Translate

Sunday, March 16, 2025

රතු මල (Red Flower) පෝතක බාලදක්ෂ වැඩසටහන Camp Fire 🔥 Red Flower Song

රතු මල (Red Flower) පෝතක බාලදක්ෂ වැඩසටහන

පෝතක බාලදක්ෂ කිුයාකාරම් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනකි රතු මල වැඩසටහන (Red Flower ) බාලදක්ෂ ගීත, සරල ගීත, ළමා ගීත සහ ජය ඝෝෂා ඉදිරිපත් කරමින් ඉතා රසවත්ව මුල ආරම්භයේ සිට කථාවක් ඉදිරිපත් කරමින් වැඩසටහන විනාඩි 45 ක් හෝ පැයක් පමණ කාලයක් පවත්වා ගෙන යයි.  

ආරම්භයේ දි පෝතක බාලදක්ෂ වන කතාවේ මවුග්ලි පිළිබඳව ත් ඔහු වනයෙන් පිටත ට පැමිණිමත් විස්තර කරමින් මවුග්ලි රතු මල හෙවත් ගිනි කබලක් රැගෙනවිත් කවය මැද තබමින් පෝතක බාලදක්ෂ ගිනිමැල ගීතය සහභාගි වන සියලුම දෙනා ගායනා කිරීමෙන් සහභාගි වන පෝතක බාලදක්ෂ දරුවන් හා වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් ද සහභාගි වන වැඩසටහන කි. ගීතය ගායනා කරන මෙහෙය වන්නා කවය මැදත් සෙසු අය ඉන් පිටත සිටිමින් ද සිදුකරයි. 

ආකේලා විසින් සංවිධානය කරන ලද රතු මල වැඩසටහනකට දායකත්වය සැපයීම ක්‍රියාශීලිව සහභාගී වීම පෝතක වැඩසටහනෙහි රන්තරු ලාභී පෝතකයා විසින් සිදුකලයුතු කටයුත්තකි. බාලදක්‍ෂයන්ගේ ගිනිමැල සංදර්ශනය වෙනුවට තමයි පෝතකයන්ට 'රතුමල' හඳුන්වාදී තිබෙන්නේ. පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වූ රඩ්යාඩ් කිප්ලිංගේ 'වන කතාව' අනුව මවුග්ලි නම් දරුවා හැදුණේ වෘක ගුහාවක. වෘක අම්මාගේ ඉල්ලීමට අනුව ශියර්කාන් නම් කොටියා බය කරන්න තමයි මවුග්ලි ගම්මානයට ගොස්‌ ගින්දර අරන් එන්නේ. එය තමයි 'රතු මලින් ' සංකේතවත් කරන්නේ. එය ළමයින්ගේ අපූරු ඉදිරිපත් කිරීමක්‌ වන බව නම් විශ්වාසයි.

The Red Flower Show - අපි තමයි මේ රටේ පෝතකයෝ (cover song)

අපි තමයි මේ රටේ ///

වනයට සතුට දී...
රතු මල හැඩ වෙතී
පෝතක රැල මෙසේ
තුටු වෙතී...
සැමදෙසේ බාලයන්....

වී උතුම් දක්ෂයන්...
ලෝකෙට වැඩ සදා
ජය පතවු..
අපි තමයි මේ රටේ ///
බාලයෝ...
අපි තමයි මතුවට ///
කලයුතු...

-------------------

මවුග්ලී...මවුග්ලී...මවුග්ලී...

මවුග්ලී... පුංචි වීරයා...
මවුග්ලී... පුංචි සොහොයුරා...
මවුග්ලී... පුංචි පෝතකයා...
ඔබයි...

අපි තමයි මේ රටේ ///
පෝතකයෝ...
අපි තමයි මතුවට ///
කලයුතු...

වනයට සතුට දී...
රතු මල හැඩ වෙතී...
පෝතක රැල මෙසේ...
තුටු වෙතී...
සැම දෙසේ දක්ෂයෝ...
වී උතුම් දක්ෂයෝ...

ලෝකෙට වැඩ සදා ජය පතමු..
අපි තමයි මේ රටේ /// පෝතකයෝ...
අපි තමයි මතුවට /// කලයුතු...

වනයට සතුට දී - රතු මල හැඩ වෙතී...
පෝතක රැල මෙසේ - තුටු වෙතී...
සැම දෙසේ බාලයන් - වී.. උතුම් දක්ෂයන්...
ලෝකෙට වැඩ සදා - ජය පතවු..
අපි තමයි මේ රටේ /// බාලයෝ...
අපි තමයි මතුවට /// කලයුතු...

ඔබයි...
මවුග්ලී... පුංචි වීරයා...
මවුග්ලී... පුංචි සොහොයුරා...
මවුග්ලී... පුංචි පෝතකයා...
ඔබයි...

----------

Fire, fire, so warm and bright,
Glowing embers, shining light.
Crackling softly, through the night,
Fire, fire, burning bright.

(Chorus) 

Fire, fire burning bright,
In the hearth, oh what a sight.
Warm and cozy, through the night,
Dancing flames, such a delight.

------------




#campfiresong #srilankascout #scout #srilanka  The Red Flower Program රතු මල ¦ Red Flower ¦ Cub Scout. රතු මල (Red Flower) පෝතක බාලදක්ෂ වැඩසටහන කියන්නේ මොකද? දැනුවත් වෙමු. රස විදිමු. බාලදක්ෂ වැඩසටහන් සැලසුම් කිරීම. රිදී තරු පොකුර |පෝතක බාලදක්ෂ ප්‍රගති කඳවුර රැල රැස්වීම. 
විවිධ කදවුරු බැදීම් හදුනා ගනිමු. පෝතක රතුමල 

තවදුරට

 

 

Friday, February 21, 2025

ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය 2025

සෑම වසරකම පෙබරවාරි 22 වන දින ලෝකය පුරා බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන් ඉතා වැදගත් දිනයක් සමරනු ලබනවා. මෙය බාලදක්ෂයින්ට "ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය" (World Scout Founder's Day) ලෙසත්, බාලදක්ෂිකාවන්ට "බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය" (World Girl Guide and Girl Scout Thinking Day) ලෙසත් හඳුන්වනු ලබනවා. මෙම දිනය බාලදක්ෂ ව්‍යාපාරයේ ඓතිහාසික වැදගත්කම හා එහි පුරෝගාමීන් සිහිපත් කිරීමට වෙන් කර ඇති සුවිශේෂ අවස්ථාවකි. 
 

