, ආචාර්ය අනිල් පෙරේරා මහතා බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය වැඩසටහනේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර මේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මුහීඩ්, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය රජීව පීරිස් මහත්වරුන් ප්‍රමුඛ බාලදක්ෂ කොමසාරිස්වරුන් හා බාලදක්ෂයන් පිරිසක් එක්ව සිටියහ.
 
 
Scout Service and Relationship Month began today. 

This is an opportunity for school children to gather a wealth of experience for their lives...
- Prime Minister Dinesh Gunawardena 

Presentation of the first service card to scouts, who have engaged in services at the Temple Trees marking the beginning of the National Scout Service and Relationship Month, was held under the patronage of Prime Minister Dinesh Gunawardena. 

The National Scout Service and Relationship Month organized by the Sri Lanka Scouts Association will be implemented from 1st to 31st of July, and more than 110,000 scouts throughout Sri Lanka expect to engage in scout services during this period.
Prime Minister further commenting at the occasion –

“The process of Scout service and relationship that donates one’s labour to a certain work has been implemented in our country for more than a century. School children joining in this process hold the Scout camp annually to maintain it.

Children get an opportunity to gather a wealth of experiences by travelling to a number of areas. I wish success to all scouts who are committed in that regard and to the Commissioner who take forward the scout movement by strengthening it.”
Chief Scout Commissioner Attorney at Law Mr. Janaprith Fernando-

“The Service and Relationship Month 2024 begins on 01st of July. This project is implemented by scouts utilizing their labour for earning a portion of the money required for the association, the district and for their scout group.”

Scout Commissioners led by Deputy Chief Commissioner M.S.S. Muheed, and International Commissioner Dr. Rajeewa Peiris, and a group of scouts joined this event. 
 

 
 
இலங்கை சாரணர் சங்கம் ஏற்பாடு செய்துள்ள "தேசிய சாரணர் சேவை மற்றும் தொடர்பு மாதம்" நாளை (01) ஆரம்பமாகவுள்ளது.
இதன்படி, ஜூலை (31ஆம் திகதி) வரை இந்த சேவை உறவுமுறை அமுல்படுத்தப்படவுள்ளதுடன், இலங்கை முழுவதுமுள்ள 110,000 இற்கும் அதிகமான சாரணர் சிறுவர் சிறுமிகள் இந்தக் காலப்பகுதியில் சாரணர் சேவைகளில் ஈடுபடவுள்ளனர்.
இந்தக் காலகட்டத்தில் சாரணர்கள் எத்தகைய சவாலையும் எதிர்கொள்ள நேரிடும் என்பதை உறுதிசெய்து, பல்வேறு சேவை நடவடிக்கைகளில் ஈடுபடும் சாரணர்களுக்கு கௌரவமிக்க வேலைகளையும், நேர்மையான சேவையின் மதிப்பையும் ஊட்டி, சாரணர் குழுக்களைப் பேணுவதற்குத் தேவையான நிதியைத் திரட்டி, அவர்களின் செயல்பாடுகள் மற்றும் திட்டங்களைச் செயல்படுத்துதலே சேவை மாதத்தின் முக்கிய விடயமாகும்.
இம்மாதத்தில் சேவை அட்டையுடன் வரும் சாரணர் சிறுவர் சிறுமிகளுக்கு சேவையை வழங்கி பங்களிக்குமாறு இலங்கை சாரணர் சங்கத்தின் பிரதம ஆணையாளர் சட்டத்தரணி திரு.ஜனப்ரித் பெர்னாண்டோ பொதுமக்களிடம் கேட்டுக்கொண்டார்.