සඳ තරණය කළ පළමු බාලදක්ෂයා
ප්‍රථම සඳ තරණය
දිනය - 1969 . 07. 21 ~ වෙලාව - ප. ව. 7 .02 ~ යානය - ඇපොලෝ 11
අභ්‍යවකාශගාමින්
නීල් ආම්ස්ටෝන් ~ මයිකල් කෝලින්ස් ~ එඩ්වින් ඕල්ඩ්‍රිරින්

පොලොවෙන් කිලෝමීටර් 384,400 ක් දුරින් පිහිටි සඳ මත සිට මේ අභිමානවත් ප්‍රකාශය කළ ඒ අසිරිමත් මිනිසා 2012 අගෝස්තු 25 වැනිදා මෙලොවින් සමුගත්තේය. ඔහු අන් කිසිවකු නොව සඳ මත මුළින්ම සිය පා සළකුණ සටහන් කළ ඇමෙරිකාන් ජාතික නීල් ආම්ස්ට්‍රෝන්ය.ඔහුගේ නමට ඉදිරියෙන් ඇති තනතුරු හා නම්බු නාම බොහෝය. ඒවා අතුරින් ගගනගාමී අත්හදාබැලීමේ ගුවන් නියමු ගගන ඉංජිනේරු සරසවි මහාචාර්ය සහ එක්සත් ජනපද නාවික ගුවන් නියමු ආදී ඒවා ප්රමුඛ වේ. ඔහු ඇමෙරිකා එකසත් ජනපදයේ පර්ඩියු හා දකුණු කැලිෆෝර්නියානු සරසවිවල උපාධිධරයකු ද වන්නේය.
![]() |
සියල්ලටම වඩා අප ඔහු හඳුන්නනේ සඳ මත පා තැබූ
මුල් ම මිනිසා ලෙසිනි.
|
වර්ෂ 1930 අගෝස්තු 5 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ වැප්කොනෙටා හිදී උපත ලැබුවේය. ඔහුට ඇත්තේ ස්කොට් - ජර්මානු සම්භවයකි. ඔහුට ජූන් නමින් සොයුරියක් ද ඩීන් නමින් සොයුරෙක් ද සිටියේය. නීල් ආම්ස්ට්‍රෝන්ගේ උපතින් පසුව ගෙවුණු වසර 15 මුළුල්ලේම ආම්ස්ට්‍රෝන් පවුල ඔහියෝ ජනපදයේ විවිධ ස්ථානවලට සංක්‍රමණය වෙමින් එකිනෙකට වෙනස් නගර 20 කටත් වඩා ජීවත් වූහ. අහසේ පියඹා යන්නට ආම්ස්ට්‍රෝන් හට කැමැත්තක් ඇති වූයේ මේ කාලයේදීය. ආම්ස්ට්‍රෝන්ගේ පියා ඔහුව ක්ලීව්ලන්තයේ ගුවන් තොටුපළලකට කැටිව ගියේය. ඒ වන විට ආම්ස්ට්‍රෝන් දෙහැවිරිදි වියෙහි පසු විය.

1947 දී ආම්ස්ට්‍රෝන් පර්ඩියු සරසවියෙන් ගගන තාක්ෂණය පිළිබඳ හැදෑරීම ආරම්භ කළේය.එහි ප්‍රතිඵලයක් ලෙස 1955 දී ඔහු පර්ඩියු සරසවියෙන් ගගන තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධියක් ද හිමි කර ගත්තේය. ආම්ස්ට්‍රෝන්ගේ ඉගෙනීමේ වැඩකටයුතු එක දිගට කරගෙන යන්නට ඔහුට ඉඩකඩ නොලැබුණු තරම්ය. එයට හේතුව වූයේ කොරියානු යුද්ධයයි. වර්ෂ 1949 දී ඔහුට කොරියානු යුද්ධය සඳහා කැඳවීමක් ලැබිණි.
එහිදී නාවික ගුවන් භටයකු ලෙස ඔහු සටන් සහිත ගුවන් ගමන් 78 කට දායක වූයේය. යුද සේවයෙන් 1952 දී සමුගත් ඔහු යළි අධ්‍යාපන වැඩකටයුතු කෙරෙහි සිත යොමු කරන්නට පටන් ගත්තේය. ඉන් වසර කිහිපයකට පසු ඔහු ජාතික ගගන විද්‍යා උපදේශන කමිටුව සඳහා තෝරා ගැනුණි. පසු කාලයේදී ජාතික ගගන විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා ආයතනය NASA බවට පත්වූයේ මෙයයි. ඔහු මෙම රාජ්‍ය ආයතනයේ විවිධ තනතුරු රැසක්ම දරුවේය. ඒ අතරින් අත්හදාබැලීමේ ගුවන් නියමු තනතුර සුවිශේෂීය.