"ලෝකය වඩාත් හොඳ තැනක් බවට පත් කර යාමට උත්සාහ කරන්න" 

ලෝර්ඩ් බේඩන් පවෙල්

"සොයා බලන්න, ඔබේ ඇස් විවෘත කර, ඔබට අවට ඇති දේ සොයා බලන්න" 

ලේඩි ඔලේව් බේඩන් පවෙල්

රොබට් බේඩන් පවෙල් (1857-1941)

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ලෙස සැලකෙන ලෝර්ඩ් රොබට් බේඩන් පවෙල් 1857 පෙබරවාරි 22 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලැබුවා. බ්‍රිතාන්‍ය හමුදාවේ ජෙනරාල්වරයෙකු ලෙස සේවය කළ ඔහු, 1908 දී "Scouting for Boys" නම් පොත ප්‍රකාශයට පත් කිරීමෙන් බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම දැම්මා. තරුණයින්ට ආත්ම විශ්වාසය, නායකත්වය, ස්වාධීනත්වය හා සමාජ සේවා කටයුතු පිළිබඳ හැඟීම් වර්ධනය කිරීම ඔහුගේ අරමුණ විය.

ඔලේව් බේඩන් පවෙල් (1889-1977)

බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘවරිය ලෙස සැලකෙන ලේඩි ඔලේව් බේඩන් පවෙල්, ලෝර්ඩ් බේඩන් පවෙල්ගේ බිරිඳ වූවාය. 1910 දී බාලදක්ෂ ව්‍යාපාරයේ සාර්ථකත්වය දුටු තරුණියන් කණ්ඩායමක් ඇගේ මූලිකත්වයෙන් "Girl Guides" (බාලදක්ෂිකා) ව්‍යාපාරය ආරම්භ කළා. ඔලේව් බේඩන් පවෙල් 1889 පෙබරවාරි 22 වන දින උපත ලැබුවා. එම නිසා පෙබරවාරි 22 යන දිනය දෙදෙනාගේම උපන් දිනය වීම සුවිශේෂී සිදුවීමකි.

ශ්‍රී ලංකාවේ 2025 බාලදක්ෂ නිර්මාතෘ දින සැමරුම - "Clean Sri Lanka" වැඩසටහන

2025 පෙබරවාරි 22 වන දින, ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ සංගමය සහ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය එක්ව "Clean Sri Lanka" ව්‍යාපෘතිය සමඟ හවුල්ව, දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ ජාතික ව්‍යාපාරයක් දියත් කිරීම සිදු විය.

ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණ:

  1. ආවරණය: දිවයින පුරා දුම්රිය ස්ථාන 100කට වැඩි ප්‍රමාණයක පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කෙරිණි
  2. සහභාගිත්වය:
    • බාලදක්ෂයින් 20,000කට අධික සංඛ්‍යාවක්
    • බාලදක්ෂිකාවන් 15,000කට අධික සංඛ්‍යාවක්
    • බාලදක්ෂ, බාලදක්ෂිකා නායකයින් 5,000කට අධික සංඛ්‍යාවක්
    • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය
    • Clean Sri Lanka ව්‍යාපෘතියේ ස්වේච්ඡා සේවකයින්
    • ප්‍රාදේශීය පාසල් සහ ප්‍රජා සංවිධාන
  3. ක්‍රියාකාරකම්:
    • දුම්රිය ස්ථාන පිරිසිදු කිරීම හා අලංකරණය
    • ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය
    • මගී දැනුවත් කිරීමේ වැඩසටහන්
    • පරිසර හිතකාමී පණිවිඩ ප්‍රචාරය කිරීම
    • සුදුසු ස්ථානවල පැළ සිටුවීම
  4. ලබාගත් ප්‍රතිඵල:
    • දුම්රිය ස්ථාන 120ක පරිසරය පිරිසිදු කිරීම
    • ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 50කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම
    • මහජනතාව වෙත දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය හරහා පුද්ගලයින් 100,000කට වැඩි ප්‍රමාණයක් දැනුවත් කිරීම
    • දුම්රිය ස්ථාන ආශ්‍රිතව පැළ 5,000කට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීම










ව්‍යාපෘතියේ දීර්ඝකාලීන බලපෑම

මෙම ව්‍යාපෘතියෙන් අනතුරුව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ බාලදක්ෂිකා සංගමය "Adopt a Station" (දුම්රිය ස්ථානයක් භාරගැනීම) වැඩසටහන ආරම්භ කර ඇත. මෙහිදී ප්‍රාදේශීය බාලදක්ෂ හා බාලදක්ෂිකා කණ්ඩායම් දුම්රිය ස්ථාන භාරගෙන ඒවා දිගටම පවත්වාගෙන යාම සඳහා කැපවී සිටිති.

බේඩන්-පවල් ස්මාරකය එළිදැක්වීම - මීගමුවේ ඉදි කෙරුණු බේඩ්න් පවෙල් ප්‍රථිමාව 

බේඩන්-පවල් දිනයේ 168 වැනි සංවත්සරය සැමරීම සඳහා, මීගමුව බාලදක්ෂ මූලස්ථානයේ පිහිටි ලෝඩ් බේඩන්-පවල් ස්මාරකය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගරු සහෝදර සුනන්ද අල්විස්, දිස්ත්‍රික් කොමසාරිස් රමේෂ් රොඩ්රිගෝ, සහකාර දිස්ත්‍රික් කොමසාරිස් දීෂාන් ප්‍රනාන්දු මහත්වරුන් සහභාගී විය.

ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය (World Scout Founder's Day)

පෙබරවාරි 22 වන දින ලෝක බාලදක්ෂ සංගමය විසින් (World Organization of the Scout Movement - WOSM) "ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය" ලෙස නම් කර ඇති අතර, එදින මිලියන ගණනක් වන බාලදක්ෂයින් ලෝර්ඩ් බේඩන් පවෙල්ගේ උපන් දිනය සැමරීමට විවිධ ක්‍රියාකාරකම් සිදු කරනවා. මෙම දිනයේදී:

  • බාලදක්ෂ ප්‍රතිඥාව හා නීතිය නැවත සිහිපත් කිරීම
  • බාලදක්ෂ ඉතිහාසය හා නිර්මාතෘවරයා ගැන සිහිපත් කිරීම
  • ප්‍රජා සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • විශේෂ කඳවුරු හා එක්රැස්වීම් පැවැත්වීම
  • බාලදක්ෂ විශේෂ උත්සව පැවැත්වීම
  • ප්‍රදර්ශන හා තරඟ සංවිධානය කිරීම

බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය (World Girl Guide and Girl Scout Thinking Day)

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය 1912 දී ආරම්භ වූ අතර, බාලදක්ෂිකා ව්‍යාපාරය 1917 දී ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ සංගමය (Sri Lanka Scout Association) රටේ ප්‍රධාන බාලදක්ෂ සංවිධානය වන අතර, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය (Sri Lanka Girl Guides Association) බාලදක්ෂිකාවන් නියෝජනය කරයි.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය:

  • දිවයින පුරා පාසල් 10,000කට වැඩි ප්‍රමාණයක බාලදක්ෂ කණ්ඩායම් ක්‍රියාත්මක වේ
  • අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාසල් බාලදක්ෂ කණ්ඩායම් ක්‍රියාත්මක වේ
  • ප්‍රධාන කොට්ඨාශ වන පොතල බාලදක්ෂයින්, බාල බාලදක්ෂයින්, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් හා රෝවර් බාලදක්ෂයින් ලෙස අංශ 4කට බෙදී ඇත
  • ජාතික බාලදක්ෂ මූලස්ථානය කොළඹ පිහිටා ඇත
  • බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථාන මීතිරිගල, බණ්ඩාරවෙල හා අනුරාධපුර ප්‍රදේශවල පිහිටා ඇත

ලෝක බාලදක්ෂිකා සංගමය (World Association of Girl Guides and Girl Scouts - WAGGGS) විසින් පෙබරවාරි 22 වන දින "බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය" ලෙස නම් කර ඇත. මෙම දිනයේදී ලෝකය පුරා බාලදක්ෂිකාවන් කටයුතු කරති.

  • ලෝකය පුරා සිටින අනෙකුත් බාලදක්ෂිකාවන් ගැන සිහිපත් කිරීම
  • ජාත්‍යන්තර මිත්‍රත්වය හා සහෝදරත්වය වර්ධනය කිරීම
  • ඔලේව් බේඩන් පවෙල්ගේ දායකත්වය ඇගයීම
  • සමාජ සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

1932 සිට "බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය සඳහා අරමුදල" (Thinking Day Fund) ස්ථාපිත කර ඇති අතර, එමඟින් ලොව පුරා බාලදක්ෂිකා ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනය කරයි.

බාලදක්ෂ ව්‍යාපාරයේ වැදගත්කම

2025 වසරේ ශ්‍රී ලංකාවේ "Clean Sri Lanka" ව්‍යාපෘතිය මගින් පෙන්නුම් කරන්නේ මෙම ව්‍යාපාරය තවමත් දිවයිනේ තරුණ තරුණියන්ට ප්‍රජා සේවය හා ජාතික සංවර්ධනය සඳහා වැදගත් වන බවයි. ඔබ බාලදක්ෂයෙක් හෝ බාලදක්ෂිකාවක හෝ වේවා, නැතහොත් හුදෙක් මෙම ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන අයෙක් වේවා, මෙම විශේෂ දිනය ගැන දැනගැනීමෙන් හා සැමරීමෙන් ඔබට මෙම සාර්ථක ලෝක ව්‍යාපාරයේ කොටස්කරුවෙකු විය හැකිය. බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරය තරුණ තරුණියන්ට විශාල බලපෑමක් කරන අතර, ඔවුන්ගේ ජීවිතවලට පහත පරිදි ප්‍රතිලාභ ලබා දෙයි:

  1. චරිත වර්ධනය: සදාචාරය හා යහපත් ගුණාංග දියුණු කිරීම
  2. නායකත්ව කුසලතා: වගකීම් දැරීමට හා නායකත්වය දීමට පුහුණුව ලබා දීම
  3. ස්වාධීනත්වය: ස්වාධීනව කටයුතු කිරීමට හා තීරණ ගැනීමට හැකියාව වර්ධනය කිරීම
  4. කණ්ඩායම් හැඟීම: සහයෝගයෙන් කටයුතු කිරීම හා අන් අයට ගරු කිරීම
  5. ප්‍රායෝගික කුසලතා: ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා දීම
  6. ගෝලීය දැක්ම: ජාත්‍යන්තර මිත්‍රත්වය හා අවබෝධය ඇති කිරීම
  7. පරිසර සංරක්ෂණය: ස්වභාවික පරිසරය ගැන ආදරය හා සංරක්ෂණය ඇති කිරීම

ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ට ඔවුන්ගේ ඓතිහාසික උරුමය, වර්තමාන වගකීම හා අනාගත අභියෝග සිහිපත් කරන විශේෂ අවස්ථාවක්. බේඩන් පවෙල් යුවළගේ දැක්ම මිලියන ගණනක් තරුණ තරුණියන්ගේ ජීවිත වෙනස් කර ඇති අතර, ඔවුන්ගේ උපන් දිනය ලෝකය පුරා සැමරීම ඉතා වැදගත් අවස්ථාවක්.

තවදුරට

167 වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2024

Sunday, January 19, 2025

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ප්‍රජාව නියෝජනය කරන පළමු මන්ත්‍රීවරයා - සුගත් වසන්ත ද සිල්වා නැමති බාලදක්ෂයා

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024 නොවැම්බර් 21 වැනි දින පැවැත්විය. 2024 මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති, සුගත් වසන්ත ද සිල්වා පත් කර තිබෙනවා. මින් පෙර දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු මෙරට පාර්ලිමේන්තුවේ නොසිටි හෙයින් ජනතාව අතර මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්ව ඇත. එමෙන්ම දෘශ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා හට ලබා දෙන පහසුකම් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. නව මන්ත්‍රීවරයාගේ සුවිශේෂී අවශ්‍යතාවයන්ට සරිලන පරිදි තාක්‍ෂණික වෙනස්කම් සිදු කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්ත්‍රීවරයාගේ සහභාගීත්වය සහතික කිරීමට ද කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතුවලට සහය වීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බ්‍රේල් ක්‍රමය සහ හඬ ක්‍රමය හඳුන්වා දීමට ද පාර්ලිමේන්තුව සලකා බලා තිබේ.

දෑස නොපෙනුනත් ලෝකයේ ජයගත් බාලදක්ෂයෝ
 
 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වා December 06, 2024 දින පළමු වරට පාර්ලිමේන්තුව ඇමතුවා. එමෙන්ම ඔහු ඉදිරි වසර පහ තුළ ආණ්ඩු පක්ෂය සමඟ පාර්ලිමේන්තුවේ සිටින ආබාධිත නියෝජිතයෙක්ට කළ හැකි වෙනස්කම් ඔප්පු කිරීමට විශ්වාසය පළ කළා.

