Translate

Tuesday, March 19, 2013

තෙවන දිග හැරුම

SCOUTING MAGAZINE®- SRI LANKA 2012 | VOLUME 01 | ISSUE 03 | ISSN 2279-1310

‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’

මහජන සදාචාරය ආරක්ෂා වන අයුරින් ජනමාධ්‍ය හැසිරවීමට වෘත්තීය මාධ්‍යකරුවෝ දනිති. ආචාරශීලී වෘත්තීය මාධ්‍යකරුවන් පනහකට වැඩි පිරිසක් Scouting Magazineහි සේවය කිරීම අපට ශක්තියකි. ඔවුහු දැන උගත්, උසස් අධ්‍යාපනයක් ලැබූ බාලදක්ෂ, බාලදක්ෂිකාවෝ ය. ගවේශනාත්මක වාර්තාකරණයක නියැලෙමින් SMN ආයතනයේ අපි ගුණාත්මක බාලදක්ෂයෙකු නිර්මාණය කිරීමේ සමාජයීය වගකීම කෙරෙහි ඇප කැප වී කටයුතු කරන්නෙමු.

අප වාසය කරන සමාජයෙහි තොරතුරු සැගවිය නො හැක. තොරතුරු මානවයාගේ නැණ නුවණ පාද යි. සමාජය තුළ හුවමාරු වන තොරතුරු මිනිසා යාවත්කාලීන කරනු ලබ යි. බාලදක්ෂ ව්‍යාපාරයෙහි අලූත්වන දැනුම සෘජු ව ම බාලදක්ෂයින් වෙත ගෙන යා හැකි ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ ය. කවරදාටත් වඩා වර්තමානයේ සිටින බාලදක්ෂයෝ දැනුම කෙරෙහි ආකර්ශනය වෙමින් අපගේ සගරාව කෙරෙහි දැඩි විස්වාසයකින් යුක්ත ව අගය කරති. අප වෙත දිනෙන් දින ලැබෙන ස්තූති පූර්වක ලිපි ඒ සදහා කදිම සාක්ෂි වෙති. අප විසින් දක්වන අසීමිත කැපකිරීම් වෙනුවෙන් ලැබෙන අව්‍යාජ ප‍්‍රතිචාරයෝ වෙති. ශී‍්‍ර ලාංකේය ළමා පරපුරෙහි අනාගතය වෙනුවෙන් ඉදිරියේදී ද මෙම සගරාව ත්‍රෛමාසික ව ඔබ අතට පත්වනු ඇත.

‘මව්බස’ අපේ කොදුනාරටිය වේ. එය, බස්නාහිර පළාත් නායක හමුවේ දී ප‍්‍රධාන කොමසාරිස්තුමන් විසින් පැවසූ කරුණකි. රටක භාෂාව එම රටේ සංස්කෘතියත්, අනාගත පැවැත්මත් තහවුරු කරයි. ඒ වෙනුවෙන් හැකි උපරිම ආකාරයේ ව්‍යාකරණානුකූල නිවැරදි පද බෙදීම් සහිත ව භාෂාව භාවිතා කිරීම කෙරෙහි අප කර්තෘ මණ්ඩලයේ අවධානය යොමු ව තිබේ. බාලදක්ෂ පාරිභාෂික පද මාලාවක් ද ඒ වෙනුවෙන් සැකසෙමින් තිබේි. මෙතැන් පටන් එය වඩාත් නිවැරදි ව අත්දැකීමට පාඨක ඔබට හැකිවනු ඇත.

ලොක්කාට වඩා නායකයා හොද ය. නායකයාට වඩා ආචාර්යවරයා හොද ය. බාලදක්ෂයාට ආදර්ශමත් පරමාදර්ශී බාලදක්ෂ ආචාර්යවරුන් රටට සිටිය යුතු කාලයක ඔබ අපට හමුවීම මව්බිමේ දහස්ගණන් බාලදක්ෂයන්ගේ යහපතට හේතුවන්නේ ය.
සුබ දඩයම්!





ප්‍රධාන කර්තෘ,
‘ස්කවුටින් මැගසිනය’
අංක: 26 කැන්දහේන වත්ත පාර, දෙපානම, පන්නිපිටිය. 10230

© All rights reserved.
Please note that all images displayed here are Copyrighted material and cannot be used anywhere without the authors express written permission.

No comments:

Post a Comment