මෙහිදි සිදුවන්නේ අලුතින් නිෂ්පාදනය කරන්නාවූ ගුවන් යානා අත්හදා බැලීම් සඳහා සහභාගිවීමය. මේ අතුරින් අධිවේගී ගුවන් යානා සඳහා විශේෂ ස්ථානයක් හිමිවේ.ඔහුගේ අත්හදා බැලීමේ ගුවන් යානා අතර පැයට සැතපුම් 4,000 ක වේගය ඉක්මවා යන ඩී 15 වර්ගයේ ගුවන් යානා ද තිබිණි. ඔහුගේ ගගනගාමී ජීවිතය ආරම්භවන්නේ ජීවිතය ස්ථාවර වන්නට පටන් ගැනීමත් සමගය. ඔහු1956 ජනවාරි 28 වැනිදා ජැනට් ෂැරොන් හා විවාහ දිවියට එළැඹියේය. වැඩි කාලයක් නොගොසින් ඔවුනගේ පවුලේ සාමාජික සංඛ්‍යාව වැඩිවන්නට පටන් ගැනුණි. ඒ 1957 දී ඔවුනගේ පුතු වූ එරික් සහ 1959 දී කැරන් දියණිය ඔවුන්ගේ ජීවිත හා එක්වීමත් සමගිනි. නමුත් කැරන් වැඩි කාලයක් මේ පවුලේ සාමාජිකාවක ලෙසින් සිටින්නට වාසනාව නොලැබුවාය. ඇය 1962 දී මොළයේ පිළිකාවක් වැළඳීමෙන් සදහටම ආම්ස්ට්‍රෝන් පවුලෙන් නික්ම ගියාය. ඊට පසු වසරේදී මාර්ක් ඔවුනගේ පවුලට පැමිණියේය. ඒ ඔවුන්ගේ ඊළඟ පුතු ය. නීල් ආම්ස්ට්‍රෝන් සිය අභ්‍යවකාශ ජීවිතය ආරම්භ කළේද මේ වසරේදීමය. ඔහු සිය පවුලේ පිරිසත් සමග ටෙක්සාස් ජනපදයේ හූස්ටන් කරා පදිංචියට ගියේය. සිය කුළුඳුල් අභ්‍යවකාශ චාරිකාව සඳහා යොදා ගැනුණු ජෙමිනි 7 යානයේ අණදෙන නියමුවා වූයේ ඔහුය.
![]() |
සඳෙන් ගෙන බව පැවසෙන පාෂාණ |

සෘජු විකාශන අවස්ථාවක් නොදීම බව පැවසේ. මිනිසාගේ මෙම විශිෂ්ටතම වික්‍රමය ඒදා ප්‍රචාරය කලේ housten වල තිබුණු රුපවාහිනී ආයතන විසිනි.
සඳ ජයගත් නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිසට ලොව සතර අතින් සුබ පැතුම් ගළා එන්නට විය. ඇමෙරිකානු පුරවැසියකුට ලැබිය හැකි උසස්ම සම්මානයන් වූ ස්වෛරී පදක්කම හා ගෞරවනීය කොන්ග්රස් අභ්‍යවකාශ පදක්කම ඇතුළු තවත් සම්මාන රැසක්ම ආම්ස්ට්‍රෝන් හට හිමි විය. නීල් ආම්ස්ට්‍රෝන් නාසා ආයතනයත් සමඟ දිගටම රැඳී සිටියේය.1971 වන තුරු ඔහු ගගන විද්‍යාව පිළිබඳ නියෝජ්‍ය සහකාර පරිපාලක ලෙස සේවය කළේය. පසුව නාසා ආයතනයෙන් ඉවත්වූ ඔහු සින්සිනාති සරසවියේ ගගන විද්‍යා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයක් ලෙස සේවයට බැඳුනේය.
ඔහු එහි වසර 8 ක් සේවය කළේය. ඔහු 1982 - 1992 කාලයේ ගුවන් ගමන් පිළිබඳ පරිගණන තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. නීල් ආම්ස්ට්‍රෝන් යනු මිනිස් ඉතිහාසයේ සිටි සුප්‍රකටතම අභ්‍යවකාශගාමියා වුවද ඔහු නිතර උත්සාහ කළේ මහජනතාවගෙන් හා මාධ්‍යයෙන් සැඟව සිටින්නටය.
පුවත් හා රූපවාහිනි වැඩසටහසන්වලින් හැකිතාක් දුරස්ව සිටි ඔහු 2006 වසරේදී කවුරුත් නොසිතූ පරිදි සික්ස්ටි මිනිට්ස් 60 Minutes නම් සුප්‍රකට රූපවාහිනි වැඩසටහන සඳහා සහභාගීවන්නට කැමැත්ත පළ කළේය. ඔහු එහිදී තමන් සඳ මත වූ චමත්කාරය ඉතා ආන්නදජනක ලෙස සිහිපත් කළේය. එයට පෙර වසරේ, එනම් 2005 දී ඔහු First Man: The Life of Neil A. Armstrong නමින් සිය ජීවිත කතාව එළිදැක්වූයේය.