‘මම මේ ලෝකෙට ආවෙ ඇස් පෙනෙන කෙනෙක් විදිහට’

සුගත් වසන්ත ද සිල්වා 1967 ජූලි 26 වන දා, එනම් මීට වසර 57කට පෙර දකුණු පළාතේ බලපිටිය, ගොඩගෙදර ප්‍රදේශයේදී උපත ලැබුවේ, දෑස් පෙනෙන සාමාන්‍ය බිළිඳෙකු ලෙස ය.

“මම ඇස් පෙනෙන කෙනෙක් විදිහට තමයි, මේ ලෝකෙට ආවේ. මම මුලින් ම බාලාංශයේ සිට තුනේ පන්තිය දක්වා ගියේ, කන්දෙගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. එතන ඉඳන් පහ ශ්‍රේණිය දක්වා මම වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලයට ගියා,” සුගත් වසන්ත ද සිල්වා සිය අතීතය ආවර්ජණය ආරම්භ කළේ, එසේ ය.

ක්‍රිකට් නිසා ජීවිතය උඩුයටිකුරු වූ හැටි

ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කළ දෛවෝපගත සිද්ධිය සිදුවූයේ, පාසලේ 5 ශ්‍රේණියේ එනම්, 11 හැවිරිදි වියේ පසුවද්දී ය.

“පහේ පන්තියේදී ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහිල්ලා බෝලයක් ඇහේ වැදිච්ච අනතුරකින් තමයි මම දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වුණේ. ඒ අනතුරේදී මගේ ස්නායුවලට හානි වෙලා ඇස් දෙක ම පේන්නෙ නැතුව ගියා,” ඔහු පැවසීය.
 
ඉන්පසු ඔහුට අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ, බ්‍රේල් ක්‍රමයට ය.

'තාක්ෂණයෙන් ලොවක් දිනූ' දෘශ්‍යාබාධිත නීතිඥවරයා

ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. ඒ, අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ වෛද්‍ය හඩ්සන් සිල්වාගේ මග පෙන්වීම යටතේ ය.

උසස් පෙළ විභාගය සඳහා ඔහු යළිත් අම්බලන්ගොඩ, ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළ සමත්වූ සුගත්, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබී ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ එවකට කථිකාචාර්යවරයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි, සුගත් වසන්ත ද සිල්වා ඔහුගේ මුල් ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි අයෙකි.

“මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ, 1990 වසරේ. මුල් අවුරුද්දේ සිංහල, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට පුළුවන් වුණා ඉතිහාසය විශේෂවේදී විෂය හදාරන්න. ඊට පස්සෙ මම ප්‍රථම පන්ති උපාධි සාමාර්ථයක් එක්ක 1994 වසරේදී උපාධිය සම්පූර්ණ කළා.”
 
සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික)
ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
 
වෘත්තීය ජීවිතය

ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ සේවය කළේ ය. වසර ගණනක් එහි සේවය කළ ඔහු, 1999 වසරේ සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙකු ලෙස වසර 25ක කාලයක් සේවය කළේ ය.

“ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම නිසා මම මගේ රැකියාවෙන් ඉවත් වුණා. මම කරපු රැකියාවේ හැටියට දේශපාලනය කරනවා නම් රැකියාව තවදුරටත් කරන්න බැහැ. ඒ නිසා මම විශ්‍රාම ගත්තා,” සුගත් වසන්ත ද සිල්වා පැවසීය.
 

 
දේශපාලන ක්‍රියාකාරකම්

“මගේ දේශපාලන ක්‍රියාකාරකම් පටන් ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක. එහෙදි, හම්බ වුණ පාසල් ශිෂ්‍ය සහෝදරයොත් එක්ක පාසල් ශිෂ්‍ය ව්‍යාපාරවල වැඩ කරලා තියෙනවා,” සිය දේශපාලන ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් සුගත් පැවසීය.

ඉන්පසු, ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ක්‍රියාකාරීව කටයුතු කිරීම ආරම්භ කර ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ය.

ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය ‘අකැප’ ද?

90 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ අභියෝග හමුවේ පක්ෂය සමග තමන් ද නිහඬ කාලපරිච්ඡේදයක් පසු කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.

“ජාතික ජන බලවේගය පටන් ගන්නකොට අපි ආයෙත් ඒකට සම්බන්ධ වුණා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ විදිහට නෙවෙයි. අපි සම්බන්ධ වුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ එක්සත් ශිෂ්‍ය සංවිධානය කියන සංගමය යටතේ යි. ඊට පස්සෙ අපි ජාතික විද්වත් සංසදයට සම්බන්ධ වෙලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියට ආබාධ සහිත වූවන් වෙනුවෙන් පරිච්ඡේදයක් ඇතුළත් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදීත් අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ආබාධ සහිත තැනැත්තන් වෙත ගෙනියන්න විවිධ මාධ්‍ය ඔස්සේ අපි කටයුතු කළා. ඒ ආපු ගමන තමයි ජාතික ලැයිස්තු ලේඛනය දක්වා ආවේ.”
 
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්

පාර්ලිමේන්තුවට ගිහින් කරන්න යන දේ

2012 වසරේදී කරන ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාව තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 17ක් සිටිති. සුගත් වසන්ත ද සිල්වා පවසන්නේ, ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 57%ක් කාන්තාවන් බව ය. ඊට අමතරව, ආබාධ සහිත වූවන්ගෙන් 71%ක් කිසිදු ආර්ථික කටයුත්තක නිරත නොවී යැපෙන්නන් ලෙස ජීවත් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

“මම පාර්ලිමේන්තුවට ගියොත් නියෝජනය කරන්නේ, දෘශ්‍යාබාධිත ප්‍රජාව විතරක් නෙවෙයි. සියලු ආකාරයේ ආබාධ සහිත පුද්ගලයින්ට සාධාරණය සහ සමානාත්මතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මම කැපවෙන්නේ. ආබාධ නැති පුද්ගලයින්ට ලැබෙන සමාන සහ සාධාරණ අවස්ථා ආබාධ සහිත වූවන්ටත් ලැබිය යුතු යි. ඒ සමානාත්මතාව සහ සාධාරණය සෑම අංශයකින් ම හිමි විය යුතු යි.”

