Translate

Tuesday, March 19, 2013

දෙවන දිග හැරුම

SCOUTING MAGAZINE®- SRI LANKA 2012 | VOLUME 01 | ISSUE 02 | ISSN 2279-1310

කතුවැකිය

ශී‍්‍ර ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දී වසර සියයක් ගත වී ඇත. බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 95කි. ශී‍්‍ර ලංකාවේ බාලදක්ෂයින් සහ බාලදක්ෂිකාවන් ලක්ෂ හතරක් දෙනා වෙනුවෙන් ම මුද්‍රණය වන ‘සඟරාවක්’ මෙතෙක් බිහි වී නො මැත. සියවස සමරණ බාලදක්ෂයින් වෙනුවෙන් මෙම සඟරාව ලාංකේය බාලදක්ෂ මුද්‍රණ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනු නො අනුමාන ය. බාලදක්ෂ ව්‍යාපාරයෙහි අලූත්වන දැනුම සෘජු ව ම බාලදක්ෂයින් වෙත ගෙන යා හැකි මාධ්‍ය දායකත්වයක් සැපයීම අපගේ අරමුණ වේ. ඒ වෙනුවෙන් අපි ඉත සිතින් කැපවීමට SCOUT MEDIA NETWORK® ආයතනයක් වශයෙන්  ඉදිරිපත් වන්නෙමු.

‘මේක ජාත්‍යන්තර මට්ටමේ ස`ගරාවක්. කටපුරා... හිතපුරා... කියූ හිත මිතුරන් අතර අභිනව ප‍්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා ප‍්‍රමුඛයෙකි. එතුමන්ගේ ප‍්‍රගතිශීලී බාලදක්ෂ මෙහෙවරට හෘදයාංගම සුභාශීංෂණය එක් කරන්නෙමු.  නව ශිල්පීය දැනුම හා ප‍්‍රවෘත්ති ලබා දෙමින් බාලදක්ෂයාගේ ලොග් පොතට අත්‍යාවශ්‍ය බොහෝ දෑ ප‍්‍රතිනිර්මාණාත්මක ව  බාලදක්ෂයා අතට ම පත්කිරී ම අපගේ ව්‍යායාමය යි. ඒ වෙනුවෙන් නිරන්තර ව අප දිරිමත් කළ හිටපු ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රසේන බටුවන්ගල කෘතහස්ත නායකයාගෙන් ලද සහයෝගය ‘ශී‍්‍ර ලංකා ස්කවුටින් මැගසීනයේ’ ඉදිරි ගමනට මහත් රුකුලක් වී තිබේ.
බාලදක්ෂයින් හා නායකයින් මෙතෙක් සිදුකළ මෙහෙවර අර්ථවත් කරමින් ‘බාලදක්ෂ පොරොන්දුවට හා නීතියට’ ගරුකරන බාලදක්ෂ ජීවයෙන් පිරිපුන් ළමා සහෝදරත්වයක් පෝෂණය කරන්නට අපට හැකිවනු ඇත. ඔබේ නිර්මාණාත්මක දායකත්වය වෙනුවෙන් ඉඩක් වෙන් කිරීම අපගේ උත්සාහය යි. ඒ සදහා බාලදක්ෂ සහෝදරත්වයට, අපි ආරාධනා කරමු. සමස්ත ශී‍්‍ර ලාංකේය ළමා පරපුරෙහි අනාගතය වෙනුවෙන් මෙම සගරාව ත්‍රෛමාසික ව ඔබ අතට පත්වනු ඇත.   

බාලදක්ෂයාගේ පුරුද්ද අභියෝග භාරගැනීම ය. ඒවා ට නො බිය ව මුහුණ දීම ය. බාලදක්ෂයන් වන අපට ඒ අපරිමිත ජීවය ලබාදුන්නේ අපට කලින් පරම්පරාවේ පුරෝගාමී නායකයෝ ය. සැබැවින් ම ඔවුන් ආදර්ශමත් නායකයෝ වූහ. කීවොත් කී දෙය කරන නායකයෙකු බාලදක්ෂ ව්‍යාපාරයෙන් සමුගත් දිනය මතක ය. දැන් අපට කියා සත්මහල් බාලදක්ෂ නිවහනක් උරුම ය. ගැහැනු ළමයින් හට ද බාලදක්ෂ ව්‍යාපරයට එකතු විය හැකි ය. ලෝක බාලදක්ෂ ක‍්‍රියාකාරකම් අතරට අශ්වාරෝහක ක‍්‍රියාකාරකම් ද හදුන්වා දී ඇත.

බාලදක්ෂ ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවට හදුන්වා දී වසර සියයක් ගතවන මේ වසර ඓතිහාසික ය. සියවස වඩාත් අර්ථවත් කළ සියවසේ නායකයා වෙනුවට තවත් අපූරු නායකයෙකුගේ ආගමනය සිදු වී ඇත. අප අත්වැල් පවුරු බදින්නේ ‘බාලදක්ෂ ජීවය’ ආරක්ෂා කිරීමට ය. ඒ කිසිවක් නිසා ම නො ව, අපට කරන්නට බාලදක්ෂ ව්‍යාපාරයක් ඉතුරු විය යුතු නිසාවෙනි.
සුබ දඩයම්!




ප්‍රධාන කර්තෘ,
‘ස්කවුටින් මැගසිනය’
අංක: 26 කැන්දහේන වත්ත පාර, දෙපානම, පන්නිපිටිය. 10230

© All rights reserved.
Please note that all images displayed here are Copyrighted material and cannot be used anywhere without the authors express written permission.

 

No comments:

Post a Comment