සිය ජීවිතයේ අවසාන සමය ද ඔහු කැපකළේ අභ්‍යවකාශ කටයුතු සඳහාමය. එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහන වෙනස්කම්වලට බඳුන් කිරීම කෙරෙහි සිය කනස්සල්ල පළකරමින් කළ ප්‍රකාශය සමඟ මාධ්‍යයෙන් සැඟව සිටීමට නිරන්තරව උත්සාහ ගත් මේ අසිරිමත් අභ්යවතාශගාමියා යළිත් ඉස්මතුවන්නට පටන් ගත්තේය.
ජනපති බැරක් ඔබාමා අභ්‍යවකාශ වැඩසටහන කෙරෙහි කළ වෙනස්කම් කෙරෙහි ආම්ස්ට්‍රෝන් සිය විරෝධය එළිපිටම පළ කළේය. 2012 අගෝස්තු මාසයේ මුල් භාගයේදී ආම්ස්ට්‍රෝන් හට හෘද බයිපාස් සැත්කමකට බඳුන්වන්නට සිදුවිය.සතියක් ගතවිය. සඳ ජයගත් මේ අසිරිමත් මිනිසාට මරණය ජයගන්නට හැකිවූයේ නැත 2012 අගෝස්තු 25වැනිදා ඔහු සියල්ල හැරදමා මෙලොවින් නික්ම ගියේය. ඒ වනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. ඔහු ඒ වන විට සිටියේ සිය දෙවැනි බිරිඳ වූ කැරොල් හා මුල් විවාහයේ පුතුන් දෙදෙනා සමගින් ඉන්ඩියානා හිල් නගරයේය. ඔහු 1994 දී සිය ප්‍රථම බිරිඳගෙන් වෙන්වූයේ ය. ආම්ස්ට්‍රෝන්ගේ මරණයෙන් මොහොතකට පසු ඔහුගේ පුවලේ පිරිස විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
අප නීල් ආම්ස්ට්‍රෝන් හට ගෞරව කරනු වස් කුමක් කළයුතුදැයි අසන හිතවතුන් වෙනුවෙන් අපි මෙසේ ප්‍රකාශ කරමු. අප ඔබගෙන් ඉල්ලන ගෞරවය වන්නේ ඉතා සරල දෙයකි. පැහැදිලි අහසක් ඇති රාත්‍රියක ඔබ එළිමහනේ සක්මන් කරන්නේ නම් ඔබ දෙස සිනාසෙමින් බලාසිටින සඳ දෙස බලන්න. මේ අසිරිමත් මිනිසා පිළිබඳ ලෙංගතු හැඟීමෙන් සඳ දෙස බලා සිනාසෙන්න ඒ ඉල්ලීම ඉටුකරන්නට ඔබට ද මට ද වෙහෙසවිය යුතු නැත. මිනිස් සංහතිය වෙනුවෙන් මහා මෙහෙයක් කළ මේ අපූරු මිනිසා වෙනුවෙන් අප ඒ ගෞරවය කළ යුතුමය. සඳ දකින විට අප ඔහු සිහිපත් කළ යුතුමය.
ශ්‍රි ලංකාවේ වේලාවෙන්
ජූලි 21
පෙරවරැ 8.08ට නීල් ආම්ස්ටෝන් චන්ද්රයානයේ දොරටුව විවෘත කර සඳ මතට පා තැබීම.
පා තැබිමෙන් පසු කළ ප්‍රකාශය
"මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණයි.එහෙත් මෙය මිනිස් සංහතිය ම ඉදිරියට තැබු වේගවත්ම පිම්මක් වනු ඇත." (නීල් ආම්ස්ට්‍රෝංග්)
දෙවනුව ඕල්ඩ්රින් සඳ මතට පා තැබීය.
රිදියෙන් නිමකළ සමරැවක් සඳ මත සවිකීරිම. එහි මෙසේ සදහන් විය.
"වර්ෂ එක්දහස් නවසිය හැටනවයක් වු ජුලි 21 දින පෘථිවි ග්‍රහයා වෙතින් පැමිණි මුල්ම මිනිස්සු සඳ මතට පා තැබුහ.සාමය පතා අපි මෙහි පැමිණියෙමු."
සූර්ය සුළං රඳනකය නමැති උපකරණය සවි කිරීම.
ඇමරිකානු ජාතික ධජය තැන්පත් කිරීම.
නීල්ආම්ස්ට්රෝංග් විශේෂ ආයුධයක් යොදා ගෙන චන්ද්‍ර පාෂාණ සහ පස් කිලෝග්රැම් 380 ක් විශ්ලේෂණය සඳහා එක්රැස් කර ගැනීම.
ජුලි 24
නියමුවන් තිදෙනා රැගත් ඇපලෝ යානය ජුලි 24 වනදා රාත්‍රියේ පැයකට සැතපුම් 24,641 වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු විය."හෝර්නට් " නැමති නෞකාව ඇපලෝ යානය ගොඩ බැස්සවීමේ දි සිදුවන අනතුරැ වළක්වාලීමට සුදානමින් සිටියේය.පැරෂුට් කුඩ තුනකින් යානයේ වේගය අඩු කරනු ලැබිණි.
No comments:
Post a Comment