“දැනට ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් තියෙන ප්‍රශස්ත ම ලියවිල්ල තමයි, එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රඥප්තිය. ඒක අංග සම්පූර්ණ නෑ. ඒකෙත් අඩුපාඩු තියෙනවා. හැබැයි අපි ඒකවත් අනුගමනය කරන්න ඕන. අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරලා තිබුණාට ඒක ක්‍රියාත්මක කරලා නෑ. ඒ ගැනත් අපි ක්‍රියා කරනවා.”

ඊට අමතරව, ආබාධිත ප්‍රජාවේ ශුභසාධනය වෙනුවෙන් ඔවුන්ගේ ජන අනුපාතයට අනුව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ගැනීම ද සිය අරමුණු අතර වන බව සුගත් වසන්ත ද සිල්වා ප්‍රකාශ කළේ ය.
 

 
“ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක සහෝදරයාට ආබාධිත පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයකු ලෙස ආබාධිත පුද්ගලයන් නියෝජනය කරමින්, මාව ඉදිරිපත් කර තිබෙනවා. ලක්‍ෂ දහහතකට වැඩි ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කිරීමේ අවස්ථාව මේ මඟින් ලබාදී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු හැත්තෑහය තුළ විවිධ පක්‍ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ආබාධිත පුරවැසියන් කෙරෙහි අවධානයක් යොමුකර තිබුණේ නැහැ. ඔවුන් වෙනුවෙනුත් ප්‍රතිපත්තියක් සකස් කිරීමයි ජාතික ජන බලවේගයේ හැඩය. රත්නපුර දිස්ත්‍රික්කයෙහි ජනතාව පෙළගැසී සිටින්නේ එවැනි පළල් අර්ථයක් සහිත වැඩපිළිවෙළක් පවතින ජාතික ජන බලවේගය වටා.

ජරාජීර්ණ දේශපාලනය අවසන් කර මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ අපේක්‍ෂා ඉටු කරන දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ වෙනුවෙන් විශාල මහජන නියෝජිතයන් පිරිසක් පත්කර යැවීමේ වගකීම තිබෙන්නේ ඔබට. සියයට තුනට තිබුණු මහජන කැමැත්ත සියයට 43 දක්වා පසුගිය ජනාධිපතිවරණයේ දී ගෙන ආවා වාගේම ජනතාවාදී රජයක් පත්කර ගන්නා බව ස්ථිරයි. මේ දේශපාලන ව්‍යාපාරය කිසිම දාක ජනතාවට පිටුපාන්නේ නෑ. ජනතාවාදී පාලනයක් තුළ ආබාධ සහිත අපව අත්නොහැර ඉදිරියට ගමන් කරමින්, ලස්සන ජීවිතයක් උදා කරගත හැකි බව ස්ථිරයි. තමන්ගේ අයිතිවාසිකම් වාගේම සුබසාධනය බලගැන්වෙන ආයතනික රටාවක් ගොඩනැඟීම සිදු කරනවා. අප හැමදෙනාම එකට හිනාවෙන, එකට අත්පොළසන් දෙන වෙනස්කමකට භාජනය නොකරන පිරිසක් බවට ආබාධිත ජනතාවත් ඔසොවා තබන රටක් තමයි, පොහොසත් රටක් කියන්නේ. එවැනි ජනතාවක් තමයි, ලස්සන ජීවිත ගත කරන ශිෂ්ටසම්පන්න ජනතාවක් කියන්නේ.”

 

Monday, December 30, 2024

2024 ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රධානෝත්සවය නව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

ළමා පරපුර යහපත් පුරවැසියන් බවට පත් කර ගැනීමට බාලදක්ෂ ව්‍යාපාරය වැනි වැඩසටහන් ප්‍රබල ලෙස දායක වන බව නව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධාන කළ ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගිය දා පැවැත්වුණා. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වසර 5කට වඩා වැඩි කාලයක් විශිෂ්ට සේවාවක් ඉටුකළ වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් 574 දෙනෙකු මෙහිදි සම්මානයට පාත්‍ර වුණා. ලෝකයේ අනෙකුත් රටවල් සමග පවතින මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා එම රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් වෙත ද ජාත්‍යන්තර මිත්‍රත්ව සම්මාන INTERNATIONAL FRIENDSHIP AWARD 11ක් ප්‍රධානය කෙරුණා. එසේම බාලදක්ෂ ව්‍යාපාරය වෙත අනුපමේය දායකත්වයක් ලබාදෙන ත්‍රිවිධ හමුදාවට හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 9ක් ද මෙහිදි ඇඟයීමට ලක්වුණා. බාලදක්ෂ ව්‍යාපාරයේ ඉහළම සම්මානය වන ‘Silver Lion ‘ සම්මානය බාලදක්ෂ ව්‍යාපාරයේ නියුතු 08 දෙනකු වෙනුවෙන් පිරිනැමීමත් මෙම උත්සවයේදී සිදු විය. 

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුලු දෙස් විදෙස් නියෝජිතයන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මුහීඩ් මහත්වරුන් ඇතුළු දේශීය විදේශීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 

Monday, November 11, 2024

“මීදුම තරණය” බාලදක්ෂ චිත්‍රපටිය - ලක්ෂ්මන් පුෂ්පකුමාර නැමති බාලදක්ෂයා

ශ්‍රී ලංකා බාලදක්ෂයන් සම්බන්ධ කරගනිමින් චිත්‍රපට නාට්‍ය තැනී ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. ලෝක ව්‍යාප්ත ළමා ව්‍යාපාරයක් ලෙස මිලියන 41ක් ඉක්මවූ සාමාජිකත්වය අගයමින් ලොව පුරා බොහෝ කලා කෘති අතරින් බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ කලා නිර්මාණ බිහිවනුයේ අතලොස්සකි. ඒ අතරින් සීමිත චිත්‍රපට සංඛ්‍යාවක් අතරින් හෙළවුඩයේ නිර්මාණය වූ චිත්‍රපට කීපයක් තිබේ. ගෙවුණු බාලදක්ෂ සියවස් ඉතිහාසයෙහි බාලදක්ෂයන් වෙනුවෙන් සිනමා ඉතිහාසයෙහි ඉතාම සීමිත ඉඩක් වෙන්ව තිබේ. මෙරට නිර්මාණය වූ බාලදක්ෂ චිත්‍රපට අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. රූපවාහිනී නාට්‍ය ඇත්තේද සීමිත සංඛ්‍යාවකි. ඒ සඳහා වගකිවයුතු බලධාරීන් හෝ කිසිවෙකුගේත් සහයෝගයක් ලැබී නොමැති තරම්ය. මීට අමතරව බාලදක්ෂ කටයුතු තරමක් හෝ ඉතිරිව ඇත්තේ මුහුණු පොතෙහි සහ යූටියුබ් වීඩියෝ තුළ පමණකි. එලෙසින් හෝ බාලදක්ෂ අතීතය එක්රැස්කර පවත්වා ගැනීමට SCOUTING MAGAZINE යූ ටියුබ් නාලිකාව සහ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකා දක්වන දායකත්වය මේ දක්වාත් කිසිවකුගේ ඇගයීමට ලක් වී නොමැතිවීම කණගාටුදායක කරුණකි.
 
 
බාලදක්ෂ කටයුතු නිර්මාණාත්මක බාවිතයක් සහිතව මුද්‍රිතව හා සජීවීව සමාජ ගතවීම කෙරෙහි කිසිඳු අවධානයක් නොතිබුණු යුගයක ඒ සඳහා scouting සඟරාවේ අපි ප්‍රමිතියක් නිර්මාණය කලෙමු. පර්යේෂණ අංශයක් හා බාලදක්ෂ ඉතිහාසය ගවේශණය කරමින් වඩාත් පුළුල් වේදිකාවක් තැනුවෙමු. ඒ ඔස්සේ බොහෝ නිර්මණශීලී රචකයන්, නලුවන්, සංගීත, නර්තන, මුද්‍රිත, නාට්‍ය ශිල්පීන් රැසකට සුදුසු පරිසරයක් නිර්මාණය කලෙමු. බොහෝ කෙනෙහිලි කම් මධ්‍යයේ බාලදක්ෂ මුද්‍රණ කටයුතු, බාලදක්ෂ මුහුණු පොත, සහ බාලදක්ෂ යූ ටියුබ් අවකාශයත් දිග් විජය කලෙමු.
 
ඒ අතරින් නැගුණු අංකුර අතර බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනකින් හා නිර්මාණාත්මකව යොදාගනිමින් නිර්මාණය වූ පළමු බාලදක්ෂ චිත්‍රපටිය වනුයේ පවන් අංජන නැමති බාලදක්ෂයා විසින් නිර්මාණය කරනු ලැබූ සූදානම්ව සිටිනු චිත්‍රපටය නිර්මාණය වීම සිදු විය. ඒ සඳහා සුරාජ් මාපා, දිමුතු චින්තක, කෞෂල්‍යා සමරසිංහ, රිචඩ් අබේවර්ධන වැනි ජනප්‍රිය නළු නිලියන් සහ පාසල් වයසේ ළමා රංගන ශිල්පීන් ගොඩක් චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබුණා. එම වකවානුවේ පැවති කොරෝනා තත්වයත් සිනමාශාලා ප්‍රදර්ශනයට අධික මුදලක් වැයකලයුතු වූ නිසාත් තාක්ෂණික කාරණා මෙන්ම ජාතික බාලදක්ෂ මූලස්ථානයෙන් හෝ කිසිදු සහයෝගයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය වූ මෙවැනි නිර්මාණයන් සඳහා සහයෝගයක් දැක්වීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති වීමත් පැවති මුදල් අපහසුතාවත් හේතුවෙන් මෙම චිත්‍රපටය අඩු වශයෙන් බාලදක්ෂයන් අතර ජනගත කිරීමට ද හැකියාවක් නොලැබීම කණගාටු දායක කරුණක්. මෙවැනි නිර්මාණ සම්බන්දයෙන් සාධනීය සහයෝගයක් දැක්වීම කෙරෙහි ජාතික බාලදක්ෂ මූලස්ථානයෙහි වැඩි අවධානයක් ද යොමු වියයුතුමයි. මක් නිසාද එහි පූර්ණ වාසිය හා ලාභය හිමිවනුයේ සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයටම බැවිනි.

අලුත්ම බාලදක්ෂ චිත්‍රපටියක්

එසේ තිබියදී කොළඹ 15, මුට්වාල් හි ලසාල් විවෘත බාලදක්ෂ සමූහයේ හිටපු ජනාධිපති බාලදක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා විසින් නව බාලදක්ෂ චිත්‍රපටයක් නිර්මාණය වෙනුවෙන් දෙවැනි පියවර ගනු ලබනවා. ඒ “මීදුම තරණය” චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අත්දැකීම් සහිත  ජනාධිපති බාලදක්ෂයෙක් විසින්. බාලදක්ෂයෙකු ලෙස ඔහු “වට රවුම” නාට්‍යයෙන් පටන්ගෙන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඔහු ලාංකික ටෙලිනාට්‍ය කලාව තුළ තම මුද්‍රාව තැබූ අධ්‍යක්ෂවරයෙකි. වේදිකාව තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු ආන්දෝලනාත්මක නාට්‍යයක හිමිකරුවා වන මොහු ලාංකික ටෙලිනාට්‍ය කලාවෙහි සිටින විශිෂ්ට තිරපිටපත් රචකයෙකි. ඉතින් Scouting සඟරාවේ අපි සුබ පතනවා මෙම බාලදක්ෂ චිත්‍රපටය සාර්ථක වේවා කියලා. ඒ වගේම තව තවත් බාලදක්ෂ නිර්මාණ නාට්‍ය, චිත්‍රපට නිර්මාණය කිරීමය හැකියාව ලැබේවා කියලා.
 

 
‘මීදුම තරණය’ චිත්රපටය

අධ්‍යක්ෂණය | ලක්ෂ්මන් පුෂ්පකුමාර
නිෂ්පාදනය | සරත් ගුණසේකර
රංගන ශිල්පී | Senith Sathviru
කැමරාකරණය | Sujith Nishantha
drone operator | Manoj Edirisinghe
සංගීතය | Dinesh Subasinghe
කැමරා උපකරණ | Horizon Media Production PVT Ltd

 
මේ දිනවල මීදුම තරණය කරමින් තම කුලුඳුල් සිනමා ආගමනයට ලැහැස්ති වෙන මොහු අභියෝග හමුවේ ඉදිරියට ම යන කලාකරුවෙක්. මේ එතුමා සමඟ කල පිළිසඳරක්.

ඔබ මේ ක්ෂේත්‍රයට අත්පොත් තබන්නෙ වේදිකා නාට්‍ය හරහා. ඒ මතකය අවදි කරනවා නම්?

මම මුලින්ම නිර්මාණය කළේ වටරවුම කියන වේදිකා නාට්‍යය. ඉන් පසුව මම ප්‍රසිද්ධ පාරක් නොවේ කියන වේදිකා නාට්‍යය වේදිකා ගත කළා. මම ඉන්පසුව නිර්මාණය කළ ‘ෂා’ කියන නාට්‍යය තමයි මහත් ආන්‍ෙදා්ලනාත්මක ලෙස කතාබහට ලක්වුණේ. එහි තිබෙන දේශපාලනය පිළිබඳව එකල විසල් විධියට බොහෝදෙනෙක් කතාබහ කළා. මේ නාට්‍යයෙන් පසුව මම රූපවාහිනිය පිළිබඳව හදාරන්න පටන් ගත්තා. ටෙලිනාට්‍ය කලාවට පිවිසෙන්නෙ ඉන්පසුව. මම සිනමාව පිළිබඳව හදාරන්න පටන් ගන්නෙ සහ මගේ දායකත්වය සිනමාවට ලබා දෙන්න ආරම්භ කරන්නෙ ඉන්පසුව. මේ දවස්වල මගේ කුලුඳුල් සිනමාපටය නිර්මාණය කිරීම වෙනුවෙන් මහන්සි වෙනවා. මම දැන් මගේ ටෙලිනාට්‍ය දිවියට මඳ විරාමයක් ලබා දී බලා සිටිනවා. නමුත් මම මගේ දායකත්වය හැකි සෑමවිටෙකම ලබා දෙන අතර මගේ සිනමාපටය වන මීදුම තරණය වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා.

මීදුම තරණය සිනමාපටය නිර්මාණය වෙන්නෙ කොහොම ද?

මෙම සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ සරත්  ආර්. ගුණසේකර. මේ කතාව ගොඩනැඟෙන්නෙ බාලදක්ෂ ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන. ලෝකයේ පවා බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරෙන් සිනමාපට නිර්මාණය වෙනවා ඉතා විරලයි. මම ජනාධිපති සම්මාන ලබපු බාලදක්ෂයෙක්. මට අවශ්‍ය වුණා මේ ළමයි කේන්ද්‍ර කරගෙන සිනමාපටයක් නිර්මාණය කරන්න. ඔවුන් ගැටලුවලට මුහුණදෙන ආකාරය ඒවා සමඟ තම වැඩ කටයුතු කරගෙන යන ආකාරය, මට සිනමාවට ගෙන ඒමට අවශ්‍ය වුණා. මෙහි තිරපිටපත රචනා කළේ සෙනලි ගයාරා, සෙනත් සවිරු නිසුමි සඳකිණි කියන දරුවන් තිදෙනා. . මෙම කතාවෙහි එන ළමයි ඉදල්ගස්හින්නෙන් බැහැලා ඔහිය හරහා ලෝකාන්තය බලන්න යන ගමනක කතාවක් තමයි මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ ළමයි දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන බලවේගවලට මුහුණදෙන අයුරු සහ එම බාධක මඟහරින අයුරු තමයි මෙම කතාවෙ අන්තර්ගත වෙන්නෙ. මේ දරුවන්ට අද්භූත මායාකාරියක් මුණගැසෙනවා. ඇය මොවුන් සිර කරගෙන සිටිනවා. අවසානයේ මේ දරුවො මොන වගේ ඉරණමකට මුහුණ දෙයිද කියන චකිතය මුළු කතාව පුරාවටම තිබෙනවා. මේක තනිකරම බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරින් නිර්මාණය වුණු සිනමාපටයක්. මේක ආශ්වාදජනක සිනමාපටයක්.

 
 

නිර්මාණයට දායක වූ පිරිස් කවුරුන්ද?

නදීෂා හේමමාලි, 
පානදුර රාජකීය විද්‍යාලයේ නවය ශ්‍රේණියේ තමයි ඉගෙනුම ලබන අබිරු දින්තරු කරුණාතිලක, කෑගල්ල මංදාකිණි රංගන පාසලේ මතීෂ ඉඳුවර බණ්ඩාර, කුම්භී,

මේ සිනමාපටය නිර්මාණය වෙන්නෙ කදුකර පෙදෙසක් කේන්ද්‍රගත කරගෙන. මෙවැනි පරිසරයක මෙය රූගත කරන්න බලපෑවේ කුමක්ද?

ලංකාවේ වෙනත් සිනමාපටයක නැති පරිසරයක් තෝරාගන්න තමයි මට වුවමනා වුණේ. ඉදල්ගස්හින්න කියන පෙදෙසෙන් ඇතුළට ගියහම හමුවන බඹරකන්ද දිය ඇල්ලෙත් මුදුන වන ලංකා ඇල්ල කියන කවුරුත් වැඩිය නොගිය තැනක් තමයි මම මේ නිර්මාණයට යොදා ගත්තෙ. මීදුම් තරණය චිත්‍රපටයේ  රඟපෑම් කටයුතු අතරේදී අපි බඹරකන්දේ ඉහළටම ගියා. ඒ යන ගමනේදී ලෙස්සලා වැටුණු අවස්ථාවන් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.

මේ පරිසරයෙදි සිනමාපටයේ කාර්ය මණ්ඩලය සහ කලාකරුවන් මුහුණ දුන් අභියෝග මොනවාද?

අපිට කිලෝමීටර් දෙක හමාරක් පමණ උඩට කඳු නඟින්න සිද්ධ වුණා. මම ළමයි හය දෙනෙක් සමඟ මේ දුෂ්කර කන්ද තරණය කළේ. ඊට සති දෙකකට කලින් ඒ රූගත කිරීම් කළ ස්ථානය සමීපයේ තරුණයෙක් මිය ගිහින් තිබුණා. මේක ඉතා සැලසුම් සහගතව කළ වැඩක්. මේ මහන්සිය නිසාම අපේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයන්ටත් මුහුණ දුන්නා. අපි අශ්වයන් සමඟ රූගත කිරීම් සිදු කළා. පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයෙන් තමයි අපිට එම අශ්වයන් ලබාදුන්නෙ. මේ කටුක පරිසරය තුළ අශ්වයන් නොසන්සුන් වීම හේතුවෙන් අපි බේරුණේ අනූ නවයෙන්. අපි අධික ශීතලකට මුහුණ දුන්නා. තොල්වලින් ලේ එන තරමට මේ සීතල දරුණු වුණා. නමුත් අපි අවසානයේ මේ අභියෝග සියල්ල ජයගත්තා.

ඔබ ලංකාවෙ සිටින ප්‍රවීණ තිරපිටපත් රචකයෙක්. ඒ ගැන කතා කරමු?

තිරපිටපත කියන දෙය නිර්මාණයක ප්‍රධානම දෙය ලෙස පෙන්වා දෙන්න පුළුවන්. වේදිකාව කියන දෙය රංගන ශිල්පීන්ගේ කලාව. සිනමාව කියන දෙය අධ්‍යක්ෂවරයාගේ කලාව. ටෙලිනාට්‍ය කියන්නෙ තිරපිටපත් රචකයන්ගේ කලාව. ටෙලිනාට්‍ය කියන දෙය රඳා පවතින්නෙ තිරපිටපත් රචකයාට.

ඔබ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ලාංකික ටෙලිවිෂන් කලාව පිළිබඳව දරන මතය කෙසේ ද?

මම ටෙලිනාට්‍ය හැටක පමණ ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි මම තමයි ලංකවේ වැඩිම එපිසෝඩ් ගණනක් රචනා කළ සහ අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවා වෙන්නේ. මම මෙගා නාට්‍ය විශාල ප්‍රමාණයකට දායකත්වය සපයලා තිබෙනවා. මේ ටෙලිනාට්‍ය කලාවේ අවසන් කාලය. එය විශාල ගැටලු රැසකට මුහුණපා තිබෙනවා. ඒ නිර්මාණකරුවන්ගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. පරිපාලනයේ සහ නාළිකාවල තිබෙන ආකල්ප ඉතා පසුගාමීයි. ඒ වගේම විෂමයි. ඔවුන්ට ඕන අම්මා තාත්තව හරි විකුණලා රේටින් ලබාගන්න. අද නාළිකා රේටින් ලබාගන්න ලිංගිකත්වය පවා හුවා දක්වන්න පෙලඹෙනවා.

ලාංකික කලාකරුවාගේ මහන්සියට නිසි ඇගයීමක් ලැබෙනවා ද?

කිසිම ඇගයීමක් ලැබෙන්නෙ නැහැ. නමුත් දේශපාලකයන්ට කඩේ යනවා නම් නිසි ඇගයීමක් ලැබෙනවා. කලාකරුවට සම්මාන උළෙලකදී පවා සාධාරණ විනිශ්චයක් ලැබෙන්නෙ නැහැ. මැරුණට පස්සෙ තමයි මල් වඩම හම්බ වෙන්නෙ. මම කියන්නෙ නැහැ කලාකරුවට ගෙවල් හදලා දෙන්න, පින් පඩි දෙන්න කියලා. කලාකරුවන්ගේ නිර්මාණ කරගෙන යන්න නිසි ක්‍රමවේදයක් හැදුවා නම් කලාකරුවා තමන්ගෙ දේවල් කරගෙන යයි.

ඉදිරි වැඩකටයුතු ගැන කතා කරනවා නම්?

මම මේ වනවිට ටෙලිනාට්‍ය දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ඒවා ඉක්මනින්ම විකාශය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් වර්තමාන දේශපාලනය සිදු කරන පුද්ගලයන්ගේ දිවිය සහ ඔවුන්ගේ අතීතය වටා නිර්මාණය වුණු කතාවක්. එහි නම ධවල රාක්ෂ. තව ගැමි තරුණයෙක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණ කේශර කියලා ටෙලිනාට්‍යයක් විකාශය වීමට නියමිතයි. තව චරිත් අබේසිංහ කියන අධ්‍යක්ෂවරයාට සිනමාපටයකට තිරපිටපතක් රචනා කරලා අවසන් කළා. තවත් සිනමාපටයකට තිරපිටපතක් ලියමින් මේ දවස් ගෙවමින් සිටිනවා. එයත් ඉක්මනින්ම අවසන් වෙයි කියලා සිතනවා.

 
 “මීදුම තරණය” මුහුරත් උළෙල

සරත් ගුණසේකර විසින් මීදුම තරණය චිත්‍රපටය නිෂ්පාදනය කරන අතර මෙම චිත්‍රපටය ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණයයි.  එහි මුහුරත් මංගල්‍යය 2023 අගෝස්තු 3 වන දින කොළඹ 7, තරංගනී, චිත්‍රපට සංස්ථා මැදිරියේදී පෙරවරු 9.15 ට සිනමා හා නාට්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් කලාකරුවන් විශාල පිරිසක් මධ්‍යයේ පැවැත්විණි. 

 ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්.මුහීඩ්, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි සහ සහාය ප්‍රධාන කොමසාරිස් රුවන් ආරියරත්න යන කොමසාරිස් වරු සහභාගි වූහ. වැඩසටහන් කොමසාරිස්වරයා රැස්ව සිටි පිරිස අමතා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ අතර බාලදක්ෂ වෙළෙඳ පොළට චිත්‍රපටයක් නිර්මාණය කිරීම අගය කළේය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සහ ජාතික වැඩසටහන් කොමසාරිස් සහ නිෂ්පාදක සරත් ගුණසේකර විසින් නිල ගිවිසුම අත්සන් කරන ලදී. වක්‍ර ලෙස බාලදක්ෂ කටයුතු ප්‍රවර්ධනය හා සමාජගත කිරීමද මෙමඟින් සිදුවේ.



“Meeduma Tharanaya” The film to be produced to market scouting Directed by our own former President scout of LaSalle Open Scout Group of Mutwal, Colombo 15, Lakshman Pushpakumara who had risen to fame in the Teledrama field starting with his own Drama ” Wata Ravuma” as a scout. This film is produced by Sarath Gunasekera and directed by Lakshman Pushpakumara as his first film. The muhurath Mangalya was held today 3 August 2023 at Tharanganee, Film Corporation Studio in Colombo 7 at the auspicious hour of 9.15 a.m. in the midst of a large and distinguished gathering of artists in the Film and Drama field.

Officially Movie Title and The Cast has revealed on MUHURATH CEREMONY… Scouts face off with the Mysterious ADVENTURE.. From the Veteran Director Lakshman Pushpakumara. produced by Sarath R. Gunasekara..

 
The Sri Lanka Scout Association was represented by Deputy Chief Commissioner M. F.S.Muheed, National Program Commissioner Sarath Matararachchi, and Asst. Chief Commissioner Ruwan Ariyaratne. Program Commissioner addressed the gathering and gave references and details of the Scout Movement and appreciated the making of a Film to market scouting. The official Agreement was signed by the Deputy Chief Commissioner and National Program Commissioner on behalf of the Sri Lanka Scout Association and Sarath Gunasekera the Producer.